Monday, September 21, 2020

චේන් සහ ට්‍රැක් පන්නා ගැනීම

 හීන ගාවම නැවතිච්ච මිනිස්සු එක්ක බැලුවම හීන බලල අනිත් පැත්තට නැගිටින මිනිස්සු මනා මානසික තත්වයකින් ඉන්නව කියල හැම වෙලාවෙම හිතෙනවා.

සමාජ ජාලා වෙබ් අඩ්වි වලයි වට්සැප් එකෙයි ස්ටේටස් දානවා .මේ හීනේ ඉන්නයි ආසා කියලා.

මිනිස්සු!

උන් උත්සහා කරන්නේ ඇත්තටම හීන හැබෑ කරගන්න නැත්නම් ඒ හීනයෙ ජීවත් වෙන්න.

කොටුවෙ ස්ටේශන් එක ගාව ඉදන් ගංගාරාමෙ පන්සල ගාවට වෙනකන් ඇවිදන් ආවොත් අපිට හම්බවෙනවා හීනවල හිර වෙන්න ආසයි කියන මිනිස්සු උදේ පාන්දර බෑග් එකක් උස්සන් කාර්‍යයාලයට දුවන හැටි.

ඒ වගේම බස් ස්ටෑන්ඩ් එක ගාව පරන රෙදි බෑග් එකක් තුරුල් කරගෙන ඔලුව වටේ රෙදි පටි ඔතාගෙන බෙල්ල වටේ එක එක අරුමෝසම් කෑලි එල්ලගෙන අවුරුද්දක් නාන්නෙ නැතුව කොන්ඩෙ රැවුල් වවාගෙන බිම වාඩු වෙලා තමන්ටම තනියම මොනවා හරි මුමුනගන්න මිනිස්සු.

ඇත්තටම හීන වල හිර වුනු මිනිස්සු!

අපි උන්ට පිස්සො කියලා පොදුවෙ හදුන්වන්න පුලුවන් ඒත් ඇත්තටම අපිත් යම් තාක් දුරකට ඒ මට්ටනේ ඉන්නවා කියලා අමතක කරන්න එපා. රෑ කාලෙටවත්!


චේන් පන්නා ගැනීම ට්‍රැක් පන්නා ගැනීම දැන් ක්‍රීඩාවක් වගේ!


ටටා..

කවී.

No comments:

Post a Comment

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...