උදේ එකොලහට විතර ආදරේ ගැන සාකච්ඡා කරනවට වඩා මට හිතෙන්නේ කෙනෙක්ගේ ජීව්තය ව්‍යාකූල කරන්න තිබුන නම් හොදයි නේද කියලා.
නෑ එහෙමමත් නෙමෙයි මිනිස්සු කැම්ති නෑ දුප්පත් තැන්වලට එබිකම් කරන්න.
කෙනෙක් නිවසට පැමිණෙන්නද අසන විට කියන්න තිබෙන්නේ මා සතුව ඇත්තේ සුවිසල් නිවහනක් නොවන බවත් එය ගරා වැටුනු පැරනි නිවසක්ම පමණක්ම බවය. කැමති නම් එන්න යන අදහසක් ඇතිව.
ඒත් පැම්නෙන්නට අසන්නාගේ කෝණයෙන් එය වහෙන් ඔරෝ නොපැමිනෙන ලෙස කීමකි.
ඔයාලගේ ගෙදර එන්නද උදේ කෑමට.
අවුලක් නෑ..හැබැයි මේසෙ ඉඩ මදි..චුටී ..පොල් කොට දෙකක් උඩ පරන ලෑල්ලක් ගහල තමා මේසේ හදල තියෙන්නේ.. අනික අපේ ගෙදර ගරා වැටුනු පොඩි ගෙයක්.. අවුලක් නැද්ද..
හරි හරි එනවට කැම්ති නෑ කිව්වනම් ඉවරනේ! ඒ ඔවුනේ පිළිතුරයි.
විනාඩි දෙකහමාරට කල්පනා කලේ කල වෙනස්කමයි.
හිත අපිට හොරාම දුප්පත් නිවසට යාම වලකාලයි! එක මොහොතකටවත් පවසන්නා නොපැමිනෙන ලෙස ප්‍රකාශ නොකරයි. එසේ නම් ඇයි පිලිතුර එසේ වන්නේ.
අපට නොදැනීම දිලිදු කම අපේ හිත් වලින් පහලට ඇද දැමීමක් නොවේද.
.කවී.
No comments:
Post a Comment