අපිට අපිටම ඕන තැන්වල නැවතිලා හීන මවා ගන්න උන් වෙන්නේ කොහොමද කියන එක ම ඒ දවස්වල වල ඉදන්ම තිබුනු ගැටළුවක්.
ආදරේ යන වවනය එක වචනයක් පමණක්ම වුවාට ආදරේ යනු මෙය විතරමයි කිව නොහැක.
මරදාන සිට නාඉන්නට එතැන් පටන් ගඟදිසි ගම දක්වාම ඇත්තේ මගේ ආදරය විය හැක.
තැන් තැන් වලින් එහෙන් මෙහෙන් ආදරය දැනුන හැටි හරිම වේදානාකාරි ස්වරූපයකින් නිතරම එලියට එන්න දඟලයි ආදරය ඇත්තේ කොතැනද එතැනින් අස්වැසිල්ල සේම වේදනාවේ උපරිම දැනෙන නිල බලා පහර දෙයි.
වරු ගනන් කතා කරනා ජිවිතයම මගෙ යැයි කියනා තැනින් ආදරය දැනෙනා විට ඉන් එහා ගිය ආදරක් නිල යන්තමින් අල්ලා යනු ඇත. උඹ කාලාද ඉන්නේ ? කියන වචන තුන ඇතුලත.
කෑවා නේද අසනවාට වඩා කන්න යැයි පැවසීම තුල ආදරයක් ලෙන්ගතුකමක් දැනීම උඹට පුදුමයක් වුනාට මම නොදැකා සේ හිදිමි. මම කී වරක් එලෙස පුදුම වී ඇද්ද!
ඒ පුදුම වීම තුල මා හෙම්බත් වී ඇත. මා ආදරය කරන්නේ කාටදැයි යන පැණයට වඩා මම ඈදරය කරනේ ඇයි යන ප්‍රශ්ණය තුල නැවත නැවතත් අළුයමේ සිතමි. එහෙත් මාම මෙනම මගේ පැණයද පැටලී ඇති බව හැඟීමක් දැනේ.
පැටලීම තුල පිළිතුරු සෙවීම අපගේ කාර්‍යය වේ.
නමුත්
නුඹට කවුරුත්ම ආදරේ නැති දවසක උඹ තේරුම් ගනී මාද නුඹට ආදරය දී ඇති බව.
.කවී.
No comments:
Post a Comment