ජිවිතේට මොනම වෙලාවකවත් දැනිලා තියෙනවද හිස්ම හිස් හැඟීමක් එක්ක අසරණ වුනා වගේ සිති විල්ලක්?
යාළුවෝ ගැන කල්පනා කරනකොට එන්න පුළුවන් සිතුවිලි වලින් නිතරම එන එකක් තමා ඕක.
සමහර වෙලාවට ඉන්නවා සේරම බෙදා හදාගෙන දුක් සතුට හැම දේම බෙදා ගන්න යාලුවෝ. හරියට ජීවිතේම උන් වගේ තමා කතාව.
වට්ස් ඇප් එකේ සැරින් සැරේ ස්ටේටස් දාන එහෙමත් නැත්නම් මේ තමා මගේ හොදම යාලුවෝ කියලා ෆේස් බුක් එකේ සටහනක් තැබූ පළියට යාලුවෝ වෙන්නේ නෑ කියන එක දැන් දැන් තේරුම් යනවා.
උඹේ ඇත්තම යාලුවෙක් නම් උඹගේ ජීවිත කතාවෙ අහ මුල දැන ගෙන ඉන්න ඕන වගේම. උඹගෙ පිස්සු වැඩ ඉවසන්න පුළුවන් එකෙක් වෙන්න ඕන. ඒ වගේම උඹ මොනව හරි දෙයක් සීමාව ඉක්මවා යනවා නම් ඒ ගැන උඹට කියන්න පූළුවන් වෙන්න ඕන.!
අවුලක් නම් හංගන්නේ නැතුව කියන්න පුළුවන් චරිතයක් වෙන්නෙ ඕන..
උඹේ රාමුව වටේ ආදරෙත් අරගෙන කැරකෙන ආදරණීය යාලුවෙක් වෙන්න ඕන. අඩු දාලා ඇදලා උඹව හිර කර ගන්න පුලුවන් බූ වල්ලෙක් වෙන්න ඕන 🙏 උබේ ජීවිතේ රාමුව වටේ හොල්මන් කරන්න ඕන..
නැත්නන් උඹ සීමාව ඉක්මවා යනවා කියලා උඹ දන්නේ නෑ මොකද උඹ හිතනවා වෙන්න පුලුවන් ඒ යාළුවා උඹව හොදටම තේරුම් අරන් ඉන්නවා ඒ නිසා කිසි සීමාවක් නෑ කියලා..ඒත්..ඒත්..ඇත්තම කතාව උඹේ යාලුවගේ සීමාව උඹත් එක්ක බෙදා ගන්නේ නෑ..ඒ සීමාව ගැන සංශිප්ත විස්තරයක් වෙන එකෙන් දන්නවා ඇති. සමහර විට උඹ ගැන විස්තරයක් මේ පහල තියෙන උපුටා දැක්වීම තුල හොයා ගන්න පුළුවන්!
===========
" අපෝ ඌද? ඌට ටිකක් විතර පිස්සු බන් අනික උගේ සමහර ටෝක්ස් මට අල්ලන්නේ නෑ.."
"මම ශේප් එකේ අයින් කරලා දැන් වැඩිය ගනන් ගන්නේ නැතුව ඉන්නේ.. "
"ඌ නිකන් අමුතුම සීන් එකක් දාන්නේ .."
"මට ඒක ඇල්ලුවෙ නෑ..ඌ ආපු විදිහ" "
===========
මම දන්නේ මට එහෙම එකෙක් දැන් නෑ කියලා..
යාලුවෝ හරියට එක සෘතුවක් වගේ! කාලෙකට ආවම මුලු ලෝකෙටම උඹ පෙන්වනවා මේ උන් කියලා ..ඊට පස්සේ වෙනම සෙට් එකක්...
උඹලා හිතා ගනින් උඹලා කොතනද නැවතුනේ කියලා!
ටටා!
කවී.
No comments:
Post a Comment