හීන් තියෙන්නේ කොතනද මම එතන ඉන්නවා.
ශේන් තමුසෙට පිස්සු හැදීගෙන එනවද වොයිස් මේල් එවන්නේ සල්ලි කපාගෙන?
නෑ අයියේ මේකෙ කිව්වා ඔබ එයාටෙල් ග්රාහකයෙක් නම් වොයිස් මේල් පනිවිඩයක් යැවීම සදහා තරු සලකුණත් සමඟ දුරකතන අංකය යොදන්න කියලා. මොනවා උනත් උත්සහා කරලා බලන්න එපැයි.
ඒක නෙමේ අයියේ කොහොමද උඹගෙ තත්වේ..
හොදයි බන්.. ඒත් මම හොදටම දන්න තැනක් තියෙනවා තත්වය භයානක වුන.. හයක් හිටපු හිටපු ඩිපාර්ට්මන්ට් එකක් මුලින්ම එකෙක් බැදලා අයින් වුනා, ඊට පස්සෙ ඉන්ටර්න් එක ක්ම්ප්ලීට් කරලා දෙන්නෙක් අයින් වුනා..හයේ වැඩ තුනකට බෙදුන. ආයෙත් අර බෝලෙ අයින් වුනා .. අවුලක් නැ ඉම්පෝර්ට් එක බාලසූරිය වගේම තව ඇසිස්ටන්ට් කෙනෙක් එග්ස්පෝර්ට් එක බැලුව. හයක වැඩ දෙකට බෙදුන.
දැන් බාලසූරියත් අයින් වුනා! හයේ වැඩ දැන් ඇසිස්ටනුයි උගේ මැනේජරුයි තමයි බලන්නේ.
ඉතින් අයියේ එහෙම පුලුවන්ද ?
අවුල්ක් නෑ අපේ ටොප් මැනේජ්මන්ට් එක කියන විදියට වැඩ අඩු වෙලා නිසා කරන්න පුළුවන්ලු.
ඇත්තටම වැඩ අඩු වෙලාද අයියේ?
ඔව් හැබැයි කලින් වැඩ සීයක් තිබ්බනම් දැන් අසූවකට විතර අඩු වෙලා!
එතකොට අයියේ වැඩ සීයට අසුවක් වෙනක්න් අඩු වෙනකොට සේවකයො සීයට දෙකකින් පවත්වා ගන්න පුලුවන් කියන සූත්‍රය කොහෙන්ද බිස්නස් වර්ල්ඩ් එක්ට ආවේ?
අහ්..ඒවා එහෙම තමයි පුතා! ඔයාට බලාගන්න පුලුවන් ගිණුම් කරන ප්‍රමිති වලවත් නැති ප්‍රමිති හදුන්වා දෙන ස්තාන වුනත්.
හොදයි නේ අයියේ!
උඹ දන්නවද සමහර ගොන් මිනිස්සු හිතනවා සමහර තැන් වල ඉන්න..ආයතනයට ප්‍රොෆිට් එක හංගන්න උදව් කරන එක තරම් දෙයක් තව නෑ කියලා.
එත්කොට උන් දන්නේ නැද්ද අයියේ කම්පැනියේ ලාභය මත උන්ගෙ පඩි වැඩි වෙන්නේ කියලා?
නෑ බන්! කොමත් හොරට ඉන්වොයිස් පහ හයක් ගහලා යුරෝ පන්සීය හයසීය පර්සනල් එකවුන්ට් වලට ඇදලා දෙදාහක් යන ට්‍රාන්ස්පොර්ට් වලට පන්දහක් කියලා එකවුන්ට්ස් දැම්මාම කම්පැනියෙ ලාභය වැඩි වෙන්නේ බාටා සෙරෙප්පු වල වගේ තමා!
ඒ කියන්නේ!.
හ හ්...ඒ කියන්නේ රුපියක් එකසිය අනූවයි සත හතලිස් නවයයි .. වගේ ගානක්!
ටොප් මැනේජ්මන්ට් එක බෝතල් බන්..එයාලට ධාරිතාවක් තියෙනවා! කරන්න පුලුවන්!
එතකොට උඹලා අයියේ?
අපිද? 😂🙏 අපි බැලුම් ! පුපුරනකන් පුම්බනවා.. ඉදල හිටලා හුලන් යවනවා..ආයෙත් පුම්බනවා! ලස්සනට ඉස්සරහම තියෙනවා..උඩට උස්සනවා..කවදා හරි පුපුරලා යනකම් අපි දන්නෙත් නෑ..
මේක අමුතුම සිස්ටම් එකක්!
ටටා!
.කවී.
No comments:
Post a Comment