දැන් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ බලන් ඉන්න කෙනෙක් එනකන් බලන් ඉන්න එකයි.
උදේ පාන්දර ශේන් එවල තියෙන විදිහ..මේ ඌ උදේට සුභ පතන විදිහ.
මොකක්ද ශේන් මේ කියල මැසේජ් එකක් දැම්මා විතරයි.
මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.. හූම් කියපන් උදේ පාන්දර මොන කැබරෙ ඩාන්ස් එකක්ද දාන්න යන්නෙ කියලා.
ඒක නෙමේ කවී අයියේ තමුසෙගෙ ඔය තියෙන කෝලර් ටියුන් එක මාරු කලොත් මොකද?
ඇයි මොකක්ද තියෙන අවුල ඒකෙ?
නෑ අවුලක් නෑ.ඒත් ඒකත් තමුසෙ වගේ අයියේ.
හේතුව කියපන් ශේන්!
නෑ ඕයි තමුසෙගෙ ෆෝන් එකේ කෝලර් ටියුන් දෙකක් තියෙනවා. එකක හෙන අමුතුම විදිහට කෑ ගහනව. ඒකට බය හිතෙනවා අනිත් එකේ හෙන හෙමින් මොනවද මුමුණනව එතකොට ඒ මොන මගුලක්ද කියල හිතෙනවා. ඒකයි මම එහෙම කිව්වේ.
ඉමෑජින් ඩ්‍රැගන්ස් ලගේ බිලීවර් එකයි (imagine Dragons - beliver), බිලී අයිලිස් ගේ බුරී මයි ෆ්‍රෙන්ඩ් ( Bili eylish - Bury my friend )එකයි ගැනනේ ඔය කියන්නේ.මම ඒ දෙකම අයින් කරලා ලූකාස් ග්රැහැම් ගේ සෙවන් ඉයර්ස් ( Lukhas Graham - Seven years) සින්දුව දාන්න ඉන්නේ කෝලර් ටියුන් එක විදියට.
හූම්.. මචං කවී අයියේ! මේ.. මට දැනෙනවා අර කෙල්ල මගෙන් ගොඩක් ඈතට ගිහින් කියලා!
ඔව් වෙන්න පුලුවන් උඹ කොලඹ ඒ කෙල්ල පුත්තලමේ!
මගුලක් කතා කරන්න එපා අයියේ. මට ඒ කෙල්ලව බලන්න යන්න උදව් කරපන්කෝ!
ඇයි උඹ බලන්න ගිහින් මොනව කරන්නද?
තමුසෙට ඒවයින් වැඩක් නෑ නේ අයියේ! පුළුවන්ද බැරිද කියනවකො. කොහෙද තමුසෙ ඒ වගේ තත්වයකට මූන දීලා නෑ නේ. මට හැමතිස්සෙම හිතෙනව දැන් ඒ කෙල්ල මට ආදරේ නෑ කියලා, හීනෙන් දකිනව මන ඒ කෙල්ලව තුරුල් කරන් ඉන්නවා මහ පාන්දරට ඇහැරිලා බලනකොට මං ලඟ නෑ. ඉතින් ඒ නැගිට්ටුනාම මැසේජ් එකක් දානව ඒ කෙල්ලට ඒ වෙලාවෙම.
මොනව කියලද දාන්නේ? වස්තුව මම හීනෙන් දැක්කා බාබා ඔයා මට තුරුල් වෙලා ඉන්නවා..මම ඔයාව තද කරගෙන කිස් එකක් දෙන්න යනකොටම ඇහැරුනා මාව කියලා? නැත්නම් ඔයායි මමයි ඒ හීනෙ තුරුල් වෙලා හිටියේ වෙන කිසිම දෙයක් නැතුව කියලා වගේ දේවල්ද?
නෑ අයියේ! උදේ පාන්දර ඒ කෙල්ල මතක් වෙලා ඇහැරුනාම මම ඒ කෙල්ලට මැසේජ් එකක් දානවා " ගුඩ් මෝර්නින්ග් " කියලා!
හෑ! තමුසෙ පිස්සු කන්නා වගේ ඩෑල් එකක් නේ!
මොනාද අයියේ කරන්නෙ දැන් ඈත් වුනාට මට හැමතිස්සෙම මතක් වෙනවා ඒ කෙල්ල කකුල් දෙක මගේ උකුල් උඩින් තියපු හැටි, මම කකුලෙ ඇඟලි අල්ලපු හැටි, ටියුට් රූම් එකේ දොර ගාවට වෙලා කවුරු හරි එයිද කියලා බල බල අත් අල්ලගෙන ලඟට තුරුල් වෙලා හිටපු හැටි! මට ආයෙත් ඒ වගේ ලං වෙන්න ඒ කෙල්ල ඉඩ දෙන එකක් නෑ අයෙත්!
ඕයි ශේන් තමුසෙ මාව කන්ෆියුස් කරනවා! දැන් එතකොට තමුසෙ මුලදි මට කිව්වා උඹලා දෙන්නම වෙනම දෙන්නෙක්ට අයිති වෙනවා කියලා දැනගෙන තේරුම් අරන් ආදරේ කරන්නේ කියලා. දැන් එතකොට ඒ තේරුම් ගැනීම වෙනසක් වෙලාද?
දන්නේ නෑ අයියේ! ඒ කෙල්ල අකමැතිද දන්නේ නෑ නේ දැන් එහෙම අල්ලන්න තුරුල් කර ගෙන ඉන්න.
ශේන් මල්ලී මම තමුසෙට කිව්වා නේ කල් යනකොට වෙනස් වෙයි කියලා! කවදාවාත් තමුසෙට ඔය කියන ආදරනීය හාදුව උඹට ඒකිට දෙන්න වෙන්නෙත් නෑ ඒ කෙල්ල උඹට දෙන්නෙත් නෑ.
උඹට එහෙම එකක් ඕනමයි නම් කියපන් අරුන් ටිකට අමුවෙන්න්බෝතලයක් ගැස්සුවම ටික වෙලාවකින් ආදරෙයි බොක්ක ගාගා ඉඹින්න පටන් ගන්නවා. රෝස මල් සුවද වෙනුව උඹට එයි බයිට් එකට ගත්ත චිකන් සුවදයි සැමන් සුවදයි! 😂
එතකන් උඹ හැමදාම උදේට නැගිටපන් කමක් නෑ.!
ටටා!
ටීක්...ටීක්...ටීක්..
ලයින් එක ඩිස්කනෙක්ට් කරලා ශේන් මැසේජ් එකක් එවලා තිබුනා! ඒක එක වචනයක් බහු වචනයෙන් තිබුනා..
"බල්ලෝ"
...
බායි පීපල්ස් හෙට හම්බ වෙමු! ටාටා ! 👋
.කවී.
No comments:
Post a Comment