අවස්ථාව අනූව වෙනස් වීම සහ හැඩ ගැසීම අතර පවතින්නේ මොනවගේ වෙනස් කමක්ද කියලා හොයා ගන්න එක මට උඹට වගේම පැටලැවිලි සහගතයි.
සමහර විට උඹ උඹගෙ හැඟීම් හංගල මූනෙ හිනාවක් දාගෙන ජීවිතේ ගෙවන එක වැරැද්දක් විදියට දකින්න පුලුවන් !
ඒත් හිතට එන හැඟිම් එහෙම් පිටින්ම ප්‍රකාශ කරන මිනිස්සු බුරුතු පිටින් අංගොඩ නවතින එකත් සාමාන්‍ය වෙන්න පුළුවන්.
ව්හ්ව්ම බැලුවවම ජීවිතේ කියන පොතට හිනාව කියන යකඩ කවරය දා ගන්නම ඕන.
ඒත් උඹ එහෙම කලා කියලා වැඩක් නෑ.. මම දන්නවා කවරයේ කතාව මැද පිටුවක කොහේ හරි ලියැවිලා තියෙනවා කියලා!
උදේ පාන්දර මිනිස්සුන්ගේ මූනවල් බලනවා වගේ ව්ට්සැප් ප්‍රොෆයිල් පික්චර්ස් වල! ස්ටේට්ස් ඔහේ ස්ලයිඩ් කරගෙන ගිහින් වෙන වෙනම ප්‍රොෆයිල් පික්චර් එක ඕපන් කරලා බලනවා. ස්ටේටස් මොනවා දැම්මත් එකේ ඉන්නේ හිනා වෙලා.
හුඟක්ම හිතේ ඉන්න අයට හිනාව දකින්න ආස අයට මැසේජ් එකක් දානවා ඒක එහෙම්ම තියන්න කියලා!
ඒක මට මතක් කරවා මැද පිටු පෙරලනකොට කවරය ගැන!
ශේන් අද ඉදන් භාවනා අසපුවකට යනවා.. සංවර වෙන්න..මනා හික්මීමක් ඇති කරගන්න!
මම උපදෙස් දුන්නා ඌට පුලුවන් නම් කොරියානු ටෙලි කතා මාලා කීපයක් අරගෙන යන්න පුලුවන් නම් හොදයි කියලා.
ඌ කිව්වේ එක දෙයයි.. ස්තූති ඒ ආදරේට
ජායා රූපය අදුරගන්න උත්සහ කරන්න එපා! ඒ රැම්බෝ! පැයට කිලෝ මීටර හැටක වේගයෙන් ජීවිතේ ගෙවාගෙන යන ගමන්!
ටටා!
කවියා.
No comments:
Post a Comment