Monday, July 20, 2020

බැට් මෑන් , යට කලිසම , සිම්බු සහ මයින්ද සර් ගේ රොකට් සයන්ස්

මහ රෑට , රෑ දොළහට නින්ද යන්නෙ නැති වෙලාවකට අපිට හිතෙන්න පූලුවන් බැට් මෑන් කියලා.

කරන්න තියෙන හොදම දේ හොදට නින්ද ගිහින් ඉන්න යාලුවෙක්ට කතා කරලා තමන් බැටි මෑන් බව උන්ට ප්‍රකාශ කරන එක!

පොඩි කාලේ ජීවිතේ තිබුනු හීන තාමත් සමහර එවුන්ගේ හිත්වල තියෙනවා. අපේ ඉතාලි ගිය පමෝද නැත්නම් හැමෝම දන්න සිම්බු වගේ.

සිම්බුට වයස විසි හයක් කියලා නෑ මිනිහට ඕන කොහොම හරි බැට් මෑන් වෙන්න. ස්ව්මිං වලට ගන්න දිග හිරටම හිර කලිසමක් ඇදගෙන ඊට උඩින් යට කලිසමක් ඇදගෙන, බෙල්ල වටේට පරණ බෙඩ් ශීට් එකක් ඔතාගෙන මිනිහා හොරු අල්ලන්න පාර දිගේ දුවන හැටි මට මැවිලා පේනවා! 

ඇත්තටම ඌ බැට් මෑන් වෙන්නත් ඉඩ තියෙනවා කවදා හරි! 



ලංකාවේ පාරක බෙස් ශීට් එකක් එල්ලගෙන හොරු අල්ලන්න දිව්වොත්! 

සිම්බු බැට් මෑන් වුනොත් මයින්ද සර්ව රොබින් විදියට දෙන්න ඕන ,  අපරාධ මැඩලීමේ සහයක විදියට. ඌ එච්චරටම මයින්ද සර්ට ආදරෙයි. උගේ ප්‍රියතම විෂය වුනේ ඒ කාලේ මයින්ද සර් උගන්වපු රොකට් සයන්ස් පාඩම.
හැම සයන්ස් පාඩමක් අවසානයේම සිම්බුට ඕන වෙලා තිබුනේ රොකට් එකා යවන්න. ප්‍රජනන පද්ධතිය ගැන කතා කලත් මිනිහා මයින්ද සර්ගෙන් හැමදාම අහන්න හිටපු ප්‍රශ්නය හිතේ හිර කරගෙන හිටියා!

මොකද අනාගතේ ඉතාලියේ වීදිය පුරා දුවන්න සූදානමින් හිටපු බැට් මෑන්ට ඕන වුනේ නෑ පන්තියේ කෙටි තාප්පයට එහයින් දන ගහගෙන නව නිශ්පාදනයක සංකීර්න පරිපථයක් ඩිසයින් කරන්න.

කොහොම නමුත් දැන් ඌ ඉන්නේ බැට් මෑන් සීන් එකේ උච්චතම අවස්තාවේ.

මොකද දාන දාන් ෆොටෝ එකේ මුට මයින්ද සර් වගේ පේනවලු.

හෙට එන්නම් තව ටිකක් දෙන්නම්!

ටටා..


.කවියෙක්.

Sunday, July 19, 2020

වැස්ස, බිත්තරය, පරිණාමනය හා බෙල්ලෙන් පහල

සමහර දවස්වල බයික් එකේ යනකොට වැස්සට හේදිලා යන සිතුවිලි එහෙම් වෙන්නේ නැති වෙන්න ටුක් ටුක් එකක වහලෙ යටින් පරිස්සමට ඊයෙ රෑ නාවල තට්ටු හතරෙ බිල්ඩිම ඇතුලෙන්ම ගිහින් නැවැත්තුව.

මාතෘකාව ගත්ත ගමන් බොහෝ දෙනෙක් කිව්වේ මගේ බ්ලොග් එකට පින් සිද්ධ වෙන්න බොහෝ වෙලාවට යන්තම් ගුටි නොකා බේරුණ අවස්තා බහුල බවයි.

සමහර වෙලාවට සමහර එවුන්ගේ ප්‍රිය බිරින්දෑ වරුන් මැසේජ් දමමින් අසන්නේ, අර ලියලා තිබුනේ තමන්ගේ ස්වාමියා ගැනද යන්නයි. නෑ කියූ විට අර කෙල්ල කවුද මේ කෙල්ල කවුද අතන අරක් කියලා  තිබුනේ මෙයාට නේද වගේ ප්‍රශ්ණ පත්‍රයක්ම යොමු කරන්න පටන් ගනී.

ශිශ්‍යත්වය පාස් බැවින් බහුවරණ පේපර් වලට පිළිතුරු සපයා හොදට පුරුදුය. ඉහත් කිසිවක් නොවේ යන පිළිතුර යටින් ඉර ඇද මට ඊටත් වඩා   හුඟක් පුරුදුය.

අපේ ජනතාව ඕපාදූප සීන් එකේ ඉහළින්ම වැජඹෙන බව නොරහසක් වන අතර. ආතර් කොනොන් ඩොයිල් සිටියානම් ශොර්ලොක් හෝම්ස් පොත් කියවා , කවුද අර ගෑණු ළමයා යැයි අසන්නට ඉඩ තිබුනි. නැත්නම් ඕක ඇත්තටම වුනු මර්ඩ්‍ර් එකක් යැයි සිතා සාක්ශි ගොනුවක් සකසා පොලිසියට බාරදෙන්නටද ඉඩ තිබුනි.

ශේන් යනු සත්‍යක් වන අතර කතාව වෙන එකෙකුව්ට වු දෙයකි. අරුගෙ කතාව මුගේ නමින් ලිවීමෙන් වැඩෙ ගොඩ දාගෙන යමි.

බ්ලොග් එකේ ඉහලින්ම්ම, කතාවලින් 50% මනංකල්පිත බව දමා ඇතත් එය එසේ නොවෙනා බව සිතා සිටිනා ජනතාව වෙත මගේ ස්තුතිය පුද කරමි.
..........................................................................


පොද වැස්සෙ කැන්ටින් එකේ ලඟ රවුමර වාඩි වෙලා ඉන්න වෙලාවට ශේන් මල්ලිගෙන් වචන අල්ලා ගැනීම පහසුය.  ෆේස් ටු ෆේස් කතාවකට මාත් කැමතිය.

මට ඇතිවෙන ප්‍රශ්න හැමවිටන හැඟීම් සම්බන්දව වන අතර කුක්කාට ඇතිවන්නේ පරිණාමනය ගැන ප්‍රශ්නය වැලකි. කුකුලාද කිකිලිද බිත්තරය මුලින් ආවාදැයි ප්‍රශ්නයක් නිතරම යොමු කරන ප්‍රශ්න ගොඩට අයිති වෙන්වා විද්‍යාත්මක හේතුවක් සදහන් කලත් 
ඌ පිලි ගන්නේම නෑ පෝස්ට් කියවලා මනං කල්පිත වල හිරවෙලා මිනිස්සු ගැන සැක කරන එවුනුත් කුක්කා වගේමයි .
..................

කැස්බැව බයි පාස් එකන් දාලා නාවලට යනකොට හොදටම වැස්ස. එහෙම්ම වහපු  එඅක්කව්ඩක්යුක් යටට ද ගත්තා බයික් එක. කොහොමත් වෑස්සේ හැටියට පැයක් වත් ඉන්න වෙනවා කියලා තේරුනා.
ඉතින් ඉන්න ගමන් ශේන් මල්ලිට ගත්තා කෝල් එකක්. ඕයි මල්ලි එන්න විදියක් නෑ හෝ ගලා වහිනව මෙහෙට .

හැබැයි ඒ පැත්තෙන් උත්තරයක් නෑ. ස්මහර වෙලාවට අහන ඒවාට ශේන් මල්ලි උත්තර දෙන්නේ ටිකක් වෙලා ගිහින්. 

මේ ශේන් මල්ලි ළඟ පාතනම් ඉන්නේ එනවා මේ පැත්තට බයි පාස් ඒකේ කලර් ලයිට් එකට කඩ තුනකට එහා තියෙන වහපු එලවලු කඩෙට වරෙන් කියලා මම එහෙම්ම එල්වලු බක්කියෙන් වාඩි වුනා ලෙන්සුව එලාගෙන.

විනාඩි දෙක තුතුනක් යනකොට ශේන් මල්ලි කඩේ ගාවට ආවා ඇවිත් ඌත් එහා පැත්තෙන් වාඩි වුනා.
විනාඩි පහක් විතර යනකං වචනයක් නෑ ෆෝන් එක දිහා බලාගෙන මොකක් හරි සුම් ඉන් සූම් අවුට් කර කර බලනවා.

බැරිම තැන අකමැති වුනත් ටිකක් පිටි පස්සට වෙලා උගේ උරහිස උඩි බැලුවා ෆෝන් එක දිහා. හරි ඉතින් අර නංගිගේ ෆොටෝ එකක් තියාගෙන කරකව කරකව බලනවා . මට හිනා වුනා නෙමේ හිනා ගියා බකස් ගාලා අනේ යකෝ ලෝකෙ පෙරෙලුනත් උඹට නම් මේ කෙල්ල කිව්වම ගානක් නෑ නේ. වෙනදට නිකන් රේඩාර් එක වගේ පාරේ යන එන එවුන්ගේ ඇද කුද කියන එකා සද්දයක් නැත්තේ මේකයි තෝ අපත ගල් ගෙම්බා කියලා මම ඌට කිව්වා.

නෑ කවී අයියේ මේ ඊයෙ පෙරේදා දවසක ඒ කෙල්ල ගත්ත ෆොටෝ එකක්. 

ඔව් ඒක මට හිතාගන්න පුලුවන්. ඉතිම්?

නෑ අයියේ මම කොච්කචර පොර ටෝක්ස් දුන්නත් මේ කෙල්ලගේ රෝස පාට තොල් දෙක දකිනකොට හිත නිකන් අවුල් වෙනවා වගේ! මට වෙලාවකට අල්ලලා බලන්න හිතෙනවා ඇත්තටම ඒවා එහෙම දිලිසෙනවද කියලා.

ශේන් මල්ලී ! උඹ කියන දෙයක් තමා ඉතින්! වල් කොල්ලා!

නෑ නෑ කවී අයියේ ඒක ආදරෙත් එක්ක මට දැනෙන දෙයක් මිසක් එතන වෙන දෙයක් නෑ. 
අනික කවදාවත් වචනයක් වත් කිව්වේ නැති වුනාට ආදරෙයි කියලා දැන් මට හිතෙනවා ඒ කෙල්ලටත් මං වගේම මොකක් හරි හැඟීමක් දැන්නවා ඇති කියලා මගේ ගැන.

ඒ පාර මොකක්ද ශේන් මල්ලී. ඒ කෙල්ල උඹට ඇහැක්වත් ගැහුවද නැත්නම් අතවත් අත ගෑවද? 

නෑ කවී අයියේ, මේ ටිකේම මට ටියුට් ප්‍රින්ට් කරන්න සපෝට් එකක් දෙන්න යන්න වුනේ නෑ අම්බානට බිසී වෙලා හිටියේ. ඊයෙ මගෙන් ඇහුවා ඇයි දැන් එන්නේ නැත්තේ ට්යුට් ඩිසයින්න් කරන්න එයා එක්ක කියලා!
මම ඉතින් කිව්වා මේ ටිකේ බිසී නිසා එන්න බැරි වුනේ නැත්නම් එනවා කියලා.
අනික කවී අයියේ මම ඒ කෙල්ල එක්ක වැඩ කරන එකට සර්ලා දෙන්නෙක් තුන් දෙනෙක්ම කැමති නෑ. උන් එක්ක ෆිටි වුනාට කෙල්ල මට තරම් උන්ට ආදරේ නෑ මම හිතන්නේ. සර්ලා එක්ක කතා කරන්කොට මටනම් ලෝබයි අයියේ. ඒ වගේම තමා මේ කෙල්ල එක්ක ඉන්නකොට අර සර්ල්ල තුන් දෙනාගෙඅ මූනෙ තියෙන්නේ ඊර්ෂ්‍යාව කියන දේ මම දැන ගත්තා කියන කතා වලිනුත් එහෙමයි.

ඉතින් ශේන් මල්ලි කෙල්ල මේ ගැන දන්නවද?

නෑ කවි අයියේ ඒත් බැරිම තැන මම අද උදේ කිව්වා ඒ දේ, කෙල්ල මුකුත් කියන්නේම නැතුව හ්ම් විතරයි කිව්වේ.
ටික වෙලාවක් ගිහින් කිව්වා ශේන් අයියා ඔයාට ප්‍රශ්නයක් වෙනවා නම් මට උදව් කරන්න එන්න එපා කමක් නෑ මම තනියම කරගන්නම් කියලා.

ශේන් මල්ලි, මේ තමුසෙට හිතෙන්නේ නැද්ද ඔය කෙල්ල උඹත් එක්ක කතා කරන විදියට අර සර්ලාගෙනුත් කවුරු හරි කතා කරනවා ඇති කියළා. මොකද උඹට වඩා පෙනුමට ඉන්නවා නේද? මම හිතන්නේ ඒ කෙල්ල කවදාවත් ඒ කෙල්ලගේ කටින් උඹ ගැන තියෙන හැඟීම කියන එකක් නෑ. මොකද උඹට වඩා ආස ඇති ඒ සර් කෙනෙක්ට. ඒ වුනාට උඹ බෙදාගන්න මේ හැඟීම නැති කරගන්න වුනත් ඒකි කැමති නැතුව ඇති බන් මල්ලි.

දන්නේ නෑ අයියේ මම දන්නේ ඒ ඇස් ළඟ මම හිරවෙනවා කියලා ව්තරයි. ඒ මුන ළඟ මම හෙන දුර්වලයි අයියේ.

ශේන් මල්ලි තමුසෙ කොයි වෙලේ හරි ඒ කෙල්ලගෙන බැනුම් අහනවා තොල් දිහා බලන් ඉන්න ගිහින්. ඒක මතක තියා ගනින්!

නැ කවී අයියේ ඒ කෙල්ල ඒකත් දන්නවා! මම බලනවා කියලා , ඒත් මම ඒ කෙල්ලගේ මුණ දිහා බලන්නේ ටියුට් ඩිසයින් කරන වෙලාවට. මොකද ඒ වෙලාවට මගේ ළඟමයි නේ ඉන්නේ. ඉතින් මම ඒකත් කිව්වා මම දිගටම උදව් කරනවා නංගි මට නොකියා ඉන්න එපා මොකද ඒ පොඩි වෙලාවට මම ගොඩක් ආදරේ කරනවා කියලා.

මූ යකෝ! උඹ කිසිම දෙයක් හංගන්නේ නැද්ද ඔය කෙල්ලට? උඹට ඔය තරම් විස්වාසද ඔය කෙල්ලව?

ඔව් කවි අයියේ හංගන්න දේවල් නැති තැන සේරම දෙවල් දැනගෙන ආදරේ කරනකොට එතන ප්‍රශ්න නැහැ මොකද අයිතියක් නැති ආදරවලට ආදරේ කරන්නේ අපි!

ඒකත් හරි කියමුකෝ. මම දැක්කා උඹ ඒ කෙල්ලගේ තොල් විතරක් නෙමේ සූම් කරලා බැලුවේ. 

කවි අයියේ තමුසෙට තියෙන්නේ රබර් ඇහැක් ඕයි. ඔලුව තියෙන පැත්තේ නෙමේ ඇස් තියෙන්නේ. ඇස් තියෙන තැන නෙමෙ තමුසෙගෙ හිත තියෙන්නේ අයියේ. මාත් ලියනවා බ්ලොග් එකක් කවී හිතන විදිය කියලා!

කෝහොම හරි කතාව ඇත්තනේ මල්ලී?

ඔව් අයියේ මම ඒ කෙල්ලගේ නිකට ගාව ඉදන් හෙම්න් හෙමින් පහලට බලන්න ආසයි! ආසමත් නෙමේ බැලෙනවා!
සමහර දවසට රස්නේ වැඩි කමට කෙල්ල උඩ බටන් එකක් ඇරගෙන ඉන්නේ මං ගාවට එනකොට වහගන්න දඟලන්නෙ නෑ . ඉතින් මගේඇස් නවතින්නේ ඔලිව් පාට ඒ පපුව පටන් ගන්න හරියෙ අයියේ! ඒක තමා මගේ දුර්වල තාවය. වීක්නස් එක. මම හෙන අමාරුවෙන් අයියේ එතනින් ඇස් අයින් කරගන්නේ , ඒ කෙල්ල වැරදියට මං ගැන හිතුවොත් කියලා බයයි අයියේ.
ඒ වුනාට බයත් එක්කම බලන්කොට දැනෙන දේට ආදරෙත් එකතු වුනාම තනියෙන් උස්වත්ත ටිපි ට්ප් එකක කෑවා වගේ හැගීමක් තියෙන්නේ.



ඔන්න බලපන් ශේන් මල්ලි උඹට ඔය කෙල්ල කොයි වෙලාවක හරි වල් ඩයල් එකක් කියලා බනිනවා. ඕවා බලන්න ගිහින්!

අනේ මන්දා අයියේ, මං මොකද කරන්නේ  මම ඇරලා ඇදලා බැලුවේ නෑ නේ.. ඒ කෙල්ල ඒක දන්නවා අයියේ මට ඒ කෙල්ල ගැණ මොන වගේ හැඟීම්ද තියෙන්නේ කියලා.
 මම ඒ කෙල්ල හැසිරෙන විදියට මර ආදරෙයි.මට සලකන් විදියත් මම මාර ආදරරෙයි. හැමෝම ඉන්න තැන මාකර් පෙන් එක අතට තියලා තද කරනවා නැත්නම් ට්යුට් එකක ලැමිනේට් දරෙකින් ගහනවා අතට, එත් කවුරුත් නැති වෙලාවක හෙමින් ළඟට ඇවිත් අතගාලා රිදුනේ නෑ නේද සොරි කියනවා .!

අම්බෝ උඹෙ මුනෙ තියෙන සිරියාව! 

කවි අයියේ කවද හරි මම මෙතනින් යන දවසට ඒ කෙල්ලව ඉරිදාවක  හරි ක්ලාස් එකේ උඩම තට්ටුවට එක්කන් ගිහින් පැයක් විතර තුරුල් කරන් ඉන්නවා. ඒ වගේම ඒ දිලිසෙන තොල් දෙක පොඩි වෙලාවකට හරි මගේ කරගන්න ඉඩ දෙන්න කියනවා.
මම කැමති අයියේ ඒ කෙල්ලගේ ළඟ තියෙන උණුසුමට!

හරි හරි ශේන් නහයෙන් අඩන්නෙ නැතුව ඉදහම්කෝ!
වැස්ස පායලා කියල තේරුනේ ණෑ උඹගේ කියවිල්ල නිසා රෙද්ද ..යමන් යන්න. මගේ බයික් එක ගෙදරින් දාලා උඹගෙ ඔය බෙන්ස් එකේ  යමු.

හරි අයියේ ඉස්සරිහින් යනවා එහෙන්ම්. මම සීට් බෙල්ට් දාගෙන පිටි පස්සෙන් එන්නනම්. කවි අයියා කිව්වා වගේ ABS බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා කාර් එක පරණ වුනත්. 

කවි අයියේ තමුසෙ ඉස්සරහින් යනකොට මට බය නෑ. මොකද ඔයාගේ බ්‍රේක් ලයිට් සිග්නල් ලයිට් සේරම වැඩ නේ!
මගේ වගේ නෙමේ!

මල්ලි ඒ බී එස් කියළා නෑ බ්‍රේක් ලයිට් එකට ඕන බ්‍රේක් පාරකට  පත්තු වෙනවා .!

එහෙනම් වරෙන් පස්සෙන්ම මාව යට නොකර 🔨

ටටා.. 👋 

..කවී..



Saturday, July 18, 2020

සුභ උපන්දිනයක් ඔමී !

එක දවසකට එක ගානේ! මිනිස්සු හීන පස්සේ දුවන අපූරුව! 

සුභ උපන්දිනයක් ඔමී මල්ලී.!

ඔමී මල්ලිගේ උපන්දිනේ අද වුනත් ඊයෙ රෑ ගෝල්ෆේස් බඩගාලා, බර්ගර් කඩේටත් ගිහින් තමා කුක්කා මල්ලිලා රැම්බොලා ඇවිත් තියෙන්නේ. කෝමත් කුක්කාට ඔය කියන බජට් බර්ගර් කඩේ බලාගන්න ඕන කිව්වා.

හදිස්සිය කටුනායක යන්න සෙට් නොවුන නම් මමත් එතන! තිබුනු හදිස්සියට ෆෝන් එකත් දාලා තමා කටුනායක ගියේ!

කෝම හරි ඔමී මල්ලිට ටෙඩී බෙයාර් කෙනෙක් තැගී කරන්න ඕන. වයස ගියා කියලා නෑ තාමත් සෙල්ලම් කාර් එකක් තියාගෙන වැට අයිනට වෙලා ඈං බෲම් බෲම් පීප් පිප් ගගා සෙල්ලම් කරන එක ඔමී මල්ලිගේ හැටි.

ජයවේවා .
 



Friday, July 17, 2020

ඇල්කොහොහොල් හා මෙලෙක් වුනු හිත්!

ඊයෙ රෑ මොන වගේ වෙලාවක් මේ න විදියට ගෙවුනද කියල කියන්න නම් බැහැ .ඒත් මට කියන්න පුලුවන් මිනිස්සුත් එක්ක කතා කරන හැම මොහොතකම.
ඇල් කොහොහොල් වලින් උන්ගෙ හැඟිම් මෙලෙක් වෙන හැම වෙලාවකම ජීවිත වල ඇතුළාන්තය එලියට ගන්න පුලුවන්.



ගොඩක් ජීවිත වල වේදනාව කියන දේ ගෑවිලා තියෙන්නේ ආදරයත් එක්ක. ඒක කෙල්ලෙක් කොල්ලෙක් අතර තියෙන ආදරේ වෙන්න පුලුවන්, දෙමව්පියන් ට තියෙන ආදරේ වෙන්න පුලුවන්.

නමුත් සෝඩා සුවඳත් එක්ක මිනිස්සුන්ගේ හිත් වලින් හරිම අමුතුමවිදියෙ කතාන්දර එලියට එනවා.
තව කෙනෙක් ආදරේ කරන හැටි බලාගෙන සතුටු වෙන ගමන් ඒ කෙනා තමන්ට නොලැබෙන බව දැනගෙන ජීවිතේ තනියම ගෙවන්න තීරණය කරපු උන් ඉන්නවා.

ඒත් සමහර හවස්වලට ඒ හිත් අස්සේ දුකක් ඇති වෙනවා. තමන් ගැන හොයලා බලන්න තමන්ගේ කියලා කෙනෙක් නැති එක ගැන. ආදරේ බෙදා ගන්න කෙනෙක් නැති එක ගැන හිතලා. ඒත් ඒ දුකත් එක්කම කේන්තියක් ඇති වෙලා ජීවිතේ තනියම ඉන්න තීරණ ගත්තා වෙන්න පුලුවන්. 

ජීවිතේ ඇත්තටම ආදරේ දැනුනු තැන් වල ආදරේ තිබුනු හිත්වල අයිති කාරයෝ හිත හදාගෙන ආදරේ නෑ කියපු අවස්තා නැතුවත් නෙමේ. ඒ ආදරේ අයිති කාරයෝ තවත් ආදරේකට අයිතිය කියන ගමන් තවත් ආදරේකට අයිතිය කියනවා! නමුත් හිත හදාගෙන උත්තර දෙනවා.

ඒත් ආදරේ පහු වෙලා දැනෙනකොට ඒ හිත්වල හරිම හීනියට ඉර්ශ්‍යා වේ රේඛාවන් ඇදෙනවා. නමුත් ආදරේ එහෙම්මයි. 

පසු කාලීනව ජීවිතේ වෙනස් වුනත් කාලයා විසින් උරුම කරපු ආදරේ අතෙන් අල්ලන් යන වෙලාවට, හිත් වල නැවතුන් ආදරෙත් තමන්ට කාලයා විසින් දීපු ආදරෙත් එක්ක මුණගැසුනු වෙලාවල් හිස් වුනු බොතල් ගණනට බවයි උන්ගේ මතය.

ඒ වෙලාවට එකගේ එකාගේ ඇස් මුණ ගැසුනම තුරුල් කර්ගෙන් සුභ පැතුවට දෙන්නවම. හිත යටින් විඳින්නේ තමන්ට් නොහිමි ආදරයක උණුසුම . එචරයි, ඒ උණුසුම හන්ගගෙන රෑ හීන වලට ඇල්කොහොහොල් පුදුම සිසිලසක් දෙන බව රවුමේ වාඩි වී ඉන්නකොට හිතා ගන්න පුලුවන්.!
.
පොදු මතය ශරීරයට ඇල්කොහොහොල් අහිතකර බවයි.නමුත් උපතින් ශරීරයේ ඇල්කොහොහොල් ප්‍රතිශතය අඩු නම් සතියකට මේස හැන්දක් ඇල්කොහොහොල් බොන්න ඩොක්ටර්ස්ලා අවවාද කරපු අවස්තා නැතුව නොවේ..!


ටටා!

කවී.

Thursday, July 16, 2020

අදී වේගී කෝච්චි , වංගු හා චිකන් හැන්දෙන් කෑම

ගෙදර උළුවස්සේ දාරයේ දුවන් යන කූඹියාම ඔෆිස් එකේ ටේබල් එක උඩට, ප්‍රින්ටර් එකේ ට්‍රේ එක අස්සට එනවාදැයි සාධාරණ සැකයක් එන එක නවත්වන්න පුලුවන් නම් ඊට වඩා දෙයක් නෑ කියළා වෙලාවකට හිතෙනවා වගේ.

ඌ එහෙ මෙහෙ දුවන ගමන් මොනවා හිතනවා ඇතිද? මයික්‍රෝ මිලි මීටරක් නැත්නම් නැනෝ මිලි මීටරයක් තරම් උගේ මොලේට මොනව කල්පනා වෙනවා ඇතිද,

ඌ හිතන දේවල් වලින් මටවත් කියවන උඹටවත් වැඩක් නෑ මං හිතන්නේ.

මිනිස්සු අනාදිමත් කාලයක පටන් කාර්‍යයාලයට / පාසලට ආවෙනික රෝග ලක්ශන වලින් පීඩා විදිනවා.

මේ අතරින් උණ, බඩේ අමාරු, ගෑස් රයිටීස් ප්‍රමුඛ තාවාක් ගන්නා බවයි මගේ අදහස. නමුත් ඇති වී ඇති කොරොනා තත්වය හමුවේ උණ යන වචනය භාවිතා කිරීමට බිය වීම මත නිවඩු ඉල්ලුම් පත්‍රිකා සියල්ල පිරී යන්නේ සියල්ලම එක සමාන ලෙඩ රෝග වලින් බව මගේ මතයයි. බොහෝ විත හෙට නිවාඩුවක් අවශ්‍ය නම් අද බොහෝ ව්ට රෝග ලක්ශන් පෙන්නුම් කල හැක.

ඔබ දක්ශ වෙදදුරෙක් නම් රෝග ලක්ශන මත ලෙඩා රෝගී වෙන කාල වකවානුව තීරණය කල හැක.

නැති නම් මාස්ටර්  ප්ලෑන් එකක් ගසා වංගුවක් ගැනීමට හැකිය. මෙහිදී අංශක අනූවේ වංගු ගැනීමේදී ප්‍රවේශම් විය යුතුමය. අපි මේවා පොදුවේ ළඟ නවන වංගු නැතිනම් කනෙන් රිංගා යම් ලෙස හඳුන්වයි.

ගන්නා වංගු ගන්න බලාදී නොදැක්කා සේ හිදීමෙන් අදාල වංගුව ගන්න එකාගේ හිතට තමා අනිත් උන්ගේ කනෙන් රින්ගුවා යැයි සිතා සැනසීමක් දැනෙනා අතර, අපේ සිතට පොඩි සොමියක් දැනේ. හේතුව ගත් වංගුව අපි දුර තියා දැක අපේ ක්න් අස්සේන් ඌට රිංගා යාමට සලස්වා කන සුද්ද කර ගැනීම තුලිනි.
 ..................................................................

රැම්බො මල්ලිට පරිගණකයක් එකලස් කිරීම සුන්දරය,
කෑලි කැළි බඩවැල් වගේ පරිගණක කොටස් තැන් තැන් වලින් ලබාගෙන සෑදු පරිගනකය ඔන් වෙන ව්ට බලන් ඉන්නත් ආසය.
නමුත් බඩගිනිය.

රැම්බො මල්ලිට පින්සිදුවන්න රෝස්ට් චිකන් තඩි කෑල්ලක් හැන්දෙන්ම කන හැටි ඉගෙන ගත අතර, අපේ හිතවත් ගජා ට පින් සිදුවන්න මාත් නලින් අයියාත් ලංකාවේ දුම්‍ රිය සේවාව ලබා ඇති ප්‍රගතිය සොයාගත් අතර ලංකාව තුල බුලට් ට්‍රේන් දාවනයේ යෙදෙන බවත් ඉගෙන ගතිමි.

ගජාගේ අපල කාලය දුරු වීමට නම් ඔෆිස් මී කූඩුවට අහු වෙන මීයන් තව දුසිමකටවත් අභයදානය දිය යුතු බව මගේ පෞද්ගලික මතයයි.


ජේන් ජෙයිම වේවා.!

ටටා 👋 

කවී



Wednesday, July 15, 2020

Unknown proxy and encrypted Feelings

Every morning , early in the morning I am think about the moments that I have spend with friends and try to found out any topic to write about my life.
So it mean that this is not about my life it’s going around my friend’s lives 

Sometimes very rarely you can find some of emotions that belongs to me combined to my friend’s charcters. Sometimes unknown peoples ask my email ID and send me whole different stories about office times and incidents that they have faced.

So..in weekends I read all those stories and mixed everthing and put some story by using those incidents. So in every words every expression repesent some one that I have never met or my friends.

Whenver they see my story,whenever they read my blog they catch exact movement that is written for them. And other peoples doesn’t know other’s story.

Among the other emailers, I like the unknown emailer. He is using names but those are fake , and there is something fishy on his email domian also.
May be a temporary email account! 


An unknown E-mailer again send me an email, yes he is satisfied about my twisted plot about him
And here again he came with another story line.

After seen his mail , my brain automatically quoted that name he mentioned before I quickly replied him asking What happened to her ? is she ok ? and how are the things with you and etc.

So Kavi seems you have some interest to read my story ? or you too curious about this girl?

So this unknown email guy is not just ordinary guy who is emotionally drowned and mentally unstable or
Not just a someone who write some craps to me. 
Wait what is he guessing me? Is he trying to keep up with my thoughts? Is this one trying to send Trojan horse to my mind?

I wrote everything I felt and send it to him. He said no he is not a physician or mentor. Everyone must know about this story but always his name and her details should be highly classify.

Ok once promised, it is unbreakable promise , I’m again down to read your story and rearrange it and twist the story. So their relatives friends can’t trace it back to them.

It is not brotherly love but it is not friendship there is more than that always.
But I think sometimes I’m in love with her but not to sleep with her.

So Mr. you are telling me that you weren’t fall for her body?
yes agree with that but only 50%. But I never felt to do something like use her and dump her.
Instead of that I always needed to make her comfortable. 

Sometimes I needed to see her face early in the morning. And it is extremely satisfying.
You don’t know how about her beauty, but she always condemned herself and think that she is no
That much beautiful .
For today it is more than a one and half year since that she have left our office and joined for another one. But some sleepless nights still she sending me text asking how about me?

I would like to send her I am not ok without her at office but instead of that I send her that everything is ok and I’m doing good here.

Also then I ask about her boyfriend. She always telling me the current things and share with me everything. When she is telling about her dinner outs and lunch out and vehicle rides I feel jealousy a real envy . when she telling me how he hurt her what he have done to her , it really triggered me and make me so angry. How could he treat like this to a girl that much opened minded this lovely and cute. How could he raised his hand to hit her hard, how he can made his mind to slap her cheeks that I have loved most . scars It is not lovely pain it is not a mark of love bite. But after all she is in love with him. Why? May be deep in her heart she think that she’ll never going to find someone like him.
So maybe she is over protecting him, but as far as I knew that she never stop him or set rules to or force him. She is ok and always let him go out with friends. 

Ok Mr.Anonymous so you type these passages with anger and jealousy , you just needed to justify your feelings by telling me this you need only make you mind lighter temporary . Am I right ? 

Yes Kavi, may be it is soul searching . but you don’t know how someone feel when their’s loved one got hurt, when they are in pain.

All correct , you won but I wanna know something . what about your wife Mr. Anonymous is this girl know about her ? 

I know there should be a nail. I got the hammer, what I did was guessing the place of nail and hit hard , banged as harder as I can but in completely dark like blind guy. 

Guessing and action always not bring answers but there will be no answers without guessing and actions.

You kavi, you sometimes act as ignorant and pretend us that right side of your brain is actively using,but seems your left side brain is also collaborate with you pretty much nicely and cleverly.
You are a real cunny Fox. Good for you bad for us.

And here is the thing man I don’t have a wife , a fiancee but heck yes I have girl friend .


What kind of story is this?

You do have a girlfriend and she got a boyfriend , so be happy what the fuck are you doing this. Stay happy man!

No kavi, I’m not telling that I need her as a girl friend or just friend I always think that she cares about me more than a brother and I also found myself I do care about her more than a sister. But I don’t want to sabotage her happiness. She always telling me that she don’t want to possess anyone, so I also .

It is happy to being loved by someone we love land loved you back, with little pain, with little envy.
Imaging them to be yours , imaging peoples thinking every second about someone special to them. “ what if she was my girlfriend what if he is my boyfriend what if she was my own sister whenever you can cares and cuddle, what if he was your own brother always stand with you” 

Let me know man! I’m signing off from instant messaging so leave me an Email Kavi! I’m waiting !
If It’s apparently good sound post it with my permission or without permission .

Thanks.
…………………………………………………………….
Dear Mr. Anonymous , good evening !

I have read every word of you and even mine and every conversation archive that I have had with you more than twice.

I don’t have anything to say but to express thousands of feelings . I think peoples found someone special and try to keep up with him or her but mean while find another one more special than him or her due to the collating/ comparing.

But everyone has week points and specialties and their own qualities. when one goes up other one go down.

So it is better to stay same as you . Love her it’s ok but don’t waste her ! don’t ever let feel her alone don’t try to separate anyone ..yes. Anyone!
Let them find and learn their self by miss match. And watch them how they try to match the miss match what they do to match those things. 
It is Oddly satisfying .

Competition with theirselves ..it is really competitive !

Good bye!



Kavi.

Tuesday, July 14, 2020

සම්බන්ධීකරණ ලේකම් සහ දෙයියාගේ ෆ්‍රෙන්ඩ්

අපි හීනියට හීනවල ජීවත් වෙමු, ඒක හැමෝටම හොදයි කියලා උදේ පාන්දර වැටුනු ස්ටේට්ස් එකක් ශේන් මල්ලිගේ යකා අවුස්සන්න හොදම වෙලාව කියලා හිතුන.

ඒ එක්කම යන්‍තම් හරියාගෙන එන ආර්ථික මට්ටමට කනේ පාරක් ගහගෙන කොරෝනා දෙවෙනි රැල්ලක් එන්න යන්ව කියලා ඒකට පස්සේ ස්ටේටස් දාලා තිබුනා.

මම රිප්ලයි කලා, මල්ලී අපිත් ඔය බෝට්ටුවේ තමා වෙනසක් නෑ කියලා.

ශේන් මල්ලි හිනාවෙන ඉමෝජියක් එවලා තිබුණා, උගේ අදහස් ප්‍රකාශනය එච්චරයි. 
ඌත් සමහර මිනිස්සු වගේ පිටු ගොඩක් තියෙන පත්තර හොයනවා, දැනුම වැඩි කර ගන්න නෙමේ දවල්ට කෑම ඔතන් එන්න ගොඩක් කොල තියෙන නිසා!

ඊයෙ හම්බවුනු වයින් බොතලයක් තනියම බීලාඅමුතුම කතා වගයක් ශේන් මල්ලි ගුඩුස් යවන ගමන් කිව්වා. සමහර වචන හරිම නැවුම්. අහන් ඉන්න ආසයි. ශුද්ධ වූ සිංහල භාවිතය ගැන හොද අත්දැකීම් තියෙන කෙනෙක් ශේන් මල්ලි කියන්නේ.

මේවායින් හොදම උගේ ආදරේ විග්‍රහ කරන හැට්.

ඌ පටන් ගන්නෙම කතාව අහ් කවී මහතා සුභ උදෑසනක් වේවා කියලා. ඊට පස්සේ කතරගම දේවාලේ කපුවෙක් වගේ දිග යාං හෑල්ලක් කියවගෙන කියවගෙන යනවා. මම ආතුරයා වගේ ඌ අහන ප්‍රශ්න් වලට උත්තර දෙන ගමන් වැදගෙන අහන් ඉන්නවා.

යාං හැල්ල අවසානයේ අහනවා කවි අයියේ රුපියල් දෙදාහක් විතර නැද්ද බන් ගන්න කියලා. මට ඉතින් දේවාලෙක්  කපුවා මතක් වෙන එක අහන්න දෙයක් නැ නේ. 

දේවාලේ කපුවත් අන්තිමේ පුජා වට්ටියේ තියෙන සල්ලි ගාන දිහා අඩවන් වූ දෙනෙතින් බලලා තමා යාතිකාවේ දිග අඩු වැඩි කරන්නේ. 

සල්ලි තීනව කිව්වනම් ඉන්ටරෙස්ට් එකේ කතාව දිග් ගස්සගෙන උගේ ජීවිත කතාව ඇතුලට රිංගන්න පුලුවන්, ඒත් නැති වුනොත් ටික වෙලාවකින් ඌ වැඩය යන්න ඕන කියලා හරි ඕලයින් යනවා.

අර නංගිගේ ෆොටෝ එකක් රෑ  පුරාවට ෆෝන් එකේ වෝල් පේපර් එකට දාගෙන ඉන්න එකා උදේට ඒක වෙනස් කරලා කිසිම දෙයක් දන්නේ නෑ වගේ ඉන්න විදියටම ඌ ඕෆ් ලයින් යනවා.

සරල ජීව්ත.

මහා බලපරක්‍රම සහිත දෙවියො සතෙක් පිටින් එනකොට දෙවියන්ගේ සම්බන්ධීකරණ ලේකම් කපුවා ඇවිත බහින්නේ මොන්ටේරෝ එකක නැත්නම් කිරි කිරි බී එම් ඩබ්ලිව් එකක.


ඔන්න ඔතනින් විතරයි ශේන් මල්ලි වෙනස් වෙන්නේ නැත්නම් දේවලෙ කපුවා වගෙම තමා.

ට්‍රැක් එකෙන් ටිකකට පැනලා යමු....

ගජන්ට මීයො මරන්න හිතෙන්නේ නෑ මොකද ගණ දෙවියන්ගේ ෆ්‍රෙන්ඩ් එකක් ලු මීයා කියන්නේ. 
ශේන් මල්ලි ආදරේ ගැන කියලා ක්ලාස් එකේ නංගිගෙ ෆොටෝ දිහා බලලා දුක් වෙන විදියටම ගජන් මැරුනු මී කුණ දිහා බලලා දුක් වෙනවා. හොටු පෙරාගෙන ඒ ගැන විස්සෝප වෙනවා! 

ගංගා මෑණියන්ගේ පිහිටයි.!
............................................................

ශේන් වගේම ඩෑල් එකක් තමයි අශේන් කියන්නේ, ඌ නම් දැනට ලොජිස්ටික් සයිට් එකක වැඩ, සමහර අවස්තාවලදි ඩී ටේල්ස් ගන්න අශේන්ට තමා කතා කරන්නේ අපි.  ඌ ගැනයි ධනුශි කියන උගේ ප්‍රේමය ගැනයි කතා වගයක් තියෙනවා මේකට ගාවන්න. ඉස්සරහට බලමු. ඒකත් රැඩිකල් ප්‍රේමයක්. 


.ටටා. 👋 


කවියා.

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...