Sunday, July 5, 2020

International outsider and illigal Love!

An email recived from outsider! Telling about his story briefly and asked me to write for him.

Even i'm not fluent in english grammer He forced me to write this in english. Cause he needed to share this gramaticaly wasted story.

...........................................................

What we learn from people?
Have you ever felt that you are not beautiful ? Have you ever felt that you are not handsome ?

I don't know about you,but some time i felt like that, but i've recently talked with a very human person who always encourage me and support me. 
Sometimes cares about me lot. Even little moody time she is around me! Not near but always trough my mobile phone.

She always telling that she is not that much beautiful and always think and condem her personality by herself.
But from the very first day i love her face lot. She got the cutest face that i have ever seen. Some times i can't resist that i needed to pinch her cheeks as hard as i can.
First day i thought she might not be like that thing, and even feel uncomfortable to get pinch her cheeks by a friend. But when i told her about my feelings she just turn her face towards me and asked me just pinch it as harder as you want.

I was speechless at that time and i thought about being a such a pervert for while and then, a thought came my mind suddenly . 
If i didn't tell her about my feeling it is wrong,and if i did that thing without any love it is wrong, So i asked her is it ok to pinch your cheeks? Really ? 

She said yes, you also like my brother and you are a brother to me, When i'm home my brother also used to pinch my cheeks until it get coloured like tomato.
And i know you very well , you don't need to just sleep with me or have sex with me or didn't notice you looking at my body or mentioning abut cheep bad jokes,So it's ok i can trust you.

From the that day untill she moves somewhere i pinch her cheeks whenever i got chance, Whenever i see her dimpled cheeks.

But when i told her how cute she is, She just ignored and laughed at me.
even she told me i'm not a beauty queen.

I stoped for few minutes and told her how her face still affect me that much. How much i missed her cute face,I was free and cool when she is around me. 
She acts as my girlfriend sometimes,Remind me to take medicine on right time and also feed from her lunch box sometimes.

Yeh! Some times i am fulled with envious , jelous about her lover. How lucky too have her in life. 

She is a very down to earth girl. Not a drama queen or grownup like a flower. If u make her angry she start with f*** letter always . If you hit her she is always ready to hit you back.

But for her lover she just like others. 

Getting hit by him and cry all the day, and again forgiving him and go with him again. Beacuse may be she doesn't have any other option but to sit on his car and go where ever he needed.

This make me angry sometime but it is her choice.
That' how wide her heart is.

Sometimes she make her hair beautifully and i always admired her to knit pull some layer out from her combed hair and let it hang through her cheeks.
What make her dimpled face much hotter than before. Lovelier than before .

Her hands were very soft and it is satisfying to touch her skin. And feel her warm.

This is may be somthing called simple lined railway track files that you have written before.

But still she think i am handsome in her view. And also i am stucked in this feeling forever with some pain but with lot happy thinking about her life!

Dear writer i think this is the untold one side love story stucked between love and friendship and feels beyond brotherly bond.


I'm still thinking while Falling down to outside! 


Ayesh kavi.

ඩොක්ටර්ස්ලා සහ වෙද්දු.

කියන්න ගොඩක් දේ තිබුනත් කියන්න තරම් වචන ඉතිරි වී නැතිබවක් හැඟෙන මොහොතක දැක්කේ. එන්ජූ සහ දිමුතුවාගේ ආදරනීය ජායා රූපයක්.

කොල්ලා අන්තිමේ දණ ගහලා! මේකිත් දෙයියන්ගේ පිහිටෙන් හා කියලා මුද්ද දා ගෙන උට කියලා!

සමහර ජීවිත වලට සිද්ධ වෙන වෙනස්කම් දැක්කහම සතුටු හිතෙන වෙලාවල් අඩු උනාට මේක නම් සතුටක් දැනුනු මොහොතක්

මම කල්පනා කලා මම ජීවිත කීයක් මේ විදියට වෙනස් වීම් වලට ලක් වෙනවා දකින්න පුලුවන් වුනාද කියලා, 

පිලිවෙලට ඉන්නවා දුලීප, නිප්පා, ශෙයිබා, දරයා  පොඩ්ඩි, සංජා , දිමියා , ඩිනු ඩිස්නායකී , චූටා , චූටි දුව චතූ වගේම එදා ඉදන් අද වෙනකන් එකම හිනාව තියෙන අනූ නැත්නම් සැන්ඩි, උදාරි පතිරගේ, දනුශ්,  ප්‍රසාද්, දිශ්, අයේශ, රසික , සුප්පා, එන්ජු, තිලකා, දිවියා, ලයියා, නවියා. එහෙම ගත්තම හැම එකාගෙම ජීවිත හොද අතට වෙනස් ව්ම් වුනා මිසක් නරක අතට වෙනස් වෙලා නෑ.

හැබැයි සමහර වෙනස්වීම් අපිටත් හික් ගෑවෙන තරමට ක්ශනිකව සිද්ද වුනා.

සමහර අවස්තාවල ඉන්ජෙක්ෂන් දෙන්න සිද්ද උනා එන්ජු ඇතුලු හැමෝට රවුමෙන් එලියට යවන්න  ලක්ශයෙන් ටිකක් ඈත් කරලා තියන්න .. මම  උන්ව  යවන්න නෙමේ මාව උන්ට එහෙම කරන්න වෙන විදියට !

උන් ඩොක්ටර්ස්ලා දැන් ! අපි?? 
වෙද්දු සහෝදරයා කැඩුම් බිදුම් වෙද්දු...

ඩොක්ටර්ස්ලා කකුල් කැඩුනම ගල් බැන්ඩේජ් දාන්නේ හරියයි කියල හිතාගෙන. ඒත් ඇද වුනාම එනේ කැඩුම් බිදුම් වෙදා ලඟට! ආයෙ කඩනව ඇදේට හා වුනු කකුල, ඊට පස්සෙ ඇට මස් මෙලෙක් කරනවා. පත්තු දානවා. 

හරී දැන් උන්ම බැන්ඩේජ් කරගන්නවා.!

මුන්ගේ සේරගෙම ජීවිත ගොඩාක් වෙලාවට වෙනස් වුනේ මන් ඉස්සරහමයි. මම ඒවාට සාක්ශි කාරයෙක් වුනාට කවදාවත් නඩු විභාගයකට අරගෙන ගියේ නැහැ. නඩු අංක නම් ලාවට මතකයි.

දැන් උන්  ඇත්තටම සතුටෙන් ඉන්නවා! 

ඒ සතුට ඒ විදියට තියෙන්න නම් අපි එ ජිවිත වලට තට්ටු කරන එක යම් තාක් දුරකට අඩු කරන්න වෙනවා .

අපේ තට්ටු කිරීම වල ශබ්දයට වඩා උන්ට වටින්නේ ඒ උන්ගේ උන්ගේ හද ගැස්මවල් වල රටාව.

මම මගේ කෑම පිඟානේ තියෙන ලෝක ගෝලයෙන් තව හරි අඩක් විතර එහෙම්මම ඉතුරු වෙලා තියෙනවා, ඒ දිහා බලාගෙන වතුර කෝප්පයක්ම බීපු මම ලොකු ගුඩුස් එකක් යවලා.ආයේ කෙලවරකින් කන්න පටන් ගත්තා.

ආදරණීය අනාගතයක් මගේ ආදරණිය මිතුරු මිතුරියන් සියලු දෙනාටම.






අලුත් දුරකථනය හා පරණ වාදනය

බ්‍රෑං බ්‍රෑං .. බ්‍රෑං . බ්‍රෑං.. 
 
හැටේ දශකය අග බාගයේ පරන කාර් එකක් කන්දක් අදිනවා නෙමේ . ඒ මගේ ෆෝන් එකේ රින්ග් ටෝන් එක.

කවුද උදේම? අප්පා කොච්චර කෑවත් මෙච්චර තමා ශේන් මල්ලී.!

හෙලෝ ශේන් මල්ලි මොකෝ මේ ශෙනශුරාදා උදේම !

කවී අයියේ මට තමුසෙට මගේ දුක කියන්න ඕන..

ඉතින් කියපන්!

ආආආආආආආආආආආආආආආආආආආආආආ
ඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ
ඩං ඩං ඩං ඩං ඩුං ඩුං ඩුං ටික්ටුක් ට්ක් ටුක්


ශේන් මල්ලී තමුසෙට පිස්සුද ඔයි. මොනවද ඔය අපබ්‍රංස මට තෙරෙන්නේ නෑ. උඹේ මයික් එකේ අවුලක් වගේ!
.

නෑ කවී අයියෙ ඒකනේ කියනේ තමුසෙටත් මගේ දුක තේරෙන්නෙ නෑ.!
කියලා හිනා වෙන්න ගත්තා..!


මූ යකෝ. කතාවට එන්ටර් වෙන්න්නනෙම මගුලකින් 
තමා!  
හරි දැන් කියපන්කෝ මොකෝ සීන් එක. 

අයියේ මට අර කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න ඕන.

මම හූම් ගැවා විතරයි. දැන් තමයි මූ මොන්ටිසෝරි ලමයෙක් වගේ දුක කියන්න යන්නේ.

ඇත්තම කියන්නම් අද පඩිපෙලේ මම සර් ගාවට මාකර් පෙන් වගයක් අරන් යනකොට අර නංගිත් ටියුට් වගයක් බෙදන්න උඩට යන්න පඩි පෙලට ආවා. ඒකට තියෙන විසේට මාව පහු කරන් මගේ පැත්තෙන් රිංගලා උඩට යන්න හැදුවා. මම ඉතින් විහිලුවට ඇගෙන් තද කලා පැත්තට බිත්තියට.

ඕයි අයියේ කවදාවත් තුරුල් කරගෙන නැති වුනාට තුරුලට ආවා වගේ දැනුනා. ඒ ටික වෙලවට අයියේ.
මගේ වැලමිට ඒ කෙල්ලගේ පපුවේ වැදුනා , මට තේරුනා පපුව් ගැහෙන විදිය පවා වැලමිටට.

තමුසෙට පුලුවන්ද කවී අයියේ ඒ ගැන කවියකින් ලියලා දෙන්න නිසදැසක් වගේ? ඒ හැඟීම් ගැන.!

තමුසේ වනචර කමට ඒ කෙල්ලගේ පපුවේ අත වැද්දුවද? 

අනේ නෑ.. නෑ.. අයියේ එහෙම නෙමේ ඇතතටම් විහිලුවට වැලමිටෙන් බිත්තිය  පැත්තට තල්ලු කලා.

කමක් නෑ.  හරි දැන් තමුසෙට ඕන පෙම් හසුනක් ලියා ගන්නද මට කියලා.

ඒ වගේ තමා ඉතින්. කියලා ශේන් මල්ලී අයිත් මොන්ටිසෝරි ලමයාගේ කැරැක්ටරේට බැස්සා.

අයියේ ඊයෙ අපි හවස ටියුට් වගයක් ප්‍රින්ට් කරලා බයින්ඩ් කලා. මට ස්ටෙල්පර් ගහන්න තිබුනේ. කෙල්ල තමා කොල හදලා දුන්නේ . 
මගේ ලඟින්මයි අයියේ හිට්යේ බංකුවේ වාඩිවෙලා.
ඒ වෙලාවෙ තමා දැක්කේ ඒ කෙල්ලගෙ ඇස් ඇතුලේ තියෙන්නේ වෙනමම දුඹුරු පාටක් කියලා. තොල් වල තියෙන්නේ ලා රෝස පාටක් කියලා. ඒ වගේම බෙල්ල ගාවට වෙනකන් තීන රැලි ටික අමුතුයි කියලා. හරිම  අමාරුවෙන් අයියේ මාව මම පාලනය කර ගත්තේ. 
සර් බලාගෙන ඉන්න නිසා . කවුරුත් හිටියෙ නැත්නම් අයියේ මම  මොනවා කරයිද දන්නේ නෑ,

අයියේ තමුසේ මේක විසදලා දෙන්න ඕන හරිද?

මම තක්බීර් වී බලා සිටියෙමි. දැන් ප්‍රකාශ කරන වචනය මයික් එක හරහා ඇප් එකට ගොස් ඇප් එකේ ඩේටා වලින් උගේ ෆෝන් එකෙ ස්පීකරයෙන් ඇහෙනු ඇත.

එතකොට එය වාචිකව ඇති කරගත් සම්මුතියකි. තඩි , බයානක ජේ සී බී බැකෝ සයිස් ඇග්‍රීමන්ට් එකකි.

යතාර්තය කුමක් වුනත් උදේ දත් මදින එක අනිවාර්යයෙන් කල යුතු බැවින්, ක්ශනිකව ෆෝන් එක කට් කර ගැනිමේ උවමනාවෙන් මම මෙසේ කීවෙමි.

"ආයේ මොනා අහනවද බ්‍රෝ එකෙන්ම් මම උඹ එක්ක ඉන්නෙ අපි බලමු" කොහොම හරි බැලන්ස් කර ගමු !

මේ වචන ටික ප්‍රකාශ කරන වෙලාවේ මට හැඟුනේ ඔනෑම කම්පැනියක ඉන්න අපි ශේන් මල්ලි වගේ බවත් සැලරිය අර ටියුට් ඩිසයින් කරන කෙල්ල බවත් , මම ටොප් මැනේජ්මන්ට් එක වගේ යන්නයි! 

👋  ටටා

කවී.


Saturday, July 4, 2020

කෝච්චියට බයේ දුවන සැන්ඩ්ල්ස්

සමහර වෙලාවට මිනිස්සු හැමෝටම සරල රේඛීය ජීවිත හමබවෙන්න පුලුවන් හරිම අහම්බෙන් වගේ තමා ඒත් ඒ අහම්බෙන් හරි හම්බවෙන ජීවිත හරිම පුදුම විදියට ජිව්ත ගැන හිතන්න සලස්වනවා .

මේ කියන සරල රේඛීය ජීවිත බලාගන්න පුලුවන් රේල් පාර දෙපැත්තේ අත් අල්ලගන යන ප්‍රේම වන්තයෝ දැක්කහම. ඒකත් එක අතකට සරල රේඛාවක් නෙමේ තමා . කොහේ හරි සිටේශන් එකක් ලඟ තව පීලි දෙක තුනක් උඩින් දුවල යන යන පාර මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි සහ එහෙන්  මෙහෙන් දරුනු ගණයේ වංගු තියෙන .ඒත ඉතින් ඒවා සමානුපාතිකව දුවන් හින්දා තමා මම මේ උදා හරනය ගත්තේ .

මට කියන්න ඕන වුනේ මේ අත් අල්ලන් යන ගමන ගැන නෙමේ මිනිස්සු කෝච්චියට ලඟ එනවා කියලා දැන ගත්ත ගමන් අත් අත හැරලා අඩි දෙකක් විතර පස්සට සිග් සැග් දුවලා දාවනය වන කෝච්චියේ පෙට්ටි දෙකක හිඩැස් අතරින් කඩින් කඩ මුනු දෙක දිහා බලන් ඉන්න එක ගැනවත් නෙමේ .

මිනිස්සු ඇත්තටම දුවන්නේ කෝච්චිවලට බයේද කියලා ?


ඊයෙ රෑ කුක්කා මල්ලිගේ කම්පියුටර්එකට ගේමස් වගයක් ඉන්ස්ටෝල් කරල දෙන ගමන් ඉන්නකොට මම දැක්කා ඒකෙ ඕඩියෝ ෆයිල් වගයක් වේගයෙන් කොපි වෙන හැටි .
ඒ අතර තුර මම විදින්න වුනා අර  කලින් කියපු පෙට්ටි අතරින් බලන් ඉන්න මිනිස්සු ගැන .
 ඒ වගේම බය ගැන . පුරුදු විදියටම මම මනෝ පාරක් දැම්මා මට පුලුවන් විදියට .

ඇත්තටම මිනිස්සු දුවන්නේ කොච්චියට බයේද නැත්නම් තමන්ගේ ජීවිත වල බයේද කියලා .
 මට හිතෙන විදියට මිනිස්සු  මේ දුවලා බේරෙන්න හදන්නේ ජීවිත වලට බයේ කියලා මට හිතෙනවා .

තව කෙනෙක්ට වාද රන්න පුලුවන් මිනිස්සු ජීවිත අලට අදරෙන් මෙහෙම් දුවනවා කියලා. නෑ උන් ජීවිත වලට අදරේ නෑ . උන් දුවන්නේ වගකීම් වලට බයේ . මිනිස්සු  වගකීම් වලය බය වෙලා කරන් ඉන්වෙස්ට් එකක් තමයි මේ ආදරේ හා බැදුනු විවාහය කියලත් වෙලාවකට හිතෙනවා .

ඒක නෑ කියනවා නම් මේ වාක්‍ය ඔලුවට ගනින් . මේක් ඕන තරම් මට යන එන තැන්වලදි අවුරුදු තිස් පහ පැනලත් නොබැද ඉන්න් මිනිස්සුන්ගේ ගෙවල් වල ඇහෙනවා.

" උඹට ඔහොම හැමදාම ජීවත් වෙන්න බෑ කසාදයක් කර ගනින් නැත්නම් වයසට ගිය දාකට බලාගන්නේ හරි කවුද "  


විවාහය එතකොට ෆික්ස් ඩිපොසිට් එකක් ආදරේ ඉතුරුම් ගිනුමක්ද ෆික්ස් එක දා ගන්න් සල්ලි එකතු කර ගන්න  ?

මම......! ශේන් මල්ලි, කූක්කා හැමෝම දිහා බලලා මේ කතාව කියල ඇහුවා උඹලට මම කියන දේ තේරෙනවද කියලා.

අනිත් එවුන් කට අහගෙන හිටියට ශෙහාන්  මල්ලී   මාස්ක් එක පහලට දාලා කිව්ව , මෙහෙමයි අයියේ  තමුසෙ කියන දේවල් වල අමුතුම බරක් තියෙනවා කියලා තේරෙනවා ඒත් අපිට තේරෙන්නේ ඒකෙ බර විතරයි. හැගිම මොකක්ද කියලා සමහර් වෙලාවට අපිට නම්  තේරෙන්නේ නෑ. අපිත් අතරමන් වෙනවා ඕවට කියලා  .


කොහොම හරි තේරෙනේ නතුව  ඉන්න එකත් වටිනවා අනිති උන් වගේ මාව පිස්සෙක් විදිහට හන්වඩු ගහලා
හිතන්නේ නැතුව  . 

කතාවට ආයෙත් .. යමු ..

මීනිස්සු වගකීම වලට බයි වෙනවා ඒ බලා පොරොත්තු නිසා  ,ඒත උන්  බලාපොරොත්තුවලට ආශා කරනවා.
ඒ වගේම බලාපොරොත්තු මත හීන වලට අදරේ කරනවා.

එතකොට ඇත්තටම බැලුවම මිනිස්සු දුවන්නේ කෝච්චියට බයේ නෙමේ මිනිස්සුන්ගේ හීන වලට බයේ.

ශේන් මල්ලි මැද්දට පැන්නා පැනලා කිව්වා ශෙහාන්ට තේරෙන්නේ නැති වුනාට ඕක මට තේරෙනෙවා හැබැයි අයියේ මම දැක්කා ඊයේ රෑ හීනෙන් මම් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ උඩම තට්ටුවෙ ඉදන් චූ දාන සීන් එකක්. ඒත් ඒක නැති වෙනවට බයයි කියලා මම කෝච්චියක් ඉස්සරහට දුවන් යන්නේ නෑ.

ටිකක් වෙලා ඔලුව අත ගහගෙන් හිටපු මම , ඇහුවා උගෙන් ඇයි මිනිස්සු කෝච්චි වලට පනිනේ කියලා .
උන්ට ජීවිතේ එපා වෙලා වෙන්නැති . ඌ කිව්වා ගත්ත කටටම.

මම් කිව්වා ඔව් ඒත් එතකොට උන්ට කෝච්චියට තිබ්බ බය කෝ ? ඒක අර නැති වුනු හීනත් ක්කම නැති වෙලා තියෙන්න ඇති . බලාපොරොත්තු වගකීම  ගොඩක් තියාගෙන ඒකෙ ලිම්ට් පැන්නම හීන ගැන තීන ආසාව නැති වෙනවා . එතකොට බය වෙන්න හෙතුවක් නෑ මිනිස්සු කෝච්චි වලට  පනිනවා .


හැමෝම ඔලුව වනලා තේරුනේ නෑ කියලා කිව්වට කුක්කා මල්ලී මෙහෙම කිව්වා. අයියේ මේ අපි උඩ් සිටි එකෙන් ලොකු ස්ප්‍රයිට් බෝතලේකුයි ව්ස්කි බෝතලේකුයි අරන් ඇවිත් මේ ගැන කතා කරමුද ?

අවුලක් නෑ ඒ උගේ හීනය ! එක ඇහැකින් හරි ජීවිතේ ජය ගන්න හැටි කියල දෙන එක බලා පොරොත්තුවක් ..

ශේන් මල්ලිගේ හීනය අර කෙල්ලට කිස් එකක් දෙන එක!

ඔමිගේ හීනය රැම්බාගේ ඔෆිස් දාන සැන්ඩ්ල්ස් දෙක පුච්චන එක .

රැම්බාගේ හීනය ඔමී මල්ලිට පෙන්න හැම සිකුරාදාම සැන්ඩ්ල්ස්  දෙක දාගෙන  තට්ටු හතරෙ ඔෆිස් එකට එන එක.

එතකොට මම ?

මගේ හීනේ මේ සේරම චරිත දිගින් දිගටම  පට්ට ගහන එක .




ටටා !

මීට කවියා
 


Friday, July 3, 2020

ජිම් පප්පා හා මැජික් අරිශ්ටේ.

පුරුදු විදියට ශේන් මල්ලිගෙන් දිග වට්සැප් හෑල්ලක්.
තියෙනව ස්ටේටස් වල දාලා.

ශෙන් මල්ලු කියන විදියට දැන් ඒ කෙල්ල ශේන් මල්ලිට ආදරේ නෑලු. ඌ දාලා තිබ්බ ස්ටේටස් වලින් තේරෙන්නේ ඒක.

මම රිප්ලයි එකක් දාන ගමන් ඇහුවේ ඇයි උඹට මෙහෙම හිතුනේ කියලා.

ශේන් මල්ලි මගෙන් අහනව මේ කවී අයියේ තමුසෙට මනෝ විද්‍යාව ඉගෙන ගන්න ඕනද මේ අස්සේ කියලා.

නෑ නෑ මිනිහෝ මට දැන ගන්න ඕන වෙච්ච දේ. බ්ලොග් එකේ ගලපල ලියන්න.

මේකයි අයියේ මොන දේ වුනත් මගේ හොදම යාලුවාට හොරෙන් නැත්නම් මුලු ක්ලාස් එකේම ස්ටාෆ් එකට හොරෙන් කරන ආදරයක් මේක. අපි පරිස්සම් වෙන්න එපැයි. අනික මට කවදාවත් ප්‍රකාශ කරන්න බෑ ආදරෙයි කියලා.  මොන සම්මුතියට ආවත් මේක වෙලාවකට හැඟිම් වලට නීති විරෝදි වගේ දැනෙනව. ඒත් මම කිව්වා වගේ ටියුට් බෙදන්න කියලා මට ටියුට් ට්ක දෙන්න ආවම හැරිලා යන්නේ යන්නම් කියලවත් නොකියා. වෙනදට විනාඩියක් දෙකක් හුරතල් වෙන කෙල්ල ඇයි මෙහෙම.

ශේන් මල්ලි උඹෙ ඔය ආදරේ රිම් එකෙන් දුවන ටියුබ්ලස් ටයර් එකක් වගේ. එක අන්තෙකට යන්න පුලුවන්. ඒත් වාහනේකට රුපියල් තුනක හතරක ආදරේ කියන හුලං ගහල වැඩක් නෑ  . 

කාවී අයියේ තමුසෙගෙ ගැරේජ් ටෝක් මට තේරුම් ගන්න වෙලා යනව ..කමක් නෑ. ඒක නෙමෙ මේ ලඟදි ඒ කෙල්ල මට උඩ ක්ලාස් එකක රෙජිස්ටර් වගයක් දෙනකොට අත මගේ අතේ වැදුන. මාර සිනිදුයි අයියේ. මට හිතුනා ආයේ බලෙන් අත ඇදල අරගෙන අතගාලා බලන්න. මූනත් ඒ වගේම ඇති නේ!

උඹ නිකන් දැන් ප්‍රයිමරි කොල්ලෙක් වගේ කෙල්ලෙක්ගේ අතක් වැදුනම ආදරේ කියල හිතන්නද යන්නේ? 
ලැජ්ජ වෙන්නද හදන්නේ! යකෝ බැදලා ලමයි හයක් හතක් ඉන්නවා !..

අනේ මේ කවි අයියේ තමුසෙට ජෝගි.
 මගේ හිත රිදිලා ඉන්නේ!  වෙනද වගේ වට්සැප් එකේ නෝ චැට් නෝ කැශුවල් කිට්ස් ෆොටෝස්!

ඉතින් ඔෆිස් එකේ උඹට මූනට මූන බලාගෙන නෙ ඉන්නේ. ආයෙ මගුලටද ෆොටෝ. 

එහෙම නෙමේ අයියේ මම ආස ඒ කෙල්ල ගෙදර නෝර්මල් ඇදන් ඉන්න විදියට! හෙන සිම්පල් ඒත් හෙනම ලස්සනයි. ආදරේ හිතෙන එක නවත්තගන්න බෑ එතකොට.

මල්ලි උඹ කවද හරි සූරපප්පා එකේ ජිම් පප්පා වගේ වෙයි. මල් කුමාරිට ආදරේ කරන. උඹේ ඔය ඇඟත් එක්ක සමහර විට ඒ කෙල්ලට උඹව විහිලුවක් වෙන්න ඇති. ඒ කෙල්ල අල්ලපු ගමේ ඉලන්දාරියට ප්‍රේම කරන ගමන් උඹටත් එහෙමයි කියලා අඟවනවා ඇති. ඇත්තටම ආදරේ නැතුව ඇති නැත්නම් එහෙම නොකියා යයිද. අනික ඒ කෙල්ල කවදාවත් උඹට ආදරෙයි කියන්නේ නෑ මැසේජ් එකකින්වත්.

උඹට ඒකි නිකන් මැජික් අරිශ්ටේ වගේ.🍸😑

උඹ කතාවෙ මේන් කැරැක්ටර් එකක් වුනාට කවදාවත් අරිස්ටේ දෙන්නේ නෑ. ☹️🤣 

කවී අයියේ තමුසෙ මහ මොකෙක්ද මන්දා, ඔච්චර ලොකු එකෙක් වෙලත් කාටුන් බලනවද. මන් යනව. වැඩට යන්න ඕන.
මේ අයියේ තීනව නම් කව්ද බොයි කාටුන් එක ගේනවා හොදේ 🍷😋

අවසානයේ මට තේරුම් යන්නේ අපෙ ජීවිත මොනම හෝ කාටුන් එකකට සමීප බවයි. 


ජෙයින් ජෙයිම වේවා!

👋  ටටා..

කවී.



Thursday, July 2, 2020

ටිපි ට්ප් හා ගුලි කරපු ලේන්සුව

  ඊයෙ දවස ගැන අද කල්පනා කරන්කොට හිතෙන්නේ අපි තවත් කතාවක් ලියන්න ගන්නවා වගේ කියලා පරන කතාව මගින් නවත්තතලා, ඒකත්  කතාවකට එහායින් පිටු අරින්නේ නැතුව ඊලග ජේදයෙන් වගේ!


වකුගඩු ඇඹරෙන තරම් හිනා වුනාට සමහර වෙලාවට මිනිස්සු හිත්වල මොනවා හරි දෙයක් ගුලි කරගෙන ඉන්නවා.
ගුලි කරගන්න සිතුවිල්ලක් නැති වුනොත් වේස්ට් පේපර් එකක් හරි ගුලි කරනවා. 

නහයෙන් අඬන ජීවිත් අස්සේ ලේන්සුව ගුලි කරන ශේන් මල්ලි ඒක සාදාරිනීකරණය කලේ. මේක නවලා දැම්මොත් කරදරයි.ගුලි කරලා සාක්කුවේ අපිලිවලට ඔබා ගත්තහම ඕන කෙලවරකින් ඇඟිලි දෙකකින් වුනත් ඇදලා ගන්න පුලුවන් බවත්. බඩ වැල වගේ එලියට එනකොට අමුතුම ආතල් එකක් ඇති බවයි.

දන්නවද බන් ශේන් උඹ හරි . සමහර බැදිම් තියෙනවා උඹගේ  දැන් තියෙනවා වගේ, සමහර වෙලාවට ඒ මිනිස්සුත් එක්ක තියෙන බැදීම් ගුලි කරලා සාක්කුවේ ඔබාගෙන වගේ. හරිම හහදිසියේ  නේ ජීවිතේ මොහොතක්  කියන  ලේන්සුව උඹ ගුලි කරලා දා ගන්නේ හැඟීම් එක්ක. ඒත් උඹ කොහෙන් ඇද්දත් ඊට කලින් නවලා පිලිවලට දාපු ලේන්සුව කියන හැඟිම් නෙමේ එලියට එන්නේ අර ගුලි කරපු එක. 

අනික ඒ ගුලි කරපු ලේන්සුව එලියට ගන්නේ නැතුව අර කියන නවපු ලේන්සුව ගන්න බෑ. ඒ වගේමයි අර ගුලි කරපු ලේන්සුවේ පාරවල් හරි අමාරුයි යවාගන්න. කාලය කියම අයර්න් එක ගොඩක් වෙලා අල්ලන් ඉන්න වෙනවා සමහර වෙලාවට.

උඹේ ඔය තට්ටු හයේ ඔෆිස් එකේ තියෙන ආදරේ මොන වගේද ඔතනින්. උඹ ඒක නවලද තියෙන්නේ? ගුලි කරන්ද ඉන්නේ.

ශේන් මල්ලී ටිකක් වෙලා ඉදලා ලොකු හුස්මක් අරගෙන ඔලුව දෙපැත්තට වනලා මන් දිහා බලන් ඉදලා කුක්කා දිහාවට හැරුනා! 

ඔයි කුක්කා අපි බයිට් එකට ටිපි ට්ප් එකක් ගේමු.

මම ඒක උත්තරයක් විදියට අරගෙන කුක්කා මල්ලිගේ පරිඝනකය අස්සේ කිමිදුනා. අඩේ මම මෙච්චර බර ටෝක් එකක් දීලා ඌ හෙන සනීපෙට සරල වචනෙකින් ඒක ඉවර කලා කියලා.

අන්තිමට යන්න කලින් ශේන් මල්ලි කිව්වා අයියෙ සමහර අයිති නැති හැඟීම් ටිපි ටිප් වගේ. අපි කොච්චර ලොකු වුනත් අපි තාම ආසයි ටිපි ට්ප් වලට. 

ඔව් මල්ලි පුතා ඒක හරි. ඒත් ටිපි ටිප් කල් ඉකුත් වෙනවා! පරිස්සමෙන්.


ටටා.. 👋 

Wednesday, July 1, 2020

පම්කින්ෆෝබියාව හා සබී නංගි

 සමහර හීන වලට මිනිස්සු වැඩිය ආස නෑ.
මොකද සමහර හීනවල මහ රෑ මැද ඔලුවට වට්ටක්කා ගෙඩි කඩා වැටිමේ අවස්තා බහුල වෙන්න පුලුවන්.

එහෙම ගත්තාම සබී නංගිට තියෙන්නේ බද්ධ වෛයිරයක් වට්ටක්කා එක්ක. විශේෂ යෙන්ම විදේශීය ඒවා එක්ක. සමහර වෙලාවට වට්ටක්කා කියන්නේ අහුලගෙන කන එලවලුවක් නොවේ නිසා වෙන්න පුලුවන්. දැන් සේර්ම ඔලුව කස කස ඉන්න එපා අහුලගෙන කන ඒවා කියන්නේ මොනවද කියලා.

ඇට ජාතී".. ධාන්‍ය වර්ග ඒ ගණයට දාගන්න ඕන .

වට්ටක්කා භීතිකාව ගැන සොයා බැලීමේදී මට දැනගන්න ලැබුනේ රාම රාවණ යුගයේ ඉදන් වට්ටක්කා කෑලි , ගෙඩි  න්‍යශ්ටික ආයුද ලෙසින් යොදා ගත් බවයි. බොහෝ විට ආදිතම ජනයාගේ කුස්සියේ ඉදන්  වට්ටක්කා වලින් දමා ගැසූ සහ ගුටි කෑ අවස්තා ඇති බවයි. කපමින් සිටින් වට්ටක්කා බොහෝ විට ආයුධ වන්නේ ලඟ පාත වලදක් , හැදි මිටක් නොමැති වූ අවස්තාවන්වලය.

සමගර විටක පෙරෙ සසර පුරුද්දට වට්ටක්කා කෑලි වලින් ගුටි කෑ බය තාම සබී නංගිගේ හිතේ තිබෙන්නට බැරි නැත . නොඑසේ නම මේකාට ඇති දැගලිල්ල නිසා සුලෙයිමාන් මිස් අදටත් මෙවන් භයානක න්‍යශ්ටික ආයුධ භාවිතා කරනවා වෙන්න ඇති.

වට්ටක්කා වලින් නිතරම පහර කෑම නිසා ඇති වෙන ප්‍රතිපලයක් ලෙස පම්කින්ෆෝබියාව දැක්විය හැක. එහි අතුරු පල ලෙස සහ මූලික රෝග ලක්ශනයක් වෙන්නේ  ලූඩෝමේනියාව, අයි එස් ඕ ෆෝබියාව ( ඇපල් දුරකතන භාවිතා කරයි නම් ) ඇන්ඩ්‍රොයිඩෝෆෝබියාව ( ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරයි නම්)  වේ.


මම පෞද්ගලිකව පම්කින්ෆෝබියාව සහ ලූඩෝ මේනියාවවට භිය වෙමි. ලූඩෝ මේනියාව දුරකතනය විසන්ධි කිරීම මගින් වල්කවා ගත හැකි නමුත්. පම්කින්ෆෝබියාව එසේ වලක්වා ගත නොහැක.

කෑම පිගානක දුටුවත් විසික් කිරීමට සිත්වේ!

මින් මිදීමට ඇති හොදම ක්‍රමය නම් උදේ පානදර තම මව, බිරිද පොල් ගාන ස්තානයට ගොස් කරදර කිරීමයි. නිතරම වට්ටක්කා වෑංජන හදනා වෙලාවන් මග ඇරීමයි.

එසේ වූහොත් පම්කින්ෆෝබියාව මග ඇර බාහිර හානි පමනක් වන කොකනට්ශෙල් ටීරියාව වැලද ගත හැක.

ඔනෑම ආත්‍රපෝඩාවෙක් , මොලුස්කාවෙක්, ඇම්ෆෝබියාවෙක් , ඇමීබාවෙක් , පැරමීසියම් කෙනෙක්, මෙම විශ්ව  න්‍යාය සදහා යටත් වේ.

එහි හයිරාකිය මේසේය.

විවාහක නම්- පහර දෙන්නා ආයුද බවිතා කරන්නා බිරිද වේ

අවිවාහක නම්- පහර දෙන්නා ආයුද බාවිතා කරන්නා තම මව වේ.

මෙහි පොදු කුලකය නම්- අවස්තා දෙකේදීම ගුටි කන්නේ තමන් වීමයි.


ටටා 👋 
කවී.



ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...