Wednesday, October 8, 2025

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එදා මෙදා තුර වෙනසක් නැතුව, අවුලක් නැතුව මම තොට ආදරෙයි භල්ලෝහ් කියලා ලිංග භේදයක් නැතුව ඕනම තැනක කියන්න පුලුවන් එකෙක්.. දන්න කාලෙක ඉදන් (මගෙයි උගෙයි දෙන්නගේම කොන්ඩ බොකුටු කාලෙ ඉදන්) මගේ හැම මංගල්‍යක්ම A ටු Z දන්න ජීවියෙක් තමා ඉතින්)

කොහොමහරි උදේ පාන්දර ලෑස්තිවෙලා උගේ අනිත් අතිජාත මිතුරා ශාමා සමඟ පිටත් වුනේ ඩුබායි දිමියාව පිලිගන්න..කොහොම හරි උගේ ෆ්ලයිට් එක ඩිලේ නිසා අපි දෙන්නා ඌ අමුතු ඇටේ වායු ගෝලයට ඇතුලුවෙනකන් ලඟ පාතම තියෙන කැෆේ එකෙන් බර්ගරි දෙකක් ඕඩර් කරල කන්න ගත්තා , කොයි එකටත් බඩ ශුවර් කරගන්න ඕන නිසා නෙස්කැෆේ දෙකකුත් අඩුක් කරගත්තා බඩට..

ඒ අතර්තුර කාලයේ බොහෝ දේවල කතා වුනේ වාහන සම්බන්දව තමයි, මොකද ශාමා කියන්නේ මම දන්න කාලෙ ඉදන් රථ ගාය තිබුනු ඩෑල් එකක්, ජර්මන් ටෙක් එකෙනුත් මැකැනිකල් සීන් ඉහෙන ගත්ත පොරක්.. අපි වගේ ගොඩ වෙදකම් නෙමේ කරන්නෙ ඌ.. කටුබැද්දෙ ගෙදරම පොඩියට ගැරේජ් එකකුත් කරන් යනවා!  හැබැයි මගේ තියරිය අනූව පොඩි ලොකු කියලා නෑ බිස්නස් එක තමන්ගෙනම් තමන් තමයි බොස්..තනි තීරන. !

කොහොම හරි ශාමා කියන විදිහට මම කාර් එක පැදගෙන ගියාට පුරුද්දට යනවා මිසක් සිහියකින් යන්නේ නෑ , හයි වේ එකෙත් මැප් එක දාගෙන එයාර්පෝර්ට් යන එකෙක් කලාතුරකින් බන් හම්බවෙන්නේ කියල තමයි ඌ කියන්නේ.  මට නම් ඒකෙ ලොකු වෙනසක් නෑ මම වැඩි හරියක්ම මැප් එක දාගෙන යන්නේ එකේ අක්කා හැරෙන තැනට කලින් කෑ ගහන නිසා ඉතින් කෝල් එකක හිටියත් ඔටෝමැටිකලි වාහනේ අදාල ලේන් එකට හැරවෙනවා. කොහොම හරි මම ඕවා පැහැදිලි කරන්න ගියෙ නෑ..එයාර්පෝර්ට් එකෙත් ඊතල බලාගෙන ගිහින් අරයිවල් එක වෙනුවට ඩිපාචර් එකන් ගිහින් ආයෙත් යූ ටර්න් එකක් අරගෙන පාරෙ දකුනු පැත්තෙන් එනකොට ආයේ ශාමා කෑ ගහනවා..ඕයි ඕයි ඕක වන් වේ නෙමේ වමෙන් පල කියලා..කොහොම හරි ඒ වෙලාවෙ ඒ ලේන් එකේ වහන ආවෙ නම් නෑ..කොහොමෙන් කොහොම හරි අරයිවල් එකේ ඉන්නකොට අපිට පේනවා බොම්බයිමුටයි කොන්ඩයක්, ශාම දුර තියා කිව්වා අර එන්නේ බුලට් එක තමයි..අඩෝ සංසාර පුරුදු කියන්නේ කට පුරා ඌ මගෙ එකා කියන්න පුලුවන් මොකද ඌ කස්ටම්ස් ක්ලියරන්ස් කරලා බෑගෙජ් කලෙක්ට් කරන තැන ඉදන් අරයිවල් ගේට් එක ගාවට ගූහල් මැප් එක දාගෙන ඉදලා තියෙනේ.. ඒ මදිවට ඩුබායි සිම් එකක් තියගෙන අයි ඩි ඩී දගෙන නැතුව අපි දෙන්නටම කෝල් ගහලා.. එක අතකට ඌ මගේ බුදු බ්‍රැකට් එකක් වුනු එක පුදුමයක් නෑ. කොහොමහරි බඩු ටිකත් පටෝගෙන එන ගමනෙදි ශාමා මගේ වීරක්‍රියා ගැන කියන්න අමතක කලේ නෑ!

මොනා වුනත් ඌ ලංකාවට පය ගහපු එක නම් සතුටුයි වෙ වගේම මම කිව්ව අපි දෙන්නාගේ ට්‍රැක් ගතිය එක වගේ පෙනුනට මම ටිකක් වෙනස් කියලා. මොකද මගේ ට්‍රැක් එකේ අවසානය මම දන්නවා කියන හේතුව මතයි.

සමහර දේවල් හරි සංකීර්ණයි වගේම වෙලාවකට මාර සරලයි! 

හැමදාම වගේ අපි දකින විදිහෙ අවුලක් තියෙනවා ඇති. අපි කෙසේ වෙතත් මම.. අතරමඟ කැලේ වැවුනු බීච් එකක් අයිනෙ පොල් ගස් ටිකක් යට පරණ වෙන්න අත් ඇරලා දාපු වැඩක් ගන්න බැරි ටොලර් බෝට්ටුවක් තිබුනම, මට් ආසයි ඒකෙ ෆොටෝ එකක් ගන්න.. ඒත් ශාමාට අනූව මම ඒ බලන කලාබර ඈන්ගල් එක උන්ට ෆෝකස් වෙන්නේ නැත! උන්ගේ මනසට ඕන ෆොටෝ එක ඇපල් ගෝන් එකකකින් විවිඩ් කලර් ෆිල්ටර් දමා ලබාගන්නා ලද ජායා රූපයි . එහිද අමුතු කිචියක් තිබෙන නමුත් අර දිරල ගිය බෝට්ටුවෙ තියෙන මූසල ගතිය තරම් හිතට නොවදින බව උන් පිලි ගන්නේ නැත.

හරිම ලස්සන මුහුදු වෙරලක් කියලා ගිනි අව්වේ කරෝල වෙන්න මේකට තියෙන ආසාවක්! කොහෙද ඉතින් ඩුබායි වල පනස් ගානකට රස්නෙයිලු..එහෙම එකේ ලන්කාවෙ තිස් තුන කෝටියෙන් සම්පතක්.. මේ ක ලියන්කොටත් සනැප් එකේ ෆොටෝ එවන උට දෙයියන්ගේම පිහිටයි .

දිමියා කියන විදිහට අපේ ජීව්ත වල සමහර දේවල් කෝච්චියක දෙපැත්තේ තියෙන රෝදයි පීලි වගේ ..වමේ රෝද දකුනු පීල්ල අදුරන්නේ නෑ.. ඒත් මම සමහර තැන්වල්දි දැකලා තියෙනවා කෝච්චි ආපහු හරවන තැන්..අඩේ එතකොට යනකොට වමේ ගිය රෝද එනකොට දකුනෙ තියෙන් රේල් පීල්ල උඩ එන්නේ.. හැබයි දෙපැත්තට එන්ජින් දෙකක් තියෙන කෝච්චි වලට මේක අධාල නෑ.. උන් එන්නේ රිවර්ස් එකට..මොන මගුල හරි කලාතුරකින් ඒ වගේ කොච්චිත් වමේ රෝදේ දකුනේ රේල් පාර උඩ යනවා.. හිතන්න එපා එහෙම වෙනවා..

ඇයි හත් වලාමේ පිලී පැන්නම..මම හිතන්නේ ට්‍රැක් එක පැනලා කියලා මිනිස්සුන්ව රෙජිස්ටර් කරන්නේ ඔන්න ඔය සිද්ධාන්තය පදනම් කරගෙන. 

සමහර විට දිමියාට හිතෙන්නත් ඇති මේ වගේ එකෙක් යාලුවෙක් කරගෙන උගේ ට්‍රැක් එක අසීමිතව පන්නා ගන්නවාට වඩා සීමිතව සීමිතව ඒකා කාරිව දුවන කෝච්චිය  වැදගත් කියලා. දීපු ටොෆි චොක්ලට් ටිකට කෙලලා දාලා උශ්නෙට පශ්චාත් භාගයේ ගෙඩි එනකොට සෝමාලියන් කාරයො පාන් කනවා වගේ චොක්ල්ට් කාපු මගේ වරද හන්ගගෙන මම නිතරම ඌට් තම්‍යි ඇඟිල්ල දික් කරන්නේ ..තෝ චොකල්ට් දුන්නේ නැත්නම් මම කන්නේ නෑ නේ! ඒ නිසා නිසා මේකට උඹ වග කියන්න ඕන!

කොහොම කොහොම හරි දිමියාට නැති මටයි ශාමාටයි තියෙන වත්කම් මොනවද කියලා ඇහුවේ අපි ආපහු එන අතරේ.. "පුප" කියලා කියන්න හැදුවත් අපි තුන්දෙනාම භහිශ්ශ්‍රාවය කරන එක පොදු කුලකය යටතේ දැම්මම ඒක එහෙම කරන්න බෑ කියලා මතක් උනා! 

කියවන උඹ ශිත ඎතුවේ පස්සෙ පැත්තේ අර්ශස් වගේ ඇබයක් ගහගෙන හයිබ්‍රනේට් කරන වලහෙක් ,එහෙමත් නැත්නම් කොලපාට කොට පිටසක්වලයෙක් හරි සොම්බියෙක් නොවුනොත් උඹත් මේ ගනේට අයිතියි

අහ් මේ ඉන්නේ මායි, දිමියා නොහොත් දිමිච්චි ඉවානොච්චි මදන්මොච්චි සහ සහශ්‍රයේ පෙම්වතා ශාමා..



එව... බලව..කියවමින් යටට පල


යුරේකා! යුරේකා!

කව්ද භල්ලෝ යුරේකා? ඒ පාර මොන කොහෙන් කඩා පාත්වුනු ගෑනියෙක්ද ඒ..දිමියා ඇහුවේ ඌ ආකිමිඩිස් ගේ කතාව එහෙම් පිටින්ම් අමතක කරලා තිබුනා වගේ..පවි ඌ කොන්ඩේ හත් අට වතාවක් බොම්බයි මුටයි පාටින් ඩයි කරනකොට මොලේටත් අර කෘතීම දේවල් ලික් වෙලා තියෙනවා, මොක්ද මට මතකයි මම දෙතු වතාවක්ම මුගේ අම්බලන්ගොඩ නගරය මුල් කරගෙන වැඩුනු අං තට්ටුව කැපුවා..සමහරක් විට මන්දමානිසික මුගේ කැසබු ඔලුවෙන් ඒ අං ගලවන අවස්තාවක මොලේට සියුම් කම්පනයක් වෙලා ඇති! පවු මගේ එකා!

මම ඉතින් උගේ ඒ කොස් ඇටයක් තරම් කියුට් මොලේට පොල් ගෙඩියක් තරම් තියරි ඔබන්න ගියෙ නෑ නිතරම..මොකද මූ හැමදේටම තියරි යොදා ගන්න ඉඩ තියෙනවා.. මම ඉතින් කිව්වා නෑ යුරේකා කිව්වේ ආකිමිඩිස් දෙයක් හොයාගත්තාම පාරේ කෑ ගහගෙන ගිය දෙයක් ඒක ග්‍රීක් වචනයක්. ඇත්තටම ආකිමිඩිස් අයියා එවෙලාවෙ හොයාගත්තේ පරිමාව සම්බන්ද දෙයක්, රත්තරන් බර සම්බන්ද ගැටලුවක් වතුර මගින් විසදන්න පුලුවන් කියලා.

ඇයි උඹට මතක නැද්ද අපේ මොනවහරි පොතක තිබුනා ..මට මතක විදිහට සිංහල පොතක අපේ නැත්නම් අපිට වඩා අවුරුදු දෙකක් උඩ පන්තියේ අට වසරෙ පොතක. 

ශාමා මේ බලහන්කෝ මූ..මට මේ ඊයෙ රෑට කෑවද කියල මතක නෑ මූ මේ ඈත අතිතයේ මගුලක් ගැන් කතා කරනවා මටතිබ්බ සබ්ජ්ක්ට්වත් මතක නෑ..

දිමියා පිටිපස්සෙ ශීටි එකට වෙලා ඔන්ලයින් බයික් එකක් හදාගන්න ආකාරය කාට හරි පැහැදිලි කරන ගමන් හිටිය ශාමා දිහා බලලා ආයෙත් මගේ දිහා බැලුවේ..යකෝ ඒකෙයි මේකයි අදාලත්වය මොකක්ද!අහන්න කෙනෙක් නෑ වගේ.

අදාලත්වය ආකිමිඩිස්  දුවන් ගියේ අමු හෙලුවෙන්. ඒ කාලේ ආකිමිඩිස්   පාරෙ දුවන් යනකොට මිනිහා පද්ද පද්ද දුවන්නැති කෝටි දෙකක් වටින ඇට දෙක.. තොට නැති අපිට ඇති .ගොඩක් වෙලා වාහනේ එලවගෙන ආ නිසා හිරි වැටී ඇති අපේ වත්කම..


ටාටා...

කවී..











24 දිමී ගේ බර්ත්ඩේ එක

27 කවී නන්ංගිගේ බර්ත්ඩේ එක, 

Thursday, August 28, 2025

කෝ ඒ තරු ගොන්න!


තවත් දවසක මටත් නැති අදුරක

නැවතිලා මගෙ හිත තව

සොයයි නුඹෙ නෙත් දෙක

කියන්නට නොහැකිව . 

බලන් හිදි කාලය

ගෙවුනු හැටි පුදුමය


එකම එක දවසක මතකයක්

අදින් අවුරුදු දහයක

ඇවිත් හිත පාරගෙන

කිව්වා මතකයි..

දුන් බවක්,

නුඹත් නුඹෙ අයිතිය !


තවම නොතේරෙන හැඟුමක්

හදනවා හදවතින් එලියට එන්න

ඒ මොහොතෙම මම අහනවා

මගෙ හිතින් දුක වැඩි වෙන්න

ඇයි බැරි වුනේ මගෙ වෙන්න?

නෑ මමත් වැරදියි

මටයි බැරි වුනේ නුඹ මගේ 

සද කරගන්න..


අඩමාන හිත දුර කවියකින් මැන්න

කවියෙක්ගේ අහසක් තමන්ගේ කරගෙන

හැමදාම පායන්න.. කවි මුමුනන්න..සිපගන්න..


දන්නවද දුරුතු පෝයත් ඉදන් උදුවප් වෙන්න

මට දැනෙන්නේ පුර සදත් අමාවක මෙන්න

දකින්නට නෑ සදක් හෝ ඒ තරු ගොන්න..

නුඹට මටවත් මට නුඹටවත් බෑ අදරේ සඟවාගන්න..


.කවියා.




Thursday, May 16, 2024

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

මාර්තු 5 වෙනිදා!

 වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරගෙන ඉන්නේ, එයාලට අවශ්‍ය වන දේ මොනවද කියන එක පිළිබදව දැන් මගේ ඔලුවේ යම් අදහසක් පැල පදියම් වෙලා තියෙනවා. ඉස්සර ඔෆිස් එකේ හිටිය හැමෝටම විහිළු කරන හැමෝටම ආදරෙන් සලකන චරිතය වෙනුවට දැන් ඉන්නේ ඇල් මැරුණු චරිතයක්! මගේ ඉස්සරහට ඇවිත් වඩිග පටුන නටලා දහ අට සන්නියම පෙන්නුවත් මම බලන් හිටියට ඔලුවට ගන්නේ නෑ.

මම හුඟක් ආදරය කරපු මනුස්සයෙක්ගේ වචන ටිකක් මගේ හිතේ අස්සක හැමදාම උදේට රිපීට් වෙනවා!

මේ කවමදාවත් ඒ වගේ මනුස්සයෙක්ගෙන් බලාපොරොත්තු වුනු වචන නෙමෙයි ඒ නිසා මට අමතක කර ගන්න නම් බැරි වෙයි! 

මේ තියෙන්නේ ශේන්ට අහම්බෙන් අහගන්න ලැනුනු ඒ හිතේ හැමදාටම හුඉරගෙන යන්න කියපු වචන ටිකක්!

1.මම මට වැරදි කරන එවුන්ට සමාව දෙන්නේත් නෑ, මම වැරදි කරලා සමාව ඉල්ලනෙත් නෑ!

2. මම සුභ පතන්නේ ඇත්තටම හොදයි කියලා හිතෙන මිනිස්සුන්ට. එහෙම බැලුවම මේ වැඩ කරන තැන ගරු කරන්න පුලුවන් කවුරුත්ම නැහැ. 

3. හැමෝම උත්සහ කලේ තමන්ගේ පහත් ආශාවන් මගෙන් ඉශ්ට කර ගන්න විතරයි.

මේ සේරම බලලා මම හිතා ගත්තෙ තව දෙයක්.



කවි.


Sunday, March 24, 2024

ඉමන්දරා ළඟ පිපුනු යුකී මල්

 ශේන්ගේ ඩයිරියක පිටු කිහිපයක්!

හොදටම හෙම්බත් වෙලා ඉන්නකොට තව කෙනෙක්ගේ අසාවක් ඉශ්ට කරන්න හිත රිද්දන්න බැරි කමට තව කාගෙවත් වෙලා ඉන්න වෙලාවක, හිතට දැනුනු මිනිස්සු අමතක වෙන්න දෙන්නේ නැතිව ඉන්න හුස්ම ගන්න එක නුඹට පුදුමයක් නොවෙන්න පුලුවන්!

මිනිස්සු ඇත්තටම තවත් මනුස්සයෙක්ට ඇත්‍තටම ආදරේ කලේ නැත්නම්, සමහර තැන්වලදි මම අහගත්ත වචන අහගන්නෙ නැතුව ඉන්න තිබුනා! එත් මොනවා කරන්නද මම අමුතුම මනුස්සයෙක්, මම ආදරය කරන මනුස්සයෙක් වෙනුවෙන් මගේ ජිවිතයම අමතක කරන එකෙක්, මගෙ ගෞරවය , මගේ ප්‍රතිපත්ති එහෙම් පිටින්ම අමතකක කරලා දාලා අවූරුදු ගානකට පස්සේ නින්දා විදින්න වෙයි කියලා දැන දැනම මිනිස්සුවෙනුවෙන් හිටපු එකෙක්.

ඇත්තටම එක තැනකදි ඒ හැමෝම වැරදි නෑ, එයාලා බාරගන්නේ එයාලා විශ්වාස කරන දේ විතරමයි! මම කලේ මගේ විශ්වාසය නැතිවුණත් කමක් නෑ මම ආදරය කරන මිනිස්සු සතුට්න් ජීවත් වෙන්න ඕන කියන සිතුවිල්ල නිසා මාව උගස් කරලා මාවම බිල්ලට තියපු එක.



මම ආදරය කරපු මිනිස්සුන්ගේ වචන වලොන් කියනවා නම් මම..

පහත් අදහස් තියෙන මනුස්සයෙක්!

මගේ පහත් ආසාවල් තවත් කෙනෙක්ගෙන් සපුරගන්න හදපු එකෙක්!

පවුල් කඩන එකෙක්!

මිනිස්සුන්ගේ බෙලි ගාවින්ම කපලා දාන පහත් මිනිහෙක්!

මේ නිර්වචන මට නම් අහගන්න ලැබුනෙ මම ගොඩක් ආදරේ කරපු මනුස්සයෙක්ගෙන්ම තමයි. අඩන්න ඕන තැන්වලදි හිනා වෙලා ඉන්න තරමට මම පරිපූර්ණයි.

ඇත්තටම දැන් මේ ඉන්නේ මමද? නැත්නම් උඹ විසින් කඩලා බිඳලා දැමූ පසු අපහසුවෙන් ගොඩ නගාගත් ශේන්ද? සමහර විට මේ ඉන්නේ ඒ බාගෙට මැරුණු මනුස්සයා වෙන්නත පුලුවන්..

මම මෑතකදී හරිම අපුරු වචන ටිකක් හරි අපුරූ මනුස්සයෙක්ගෙන් අහගන්නවා!

අයියේ ඔයා නම් කිසිම දෙයක බරක් පතලක් හිතන්නේ නැති කෙනෙක් හරියට වගකීම් විරහිත මනුස්සයෙක් හැසිරෙනවා වගේ හැසිරෙනවා වෙලාවකට, සමහර දේවල් ගානක ගන්නේම නෑ! ඔයිය වඩා ටිකක් සීරියස් වෙලා ඔයා බෙහෙත් ටිකක් ගන්න නැත්නම් කැන්සර වලට වුනත් එන්න පුලුවන්!

මට ඒකට මොනවා හරි පණ්ඩිත වචනයක් කියන්න ඕන වුනත් එහෙම කරන්න බැරි වුනා.. හේතුව ඒක මට හිතුන විදිහට හිත පතුලෙන්ම ආපු දෙයක් වගේ දැනුනු නිසා වෙන්න ඇති.

සමහර වෙලාවට ජීවිතේට හිතන්නෙත් නැති මිනිස්සු අපිට ආදරේ කරන්න ගන්න පුළුවන් ,කිසිම විදිහකින් හිතාගන්න බැරි මිනිස්සු, ප්‍රතික්ශේප කරන්න හිතෙන ඒත් ප්‍රතික්ශේප කරන්න බැරි මිනිස්සු! රැවටීමකින් ආදරේ කරන්න ගන්න මිනිස්සු නෙමෙයි, අවංකම තත්වය දැකලා ආදරේ කරන්න ගත්ත මිනිස්සු..

කවුරුවත් නැති තැනක හොරෙන්ම අතේ එල්ලෙන්න, දැකපු ගමන් දුවගෙන ඇවිත් තදකරගෙන වැළද ගන්න බලන කෙනෙක්! මම කීප සැරයක්ම කිව්වත් මගේ තත්වය පැහැදිලි කරලා, මම නිසා නිකන් ජීවිතය නාස්ති කර ගන්න එපා කියලා, එයා අර කාටුන්වල ඉන්නවා වගේ ලස්සන කුමාරිකාවක් ඒ නිසා ලස්සන කෙනෙක් එක්ක ජීවිතේ ගෙනියන්න ඉස්සරහට කියලා. ඒත් ඒ හැමදේම අහගෙන දරාගෙන නෑ මම ඔයාට ආදරෙයි කියලාකියන්න තරම් අමුතු ලස්සන හිතක්.. ඒත් ඉස්සර වගේමයි මම ආස නෑ ලස්සනම මලක් කඩාගෙන මගේ මේසේ කෙලවරේ තියෙන පෙන් හෝල්ඩර් එකේ දාගෙන පරවෙලා යන හැටි බලාගෙන ඉන්න. මට ඕන හොද තැනක ඒ මල ලස්සනට පිපෙන හැටි බලාගෙන ඉන්න. ඔයා වගේ ගොඩක් පුන්චි මලක් කොහොමද මම වගේ කිසිම සීමාවක් නැති දරදඩු අවිනිශ්චිත සුළඟක් දරා ගන්නේ! ඒත් නිරායාසයෙන්ම මම ඒ මල ළඟදි මගේ වේගය අඩු කර ගන්නවා.

මම ඒ මලට නමක් තිබ්බා! මම තිබ්බා ඒ මලට "යුකී" කියලා. 

ඒ මල මගෙන් ඇහුවා ඇයි මෙච්චර නම් තියෙද්දි යුකී කියලාම කතා කරන්නේ කියලා..

හේතුව තමයි මට කලින් ආදරය දැනෙන්න දුන්නු, මට ආදරය වෙනුවටපස්සෙ වෛර කරන්න ගත්ත දැනටම මම ආදරය කරන මනුස්සයෙක්ගේ නම ඒක නිසා. ඒ ආදරණීය මනුස්සයා කියපු විදිහට යුකී කියන්නේ ජපන් භාශාවෙන් හිම වලට, හිම සීතලයි සුදුයි, එයාගෙ හිතත් ඒ වගේමයි සුදුයි, ඒත් එපා කියද්දි එයා තද අව්ව තියෙන තැනක් හොයාගෙන නවතින්න හැදුවා, මම පැහැදිලි කලත් හුළඟ විදිහට ඇත්ත පැහැදිලි කලත් මේ රැවටීමක් උබේ ලස්සන හිම දියවෙයි කියලා පිළි ගත්තේම නෑ අන්තිමට හිම දියවෙලා තැන් තැන්වල කඩොතොලු වුනු තුවාල වුනු ඒ කෙනාව මුලු ලෝකෙටම නිරාවරණය වෙනකන්ම ඒ වගේම ඒ හිම කන්දෙ ලස්සන අගය කරපු මාව යට කරගන යන තරම් බරට නාය ගියා ඒ මනුස්සයා. ඒත් මොනවා කරන්නද මම හුළඟක් මම හැදෙයක්ම දරා ගන්නවා, අන්තිමේ හිම කන්ද මට අභියෝග කලා චෝදනා කලා  මා නැමැති කාලකනි පහත් ආශාවන් තියෙන සුළඟ තමයි එයාගෙ හිම දිය කලේ කියලා.

මොනවා කරන්නද හැමදේම දරාගෙන සිටිය යුතුයි, ඒ තමා සුළගේ නීතිය..මාරුතය වගේම චණ්ඩ මාරුතයක් වෙන්න ඕන.

කොහොම හරි ඒ කෙනාව තව කෙනෙක් ගෙන් දකින්න ඕන නිසා මම යුකී කියලා නම දැම්මා, හේතුව මම ඒ හිම කන්දට ආදරේ කරපු තරම දන්නේ මම විතරමයි.

යුකී සමහර වෙලාවට මට කියනවා! මට ඔයාව බලන්න ඕන ගෙදර එන්න කියලා! ඒත් ඒ වෙලාවට මම එන්න බැරි වෙන හේතුවවට වඩා මම කියන්නේ එහෙම වෙන්න හේතුව වගේම මගේ අතීතය හා වර්තමානය.

එක තැනකදි මම මගේ එක්ක වැඩ කරන තවත් අහිංසක මනුස්සයෙක්ට හිතරිදෙන  විදිහට කතාකරලා කිව්වම මම බනින්න ඕන තැන්වල තරහා ආපු තැන්වල ඉස්සරනම් පෙන්වනවා ඒත් දැන් මගෙන් කිසිම හැඟීමක් ප්‍රකාශනයක් මූනෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලා, මොකද අර හිම කන්දට යට වුනු මම මගේ ගොඩක් දේවල් වෙනස් කර ගත්තා.

ඒ කියන්නේ  ඔයා පරිණත වෙලා.. ඒ වගේම  මම ඔයාව දකින්නේ නිතරම වෙනස් වෙන කෙනෙක් විදිහට, හරියට අහස වගේ, මේ හොදට කතා කරන කෙනා නෙමේ ඊලඟ මොහොතේ ඉන්නේ. ඔයාව වින්ශ්චය කරන්න අමාරුයි.

වෙන්න ඇති මම කැඩිලා අලවගත්ත වීදුරුවක්! එහෙන් මෙහෙන් ඉරිතලලා ගියපු පාරවල් පෙනේවි උඹ උඹව බලනවනම්.. ඒත් මට සතුටුයි හදිස්සියකට හරි කෙනෙම් මේ බිදුනු කණ්ණාඩියෙන් මූන බලාගෙන යනකොට. මම වැඩියෙන්ම කැමති ඒ හිනාවක් මවාගන්න උත්සහා කරන මිනිස්සුන්ට. 


......

එක දවසක දේවල් ලියන්න ඩයිරියේ පිටු ගොඩක් ගන්න එකම මනුස්සයා ශේන් වෙන්න පුලුවන්..ආයෙ දවසක ආයෙත් උපුටා ගත්ත පිටු කීපයක් එක්ක හම්බවෙමු

.කවියා.


Wednesday, November 8, 2023

සෙව් බණ්ඩා ගේ ලේකම් ස්ටේශන් එක හා වෙඩී ගේ එස් එල් ටී වලේ කිමිදිම

උදේ ආවහම ඉදලා ඉදලා හවස හතරයි හතලිස් පහ වෙනකොට  නන්නපෝල් වෙන්නම වහින්න ගන්නේ ෆුල් මාවලස් ලයිෆ් එකක් අපිට උරුම කරමින්.

අපි කොහොම කිව්වත් වෙඩී නම් ආස මඩ තල තල පාර දිගේ මනෝ පාරක් දාගෙන පැද්දි පැද්දි සිග් සැග් විදිහට ඇවිදගෙන යන්න.

වෙනද පහයි හතලිස්පහ වෙනකොට ගෙදරට එන්ටර් වෙන වෙඩීට පවා ඊයේ මේ වරුසාව නිසා සැප කනේ තියාගෙන කන සාක්කුවෙ දාගෙන ඇවිදින්න වෙලා තිබුනා පයින්ම් කොටුවට.

ඒකත් කමක් නෑ කියමු සෙව් බණ්ඩාවා මහ ලේකම් ස්ටේශන් එක ගාවට දාන්න ගිහින් මටත් හෙන වටයක් දාගෙන තමයි එන්න වුනේ.. කෝමත් යන්න හිටියට මහ වැස්සේ ඒ පැත්තට යන්න වුනු එක නම් වෙනම ආතල් එකක්. හොදම දේ කියන්නේ සෙව් බන්ඩා දුවගෙන ගීහින් ට්‍රේන් එකට නැගලා යනකොට කෝල් කරලා අහනකොටත් මම එතනමයි. අහෝ සංසාරේ මේක හෙන ආතක් ජීවිතයක්.. එහෙම්ම ආයෙත් ඔෆිස් එකට ඇවිත් කට්ටියට කෝල් කරලා ගෙවල් වල ගියාද කියලා ටිකක බැලුවා මොක්ද අකුණුත් ගහනවා ගස් කඩන් වැටෙනවා වගේ සීන් කෝන් නිසා.. මම නම් ඇත්තටම හිතුවේ වෙඩී තඩී ටයිඩ් ස්කර්ට් එකක් ඔතාගෙන ඇවිත් හිටපු නිසා මඩ වලකින් පැන ගන්න කකුල් ඈත් කරගන්න බැරුව මඩ වලක පීන පීන ඉන්නවද දන්නේ නෑ කියලා. මට ඒ ගැන සාදාරණ බයක් තිබ්බ නිසා සෙව්බන්ඩ ඉන්න තැනත් කිව්වා අපිට මේකව ටෙලිෆෝන් වයර් අදින වලකින් ගොඩ ගන්න වෙයිද දන්නේ නෑ කියලා..

අපි කෝමත් අහලා කනෆර්ම් කරගත්තා ස්ව්මිං සූට් එකක් ඇදල නේද ඉන්නේ කියලා. මොකද හදිස්සියේ වැටුනොත් කාට හරි උස්සලා ගන්න වෙන්නේ කකුල් දෙකෙන් නිසා .. මේ නා කපන් වැස්සේ පිරිත් නූල් හොයන එකත් ලේසි නෑ නේ.. අවදානමට පෙර සූදානම කියන්නේ ඒකට. 

කෝම හරි කෝල් ටික අරගෙන කට්ටියගෙ ස්ටේටස් චෙක් කරලා ශේප් එකේ ගියේ බොරුපන පැත්තට මගේ යාලුවෙක්ගේ අයියෙක්ගේ බබාව බලන්න.

හෙනම සීන් එක කියන්නේ අයියට බබලා තුනයි..එකෙක් තුන වසරේ, අනිකට දැන් අවුරුදු තුනත් පහු වෙලා හැබැයි එන මගෝඩිස් චරිතයක්!

මම යනකොට තුන වසරෙ එකා ගේ පිටි පස්සෙ ගේ හදන්න ගෙනාපු සැටලින් අස්සේ අත දාන්න ගීහින් මීයෙක්ට කියලා කවාගෙන. කෝම හරි මිනිහාව උස්සන් ගිහින් බෙහෙතුත් විදගෙන ඇවිත්.. කැවෙ මීයෙක් වුනාට සීන් එක හරියට ඩයිනෝසර් කෙනෙක් මෙකගේ ඇඟිල්ලක්ම කඩාගෙන ගිය සීන් එක. අහල පහල ගෙවල් වල්ටත් ගිහින් ඇඟිල්ල පෙන්නලා සීන් එක කියවනවලු. කොහොම හරි මම ගිය ගමනුත් මාමේ මාර වැඩේ කියලා හෙන විස්තරයක් ඇද බානව, මේකත් එක්ක කතා කරන ගමන් මම බැලුවම අර අවුරුදු තුනේ පොඩි එකත් ඇඟිල්ල වටේ තඩි ප්ලාස්ටර් එකක් ඔතාගෙන ඒ ඇඟිල්ල දික් කරගෙන අතත් උස්සගෙන වාඩි වෙලා ඉන්නවා?

ඒ මේ අක්කේ මොකෝ අරකට වෙලා තියෙන්නේ කිහිල්ලෙ ගෙඩියක්ද? මගේ වාචාල කට නිකන්ම ඕපන් වුනා..

අහ් නෑ මල්ලි අයියගෙ ඇඟිල්ල තුවලා වෙලා හැමෝම අහන් නිසා මිනිහත් ඔය පෙන්න උස්සගෙන ඉන්නේ මිනිහගෙ ඇඟිල්ලටත් හෙන සීන් එකක් වෙලා.

අහ්..මේක පොඩි ජෙලක් අවදානය අයිය ගාවට ගිය නිසා කොල්ලා මේ ඉන්නේ. මම ඉතින් වෙදා නිසා කතා කලා ..ඒ චූටි පුතා මොක්ද වුනේ ඇඟිල්ලට?

එහෙම අහපු ගමන් මිනිහගෙ මූණ එළි වුනා හරියට මරදානෙ පාලම යටට වොට් 500 ක ෆ්ලෑශ් ලයිට් එකක් දැම්මා වගේ. මිනිහ ඉතින් මිනිහගෙ කතාව කිව්වා..සීන් එකේ විදිහට නම් තව ටිකකින් ගිනි නිවන හමුදාවත් ගෙන්වන්න වෙන සීන් එක්ක වෙලා තිබුනේ, මිනිහගෙ ඇඟිල්ලක් පුච්චගෙන!

මම හිතුවෙ මේකගෙ තිබුන් ගායෙ හැටියට ගෑස් ලිපටවත් ඇඟිල්ලක් ඔබලද කියල.. නෑ නේ බැලුවම ඉටි පන්දමක් ඉටි කිරි ටිකක් උනුවෙන් ඇඟිල්ලට වැටිලා.. කොහොම හරි මිනිහගෙ තියරියට අනූව ඩයිනෝසර් ඇඟිල්ල හැපුවට වඩා  ෆුල් සීරියස් කේස් එකක් මේක. මිනිහත් අයියව බලන්න එන අයට කතාව කිව්වට ගනන් අරගෙන තිබුනෙ නෑ. ඒත් අපේ ඔෆිස් එකේ ඉදලම අපේ උන්ගේ සිඟිති ආතල් බලලම දැන් මට මේවා හොදට පුරුදු නිසා , අහ්නේ ඇත්තද , අයියෝ එහෙමද ගගා මිනිහව දිරිමත් කලා..

 කෝම නමුත් කියන්න ඕන් වෙඩී නංගි ඊයෙ වැස්සෙ නාගෙන ගිය නිසාද මන්දා අද ටිකක් සුදු වෙලා වගේ සීන් එකක් තියෙන්නේ..මම හිතන්නේ වැස්සට හේදිලා යන්න ඇති ..

අහ් කේදයකි ඉරකි තිතකි,,දන්නවද වෙඩීගේ බහිස්ස්‍රාවිය පද්දතියේ කොම්පැනි ෆෝල්ට් එකක් තියෙනවා! රටකජු සහ චොකලට් එකට යන්නේ නෑ ලු.. ඒක හෙනම සීන් එකක් මම නම් කිව්වෙම මමමොනව සැරින් සැරේට කෑවත් යනකොට සේරම එකට යනවා..සලාද කොල කාපු දවසට හරිම සුමදුවට වේදනා රහිතව ඒ හැඟීම විදගන්නවා කියලා.

කෝම හරි වෙඩීගෙන් අපිට ඉගෙන ගනන් ගොඩක්දේවල් තියෙනවා..හරියට ඔරිගාමි බල්ලෙක් කොල වලින් හදන් විදිහ වගේම ඌට ඇඟක් හදන විදිහ වගේ දේවල්.. වෙලාවකට මොන්ටිසෝරි නොගිය එක ගැන දුකකුත් දැනෙනවා..

ෆ්‍රොගෙට් මී නොට් පොතේ අන්තිම පිටුව කඩලා බෝට්ටුවක් හදන්න තියෙන්නෙ කියලත් කියල් දුන්නේ වෙඩී නංගිම තම්යි..

අද වැස්සොත් කන්න දෙයක් බලන්න් ඕන.. ගංගාරාමෙ ට්‍රැෆික් එකට අහු වෙනවට වඩා අක්කගෙ කඩේට වෙලා එලවලු රොටියක් ගිලින් එක සැපයි ට්‍රැෆික් එක බෝට්ටු වෙනකන්..

ආයෙ එන්නම් හෙට ..

 

 

ඉමන්දරා තාම ඉන්නවා හැබැයි ශේන් නැති වෙන ගමන් ඉන්නේ..

 ගුඩ් මෝනින්! කවී අයියේ නැගිටිනවා! තමුසෙ දන්නවද කවී අයියේ අර වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි වගේ මමත් තීරණයක් ගත්තා.

නිදා ගන්න දීපන් හෙන අමාරුවෙන් දඟලලා දඟලලා නිදා ගත්තම උදේ පාන්දර උඹ මොකක්ද මේ කරන්නේ? 

මම හිතුවා කවී අයියේ උඹ හරි ඉදිවි කියලා මගේ දේවල් කතා කරන්න..

ඒක හරි ශේන් ඒත් මේ උදේ පාන්දර?

ඔව් කවී බ්‍රෝ.. ඔයාට මොකද හිතෙන්නේ අර ස්කූල් ටීචර් ගැන? 

කවුද අර ගර්ල්ස් ස්කූල් එකේ ටීචර් ද? 

ඔව් අයියේ!

වරදක් කියන්න තරම් දෙයක් පෙන්නෙ නෑ.. දවසක් දෙකක් දැක්කා වුනාට අවුරුදු ගානක ඉදන් දන්නවා වගේ දේවල් බෙදා ගන්නේ! වෙලාවකට දෙකයි පනහෙ වැඩ කරන පිරිමින්ට වඩා ඒ ළමයා හොදයි!

කවී අයියේ ඔයා දන්නවද ? මට සමහර දවස්වලට උදේට කෑම එකයි දවල්ට කෑම එකයි එයාම හදලා දෙනවා. අම්මා උයන්නේ නැති දවසට! එහෙමත් නැත්නම් එයාලගෙ බෝඩිමට කෑම දාන ඇන්ටිට කියලා හරි බත් එකක් වැඩිපුර ගෙන්නගෙන ඒක මට දෙනවා. කන්න නම් අමාරුයි අයියේ සමහර වෙලාවට උගුරෙන් පහලට යන්නේ නෑ . බඩ ගින්නක් එන්නේත් නෑ..කෑම එපා කිව්වම අහන්නේ නෑ..

එතකොට ශේන් ඔයාට දැන් නොකා ජීවත් වෙන්න පුලුවන්ද?

මම උත්සහා කරනවා කවී අයියේ! මේවා මම මටම කර ගත්ත වැරදි! දන්නවද මට තිබුනා මුලදිම කියන්න..ඒත් නිමාෂා මොකද කලේ මාව අවුල් කලා කෝල් රෙකොර්ඩ් වගේම අනිත් ෆොටෝස් එවලා. එයා පොරොන්දු වුනා ඉමන්දරාට ඇත්ත පෙන්නල දෙනවා කියලා.. අන්තිමට මොකක්ද කලේ මගෙන් මහ කැත විදිහට පළි ගත්තා. හැම දෙයක්ම අවුල් කරල මාවත් අවුල් කරලා අන්තිම මොහොතෙ මාව තව අවුල් කර කර ඉස්සරහට දැම්මා.

ශේන් ඉමන්දරා නැහැ! ඒක තේරුම් ගන්න බලපන්!

කවී අයියේ ඉමදරා ඉන්නවා! ඒත් මම නැහැ! දන්නවද නිමාශා දැන් මම දන්න හැම තැනටම ඊ මේල් එවනවා වට්සැප් මැසේජ් දානවා නැත්නම් ඉස්සර මගේ හිස්ට්‍රි එකේ තිබුන ඔන්ලයින් කාර්ට් වල තිබුන ඒවට පේමන්ට් දානවා.

ඒත් ඉතින් කොහොමද නිමාශාට ඔයාගෙ හිස්ට්‍රි එක ගියේ මල්ලි?

කවී අයියේ එකම එක පාරක් අපේ නෙට්වර්ක් එකට ලොග් වෙන්න ඕන දෙයක් හොයලා දෙන්න ඉමන්දරා ගැන කියලා මගෙන් රිමෝට් ඇක්සස් ඉල්ලුවා ලැප් එකට. මම හිතන්නේ එතනදි සජානි බැක් ඩෝර් එකක් ඉන්ස්ටෝල් කටලා තියෙනවා. මම කිව්ව නේ සමහර තැන්වලදි සමහර බොරු කාර මිනිස්සුන්ගේ ෆෝන් වලට බග් එකක් පවා ඉන්ස්ටෝල් කරන්න කියන්න තරම් නිමාශා මගේ ඔලුව හෝදලා තිබුනෙ. ඒ හැම වෙලාවකම කිව්වේ ඒ හැමදේම කරන්නෙ ඉමන්දරාවා බේරගන්න ඇත්ත පෙන්වන්න කියලා. එතකන් මේ ගැන වචනයක් වත් කතා කරන්න එපා කිව්වා.

එතකොට ශේන් ඔය හැමදේම බෙදා ගන්න ඉමන්දරාට වඩා උඹට අර උඹව බල්ලෙක් වගේ අත් ඇරලා දාපු නිමාශාගෙ කතාව විශ්වාස කලා?

අයියේ හැමදේම ඉමන්දරා කිව්වා නම් එහෙම ප්‍රශ්නයක් නොවෙන්න තිබුනා. එක්කෝ උදව් කරන්න හරි එක්කෝ තේරුම් කරන්න හරි. ඒත් නිමාශා මට දේවල් පෙන්න පෙන්න කිව්වේ අන්ද වෙලා ඉන්න කෙනෙක්ට දේවල් පෙන්වලා වැඩක් නෑ. එක පාරක් වැරැද්ද තේරුම් කරලා අයින් කරන්න හැදුවම ආයෙත් යනවනම්.. ශේන් ඉමන්දරා කොහොමත් ඔයාව විශ්වාස කරන්නේ නෑ කියලා. ඉතින් ශාක්ශි එක්ක කතා කරන නිමාශාව විශ්වාස කරනවා ඇරෙන්න වෙන ඔප්ශන් එකක් තිබුනේ නෑ. මට.

ඒත් සේර්ම ප්‍රශ්න් ඉවර වුනාට ප්ස්සේ උඹව ඉමන්දරා ඒ ළමයගේ ජීවිතෙන් අයින් කලාට පස්සෙ ඇයි උඹ මේ කතාව කියන්නේ..

කියන්නේ අයියේ මගේ හිතේ තියෙන මේ බර සැහැල්ලු කර ගන්න. මට පොඩි හරි නින්දක් ගන්න රෑ එලි වෙනකන් කල්ප්නා කර කර ඉන්නෙ නැතුව ඉමන්දරාවා මට නැති වුනා කියලා! 

නෑ ශේන් මල්ලි ආදරේ කරන්නේ ඇත්තටම නම් මිනිස්සු නැති වෙන්නේ නෑ.ඈතට වෙලා ඉස්සර වගේම ආදරේ කරන්න. අර ඉස්සරම හිටියා වගේ උඹත් ලෝගුව දා ගන්න. හැඟිම් පෙන්වන්න එපා. අනික උඹගෙ අර අසනීප සේරම දැන් හොදයි නේ රිපොර්ට් ටිකත් ක්ලියර් නේ.. අනිත් එක ශේන් මල්ලි ආයෙ කවදාවත් මිනිස්සු වැරදි කරනකොට ඒවා හදන්න යන්න එපා! මිනිස්සුන්ට වරදින්න දෙන්න මම ඉස්සරත් කියනවා කාගෙවත් ජීවිත අපිට අයිති නෑ මල්ලි. ඔයා අනුන්ගේ ජිවිත වල වගකීම ඔයාගෙ කර ගන්නවා අසීමාන්තිකව ආදරේ කරලා උඹට උඹව නැති කර ගන්නවා! 

හෙමින් හුස්මක් අරන් ඉදපන් මම ආයෙත් කෝල් එකක් දෙන්නම්!



කවී අයියේ සදා කාලය කියන්නේ මායාවක්! මම නුවර කාමරයක් ඇතුලේ හිරවෙලා ඉන්නකොට තමයි මට ඕක තේරුනේ.. ඒත් දැන් ෆ්‍රොගෙට් මී නොට් පොත කියවන්න ගත්තා.. ඒකේ පලවෙනි පිටුවවෙන් ඒක ලියලා තියෙන්නේ මට කියලා හිතුනා.. 

ඔයාටත් එහෙම හිතුනද අයියේ?

දන්නේ නෑ මල්ලී.. කියවන ඔයාලට එහෙම හිතුනද?


.කවියා.



Thursday, October 19, 2023

එතකොට ඉමන්දරා කොහෙද ඉන්නේ?

 ජීවිතේ ඔහේ ගෙවිල යන වෙලාවක මගේ ජිවිතේට ලැබුනු අස්වැසිල්ලක් තමයි ශේන්ට ඉමන්දරා කියන්නේ. ලස්සන කතාවක්නම් නෙමේ . මගේ නම  කවිදු ඒත් රෙජිස්ටර් කාඩ් එක කවී ..මගේ හොදම යාලුවෙක් ගේ අසනීපෙන් ඉන්න අක්කව බල්නන යන ගමන් යාලුව කියපු කතාවක්. යාලුවගේ නම ශේන්!

කවී අයියේ ඔයා දන්නවද මගේ ජීව්තේ හැමෝම මාව අරගෙන බෙල්ල ලඟට හිර කරද්දී , කිසිම වුවමනාවක් නැතුව මාව මේ තත්වෙට ගෙනාපු අම්මගෙ මම වගේම දුකක් හිතේ තද කරගෙන ඉන්න මල්ලිගෙ නම්බුව බේරගන්න ඕන නිසා මට පෝරුවකට නගින්න වුනා අකමැත්තෙන් වුනත් හිනා වෙලා. හරිම අහිංසක් පොඩි කෙල්ලෙක් වගේ මනමාලියක් නේද කියල හැමෝම කිව්වට ශෙනායා කියන්නේ ඩ්‍රාමා ක්වීන් කෙනෙක්.

අකමැත්තක් තිබුන නම් නවත්වන්න තිබුන නේද ශේන් ම්ල්ලි.. මම දන්නවා ශෙනායා නංගිව එයා වැඩි කතා බහ නැති අහිංසක කෙනෙක් නේ! ඔයා ඔහොම කියන එක වැරදී, කසාද බැදලා ඉන්නකොට පොඩි පොඩි බහින් බස් වීම් ඇති වෙනවා තමයි ඒවා ගනන් ගන්න එපා කියලා මම ශේන්ට කීව්වේ වැඩි ගානකට අරගෙන නෙමේ.

කවී අයියේ! ඔයත් අනිත් අයගෙ උත්තරේමයි දුන්නේ! ඔයාට මම ඔප්පු කලොත් මොකද කියන්නේ ශෙනායා කියන්නේ ඔයාල හිතනව වගේ මලක් නෙමේ කියලා.

ශේන් මල්ලි පිලිගන්න පුලුවන් ශාක්ෂි ලැබෙනකන් ඔයා කියන දේවල් නිකන් කතාවක් විතරයි. තව කෙනෙක් ගාවට දුවන්න ඕන කමට කියන. එහෙම කියපු ගමන් ශේන් වාහනය එක පාරටම පාර අයිනට කපලා එක තැන ගැහුවා බ්‍රේක් එකක්. ගහලා මම දිහා ටිකක් බලලා කිව්වා හරි මම ඔප්පු කරන්නම් කියලා මිනිහා කලේ ෆෝන් එක අරගෙන මොකක් හර් ඔන්ලයින් ඩ්‍රයිව් එකක තියෙන වට්සැප් එකේ තියෙන ස්ක්‍රීන් ශොට් බර ගානක් කියවපන් කියලා දීපු එක.

ඒ සේරම් ශෙනායා දාපුවා . ශේන් ස්ක්‍රීන් ශොට් ගහගෙන.. 

මම ඇහුවා කමක් නැද්ද මචං මෙවා කියෙව්වට මේවා ප්‍රයිවට් දේවල් නේද කියලා. ශේන් හිස් බැල්මක් දාලා කීව්වේ මගේ ප්‍රයිවට් කියලා දෙයක් නෑ වයිෆ් වත් ප්‍රයිවට් නෑ කියලා තෙරිලා ඉවරයි කියලා.

මම ඉතින් නිකමට තිබුනු පලවෙනි මැසේජ් ටික කියවන්න ගත්තා. බොහොම ආදරනීයව අමතලා බල්ලෙක්ට වගේ ගරු නාම දිලා මැසේජ් දාලා තිබුනේ. සමහර මැසේජ් කියවනකොට මට ඒසි කරල තියෙන වාහනේ ඇතුලේ දාඩිය දාන්න ගත්තා. තනිකරම ශේන්ව බ්ලැක් මේල් කරලා අවුරුදු ගානක් තිස්සේ . 2020 ඉදන්ම? බය නැතුව ඒවා දාලා තියන හැටි පුදුමයි. පලි ගන්න ඕනවට ශේන්ව කසාද බැදලා! එක් මැසේජ් එකක තිබ්බා "ශේන් තමුසෙගෙ ජිවිතේ මම අපායක් කරල පලි ගත්තේ නැත්නම් මම ශෙනායා නෙමේ. කොහොමත දවසක තමුසෙට අහන්න වෙන්නෙ මිනිස්සුන්ගෙන් මම වගේ අහිංසක ගෑනියෙක්ව අසරන කලේ තමුසේ කියලා" . 

ශේන් මල්ලි මේ මොකක්ද ඕයි මේ! හීනයක් වගේ නෙ බන්. විහිලුවක්ද මේක..කියලා මම ඇහුවේ ඇත්තටම මම ඔලුවෙ සමනල් ගැටය දාගෙන ඉන්න නිසා..

කවී අයියේ ඔයා හිතනවද මේ වගේ කතා තියෙනේනේ ටෙලි ඩ්‍රාමා වල විතරයි කියලා. නෑ ඇත්ත ලෝකෙත් තියෙනවා. 

හරි ඒත් ශේන් තමුසෙගෙන් මොකටද මේ පලි ගන්නේ? තමුසෙ මොනව කලාටද? 

කවි අයියේ.. මම හිතන්නේ එයා යන්න උත්සහ කරපු වෙලාවෙ මම එයාට යන්න දුන්නේ නෑ මම එයාව බලෙන් අල්ලගෙන හිටියා ආදරේ නිසා කියලා. ඒත් එයා කිසිම දවසක් කිව්වේ නෑ ඒ වෙන කෙනෙක් නිසා කියලා. මම හිතුවෙම මගේ වැරදි නිසා ඒ දවස්වල මාව දාලා යන්න හදනවා කියලා.

ඒත් ගෙදරිනුත් දැනගෙන ඉදලා තියෙනවා එයාට තව එෆෙයාර් එකක් කැම්පස් ඒකේ දක්ශිත් කියලා කෙනෙක් එක්ක තිබිලා තියනවා කියලා. මොකද මට පස්සෙ කාලෙක අක්කමයි කිව්වේ දවසක් කැම්පස් ගිහින් ආපු ඹාග් එක අස් කරන්න උදව් කරන්කොට බර්ත් කොන්ට්‍රෝල් ටැබ්ලට් කාඩ් එකක්ම තිබුනා කියලා.. 

පොඩ්ඩක් ඉදපන් ශේන් ඒ කියන්නේ ශෙනායගෙ අක්කද උඹේ අක්කද මට පැටලෙනවා නේ..

නෑ කවී අයියේ ශෙනායගේ අයියගේ වයිෆ්.සදලි අක්කා. එදා එයා ඒ ගැන ඇහුවම කියල තිබුනා හොස්ටල් එකෙ කෙල්ලෝ රැග් එකට වගේ බස් වල නෝන්ඩි කරවන්න ඔය වගේ දේවල් දානව සල්ලි අදිනකොට වැටෙන විදිහට කියලා. අක්කත් ඉතින් ඒක විශ්වාස කරලා තිබුනා මම මේ කියන්නේ කවී අයියේ 2020 විතර වුනු එක සිද්දියක්.

පොඩ්ඩක් ඉද්පන් ශේන් දැන් උඹ මේ බලන්න යනවා කිව්වේ සදා අක්කා.. ඒ උඹේම අක්කා නෙමේද? 

නෑ කවී අයියේ හබැයි මගේම අක්කා කෙනෙක් වගේ , බැදලා මාසයක් ගිය දවසේ ඉදන් උදේට දවට කෑම එක ඔෆිස් ගෙනියන්න ඔතලා දෙන්නෙ සදා අක්කා! අම්ම කෙනෙක් වගේ වෙලාවකට එයා මට..ඒත් ශෙනායගෙ අයියා ශෙනායට වඩා ලොකු වෙනසක් නෑ.. අයියගෙ දේවල් ඉවසගන්න බැරුව තමයි සදා අක්කා මෙහෙට වෙලා තනියම ඉන්නේ.

එහෙම කියලා ශේන් ආයෙත් ෆෝල්ඩර් එකේ පහලට ගිහින් වොයිස් රෙකෝඩ් වගයක් අහන්න දුන්නා මට.

ඒ හැම එකක්ම ශේන් ශෙනායා එක්ක ඩිවෝස් එක ගැන කතා කරන ඒවා.ශෙනායා ඒවා ගානකටවත් ගන්නේ නැතුව උත්තර දෙන ඒවා. සමහ්‍ර ඒවානම් අහන්න අවුල්. සමහර කතා වලින් තේරෙනවා ශේනායගේ අම්මලා ශෙනායා ගැන හොදටම දැනගෙන ශේන්ට බන්දලා දීලා තියෙනවා කියන එක.

ඒත් ශේන් උඹට මේවා ගැන අම්මට හරි , අයියට හරි කියන්න තිබුන නේ..

බැරි වුනා කවී අයියේ මට මාව නැති කරලා මට ආදරේ කරන මිනිස්සුවත් නැති කලා මාව ඈත් කරලා දැම්මා, එයාල හිතුවේ මම එයාලගෙන් ඈත් වෙන්නේ මගේ වුවමනාවකට කියලා එයාලා දැනගෙන හිටියෙ නෑ අනිත් හැමෝගෙම ජීවිත ලස්සනට තියන්න ඕන නිසා මම මගේ ජීව්තේ උකස් කලා කියලා.

දැන් කරන්න දෙයක් නෑ ශේන්.. එක්කො ඩිවෝස් එක ගනින්. නැත්නම් රට පලයන්.. බෑ කවී අයියේ ඒකත් වීසා ගන්න බැරි විදිහට පොලිස් එන්ට්‍රි වැටිලා ඉවරයි. 


ඒ මොනවටද?


තමන්ගේ බිරිදව මරන්න සැලසුම් කිරීම, මරණ තර්ජන කිරීම කියලා හිතා ගන්න කවී අයියේ!

ශේන් තමුසෙගෙ ඔලුව විකාර වීගෙන එනවද?


නෑ අයියේ මේ තියෙන්නේ ශෙනායම එවපු එන්ට්‍රි කොපි එක .. කියලා ශේන් මට පෙන්නුවේ තව ෆොටෝ එකක් නැත්නම් ෆොටෝ කොපියක ෆොටෝ එකක් පොලිස් පොතෙව් ලියවිලා තියෙන පැමිනිල්ලක.


දැන්  අවුල් වෙනවා ශේන් ..මට උඹව විශ්වාස නොකර බෑ දේවල් මගේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ. නිකන් උඹ කියපු වචන් විතරක්ම නම් අහක දාන්න තිබ්බා.. හරි දැන් මට කියපන් කවුද මේ ඉමන්දරා?

“ඉමන්දරා” හම් ඉමන්දරා ..ඉමන්දරා කියන්නේ මගේ ජිවිතේට අමතක වෙන්නේ නැති අමතක කරන්න බැරි මම ගොඩක් ආදරේ කරන කෙනෙක්. 


හරි එතකොට ඉමන්දරා කොහෙද ඉන්නේ?


අයියේ මම වැඩ කරන කම්පැනි එකේම බැක් ඔෆීස් කස්ටමර් සර්විස් සෙක්ශන් එකේ. හැබැයි මට එයාව පෙනුනට් දැනුනට එයාට මාව දැනෙන්නෙත් නෑ පේන්නෙත් නෑ.


අහ්.. ශේන් මල්ලි තව මට විස්තර ටිකක් කියන්න බලන්න..


කවී අයියේ මෙහෙමයි..කියලා ශේන් කතාව පටන් ගත්තට අපි ඒ වෙනකොටත් තණමල් විලට කිට්ටු වෙලා හිටිය නිසා කතාව වෙන වෙලාවක සම්පූර්ණ කරගන්න වෙයි කියලා හිතුනා.

අනිවාර්‍යයෙන්ම එන්නම් ඒක අහගෙන..


..........

අයේෂ් කවිදු 

මම උඹල හැමෝටම ආදරේ කරේ වැරදීමකින් වෙන්න ඇති!

ම්නිස්සුන්ට ඕන ඔන වෙලාවට එහෙම කරන් ඉඩ දෙනවද?

මතකද අයේෂ් අයියේ ඔයාට මම පණ වගේ ආදරේ කරපු ඉමන්දරාව?

ඔව් මතකයි මල්ලි..

උඹට මාව මතකද ශේන්ව?

ඇයි බන් එහෙම අහන්නේ? එහෙම අමතක කරන්නේ නෑ මම මිනිසුන්ව.. ඒකත් මට ආදරේ එවුන්ව..

නෑ කවී අයියේ උඹට මාව මතක නෑ දැන්.. ඉමන්දරාටත් මතක නෑ..

හරි ඉමන්දරාට මතක නෑ කියලා මට මතක නැති වෙන්න විදිහක් නෑ නේ නේද ?

කවී අයියේ ඔයා දවසක් කිව්වා මතකද මනුස්සයෙක්ට දෙයක් මතක තියෙන්නේ දවස් දහ හතරයි කියලා?

ඔව් මල්ලි මම කිව්වා තමයි..

ඒත් මිනිස්සු අන්තිමට ඒ ගැන මතක් කරපු මතකය තමා අලුතින් හිතන්නේ ඇත්තටම ඒ පරණ වෙච්ච සිදුවීම නෙමෙයි..අපේ අවසානයට ඒ සිදුවීම මතක කරපු දවස.

වෙන්න ඇති ඉස්සර හිටපු ඉමන්දරා දැන් නැහැ අයියේ .. ශේන් කියන කෙනත් දැන් නැති වෙනවා..කියලා හිතාග්න ඉන්නවා..ඉමන්දරා මාව දවස් ගානකින් මතකයෙන් අයින් කලාට මම එහෙම කලේ නෑ අයියේ හැබැයි එයාට මාව අමතක කරන්න මඟ අරින්න ලේසි වෙන විදිහට මම පාර හැදුව හැම තැනකදිම අයින් වුනා හැම දේකින්ම මම මාවම ඈත් කර ගත්තා,,ඒ මුණ දකින්න තියෙන පොඩිම අවස්තාවක් පවා මම නැති කර ගත්තා..

මිනිස්සු එහෙම තමයි මල්ලි වෙනස් වෙනවා , නොකරපු දේවල් වලට පලි ගන්නවා.. රිද්දනවා..හොදම දේ මිනිස්සුන්ට රිද්දන්න දීලා එයාලා ඒකෙන් සතුටු වෙන හැටි බලල සතුටු වෙන එක .

සමහර විට හෙතෙන්න පුලුවන් ඒක එහෙම නෙමෙයි කියලා ඒත් ඇත්ත ඒක තමයි ..මිනිස්සු අපිව තියාගන්නේ දුකක් තියෙනකන් දැනෙනකන් විතරයි ඊට පස්සෙ මිනිස්සු නිකන්ම නිකන් අයිනකට විසික් කරලා දානවා .

මල්ලි නිකන් ඉන්න වෙලාවට බලන්ගොඩ රාධ හමුදුරුවන්ගේ බණ අහපන් . වෙලාවක වරෙන් මම එක්කගෙන යන්නම් බලන්ගොඩ තියෙන ආරණ්‍යට .

කවී අයියේ තමුසෙ හෙන අමුතු මනුස්සයෙක් වෙලා .. බුද්ධාගම ගැන කෙස් පැලෙන තර්  දාපු උඹම මට කියනවා බණ අහන්න කියලා . වෙනදට අනිත් උන්ගෙන් කෑවද කියලා අහලා නැත්නම් උඹගෙ පන්ගුව හරි අත් හරින එකා දැන් කරන්නේ අනිත් එවුන්ටත් කලින් කන එක . අනිත් එවුන්ට ඉතුරු වෙයිද කියලවත් හිතන්නේ නෑ .  උඹගෙ බණ කතායි අත් හැරීමයි බදාගෙන කෑමයි ගැලපෙන්නේ නෑ වගේ අයියේ . තමුසෙ මහ අමුතුම චරිතයක් මේන් ටේන් කරනවා වගේ .


බුද්ධාගම කෙසේ උනත් බුද්ධ දර්ශනය ගැන මගේ පැහැදීමක් තියෙනවා . ඒ කිසෙම දෙයක් නිසා නෙමේ කර්මය කියන දේ නිසා . නිව්ටන්ගේ නියාමයට කලින් තමයි මල්ලි බුදු හාමුදුරුවො දේශනාකලේ හැම දේටම රිටර්න් එකක් ලැබෙනවා කියලා. දිශාවවෙන් ප්‍රතිවිරුද්ද බලයෙන් සමාන ප්‍රති ක්‍රියාවක් තියෙනවා ඒක සයන්ස් පාඩමේ වගේ එක පාරට වෙන්නේ නෑ සේරම හරි කියලා හිතන  මොහොතක තමා ඒක වෙන්නේ ..  

හොදම දේ තමයි මල්ලි අනුන්ගේ ජීවිත වලට එබෙන්නේ නැතුව පුලුවන් විදිහට උදව් කරගෙන හිනා වෙලා ඉන්න එක. අනිත් දේ තමයි මම ඉගෙන ගත්ත දෙයක් මම තුවාලා වෙලා පණ නැතුව හිටියත් මම උත්සහා කලේම අනිත් තුවාල වෙලා ඉන්න එකාගෙ තුවාල වලට බෙහෙත් දාන්න, එතන මට වැරදුනා ..ඒත් එයාලගෙ තුවාල හොද වුනා, ඒත් සැරින් සැරේට මගේ තුවාලෙ පෑරෙනවා. ඒ නිසා නිතරම තුවාලයක් තියෙනවා කියන එක අමතක කරලා ජීවත් වෙනවා. සමහර මතකයන් මිනිස්සු සතෙක් තරම්වත් ගනන් ගන්නේ නැතුව කුණු කූඩ වලට ව්සික් කරනවා. ඒත් සමහර දේවල් පරිස්සම් කරනවා විසික් කර ගන්න බැරි කමට. මිනිස්සුට එහෙම වෙන්න පූලුවන් නම් ඇයි අපිට බැරි එහෙම වෙන්න?

කවී අයියේ මට තේරුනා කවී දැන් ආයෙමත් අයේෂ් වේගන එන්නෙ! අර තද අයිස් කුට්ටිය? 

මල්ලි මම පෝසිලේන් වුනා එක තැනකදි.. කුඩු වුනා බිදුනා ..වටිනාකමක් නෑ..ඇහුවෙවත් නෑ.. දැන් මම වානේ කෑල්ලක් ගහපන් ඇති වෙනකන් ගිනි තියපන් කුළු ගෙඩි පාරවල් ගහපන් , ඔව් රිදෙනවා තමයි ඒත් මම පදම් වෙනවා , මම මේ ආයෙත් මොට්ට වුනු මුවහතට පන්නරය දෙනවා.. අල්ලන එකාව කැපෙනවා , මිටක් තියෙනවා මම ඒක අල්ලන්න දෙන්නේ මට වැඩියෙන්ම් රිද්දපු මනුස්සයට. ඕන අතකට වනපු දෙන්! මම බලන් ඉන්නවා, දැන් ආයෙමත් මම නිහඩ නිරීක්ශකයා පමණයි. උපදෙස් නම් දෙන්න ඉඩක් නැති වෙයි. 

කවී අයියේ උඹට ආයෙත් කවී කියන්නද අයේෂ් කියන්නද?

අයේෂ් කියපන් ඒකේ තේරුම වානේ නැත්නම් යකඩ කියන එක! අනෙක් එක ඊලඟ පාර උඹට මගේ හිත අස්සෙ තියෙන්නෙ මොනාද දැන ගන්න ඕන නම් ලේසර් කියතක් අරන් වරෙන් , කපලා පෙන්වන්නම් හදවත කියලා එකක් නැ පොඩි පොඩි මතකයන් වැදිලා ඉරි තැලුනු දේවල් තියෙන්නෙ කියලා.. 

උඹලාගේ ජීවිත අයිති උඹලට, මම උඹල හැමෝටම ආදරේ කරේ වැරදීමකින් වෙන්න ඇති!


] අයේෂ් [



Tuesday, August 29, 2023

මට දුවන්න ඕන. ගැලවෙන්න ඕන. අතුරුදහන් වෙන්න ඕන.

ඇත්ත වශයෙන්ම, මගේ හිසෙහි සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට අපහසුය - සහ මගේ සියදිවි නසාගැනීමේ සිතුවිලි මට බලපා ඇති මට්ටම. මගේ මොළයේ ටේප් එකක් නැවත නැවත වාදනය වෙනවා මම ගොළු වෙලා. මම වටිනාකමක් නැති කෙනෙක්. කවුරුත් මට ආදරේ නෑ. කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඒක මට කියනවා රණ්ඩුව නවත්තන්න කියලා. උත්සාහය නවත්වන්න. අත්හරින්න සහ යටත් වෙන්න. ඒ වගේම එය මට නිතරම බනිනවා, මාව පහත් කරනවා.

මට දුවන්න ඕන. ගැලවෙන්න ඕන. අතුරුදහන් වෙන්න ඕන.

නමුත් මගේ අදහස් නිෂ්ඵල වචන වලට වඩා වැඩි ය. ඔවුන් තුළ නිෂේධාත්මක ස්වයං-කතා වලට වඩා වැඩි යමක් තිබේ. ඒ වෙලාවේ මට හිතෙන්නේ මම නැත්නම් ලෝකේ කොහොම වෙයිද කියලා. මම නොපවතින ස්ථානයක් සහ අවකාශයක් ගැන මම මනඃකල්පිත කරමි. මම සමහර විට මගේ ජීවිතය අවසන් කළ හැකි මාර්ග සලකා බලමි.

හැම දෙයක්ම රිදෙනවා. මට දුක, වරදකාරිත්වය, කෝපය සහ ලැජ්ජාව නිසා යටපත් වී ඇති බවක් පමණක්ම දැනෙන බව කිව හැකිය 

මම අතරමං වූවෙමි

 


මට මේ  හරහා යන මාර්ගයක් හෝ පිටතට යන මාර්ගයක් දැකගත නොහැකි විය. මිනිසුන් මට මඟ පෙන්වීමට උත්සාහ කළ ආකාරය  මට මෙතරම් මානසික අවපීඩනයෙන් පෙළෙන අතර මෙහි සිටීමට අකමැති විය. මගේ මොලය නිතරම මැරෙන ක්‍රම, මටම හානි කරගන්න ක්‍රම, එහෙමත් නැතිනම් මගේ අවමංගල්‍ය කටයුතු පවා සැලසුම් කළා. මම පාඩම් පොත් වලින් සටහන් ලිවීමට උත්සාහ කරන විට, ඒ වෙනුවට මගේ අවමංගල්‍ය කටයුතු සඳහා සැලසුම් ලියන බව මට පෙනී ගියේය. මෙම සිතුවිලි හුදෙක් ලූපයක් වූ අතර ඒවා මත ක්‍රියා කිරීම හැර වෙනත් කිසිවක් ඔවුන්ව වසා නොදමන බව දැනුනි. මට දැනුනේ මගේම මොළයේ හිරවෙලා හිරවෙලා වගේ. සහ ඔබ තුළ ඇති දෙයකින් ඔබට ගැලවිය හැක්කේ කෙසේද?

මට එය අවසන් කිරීමට අවශ්‍ය බව තීරණය කළ මොහොත මට හරියටම මතක නැත.  එය සීතල, අඳුරු විය, මට දැනුනේ සෑම කෙනෙකුටම බරක් සහ ඉඩ නාස්තියක් ලෙසය. මෙම සිතිවිලි මාස ගනනාවක් පුරාවටම පැවතුනේ අඩුවන සලකුණක් නොමැතිවය. මට ක්‍රියා කිරීමට නොහැකි විය, මට නැඟිටීමට නොහැකි විය, මට වැඩ කිරීමට නොහැකි විය, මට යන්තම් සංවාදයක් පැවැත්වීමට නොහැකි විය. මම අතරමං වූවෙමි (ශාරීරිකව සහ මානසිකව), මම මටම වෛර කළෙමි, මගේ වටපිටාවට වෛර කළෙමි, මගේ හිසෙහි සිදුවන මානසික වධ හිංසාවලට මම වෛර කළෙමි, සෑම දෙයක්ම කොතරම් දුෂ්කරද යන්න මම වෛර කළෙමි, මම මටම වෛර කළෙමි, මම මගේ ජීවිතයට වෛර කළෙමි.

රිදෙන බව මම දනිමි.

 රිදෙන බව මම දනිමි. යමෙක් ඔබේ ජීවිතයේ මාස ගණනක් හෝ අවුරුදු ගණනක් සිටිය හැකි ආකාරය ඉතා අමුතු හැඟීමකි, පසුව එක් දිනක් ... හදිසියේම තවදුරටත් එහි නොසිටිනු ඇත. සමහර විට සම්බන්ධය හොඳ කොන්දේසි මත අවසන් වූවා විය හැකිය.... නැතහොත් එය සම්පූර්ණයෙන්ම විනාශකාරී විය හැකිය. කෙසේ හෝ වේවා.... සබඳතා මෙතරම් විශාල හා වේගයෙන් වෙනස් වන්නේ කෙසේද යන්න ඉතා අමුතුයි. අනික ඔයා දන්නවනේ මොකක්ද .... ඔයාලා දෙන්නා අතරේ වෙච්ච දේ ගැන ඔයාට සමාදානයක් නැති වෙන්න පුළුවන් ... ඒක හොඳටම ඇති. සමහර විට සම්බන්ධතාවයක අවසානය වචනාර්ථයෙන් අප ජීවිතයේ අත්විඳින දුෂ්කරම දේවලින් එකක් විය හැකිය. සිදු වූ දේ නිසා ඔබේ හදවත තවමත් රිදෙන බව ඔබට දැන ගැනීමට අවශ්‍යයි. ඔබ මෙම පුද්ගලයා සමඟ බොහෝ මතකයන් සාදා ඇත. ඒ වගේම ඔබ ගොඩනඟා ගත් මෙම මතකයන් ඔබ කොතරම් උත්සාහ කළත් ඔබට මකා දැමිය නොහැකි දෙයක්. ඔබ කැමති වුවත් නැතත්, ඒවා ඔබේ කතාවේ කොටසකි. මෙම මතකයන් දෙස බැලීම අපහසු විය හැකි බව මම දනිමි, ඔබට ඒවා අමතක වන්නට ඇතැයි ඔබ සිතනවා විය හැක. නමුත් අමතක කරනවා වෙනුවට, සමහර විට අපි සම්බන්ධතාවයෙන් පැමිණි දේ ගැන අවධානය යොමු කිරීමට උත්සාහ කළ යුතුයි. ඔයාලා දෙන්නා එක් වුණේ විශේෂ හේතුවක් නිසා. සමහර විට ඔබ එකට අමාරුම අවස්ථා කිහිපයක් හරහා ගමන් කර ඇත. සමහර විට ඔබ අන් කිසිවකුට තේරුම් නොගත් ආකාරයෙන් එකිනෙකා තේරුම් ගෙන ඇති. සමහර විට ඔබ ශක්තිමත් වීමට හෝ පුද්ගලයෙකු ලෙස ඔබ සැබවින්ම කවුරුන්ද යන්න වැළඳ ගැනීමට ඔබ එකිනෙකාව දිරිමත් කර ඇත. එසේත් නැතිනම් ඔවුන් සමඟ ඇති ඔබේ සම්බන්ධතාවය ඔබේ ජීවිතයට සැබවින්ම අවශ්‍ය දේ වෙත ඔබේ ඇස් විවෘත කළ හැකිය. තර්කය කුමක් වුවත්, එම පුද්ගලයා ඔබට බොහෝ දේ අදහස් කළ බව පිළිගැනීමට කමක් නැත. ඒ වගේම තාමත් එහෙම කරනවා නම් කමක් නැහැ. ඔවුන් තවදුරටත් ඔබේ ජීවිතයේ නොමැති වීමද කමක් නැහැ.

 බොහෝ මිනිසුන්ට නොතේරෙන දෙය නම්, අපට හමු වන සෑම සම්බන්ධතාවයක්ම ජීවිත කාලය පුරාම පවතින්නේ නැත. සෑම දෙයක්ම සිදු වූ ආකාරයටම සිදු වූයේ මන්දැයි ඔබ ප්‍රශ්න කරමින් අතීතයේ රැඳී නොසිටිය යුතුය. ඔබ කළ යුතු දෙය නම්, එම සම්බන්ධතාවයෙන් ඔබ ඉගෙන ගත් දේ ලබාගෙන ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යාමයි. ඔබ සැමවිටම සිහින මැවූ දේ සහ තවත් බොහෝ දේ ලබා දෙන වෙනත් සබඳතා ඇති බව දැන ගැනීම. මට ඔබ දැනගත යුතුයි ඔබට සදහටම මේ ආකාරයෙන් දැනෙන්නේ නැති බව. ඔබ දිගටම ඉදිරියට යන අතර ගෙවී යන එදිනෙදා ඔබ දිගටම වර්ධනය වනු ඇත. මතක තබා ගන්න .... 

සමහර විට ඔබේ කතාවේ කොටසක් ලෙස ඔබට අවශ්‍ය පුද්ගලයින්, පරිච්ඡේදයක් පමණක් වීමට අදහස් කරයි. 

Monday, July 17, 2023

හිතන එක නවත්තපන්, නොලැබෙන දේවල් පස්සෙන් දුවන්න එපා

මග දෙපස හරි හමන් වහලයක් නැති

සල් පිලක් ලඟ 

එකෙක් විකුනණවා 

බලෙන් උදුරා ගත් යමක්

ගැහෙන යම් කිසි දෙයක්..

අතේ සතයක් නැතත් ලං වුනා මන්

තවම ගැහෙනා රුහිරු ගලනා ගලවාපු

හදවතක් නොවෙද ඒ?

ගන්න වත්කම නැති එවුන් ආසයි ලුනේ

අතින් අල්ලලා නෙත්වලින් බලාගෙනවත් 

සැනසෙන්න..

අනේ මේ මම දන්න හදවතක් නොවෙද

හරි හුරුයි මටනම්,

පිච්චියක් වත් අතේ නැති මම

මගේ හදවත ගැලෙව්වෙමි

අහ් ගල් වෙලා නෑ මගේ හදවත

මේක අරගෙන අර අමාරුවෙන් ගැහෙන

හිත මට දියන්!

හරි දැන් මම හිතන් නෑ..

මගේ හදව මන් ගාව නෑ..

ඉතින් මම මේ මාවතේ දුවන එක

හති නෑ..

ආයෙමත් බැලුවා උණුසුමට අර හිත

තියෙනවා මන් ලඟ..


මඟ දෙපස සිටි අයෙක් 

පසු කරන් යනවිට මටත් කියනවා

ඇහුනා..

අප්ප්‍රසන්නයි..අවලස්සනයි..

මෙන්න බලපන් හිතක් පපුවක් නැති එකෙක්!

ඉද්ද මල්, අරලියා මල් හොයනවා..

ආදරේ නොලැබෙන එකේ ඉතින් කොයිබද

අරුමයක්.

අයිනට වෙන්න.. වැඩි කතා බහ එපා ඌ එක්ක..

සහෝදරයෙක්, යාළුවෙක් කරගන්න

හිතන්නත් බැරි එකෙක්..

Thursday, July 6, 2023

Tuesday, June 27, 2023

රැහැයියා!

 මේ අහන්න.."

" ඇයි..?"

" ඔයාට සතුටක් නෑ මට ළං වුනොත්...?"

" ඉතිං..?"

" ඔයා පිච්චෙයි රිද්ද ගන්න වෙයි.."

" නෑ...ඒ පිච්චෙන එකත් මට සිසිළසක්..."

"  විඳවන්න වෙයි..."

" ඔයා වෙනුවෙන් මන් විඳවන්නම්.."

"ඒක මට දුකක්.."

" නෑ..."

" මට ආදරය කරන්න එපා.."

" ආදරය මොකද්ද කියලා දන්නවද...?"

" නැහ්.."

" ඇයි හිනා වෙන්නේ..?"

" තව එක්කෙනෙක් ඔය ප්‍රශ්නෙම මගෙන්  ඇහුව නිසා.'                                                                                                                                                                                 ඔයා කියන්න.."


" ඔයාව හිමි මට උනත්...ඔයාගේ ආදරෙ අයිති වෙන කෙනෙක්ට කියලා දැන දැනම හොර රහසින්ම ඔයාටවත් නොකියා ආදරේ කරන එක.. ඔයා ගාවින්ම ඔයාගේ සතුට වෙනුවෙන් ඉඳපු එක...ඔයා හඳක් කියලා මට පෙනුනට ඒ හඳේ ඇතුලේ තියෙන්නෙම සිසිලසක් නෙමේ තනිකරම.. ගින්දරක්. ."

" ඉතිං ඒ ගින්දරට ඇයි ආදරය කරන්නේ..?"

" මොකද පිච්චෙන්න පිච්චෙන්න තවත් ඔයාට ආදරේ වැඩියෙන් කරන්න ඕනි කියලා හිතෙනවා.."

" පිච්චෙනවා කියන්නේ වේදනාවක්.."

" නෑ ඒක මට සිසිළසක්.."

" ඔයා කියන ඒවා මට තේරුම් ගන්න බෑ..."

"මං කවදාවත් ඔයාට ආදරෙයි කියලා කියන් නෑ.."

" මං ඒක නොදැන ඉඳියත් මගේ ආත්මේ විසින් ඒ දේ දැනගෙන ඉඳිවී...ඔයා හැමදාම මගේ හොඳම යාළුවා.."

වචන සොරකම් කලෙමි රැහැයියාගෙන්..

රැහැයියා! උඹ රෑ පුරා අවදියෙන් නේද?

Monday, May 22, 2023

ඇත්තටම ශේන් කල්පිතයක්. මගේ ලඟ ඉන්න කෙනෙකුට දැනුනු සුලුම සුලු වේදනාවක අතිශොක්තියක්!

 මගේ ජීව්තේ මම කාපු බත් එකක රහටම තිබුනු අල හොද්දක්, මම බීපු තිත්‍තම බෙහෙතක්, මගේ ලඟම හිටපු කෙනෙක්ට වුනු දෙයක්, සහ ප්ලොට් ට්ව්ස්ට් වෙන තව සෑහෙන්න මනස්ගාත එකතුකරලා ගොඩනගන කල්පිතයක් තමයි ශේන් කියන්නේ! 

ශේන් කියලා කෙනෙක් ඇත්තටම ජීව්ත් වෙන්නේ නෑ!

මේ ට්ක දවසට වුනු හැම දෙයකින්ම, අඩු ගානෙ පඩි පෙලකින් වැටුනම ඒකටත් ලුණු ඇඹුල් දාලා ලියන එක මගේ හැටි! නිදි මතට කෝපි එකක් බොන එක, පඩි පෙලේ වැදුනු තැන් වලට රිදෙන විදිහ ඒ හැම දෙයක් කතාවකට පොඩි තල්ලුවක්! අපේ ඔෆිස් එක ඇතුලේ වීදුරුවක් බිදුනත් ඒකත් මට කතාවක්!  මම හිතන්නේ මේ ලඟදි පඩි පෙලෙන් වැටුනට පස්සෙ මගේ ඔලුවෙ බැලන්ස් එක නැති වෙලා, ගොඩක් සෙම වගේ දේවල් නිසා එහෙම වෙනවා කියලා ඩොක්ටර් කියනවා මතකයි,  ඒවත් එක්ක මට මතක් වුනේම ශේන් කියන චරිතය මිනිස්සුන්ට දැනෙන විදිහට ගෙනියන විදිහක් ගැන. ඒ නිසා කවුරුවත් මගේ සැබෑ ජීවිතයයි බ්ලොග් එකේ ජීවිතයයි පටලවා ගන්නවා නම් ඒක ඇත්තටම නිෂ්ඵල වැඩක්!

විවිද මානසික මට්ටම් තියෙන අයට ඩොක්ටර්ස්ල එක එක ක්‍රියකාරකම් කරන්න උපදෙස් දෙනවා! කට්ටිය ඉස්සරහ කතා කරන්න, ඩයිරියක් ලියන්න, නැත්නම් නිකන්ම හිතට එන වචන ලියන්න වගේ දේවල්! 

සමහර විට මම බ්ලොග් එක ලියන්නේ..හොද ගංජා සුරුට්ටුවක් ගහලා ඉන්න වෙලාවක වෙන්නත් බැරි නෑ. ඒ නිසා මට කියන්න තියෙන හොදම දෙය තමයි මගේ ජිවිතේ මේ එක්ක පටලවා ගන්න එපා කියලා! ඒ වගේම ඔයාලගෙ ජීවිත වුනත් මේ එක්ක පටලවා ගන්න එපා!

හැබයි මට මේ ටිකේ රෑට නින්ද යන්නෙම නෑ, අර පඩි පෙලෙන් වැටිලා ඇලපත වද්ද ගත්ත එකෙන්, ඒකට දීපු පේන් කිලර් ද මන්දා බිවුවම අමුතුම ලෝකෙකෙ ටික වෙලාවකට ඉන්නෙ හැබයි. තදබල නිදි මතක් එක්ක!

සමහර වෙලාවට ශේන්ගෙ කතාව ඉවර කරන්න හිතුවට එහෙම කරන්නත් බැහැ! හේතුව තමයි මේ පහල තියෙන්නේ' එක්කෙනෙක් දෙන්නෙක් කියවනව කියලද හිතුනේ නිකම්ම නිකන් ශේන්ගේ කතාව? නැහැ මහ ගොඩ පිරිසක් කියවනවා!

අවුරුද්දකට පහලොස් දාහක් , මාසෙකට තුන්සීයක් කියවන දෙයක් නවත්වපු ගමන් ඉන්න ටික දෙනා අහනවා කොමෙන්ට් කර කර ඇයි නැවැතුවේ කියලා!



එහෙනම් ටටා!

.කවී.








Thursday, May 18, 2023

දෙවියන් විසින් ඇහුම්කන් දුන් එකම ඉල්ලීම සහ ශේන් !

 උදේ පාන්දර කෝල් එකක්! ශේන් මොකද මේ මහ පාන්දර! කවී අයියේ මගේ කාලය ඉවරයි!

හෙහාන් මල්ලි තමුසෙට සනීප නැද්ද? කට හඩ අමුතුයි, වීස් එක වගේ ඇද ඇද කතා කරන්නේ?

මගෙන් ගන්න පුලුවන් හැම වචනයක්ම් දැන්ම ගනින් කවී අයියේ! මම දැන් භාගයක් මැරිලා ඉන්නේ!

ඇයි භාගෙට මැරෙන්නේ, රේල් පාරට පැනපන් නැත්නම් එල්ලියන්, එක පාර ඉවරයි.

නෑ අයියේ ඉමන්දරා හිතයි මම එයාව බැලැක් මේල් කරනවා කියලා! මට කිසිම.ආදරයක් නැති රැවටිලි කාරියක් වෙනුවෙන් මගේ ජිවිතේ උවස් කරන්න ඕන වුනේ නෑ මෙච්චර කල්, ඒත් මම මගේ ජිවිතේ යක්ශයාට උගස් කලා අහිංසක ජිවිත තුනක් වෙනුවෙන්, මම හුඟක්ම ආදරේ කරපු එක ජීව්තයක් වෙනුවෙන්!

මල්ලි මට තේරෙන්නේ නෑ , මොකද උනේ!

අපේ අතීතයේ වැරදි වලට කවද හරි වන්දි ගෙවන්නත් එපැයි. සමහඑඅ දේවල් වලට උඹ දන්නවා විදවීම තමා අයියේ උත්තරේ, මම පොරොන්දු වුනා කවී අයියේ ඉමන්දරාට ජීවිතේ එයගේ වැරදි තීරන වලින් රැවටීම් වලින් නිදහස් වෙනවානම් මම ඈතකට යන්නම් කියලා! එයාගෙන් ආදරේ ඉල්ලන්නේ නෑ කියලා, හැබැයි එහෙමකරන්නත් බෑ අයියේ!

හොදම දේ කරනවා මට උපරිම තව මාසයක් බෙහෙත් නැතුව ඉන්න පුලුවන් වෙයි! 

මොකක් මොකක්ද ලෙඩේ? මල්ලි මටත් සනීප නෑ එ නිසා කතාව කොහොම ට්‍යිප් වෙයිද දන්නේ නෑ!

ලෙඩේ ලේ වල ඔක්සිජන් අඩු වෙන එක කියලා හිතා ගන්න! ඇගේ හැම මසල් එකක්ම ඇබරෙනවා වගේ වේදනාවක් දැනෙනවා! බිම ඉන්දවෙන තරමට දනිස් වෙවුලලා හිටගෙන ඉන්න බැරි තරමට අමාරු වෙනවා, දත් මිටි කාගෙන හිටගෙන ඉන්නවා, එක හිනාව දැක්කම හැම දේම අමතක වෙනවා, මගේ පන මගේ ජීව්තේ මගේ වටිනම දේ ඔයයි මගෙ වස්තුවේ කියලා ඉමන්දරාට කෑ ගහලා කියන්න ඕන වුනත් එහෙම කරන්න බැහැ!  එයාව රවට්ටලා තිබුනේ අහින්සක් හිත් දෙකක් ඉසාරහට අරගෙන! දැන් මට කොහිමත්ම බැහැ දකිනේ නැතුව ඉන්න..මම බඩගාගෙන හරි යනවා අයියේ ඉමදරාව බලන්න..



ශේන් මල්ලි ඕකට බෙහෙතක් ඇති නේ?

තියෙන ඒවා විසික් කලා, හැබයි මේකට තාව කාලික බෙහෙත තමයි කැෆේන් තියෙන මොනව හරි බොන එක, රෙඩ් බුල් නැත්නම් කෝපි වගේ දෙයක්!

දැන් තමුසෙ මොකද කරන්න හිතන් ඉන්නේ!

මම දන්න තැනකින් වීසා ඉල්ලුවා ලඟම රටකට, දන්න හැමෝටම කියනවා පොඩි ටුවර් එකක් කියලා, එහෙට ගිහින් පාස් පෝටි නැති කරගෙන මැරිලා යනවා පාරෙ හිඟන්නෙක් වගේ! 

හැමෝම සතුටින් ඉදිවි ! මට මොකද උනේ කියලා දන්නේ නැති නිසා, මම අතුරුදහන් ලැයිස්තුවෙ ඉදීවි නේද කවි අයියේ!

පිස්සුද මල්ලී, සමහර මැනික් සමහර මිනිස්සුන්ට වටින්නේ නෑ, උඹට හොද කෙනෙක් හම්බ වෙයි!

නැහැ මම කාවවත් හොයන්නේ නෑ හම්බ වෙන්න, හමබවුනු එකම වටිනම මැනික හිතේ තියාඑන මැරිලා යනවා! 



කව් අයියේ මේක ශෙඩුල් කරලා පෝස්ට් කරන්න පුලුවන්ද මට මොකද වුනේ කියලා එකම එක කෙනෙක් හරි දැන ගනිවි එතකොට! රැවටුනු කෙනාගේන් ඈත් වුනාට කතා නොකලට  හැඟීම් වලිනුත් ඒ අසරන කෙල්ල නිදහස් වුනු දවසට මගේ ආත්මෙට නිදහසක් ලැබෙයි. 

ආයුබෝවන් කවී අයියේ! හරූන්ට කියපන් මම ජීවත් වෙන්නයි සේරම අමතක කරලා රට ගියේ කියලා ඇහුවොත්! මොකද ඌ බලෙන් ගෙනිහින් අරන් දෙන බෙහෙත් මගේ උගුරෙන් පහලට නම් ගියේ නෑ! බෑග් එකේ තියේවි මිනියත් එක්කම, නොදන්න රටක!

ශෙහාන් මල්ලී, හෙලෝ හෙලෝ! ලයින් එක එන්ගේජ් ද ඕෆ් ද!  සමහර දේවල තෙරුණේ නැත්තේ ඌ මේ කතාව කිව්වේ මට නෙමේ වෙන කෙන්ක්ට අහන්න නම් මම ඒ දේ කරන්නම්, ශෙහාන් මම පොස්ට් කරන්නම් කියල මැසේජ් එකක් දැම්මා, උඹ වගේම තමා මමත් පොරොන්දු ඉටු කරන්වා, ආදරේ කරන මිනිස්සු ව්ක්ක ඕනම තැනක් හිට ගන්නවා, දාහක් එක්ක වුනත් වචනයක් කියන්න නොදී රණ්ඩු වෙනවා,, එත් වටිනාකම අඩුයි!

උඹටත් ආයුබෝවන් ශෙහාන් මල්ලි!

.කවී 

Wednesday, April 19, 2023

ඩැඩී, වෙඩී සහ එක බත් පතේ කෑ මීයා

 උදේ පාන්දරම දඩි බිඩි ගාලා දුවගෙන ඇවිත් .. ඒ මේ සෙව්බන්ඩේ අයේශ් අයියේ මේ අහන්නකෝ මරු සීන් එකක් වුනානේ කියලා වෙඩී පත්තරයක් දිහ අරින්න හදන බව මටයි බණ්ඩේටයි තේරුනේ ඉවෙන් වගේ! ඒ නිසා අපි අපේ වැඩවල කතා වල හිටියේ නිකන් ඇහෙන්නෑ වගේ, සාමාන්‍යයෙන් වෙඩීට එහෙම කරාම ඩැඩීව මතක් කරන් කෑ ගහන්නේ. බෝරින් වෙලාවට මොනා හරි ජුන්ජක ෆන් එකක් ඕන නිසා වෙඩී කියන සීනි බෝලෙ උඩින් ඇඹලයෙක් තියලා අපි ගන්නෙම නොතේරෙන කියාගන්න බැරි ආතල් එකක්.

අනේ! අහනවකෝ හලෝ මගේ කතාව!  අනේ අහන්නකෝ!

හෙමීට ඒ පැත්තට හැරුනු මම කිව්වේ හරි ඉතින් කියන්න බලන්න ඔයාගෙ කතාව කියලා.

නෑ එහෙම ලොකු දෙයක් නෙමේ , ඊයේ තාත්තා එක්ක වැඩ කරනකොට මීයෙක් වැටුනනේ බිමට, තාත්තා මට කෑ ගැහුවා පොල්ලක් ගේන්න කියලා ඉක්මනටම ස්වර්ගස්ත කරන්න.

ඒ වුනාට මම ඒකට ඉබ්ජෙක්ශන් එක දැම්මා මොනා වුනත් මීයෙක් නේ.මී ජීවිතයක් නේ කියලා..

ඊට පස්සේ තාත්තා මොනාද මොනාද ස්පෙයාර් පාට්ස් වගේක නම් කියලා මට බනින ගමන් කිව්වා ..එහෙනම් ඔයාම අල්ලලා ගෙනිහින් විසික් කරන්න කියලා..

ඉන්ස්ට්‍රක්ශන් දෙන එක වගේ නෙමේ වැඩේ කරන එක අමාරුයි කියලා තේරුම් අරන් හිටපු නිසා මම තාත්තට කිව්වා අපි මේකව බේසමකින් වහලා අල්ලගමු කියල ඒ විදිහටම කලා.. දැන් කෝහොමද මේකව අල්ලලා බෑග් එකකට දාන්නේ? මූ අත කයි බේසමත් එක්ක සෙල්ලම් කරන්න ගියොත් කියලා තාත්තා ආයෙත් මුණු මුණු ගෑවා.. ඉතින් ඒ වෙලාවෙ මේ වෙඩීට ටිකිරි බුද්ධිය පහල වුනා.. මගේ අවුරුදු ගානක කේක් හැදීමේ අත්දැකීම් වලින් මෙලොවව පලදායී වෙන පහල වුනු එකම අදහස තමා මේක.. කේක් පෙට්ටියේ තියෙන බෝඩ් එක හෙමින් බේසම යටින් දාලා කේක් එකක් වගේම මීයව උස්සලා දාමු කියලා මම තාත්තට කිව්වම තාත්තා මන් දිහා හරියට බලන් හිටියේ හෙන පුදුමයෙන් වගේ.. හරියට හෙන කාලෙකින් දැකලා වගේ! 

ඉතින් නංගි ඇත්තටම ඇයි ඒ! සෙව්බන් එහෙම ඇහුවම වෙඩී කිව්වෙ මේ සෙව් අක්කේ ඇඩ් දාන්නෙ නැතුව කතාව අහගන්නකෝ කියලා  

ඇත්තටම තාත්තා ඇහුවා මෙච්චර කාලෙකට මොලේ ඇති දෙයක් කිව්වමද කොහෙද කියලා. 

ඉතින් මම කල්පනා කලේ   ඔෆිස් එකේ විතරක් නෙමේ මගේ ආදරනීය පියාණන් විසිනුත් එක හා සමාන අදහස් ප්‍රකාශ කරන එක ගැන.

මේක අන්තර්ජාතික කුමන්ත්‍රනයක් වෙන්න බැරිද කියලා. 

ඒ කොහොම වුනත් මට සතුටුයි කොහොම හරි මම අපිත් එක්ක එක බත් පතේ කාගෙන හිටපු මීයට අභයදානය දෙන්න පුලුවන් වෙච්ච එක ගැන.   

වෙඩී ගේ තියරි ඩැඩීටවත් දිරවන්නෙ නැතුව ඇති.. මොනා කරන්නද ඒ අතීත කතාව අස්සේ දැන් අලුත්ම එක වෙඩී ගේ ඩයටින්ග් ප්ලෑන් එක, ඩයට් මෙනු එක රෙකමන්ඩ් කරන්නේ නුෂ් අක්කා.. මේ ඒ රෙකම්න්ඩේශන් අතරතුර ඇහෙන කතා බහක්..


නංගි ඔයා කන්න ඕන උදේට සැන්විච් එකයි, තම්බපු බිත්තරේකුයි විතරයි කැමතිනම් ඔම්ලට් එකක් බත් පීරිසි කෝප්පයක් වගේ කන්න

ඊට අමතරවනම් මුකුත් කන්න එපා සැරින් සැරේ. රැට නම් නොකා ඉන්න තරමටම හොදයි.

අක්කේ එතකොට තම්බපු බිත්තරේකුයි , ඔම්ලට් එකකුයි දෙකක් කන්න ඕනද?

නැ නැ බන් උඹට කියන සින්හලම තේරෙන්නේ නෑ නේ, එක්කෝ තම්බපු බිත්තරයක් නැත්නම් ඔම්ලට් එකක් දෙකම කැවොත් ඒක ඩයට් එකක් වෙනවද? 

ඒ වුනාට නුෂ් අක්කේ හවසට අපිට හම්බෙච්ච කේක් එකෙන් කෑල්ලක්වත් කන්න බැරිද?

අම්මට සිරි කේක් එකක් හම්බුනාද? හවසට පොඩි කේක් කැල්ලක් තේ එකක් බිව්වට නම් කමකුත් නෑ හැබැයි .. ඉදල හිටල නේ..

ඔව් අපේ ඔෆිස් එකේ ඉදලා හිටලා තමා මුකුත්ම අමතර දේවල් නොකා ඉන්නේ..අනිත් හැමදාකම වගේ මොනව හරි ගේනවා..අඩු තරමින් ඔෆිස් එකේ තියාගෙන 

කොත්තුමී ටිකක් හරි තම්බගෙන කනවා.. මේ ඩයට් එක කොච්චර කාලයක් පවතීවිද කියලා මටත් නිශ්චිතව කියන්න බැරි වුනත් ඒක ඒ තරම් වැඩි දවසක් පවතින ඩයට් 

ප්ලැන් එකක් කියල නම් මට විශ්වාසයි ..  

අපි මොනව හරි කියනකොට " කමුද " කියලා එක හඩි අහන් තරමට අපේ ඔෆ්ස් එකේ කට්ටිය සාමුහිකයි, අනිත් වැඩ වලට කොහොම වුනත් ඒකටනම් ඉස්සරහෙන්ම් ඉන්නවා.

හොදම උදාහරනය තමා මේක...




 ඔය සුදු පාටට තියෙන්නේ වෙඩී ඩයට් ප්ලැන් එකට කලින් කෑම ගෙනපු කෑම පෙට්ටිය එතකොට ඔය තඩි සයිස් එකට නිල් පාටට තියෙන්නේ ඩයට් ප්ලැන් එකට පස්සේ කෑම පෙට්ටිය. 

මම, සෙව්බන්, තාරක ඉමාද්, ට්වින්සා උනත් කොන්ෆුයුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නේ මේ ඩයටින් කෑම පෙට්ටිය දැකලා..

ගැලවිජ්ජාවට කියන්නේ මේ කෑම පෙට්ටිය අනු වෙඩීගේ නෙමේ එයාගේ අතිජාත සහෝදරිය තරූ වෙඩීගේ කියලා... ඒත් අරන් එන්නේ අනු වෙඩී නිසා අපි ඒක මතිකව තහවුරු කරනවා මේ අනූගේ ඩයටින්කෑම් පෙට්ටිය කියලා!

මේකට තමයි කියන්නේ ..කොහොමද කෑම? අති විශිෂ්ටයි සර් කියලා.

ඔබට ජය!

ටටා..

.කවියා.

                                                                                                                                                                                              




Thursday, March 2, 2023

ඉමන්දරා (01)

 මුලු නුගේගොඩ නගරයේම ඇත්තේ කලබලකාරී බවකි, ඊටත් වඩා කොහුවලද ඉන් අඩුවක් නම නැත. ශේන් තම පෙම්වතිය සමඟ පුද්ගලික උසස් අද්‍යාපන ආයතනයක යන්නේ ඒ ලෙවල් වලින් පසු ඉගෙන ගැනීමට අවශ්‍ය යැයි සිතුනු මානව කලමණා කරනය ගැන පාඨමාලාවක් සාදහා ලියාපදිංචි වීමටයි. ඔහුගේ පෙම්වතිය වන ශෙනාලි පැමිණෙනෙන්නේද එම පාඨමාලාව සදහාම එක්ව ලියාපදිංචි වීම සදහාමයි. ඔවුන් සමඟ තවත් පිරිසකි, ඇත්තටම උසස් පෙලින් පසු මෑත කාලිනව එකතුවනු පෙම්වතුන් යුගල කීපයක්ම ඔවුන් හා කඩි මුඩියේ අදාල ආයතනයේ එක්සිබිශන් එක සදහා පිය මනිමින් සිටිය අතර මේ සියල්ලෝම ශේන් ගේ මිතුරන්‍ වේ.

ශේන් , මේ මම කිව්වා නේ මේ.සේරම යාලුවෝ උස්සන් එන්න එපා කියලා, හැම එකටම උන්ව ලොකු කරගෙන හැම තැනම එක්කන් යනවා., කෝස් එකටවත් තනියම යන්ම බැරිද ඔයාට? මේ ශෙනාලිගේ වදන්ය.

ඕයි ඕයි ශේ ඩබල අපිට තමුසෙලා කියන දේවල් ඇහෙනවා, පිටුපෛන් ගමන් කරනා පිරිස අතරින් බෝලයක් සේ සිටින ශේන්ගේ මිතුරියක් වන මහීෂ්කා තම හඩ අවදි කරමින් පැවසුවාය. ඇය පැහැපත් පැන්ඩා ගමනක් ඇති ශේන්ගේ හොදම යෙහෙලියකි, පිට තැනකදී තවන් කෙනෙක් සමග කතා කරන ව්ට ඔබ මහිශ්කා ලඟ සිටියේ නම් හිතෙනේ හරිම නිහඩ තැන්පත් , හිනාවත් හරිම හිමීට පිට කරන කදිම කෙල්ලක් කියා නමුත්. අවරුදු කීපයක් සිට ශෙන් සමඟ එකට සිටි නිසා ඇය තම කට පාලනය කර නොගනී.

ශේන්ට හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේද් නැත, යහලුවන් කෙතරම් කීවත් නොගැලපෙන බව සග ශේන් සහ ශෙනාලි  අතර මෙවැනි දෙබස් කෙතරම් ඇති වුවද ශේන් සිතුවේ තමන්ගේ ජීවිතය මුහුදේ ඔහේ ගහගෙන යන නැවක් නම් ඒ සදහා අවශ්‍ය වන නැංගුරම ශෙනාලි බවයි. කලු පැල්ලම් වලින් බහුල ඔහුගේ පාසල් ජීවිතයේ අවසන් අවුරුදු දෙක ප්‍රශ්නයකින් තොරව ගලා ගියේද ඇයගේ මේ කතාවන් නිසා බව ශේන් තරයේ සිත තුල සනිටුහන් කර ගත් දෙයකි. 

කෙසේ හෝ ආයතයට ඇතුල් වූ ක්ශනයෙන්ම එතැන් පටන් දිගටම ඇත්තේ විවිද ආකාරයේ පාඨමාලාවන් සදහා ලියාපදිංචි කරනා පිලි ගැනීම්ව්ව් නිළදාරීන් සග නිළදාරිනියන් වේ. ඇතැමෙක් ශේන් උසස්පෙල ව්‍යාපාර අද්‍යනය සහ ආර්ථික විද්‍යාව සදහා ගිය කොහුවල නගරයේම ඇති ප්‍රමුඛ උපකාරක පන්තියක සිටි පිලි ගැනීම් නිළදාරිනියන්මය.

කඩි මුඩියේ කිහිපදෙනෙක් ගේ පිරවුම් පත් අමුණමින් ඇඩ්ම්ශන් ලබා දෙමින් සිටි කෙනෙක් ලඟට ගිය ශේන් , අහ් චතුරිකා අක්කේ! ඔයත් මෙතනද දැන් ඇහුවේ කලින් කී පන්තියේ මුදල් අයකැමි විදිහට සේවය කල කෙනාම මෙහි සිටිනවා දැකීමෙනි.

ඇය ශේන්ව නමින් නොහදුනන මුත් ,  පන්ති ගාස්තු ප්‍රමාද වන අයට තාවකාලීකව පන්ති කාඩ් එකේ බාර් කෝඩ් එක අප්ඩේට් කරගෙන චිටි එකක් දමාගෙන යෑමට තිබු නීතිය නිසා ඇයට ශේන්ව හොදට මතකය. අක්කේ ඊළඟ සතියේ ගෙවනවා කිය කිය සාමාන්‍යයෙන් සති තුනක් පමණ ගාස්තු ප්‍රමාද කරන ශේන්ගේ මූණ අමතක වීමට නම් ඉඩක් නැත. 

අහ් මල්ලී .. නෑ අනේ මේ කැම්ප්ස් එකත් අපේ සර් ගෙමනේ ඒ නිසා පොඩි ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් එකක් වැදුනා මෙහෙට. අහ් මල්ලි මොකෝ කියන්නේ රෙගිස්ටර් වෙනවද අපේ කොම්පියුටර් කෝස් එකට?

අවුලක් නෑ අක්කේ, රිජිස්ට්‍රේශන් එකටවත් සල්ලි නෑ .මම මේ H.R කෝස් එකක් බලන්න ආවේ. ශේන්ගේ මුවින් පිටවුනු වදන්‍ ය.

ඒ අසා සිටි චතුරිකා නම් නිලදාරිනිහ පෑසුවේ.. නෑ මල්ලි සල්ලි ඕන නෑ රෙජිස්ට්‍ර්‍ර්ශන් එකට, ඒක රුපියල් දෙදාහක් නොර්මල් ඒත් අද පන්සීයයි ගන්නෙ , ඒක ෆරට් මන්ත් කලාස් ෆී එකට ඇඩ් කරලා දෙන්නම් යනුවෙනි..

මේ කතා බහ අතරතුරත් ශේන්ට ශෙනාලි ගෙන් එරවුම් කිහිපයක්, සහ කෙනෙත්තුම් වාර කීපයකට මුහුණ දෙන්නටද සිදු වුනු අතර ඒ නිසාම නෑ අක්කේ මම ඉස්සරහට ගිහින් එන්නම් කියා ශේප් වී ඉදිරිය පිය නගන්නට වුනි.

ක්සේ හෝ හතර වෙනි තට්ටුවෙදී දෙදෙනා ඇතුලු අනෙක් කණාඩායමම අවශ්‍ය පාඨමාලාව සදහා ලියපදිංචි කැම්පස් එකෙන් එලියට එන අතර වාරයේ ශේන් එක් වරම නැවතී පැසුවේ චතුරිකා අක්කාට නොකියු බවයි. ශෙනාලි නොරිස්සමින් පිළිතුරු දුන්නේ තමන්ට බඩගිනි බවත් ඇයට ඉකමනින් නිවසට යාමට් ආවශ්‍ය නිසා බස් එකේ තනිවම හරි ඈ ගෙදර යන බවයි.

ශේන් එයට පිළිතුරක් ලෙස හරි එහනම් මම එනකන් ස්ටෑන්ඩ් එකේ විනාඩියක් ඉන්න කියා සෙනඟ අතුරින් නැවතත් නෝපෙනී ගියේ චතුරිකා අක්කව මුණ ගැසීමටයි.

................

කතාව ඉදිරියට ඊලඟ කොටසින්..අංක දෙකෙන් බලාපොරොත්තු වෙන්න

Tuesday, February 28, 2023

අතීතයට යන්න වෙර දැරීමක්

මනෝවිද්‍යාවට අනුව,


1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.


2. ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම දීර්ඝව තම අදහස් ප්‍රකාශ කරයි.


3. ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි.


4. ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක.


5. ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත. ඔවුන් කෝපයට පත් නොකරන්න. ඒ වගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්‍රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔවුන් දන්නවා


6. ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය.


7. ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල විනෝදජනකයි.


8. ඔවුන්ට ඉතා සරල සීතල පෞරුෂයන් ඇත.


9. ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොඳ නරක පිළිබඳ කල්පනා කරයි.


10. ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි.

ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් මුළු හදවතින්ම ආදරය කරයි. ඔවුන් ගැඹුරට ආදරෙයි. නමුත් ඔබ ඔවුන්ට ආදරය නොකරන්නේ නම්, ඔවුන් දිගු ඉවසීමකට පසු ඔබව සම්පූර්ණයෙන්ම අතහැර යයි.


11. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාවේ පරාසය එලෙසින්ම නොපෙන්වන අතර, ඔවුන් ඉතා හැඟීම්බර පුද්ගලයන් වේ.


12. ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි. ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය.


13. ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත.


14. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පෙනෙන තොරතුරු වලට වඩා බලපෑ හේතුන්වලට කැමතියි. ඔවුන් අවංක ය.


15. නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත. ඔවුන් බොහෝ දේ සඟවයි. නමුත් ඔබ ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත.


16. නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති. ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වීමට කැමති ය.


17. නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති.


18. නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්. පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි.


19. නිශ්ශබ්ද මිනිසුන් පහසුවෙන් කම්පා කළ නොහැක. එය කළ හැක්කේ, ඔවුන් ප්‍රේමය පවරා දුන් අයට පමණි. ප්‍රේමය නිසා ඔවුන් ඉතා සතුටට හෝ ඉතා වේදනාවට පත් වේ.


20  නිශ්ශබ්ද මිනිසුන් ඔබේ රහස් රකියි. ඔබේ වැරදිවලට නැවත නැවතත් සමාව දෙයි. ඕනෑම මොහොතක උපකාරශීලී වෙයි. සෑම තැනකම නොඇලෙන සිතක් ඔවුන් සතුයි. ඔවුන් ඔබව දැඩිව සිතින් අල්ලාගන්නා අතර, අත්හැරියොත් එය ද ඉතා දරඳඩු යි.


අන්තජාලය ඇසුරිනි  .

Thursday, February 23, 2023

දම්මි නිදිද බලන උපුල්! (18+)

 විද්‍යාඥයින්  කියන විදිහට පෘථිවියේ අභ්‍යන්තර හරය එහි භ්‍රමණය වෙනස් කරගෙන තියෙනවා කාලයක් ඉදන්.

අපගේ ග්‍රහලෝකයේ මේ අමුතු ඇටය පිහිටා තියෙන අඟහරු ලෝකය යැයි සිතා සිටින පෘතුවි ගෝලයේ හරය සෑදී ඇත්තේ පිටත ද්‍රව ලෝහ ස්ථරයකින් සහ අභ්‍යන්තර සයිස් එක හඳ වගේ සියයට 70ක් පමණ වන ඝන ලෝහයකිනි. පෘථිවි ග්‍රහලෝකයේ සෙසු කොටස් මෙන් උත්තර ධ්‍රැවයේ සිට බලන විට හරය වාමාවර්තව භ්‍රමණය වන බව සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. ( මට ඒක තාම විශ්වාස නැහැ) නමුත් චීනයේ පීකිං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පසුගිය වසර 60 තුළ භූ කම්පන තරංග දත්ත විශ්ලේෂණය කරමින් කරන ලද අධ්‍යයනයකින් නිගමනය වී ඇත්තේ හරයේ භ්‍රමණය වසර 2009 දී පමණ නතර වූ අතර පසුව ප්‍රතිවිරුද්ධ දිශාවට නැවත ආරම්භ වූ බවයි.

මේක කියවනකොට මගේ ඔලුවට ආවේ මායි තමරංගයයි.. හය වසරෙදි පටන් ගත්ත කන්වර්ශේෂන් එකක්. ඒ දවස්වල විදුලක පත්තරේ අරගෙන ඒක තියෙන ග්‍රහ ලෝක ගැන ඇඩ්‍රොමීඩා ගැන කලු කුහර ගැන ඔලුව කුරුවල් කරගෙන හිටිය අපි 2006 වගේ කාලෙදි මේ වගේ අදහස් ආපු එක ගැන මට මාර අඩම්බරයක් දැනෙන්නේ. අපි දෙන්නගේ සංවාදය ගොඩ නැගුනේ පෘතුවය අනිත් පැත්තට කැරකෙවෙන්න ගත්තොත් කාලය ආපස්සට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. ( පරන සුපර්මෑන් ෆිලිම් එකක් බලලා ඒකෙ තියරිය ඇප්ලයි කරන්න දැගලුවේ අපි)

මම කිව්වේම කාලය නතර වෙන එකක්වත් ආපහු අතීතයට යන එකක් නම් නැහැ හැබැයි නැගෙනහිර සහ බස්නා හිර නම් මාරු වෙනවා කියලා. එතකොට බස්නාහිරෙන් ඉර නැගලා නැගෙනහිරෙන් ඉර බහිනවා කියලා. තමරංගයා නැත්නම් බවත්‍රා ( ඌගෙ මොලේ වගේම ඔලුවත් ඒ සයිස් එකටම ලොකුයි) කිව්වේම උතුර දකුණ වුනත් මාරු වෙන්න පුලුවන් කියලා.

ඒ දවස්වල මම දැනගෙනහිටියේ මාලිමාවෙන් උතුර බලන්නයි කට පාඩමෙන් උපුල් ඊ ලඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන් කියලා අකුරු ටික අරගෙන දිශා අට කියන්නයි තමා. එහෙම එකේ මට කල්පනා වුනේ යකෝ ඒ කාලෙ වෙනකොට අපිට මේකත් වෙනස් කරන්න වෙයි කියලා. උපුල් වෙනුවට දම්මිව නැවේ නග්ගල යවන්න වෙයි නේ කියලා . මොකද මෙච්චර දවසක් මාලිමාවෙ දකුනු පැත්තෙන් තිබ්බ නැගෙන හිර දැන් වම් පැත්තට යනවා නේ. එතකොට එන්න ඕන උපුල් ඊ ළඟ බලා ගිහින් දම්මි නිදිද නැවෙන් වරෙන් කියලා.



හැබැයි ඕක ගැලපීමක් නෑ වගෙ නිසා ඊයෙ අපේ ඔෆ්ස් එකේ විද්වතුන් වෙන නුස් අක්කලා තාරක මල්ලිලා වෙඩීලා ඇන් ට්වින් ඩබලේ අදහස් අනූව ඒක ලේසි.

දම්මිව යවලා උපුල් ගේ නැගලාද කියලා බලා වරෙන් කියන එක නැතනම් උපුල් ඊ ලඟ  ගිහින් දම්මි නැවේ නිදිනම් නැගලා වරෙන් කියලා වඩා උචිතයි කියන එක.

මොකද ඕක සෑහෙන්න බෝන ඕන ප්‍රශ්නයක්.!

කමක් නෑ 2009 ඉදන් ඕක කැරකුනා හරි නැතිවුනා හරි අපි චිල් එකේ ඉන්න ඕන!

ටටා..


.කවී.



දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...