විද්‍යාඥයින් කියන විදිහට පෘථිවියේ අභ්‍යන්තර හරය එහි භ්‍රමණය වෙනස් කරගෙන තියෙනවා කාලයක් ඉදන්.
අපගේ ග්‍රහලෝකයේ මේ අමුතු ඇටය පිහිටා තියෙන අඟහරු ලෝකය යැයි සිතා සිටින පෘතුවි ගෝලයේ හරය සෑදී ඇත්තේ පිටත ද්‍රව ලෝහ ස්ථරයකින් සහ අභ්‍යන්තර සයිස් එක හඳ වගේ සියයට 70ක් පමණ වන ඝන ලෝහයකිනි. පෘථිවි ග්‍රහලෝකයේ සෙසු කොටස් මෙන් උත්තර ධ්‍රැවයේ සිට බලන විට හරය වාමාවර්තව භ්‍රමණය වන බව සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. ( මට ඒක තාම විශ්වාස නැහැ) නමුත් චීනයේ පීකිං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පසුගිය වසර 60 තුළ භූ කම්පන තරංග දත්ත විශ්ලේෂණය කරමින් කරන ලද අධ්‍යයනයකින් නිගමනය වී ඇත්තේ හරයේ භ්‍රමණය වසර 2009 දී පමණ නතර වූ අතර පසුව ප්‍රතිවිරුද්ධ දිශාවට නැවත ආරම්භ වූ බවයි.
මේක කියවනකොට මගේ ඔලුවට ආවේ මායි තමරංගයයි.. හය වසරෙදි පටන් ගත්ත කන්වර්ශේෂන් එකක්. ඒ දවස්වල විදුලක පත්තරේ අරගෙන ඒක තියෙන ග්‍රහ ලෝක ගැන ඇඩ්රොමීඩා ගැන කලු කුහර ගැන ඔලුව කුරුවල් කරගෙන හිටිය අපි 2006 වගේ කාලෙදි මේ වගේ අදහස් ආපු එක ගැන මට මාර අඩම්බරයක් දැනෙන්නේ. අපි දෙන්නගේ සංවාදය ගොඩ නැගුනේ පෘතුවය අනිත් පැත්තට කැරකෙවෙන්න ගත්තොත් කාලය ආපස්සට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. ( පරන සුපර්මෑන් ෆිලිම් එකක් බලලා ඒකෙ තියරිය ඇප්ලයි කරන්න දැගලුවේ අපි)
මම කිව්වේම කාලය නතර වෙන එකක්වත් ආපහු අතීතයට යන එකක් නම් නැහැ හැබැයි නැගෙනහිර සහ බස්නා හිර නම් මාරු වෙනවා කියලා. එතකොට බස්නාහිරෙන් ඉර නැගලා නැගෙනහිරෙන් ඉර බහිනවා කියලා. තමරංගයා නැත්නම් බවත්‍රා ( ඌගෙ මොලේ වගේම ඔලුවත් ඒ සයිස් එකටම ලොකුයි) කිව්වේම උතුර දකුණ වුනත් මාරු වෙන්න පුලුවන් කියලා.
ඒ දවස්වල මම දැනගෙනහිටියේ මාලිමාවෙන් උතුර බලන්නයි කට පාඩමෙන් උපුල් ඊ ලඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන් කියලා අකුරු ටික අරගෙන දිශා අට කියන්නයි තමා. එහෙම එකේ මට කල්පනා වුනේ යකෝ ඒ කාලෙ වෙනකොට අපිට මේකත් වෙනස් කරන්න වෙයි කියලා. උපුල් වෙනුවට දම්මිව නැවේ නග්ගල යවන්න වෙයි නේ කියලා . මොකද මෙච්චර දවසක් මාලිමාවෙ දකුනු පැත්තෙන් තිබ්බ නැගෙන හිර දැන් වම් පැත්තට යනවා නේ. එතකොට එන්න ඕන උපුල් ඊ ළඟ බලා ගිහින් දම්මි නිදිද නැවෙන් වරෙන් කියලා.
හැබැයි ඕක ගැලපීමක් නෑ වගෙ නිසා ඊයෙ අපේ ඔෆ්ස් එකේ විද්වතුන් වෙන නුස් අක්කලා තාරක මල්ලිලා වෙඩීලා ඇන් ට්වින් ඩබලේ අදහස් අනූව ඒක ලේසි.
දම්මිව යවලා උපුල් ගේ නැගලාද කියලා බලා වරෙන් කියන එක නැතනම් උපුල් ඊ ලඟ ගිහින් දම්මි නැවේ නිදිනම් නැගලා වරෙන් කියලා වඩා උචිතයි කියන එක.
මොකද ඕක සෑහෙන්න බෝන ඕන ප්‍රශ්නයක්.!
කමක් නෑ 2009 ඉදන් ඕක කැරකුනා හරි නැතිවුනා හරි අපි චිල් එකේ ඉන්න ඕන!
ටටා..
.කවී.
No comments:
Post a Comment