මගේ ජීව්තේ මම කාපු බත් එකක රහටම තිබුනු අල හොද්දක්, මම බීපු තිත්තම බෙහෙතක්, මගේ ලඟම හිටපු කෙනෙක්ට වුනු දෙයක්, සහ ප්ලොට් ට්ව්ස්ට් වෙන තව සෑහෙන්න මනස්ගාත එකතුකරලා ගොඩනගන කල්පිතයක් තමයි ශේන් කියන්නේ!
ශේන් කියලා කෙනෙක් ඇත්තටම ජීව්ත් වෙන්නේ නෑ!
මේ ට්ක දවසට වුනු හැම දෙයකින්ම, අඩු ගානෙ පඩි පෙලකින් වැටුනම ඒකටත් ලුණු ඇඹුල් දාලා ලියන එක මගේ හැටි! නිදි මතට කෝපි එකක් බොන එක, පඩි පෙලේ වැදුනු තැන් වලට රිදෙන විදිහ ඒ හැම දෙයක් කතාවකට පොඩි තල්ලුවක්! අපේ ඔෆිස් එක ඇතුලේ වීදුරුවක් බිදුනත් ඒකත් මට කතාවක්! මම හිතන්නේ මේ ලඟදි පඩි පෙලෙන් වැටුනට පස්සෙ මගේ ඔලුවෙ බැලන්ස් එක නැති වෙලා, ගොඩක් සෙම වගේ දේවල් නිසා එහෙම වෙනවා කියලා ඩොක්ටර් කියනවා මතකයි, ඒවත් එක්ක මට මතක් වුනේම ශේන් කියන චරිතය මිනිස්සුන්ට දැනෙන විදිහට ගෙනියන විදිහක් ගැන. ඒ නිසා කවුරුවත් මගේ සැබෑ ජීවිතයයි බ්ලොග් එකේ ජීවිතයයි පටලවා ගන්නවා නම් ඒක ඇත්තටම නිෂ්ඵල වැඩක්!
විවිද මානසික මට්ටම් තියෙන අයට ඩොක්ටර්ස්ල එක එක ක්‍රියකාරකම් කරන්න උපදෙස් දෙනවා! කට්ටිය ඉස්සරහ කතා කරන්න, ඩයිරියක් ලියන්න, නැත්නම් නිකන්ම හිතට එන වචන ලියන්න වගේ දේවල්!
සමහර විට මම බ්ලොග් එක ලියන්නේ..හොද ගංජා සුරුට්ටුවක් ගහලා ඉන්න වෙලාවක වෙන්නත් බැරි නෑ. ඒ නිසා මට කියන්න තියෙන හොදම දෙය තමයි මගේ ජිවිතේ මේ එක්ක පටලවා ගන්න එපා කියලා! ඒ වගේම ඔයාලගෙ ජීවිත වුනත් මේ එක්ක පටලවා ගන්න එපා!
හැබයි මට මේ ටිකේ රෑට නින්ද යන්නෙම නෑ, අර පඩි පෙලෙන් වැටිලා ඇලපත වද්ද ගත්ත එකෙන්, ඒකට දීපු පේන් කිලර් ද මන්දා බිවුවම අමුතුම ලෝකෙකෙ ටික වෙලාවකට ඉන්නෙ හැබයි. තදබල නිදි මතක් එක්ක!
සමහර වෙලාවට ශේන්ගෙ කතාව ඉවර කරන්න හිතුවට එහෙම කරන්නත් බැහැ! හේතුව තමයි මේ පහල තියෙන්නේ' එක්කෙනෙක් දෙන්නෙක් කියවනව කියලද හිතුනේ නිකම්ම නිකන් ශේන්ගේ කතාව? නැහැ මහ ගොඩ පිරිසක් කියවනවා!
අවුරුද්දකට පහලොස් දාහක් , මාසෙකට තුන්සීයක් කියවන දෙයක් නවත්වපු ගමන් ඉන්න ටික දෙනා අහනවා කොමෙන්ට් කර කර ඇයි නැවැතුවේ කියලා!
එහෙනම් ටටා!
.කවී.
No comments:
Post a Comment