Saturday, August 8, 2020

තට්ටු හතර, කුක්කා මල්ලී හා වහපු ගේට්ටුව

 මිනිස්සු කතා කියන එක කොහොම නමුත් බොරු ගොතන්න නම් සෑහෙන්න දක්ශයි!

බොරු කතන්දර නිසා මිනිස්සුන්ට තමන් ලඟම ඉන්න හොදම මිනිස්සු අහිමි වෙන්නේ බලන් ඉද්දී තමා. කුක්කා මල්ලී තට්ටු හතරෙන් එලියට ඇවිත් තියෙන්නේ අපහු යන්න බලාගෙන නෙමේ වගේ.

කුක්කා මල්ලි  තිස් දාහක පඩියට මුලු තට්ටු හතරම කොන්ට්‍රෝල් කරනකොට, ඊනියා මැනේජර් කෙනෙක් කිසින දෙයක් නොකර පුටුවක වාඩි කරවලා තියෙනවා රුපියල් හැට දාහක් දීලා. ඒත්.... ප්‍රශ්නයක් ආපු වෙලාවට මැනේජර් හොරෙන්ම කුක්කාට කතා කරල අහනවා..අනේ මේකට මොකද කරන්නේ අපි කියලා..

ඒ ඊනියා මැනේජර්ගේ දැනුමට වඩා කුක්කා මල්ලිගේ එක්ස්පීරියන්ස් එකයි බුද්ධියයි වඩාත් ප්‍රායෝගික බව පේනව.

කුක්කා මල්ලී තට්ටු හතරෙ ගේට්ටුව උඹට වැහුනට, උඹ ඇරගනින් තට්ටු දහයක දොරක්. අපි උබ එක්ක ඉන්නවා..

බාලවයස්කාර කෙල්ලෝ රූම් වලට ඇදන් යන ටියුශන් දිසාපාමොක්ලා එක්ක බැලුවම උඹලා රත්තරන්!


.කවී.

Sunday, August 2, 2020

ළා පාට ඇදුම හදවත හා පපුව

බ්‍රෑං බ්‍රෑං...

අම්මටසිරි ශේන්.. පරන යාලුවෙක්.. උදේ කතා කලාට පස්සෙ  ආයෙත් අදමයි කතා කරන්නේ ..මොකෝ අවුල පුතා..

කවී අයියේ   තද පාට ඇන්ද මිනිස්සු එක පාරටම ළා පාට අදිනකොට දැනෙන හැඟිම මොකක්ද?

දන්නේ නෑ ශේන් මල්ලි..

නෑ කවි අයියේ උඹ කියනනම ඕන.

මම දන්නේ නෑ බන් උඹ මොකක් ගැනද අහන්නේ?

උඹ හරි අයියේ, මේ ආදරේ වෙලාවකට ඒක පාර්ශවිකයි. උඹේ කතාවෙ සමහර තැන් කොපි කරල අර කෙල්ලට යැව්වා.

ඒ කෙල්ල එක පාරටම මගෙන් ඇහුවේ කොයි වෙලාවෙද මගේ අත ඇල්ලුවේ කියලා.
අයියේ ඒ කියන්නේ උඹ හරි!
මම ඒ හැඟීම් ලොකුවට ගත්තට, ඒ කෙල්ලට මම තව පිටස්තරයෙක් විතරයි.
මම මෝඩයෙක් වගේ හිටපු ගමන් අහනවා විතරයි උඹ මට ඇත්තටම ආදරෙයිද කියලා.
ඒ කෙල්ල කට පුරා ආදරෙයි කිව්වට, මම ඒ කෙල්ලගෙ හිතේ ඉන්න තව කෙනෙක් විතරයි අයියේ.

උඹට තේරෙනවද අයියේ මම කියන දේ! 

සමහර වෙලාවට මටත් හිතෙනවා අයියේ මම මේ කෙල්ලගේ ඇඟට ආදරේ කරනවද කියල. ඒත් මම කවදාවත් ඇඟ ඕන කියලා කියලා නහයෙන් අඩලා නෑ. ඒ නිසා මට එතන ප්‍රශ්නයක් තියෙනවා.

අනිත් අතට ඒ කෙල්ල මාව අතේ දුරින් තියන්න හදනවා ඇති. මොකද මගෙත් ආදරේ අන්තිමට දැනෙන ආශාව ඒ කෙල්ල නිරුවත් ඇගේ උණුසුම විදින එක කියලා හිතෙනවා ඇති අයියේ. අපි තව දුරටත් ඒ ලෙවල් කරපු ඉස්කෝලෙ ළමයි නෙමේ නේ.

ශේන් මල්ලි ටිකක්සන්සුන් වෙයන්!

බැහැ අයියේ තමුසේ මහ ලොකුවට හැඟීම ගැන විස්තර කලාට මේක විස්තර කරන්න තමුසෙටත් බෑ නේද.

ශේන් මල්ලි මම උබේ ජීවිතය දිහා බලන්නේ එළියෙන් ඉදන්. 

කොහෙ ඉදන් බැලුවත් අයියේ ඒක තමයි ඇත්ත. මම ඒ කෙල්ලගේ විවෘත කමට ආදරෙයි ඒ වගේම ඊට සමානව ඇඟටත් ආදරෙයි. ඊරිසියයි, කෑදරයි..
මම කැමති එ කෙල්ලගෙ හැම අඟලකටම!
ඒත් ඒ කෙල්ල තාම මාව ම්මිටරයෙ දුරින් තියන ඉන්නේ.
මට කවමදාවත් තුරුල් වෙන්න ඹෑ අයියේ ඒ කෙල්ලහේ උණුසුමට.

ශේන් මල්ලි මගේ කසිප්පු බීකර් එක පෙන දදා නටනවා බලල එන්නද!

උඹ කසිප්පු පෙරෙනවද අයියේ!
 


නෑ බන් මේක පරීක්ශන මට්ටමේ තියෙන්නේ. උඹ තමා කලවම් කරන කූර. උඹ ඔහේ රත් වෙනවා.හැබැයි මේක බොන්නේ වෙන එකෙක්! 
එතකොට කලවම් කලවම් කරන්න ගත්ත උඹවත් හදපු මමත් නෙමේ.වෙනම කෙනෙක්. 

එදාට අපිට මල් ඉහලා බායි කියලා එන්න වෙන්නේ.

දිගටම ළා පාට ඇදුම අදින්න කියපන්. පපුව දිහා බලාගෙන හූල්ලපන්.
ඒකයි ජීවිතේ. ඒ කෙල්ල උඹට ආදරේ නෑ උඹ කරන තරම් කියලා තේරුම් ගනින්.

විකාර කියවන්නේ නැතුව ෆෝන් එක තියපන්!

ටටා...

කවී.


නෙලුම් කොලේ , හා පිලිස්සුම් තුවාල

මිනිස්සු හිතන දේවල් මොන වගේද කියලා සැකයක් ඇති වුනාම ශේන් මල්ලිට කතා කරන එක මගේ පුරුද්ද.

ශේන් මල්ලි කියන්නේ ඇත්තටම තමන්ට හිතෙන දේ එහෙම් පිටින්ම ප්‍රකාශ කරන චරිතයක්.
ඌ කියන විදිහට මිනිස්සු සමහර වෙලාවට සල්ලි තියෙන ප්‍රසිද්ධ මිනිස්සුන්ට විතරක් නෙමේ ඌ වගේ සමාන්‍ය එවුන්ටත් ඊර්ශ්‍යා කරනවා.

ඊයෙ දවස තිස්සෙම ඇවිදලා බොරලැස් ගමුවෙ නෙලුම් කොලේට ගිහින් තඩි කෑම එකක් කාලා රෙස්ට් එකක් ගත්ත ටික වෙලාවට ශේන්ට කෝල් එකක් ගැහුවේ එනවනම් වරෙන් කියන්න.

ආන්සර් කරපු ගමන් ඌ කිව්වේ උගේ උදැසන ආධ්‍යාත්මික සුවයට බාධා කිරීමෙන් වලකින්න කියලා.
මම පෙප්සි උගුරකින් කට හෝදගෙන ආදරෙන්   පහත් හඩින් හු**-------%--$-$$-$-$- මගුලක් කියන්න එපා ප*$&&$*$*$*$*$**$ කියලා   ඌට කතා කලා.


එතකොට ශේන් කියනවා. කලින්ම ඔය විදියට හොදින් කතා කලා නම් අහනව  නේද කියලා. ඇත්තට කවී අයියේ මම භාවනා කරන ගමන් හිටියේ!

තමුසේ භාවනා කරනවා? වෙන්න බෑ මොකක් දිහා බලාගෙනද? පියුමි හන්සමාලිගෙ ෆොටෝ එකක් දිහා බලාගෙනද?

අවතක්සෙරු කරන්න එපා කවී බ්‍රෝ . යූ ඩෝන්ට් නෝ අබවුට් ඉටර්න්ල් රිලෑග් සේශන්.

හරි ශේන් මල්ලි මම පස්සේ ගන්නම්! 

නෑ නෑ කවි අයියේ ඔහොම ඉන්නවා. මම මේ ඉතින් උදේ පාන්දර අර කෙල්ල ස්ටේටස් දාලා තියෙන ෆොටෝ  ස්ක්‍රීන් ශොට් ගහනවා. 

ඇයි දැන් එවන්නේ නැද්ද ප්‍රයිවට්?

ෆොටෝ නම් නෑ කවී අයියේ හැබැයි වොයිස් රෙකෝඩ්ස් එවනවා. ඒ කට හඬට එන්නේ අර දිලිසෙන තොල් දෙක අතරින් නේ අයියේ.! මනසට හරිම සහනයක් දැනෙනවා!

උබට වොඉස් ක්ලිප් එවල ඒ කෙල්ල බෝයි ෆ්‍රෙන්ඩ්ට වීඩියෝ කෝල් ගන්නවා ඇති බම්. මෙන්න මෙහෙ වරෙන් චිකන් කෑල්ලක් එක්ක රයිස් ටිකක් කන්න බොරැලැස්ගමුවේ වැව ළඟ නෙලුම් කොලේට.

කවි අයියේ ඇත්තටම ඒ කෙල්ල එහෙම වෙන්නැති නේද. වැරැද්දක් කියන්න බෑ මට අයිතියක් නෑ ණේ ආදරයක් දැනුනු පලියට. එයා ඇත්තටම එයාව අයිති කෙනා ගාව ඔඩොක්කුවට වෙලා හුරතල් වෙනවා ඇති ඕයි අයියෙ.
තමුසේ මගේ හිත කැඩුවා. දැන් මගේ හිත ඉත්තෑවෙක්ගේ වගේ විනාඩියකට 330 පාරක් විතර ගැහෙනව . මට ඕන නෑ චිකන් බියර් කෑන් දෙකක් අරන් වරෙන් පූලුවන් නම් මේ පැත්තට.
මේ ඇවිලෙන ගින්න නිවන්න පුලුවන් ඒ වගේ දේකට විතරයි.

ඕයි බල්ලෝ! ශේ  මල්ලී ඇල්කොහොල් වහා ගිං ඇවිලෙන සුලුයි උඹ දන්නේ නැද්ද! එකෙන් වෙන්නෙ උඹේ ඔය ගින්න තව වැඩිවෙන එක.

ඒකත් ඇත්ත නේ කවී අයියේ. හැබැයි හිත කොනක පොඩි සතුටක් තියෙනවා! මම ඊයේ ඒ කෙල්ලගේ අත අත ගෑවා.. මාර සිනිදුයි! 

හා ශේන් මල්ලි. වෙල්වට් වෙන්නැති ඒ කෙල්ල ගාන්නේ. උඹට ලැජ්ජ නැද්ද බන්? 

ලැජ්ජයි කවී අයියේ ඒත් ඊට වඩා ආසයි. මම කිව්වේ මට ඕන වෙලාවකට ඒ කෙල්ලව මගේ පපුවට තියලා තුරුල් කරන් තද කර ගන්න.

ඊට පස්සෙ ශේන් මල්ලී? කොහෙ හරි මුල්ලකකට ඇදගෙන ගිහින් එක එක එව්වා කරන්න?

ඕකනේ අයියේ බැරි ඔයාලා එක්ක. තමුසෙලගෙ හිත් මාර වනචරයි. 

ඔව් වෙන්න ඇති ශේන් මල්ලි. ඒ උපන් හැටි මොනවා කරන්නද ?

උඹ දන්නවද ශේන් උඹ ඔහොම කරන එකෙන් විනාශ වෙන්නේ උඹේ ජීවිතේ නෙමේ ඒ අහිංසක කෙල්ලගේ ජිවිතේ . දැනට උඹට ඉඩ දුන්නේ නැති වුනාට කවදා හරි දවසක ඒ කෙල්ල උඹට ඒකිව තුරුල් කර ගන්න දුන්නොත් උඹ එතනින් නවතිනවද? නෑ  නෙ මම දන්නවා උඹ ඒ කෙල්ලගේ පපුව වෙනක්න් ඇවිත් තමා නවතින්නේ. එතකොට ඒ කෙල්ලට මොකද වෙන්නේ උඹ කියන්නේ උඹේ  ඒ කෙල්ල වෙනුවෙන් ඇතිවෙන ආදරේ ඒක්ක එන ආසාවන් සේරම සපුරලා දුන්නම සපුර ගත්තම ඒක හරි කියලද.
උඹ දවසක් කිව්වා මතකද ඒ කෙල්ල හෙන අන්ඩර්ස්ටෑන්ඩිග් මේ රිලේශ්න් ශිප් එක ගැන කියලා. එහෙම කියලා දෙන්නම එක ඇදක් උඩට වෙලා දෙන්නගෙ ආසාවන් ඉටුකරගෙන ආයෙත් දන්නේ නෑ වගේ ජීවත් වෙන්න පූලුවන් කියලද කියන්නේ. 
උඹ නෑ කිව්වට මල්ලි ඔය රාගය කියන  ගින්න දෙන්නෙක් එක්ක  එකතු වෙලා නිවා ගත්තම ආදරයක් ඇති වෙන්නත් පුලුවන් ඒ වගේම ආදරේ මත අන්තිමට රාගය කියන ගින්දර ඇති වෙන්න පුලුවන්. ඒක ටිකක් දීර්ග කාලීනයි. ඒ වගේම පිලිස්සුම් තුවාල හරිම වේදනාකාරී ඒවා.


ඒත් මේ මොහොතෙත් උබලා ආදරෙ කරනවා නම් ඕක තේරුම් අරන් ඉන්නවා නම් ඒක නම් ඇත්තටම ආදරයක්. කවදා හරිදවසක නැති වෙන්න තියෙන අවස්තාවා වැඩී කියලා දැනගෙන. එකට ඉන්නවා නම් එකෙක් ගේ පපුවෙ තව එකෙක්ට සැනසෙන්න දෙනවනම්....... ඒත් ලෝකය ඉස්සරහ උඹළා වැරදි කාරයෝ! 
තාම මිනිස්සුන්ගේ හිත් මගේ වගේ ගෝත්‍රිකයි.

මම කාලා ඉවරයි ශේන් මල්ලී..උඹ ආවෙ නෑ නේ ! මට කාලා ඉවර වෙලා තව උඹ එනකන් ඉන්න බෑ..මම ඉස්සරහට යන්න ඕන තව..උඹ ඇවිත් ඔය කෙල්ලත් එක්ක මෙතනට..දවසක කාපන්!


👋
ටටා..

.කවී.

Friday, July 31, 2020

කට්ලට් සහ කොහිල ජීවිතයට එබිකම් කරන හැටි

උදේ පාන්දර නැගිටපු ගමන් ජීවිත වලට එබිකම් කරන එක මොන වගේද කියලා අහන්න කවුරු හරි හිටියනම් කියල හිතුන.

ඒත් කවුරුත් පිලි ගන්න කැමති නෑ තමන් තව කෙනෙක්ගේ ජීවිතයකට එබිකම් කරමින් ඉන්නවා කියලා.

ඒ වෙනුවට යම් කිසි බැඳීමක් ගෙනත් පෙන්වනවා.
ආහ් ඒ මගේ යාලුවෙක්, ඒ මගේ හොදම යලුවා, ඒ මගේ පුතා , දුව වගේ කෙනෙක් , මගේ සහෝදරයෙක් සහෝදරියෙක් වගේ කියලා.

ඇයි?

මිනිස්සු ලැජ්ජයි ඇත්ත පිලි ගන්න.

මේක නිකන් ඇතුලට කොහිල ගුලි කරලා ඊට උඩින් පාන් පිටි , පාන් කුඩු තවරලා බැදලා කට්ලට්  දෙනවා වගේ වැඩක්! බෝහෝමයක් පිරිස කැමති නෑ කොහිල කන්න , ඒත් ඒක පොඩි ආලේපනයක් දාලා බැදලා දුන්නම හොය හොය කනවා.

මිනිස්සු කරන වැඩ සරල වුනාට මිනිස්සු හිතන විදිය සංකීර්නයි.
කෙනෙක් වෙලාවකට හයියෙන් කතා කරන්නත් වෙලාවකට හෙමින් කතා කරන්නත් හේතු හොයනවා වෙන්න පුලුවන්. 
මිනිස්සු කතාකරන විදියෙන් හරි ඇස් දෙකෙන් හරි ඇතුළාන්තය යම් තාක් දුරකට හිතා ගන්න පුලුවන්.
හරිම මෙලෙක් හිත් තියෙන එවුන් බොහෝමයක් වෙලාවට අදස් ප්‍රකාශ කරන්න තෝරගන්නේ තමාට විශ්වාස  තැනක් විතරයි. තමන්ගේ හැඟීම් පලකරන්න පුලුවන් තැනක් විතරයි. වට්සැප් එක වගේ.

සාමාන්‍ය ජීවිතයේදී කාතාබහ නොකරන මිනිස්සුගේ ජීවිතය අකුරුත් එක්ක කෙටි පණිවිඩ විදියට ගලන් යනවා වෙන්න පුලුවන්.
එතකොට උඹේ ෆෝන් එකේ මැසේජ් වල ජීවත් වෙන පුදගලයා හරිම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සැබෑ ලෝකයේ ඉන්න මනුස්සයාගෙන්.. සැබෑ ජීවිතයට වඩා  දුරකතනයෙන් කතා කරන පුදගලයා වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
 
ඒ ජීවිතේ එක් අවස්තාවක අදහස් හැඟිම් විශ්වාසම කෙනෙක් එක්ක බෙදාගෙන. විශ්වාසය නැත්තටම නැතිවුනු මිනිස්සු වෙන්න පුලුවන්. ඒ නිසාම ගොලුවෙන මිනිස්සු බොහෝමයි!

ඒත් ඒ මිනිස්සු හරිම ආදරනියයි. රාගයකකින් තොරව.

තමන්ව කඩාගෙන බිම දා ගන්නවා වෙනුවට! ඉගෙන ගන්න ඕන කඩා නොවැටී ඉන්න හැටි.


👋 
ටටා.

කවී.

Thursday, July 30, 2020

කාබයිට් කෙහෙල් සහ පගාවක් !


දණ ගහල වැදපු හාමුදුරුවෝ 
වඩින්නේ V8 එක මතද ..
සල්ලිවලට ගත්තේ නෑ පූජ කරලාලු
පහන් වී සිත..
වටා පතින් වසාගෙන මුනි වත
දෙසුවාද එක් රැස් කිරීම කැප නැති බව 
උඹ වෙත.
ඇති කියා හිතෙනවා ඒ දහම..

හැම දේම දෙවියොන්ට 
බාර දී වැදපන් හැමදාම..
දෙවියොන්ට වැන්දොත් හැමදාම
උඹට ගොඩ යන්න මගක් පාදයි
ටක්කෙටම.. කම්මැලි වුනොත් දිගටම..
අමතකද ගව මඩුව?
නත්තල් නිවාඩුවට සුරුවමක් යට
උරුවම් කරන විස්කි බෝතලය!
රත්තරන් කුරුසයක් පූජ කරපන්
හෙට පල්ලියේ මංගල්ලෙට  
ඔව් ජේසු පිහිටයි උඹලාට..

දෙවියො සෝලාර් පවර් හින්දද
දේවාලේ කපුව පාවිච්චිය හයිබ්‍රිඩ් ?
බලෙන් ඉදවාපු කෙහෙල් ගෙඩියක්
කාබයිට් ගුලියක්!
අච්චරක් පින් කරපු දෙවියන්ට
අල්ලස්!
පූසාරි කෝවිලේ සම්බන්දී කරන
ලේකම් තනතුරද
සිතූ පැතූ සම්පත් ලැබෙන 
දෙවියන්ට ඇයි අහේනිය?

ඔය තරම් පැහැදිලියි නම් දහම
ඇයි බම් අපි මෙහෙම තැන තැන..
නිකායන් හැම අත..
ඉතින් මෙහේ හැදුනට ඇරබික්‍ ලූ
උඹේ මව් බස?
සැක තැන් ගැන විචාරන්නාට
දඩුවමකි මරණය කෝ උතුම් කුරාණය ..
අල්ලහා කොහිද නුඹ?

.කවියා.



Wednesday, July 29, 2020

කොළපාට ටින්, වෙලක් ළඟ ගලක් උඩ

පාන්දරම කතා කරලා අමුතුම ආශ්වාදයක් ලබන ශේන් මල්ලි. නයිට් ටයිම් ඩේටා ඇක්ටිව් වෙනකන් ඉන්නේ වට්සැප් එකේ මොනව හරි මගුලක් කියන්න තමා.

සැරින් සැරේට මැසේජ් එවනව හෙන ගහන්න වගේ. නිදි නෑ නේද නිදා ගන්න එපා කියලා!

රෑ දොළහයි එක වුනු ගමන් කතා එලාම් එකක් වදිනව වගේ මූ කෝල් කරන්නේ. 

ඕයි කවි අයියේ. එනවද මුරුක්කු ටිකක් කන්න?

ඇයි බන් ශේන් මල්ලී මොකෝ විශේෂයෙන් ? මුරුක්කුම?

අයියේ අර කෙල්ල ගිය ඉරිදා මට ආදරෙයි කිව්වා!

හරි ශේන් දැන් උඹ මොනවා කරන්න කියලාද මට කියන්නේ?

නෑ නෑ කවි අයියේ තමුසෙ මුකුත් කරන්න ඕන නෑ ඇවිත් සතුටට මුරුක්කු කෑල්ලක් කනවා සද්දේ එන්නෙ නැති වෙන්න

හ්ම්.. මේ ශේන් මල්ලි උඹ වගේ තව කී දෙනෙක්ට ඔය කෙල්ල ඔහොම කියල ඇතිද?

නෑ කවී අයියේඑ උඹ දන්න ඉටි ගෙඩිය..මගෙන් ඇහුවා ඒ කෙල්ල ඒ කෙල්ල ඇරෙන්න ක්ලාස් එක් වෙන කෙල්ලෙක් ගැන ඉන්ටරෙස්ට් ද කියලා.
මම ඉන්ටරෙස්ට් උනේ ඒ කෙල්ලට විතරයි කිව්වාම ඒ කෙල්ල මට ආදරෙයි කියලා එව්වා.


ඒ වෙනුවෙන් අයියේ තමුසේ මුරුක්කු ටිකක් කන්න එන්නම ඕන. හොදේ!
ඇවිත් සද්දේ එන්නෙ නැති වෙන්න මුරුක්කු කන්න ඕන හරිද!

එහෙමයි ස්වාමීනී! වෙන මොනවා කියන්නද.. 
..................................................................

ඔය සුරංඟනා කතාවල ඉන්න නයිට්ලට පිස්සු. 
උන් ඉන්නකන් ඉන්න කුමාරිකාවො වෙනුවෙන් ඇනකොටාගෙන වෙන කුමාරයෙක් ඇවිත් කුමාරිකාව දක්කගෙන යනකන් බලන් ඉන්නවා.

නැත්නම් උන්ගේ මගුල් පොරුවට බඩු තමන්ගේ අශ්වයා පිටින් අදිනවා.
වෙලාවක ඌබර් , පික් මී ජොබ් එකත් කරනවා..පස්සේ හෑල්ලු වෙලා යනවා.
..................................................................

කාලෙකට පස්සෙ ඊයෙ විශා නංගි කතා කලා. කොළපාට කාල්ස්බර්ග් එකක් උස්සන් වරෙන් අය්යේ එනවනම් කියලා. 
විශ්කි නම් ශොට් දෙකෙන් නවතිමු, බියර් නම්  අවුලක්ම් නෑ අයියේ ගහමු. කියලා.

උඹේ ෆියුචර් ප්ලෑන්ස් මොනාද ඇහුවම කියන්නේ. ලොකු හීන නම් නෑ. වෙලක් ගාව නැවතිලා ගලක් උඩට වෙලා බියර් එකක් බිව්වනම් ඇති කියලා.

සතුටුයි!
..............................................................
 
ටටා
කවියා.


Tuesday, July 28, 2020

භුමාටු දේවතා ආරුඨයෙන් ශාස්ත්‍ර කියනු ලැබේ.

උදේ පාන්දර ජීවිතෙන් නැගිටලා ඇදන් හිටපු සරම ඇද යටින් හොයලා ගන්න එකත් හොද වයායාමයක්.
ඒ එක්කම අපේ නාවල සෙට් එකේ උන් කියන විදිහට උදේ පාන්දර  නැගිට්ට ගමන් බොහෝමයක් විවාහ නොවුණු කොල්ලන් මුනින් අතට ටික වෙලාවක් යනකං ඇදේ ඉන්න එක ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙලා.

කොහෙවත් ඉන්න මිනිස්සු ජීවිත වලට කඩන් වැටිල අපි උන්ගෙන් පඩි ගන්නවා වගේ උපදෙස් දෙනකොට හිතට පොඩි අවුලක් දැනෙන්න පුලුවන්. 
ඕපපාතික ජීවිත විදියට ඇවිල්ලා දැන් භුමාටු දේවතාවෝ වගේ හැසිරෙනවා! අපි සදා කර්මය ගෙවන ප්‍රේත ආත්ම.
නාවල තට්ටු හතර වෙන්න පුලුවන් මගේ යාලුවන්ගේ තැන් වෙන්න පුලුවන් අන්තිම වශයෙන් අපේ ඔෆිස් එක වෙන්නත් පුලුවන්.



අර කලින් දවසක කිව්වා වගේ පාඩු නම් පඩියෙන් කපන ලාභ නම් ලාභය ආදයම් බදු එකෙනුත් හංගන න්‍යාය ආපහු කරලියට එනවා.

ඔය අත‍‍‍‍‍‍‍‍රේ ඉහළම කළමනාකරණ පුටුවකින් තවත් පුටුවකට පහත් හඩින් කියන්න පුලුවන්. අපෝ ප්‍රොෆිට් පෙන්වන්න හොද නෑ එහෙම වුනොත් මිනිස්සු Allowances , Increments  බලාපොරොත්තු වෙයි. ඒ නිසා මේ තීයෙන ආමාරුව එහෙම්ම පෙන්වගෙන යමු. කොරෝනා නිසා වුනු පාඩුව තාම එහෙඑහෙම්මයි කියලා.

සරල ජීවිත රුපියල් දොලොස්දාහට සැන්ඩ්ල්ස් දෙකක් ගන්න ඉහල පුටුවල මිනිස්සු පහල වැඩ කරන කොල්ලෙක්ට කෙල්ලෙක්ට මාසයක් උගේ ළමයින්ටත් එක්ක රුපියල් දහතුන්දාහක් ඇති කියනවා. අපි ඒ දවස්වල වැඩ කලේ දෙදහට කියනවා. ඔව් ඉතින් දෙදහට් වැඩකලත් මුලු මාසෙම වියදම පන්සීයයි නම් එක්දාස් පන්සීයක් ඉතුරුයි. ඒ ඉතින් ඒ කාලෙ නෙ.

නැත්නම් රෑට කතා කරල චරපුරුශ ජොබ් එක කරලා මස් කට්ටක් බලාපොරොත්තු වෙන කුක්කෙක් කික්කියක් ඉන්නත් පුලූවන්. තමන්ගේ කුක්කාට කික්කිට මෙහෙම කියනවා වෙන්නත් පුලුවන්.

"ඉන්නකො  කුක්කෝ මම ඔයාව ඔතන් තියෙන ලොකුම පුටුවෙ වාඩි කරලා තමා පස්ස බලන්නේ, අනිත් එවුන් එක එකා එලියට ඇදලා දාලා"..

ඊට පස්සෙ බැරියෑ අපිට ගේමක් ගහ ගන්න! එතකන් රෑට හැමදාම රිපොර්ට් කරන්න ඕන.! හොදේ !
.......................................

වෙනම හෝටලේකට ඉරිදා දවල් කෑමට සෙට් වෙලා සකච්ජා කරන්නේ  සේවක සුභසාධණය ගැන නෙමේ. ප්‍රොෆිට් එක අඩු කරලා පෙන්වන්න ඉල්ලීම කරන එක සහ ඒවෙනුවෙන් කීයක කුට්ටියක් ලබාදෙනවාද වග.

ශේක්ස් පියර් මාර ඩයල් එකක් තමා.මේ සීන් එක ඒ දවස්වලම කිව්වා නේ.
"ලෝකයම රඟ මඩලක් , ඔබ මම අපි සැවොම මේ වේදිකාවේ නළුවන් පමණකි".

ඇත්ත සහතික ඇත්ත.!

ටටා 👋 
කවියා.

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...