බ්රෑං බ්රෑං...
අම්මටසිරි ශේන්.. පරන යාලුවෙක්.. උදේ කතා කලාට පස්සෙ ආයෙත් අදමයි කතා කරන්නේ ..මොකෝ අවුල පුතා..
කවී අයියේ තද පාට ඇන්ද මිනිස්සු එක පාරටම ළා පාට අදිනකොට දැනෙන හැඟිම මොකක්ද?
දන්නේ නෑ ශේන් මල්ලි..
නෑ කවි අයියේ උඹ කියනනම ඕන.
මම දන්නේ නෑ බන් උඹ මොකක් ගැනද අහන්නේ?
උඹ හරි අයියේ, මේ ආදරේ වෙලාවකට ඒක පාර්ශවිකයි. උඹේ කතාවෙ සමහර තැන් කොපි කරල අර කෙල්ලට යැව්වා.
ඒ කෙල්ල එක පාරටම මගෙන් ඇහුවේ කොයි වෙලාවෙද මගේ අත ඇල්ලුවේ කියලා.
අයියේ ඒ කියන්නේ උඹ හරි!
මම ඒ හැඟීම් ලොකුවට ගත්තට, ඒ කෙල්ලට මම තව පිටස්තරයෙක් විතරයි.
මම මෝඩයෙක් වගේ හිටපු ගමන් අහනවා විතරයි උඹ මට ඇත්තටම ආදරෙයිද කියලා.
ඒ කෙල්ල කට පුරා ආදරෙයි කිව්වට, මම ඒ කෙල්ලගෙ හිතේ ඉන්න තව කෙනෙක් විතරයි අයියේ.
උඹට තේරෙනවද අයියේ මම කියන දේ!
සමහර වෙලාවට මටත් හිතෙනවා අයියේ මම මේ කෙල්ලගේ ඇඟට ආදරේ කරනවද කියල. ඒත් මම කවදාවත් ඇඟ ඕන කියලා කියලා නහයෙන් අඩලා නෑ. ඒ නිසා මට එතන ප්රශ්නයක් තියෙනවා.
අනිත් අතට ඒ කෙල්ල මාව අතේ දුරින් තියන්න හදනවා ඇති. මොකද මගෙත් ආදරේ අන්තිමට දැනෙන ආශාව ඒ කෙල්ල නිරුවත් ඇගේ උණුසුම විදින එක කියලා හිතෙනවා ඇති අයියේ. අපි තව දුරටත් ඒ ලෙවල් කරපු ඉස්කෝලෙ ළමයි නෙමේ නේ.
ශේන් මල්ලි ටිකක්සන්සුන් වෙයන්!
බැහැ අයියේ තමුසේ මහ ලොකුවට හැඟීම ගැන විස්තර කලාට මේක විස්තර කරන්න තමුසෙටත් බෑ නේද.
ශේන් මල්ලි මම උබේ ජීවිතය දිහා බලන්නේ එළියෙන් ඉදන්.
කොහෙ ඉදන් බැලුවත් අයියේ ඒක තමයි ඇත්ත. මම ඒ කෙල්ලගේ විවෘත කමට ආදරෙයි ඒ වගේම ඊට සමානව ඇඟටත් ආදරෙයි. ඊරිසියයි, කෑදරයි..
මම කැමති එ කෙල්ලගෙ හැම අඟලකටම!
ඒත් ඒ කෙල්ල තාම මාව ම්මිටරයෙ දුරින් තියන ඉන්නේ.
මට කවමදාවත් තුරුල් වෙන්න ඹෑ අයියේ ඒ කෙල්ලහේ උණුසුමට.
ශේන් මල්ලි මගේ කසිප්පු බීකර් එක පෙන දදා නටනවා බලල එන්නද!
උඹ කසිප්පු පෙරෙනවද අයියේ!
නෑ බන් මේක පරීක්ශන මට්ටමේ තියෙන්නේ. උඹ තමා කලවම් කරන කූර. උඹ ඔහේ රත් වෙනවා.හැබැයි මේක බොන්නේ වෙන එකෙක්!
එතකොට කලවම් කලවම් කරන්න ගත්ත උඹවත් හදපු මමත් නෙමේ.වෙනම කෙනෙක්.
එදාට අපිට මල් ඉහලා බායි කියලා එන්න වෙන්නේ.
දිගටම ළා පාට ඇදුම අදින්න කියපන්. පපුව දිහා බලාගෙන හූල්ලපන්.
ඒකයි ජීවිතේ. ඒ කෙල්ල උඹට ආදරේ නෑ උඹ කරන තරම් කියලා තේරුම් ගනින්.
විකාර කියවන්නේ නැතුව ෆෝන් එක තියපන්!
ටටා...
කවී.
No comments:
Post a Comment