Saturday, August 8, 2020

තට්ටු හතර, කුක්කා මල්ලී හා වහපු ගේට්ටුව

 මිනිස්සු කතා කියන එක කොහොම නමුත් බොරු ගොතන්න නම් සෑහෙන්න දක්ශයි!

බොරු කතන්දර නිසා මිනිස්සුන්ට තමන් ලඟම ඉන්න හොදම මිනිස්සු අහිමි වෙන්නේ බලන් ඉද්දී තමා. කුක්කා මල්ලී තට්ටු හතරෙන් එලියට ඇවිත් තියෙන්නේ අපහු යන්න බලාගෙන නෙමේ වගේ.

කුක්කා මල්ලි  තිස් දාහක පඩියට මුලු තට්ටු හතරම කොන්ට්‍රෝල් කරනකොට, ඊනියා මැනේජර් කෙනෙක් කිසින දෙයක් නොකර පුටුවක වාඩි කරවලා තියෙනවා රුපියල් හැට දාහක් දීලා. ඒත්.... ප්‍රශ්නයක් ආපු වෙලාවට මැනේජර් හොරෙන්ම කුක්කාට කතා කරල අහනවා..අනේ මේකට මොකද කරන්නේ අපි කියලා..

ඒ ඊනියා මැනේජර්ගේ දැනුමට වඩා කුක්කා මල්ලිගේ එක්ස්පීරියන්ස් එකයි බුද්ධියයි වඩාත් ප්‍රායෝගික බව පේනව.

කුක්කා මල්ලී තට්ටු හතරෙ ගේට්ටුව උඹට වැහුනට, උඹ ඇරගනින් තට්ටු දහයක දොරක්. අපි උබ එක්ක ඉන්නවා..

බාලවයස්කාර කෙල්ලෝ රූම් වලට ඇදන් යන ටියුශන් දිසාපාමොක්ලා එක්ක බැලුවම උඹලා රත්තරන්!


.කවී.

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...