Wednesday, January 6, 2021

පැමිනිලි කිරිමේ ක්‍රියා පටි පාටිය

 නොවැම්බර් 17

උඹ දැකලා තියෙනවද යාළුවින්ට යාළුවෝ එපා වෙන හැටි. අදාලම නැති දේකට. උන් හිටි ගමන් අතුරු දහන් වෙන යාළුවෙක් ගේ මගුලෙ ආරක්ශාව ගැන හිතන්න ගිහින් උඹේ හොදම යාළුවා නැති කරගත්ත අතීතයක් උඹට තියෙනවද?   

තියෙනව නම් මට සතුටුයි වරෙන මගේ බැජ් එකට. 👋

උදේ පාන්දර නැගිට්ටම දැනෙන සීතල එක්ක බ්ලොග් එක ලියන්න ඕන වුනාම මම කරන්නේ වට්සැප් එකේ උඩට පහලට යන එක.

එක වෙලාවකදි මට හිතෙනවා සමහර මිනිස්සුන්ට මම කොච්චර විවෘත වෙලා තියෙනවද කියන එක, තවත් වෙලාවකට හිතෙනවා මටත් විවෘතයි කියලා හිතපු එවුන් කොච්චර ආවෘතද කියලා. මම උන් ගැන දන්නේ උන මට කියන්නේ බොහෝම සුළු දේවල් ටිකක් වුනත් උන් මන් ගැන කොච්චරක් දේ දන්නවද කියන එක කල්පනා වුනාම උදේ පාන්දර හිතෙන්නේ පොඩි තනිවුනු ගැඟීමක්.

රිප්ලේස්මන්ට් න්‍යාය හොදින්ම ක්‍රියාත්මක වෙන තැන් වලින් ඔෆිස් වලින්  ඉගෙන ගන්න දේවල් බොහෝමයි!

ඒ අතරතුර බොස් කෙනෙක් කියනවා නම් සේරම බොස්ලා එකයි බොස් කියන තනතුරට ආවම කියලා..මුරුංගා අත්තේ තියාගෙන රෝස මල් වලින් ගහන්න එපා ඒ කියන බොස්ට. හිතපන් මේ බොසුත් බොස් කෙනෙක් බව  එතකොට තේරෙයි බොස් කියන පොශිශන් එකේදී හැමෝම එක බව.



වෙලාවකට මට හිතෙන්නේ අපි මොන්ටිසෝරි කාලයේ ජීවත් වෙනවාද කියන එකයි  හේතුව ටොප් මැනේජ්මන්ට් එක අපිව මොටිවේට් කරන්නේ ඇත්තට අපි හොද නිසා නෙමේ නාස් ලනුව දාලා නැති නිසා කුලප්පු වී අනින්නේ කොයි වෙලාවේද කියලා හිතා ගන්න බැරිනිසා වෙන්න පුලුවන්. අපි එක්ක කොච්චර ලොකු අං තියෙන හැඩි දැඩි පට්ට ඩයල් හිටියත් උන්ටත් මෙතනදී නාස් ලණුව දාලා තියෙන නිසා දැන් එහෙයි කියාගන හපුතලේ කන්ද නගිනවා.

පැමිනිලි කිරිමේ හා ඉල්ලීමේ කිරීමේ ක්‍රියා පටි පාටිය අනූව තම්න් වාර්තා කල යුතු තැනට වාර්තා කරමින් විහිදුම් ජාලයේ පහල සිට උඩට පැමිනිල්ල හෝ ඉල්ලීම යොමු කිරීම සමහර තැන් වල ක්‍රියාත්මක වෙන්නේම නැත.

ඒ වෙනුවට එහිදී අනුගමනය  කල යුතු ක්‍රියා පටි පාටිය වන්නේ ආයතනයේ ලිපි කරු තම ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වරුන් අධ්‍යක්ෂ වරුන් හමුවී ඉල්ලීම් ඉදිරිපත් කිරීමයි. නමුත් ඉල්ලීම ක්‍රියාත්මක කිරීමේදී ඉහලට ආ ක්‍රියා පටි පාටිය නොවේ. එතැනදී ක්‍රියාත්මක වන්නේ නිසියාකාර මාර්ගයයි.  මානව සම්පත් ප්‍රධානියා,  ලිපිකරුගේ වහාම වාර්තා කරනා කළමනාකරුවන් හා ආරිථික විශ්ලේශකයන් වෙත යොමු කර වටේ යවා ඉල්ලීම ඉටු කිරීම වෙනුවට මගදීම නවත්වා ගැනීමයි. එතකොට ඉල්ලීම කරපු එකාටත් හිතා ගන්න බෑ කොහෙන්ද වැඩේ නැවතුනේ කියලා. එතක්ට දැන් ආයෙත් තියෙන්නේ කලින් විදිහටම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අභියාචනා කිරිමයි..

එතකොට දේවල්  කිහිපයක් වෙන්න පුලුවන්.

1.  ඇයි අපි කිව්වානේ ගන්න කියලා ඒක. ඇයි අපිට  දැනුම් දුන්නා නේ ඒක කියලා කලබලයක් මවාගෙන අහන එක.

2.නැත්නම් මොනවා කරන්න්ද අපිත් අසරණයි. තනියම අපිට තීරණයක් දෙන්න බැහැ නේ. යැයි පවසමින් තමන් සුද්ධ වීම.

3.නැත්නම් හෝ ගාලා බටර් ටිකක් වක් කරලා මුරුංගා ගහේ කරටියක් පෙන්වලා ඔළුව අත ගාලා ආපහු හරවලා එවන එක.

එතකොට අපිට කරන්න තියෙන්නේ එක දෙයයි.

මනා සේ දැනගෙන ගොනා සේ ඔලුව වනා ඇවිත් අන් දෙක හොදට මුවහත් කර ගැනීම. කවදා හරි අනින්න ඕන වූ වෙලාවට අනිත් පැත්තෙන් එන විදිහට ඇන ගාල කඩාගෙන එළියට එන එක.

තණකොල හරි කමක් නෑ නිදහසේ කන එක!

.කවී.

Saturday, January 2, 2021

වචන උඹ සහ ඇය!

 එදා නවත්වපු තැනින් අද පටන් ගන්න ඕන කියලා නිකම් හරි හිතුන නම් ඒ ශේන් ගේ දිනපොතට එබිකම් කරපු දවසක් විතරයි!කෙනෙක්ගේ දින පොතක් කියවන එක වැරදි වුනත් අයිතිකාරයාම කියවලා උඹට අදහසක් ගන්න පුලුවන් නම් ගනින් කියලා කිව්වම නොකර ඉන්න බෑ. අනික හිත යටින් කොහොම හරි අපිත් කැමතියි අනුන්ගේ පෞද්ගලික ජීවිතයක් මොන වගේද ගෙවුනේ කියලා දැන ගන්න.

------------------------------------------------------------------------

දෙසැම්බර් 26 -

යන්තම් ජීවිතේ පටන් ගත්තා විතරයි මට හිතෙනවා මම දැක්කා කියලා උඹ වගේම ජීවිතේ ලේයර් ගොඩක් තියෙන ආදරණීය චරිතයක්! උඹ හිටියනම් කියයි නෑ ශේන් උඹ හමෝටම ආදරේ කරන්න හදනවා. ආදරේ කියන දේට තේරුමක් හොයන්න හදනවා කියලා.

ඒත් උඹ ඇරෙන්න ජීවිතේ මට ලස්සනයි සහ අහඅහිමිවීමක ඉර්ශ්‍යාවක් දැනුනු දෙවෙනිය මේ. දන්නවද උඹට පෙනුමෙන් වගේම එක හා සමාන වචන සෙට් එකක් තියෙන්නේ. තැන් දෙකකදි මට නිකන් මගේ පිට කොන්දේ විදුලි කොටනවා  වගේ දැනුන .

එකක් උඹ කිව්වා මතකද

  "ශෙන් තමුසෙ ගාව මාර රස්නෙයි". මෙච්චර සීතල පළාතක තමුසෙ ගාව තුරුල් වෙලා අමු අමුවෙන් ඉන්න පුලුවන් ස්විටර් ජැකට් බ්ලැන්කට් නැතුව. උදේ පාන්දරට නැගිටලා හොරෙන්ම යන්න එපා බන් රූම් එකෙන් එලියට , උඹට දුක නැද්ද මේ කෙල්ල සීතලට වෙවුලන්න ගන්න කොට".

උඹගෙයි ඒ කෙල්ලගේ වචන අතර තිබුනේ සමානකමක් වෙනසකට තිබුනේ ආමන්ත්‍රණය " අයියා" වීම.

"අයියේ ඔයා ගාව සෑහෙන්න රස්නෙයි"

පරණ කතන්දර ගොඩක් ලොක් කරලා වහලා දාපු කබඩ් එකක් අරින්න හදපු යතුරක් වගේ ඒ වචන ටික. හදවතේ පතුලෙම අඩියේම තිබුනු උඹේ මතකය උඩට ඇදලා ගත්තා අවුරුදු පහකට පස්සේ..

ඒත් ආපහු එන ගමන් මම හිතුවේ..ඒක අහම්බයක්, ඒ වචන ටික අහම්බයක් කියලයි. හැබැයි මට නොදැනීම බයි එක ලේක් හවුස් එක ගාව අයිනට වෙන්න නවත්තල උඹේ මූනයි මේ මුනයි සමාන කරන්න ගත්තා..

ඔව් අර උඹ අදින නිල් පාට බ්ලවුස් එක දිගම දිග කළු ගවුම ඇදලා කොන්ඩේ කඩලා දැම්මහම මම රැවටෙනවා ඒ උඹ කියලා!

නැවතුනු පළවෙනි තැනට වඩා , උඹ ගාව මම ජීවිතේ දැක්කා උඹ මට ජීවිතේ විදගන්න හැටි කියලා දීලා ආදරේ ගැනත් මහ පාඩම් ගොඩක් කියලා දීලා හයර් එකට ට්‍ර්ප් එකක් අරන් ගිය ඩ්‍රයිවර් වගේ ගමන් ඉවර කරලා නැග්ග නැවතුමටම ගෙනත් අතහැරියා. ඒකත් කලේ ආදරෙන්.! හැබැයි උඹ හයර් එක වෙනුවට මගේ ජීවිතේ වටිනාකම් ගොඩක් අරගෙන පසු තැවීම කියන වේදනාව තියගනින් කියලයි ගියෙ.

කොහොමත් ඒ උඹ නේමේ කියලා දන්නවා ඒත් මගේ හිතයි අතයි මනසයි පැන්සල එක්ක මකනය ඒක පිලි ගන්න කැමති නෑ. උඹව නොඇන්දාට මම දැන් උඹ වගේ කෙනාව අඳිනවා ඒ ෆෝ කොල පුරාවට..

ජනවාරි 01 ,2021

ඒක අහම්බයක් කියලා මම හිතන්න ගත්තට ඒක හිත පිලි ගන්න කැමති නෑ!  හැබැයි දෙවෙනියා උඹ වගේ නෙමේ කියන්නත් බෑ..  එදා කැම්පස් එකේ බැම්මේ වාඩිවෙලා කියපු වචන ටික මට අද ආයෙත් ඇහුන...ආයෙත් පාරක් මගේ කොදු නාරටිය සීතල වෙලා ගියෙ ඒ වචන ටිකම  ඇහෙනකොට.

''ශේන් මට විශ්වාසයි ඔයා හැමෝටම පේන්න ඉන්න කෙනා නෙවෙයි කියලා" හැමෝටම හිනාවක් දාන සමහර වෙලාවට රවාගෙන ඉන්න, හෙන දුශ්ඨ නපුරු පාට් දාන කෙනා නෙමෙයි කියලා.. ඔයා හැංගෙනවද ශේන් මොනවගෙන් හරි? මොනව වුනත් කමක් නෑ මම දන්නවා කොච්චර නපුරු හමක් පොරවන් යකඩයා වගේ    හිටියත් උඹ මම ආදරේ කරන්කොට මාශ් මෙලෝශ් කෑල්ලක් වගේ මෙලෙක් වෙනවා කියලා. උඹට තියෙන්නේ උණු වෙන හිතක්, උඹ ඒ නිසා කෙලවගත්තා..ඒ නිසා උඹ දැන් වෙන කෙනෙක් වෙලා ඉන්නේ! කරුමෙකට අපි දෙන්නා හම්බවෙලා, මම උඹේ ඔය යකඩ කවරෙටයටින් තියෙන පපුවට ඇඟිල්ලෙන් ඇන්නා...ඒත් මගේ ඇඟිල්ලට විතරයි උඹේ හිත මාශ්මෙලෝශ් වගේ කියලා දැන්න දුන්න.. "

එතනත් පොඩි වෙනසයි මට විශ්වාසයි වෙනුවව එතන තිබුනේ මට හිතෙන්නේ අයියේ කියන එක!කතාව එකමයි..ඩයිරියේ ලියන්න කලි මම කිව්වා මම හැමෝම අද්‍යනය කරනාවා ජීවිත වලින් 45% ක් විතර..ඒත් මම ඔයාව 85% ක් විතර අද්‍යනය කරනවා කියලා.

මම කැමතියි දැන් මේ වේදනාවට. අත් හරින්න ලෝභ කම, අයිති කර ගන්න ආශාව, දුරකට යයි තවත් කෙනෙක්ට ආදරේ කරනවා කියලා තේරුනහම් දැනෙන ඉර්ශ්‍යාවට.. මට මම වගේ ඉන්න මේ ලොකෙ ඉඩ දෙන්නේ නෑහැ. මේ ලෝකය පිළි ගන්නේ නෑ මාව..මිනිස්සු තේරුම ගන්නේ නෑ මාව!   ඒ නිසා මම වෙනස් අනිත් එවුන්ට හැබැයි මගේ හැඟීම් අමු අමුවෙන් උඹ එක්ක බෙදා ගන්න තරමට විශ්වාස කරන්න අරන් මම..



මම දන්නවා මේ දෙදහස් විසි එක අවුරුද්ද හරිම අමුතු අවුරුද්දක් වෙන බව. නිදි මතයි ජීවිතේට...

..............................................

නෝටි පෑඩ් ඩයිරියේ ස්ක්‍රීන් ශොට් එකක් මම තමුසෙට එව්වා කවි අයියේ පුළුවන් දෙයක් කරහන්..

..............

මිනිස්සු කියන්නේ උඹට මට නෙමේ ශේන් මේකේ..මම ආසයි උඹේ ඔය හැන්ගිච්ච කබර්ඩ් එකෙන් පොත් දෙක තුනක් අරන් බලන්න..ගොඩක් පරණ..

මිටි ගහලා තියෙන්වා කවි අයියේ උඹට ගෙනත් දෙන්නම්..කියව්පන් උඹ ගාව මගේ වැලලිච්ච අතීතය එහෙම්ම තියෙයි  කියලා හිතෙනවා .. අනික මට ලෝකෙට කියන බැරි දේ උඹ මම වෙනුවෙන් පාපොච්චාරණය කරනකොට හිතට සැහැලුයි..

හරි ශේන් සුභ ගමන්.. මට හෙටට් එවපන් උඹගේ යාං හැල්ලෙන් පුංචි කොටසක ස්ක්‍රීන් ශොට් එකක්..

මට කියන්න තියෙන්නේ මගේ ප්‍රියතම නළුවා ජොනී ඩේප් ගේ ප්‍රසිද්ධ කියමන..හොයලා බලපන් ඒක..

ජය වේවා..ඩේටා ඕෆ් කලා..සුභ අලුත් අවුරුද්දක් ශේන් මල්ලී!

ටටා.. හෙට අලුත් පිටුවකින් හම්බවෙමු

.කවී.


Friday, January 1, 2021

භූතයන්, පොල් හා ප්‍රාශාණ

සමගර යාළුවෝ ඉන්නවා නිකන් මළගිය ආත්මයක් භූතයෙක් වගේ!

හිටපු ගමන් ජීව්ත වලට එබිකම් කරනවා දුම්මල ගහලවත් එලවගන්න බෑ. හොදයි මිනිස්සු එහෙමයි කියමු ඒත් ඇයි කාලෙන් කාලෙට.

උදව්වක් ඕන වුනොත්! අරූට කියහන් ඌ කරනවා අනිවා.. රවුමක් ගහන්න ඕන වුනොත් අනේ ඌට කියන්න ඕන නෑ. මතයේ ඉන්නේ! 



වෙනස උඹ  ගහක මුදුනේ උඩින්ම ඵල දැරීමත් මම පොලවේ යටම තියෙන ප්‍රාශාණ උණු වෙලා පන්නරය ලැබීමක් විතරයි .

සරලයි ජීවිත.. උඹ තාල වර්ගයේ පොල් ගහක උඩ පොල් ගෙඩියක් වෙනකොට..මම ඒ පොල් ගස් යටම වානේ උලක් විදියට ඇවිත් ඉවරයි.

ඔව් මම පොල් උලක්! මම දන්නේ ලෙලි ගහන්න විතරයි..උඹලා පොල්  ....උඹලා තීරණය  කරහන් වැටිලා පැලවෙනවාද එල්ලිලා ඉදලා ලෙලි ගහගන්නවද කියලා.. මට තීරණය කරන්න බෑ ඒ දේවල්.

සුභ අලුත් අවුරුද්දක් වේවා!

.කවී.


Tuesday, December 29, 2020

මට අහිමි, මම, නුඹව සහ හෙට

 ශේන්ගේ දිනපොතෙන්..

 සමහර කතා වල මිනිස්සුන්ගේ අයිතිය ගැන වගේම පසු තැවීම ගැන ප්‍රශ්න මතු වෙන්න පුලුවන්. ඒත් සමහර තැන්වලදි මිනිස්සු ආදරේ ප්‍රකාශ කරන්න මැලි වෙන එක ගැන දුකක් දැනෙන්නෙ ඇයි කියන එක ගැටලුවක්.

ඇයි එහෙම වෙන්නේ කියන ප්‍රශ්නය පොඩි කාලෙ ඉදන් ඔලුවට ආවත් ඇයි එහෙම කලේ කියන ප්‍රශ්නය කවුරු හරි අහන වෙලාවට උත්තරයක්  දී ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා.

ඇයි ඒ කවිය ලිව්වේ , ඇයි ඒ චිත්‍රය ඇන්දේ, ඇයි එහෙම කිව්වේ කියන ප්‍රශ්න ගොඩකට හෙමින්  ඇත්තටම තමන්ගේ හිතට දැනෙන විදිහට උත්තර දුන්නම් අහන කෙනා ගොඩක් වෙලාවට සම්පුර්නයෙන් සෑහිමකට පත් වෙනවා වගේම එච්චරක් කල් තිබුනු බැදීමක් එතනින්ම ඉවරයක් වෙන්න පුලුවන්.

මිනිස්සු සමහර දේවල් අයිති කරගන්නේ තවත් දෙයක් අහිමි කරගෙන වෙන්න පුලුවන්, ආදරේට ආවස්තික පිරිවැයක් තියෙනවාද කියන ගැටලුව එක්ක ඉන්න වෙලාවක, ඇයි දැන් අදුන ගන්න ලැබුනේ , තව කලින් ජීවිත වලට එන්න තිබුන නේ කියන හැඟීමත් එක්ක හදවතයි මොලයයි එක්ක හැඟිම් වලට යුද්ධයක් ඇති වුනු අවස්තා නැති කෙනෙක් නැතුව ඇති.

තාව කාලික ගිවිසුමකට ආදරේ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට උත්තර හොයාගෙන ගිහින් දැන් අවුරුදු තුනකටත් වැඩී. හැබැයි කොන්දේසි අතර උඩින්ම තිබුනේ කිසිම කොන්දේසියක් තියෙන්න බැහැ කියන එක. ඒ වගේම කවදාක හරිම නැතිවෙන බවක් දැනගෙන් ආදරේ කරන එක, වෙලාවකට හොදම යාලුවෝ වගේ හැසිරෙන එක, ආයෙත් වෙලාවක තුරුල් වෙලා ආදරේ දැනෙන විදිහ කතා කරන හැටි, උඹ මටම අයිති වෙයිද කියන ප්‍රශ්නය අහන්නේ නැතුව තාවකාලිකව උඹ මගෙත් වෙන බව කියන ගමන් ලං වෙලා ඉන්න හැටි ගැන තියෙන අත් දැකීම හරිම අමුතුයි.

 දැනෙන නිදහස නම් අසීමිත වුනත්, එක මොහොතකදි ඔවුන් ඔවුන් ගැන තියෙන හැඟීම් දිය වෙලා යන්න පුලුවන්, එදාට උඹට දැනෙයි තාවකාලික , ගිවිසුම් ගහපු ලෝකයට අසම්මත වෙච්ච ආදරය ඇතුලෙත් කොච්චර ඊර්ශ්‍යාව තියෙනවද කියලා, එතනත් ආදරේ තිබුන කියලා.



උඹත් එක්ක ගිවිසුමකට තාවකාලිකව ආදරේකරපු කෙනා තවත් උඹේම හොදම යාළුවෙක් එක්ක කොන්දේසි සහිත ආදරේකට යන්න පුලුවන්. කොලයකට අත්සන් තියලා ගිවිසුමකට එළබිලා ඒකට යට වෙලා ලෝකය සතුටු කරන ගමන් ජීවත් වෙන්න සිද්ධ වෙන.

අවුරුද්දක් ගිය තැන ඇමැතුමක් එන්න පුළුවන්, 

ශේන් උඹ එක්ක තාවකාලික ආදරේ කරන වෙලාවෙ අපිට තිබුණ නිදහස දැන් නෑ බන්..ඒත් උඹට මමවත් මට උඹව වත් අයිති කර ගන්න වුවමනාවක් ආවෙ නෑ. උඹ මටවත් මම උඹටවත් සීමා දැම්මේ නෑ. අපි නිදසේ ආදරෙන් හිටිය බන් ඒ ටික කාලෙට. ඒත් ශේන් උඹෙයි මගෙයි ගිවිසුම් කාලය පන්තියේ කාලයත් එක්ක ඉවර වෙනකොටම මට බලන් ඉන්න බැරිවුනා උඹ වගේ නිදහස් එකෙක් නැති වෙන එක බලන් ඉන්න, උඹත් කොන්දේසි සහිත ආදරේකට උරුමකම් කියනව කියන්නේ කියලා දැන දැනම. මට ඕන උනා උඹට ඒ වේදනාව දැනෙන්න දෙන්න, ඉතින් මම කොන්දේසි වලට යට වෙලා උඹේ හොදම යාලුවෙක්ගේ අතින් අල්ලන් උගේ නීතිවලට යට වෙලා ජීවත් වෙලා බලන්න හිතුව.

උඹට රිදුනද ශේන් ඒකෙන්?

ඔව් යකෝ , ඒ තුවාලෙ ඉදල හිටලා පෑරෙනවා උඹේ මූන වගේම උඹ වගේම හැඟින් එක්ක කරන මනුස්සයෙක් අහු වුනාම කියලා කියන්න ඕන වුනත්..කිව්වේ පරිස්සමෙන් ඉදපන් දෙන්නා කියලා විතරයි.

ඒයි ඉදපන් ශේන් මිනිහා ආව ඌත් එක්කත් ටිකක් කතා කරපන් හරි නෑ නේ..පසු බිමෙන් ඇහුනේ මේ වගේ දෙයක්.. ඒයි ඩාලිං චමිත්  මේ ශේන් ඉන්නවා ලයින් එකේ..

මොකක්? ශේන්? අපේ බෙන්ච් එකේ එකට හිටිය එකා නේ.

ඔව් මට අහම්බෙන් පරන පොතක පිටිපස්සේ ලියල තිනුනු නම්බරේකට ගත්තම ඌම ආන්සර් කලා පුදුමයි.

අඩේ ශේන් කෝමද උඹට.කන්ටැක් එකත් එහෙම්ම නැති වෙලා ගියා බන් ක්ලාස් වලට පස්සේ..උඹ දැන් දන්නව නේ කොල්ලා කාවද සෙට් කරන් මැරි කලේ කියලා! උඹේ ඒ දවස් වල බුදු ෆිට් එක දැන් මගේ වයිෆි වෙලා ඉන්නේ! සොරි බන් වෙඩිම කියන්න බැරි වුනාට..

ඒකට කමක් නෑ බන් චමිත් උඹලා සැපේ සතුටෙන් ඉන්නවා නම්. අනිත් දේ චම්මා මට පුදුමයි උඹ වගේ නිති කාරයෙක් එක්ක ඒකි ඉන්නවා කිව්වම.  

අන්න ඒකයි ශේන් කියන්නේ..ඒ ගානට මම හදාගෙන තියෙන්නේ..

එල බන් චම්මා ඕල් ද බෙස්ට්..මම ගන්නම් පස්සේ වෙලාවක..

එල එල ශේන් ගුඩ් බායි සනා..

.................................................

උඹ උඹේ ගානට හදාගෙන නෙමේ බන් ඔය උඹ නිසා ඒකිගෙ හැඟිම් කැප කරලා ඉන්න්. උඹට වඩා ඒකිගේ මූනෙ හැඩේ ගැන මම දන්නවා, එකි සතුටෙන් හිටපු ඒකි  කරන්න කැමති දේවල්, යටම වැලලුනු රහස් මම දන්නවා. මගේ ගැනත් එහෙමයි.. ඒත් මට මාව, නුඹව සහ හෙට අයිති නෑ..

..........

ශේන් දැන් ඔය බීපු ඇල්කොහොහොල් ටික ඇති..වරෙන් මම ගෙදරට ගිහින් දන්නම්..

එල කවි අයියේ..යමන්....

...ටටා..

කවී


Wednesday, December 23, 2020

ලුණු, ළූණු, සීනි හා ගෝනි.!

සමහර වෙලාවට මිනිස්සු හිත් රිදවගන්නේ හරිම පුදුම ව්දිහට. ජීවිතේ දිහා බලාගෙනම දුක් වෙන මිනිස්සු එක්ක ජිවිතේ විදින්න දගලනවා වගේ ජිවිතේ විදින්න ගිහින් විදවන මිනිස්සුත් ඕන තරම්

වාසනාව කියන්නේ මොකක්ද කිව්වොත් කියපන්. අගල් දෙකක විතර පරණ ඩ්‍රිල් කට්ටක් බයික් එකෙ ටයර් ව්කට බැහැල ඒත් හැමදාම උදේට හුළං ගගහා ඔෆිස් යන එක කියලා. හෙන ගහන්න වගේ හුළං බැස්සේ නෑ නේ. ඒක වාසනාව එක විදිහකට. එක විදිහකට අවාසනාව 

සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වාසනාවට තවත් මිනිස්සු අපේ ජීවිත වලට රින්ගන්නේ අවාසනාවට. පව ගෙවනකන් ඒ මිනිස්සු අපේ ජීවිත වල ඉන්නවා. සමහර වෙලාවට හැමදාම උදේට නැගිටලා ඒ මනුස්සයා ජීව්තේ නැති වුනා නම් මොනවගේ ඇතිද කියලා හිතෙනවා.

අද නැතිවෙයි, හෙට නැති වෙයි, අනිද්දා ඒ පව ගෙවලා ඉවර වෙයි කියලා හිතෙනවා..ඒත් එහෙම වෙන්නේ නෑ.කරපු පවක් තියෙනවා නම් ඒක ගෙවලා ඉවර වෙන්න එපැයි.

සමහර වෙලාවට පාන්දර ඇදේ නිදාගෙන ඉන්න ගමන් ජනේලෙට උඩින් තියෙන බීරළු කැටයම් අස්සෙන් මගේ හිත එලියට දුවනවා. ඒත් වා කවුළුවේ තියෙන දූවිලි මගේ ඇගේ ගෑවිලා නෑ. නවතින්න හිතුන වාර ගනන සීමිත වෙන්න එක හේතුවක් වුනේ ඔවුන් දාරාගෙන ඉන්න කහ සිවුර ඔවුන්ටම බර වැඩී කියලා හිතෙන නිසා. සිවුර දරාගෙන කරන බව ගුණාකාරවලින්වැඩි වෙන නිසා.



වෙනසක් තේරෙනවද යාළුවෝ ගැන ..මිනිස්සුන්ට ඇතිදා සීනි හා නැති දා ගෝනි කියන්නේ ඒකයි.

සීනි මිහිරි නිසා උන් සීනි වලටම ඇලිලා ඉන්නවා! ගෝනිය ගැන කතාවක් නෑ! ගෝනිය පරිස්සම් කරන්න උත්සහායක් ඕන නෑ..එත් එක සීනි කිලෝ ගානක් ඉවර වුනාන අර පරණ ගෝනිය කරලියට අරගෙන ගසනවා, සුද්ද කරනවා..ගෝනියට මාර හැපී..ඒත් අන්තිමේ ආයෙත් කොහෙන් හරි සීනි කිලෝ දහයක් ගෙනත් දා ගන්නවා අර ගෝනියට..දැන් පරණ පුරුදු විදිහමයි..ඌ සීනි වලට ආයෙත් වහ වැටෙනවා. ගෝනිය අමතකයි..ලුණු ගෝනියටත් ඒ ටිකමයි..ඒත් නැවත භාවිතය අඩුයි! ළූණු ගෝනියේ කතාව හාතසින්ම වෙනස්! ඇයි ළූණු ඉවර වුනාට ගෝනියෙ ගද යවන්න බෑ නේ ..ඉතින් දානව පාපිස්සකට! උඹට එතකොට තියෙන්නේ දෙනෝ දාහකගේ පයට පෑගි පෑගි ඉන්න..



මට ටිකක් කල් ගියා මේ සංකල්පය තේරුම් ගන්න..

ඒත් එකක් මතක තියා ගනින් සීනි ලුණු හා ළූණු දියවෙලා ගියත් ගෝනි දිය වෙන්නෙ නැති බව ලේසියකට..🖤

මමත් සීනි ගෝනියක්!

ටටා 👋 

කවී.


 

Wednesday, December 16, 2020

නැවතීම, ගමන් කිරීම, සන්ජාගේ වෙඩිම.

කලකිරීම් වලින් හෙම්බත් වෙන අවස්තාවල මිනිස්සු නවතින්න පටන් ගන්නවා. අහම්බයක් නෙමේ. එක හීනයක් පස්සෙ දුවනකොට තව හීන මහ ගොඩක් එකතු වෙනව මෙච්චරක් කල් එලවගෙන ආපු හීනෙ පොඩ්ඩක් මන්දගාමී කරන්න.

මිනිස්සු ආදරේ හොයා ගන්නේ එක එක තැන් වලින් එක එක විදිහට. හද ගැස්මක් නැති යකඩ ගොඩකට මනුස්සයෙක් ආදරේ කරන්න පුලුවන්. අයිතියක් නැති කෙනෙක්ට මනුස්සයෙක්ට ආදරේ කරන්න පුලුවන්.

හැබැයි ඒ දෙගොල්ලොම නවතින්න හිතන්නෙ  නෑ..කලකිරීම් වලින් හෙම්බත් වෙන්නේ නෑ. ඒක තාව කාලික හිත් බිදීමක් කලකිරීමක් විදිහට සලකලා ආයෙත් ගමන් කරනවා.

මම ආදරේ කරන්නේ එහෙම ජීවිතේ ගමන් කරන මිනිස්සුන්ට !

මගේ හිටපු හොදම යාළුවෙක් සන්ජා ඊයේ ජීවිතේ එකට ගමන් කරන්න කෙනෙක් තෝරගෙන ගමන් කරන්න පටන් ගත්තා. පැටව් ගහලා වගේ රොත්ත පිටින් ඉන්න යළුවන්ට වඩා බොහොම සීමිත යාළුවෝ පිරිසක් තමා හිට්යේ.

සන්ජා කියන්නේ මගේ ජීවිතේ එක් තැනක හැරවුම් ලක්ශයක් නිර්මාණය කරපු ආදරනීයම යෙහෙලියක්! මොන වැඩේ තිබුනත් එදාට එනව කියල වුනු පොරොන්දුව ඉටු කරන්න මම ඊයෙ ගියා! සතුටුයි අපේ එකෙක් එහෙම සතුටින් ඉන්න එක ගැන.

සන්ජාගේ ආසම ජොබ් එක වුනේ මට දරයට දුලියට නම් දාන එක. මේ චිට් එක 2010 සන්ජා අපිට දීපු එකක් ..තාම පරිස්සමෙන් තියන් ඉන්නවා ඒ තිබුනු බැදීම එචරටම ආදරනීය නිසා.



අවුරුදු 15න් පටන් ගත්ත යාළුකමක් තාම තියෙනවා. හිත්වලින් අයින් කර ගන්න බැරි. මොනවගේ හිත් අමනාප කම් ඇති වුනත් ඒ දවස්වල කට පුරා හොදම යාළුවෙක් කියන්න පුළුවන් බොහොම අතලොස්සක් අතරින් එකෙක්.❤️🖤

ආදරනීය උපන්දින තිලිණ අතරින් තව එකක්! මේ සටහනත් දැන් අවුරුදු 10ක් විතර පරිස්සමෙන් තියෙනවා..


කොහිම හරි සන්ජා කියන්නේ ජැක් ස්පැරෝට කිට්ටු නෑදෑ හිතවත් කමක් ඇති පවුලක ගෑනු ළමයෙක්. කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැත්නම් මෙන්න ඒකට සාක්ශි සන්ජාගේ අත් අකුරෙන්ම.


හැබැයි තාම මට ඒ ඤාතී සම්බධතාවය තේරුම් ගන්න බෑ ..ඒකත් හරියට සන්ජා ටූත් බ්‍රශ් වෙනුවට පොල් මුඩ්ඩක් අරගෙන ටූත් පේස්ට් වෙනුවට හාපික් වලින් දත් මදින්නේ ඇයි කියලා හොයනවා වගේ. 

ඒකත් නෑ කියනවා නම් මෙන්න සාක්ශි!

ඒ අස්සේ අපේ ඉස්කෝලෙ  සීනියර් අක්කා කෙනෙක් වෙඩින් එකට ඇවිත්. මල්ශි අක්කා! අහා මේ මල්ලිව නම් දන්නවා අපේ ස්කූල් එකේ නේ හිටියේ කිව්වම. මම දහ අතේ කල්පනා කරනවා මාව කොහොමද දන්නේ කියලා. අන්තිමේ බට්ටිගෙන් අහනවා ඒ අක්කගේ නම මොකක්ද බන් කියලා. ඇයි යකෝ උඹ මල්ශි අක්කව දන්නේ නැද්ද? 

පොඩ්ඩි එහෙන් පැනලා කෑ ගහනවා වෙන විදියක් නෑ උඹ දන්නේ නැත්තේ මොකෝ?

හරි කමක් නෑ කියලා සන්ජාට විශ් කරලා ෆොටෝ එකක් පොඩ්ඩිව බට්ටිව ටැලී ව ටැග් කරලා ෆේස් බුක් එකට දැම්මාම මල්ශි පූර්නිමා කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා මගේ ලිස්ට් එකේ ඉන්න අක්ක කෙනෙක්. 

ටැලී කියනවා ඔය ඉන්නේ අදුර ගන්න බෑ කියපු අක්කා ලිස්ට් එකේ කමෙන්ට් එකක් දාලා 😂

අඩේ ඉතින් නයි කයිද රෝස් පාන් නේ. මගේ ඉස්සරහ ප්‍රත්‍යාභූර්ත වෙලා ඉන්නේ ඒ අක්කමනෙ.

.ඕ නෝ!...

ආයෙ ලිස්ට් එකෙන් දෙවෙනි පාරට මල්ශි අක්කව  ටැග් කරනවා ලැජ්ජාව වහ ගන්න. 😁 අදුර ගත්තේ නෑ කිව්වොත් චොරයි නේ 🤣🤣..අක්කේ මට සමාවෙන්න.


කෝමෙන් කෝම හරි සුභම සුභ නැවත ඉපදීමක් සන්ජා. හැමදාම සතුටෙන් ඉදපන්! සුභ පැතුම් අපි හැමෝගෙන්ම.


ටටා!

කවී.








Tuesday, December 8, 2020

වරා මල වරා මලක් නෙමේ!

 හැම.කතාවකම ආර්ම්භයක් වගේම අවසානයක් තියෙනවා. ශේන් මල්ලිට එහෙම නැති වෙන්න පුලුවන්. 

Crown Flower නැත්නම් Milky weed කියලා කියන්නේ වරා මලට. ජීවිතේ සමහර දේවල් වරා මලට සමාන කරනවා. නමුත් එතන තියෙන්නේ අපේ නොදැනීම.

මමත් වරා මලක් වගේ! මෙච්චර දවසක් වරා මල් වුන කෙනාගෙන් ඒක මම උදුර ගන්නවා.!

හේතුව?



හේතුව තමා වරා මල කියන්නේ උග්‍ර විෂ සහිත ශාකයක්. එත් ඇයි කවි වල වරා මලට සුන්දරම මිනිස්සුන්ව සමාන කරන්නේ. හේතුව වරා මලයි වරා බීජයි මිනිස්සු පටලවා ගන්නවා. 

හුළඟේ පාවෙලා යන්නේ වරා මල නෙමේ.වරා බීජ!

ඉතින් එහෙම වුනාම උඹට කොහොම කියන්නද වරා මලක් කියලා මෙච්චරක් අහිංසකයි කියලා දැන දැන! වරා බීජයක් කියන්නත් බැහැ මොකද උඹ ව්ෂ පැල කරන්න බෙදා හැරීමක් කරන්නේ නෑ. උඹ ඒ තරමට සියුමැලි  වැඩී මේ ගෙන්දගම් පොලවට. උඹේ කොහෙවත් විශ නෑ කියලා මම හිතනවා.

ඉන්න..අපි ලස්සන මලක් හොයා ගමු හුළඟේ පාවෙලා යන.! 

ඒත් එක දෙයක් තියෙනවා වරා මල් වගේම වරා ගහේ හැම කොටසක්ම සිංහල බෙහෙත් විදිහට යොදා ගන්නවා.

ඒත් බෑ පොඩ්ඩ ඇත්නම් රතුවෙන උඹේ ඇස්වලට ඒවාට නම් බෙහෙත් කරන්න බෑ.

උඹ අර පුංචි පෝච්චියක පැල කරලා කඩයක් ඉස්සරහා තිබුනු බේබි රෝස මල් පැලයක් වගේ. පෝච්චියේ තියෙනකන් හැමෝම ට්‍රයි එක උස්සන් යන්න. නැවතීම නුවර හරි යාපනය හරි ගාල්ල මාතර හරි වෙන්න තිබුනු අවස්තාව නැති වුනු එක ගැන හිත යටින් සතුටුවෙනවා..ඊටත් වඩා සතුටු වෙනවා උඹව ඔය පෝච්චියෙන් ගැලවිලා පස් තියෙන පොළවේ පැලවෙන්න හදන එකගැන..කාටවත් හිතුනු හිතුනු වෙලාවට උඹව උස්සන් යන්න බැරි  වෙන්න.

උඹට මමත් ආදරෙයි .ඒ නිසා කඩා ගන්නේ නෑ! පුලුවන් වෙලාවට වතුර ටිකක් දාලා උඹ ලස්සනට පිපෙන්වා දකින්න තිබුන නම් ඇති.

.කවී.

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...