මිනිස්සු හිතන විදිහ හරිම වෙනස් , එකම තාලයකට කෑ ගහනව වගේ. හොදම යාලුව පිටි පස්සට වෙලා උඹ ගැන කතා හදන ලෝකයක් මේක.
සිකුරාදා උදේ කොළඹ රීගල් ෆිල්ම් හෝල් එක ඉස්සරහින් ආපහු ස්ලේව් අයිලන්ඩ් එක පැත්තට යූ ටර්න් එකක් බයික් එකේ ගැහුවෙ මම වුනාට අපි හැරවෙන තතපර ගානට මම දැක්කා වයසක අච්චි කෙනෙක් එතන තියෙන බංකුවක වාඩි වෙලා අත් දෙක ඔඩොක්කුවෙන් තියාගෙන ඔළුව බිමට පාත් කරගෙන ඉන්නවා. කොලපාට හොදටම පරණ වුනු ගවුමෙ දකුණු අතේ උරහිස හරියෙන් ටිකක් ලොකු කොටසක් ඉරිලා තිබුනා.
මම දන්නේනෑ බයික් එකක් යු ටර්න් එක ගහන් තත්පර දෙකට මම එච්චර දේවල් කොහොම දැක්කද කියලා, ඒත් ඒකනම් මනංකල්පිත දෙයක් නෙමේ කියලා මට හොදටතේරුනා.
ඔෆිස් එකට එන්න මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාව ලඟින් පහලට දාන ගමන් පිටිපස්සේ හිටපු අයියගෙන් මම නිකමට ඇහුවා ඒ අයියේ පවු නේද අර හිඟන මනුස්සයා අතන වාඩි වෙලා හිටපු. ආච්චි කෙනෙක්..
කෝ කොහෙද බන්? මම දැක්කෙ නෑනෙ පිටිපස්සෙන් ඇවිල්ලත් උඹ කොහොමද කොතනද දැක්කේ?
බයික් එක හරවනකොට දැක්කේ අයියේ.
අහ් ! ඔව් බන් පවු ..ඇදිරි නීතීය නිසා සල්ලි කීයක්වත් හම්බෙන්නෙවත් නැතුව ඇති. මිනිස්සු නෑ නෙ වෙනද වගේ ස්ටෑන්ඩ් එකේ.
ඔෆිස් එක යටින් බයික් එක නවත්තල උඩට ඇවිට් පැමිනීම සලකුනු කරලා ..බෑග් එකෙන් බඩු ටික බාන්න ගත්තා මගේ මේසෙ උඩට.
ලැප් ටොප් එක, මවුස් එක, ලැප් චාර්ජර් එක එකෙන් එක අරගෙන් මේසෙ උඩ තියලා..ලැප් එක ඔන් වෙන දාලා කෑම මුල් ටිකත් අරගෙන ලන්ච් රූම් එක පැත්තට චලනය වුනා.
කොරෝනා වලට පින් සිද්ධ වෙන්නන අපිත් දැන් කන්න කලින් හොදට අත් හෝදනව. අත හෝදන් කෑම එක කන්න හිතුවත් උගුර නිකන් හිර වෙනවා වගේ හිතත් එක්කම. අර මනුස්සයා කාලද දන්නේ නෑ ඉන්නේ.
දවස් කීයක් බඩගින්නේද දන්නේ නෑ. වෙනද වගේ කවුරුත් පාරෙ යන්නෙ එන්නේ නෑ නෙ! එච්චර වයසක කෙනෙක් කොහොමද බඩගින්නේ ඉන්නේ. බත් එක දිගාරින්නේ වත් නැතිව මම කෙලින්ම අයියා ලඟට ගිහින් ඇහුවේ අයියාගේ උදේ කැම එක මටත් එක්ක ඇති වෙයිද කියලා. අයියා කිවා අපෝ ඔව් හොදටම ඇති අද තියෙන්නේ අලුත් කෑමක් කිරි රොටී කියලා. ඇයි උඹ කෑම එක දාගෙන නැද්ද?
නෑ ගෙනාවා.ඒක මම අර පාරෙ ඉන්න අච්චිට ගිහින් දෙනවා. මට කන්න බෑ වගේ ඒ මනුස්සයාව මතක් වෙනකොට.
හරි හරි ..ඒක හොදයි හිහින් දීලා වරෙන්..
එහෙම්ම මාස්ක් එක දාගෙන කෑම එක අරගෙන යන්න හදනකොට තමා මතක් වුනේ..කාල බොන්න ඒ මනුස්සයට වතුර තියෙනවද දන්නේ නෑ කියලා. ඔෆිස් එකේ කීප දෙනෙක් ගෙන්ම ඇහුවත් පරන ප්ලාස්ටික් බෝතලයක් කා ගාවත් නෑ කිව්ව නිසා කෑම එක විතරක් අරගෙන මම පහලට බැස්සා.
නිකමට වගේ සෙකියුරිටි අයියාගෙ ඇහුවත් එතනත් තිබුනේ කලින් උත්තරයම තමයි.
කොහොම හරි කෑම එකත් අරගෙන මම ගියා රීගල් එක ඉස්සරහ තියෙන බස් ස්ටෑන්ඩ් එක ගාවට. කලින් බේරේ වැව පැත්තට මූන දාගෙන වාඩු වෙලා හිටපු කෙනා දැන් පාර පැත්තට මූන දාගෙන වාඩි වෙලා ඉන්නවා.
මම ගිහින් කතා කලා..අම්මේ ..අම්ම්මමා කාලද ඉන්නේ?
පිළිතුරක් වෙනුවට මොනවද මිමිණුවත් මට තේරුනේ නෑ. කමක් නෑ කියලා හිතලා ඒ ආච්චිට මම කෑම එක දික් කලා ..ආ මේක කන්න අම්මා කියලා.
ඒක අත් දෙකෙන්ම ගන්න ගමන් කියපු වචන ටිකට මගේ ඇස්දෙක ලාවට තෙත් වුනා. " ගොඩක් බඩගින්නේ හිටියෙ" .
මමත් නිරුත්තර වුනා තත්පර ගානකට. මම ඇහුවා අම්මා බොන්න වතුර තියෙනවද කියලා.
ඒ වයසක අම්මා ගාව පරණ පොඩි රෙදි බෑග් එකක් තිබුනා. ඒක අල්ලන ගමන් කිව්වා වතුර නැතුව ඇති කමක් නෑ ඕන නෑ කියලා.
මනුසයෙක් නොකා හිටියත් වතුර නොබී ඉන්න පුලුවන්ද කියන දැන් තමා මගේ ඔලුවේ වැඩ කරන්නේ. අම්මා කන්න මම වතුර එකක් ගෙනත් දෙන්නම් කියලා ආපස්සට හැරුනා. මගේ වීදුරු බෝතලේ හරි දෙන්න බැරියෑ කියලා.
හරියටම ඒ හරියෙ ප්‍රයිවට් බස් දෙකක් නවත්ගෙන ඩ්‍රයිවර් අයියලා කොන්දොස්තර අයියලා සතුටු සාමිච්චියේ යෙදෙනවා. මම නිකමට කෙනෙක් ගෙන් ඇහුවා. අයියේ ප්ලාස්ටික් බෝතලයක් නැද්ද පරනැ එකක් වුනාට කමක් නෑ කියලා. මොකද මම අනන්තවත් දැකලා තියෙනවා බස් වල උඩ රැක් එකේ අනන්තවත් දාලා ගිය ප්ලාස්ටික් බෝතල් තියෙන හැටි.බ්රේක් ගහනකොට ලිස්සලා ඉස්සරහට යන හැටි. ඉතින් බස් එකක නැති වෙන්න බෑ නේ..
සරමක් ගහගෙන හිටපු ටිකක් මහත අයියා කෙනෙක් පොඩ්ඩක් ඉදින් මල්ලි කියලා බස් එක ඇතුලට ගිහින් ටිකක් පාවිච්චි කරපු බෝතලයක් ගෙනත් දුන්නා. අනේ තෑන්ක්ස් අයියේ!
හරි හරි මල්ලි පරණ බෝතලේකට මොන ස්තූතීද කියලා කිව්වා.
මම ආයෙත් ඔෆිස් එක ගාවව ඇවිත් බෝතලේ හේදුවා ..ඊට පස්සෙ පොඩ්ඩක් ඇතුලෙන් මොනව හරි ගදක් සුවදක් එනවද බැලුවා. මොකද පෙට්ට්‍රල් හරි දාලා තිබුන එකක් නම් මගේ පින දෙපිටින් යනවා. වෙලාවට එහෙම නෑ. පහල ටැප් එකෙන් වතුර එකකුත් පුරෝගෙන විනාෆි දෙකෙන් මම ආපහු එතනට යන්කොට ඒ අම්මා බත් එක කාලා නැගිටලත් ඉවරයි. එච්චර බඩගින්නක ඉදලා තියෙන්නේ. මම වතුර බෝතලෙත් දුන්නම මම දැක්කා අතේ සමහර තැන්වල වගේම මස්ක් එකෙත් ටිඅක්ක් ඉදුල් ගෑවිලා කියලා.කලබලේට වෙන්න ඇති.
මම වතුරඑක දීලා එනගමන් හැරිලා බැලුවා. වතුර බෝතලෙන්හෝ ගලා වතුරබොනවා. හිතේ තිබුන බර කොහොම සැහැල්ලු වුනාද දන්නේ නෑ හෙනම සැහැල්ලුවෙන් ඒ ටික ආවේ.
එනකොට අර බස් ටික පහු වෙනකොටම අර අයියා ඉදලා ඇහුවා. මල්ලි මොකෝ බයික් එක නැවතිලාද, වැඩේහරිද කියලා.
නෑ නෑ අයියේ අර අතන ඉන්න වයසක ගෑනු කෙනාට කෑම එකක් දුන්නා .වතුර එක්ක දෙන්න විදියක් නැතුව තමා බෝතළේ ඇහුවේ.කියලා .
අයියේ මල්ලි ඉතින්කිව්වනම් වතුර බෝතලයක්ම දෙනවනේ .
ඒකට අවුලක් නෑ අයියේ මම ඔෆිස් එකෙන් පුරවන් ආවා. ඔයාටත් ගොඩක් පිං සිද්ධ වෙනවා අයියේ.
ආපහු ඔෆිස් එකට එනකොට ඔලුවෙ තිබුනු දේවල් හිතේ තිබුනු බර මුකුත් නෑ.
අපි කෑම නාස්ති කරන විදිහට, අනවශ්‍ය දේවල් වලට සල්ලි වියදම් කරන විදිහට කෙනෙක් ගේ බඩගින්න නිවන්න ඒක වියදම් කරන්න තිබුන නම් කියලා හිතුනා.
ජීවිතේ පටන් ගන්න තැන ඉදලා නවතින තැනට වෙනකම් ඇත්තේ මේ වගේ ආවස්තික පිරි වැය ගණන් හදලා බලන මොහිතවල් තමා.
රජ වුනාම ආදරේ හොයන්න හදනවා.. ආදරේ තියෙනකම් රජ වෙන්න දඟලනවා. ලෝකය කැරකෙන්නේ නෑ අපි..වටේ කැරකි කැරකි හොයන්නේ එකම දේකියලා හිතෙනවා.
ටටා..👋
කවියා.