උදේ නවය පහු වෙලා විනාඩි ගානක් යනකන් කරපු දෙයක් නෑ එහෙට මෙහෙට හැරි හැරි බලන් හිටියා මිසක්.
මම උඹට කියන්න හිටිය මගේ කතාව සමහර කතා අතර පතර හිර වෙලා තියෙනවා කරුමෙ කියන්නේ උඹට ඒක නොතේරෙන එක නේ. මම කියන මගේ කතාව පටන් ගත්ත තැන මමවත් තාම හොයාගෙන නෑ ඒත් අතරින් පතර කියවන වෙලාවට මට හිතෙනවා මගේ ආත්මයෙන්ද ශම ගානක් එක එකාගෙ චරිත ඇතුලට රින්ගවල තියෙනවා කියලා
සමහර වෙලාවට කලකිරීම කියන දේ එන්න පුලුවන් ඔලුවට උඩින් ගලාගෙන යන විදිහට. පීනන්න ටිකක් හරි දැනගෙන හිටිය නම් කියලා ඒ වෙලාවෙ හිතෙන එක නවත්ව ගන්න නම් බැහැ කොහෙත්ම.
සමහර දේවල් ජීවිතේට එන්නේම පරක්කු වෙලා. හොදම දේ ආදරේ වුනත් එහෙම එන්න පුලුවන් කියලා මිනිස්සු හිතන එක. ඒක එක අතකට හොදයි සමහර මිනිස්සුන්ට ඒත් ඒක හාත්පසින්ම වෙනස් වෙනවා තවත් මනුස්ස පිරිසකට. . මම මේ හදන්නේ ආත්මයක් පාවා දෙන්න. නැත්නම් කලුවරේම ජීවත් වුනු මගේ ජීවිතේ අර එක තැනකදි අතපසු කරපු ආත්මයේ කොටසක් ආයෙත් ඇදලා ගන්න.
ඒත් නමේ ඉදන් ආදරේ ගෑවිලා ඒ මූන පුරාම දුවනකොට අර පාවා දෙන්න හදපු ආත්මයයි ඇදලා ගන්න හදපු ආත්මයේ කොටසකයි එකම දොරක් ගාවදි හම්බ වෙනවා. සමහර විට පහු වෙලා වුනත් ආදරේ දැනුනු තැන් වල නවතින්න දෙපාරක් හිතන්නේ සමහර ආත්ම වල අර මම කියපු අතීතයේ අතපසු වුනු කොටස මතක් වෙන නිසා වෙන්න පුලුවන්.
උදේ පාන්දරම ශේන් මල්ලිට කෝල් එකක් දෙන්නේ ඔය කියන ආත්මය දුවන තැන් වල නාතර වුනාමදැයි කියලා දැන ගන්න. ඒත් ඌ එන වෙලාවක් යන වෙලාවක් බෝඩිමේ හුස්ම ගන්න වෙලාවක් මට හොයා ගන්න බැහැ. ඒත් කලාතුරකින් ඌ කතා කරන් විදිහට නාඩි වැටෙනවා කියලා මට හිතා ගන්න පුලුවන්. හැමදාම වගේ පටන් ගන්නේ සුභ ාලුත් අවුරුද්දක් වේවා කියලා ප්රාර්තනා කරලා. මේ ජුනි මාසයේ අන්තිම ගැට්ටේ ඉන්න්න බව ඌ නොදැන ඉන්න විදිහක් නම් නෑ...
කවී අයියේ තමුසේ හිතන්නේ මම තවත් කෙනෙක්ට මම ආදරේ කරන කෙනෙක්ට වදයක් වෙන්න පුලුවන් කියලාද.
ඔව් තමුසේ මහ වදයක් වෙනවා ඇති ශේන් අනිවාර්යෙන්ම.
ඒත් කවි අයියේ උබ කෝමද ඒක හරියටම කියන්නේ? උබට අනාවැකි කියන්න බෑ නේ !
ඔව් අනාවැකි කියන්න බෑ තමා ඒත මිනිස්සු හැසිරෙන විදිහෙන් වචනයක් දෙකක් වෙනස් වෙන විදිහෙන් කියන්න පුලුවන්
ආදරේ එහෙමමද නැත්නම් අඩු වෙලාද කියලා.
ඒ කියන්නේ ආදරේට මිනුම් ඒකකයක් තියෙනවා?
නෑ එකිනෙකට වෙනස් වීම් සමූහයකින් අපි වෙනස් කම් කීපයක් අරගෙන ඒක පොදු කුලකයකට අරගෙන මහා පොදු සාධකය උක්ත කර ගන්නවා.
හරි කවී අයියේ උබේ අපභ්රංශ මට තේරෙන්නේ නෑ. ඒත් මම ලෑස්ති වෙලා ඉන්නේ ඒකත් අහගෙන ඉන්න. ඒ කොහොම හරි අයියා කියන්නෙ මට ඒ මුන බලන්න තියෙන ආශාව ගලවගන්න කියලද?
ඔව් එහෙම කියන්නත් පුලුවන් ඉතින් .
බලපන් උඹ යාලුවෙක් විදිහට කතා කරන්න පටන් අරන් අයියා කෙනෙක් වෙනක්ම් ගිහින් ආයෙත් එක පාර්ටම උබ යාලුවෙක් කියන මට්ටමට එනවා නම් එතන තියෙන්නෙත් ප්රස්තාරයක්. හරියට ශෙයාර් මර්කට් එකේ කොටසක වටිනාකම වගේ මිනිස්සුන්ගේ හැඟීම් උඩ පහල යනවා. එතකොට මම වගේ එවුන් සූදු කෙලිනවා ඔය ශෙයාර් මර්ක්ට් එකේ, මම කරන දේ ඉන්වෙස්ට් එකක් වගේ පේන උඹත් ඒකම කරන්න ගියාම තමා ඒකෙ ඇතුලාන්තය තේරෙන්නේ.
කමක් නෑ කවී අයියේ ඒකත් මට තේරුනෙ නෑ..
මෙහෙමයි ශේන් මල්ලි උඹ කවදාම හරි උඹ ආදරේ කර කෙනෙක්ට ආදරේ නෑ කියලා කියලා බලපන්. එතකොට එතන ඇති වෙන්නේ ලොකු නිහැඩියාවක්.
ඒක කරන්න් බෑ නේ කවී බොශ්.. මට ආදරේ හිතුනු තැනකදි ඒක ප්රකාශ කරන එක මගේ ගතිය..
හරි ඒ වුනාට මම කිව්වට උබ එහෙම කරලා බලපන්!
ඒත් ඇයි මම එහෙම කරන්න ඕන?
එතකොට පුලුවන් උඹට උඹ ගැන හිතා ගන්න. ඒ වගේම මම ආදරේ කරපු කෙනෙක් මට කියපු දෙයක් කියන්නද උඹට?
හා..
ඒක කියනව නම් මෙහෙමයි.,
" අනේ මම නොදන්න උඹ ..උඹ මටම නේද බොරු කරන්නේ ..උඹ හැමදාමත් කලේ උඹේ හිතත් ඒක්කම වාද කරලා වාද කරලා
උඹේම තීරනයකට එන එක" ඒත් මම දන්නවා උඹ ගැන."
ඔය වචන ටිකට අමතරව උබට තව ගොඩක් දෙවල් අහගන්න පුලුවන් වෙයි. මම හිතන්නේ උබගේ මට්ටම මම හිතන් ඉන්නවට වඩා ගොඩක් ඉහලයි!!
කවි අයියේ මම සමහර වෙලාවාට ෆොටෝ එකක් දිහා බලාගෙන ඉන්නේ ගිලින්න නෙමේ!
එහෙනම් ඒඉක දිහා බලාගෙන &*^@#%^@#$&*&)(_%$# යකෝ?
නෑ බකන් කවි අයියේ එහෙනම් මම *$@~!#$@#$&උ*##*& නේ.!
හරි ඒකත් හරි ඒක එතනින් නවත්වමු.. ඒත් මල්ලි සමහර අවස්තා තියෙන්න පුලුවන් ඒ මනුස්සයට උබ කියන කියන ඈන්ගල් වලට ඉදලා ගහපු ෆොටෝ දෙන්න බැරි වෙන.
අන්න ඒ වෙලාවට ආදරේ නෑ කියල අහිත හදා ගනින්.
හරී මම ආදරේ කලා කියලා ඒ හැමෝවම ඇදට ගත්තෙ නෑ නේ!
ඒක මම දන්නේ නෑ ශේන් මල්ලී... ඒක මට අදාලත් නෑ..
ටටා..
.කවී.