Tuesday, June 15, 2021

අසම්මත ආදරේ හා ඉද්ද මල

 සම්මත ආදරේට වඩා සමහර අවස්තා වලදි අසම්මත ආදර කතා වලදි ආදරේ වැඩියෙන් දැනෙන්න පුලුවන් කියලා අදහසක් ශේන් ගේ ඔලුවෙන් ගන්න පුළුවන් වුනාට ඒක එහෙම වෙන්න හේතුව දැනෙන නිදහස අවශ්‍ය තරම් තියෙන නිසා වෙන්න ඇති කියලා කියන්න තරම් විවෘත හදවතක් තියෙන මනුස්සයෙක් අහම්බෙන් හරි ශේන්ට දැන හදුන ගන්න ලැබෙයි කියලා ශේන් හිතුවෙවත් නැතුව ඇති.

ශේන් කියන්නේම හදුන ගන්න බැරි ජීවිතයක් ඉතින් එහෙම එකේ ඒ වගේ ජීවිතයක් ශේන්ට ලං වුනු එක ශේන්ට වඩා මට පුදුමයි. කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව හරිම අමුතු විදිහට කිසිම හැංගීමක් නැතුව ඇත්තටම හිතෙන දේවල් බාදාවකින් තොරව ප්‍රකාශ කරන්න පුලුවන් කෙනෙක් ඉන්න එක ගැන මට පොඩි ඊරිශ්‍යාවක් දැනුනු අවස්තා කීහිපයක්ම තියෙනවා.

ශේන් නැගිටපන් සුනඛයෝ! නැගිටලා මට කතාවක් ලියන්න පොඩි ටොපික් එකක් දීපන් තල්ලුවක් දීපන්. කියලා මැසේජ් එකක් යොමු කරලා එක දිගට කෝල් විස්සක් විතර ගත්තා..


ඇයි බන් කවි අයියේ ? වදයක් වෙන්න එපා ඕයි අයියේ.. තවුසෙට කතාවක් නැත්නම් ඒකටත් මම පලිද.. ලියපන් අපේ ගෙදර වැට කතා කරයි, එහා ගෙදර නංගිගෙ මල් චීත්ත ගවුමට සිතෙන විදිහ එහෙමත් නැත්නම් හිතපන් කවි අයියේ මේ වෙලාවට උඹේ බව්වා මොනවා කල්පනා කරනවා ඇතිද කියලා.

සේරම ආකර්ශනීය ටොපික් තමා මල්ලි ඒත් අන්තිම එක අති විෂිශ්ටයි, අනගි භවනීයයි,උත්කෘශ්ටයි. වැඩේ තියෙන්නේ මට මාව මතක ඇති කාලෙක ඉදන් මම හිතනවා ඇත්තටම සත්තු මොනවා ගැන හරි කල්පනා කරනවා ඇති නේද කියලා. සමහර විට බව්වෙක් හිතනවා වෙන්න පුලුවන් හෙට මොන වගේ දේවල් කන්න හම්බවෙයිද කියලා, එහෙමත් නැත්නම් ගෙදර දෙන කෑම් එකට වඩා එහා කඩෙන් සැමන් ටින් එකක් අරන් කන්න තිබ්බා නම් හොදයි කියලා හිතෙනවද කියලා. ඒත් පසු කාලිනව මම හිතා ගත්තා සේරම බව්වන් හිතන්නේ එකම දෙයක් බව. ඒනම් " යකෝ මට මුට තේරුම් කරලා කතා කරන්න තිබුන නම් " වගේ දෙයක් බව.

හුම් හූම් ගගා හිටපු ශේන්ට හූම් හූම් ගාන එක නවත්වන්න කියපු වෙලාවෙ ඉදන් වක්කඩ කැඩුව වගේ කියවගෙන කියවගෙන යන්න ගත්තා.

කතාවකට කතාවක් වගේ ජීවිතේ කලු සුදු පාටට ගෙවිල යනකොට කොහෙන්ද වැට ගාවටම ඇවිත් අතේ තියාගෙන හිටිය පාට දිය සායම් වලින් මගේ ඇඟට වැක්කෙරුව කියලා නිකම්ම හිතන්න විදිහක් නෑ මටම.. වෙන කෙනෙක් කලා නම් ගිනිගන්න කේන්ති යන කෙනෙක්ගෙ හදවත ඒ වෙලාවට ටයිටැනික් නැව හැප්පුන ග්ලැසියර් එක වගේ හීතලට ගල් වෙනවා නැත්නම් වෙලා කියන්නේ එතන තීයෙන්නේ වෙනත්ම සම්බදයක්.



අහු වෙන හැම තැනින්ම ආදරේ හොයනකොට හිතන්නෙවත් නැති තැන්වලදි ආදරේ දැනෙනවා. නුවරට පාවෙලා යන්න ගිය ඉද්ද මලක් වගේ. හැමදාම ඕන වුනේ ඒ මල තමන්ගේ ලඟ තියාගන්න..නැත්නම් හිත යට ආසවක් තුබුනේ තමන්ගේ කර ගන්න. ඒත් දැන වෙලා තියෙන්නේ ආදරෙන් ඉද්ද මල පිපෙන හැටි බලාගෙන ඉන්න. කවද හරි දවසක කවුරු හරි ඇස් ෆ්හෙක ඉස්සරහම නෙලාගෙන යන බව දැන දැනම ආදරේ කරන එක.

සමහර වෙලාවට මම හිතනවා ආදරේ දැනුන තැන්වලදි මට ආදරෙයි කියලා කියාගන්න පුලුවන් වුනු එකත් නොසෑහෙන්න වටිනවා කියලා!  ඒත් එක තැනකදි දුකක් දැනෙන්නේ ඒ ආදරේ ප්‍රකාශ කිරිමකදි පෙරලා ආදරේ කරන බවට ප්‍රකාශ නොකලත් එතන පොඩි හරි ආදරයක් ඇති කියලා විශ්වාස කරන වෙලාවට.

හීන නම මහ ගොඩක් තිබුනත්. සමහර හීන හැමදාම දකින්න ආසයි. හරියට බයික් එකේ ඉන්දවගෙන තොටුපලට , පාලම්.පාරුවට යන පාර පෙන්වන්න එක්කන් යනවා වගේ! 

එහෙමත් නැත්නම් ඒ හිනා වෙලා ඉන්න ෆොටෝ එකක් සැරින් සැරේ වෝල් පේපර් එකට පවා දාගන්න තරම් හිතෙන එකට ඉන්ටර්වල් එකක් දෙන්න හිතන එක වෙන්නත් පුලුවන්. ඇත්තටම ඒ ඉද්ද මලක් තමයි. කාලෙකට පස්සේ ජීවිතේ වැට ගාවම  පිපුන.

අලුත් අවුරුදට ගත්ත ඇදුම් සේරම ඇදලා එකින් එකට ෆොටෝ එවනකොට ඇස් නැවතුනේ ඇදුමට වඩා ඒ මූන ලඟ. ලග හිටියනම් සිය වතාවක් කම්මුල් දෙක මිරිකලා දහස් වතාවක් හාදු දෙන්න හිතෙන තරම් ලස්සන මූනක් ලඟ.

මෙහෙම කොන්ඩේට වඩා මෙහෙම කොන්ඩේ හොදයිද අයියේ කියලා අහන තැන මට උත්තර දීගන්න වෙලාවම් ගියේ ඇත්ටහ්ටම ඒ ප්‍රශ්නේ අමාරු නිසා නෙමේ. ඒ හිනාව අස්සේ මම අතරමං වුනු නිසා..

ඒ හිනාවත් එක්කම රෑ වෙනකන් වැඩ කරන එක ගැන දුක් වුනු නිසා, කන්නෙ බොන්නේ නැති එක ගෑන හිතපු නිසා වගේම මට නිතරම එක දෙයක් කියන නිසා.

" අයියේ ඔයා තමන් ගැන ඔයිට වඩා හිතන්න ඕන"

මම අතරමං වෙලා ඉන්නේ ඒ වචන ඇතුලේ තියෙනේ ආදරයක්ද නැත්නම් අනුකම්පාවක්ද කියලා හිතා ගන්න බැරුව.

ඒත් දෙයක් කියන්න ඕන..ලොකු දෙයක් කියන්න ගිහින් නොකියා ඉන්නවට වඩා ඔයා ලස්සනයි ගොඩක් කියලා නවත්වන්න වුනු එක ගැන මම තවම හිතනවා..

ඒත් කොහේ හරි තැනක දන්නවා ඇති ඔයත් මගේ එක පුන්චී හීනයක් විතරයි කියලා විනාඩියක් තුරුලු කරගෙන ඒ රස්නය විදගන්න එක. අයිතියක් නැති වුනත් ආදරේට අයිතියක් කියලා විදගන්න.. ඒක පූවන් වුනු දවසක කියන්න..මම බලන් ඉන්නම් එහෙන්ම් ඉද්ද මල...ඉවසන්න පුලුවන් ලස්සන ඒත් දරාගන බැරි ඒ හැඟීම් මත් කරන සුවද!

කවී අයියේ! උඹ ඒකියපු ටික එහෙම්ම ලියපන්.. උඹ දන්නේ නැතිවුනාට මම ඒ කෙල්ලට ආදරෙයි. මම දනේ එච්චරයි.

හරි ශේන් මල්ලි..උඹට දිගටම තෙමිලා හොදටම උණ වගේ. දොඩවන්නේ ...සමහන් එකක් බීලා ඔය හීනෙම නිදා ගනින් උඹේ ඉද්ද මල තුරුල් කරගෙන! ගල් වැද්දා උඹට ඒ ලමයා ආදරේ නෑ.ඕක ඒක පාර්ශවික ප්‍රේමයක් වෙයි ශේන් සාමාන්‍ය විදිහටම..ඒකයි ඇත්ත.. උඹ ඒ ළමයගෙ ෆොටෝ දිහා බල බල හුල්ල හූල්ල ඉදහන්..


තැන්ක්ස්..ටටා..බායි..

කවී.

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...