සමහර තැන්වල තිබුනේම ආදරේ කියලා හිතෙනකොට අපි ගිහින් තියෙන දුර ගැන හිතන්න වෙනවා.!
ශේන් කියන්නේ කල්පිතයක් විතරයි ! හැමදාම වගේ මගේ යාලුවො සෙට් එකේ සහ එදිනෙදා සමහර සිදුවීම් දැක්කම මම ශේන් හරහා ඒ හැඟීම් බෙදා ගන්නවා!
සෙනසුරාදා හවස හතරට විතර අපේ ගේ ඉස්සරහ දේදරවගෙන බයික් එකක් නෑවැත්තුව. මම ලාවට දොර අරිනවත් එක්ක අපේ ගෙදර බල්ලගෙන් බේරෙන්න හෙල්මට් එක පිට්න්ම දුවන් එන ශේන් මල්ලිව දැක්කා.
මම කෝම කියන්නද ඒ සෙල්ලම කරන්න මිසක් හපන්න නෙමේ ඌ එලවන්නේන කියලා කොහොම උනත් මම දොර ඇරලා ටිකක් මෙහාට වුනේ ඌ එන වේගෙ හරි නැති නිසා.!
ආපු වේගෙන පාපිස්සෙ අඩිය තියලා බල්ටියක් ගහල ඇදේ ඔලුවවම් වැදුනට අවුලක් වුනේ නෑ හෙල්මට් එක නිසා.
මොකෝ ශේන් මල්ලි මේ කර්ෆියු අස්සේ හති දාගෙන මේ පැත්තේ?
කවි අයියේ වාඩි වෙයන්කෝ. දවසක් උඹ ඇහුවා මතකද උඹට විශ්වාසයිද ඔය පන්තියේ ආදරේ ගැන කියලා!
ඔව් ශේන් ලාවට මතකයි!
එතකොට මම කිව්වා මතකද එයාටත් කොල්ලෙක් ඉන්නවා මට කෙල්ලෙක් ඉන්නවා කියලා අපි දෙන්නා හොදට තේරුම් අරන් ආදරේ කරනවා පොඩි වෙලාවල් වලදී පවා කියලා!
හම් ඔව් කිව්වා තමයි..
එදා මට උඹ කියපු දේවල් තේරුනේ නෑ අයියේ. ඒත් දැන් තේරෙනවා. ඒ කෙල්ල සමහර වෙලාවට මට ආදරේ කරන්න ඇත්තේ පාළු නිසාද දන්නේ නෑ.
මේ බලන්න කවී අයියේ මම ඒ කෙල්ලට දාල තියෙන මැසේජ් ටික. බලන්න අයියේ දාලා තියෙන වෙලාව බලන්න අයියේ බලලා තියෙන වෙලාව වගේම රිප්ලයි කරලා තියෙන වාර ගාන. වෙනදට කෑවද බිව්වද කියල අහන ඒගෑනු ළමයා දැන් හොදටම වෙනස් වෙලා!
හේතුව දන්නවද ශේන්?.
ඔව් කවී අයියේ දැන් එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා ලඟින්ම. දාන ස්ටේටස් වලින් පවා කියන්න පුලුවන් මට දුන්න ආදරෙත් දැන් ඒ පිරිමි ලමයා ගාව කියලා.
මට ඉර්ශ්යා හිතෙනවා කවි අයියේ, මට කේන්ති යනවා මට දුක හිතෙනවා. බැදිමක් ඇතිකර ගත්නම් ඒ බැදීම කඩන්න මේක නෙමේ අයියේ හරි විදිහ.
ඔව් උඹ කියන එක ඇත්ත ශේන්, ආදරේ කියන දේ හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ! උඹ ඒ පැත්ත මේ පැත්ත හරවනකොට එහෙට මෙහෙට කරනකොට කැපෙන්නේ උඹේ හදවත.
උඹට කවදාවත් අයිති වෙන්නැති කෙනෙක්ට ආදරේ කරලා ඒ ආදරේ ප්රකාශ කරපන් බලන්න. උඹට පෙරලා ආදරේ ළැබුනත් නැතත් ඉබේම අසම්මත ගනයට වැටෙනවා! මිනිස්සු ඒකට කියන්නෙ එහෙමයි ආදරේ ප්රකාශ කරන්න මැලි වෙනවා!
සමහර වෙලාවට ඒ මූන ෆෝන් එකේ වෝල් එකට දාගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්..ඒත් එතනින් එහාට මම දන්නේ නෑ ශේන් ඕක ප්රකාශ කරන්න.
උබේ හොදම ලඟම හිතවත් ලිස්ට් එක ප්රකාශ කරපන් පෙන්වපන් අනිත් අයට. අන්න එතකොට ඇත්තටම උඹ හම්බුනා නම් කියලා හිතුන කෙනෙක් උඹට කතා කරලා අහන්න ඉඩ තියෙනවා ඇයි මම නැත්තේ ඒ අතලොස්ස අතර කියලා! උඹට එතකොට දැනෙයි කොහෙද ඒ හැඟීම් හැංගිලාතිබුනේ කියලා.
ලස්සන ඇදුම් ඇදලා ෆිටෝන් රූම් එකේම ඉදන් උඹට ෆොටෝ එවලා මේක හොදයිද..මේක ලස්සනට තියෙයිද කියලා අහන. අදින අලුත් ඇදුම ඇදලා ෆොටෝ එකක් එවන හිනාවෙන මූනක් උඹේ ඔය කියන හැඟීමට මොකක් හරි අර්තයක් දේවි. ඒත් අපි අර කලින් කියපු තැනමයි. ඒ හැම කෙනාගෙම උරහිස් උඩ මොනවාම හරි බරක් තියෙනවා , කරුමෙට ඔන්න ඉන්නකන් මම උඹට ආදරේ කලා ඒ ඇති නේද කියලා අහන තරමට මිනිස්සු වෙනස්වෙලා නෑ ශේන් උඹ ඒක තේරුම් ගනින්.
කවී අයියෙ තමුසෙ කෝමද ඔච්චර විස්තරාත්මකව විස්තර කරන්නේ මගේ හැඟීමම උඹගේ ආතීතයට ගිහින් උඹේ කතාවක් බෙදා ගන්නවා වගේ?
මොනව කරන්නද මල්ලි එහෙම තමයි. ඒක හරියට අර කෙල්ල ඇදලා ඉන්නවා දකින්න ආසම ගවුම දැන් අදින්න වෙන්නේ නෑ මහත් වෙලා ටිකක් කියනවා වගේ දෙයක්.
ගවුම ඇදලාඉන්නව දකින්න වෙන්නැති එකට දුකයි.
උඹේම කියලා මොහොතක කම්මුල් දෙක අල්ලලා හුරතල් කරන්න නොලැබීම දුකයි,
හැබැයි මූන දිහා බලලා දැන් ඉස්සරටත් වඩා ලස්සනයි කියලා හිතින් සතුටුවෙලා ආයෙත් දුක් වෙනවා ඒ හිනවා මූන උඹට අයිතියක් කියන්න බෑ නේද කියලා..
ආහ් මේ කෝඩියල් එක බීලා, මේ බිස්කට් එක බල්ලට දීගෙන පලයන්! එතකොට අනත් දවසෙ උඹව එලවන්නේ නැතුව දැක්කම නැට්ට වනයි!
බායි..
.කවී.
No comments:
Post a Comment