කියන තරම් ජීවිතේ හොදටම ගෙවුන නම් කියල හිතෙනව නම් අපිට නැවතිලා ආපහු හිතලා බලන්න තිබුනා අපි කතාව ආරම්භ කරලා තියෙන්නේ කොතනින්ද කියලා.
සමහර විට හිතන් හිටිය විදිහ වැරදි වෙන්නත් පුළුවන්. සමහර විට වෙලා තියෙන විදිහ වැරදි වෙන්නත් පුළුවන්, ඒ දෙකම නැත්නම් අපි කරලා තියෙන විදිහෙ වැරද්දක් වෙන්න පුලුවන්.
හීනියට මාරි බිස්කට් එකල් ප්ලේන් ටී එකේ පොගෝගෙන කන ගමන් ස්කුබි ඩූ බලපු කාලය වෙනුවට දැන් වී ඇත්තේ එහෙම් පිටින්ම මාරි බිස්කටි පැකට් එකක් ලඟ තියාගෙන ඒ කාලයේ අතරින් පතර ඇඩ් බලමින් බපපු කාටුන් එක ඩේටා කපාගෙන යූ ටියුබ් එකේ නැරබීමට වීම ශෝචනිය තත්වයකි.
නමුත් මම මේ අවස්තාවා කලීන් සදහන් කලේ අතීතයේ සිදුවීම තරම් කික් එකක් නොමැත. මා දැන් අතීතයේ ඒ මොහොත සමාන කරන්නේ උණු උණුවේ බා ගත් පරිප්පු වඩේ එකක් කන විට දැනෙන හැඟීමට බව කාරුණිකව දන්වා සිටිමි. මන්දයත් අපි පරිප්පු වඩේ එකක් කන්නේ වඩේ වලටම පනවා ඇති යම් යම් ප්‍රමිති සහතික ඇති බව යටි හිතේ තැන්පත් කරගෙනම වීමයි,
අපි හොදින් හදුනන වඩේ වලටම සුවිශේශී වූ ලෝක දර්මයෙහි න්‍යායන් කිහිපයකි. ඒවා සැකවින් මෙසේය.
අපි හොදින් හදුනන වඩේ වලටම සුවිශේශී වූ ලෝක දර්මයෙහි න්‍යායන් කිහිපයකි. ඒවා සැකවින් මෙසේය.
ශේන් මල්ලි ගොඩක් කාලයක් නිශ්ෂබ්දව සිටීම මට තේරුම් ගත නොහැක එම හැඟීම මා අර පරණ තෙල් තාච්චියේ පෙන දමමින් බැදෙන ඉස්සෝ වඩයකට දැනෙන හැඟීමමදැයි කියාගන්නට නොහැක. සමහර විට මට මේ වඩේ එක සහ ඌ අතර හිතූ පරිදි සහ සංයුජ සම්බන්දයක් ගොඩ නන්වා ලොවට පෙන්වීමට නොහැකි වනු ඇත.
උගේ වචන වල දැන් ඇත්තේම බොහෝම සීමිත වචන ප්‍රමානයකි, ඌ සිටින්නේ අමුතුම කලකිරීමක ගිලීගෙනය, නිතර නිතර වට්සැප් එක ඕපන් කර යමක් බලයි. නැත්නම් ඔන්ලයින් ඇවිත් පැය ගානක් වෙනවා හැබැයි තවම මගේ මැසේජ් රීඩ් කරලා නෑ.
උගේ සීමිත වචන ලැයිස්තුව අතර ටොප් රෑන්කින් වචන පහත පරිදි වේ..
ඒ මූණ
ඒ තොල් දෙක
ඒ බෙල්ල
ඒ ඇස් දෙක
අර ඇදුම
මේ ෆොටෝ එක
ඒ කාලය
දැන් ඒ කෙල්ල වෙනස් වෙලා
ආදරේ නෑ
ආදරේ දැනෙන්නේ නෑ
වගේ වචන ප්‍රමානයකි. හේතු විමසූ කල කියන්නෙ ඇත්තටම තේරුම් අරන් ආදරේ කලා කියලා හිතුවට එතන තිබිලා තියෙන්නෙ තාව කාලික ආදරයක්ද කියන එකයි. මම තාම පාලුවෙන් හෙවුවට, මට තාම ඒ මූන ඒ තොල් පෙති සිපගන්න ඕන වුනාට දැන් ඒ ආදරේ දීපු කෙනාට වෙලාවක් නෑ අයියේ!
සමහර වෙලාවට මල්ලී ආදරේ එහෙම්ම දිය වෙනවා. උඹ ඈතින් දුරස් වෙලා ඉන්නකොට අර කලින් තිබුනු ආදරේ නිකන්ම අලු වෙලා යනවා..
හරි කවී අයියේ ..ඊට පස්සේ?
ඊට පස්සේ උඹගේ ආදරේ මතකයක් වත් නැතුව යනවා! උඹ හිටයද නැද්ද කියන තැනටත් එන්න පුලුවන්..
ඒක හරියට ඉස්සෝ වඩේ වගේ තමා බැදෙනකන් බලන් ඉදලා ආසාවෙන් කාලා අත පිහිදගෙන ගෙදර යනවා. ආයේ මාස ගානකින් කන්න හිතුනම තමා මිනිස්සු ඉස්සෝ වඩේ හොයාගෙන යන්නේ! ඉවසලා ඉදපන් බොක්ක...
ටටා..
.කවියා.
No comments:
Post a Comment