Saturday, May 1, 2021

රකුස් සහ සුරන්ගනාවි!

 තියෙනවට වඩා වෙනස් විදිහට දකින්න උගන්වන්න බෑ..රස කියන දේ හොයාගෙන යන්න ඕන දෙයක් මිසක් උගන්වන්න පූලුවන් දෙයක් නෙමේ.

සින්දුවකට තියෙන රස නෙමේ හැඟීමකට තියෙන්නේ. කෑමකට තියෙන රස නෙමේ තවත් සිතුවිල්ලක තියෙන්නේ. ආදරෙත් රසයක් තියෙන්න ඕන. 

ආදරේ කියන දේ සිතුවිල්ලකින් හැඟීමකින් පටන් ගත්තම අවසානයේ රස ගැන වැටහීමක් නැතුව යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ආදරය දැනිය යුත්තේ රසවත්ම තැන් වලින්. එහෙමත් නැතිනම් ආදරේ හැඟීම දැනෙන තැනින් රසයක්ද විද ගන්නට ලැබිය යුතුය.

කලබලකාරී මිනිස්සු එක්ක දුවන වෙලාවක ආදරේ රස හොයන්න ගිහින් කලබල වුනු මිනිස්සු එමටයි. කොහොනත් කලබල කාරී මිනිස්සු තවත් කලබල වුනාම බැදීම් සංකීර්ණ කර ගන්නවා. කලබල නොවී හැඟිම් සරල කරගෙන රස විදිනවා නම් හිත් තැවුල් ඇතිවීම වලක්වා ගන්න තිබුනා යයි දැන් ණුඹට හිතෙනවා නම් ගතවුනු තත්පර කිහිපයත් අපරාධයක්.

සමහර වෙලාවට වෙනදා අදිනවා දකින්න ආසම ගවුමක් දැන් අදින්න බැරි තරමට තදයි කියනකොට, හිතේ එක කෙලවරක ඇල්පෙනෙත්ති දුකක් වගේ දෙයක් දැනිලා මහා ලොකු සතුටක් දැනෙනවා කමක් නෑ අර බෝලයක් වගේ තිබුනු මූන තවත් හුරතල් පාට වෙලා  ඇති කියලා හිතාගෙන. ඒ හුරතල් මූන යටින් තියෙන දුඹුරුපාට රත්තරන් පාටට හුරු හම සාරියකින් වැහුනම් ඊටත් වඩා ලස්සනයි. අතරින් පතර රන් දුඹුරු පැහැති හම පේනකොට ආදරේ එක්ක අර කියන රසයත් දැනෙනවා නමුත් ඒක එන්නේ වේදනාවත් එක්කමයි. මොනා කරන්න පොරොන්දු රැකලා දවස ඒ හිනාව තියාගෙන බයික් එකේ පිටි පස්සෙන්..පාර දෙපැත්තෙන්ම් අතු පාරට නැවිලා හෙවන වුනු පාරක් දිහේ කිසිම වචනයක් නොකියා මන් ලඟින් ඉන්නව නේද විතරක් කියන හැඟීම විතරක් විදගෙන ඈතට යන්න..

..............................


.................

මිනිස්සු අති වේගයෙන් ජිවිතය බිස්නස් කරගෙන ඉවරයි!  අගක් මුලක් නොදන්න යාළු කමකට යාලුවගෙ අම්ම ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරල කියල දැන ගන්නකොට අප්‍රේල් 30 රෑ අටහමාරයි. යාළුවගෙ අම්මට දෙන සේලයින් එක ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ ඉවරයි තලවතුගොඩ අවට කොහෙ හෙවුවත් හම්බුනේ නෑ කියලා කෝල් එක එනකොට රෑ නමයයි පහයි. 

කරන්න දෙයක් නෑ පී සී ආර් එක  නෙගටිව් හින්දා ඇදන් හිටපු ශෝට උඩින් ඩෙනිම් එක දාගෙන අතට අහු වුනු ශර්ට් එකත් ඇදගෙන කැස්බෑවෙන් පටන් අරන් කොහුවලට යනකම් 3% සේලයින් බොතල් හෙව්වා. කොහෙවත් නෑ.. යන්තම් තව එකෙක් කිව්වා මල්ලි කලුබෝවිල ඉස්පිරිතාලෙ පහු කරන් යනකොට තියෙන ලොකු ෆාමසි එකේ නම් ඕක තියෙනවා හැබැයි 10 වෙනකොට වහනවා කියලා. 

අර වගේ අඩු එන්ජින් කැපසිටියක් තීන බයික් එකක අග කට්ටම ඇක්ස්ලේටර් එක ඇල්ලුවත් අසූවෙන් උඩ යන්නෙ නෑ..හැබැයි බයික් එකෙ මීට එහා බෑ කියලා කෑ ගහනකන් ගියා. විනාඩි තුනට කලුබෝවිල. 

බයික් එහෙම්ම තියෙද්දි මේන් ඩොර් එකට දම්වැලක් දාලා වහන සිකුරුටි කිව්වෙ බෙහෙත් එකක් ගන්න ඕන කරනවා කියලා හදිස්සි ලෙඩෙකුට.

සිකුරුටි අයියා අභිරූපනයෙන් කිව්වේ දැන් වහලා ඒ නිසා බෙහෙත් දෙන්නේ නෑ කියලා මම නිකන් බේකරියකින් ගිහින් හදිස්සියක් කියලා කිරිටොපි ඉල්ලනවා කියලා හිතාගෙනද මන්දා. හෙන සරලයි. 

වාද කරලා බැගෑපත් වෙලා වැඩක් නැති නිසා එහෙම්ම ඇල්ලුවේ නාරහෙන්පිට පැත්තට සී ටී බී හෙඩ් ඔෆෆිස් එක ඉස්සරහ තිබුනු ෆාමසියට. අන්තිමට මේ ගියපු හත් වෙනි ෆාමසියේ ඕන කරන දේ තිබුනා. එක බෝතලයක් වෙනුවට බෝතල් තුනක් අරගෙන අපි ඉගිල්ලුනේ ජයවර්ධනපුර මුලික රෝහලට.  

හරියටම රෑ එකොලහ වෙනකොට සේලයින් බෝතල් ටික අදාල වාට්ටුවට දිල අපි රෑ දොලහ වෙනකොට ගෙදර ආවත්. ඩෙනිම පිටින් ගිහින් ශවර් එක ඇරලා නාන්න ගත්තේ රස්නෙට නෙමේ කේන්තියට..මනුස්සයෙක් පෙනි පෙනි දොර වහලා අපි වහලා දැන්  කියන්න පුලුවන් වුනු එක නම් අගේ කරන්න ඕන. ඉතින් එක අතකට පාන්දරම නාන ගමන් මම කල්පනා ඒකෙත් වැරැද්දක් නැහැ කියලා..මොකද මට තියෙන අමාරුවකට බෙහෙත් ගන්න ගියාට එතුමානෝ කරන්නේ රැකියාවක් නේ. ග්ලාස් එකට එහායින් කැශියර් එක්ක තවත් සේවා සහයකයි ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් ඇස් කොනින් බල බල හිටිය වගේ මතකයි. මාස්ක් එකට යටින් තිබුනු මූන මට හිතින් මවා ගතහැකි.. යකෝ ඕෆ් වෙලා යන්න හදනකොටම නේ මුන්ට තදියම. මෙච්චර වෙලා හිටියා ආවෙ නෑ. ගෙදරට වෙලා ෆිල්ම් එකක් බල බල ඉදලා දැන් මතක් වෙලා එනවා මෙතන වගේ මූනක් තමයි මට කල්පනාවට ආවේ .

ඒකත් කමක් නෑ එයාලගේ රැකියාව නේ!.

එතකොට ඒක බිස්නස් එකක් විතරයි! ඒකත් හරි..මැරෙන්න යන ලෙඩා හරහට ගෙනිහින් දොරගාව තියන් කතා කලත් ඒ සිකුරුට්ටං මහත්තයා සහ කැශියර් මහත්වරු සහ මේකප් දාමින් සිටි නෝනලා මහා මේරු පර්වථය සේ නොසැලී ඉන්නට ඒකායන අදිශ්ඨානයෙන් සිටිනා බවනම මට පැහැදිලි..

......................

ඒ අස්සේ දිමියා ශෝකනීය විදිහට දාලා තියෙනවා වට්ෂැප් ශ්ටේටොස් සදුදා ඉදන් වෙඩින් කැන්සල් කියලා හරිම දුක හිතෙන ඉමෝජි දෙකකුත් දාලා.

මූ යකෝ කසාදයක් කර ගන්නෙත් නෑ ඒ වුනාට වැලලෙන්න හදනවා!  බදින්න ඉන්න උන් අපේක්ශාවෙන්  ඉවසනකොට මුට...මුට මොන දිය සීරාවක් හැදිලද කියලා හිතාගන්න බැහැ..

මුට බාලසූරිය කියලා නම දාපු එක හොදට ගියා!

ඒකට රිප්ලයි එකක් දාලා ඉවරවෙනකොට පොඩ්ඩි දාලා තියෙනවා බොන්න ඕන කියලා.!!

.යකෝ මුන්ට මොන ගිනි ජල්ලියක් වෙලාද, මට වෙලාවකට හිතෙනවා මූට පහල වෙලේ පෙරපු කසිප්පු කෑන් දෙකක් ගිහින් දීලා තියන්න. දොල දුක සංසිදෙන්න..

හරි ඉතින්..මම මානසික වශයෙන් ඩෝප් වෙන්න නැත්නම් වෙරි වෙන්න ඇල්කොහොහොල් බොන්න ඕනම නෑ මේ වගේ විලම්බීත ටිකක් දැකම ඇති. ඔළුව භ්‍රමණය වෙලා ඇද වැටෙන්න..



උන දෙන්නටම ගැලපෙන විදිහට මැසේජ් දෙකක් දාලා මනස සන්සුන් කර ගන්න නූතන ඇඩියාවට මර ලතෝනි දෙන සින්දුවක් හෙමීට දාලා නින්ද එනකම් බලන් හිට්යේ හරියට අර විල් ඉවුරට බහින වදුරොන්ව ලන්ච් එකට ගන්න ඇගිලි ගනින ගැඹුරු දියේ ඉන්න රාක්ශයෙක් වගේ සංසුන්ව.

  බායි...

ටටා....

කවී.

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...