සමහර වෙලාවට මිනිස්සු හැමෝටම සරල රේඛීය ජීවිත හමබවෙන්න පුලුවන් හරිම අහම්බෙන් වගේ තමා ඒත් ඒ අහම්බෙන් හරි හම්බවෙන ජීවිත හරිම පුදුම විදියට ජිව්ත ගැන හිතන්න සලස්වනවා .
මේ කියන සරල රේඛීය ජීවිත බලාගන්න පුලුවන් රේල් පාර දෙපැත්තේ අත් අල්ලගන යන ප්‍රේම වන්තයෝ දැක්කහම. ඒකත් එක අතකට සරල රේඛාවක් නෙමේ තමා . කොහේ හරි සිටේශන් එකක් ලඟ තව පීලි දෙක තුනක් උඩින් දුවල යන යන පාර මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි සහ එහෙන් මෙහෙන් දරුනු ගණයේ වංගු තියෙන .ඒත ඉතින් ඒවා සමානුපාතිකව දුවන් හින්දා තමා මම මේ උදා හරනය ගත්තේ .
මට කියන්න ඕන වුනේ මේ අත් අල්ලන් යන ගමන ගැන නෙමේ මිනිස්සු කෝච්චියට ලඟ එනවා කියලා දැන ගත්ත ගමන් අත් අත හැරලා අඩි දෙකක් විතර පස්සට සිග් සැග් දුවලා දාවනය වන කෝච්චියේ පෙට්ටි දෙකක හිඩැස් අතරින් කඩින් කඩ මුනු දෙක දිහා බලන් ඉන්න එක ගැනවත් නෙමේ .
මිනිස්සු ඇත්තටම දුවන්නේ කෝච්චිවලට බයේද කියලා ?
ඊයෙ රෑ කුක්කා මල්ලිගේ කම්පියුටර්එකට ගේමස් වගයක් ඉන්ස්ටෝල් කරල දෙන ගමන් ඉන්නකොට මම දැක්කා ඒකෙ ඕඩියෝ ෆයිල් වගයක් වේගයෙන් කොපි වෙන හැටි .
ඒ අතර තුර මම විදින්න වුනා අර කලින් කියපු පෙට්ටි අතරින් බලන් ඉන්න මිනිස්සු ගැන .
ඒ වගේම බය ගැන . පුරුදු විදියටම මම මනෝ පාරක් දැම්මා මට පුලුවන් විදියට .
ඇත්තටම මිනිස්සු දුවන්නේ කොච්චියට බයේද නැත්නම් තමන්ගේ ජීවිත වල බයේද කියලා .
මට හිතෙන විදියට මිනිස්සු මේ දුවලා බේරෙන්න හදන්නේ ජීවිත වලට බයේ කියලා මට හිතෙනවා .
තව කෙනෙක්ට වාද රන්න පුලුවන් මිනිස්සු ජීවිත අලට අදරෙන් මෙහෙම් දුවනවා කියලා. නෑ උන් ජීවිත වලට අදරේ නෑ . උන් දුවන්නේ වගකීම් වලට බයේ . මිනිස්සු වගකීම් වලය බය වෙලා කරන් ඉන්වෙස්ට් එකක් තමයි මේ ආදරේ හා බැදුනු විවාහය කියලත් වෙලාවකට හිතෙනවා .
ඒක නෑ කියනවා නම් මේ වාක්‍ය ඔලුවට ගනින් . මේක් ඕන තරම් මට යන එන තැන්වලදි අවුරුදු තිස් පහ පැනලත් නොබැද ඉන්න් මිනිස්සුන්ගේ ගෙවල් වල ඇහෙනවා.
" උඹට ඔහොම හැමදාම ජීවත් වෙන්න බෑ කසාදයක් කර ගනින් නැත්නම් වයසට ගිය දාකට බලාගන්නේ හරි කවුද "
විවාහය එතකොට ෆික්ස් ඩිපොසිට් එකක් ආදරේ ඉතුරුම් ගිනුමක්ද ෆික්ස් එක දා ගන්න් සල්ලි එකතු කර ගන්න ?
මම......! ශේන් මල්ලි, කූක්කා හැමෝම දිහා බලලා මේ කතාව කියල ඇහුවා උඹලට මම කියන දේ තේරෙනවද කියලා.
අනිත් එවුන් කට අහගෙන හිටියට ශෙහාන් මල්ලී මාස්ක් එක පහලට දාලා කිව්ව , මෙහෙමයි අයියේ තමුසෙ කියන දේවල් වල අමුතුම බරක් තියෙනවා කියලා තේරෙනවා ඒත් අපිට තේරෙන්නේ ඒකෙ බර විතරයි. හැගිම මොකක්ද කියලා සමහර් වෙලාවට අපිට නම් තේරෙන්නේ නෑ. අපිත් අතරමන් වෙනවා ඕවට කියලා .
කොහොම හරි තේරෙනේ නතුව ඉන්න එකත් වටිනවා අනිති උන් වගේ මාව පිස්සෙක් විදිහට හන්වඩු ගහලා
හිතන්නේ නැතුව .
කතාවට ආයෙත් .. යමු ..
මීනිස්සු වගකීම වලට බයි වෙනවා ඒ බලා පොරොත්තු නිසා ,ඒත උන් බලාපොරොත්තුවලට ආශා කරනවා.
ඒ වගේම බලාපොරොත්තු මත හීන වලට අදරේ කරනවා.
එතකොට ඇත්තටම බැලුවම මිනිස්සු දුවන්නේ කෝච්චියට බයේ නෙමේ මිනිස්සුන්ගේ හීන වලට බයේ.
ශේන් මල්ලි මැද්දට පැන්නා පැනලා කිව්වා ශෙහාන්ට තේරෙන්නේ නැති වුනාට ඕක මට තේරෙනෙවා හැබැයි අයියේ මම දැක්කා ඊයේ රෑ හීනෙන් මම් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ උඩම තට්ටුවෙ ඉදන් චූ දාන සීන් එකක්. ඒත් ඒක නැති වෙනවට බයයි කියලා මම කෝච්චියක් ඉස්සරහට දුවන් යන්නේ නෑ.
ටිකක් වෙලා ඔලුව අත ගහගෙන් හිටපු මම , ඇහුවා උගෙන් ඇයි මිනිස්සු කෝච්චි වලට පනිනේ කියලා .
උන්ට ජීවිතේ එපා වෙලා වෙන්නැති . ඌ කිව්වා ගත්ත කටටම.
මම් කිව්වා ඔව් ඒත් එතකොට උන්ට කෝච්චියට තිබ්බ බය කෝ ? ඒක අර නැති වුනු හීනත් ක්කම නැති වෙලා තියෙන්න ඇති . බලාපොරොත්තු වගකීම ගොඩක් තියාගෙන ඒකෙ ලිම්ට් පැන්නම හීන ගැන තීන ආසාව නැති වෙනවා . එතකොට බය වෙන්න හෙතුවක් නෑ මිනිස්සු කෝච්චි වලට පනිනවා .
හැමෝම ඔලුව වනලා තේරුනේ නෑ කියලා කිව්වට කුක්කා මල්ලී මෙහෙම කිව්වා. අයියේ මේ අපි උඩ් සිටි එකෙන් ලොකු ස්ප්‍රයිට් බෝතලේකුයි ව්ස්කි බෝතලේකුයි අරන් ඇවිත් මේ ගැන කතා කරමුද ?
අවුලක් නෑ ඒ උගේ හීනය ! එක ඇහැකින් හරි ජීවිතේ ජය ගන්න හැටි කියල දෙන එක බලා පොරොත්තුවක් ..
ශේන් මල්ලිගේ හීනය අර කෙල්ලට කිස් එකක් දෙන එක!
ඔමිගේ හීනය රැම්බාගේ ඔෆිස් දාන සැන්ඩ්ල්ස් දෙක පුච්චන එක .
රැම්බාගේ හීනය ඔමී මල්ලිට පෙන්න හැම සිකුරාදාම සැන්ඩ්ල්ස් දෙක දාගෙන තට්ටු හතරෙ ඔෆිස් එකට එන එක.
එතකොට මම ?
මගේ හීනේ මේ සේරම චරිත දිගින් දිගටම පට්ට ගහන එක .
ටටා !
මීට කවියා
All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Saturday, July 4, 2020
Friday, July 3, 2020
ජිම් පප්පා හා මැජික් අරිශ්ටේ.
පුරුදු විදියට ශේන් මල්ලිගෙන් දිග වට්සැප් හෑල්ලක්.
තියෙනව ස්ටේටස් වල දාලා.
ශෙන් මල්ලු කියන විදියට දැන් ඒ කෙල්ල ශේන් මල්ලිට ආදරේ නෑලු. ඌ දාලා තිබ්බ ස්ටේටස් වලින් තේරෙන්නේ ඒක.
මම රිප්ලයි එකක් දාන ගමන් ඇහුවේ ඇයි උඹට මෙහෙම හිතුනේ කියලා.
ශේන් මල්ලි මගෙන් අහනව මේ කවී අයියේ තමුසෙට මනෝ විද්‍යාව ඉගෙන ගන්න ඕනද මේ අස්සේ කියලා.
නෑ නෑ මිනිහෝ මට දැන ගන්න ඕන වෙච්ච දේ. බ්ලොග් එකේ ගලපල ලියන්න.
මේකයි අයියේ මොන දේ වුනත් මගේ හොදම යාලුවාට හොරෙන් නැත්නම් මුලු ක්ලාස් එකේම ස්ටාෆ් එකට හොරෙන් කරන ආදරයක් මේක. අපි පරිස්සම් වෙන්න එපැයි. අනික මට කවදාවත් ප්‍රකාශ කරන්න බෑ ආදරෙයි කියලා. මොන සම්මුතියට ආවත් මේක වෙලාවකට හැඟිම් වලට නීති විරෝදි වගේ දැනෙනව. ඒත් මම කිව්වා වගේ ටියුට් බෙදන්න කියලා මට ටියුට් ට්ක දෙන්න ආවම හැරිලා යන්නේ යන්නම් කියලවත් නොකියා. වෙනදට විනාඩියක් දෙකක් හුරතල් වෙන කෙල්ල ඇයි මෙහෙම.
ශේන් මල්ලි උඹෙ ඔය ආදරේ රිම් එකෙන් දුවන ටියුබ්ලස් ටයර් එකක් වගේ. එක අන්තෙකට යන්න පුලුවන්. ඒත් වාහනේකට රුපියල් තුනක හතරක ආදරේ කියන හුලං ගහල වැඩක් නෑ .
කාවී අයියේ තමුසෙගෙ ගැරේජ් ටෝක් මට තේරුම් ගන්න වෙලා යනව ..කමක් නෑ. ඒක නෙමෙ මේ ලඟදි ඒ කෙල්ල මට උඩ ක්ලාස් එකක රෙජිස්ටර් වගයක් දෙනකොට අත මගේ අතේ වැදුන. මාර සිනිදුයි අයියේ. මට හිතුනා ආයේ බලෙන් අත ඇදල අරගෙන අතගාලා බලන්න. මූනත් ඒ වගේම ඇති නේ!
උඹ නිකන් දැන් ප්‍රයිමරි කොල්ලෙක් වගේ කෙල්ලෙක්ගේ අතක් වැදුනම ආදරේ කියල හිතන්නද යන්නේ?
ලැජ්ජ වෙන්නද හදන්නේ! යකෝ බැදලා ලමයි හයක් හතක් ඉන්නවා !..
අනේ මේ කවි අයියේ තමුසෙට ජෝගි.
මගේ හිත රිදිලා ඉන්නේ! වෙනද වගේ වට්සැප් එකේ නෝ චැට් නෝ කැශුවල් කිට්ස් ෆොටෝස්!
ඉතින් ඔෆිස් එකේ උඹට මූනට මූන බලාගෙන නෙ ඉන්නේ. ආයෙ මගුලටද ෆොටෝ.
එහෙම නෙමේ අයියේ මම ආස ඒ කෙල්ල ගෙදර නෝර්මල් ඇදන් ඉන්න විදියට! හෙන සිම්පල් ඒත් හෙනම ලස්සනයි. ආදරේ හිතෙන එක නවත්තගන්න බෑ එතකොට.
මල්ලි උඹ කවද හරි සූරපප්පා එකේ ජිම් පප්පා වගේ වෙයි. මල් කුමාරිට ආදරේ කරන. උඹේ ඔය ඇඟත් එක්ක සමහර විට ඒ කෙල්ලට උඹව විහිලුවක් වෙන්න ඇති. ඒ කෙල්ල අල්ලපු ගමේ ඉලන්දාරියට ප්‍රේම කරන ගමන් උඹටත් එහෙමයි කියලා අඟවනවා ඇති. ඇත්තටම ආදරේ නැතුව ඇති නැත්නම් එහෙම නොකියා යයිද. අනික ඒ කෙල්ල කවදාවත් උඹට ආදරෙයි කියන්නේ නෑ මැසේජ් එකකින්වත්.
උඹට ඒකි නිකන් මැජික් අරිශ්ටේ වගේ.🍸😑
උඹ කතාවෙ මේන් කැරැක්ටර් එකක් වුනාට කවදාවත් අරිස්ටේ දෙන්නේ නෑ. ☹️🤣
කවී අයියේ තමුසෙ මහ මොකෙක්ද මන්දා, ඔච්චර ලොකු එකෙක් වෙලත් කාටුන් බලනවද. මන් යනව. වැඩට යන්න ඕන.
මේ අයියේ තීනව නම් කව්ද බොයි කාටුන් එක ගේනවා හොදේ 🍷😋
අවසානයේ මට තේරුම් යන්නේ අපෙ ජීවිත මොනම හෝ කාටුන් එකකට සමීප බවයි.
ජෙයින් ජෙයිම වේවා!
👋 ටටා..
කවී.
Thursday, July 2, 2020
ටිපි ට්ප් හා ගුලි කරපු ලේන්සුව
ඊයෙ දවස ගැන අද කල්පනා කරන්කොට හිතෙන්නේ අපි තවත් කතාවක් ලියන්න ගන්නවා වගේ කියලා පරන කතාව මගින් නවත්තතලා, ඒකත් කතාවකට එහායින් පිටු අරින්නේ නැතුව ඊලග ජේදයෙන් වගේ!
වකුගඩු ඇඹරෙන තරම් හිනා වුනාට සමහර වෙලාවට මිනිස්සු හිත්වල මොනවා හරි දෙයක් ගුලි කරගෙන ඉන්නවා.
ගුලි කරගන්න සිතුවිල්ලක් නැති වුනොත් වේස්ට් පේපර් එකක් හරි ගුලි කරනවා.
නහයෙන් අඬන ජීවිත් අස්සේ ලේන්සුව ගුලි කරන ශේන් මල්ලි ඒක සාදාරිනීකරණය කලේ. මේක නවලා දැම්මොත් කරදරයි.ගුලි කරලා සාක්කුවේ අපිලිවලට ඔබා ගත්තහම ඕන කෙලවරකින් ඇඟිලි දෙකකින් වුනත් ඇදලා ගන්න පුලුවන් බවත්. බඩ වැල වගේ එලියට එනකොට අමුතුම ආතල් එකක් ඇති බවයි.
දන්නවද බන් ශේන් උඹ හරි . සමහර බැදිම් තියෙනවා උඹගේ දැන් තියෙනවා වගේ, සමහර වෙලාවට ඒ මිනිස්සුත් එක්ක තියෙන බැදීම් ගුලි කරලා සාක්කුවේ ඔබාගෙන වගේ. හරිම හහදිසියේ නේ ජීවිතේ මොහොතක් කියන ලේන්සුව උඹ ගුලි කරලා දා ගන්නේ හැඟීම් එක්ක. ඒත් උඹ කොහෙන් ඇද්දත් ඊට කලින් නවලා පිලිවලට දාපු ලේන්සුව කියන හැඟිම් නෙමේ එලියට එන්නේ අර ගුලි කරපු එක.
අනික ඒ ගුලි කරපු ලේන්සුව එලියට ගන්නේ නැතුව අර කියන නවපු ලේන්සුව ගන්න බෑ. ඒ වගේමයි අර ගුලි කරපු ලේන්සුවේ පාරවල් හරි අමාරුයි යවාගන්න. කාලය කියම අයර්න් එක ගොඩක් වෙලා අල්ලන් ඉන්න වෙනවා සමහර වෙලාවට.
උඹේ ඔය තට්ටු හයේ ඔෆිස් එකේ තියෙන ආදරේ මොන වගේද ඔතනින්. උඹ ඒක නවලද තියෙන්නේ? ගුලි කරන්ද ඉන්නේ.
ශේන් මල්ලී ටිකක් වෙලා ඉදලා ලොකු හුස්මක් අරගෙන ඔලුව දෙපැත්තට වනලා මන් දිහා බලන් ඉදලා කුක්කා දිහාවට හැරුනා!
ඔයි කුක්කා අපි බයිට් එකට ටිපි ට්ප් එකක් ගේමු.
මම ඒක උත්තරයක් විදියට අරගෙන කුක්කා මල්ලිගේ පරිඝනකය අස්සේ කිමිදුනා. අඩේ මම මෙච්චර බර ටෝක් එකක් දීලා ඌ හෙන සනීපෙට සරල වචනෙකින් ඒක ඉවර කලා කියලා.
අන්තිමට යන්න කලින් ශේන් මල්ලි කිව්වා අයියෙ සමහර අයිති නැති හැඟීම් ටිපි ටිප් වගේ. අපි කොච්චර ලොකු වුනත් අපි තාම ආසයි ටිපි ට්ප් වලට.
ඔව් මල්ලි පුතා ඒක හරි. ඒත් ටිපි ටිප් කල් ඉකුත් වෙනවා! පරිස්සමෙන්.
ටටා.. 👋
Wednesday, July 1, 2020
පම්කින්ෆෝබියාව හා සබී නංගි
සමහර හීන වලට මිනිස්සු වැඩිය ආස නෑ.
මොකද සමහර හීනවල මහ රෑ මැද ඔලුවට වට්ටක්කා ගෙඩි කඩා වැටිමේ අවස්තා බහුල වෙන්න පුලුවන්.
එහෙම ගත්තාම සබී නංගිට තියෙන්නේ බද්ධ වෛයිරයක් වට්ටක්කා එක්ක. විශේෂ යෙන්ම විදේශීය ඒවා එක්ක. සමහර වෙලාවට වට්ටක්කා කියන්නේ අහුලගෙන කන එලවලුවක් නොවේ නිසා වෙන්න පුලුවන්. දැන් සේර්ම ඔලුව කස කස ඉන්න එපා අහුලගෙන කන ඒවා කියන්නේ මොනවද කියලා.
ඇට ජාතී".. ධාන්‍ය වර්ග ඒ ගණයට දාගන්න ඕන .
වට්ටක්කා භීතිකාව ගැන සොයා බැලීමේදී මට දැනගන්න ලැබුනේ රාම රාවණ යුගයේ ඉදන් වට්ටක්කා කෑලි , ගෙඩි න්‍යශ්ටික ආයුද ලෙසින් යොදා ගත් බවයි. බොහෝ විට ආදිතම ජනයාගේ කුස්සියේ ඉදන් වට්ටක්කා වලින් දමා ගැසූ සහ ගුටි කෑ අවස්තා ඇති බවයි. කපමින් සිටින් වට්ටක්කා බොහෝ විට ආයුධ වන්නේ ලඟ පාත වලදක් , හැදි මිටක් නොමැති වූ අවස්තාවන්වලය.
සමගර විටක පෙරෙ සසර පුරුද්දට වට්ටක්කා කෑලි වලින් ගුටි කෑ බය තාම සබී නංගිගේ හිතේ තිබෙන්නට බැරි නැත . නොඑසේ නම මේකාට ඇති දැගලිල්ල නිසා සුලෙයිමාන් මිස් අදටත් මෙවන් භයානක න්‍යශ්ටික ආයුධ භාවිතා කරනවා වෙන්න ඇති.
වට්ටක්කා වලින් නිතරම පහර කෑම නිසා ඇති වෙන ප්‍රතිපලයක් ලෙස පම්කින්ෆෝබියාව දැක්විය හැක. එහි අතුරු පල ලෙස සහ මූලික රෝග ලක්ශනයක් වෙන්නේ ලූඩෝමේනියාව, අයි එස් ඕ ෆෝබියාව ( ඇපල් දුරකතන භාවිතා කරයි නම් ) ඇන්ඩ්රොයිඩෝෆෝබියාව ( ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරයි නම්) වේ.
මම පෞද්ගලිකව පම්කින්ෆෝබියාව සහ ලූඩෝ මේනියාවවට භිය වෙමි. ලූඩෝ මේනියාව දුරකතනය විසන්ධි කිරීම මගින් වල්කවා ගත හැකි නමුත්. පම්කින්ෆෝබියාව එසේ වලක්වා ගත නොහැක.
කෑම පිගානක දුටුවත් විසික් කිරීමට සිත්වේ!
මින් මිදීමට ඇති හොදම ක්‍රමය නම් උදේ පානදර තම මව, බිරිද පොල් ගාන ස්තානයට ගොස් කරදර කිරීමයි. නිතරම වට්ටක්කා වෑංජන හදනා වෙලාවන් මග ඇරීමයි.
එසේ වූහොත් පම්කින්ෆෝබියාව මග ඇර බාහිර හානි පමනක් වන කොකනට්ශෙල් ටීරියාව වැලද ගත හැක.
ඔනෑම ආත්රපෝඩාවෙක් , මොලුස්කාවෙක්, ඇම්ෆෝබියාවෙක් , ඇමීබාවෙක් , පැරමීසියම් කෙනෙක්, මෙම විශ්ව න්‍යාය සදහා යටත් වේ.
එහි හයිරාකිය මේසේය.
විවාහක නම්- පහර දෙන්නා ආයුද බවිතා කරන්නා බිරිද වේ
අවිවාහක නම්- පහර දෙන්නා ආයුද බාවිතා කරන්නා තම මව වේ.
මෙහි පොදු කුලකය නම්- අවස්තා දෙකේදීම ගුටි කන්නේ තමන් වීමයි.
ටටා 👋
Tuesday, June 30, 2020
ටොනික් හා නූතන කේවට්ටලා
උදේ පාන්දර! ගිස් මල්ලීගෙන් මැසේජ් එකක් ගෲප් එකට.
අයියේ ඇයි බම් අපේ නම ගිය සොෆ්ට් ඩ්‍රින්ක් කම්පැනිය ගැන මට මෙහෙම හිතෙන්නේ .
කොහොමද? කියලා මම ඇතුලු අනිත් සෙට් එකම ඇහුවා.
නෑ බොස්ලා කියනවා ප්‍රශ්නයක් නම් කෙලින්ම ඇවිත් එයාලව හම්බවෙන්න කතා කරල ඕන දෙයක් කරගන්න පුලුවන්. අනිත් අයත් එක්ක සාකච්චා කරන්න යන්න එපා. ඒ වගේම යූනියන් ලීඩර් වගේ අනිත් අයගේ ප්‍රශ්න කතා කරන්න එපා උඹමයි නෝන්ඩි වෙන්නේ කියලා.
කොහොම හරි මේලඟදි මගේ පඩිය අඩු වුනු එක ගැන ප්‍රශ්න කලාම. ඒ වෙලාවෙ කිව්වා හරි ඒක සෙට්ල් කරන්නම් කියලා මොකද මේ ටිකේ කම්පැනිය ලොස්ට් එකේ යන නිසා. බොහොම හිනා වෙලා උත්තර දුන්නා වුනාට. පස්සේ ඒ බොස් මම පඩිය ගැන අහපු එකට මම නැති තැන සෑහෙන්න අනම් මන්ම් දේවල් කියලා පඩි නොදී ඉන්නවා ඕන නම් වගේ කතාවක් කියලා.
ඒ නිසා කලකිරීමකින් ඉන්නේ මම නම් අයියේ .
මම උත්තර දුන්නේ මට පේන විදියට.
මල්ලී මේකයි. සාමාන්‍යයෙන් වෙන්නේ කතා කරන එකාට බැනලා හරි හොරෙන් අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරන එක. ඒ අතරතුර ලොකුම පුටුවල ඉන මිනිස්සු බලන්නේ සාමාන්‍ය සේවකයන් අතර තියෙන එකමුතුව කියන කොන්දට ගහන්න.
මොකද ඒක ප්‍රශ්නයක් . අනිත් එක හැමදාම කියනවා වගේ ලොස් වෙනකොට පඩ් අඩු කලාට ප්‍රොෆිට් වෙනකොට පඩි වැඩි කරන්නේවත් බෝනස් දෙන්නේවත් නෑ නේ බොහොමයක් තැන්වල.
හොදට මතක තියා ගනින් මල්ලී, ඔය සමහර තැන්වල ඉන්නවා කමිශන් එන අය, ඇත්තටම උන්ට පඩියක් ඔන නෑ. කමිශන් එජෙන් මැච් එකක් ගහනවා. ඒ වගේ එවුන්ට වෙන තැනකට යන්න බෑ. හේතුව තියෙන්නේ එක්ස්පීරියන්ස් මිසක් පේපර් කොලිෆිකේශන් නෙමේ.
ඉතින් ස්මහර වෙලාවට උඹත් එක්ක පිකටින් කරනු කියලා කතා කරන මනුස්සයා රෑට ගිහින් ඉහල පුටු වලට කෝල් කරලා ගුණ වර්ණනා කරලා කියනවා වෙන්න පුලුවන්, අපි පඩි නැතුව හරි වැඩ කරන්නම් කියලා.
නූතන කේවට්ටලා!
හැබැයි වැඩ අඩු කාලෙට නිකන් පඩි ගෙවන්න ලෑස්ති නැති වුනාට උඹලගේ ටොනික් කම්පැනිය උඹලා රෑ එලි වෙනකන් හිටියා කියලා වැඩ වැඩි කාලෙට. සෑහෙන පඩියක් දෙනව ඇති නේද?
කට්ටියම හිනාවෙන ඉමෝජියක් එවලා තිබුනා.
ඒවා ගෑන අපි කතා නොකර ඉමු. රෑට වැඩ කරන කොට රෑ එකොලහ දොලහ වෙනකන්, මල්ලි බඩ්ගින්නට පාන් කෑල්ලක් නැතුව ඉන්න වුනාට. කාන්තා ඇදුමක් හවස හයහ මාර පහු වෙනකන් වැඩක් කලොත්, සමහර විත ලඟටම බොස් ගිහින් අහලා පීසා එකක් වුනත් ඕඩර් කරලා දෙන්න පුලුවන් අවස්තාව වැඩී.
උන්ගේ වැරැද්දක් නෑ උන් වෙලවට ඕෆ් වෙලා යන නිසා පැයක් වැඩුයෙන් හිටියත් අනේ පවු වැඩ සෑහෙන්න කියන්න පුලුවන් ඇයි අනිත් දවසට ඒ වෙලාවට නෑ නේ. උඹලා වහේ එවුන්ට වෙන්නේ මල්ලී. උඹලා නිකම් දවසට පහට ඕෆ් වෙන්න ඕන එකත් වැඩ ටික කරලා යන්නේ රෑ හතට.
ඉදලා හිටලා හරි වෙලාවට ඕෆ් වෙලා ගියොත්! බොස්ලා නිකන් ඕෆ් ටයිම් එක දන්නේ නෑ වගේ අහනවා. කෝ මෙයා කලින් ගියාද කියලා. ඒ වෙලාව කට ඇරලා කියන්න එකෙක් නෑ සර් කලින් නෙමේ හරිම වෙලාවට ඕෆ් වෙලා කියලා.
නිවාඩුවක් දානකොට ඒක ලොකු කරන කේවට්ටලා, ජොබ් එක ෆර්ස්ට් ලයිෆ් එක සෙකන්ඩ් කියලා උපදෙස් දුන්නට, ශේප් එකේ ඔෆිස් එකෙන් මාරු වෙලා පර්සනල් වැඩ ටිකත් කරගෙන ෆුල් ඩේ වර්ක් කලා කියලා මාර්ක් එකකුත් දා ගන්නවා.
හරි පරිස්සමෙන් පුතා.. උඹලට ලොකු හීන පෙන්නුවට ඔය මිනිස්සු, ලොකු හීන අත්පත් කරගන්න තරමට ශක්තිය දෙන්නේ නෑ.
දෙන දේවල අරගෙන යයි කවදා හරි!
උඹ ටොනික් එකක් කඩලා බීගෙන ඉදපන්!
👋 ටටා.
කවියා
Sunday, June 28, 2020
රස්නෙට බුරියානි හා සවානක බෙදා හදාගත් ආදරේ
එක කතාවක් ඉවර වුනු ගමන් තව කතාවක් වගේ ඊයෙ රෑ අට දෙනෙක් කන සවානක බුරියානි එකක් අපි පස් දෙනෙක් කනකොට අපිට අනිත් එකාව පහු කරගෙන යන්න වුවමනාවක් තිබුනේ නෑ. මොකද ඕනවටත් වඩා එතන බුරියානි තිබ්බා චිකන් එක්ක.
.
කලබලයක් නැති කෑම මේසේ ශේන් මල්ලි ගේ කතාව ඇදල ගත්තා මම ආයෙත්. මල්ලී කොහොමද දැන් ඔයාගේ අර කියන ද්වී පාර්ශවික ආදරය .
අයියේ මෙහෙමයි, ඒක හිතා ගන්න බෑ , මලිත් දවසක් මට කිව්වා ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා බන් ඇයි උඹ ඔහොම හැසිරෙන්නේ කියලා. ඉතින් කවි අයියේ මොනවා කියන්නද මම !
ආදරේ කියන දේ හරිම අමුතුයි අයියේ අපිට නොලැබෙන දේවල් වලට තමයි අපි ආසා කරන්නේ ආදරේ කරන්නේ.
කවී අයියේ මම කිව්වේ නැති උනාට ඒ කෙල්ල සමහර වෙලාවට දන්නවා ඇති මම සමහර වෙලාවට ඒ කෙල්ලගේ ඇස් දිහා බලන් ඉන්න ආස බව. ඒ කෙල්ලට තියෙන්නේ ලා රතු පාට ඉටි වගේ දිලිසෙන තොල් දෙකක්. සමහර වෙලාවට මට ඒවා මිරිකන්න හිතෙනවා. කවුරු බලන් හිටියත් මොකද කියලා.
මම ඔමී එක්ක රෝස්ට් චිකන් කෑල්ලක් දෙකට කඩා ගන්න කඹ අදිනවා වගේ දෙපැත්තට අදින ගමන් ඇහුවේ. සහෝදර ප්‍රේමයට ශේන් මල්ලී..ස්මහර විට සහෝදර ප්‍රේමය වැට පැනලා ගිහින්ද දන්නේ නෑ.
අනික ඔය කියන කෙල්ල ඔය තරම් ලස්සනද? මට ෆොටෝ එකක් පෙන්නපන්කෝ.
අනිත් එවුන් ගේත් ඇස් දිලිසුනේ ෆොටෝ එක බලන්න ආසාවෙන් නෙමේ . සවාන් පිඟානට වැදුනු ලයිට් එලිය පරාවර්තනය වෙලා වෙන්නැති. කොහොම හරි වාඩි වෙලා හිටිය පුටුව මම හෙමීට උගේ පැත්තට කරලා.ශේන් මල්ලිගේ ෆෝන් එකට එබුනා.
ෆෝන් එකේ හයිඩ් කරලා තිබුනු ෆයිල් එකක් පුරෝලා තිබුනේ අර කියන කෙල්ලගේ ෆොටෝ. වට්සැප් ස්ටේටස් දාපුවා ඉන්ස්ටා එකේ දාපුවා සේව් කරගෙන. මටත් දැක්ක ගමන් කියවුනේ අඩේ හෙන කියුට් කෙල්ලෙක් නේ බන් කියලා.
ඒකනේ කවී අයියේ කියන්නේ .ඔයා ඇතට දැකලා නෑ නේ. මම දැකලා තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ ඒ කෙල්ලට. සමහර වෙලාවකට හිතෙනවා අයියේ ඒ කෙල්ලව උස්සගෙන යන්න. නැත්නම් අහන්න හිතෙනවා මට එකම එක පාරක් ඔයාව තුරුල් කරන් ඉන්න ඉඩ දෙනවාද කියලා. අයියේ ඒ කෙල්ල එක පාරක් හා කිව්වොත් ඒ ඔලුව මගේ පපුවට තද කරගන්නවා මට පුලුවන් විදියට. මට ආසයි අයියේ ඒ කෙල්ල නිදාගෙන ඉන්නකොට ඇස්තියෙන්නේ කොහිමද කියලා බලන්න.
ශේන් මල්ලී, එත් ඒ කෙල්ල දන්නවා නේද උඹට කෙල්ලෙක් ඉන්න බව, එහෙම වෙලත් උඹ හිතනවද ඒ කෙල්ල කැමති වෙයි කියලා උඹට තුරුල් වෙන්න. උඹ මහා වනචරයෙක් බන්.
ශේන් ගේ ඇස්වල ලාවට කදුලු ටිකක් එකතු වෙනවා වගේ දැනුනා. අපේ මේ විහිලු අස්සේ.
අයියේ ඒක ඒ කෙල්ල හොදටම දන්නවා, ඒ වගේම මම ඒකෙන් හෙම්බත් වෙලා ඉන්නේ කියලත් දන්නවා ඇති. අනික මම කිව්වේ මට තුරුල් කරගන් ඕන කියලා මිසක් ඒ කෙල්ලව මගේ ඇද උඩට අදුම් නැතුව අරගන්න නෙමේ නේ. කියලා ශේන් මල්ලී කිව්වේ ටිකක් කේන්තියෙන් වගේ කෑ ගහලා.
ඒකනම් හැබැයි ගානක් වුනේ නෑ අපිට. මොකද ඒ වෙලාව වෙනකොට කුක්කා තම අදහස් දක්වමින් කිව්වේ ඌ ගාව තියෙන සේරම රෝස් චිකන් කටු ඔමී මල්ලී කාලා දාපුවා කියලා. ඔමී කිසි දෙයක් කිව්වේ නෑ.අ අඩු තරමින් බල්ලෝ කියලා බැන්නෙවත් නෑ. තමන්ගේ පාඩුවෙ උගේපැත්තේ තිබුනු චිකන් කැල්ලෙන් ඒ තරහා පිරි මහගත්තා මිසක්.
... ආයේ කතාවට ..
ශේන් මල්ලී ස්ප්‍රයිට් උගුරක් බීලා පිච්චෙන පපුව නිවා ගත්තා . ඊට පස්සේ කිව්වා. මම උඹලා ගැන දන්නේ නෑ මම ඒ කෙල්ලට ආදරෙයි. ඒ කෙල්ල මාව අමතක කරලා දාන්න දවසකට කලින් හරි මම ඒකිව තුරුල් කරගන්නවා. මම කලින් දවසකත් කිව්වානේ අයියේ. මම ඒ කල්ල ගාව තීන රස්නෙට කැමති. අනික උඹලා මේක අසහනේ කියන කැටගරියට දාන්න එපා. හේතුව කවදාවත මම ඒ කෙල්ලගේ දනහිසට පොඩි ප්‍රමානයක් පහලට වෙන්න මිසක් ඊට උඩින් දැකලා නෑ.එකි එහෙම අදින්නෙත් නෑ.
මම ඇහුවා එහෙනම් ශේන් මල්ලි උඹ ඇවිස්සුනේ මොනවා දැකලද . උඹ කොහොමද කියන්නේ ඩෝප් උනු වෙලාවට කියනවා වගේ රත්තරන් පාටයි කියලා.
ශෙන් මල්ලී ටික වෙලාවක් අමුතු විදියට බලන් ඉදලා හරිම පහත් හඩින් කිව්වා ඒකෙල්ල දවසක් වාඩි වෙලා ඉන්නකොට මම ගියා ටියුට් වගයක් දෙන්න. එතකොට මට පෙනුනා ඇදන් හිටපු බ්ලවුස් එකේ පිට් පස්සේ කොන්ඩෙට යටින් බටන් එක දාලා නැහැ කියලා. ඒ වෙලාවේ මම දැක්කා ඒ කෙල්ලට තියෙන්නේ හරිම ලස්සන රත්තරන් පාට හමක් කියලා. මම ආසයි අයියේ ඒ කෙල්ලගේ අතක් අල්ලගෙන ඉන්න ලඟින් තියගෙන ඉන්න. මම හිතන්නේ සමහර වෙලාවට මගේ හැඟිම අවුස්සන්නේ ඒ කෙල්ලගේ ඇදුම්.කොච්චර වැහිලා තිබුනත් එව්ගෙ තිබුනේ අමුතුම ලස්සනක්.
මොනා හරි වෙච්ච දෙන් මට දැන් දැන ගන්න ඕන ඒ කෙල්ලටත් මාව එහෙම දැනෙනවද මම ඒ කෙල්ලට ආදරේ කරන විදියට ඒ කෙල්ලත් මට ආදරෙයිද නැත්නම් මමත් ඒ කෙල්ලගේ ලිස්ට් එකේ ඉන්න තවත් එක කොල්ලෙක් විතරද කියලා. මිනිහා ආයෙ ෆෝන් එක දිහා බලලා කිව්වා. අයියා ඕක ලියන්න ගත්ත දවසේ ඉදන් වගේ දැන් ඒ කෙල්ල මට වැඩිය ස්නැප් එවන්නෙත් නෑ.
මම හරිම ආසයි ඒ කෙල්ල කැශුවල් ඉන්න ඇදුම් වලින් දාන ෆොටොස් වලට. අයියා ඒකත් ඒ සැනසීමත් මට නැති කලා කියලා. ෆෝන් එකේ තිබුනු අර කෙල්ලගේ ෆොටෝ එකක් ඉඹලා ඒක පපුවට තද කරගෙන පුටුවේම දිගා වුනා.
මම කල්පනා කරන්න ගත්තා. සමහර වෙලාවට මිනිස්සුගේ හිත් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. කලින් ඇත්තටම උන් දෙන්න ආදරෙන් ඉදලා දැන් මන් නිසා වෙනම ඉන්නවද කියලා. ඇයි එතකොට ඒ නංගි ශේන් මල්ලිට ආදරෙයි කියන් නැත්තේ කියලා හිතුන. සමහර විත ඒ දැනෙන ආදරේ විදගන්න ඒ කෙල්ල අක්මැති ඇති. එහෙනත් නැත්නම් ඒ කෙල්ලගේ ලිස්ට් එකෙන් ඉන්න තවත් එක කොල්ලෙක් විතරක්ම වෙන්න ඇති ශේන් මල්ලි කියන්නේ.
කොහොම හරි මේක මම අහලා තියෙන අමුතුම කතාවක්. නංගි මේක කියවනවා නම් ශේන්ට බනින්න්නන එපා ඉන්න ටික දවස හරි ඌ මැරිලා යන්න කලින් ආදරෙයි කියපන්.
අයිතියක් නෑ කියලා මිනිස්සු මිනිස්ස්සසුන්ට ආදරේ කරන්නේ බොහෝම කලාතුරකින්නේ . තාව කාලික උනත් ඒ ආදරේ උණුසුම් කර ගනින්.
නැත්නම් මේ බුරියානි එක වගේ නිවිලා ගිහින් කිසිම රසයක් නැති වේවි.
👋 ටටා ..
නැවත හමුවෙමු
කවී.
නූතන දිසා පාමොක්ලා
සමහරු අහනව මේවා ඇත්තටම මේ ඉන්න අයට වුනු ඒවද කියලා.නෑ මනුස්සයයෝ මම ඔය උඩින්ම කියල තියෙන්නේ ඒකයි තව කෙනෙක්ට වුනු දේවල සමහර විට තවත් කෙනෙක්ගේ නමින් යනවා. ගාල්ලේ වරායේ වැඩ කරන යාලුවගේ කතාව කොලඹ ඉන්න යාලුවෙක් පිටින් දාන්නත් පුලුවන්නේ..
ඒවා වැඩක් නෑ ආදරේ සමබන්දව උදේ පාන්දර අර්තකථනයන් දෙන්නේ ඔමී මල්ලී තමා. ඌ කියන විදියට නූතන දිසාපාමොක් ලා අද්යාපනයට අමතරව තම සිසුවියන්නට සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපන වැඩ සටහන් ප්‍රායෝගිකව කාමර තුල ගාල් කරගෙන උගන්වන අවස්තා අනන්තය.
පායොගික පූහුනුව ලබාගැනීම සදහා ගෙන්න ගන්නා ළමයිද ඒ සදහා කැමැත්තෙන්ම ඉදිරිපත් වී කකුල් දෙක අතර පරතරය වැඩ් කර දිසාපාමොක්ලාට හොදින් ඉගැන්වීමට සහය දක්වන බවත්. තවත් ස්මහර වෙලාවට නූතන දිසාපාමොක් ගේ පෞද්ගලික කාමරයේ ඉන්නවිට ඔඩොක්කුවේ වාඩි වී අතපසුවුනු පාඩම් අදී වෙගයෙන් නැවත ඉගෙන ගන්නා බව දොරේ ටින්ටඩ් ස්ටිකර් අතරින් බොහෝ අයට දැක ගන්න හැකි වූ බවත් ඔවුන්ගේ මතයයි.
නමුත් ඇය මවගේ සූට් දියණියයි.!
Subscribe to:
Posts (Atom)
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා! වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...
-
කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන ඉමන්දරා ටික ටික අමතක කරන ගමන් ඉන්නේ .. කාවද ? මාව කවී අයියේ ! හේතුව ? හේතුවක් ...
-
හැම මාසෙකම වගේ ඒ මාස වල ඉපදෙන එවුන්ට මොනවා හරි දෙයක් කියනවා වගේ තමා නොවැම්බර් වල ඉපදෙන් එවුන්ට කියන්නේ වාසනාවන්ත් එවුන් කියලා. හේතුවක් හොයන...
-
ජීවිතේට එහෙන් මෙහෙන් යාළුවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් හිටියට ඇත්තම යාළුවො කියන වචනය දෙන්න අමාරු අවස්තාවන් ඕනෑ තරම් අපිට අත් විදින්න පූලුවන්. බ...