Sunday, June 27, 2021

සහජ හැකියාව , උත්තුංග දේහදාරි මොලය සහ උපතින් ගෙනාපු මෙව්වා එක

උදේ නවය පහු වෙලා විනාඩි ගානක් යනකන් කරපු දෙයක් නෑ එහෙට මෙහෙට හැරි හැරි බලන් හිටියා මිසක්.

 මම උඹට කියන්න හිටිය මගේ කතාව සමහර කතා අතර පතර හිර වෙලා තියෙනවා කරුමෙ කියන්නේ උඹට ඒක නොතේරෙන එක නේ. මම කියන මගේ කතාව පටන් ගත්ත තැන මමවත් තාම හොයාගෙන නෑ ඒත් අතරින් පතර කියවන වෙලාවට මට හිතෙනවා මගේ ආත්මයෙන්ද ශම ගානක් එක එකාගෙ චරිත ඇතුලට ‍රින්ගවල තියෙනවා කියලා

සමහර වෙලාවට කලකිරීම කියන දේ එන්න පුලුවන් ඔලුවට උඩින් ගලාගෙන යන විදිහට. පීනන්න ටිකක් හරි දැනගෙන හිටිය නම්  කියලා ඒ වෙලාවෙ හිතෙන එක නවත්ව ගන්න නම් බැහැ කොහෙත්ම.


සමහර දේවල් ජීවිතේට එන්නේම පරක්කු වෙලා. හොදම දේ ආදරේ වුනත් එහෙම එන්න පුලුවන් කියලා මිනිස්සු හිතන එක. ඒක එක අතකට හොදයි සමහර මිනිස්සුන්ට ඒත් ඒක හාත්පසින්ම වෙනස් වෙනවා තවත් මනුස්ස පිරිසකට. . මම මේ හදන්නේ ආත්මයක් පාවා දෙන්න. නැත්නම් කලුවරේම ජීවත් වුනු මගේ ජීවිතේ අර එක තැනකදි අතපසු කරපු ආත්මයේ කොටසක් ආයෙත් ඇදලා ගන්න.

ඒත් නමේ ඉදන් ආදරේ ගෑවිලා ඒ මූන පුරාම දුවනකොට අර පාවා දෙන්න හදපු ආත්මයයි ඇදලා ගන්න හදපු ආත්මයේ කොටසකයි එකම දොරක් ගාවදි හම්බ වෙනවා. සමහර විට පහු වෙලා වුනත් ආදරේ දැනුනු තැන් වල නවතින්න දෙපාරක් හිතන්නේ සමහර ආත්ම වල අර මම කියපු අතීතයේ අතපසු වුනු කොටස මතක් වෙන නිසා වෙන්න පුලුවන්.



උදේ පාන්දරම ශේන් මල්ලිට කෝල් එකක් දෙන්නේ ඔය කියන ආත්මය දුවන තැන් වල නාතර වුනාමදැයි කියලා දැන ගන්න. ඒත් ඌ එන වෙලාවක් යන වෙලාවක් බෝඩිමේ හුස්ම ගන්න වෙලාවක් මට හොයා ගන්න බැහැ. ඒත් කලාතුරකින් ඌ කතා කරන් විදිහට නාඩි වැටෙනවා කියලා මට හිතා ගන්න පුලුවන්. හැමදාම වගේ පටන් ගන්නේ සුභ ාලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්තනා කරලා. මේ ජුනි මාසයේ අන්තිම ගැට්ටේ ඉන්න්න බව ඌ නොදැන ඉන්න විදිහක් නම් නෑ...

කවී අයියේ තමුසේ හිතන්නේ මම තවත් කෙනෙක්ට මම ආදරේ කරන කෙනෙක්ට වදයක් වෙන්න පුලුවන් කියලාද.

ඔව් තමුසේ මහ වදයක් වෙනවා ඇති ශේන් අනිවාර්යෙන්ම.

ඒත් කවි අයියේ උබ කෝමද ඒක හරියටම කියන්නේ? උබට අනාවැකි කියන්න බෑ නේ !


ඔව් අනාවැකි කියන්න බෑ තමා ඒත මිනිස්සු හැසිරෙන විදිහෙන් වචනයක් දෙකක් වෙනස් වෙන විදිහෙන් කියන්න පුලුවන්

ආදරේ එහෙමමද නැත්නම් අඩු වෙලාද කියලා.


ඒ කියන්නේ ආදරේට මිනුම් ඒකකයක් තියෙනවා?

නෑ එකිනෙකට වෙනස් වීම් සමූහයකින් අපි වෙනස් කම් කීපයක් අරගෙන ඒක පොදු කුලකයකට අරගෙන මහා පොදු සාධකය උක්ත කර ගන්නවා.

හරි කවී අයියේ උබේ අපභ්‍රංශ මට තේරෙන්නේ නෑ. ඒත් මම ලෑස්ති වෙලා ඉන්නේ ඒකත් අහගෙන ඉන්න. ඒ කොහොම හරි අයියා කියන්නෙ මට ඒ මුන බලන්න තියෙන ආශාව ගලවගන්න කියලද?

ඔව් එහෙම කියන්නත් පුලුවන් ඉතින් .

බලපන් උඹ යාලුවෙක් විදිහට කතා කරන්න පටන් අරන් අයියා කෙනෙක් වෙනක්ම් ගිහින් ආයෙත් එක පාර්ටම උබ යාලුවෙක් කියන මට්ටමට එනවා නම් එතන තියෙන්නෙත් ප්‍රස්තාරයක්. හරියට ශෙයාර් මර්කට් එකේ කොටසක වටිනාකම වගේ මිනිස්සුන්ගේ හැඟීම් උඩ පහල යනවා. එතකොට මම වගේ එවුන් සූදු කෙලිනවා ඔය ශෙයාර් මර්ක්ට් එකේ, මම කරන දේ ඉන්වෙස්ට් එකක් වගේ පේන උඹත් ඒකම කරන්න ගියාම තමා ඒකෙ ඇතුලාන්තය තේරෙන්නේ.

කමක් නෑ කවී අයියේ ඒකත් මට තේරුනෙ නෑ..

මෙහෙමයි ශේන් මල්ලි උඹ කවදාම හරි උඹ ආදරේ කර කෙනෙක්ට ආදරේ නෑ කියලා කියලා බලපන්. එතකොට එතන ඇති වෙන්නේ ලොකු නිහැඩියාවක්. 

ඒක කරන්න් බෑ නේ කවී බොශ්.. මට ආදරේ හිතුනු තැනකදි ඒක ප්‍රකාශ කරන එක මගේ ගතිය..

හරි ඒ වුනාට මම කිව්වට උබ එහෙම කරලා බලපන්!

ඒත් ඇයි මම එහෙම කරන්න ඕන?

එතකොට පුලුවන් උඹට උඹ ගැන හිතා ගන්න. ඒ වගේම මම ආදරේ කරපු කෙනෙක් මට කියපු දෙයක් කියන්නද උඹට?

හා..

ඒක කියනව නම් මෙහෙමයි.,

" අනේ මම නොදන්න උඹ ..උඹ මටම නේද බොරු කරන්නේ ..උඹ හැමදාමත් කලේ උඹේ හිතත් ඒක්කම වාද කරලා වාද කරලා

උඹේම තීරනයකට එන එක" ඒත් මම දන්නවා උඹ ගැන."


ඔය වචන ටිකට අමතරව උබට තව ගොඩක් දෙවල් අහගන්න පුලුවන් වෙයි. මම හිතන්නේ උබගේ මට්ටම මම හිතන් ඉන්නවට වඩා ගොඩක් ඉහලයි!!


කවි අයියේ මම සමහර වෙලාවාට ෆොටෝ එකක් දිහා බලාගෙන ඉන්නේ ගිලින්න නෙමේ! 

එහෙනම් ඒඉක දිහා බලාගෙන &*^@#%^@#$&*&)(_%$# යකෝ?

නෑ බකන් කවි අයියේ එහෙනම් මම  *$@~!#$@#$&උ*##*& නේ.!


හරි ඒකත් හරි ඒක එතනින් නවත්වමු.. ඒත් මල්ලි සමහර අවස්තා තියෙන්න පුලුවන් ඒ මනුස්සයට උබ කියන කියන ඈන්ගල් වලට ඉදලා ගහපු ෆොටෝ දෙන්න බැරි වෙන.

අන්න ඒ වෙලාවට ආදරේ නෑ කියල අහිත හදා ගනින්.

හරී මම ආදරේ කලා කියලා ඒ හැමෝවම ඇදට ගත්තෙ නෑ නේ!

ඒක මම දන්නේ නෑ ශේන් මල්ලී... ඒක මට අදාලත් නෑ..

අලුත් අවුරුද්දට ගත්ත අලුත් අදුම් ඇදලා එවපු හැම ෆොටෝ එකක්ම මගේ ලඟ තාම තියෙනවා කවි අයියේ!
මට ඒ වගේ මූනක් ඒ වගේ ඇස් දෙකක් තියෙන් කෙනෙක් හම්බුනේ දෙවෙනි පාරට?

දැන් උඹ කියන්නෙ උඹ මේ මුනයි ඇස් දෙකයි නිසා තව මනුස්සයෙක්ට ආදරෙයි කියලාද? මට ඒක ටිකක් විශ්වාශ කරන්න අමාරුයි.
සමහර විට උඹ කාටවත් ආදරේ කියලා නෑ කියපු දවසක උඹට එයි මෙහෙම දෙයක්.. " බොරු නේ අමූලික බොරු.. උබ මටම කියලා තියෙනවා ආදරෙයි කියලා"

මොකද උඹට තියේන්නේම මීටර් දෙකක් දුරුන් හිටියත් එක්ස් රේ කරන ඇස් දෙකක් මල්ලී..

ඒක.. ඒක අයියේ... මගේ සහජ හැකියාව , උත්තුංග දේහදාරි මොලය සහ සහ උපතින් ගෙනාපු මෙව්වා එක කවි අයියේ..

  

ටටා..

.කවී.



Sunday, June 20, 2021

වංකගිරිය, සහ, හැඟීම්

 මිනිස්සු තීරන ගන්නේම හදවතින් එහෙම අරගෙන මොලයත් එක්ක රණ්ඩු වෙනවා. හදවතට අවංකව තීරණ ගන්න මිනිස්සු කවදත් මුහුණ දෙන්නේ අමුතුම දේවල් වලට.

ආදරේ කරන්න ඕන සීමිත පිරිසකකට. ඒක කොහොමද කියලා පැහැදිලි කරන්න ඕන නෑ!

උදේ පාන්දර ආපු මැසේජ් එකක  තියෙන්නෙ පුලුවන් මෙහෙම " අන්න උඹේ ලව් එකක් හනිමූන් ගිහින්" .

සමහර දේවල සමහර මට්ටම් වලින් නැවතිලා තිබුන එකම හොදයි. ඇයි මැසේජ් එක දැකපු වෙලාවෙ ඉදන් හිතනවා ඇයි මෙහෙම දෙයක් ආවෙ කියලා.

එතකොට අවසානයේ යාළුවෙක් විදිහට දකිනවා වෙනුව පිටින් බලන් කෙනෙකුටත් පේන්නේ අමුතුම විදිහකට නම්..ඒක එහෙම වෙන්න සාදාරණ හේතුවක් අත්‍යාවශ්‍ය බව නම් සහතිකයි.

ඇත්තටම කාටවත් ආදරේ කරනවා කියලා පිලි ගන්නවත් එහෙම නෑ කියනනවත් හදවත් සහ මොලය දෙකම ඉඩ දෙන්නෙ නෑ.

ආයෙත් දෙපාරක් තුන් පාරක්ම මැසේජ් එක දිහා බලපු මම හරිම කෙටියෙන් පිළිතුරු දුන්නා. නෑ මම කාටවත් ආදරේ නෑ 

ඒක සාදාරණයි මම හිතන විදිහාට. නමුත් අසාදාරණ අර ලේබල් එක. ඒ කියන විදිහට මිනිස්සුන්ට ආදරේ කරන එක වැරැද්දක් වගේම ඒක විවෘතව කියන එකත් වැරැද්දක්. ඒ නිසා මම හිතනවා මම කාටවත් ආදරය කල යුතු නෑ කියලා එක මොහොතකට හරි.

ඇත්තටම ආදරය ප්‍රකාශ කරපු තැන්ල කවුරු හරි හිටියා ඒක  වැරදිත් නෑ හරිත් නෑ කියන්න. ඒත් අන්තිමේ මම හොයා ගත්තේ කෑ ගහලා ආදරේ බින්දුවක් වත් ඉතුරු වෙලා  නැතුව ඇති කියලා..

එහෙනම් ඌව මැරුවා! 

කවී.

Tuesday, June 15, 2021

අසම්මත ආදරේ හා ඉද්ද මල

 සම්මත ආදරේට වඩා සමහර අවස්තා වලදි අසම්මත ආදර කතා වලදි ආදරේ වැඩියෙන් දැනෙන්න පුලුවන් කියලා අදහසක් ශේන් ගේ ඔලුවෙන් ගන්න පුළුවන් වුනාට ඒක එහෙම වෙන්න හේතුව දැනෙන නිදහස අවශ්‍ය තරම් තියෙන නිසා වෙන්න ඇති කියලා කියන්න තරම් විවෘත හදවතක් තියෙන මනුස්සයෙක් අහම්බෙන් හරි ශේන්ට දැන හදුන ගන්න ලැබෙයි කියලා ශේන් හිතුවෙවත් නැතුව ඇති.

ශේන් කියන්නේම හදුන ගන්න බැරි ජීවිතයක් ඉතින් එහෙම එකේ ඒ වගේ ජීවිතයක් ශේන්ට ලං වුනු එක ශේන්ට වඩා මට පුදුමයි. කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව හරිම අමුතු විදිහට කිසිම හැංගීමක් නැතුව ඇත්තටම හිතෙන දේවල් බාදාවකින් තොරව ප්‍රකාශ කරන්න පුලුවන් කෙනෙක් ඉන්න එක ගැන මට පොඩි ඊරිශ්‍යාවක් දැනුනු අවස්තා කීහිපයක්ම තියෙනවා.

ශේන් නැගිටපන් සුනඛයෝ! නැගිටලා මට කතාවක් ලියන්න පොඩි ටොපික් එකක් දීපන් තල්ලුවක් දීපන්. කියලා මැසේජ් එකක් යොමු කරලා එක දිගට කෝල් විස්සක් විතර ගත්තා..


ඇයි බන් කවි අයියේ ? වදයක් වෙන්න එපා ඕයි අයියේ.. තවුසෙට කතාවක් නැත්නම් ඒකටත් මම පලිද.. ලියපන් අපේ ගෙදර වැට කතා කරයි, එහා ගෙදර නංගිගෙ මල් චීත්ත ගවුමට සිතෙන විදිහ එහෙමත් නැත්නම් හිතපන් කවි අයියේ මේ වෙලාවට උඹේ බව්වා මොනවා කල්පනා කරනවා ඇතිද කියලා.

සේරම ආකර්ශනීය ටොපික් තමා මල්ලි ඒත් අන්තිම එක අති විෂිශ්ටයි, අනගි භවනීයයි,උත්කෘශ්ටයි. වැඩේ තියෙන්නේ මට මාව මතක ඇති කාලෙක ඉදන් මම හිතනවා ඇත්තටම සත්තු මොනවා ගැන හරි කල්පනා කරනවා ඇති නේද කියලා. සමහර විට බව්වෙක් හිතනවා වෙන්න පුලුවන් හෙට මොන වගේ දේවල් කන්න හම්බවෙයිද කියලා, එහෙමත් නැත්නම් ගෙදර දෙන කෑම් එකට වඩා එහා කඩෙන් සැමන් ටින් එකක් අරන් කන්න තිබ්බා නම් හොදයි කියලා හිතෙනවද කියලා. ඒත් පසු කාලිනව මම හිතා ගත්තා සේරම බව්වන් හිතන්නේ එකම දෙයක් බව. ඒනම් " යකෝ මට මුට තේරුම් කරලා කතා කරන්න තිබුන නම් " වගේ දෙයක් බව.

හුම් හූම් ගගා හිටපු ශේන්ට හූම් හූම් ගාන එක නවත්වන්න කියපු වෙලාවෙ ඉදන් වක්කඩ කැඩුව වගේ කියවගෙන කියවගෙන යන්න ගත්තා.

කතාවකට කතාවක් වගේ ජීවිතේ කලු සුදු පාටට ගෙවිල යනකොට කොහෙන්ද වැට ගාවටම ඇවිත් අතේ තියාගෙන හිටිය පාට දිය සායම් වලින් මගේ ඇඟට වැක්කෙරුව කියලා නිකම්ම හිතන්න විදිහක් නෑ මටම.. වෙන කෙනෙක් කලා නම් ගිනිගන්න කේන්ති යන කෙනෙක්ගෙ හදවත ඒ වෙලාවට ටයිටැනික් නැව හැප්පුන ග්ලැසියර් එක වගේ හීතලට ගල් වෙනවා නැත්නම් වෙලා කියන්නේ එතන තීයෙන්නේ වෙනත්ම සම්බදයක්.



අහු වෙන හැම තැනින්ම ආදරේ හොයනකොට හිතන්නෙවත් නැති තැන්වලදි ආදරේ දැනෙනවා. නුවරට පාවෙලා යන්න ගිය ඉද්ද මලක් වගේ. හැමදාම ඕන වුනේ ඒ මල තමන්ගේ ලඟ තියාගන්න..නැත්නම් හිත යට ආසවක් තුබුනේ තමන්ගේ කර ගන්න. ඒත් දැන වෙලා තියෙන්නේ ආදරෙන් ඉද්ද මල පිපෙන හැටි බලාගෙන ඉන්න. කවද හරි දවසක කවුරු හරි ඇස් ෆ්හෙක ඉස්සරහම නෙලාගෙන යන බව දැන දැනම ආදරේ කරන එක.

සමහර වෙලාවට මම හිතනවා ආදරේ දැනුන තැන්වලදි මට ආදරෙයි කියලා කියාගන්න පුලුවන් වුනු එකත් නොසෑහෙන්න වටිනවා කියලා!  ඒත් එක තැනකදි දුකක් දැනෙන්නේ ඒ ආදරේ ප්‍රකාශ කිරිමකදි පෙරලා ආදරේ කරන බවට ප්‍රකාශ නොකලත් එතන පොඩි හරි ආදරයක් ඇති කියලා විශ්වාස කරන වෙලාවට.

හීන නම මහ ගොඩක් තිබුනත්. සමහර හීන හැමදාම දකින්න ආසයි. හරියට බයික් එකේ ඉන්දවගෙන තොටුපලට , පාලම්.පාරුවට යන පාර පෙන්වන්න එක්කන් යනවා වගේ! 

එහෙමත් නැත්නම් ඒ හිනා වෙලා ඉන්න ෆොටෝ එකක් සැරින් සැරේ වෝල් පේපර් එකට පවා දාගන්න තරම් හිතෙන එකට ඉන්ටර්වල් එකක් දෙන්න හිතන එක වෙන්නත් පුලුවන්. ඇත්තටම ඒ ඉද්ද මලක් තමයි. කාලෙකට පස්සේ ජීවිතේ වැට ගාවම  පිපුන.

අලුත් අවුරුදට ගත්ත ඇදුම් සේරම ඇදලා එකින් එකට ෆොටෝ එවනකොට ඇස් නැවතුනේ ඇදුමට වඩා ඒ මූන ලඟ. ලග හිටියනම් සිය වතාවක් කම්මුල් දෙක මිරිකලා දහස් වතාවක් හාදු දෙන්න හිතෙන තරම් ලස්සන මූනක් ලඟ.

මෙහෙම කොන්ඩේට වඩා මෙහෙම කොන්ඩේ හොදයිද අයියේ කියලා අහන තැන මට උත්තර දීගන්න වෙලාවම් ගියේ ඇත්ටහ්ටම ඒ ප්‍රශ්නේ අමාරු නිසා නෙමේ. ඒ හිනාව අස්සේ මම අතරමං වුනු නිසා..

ඒ හිනාවත් එක්කම රෑ වෙනකන් වැඩ කරන එක ගැන දුක් වුනු නිසා, කන්නෙ බොන්නේ නැති එක ගෑන හිතපු නිසා වගේම මට නිතරම එක දෙයක් කියන නිසා.

" අයියේ ඔයා තමන් ගැන ඔයිට වඩා හිතන්න ඕන"

මම අතරමං වෙලා ඉන්නේ ඒ වචන ඇතුලේ තියෙනේ ආදරයක්ද නැත්නම් අනුකම්පාවක්ද කියලා හිතා ගන්න බැරුව.

ඒත් දෙයක් කියන්න ඕන..ලොකු දෙයක් කියන්න ගිහින් නොකියා ඉන්නවට වඩා ඔයා ලස්සනයි ගොඩක් කියලා නවත්වන්න වුනු එක ගැන මම තවම හිතනවා..

ඒත් කොහේ හරි තැනක දන්නවා ඇති ඔයත් මගේ එක පුන්චී හීනයක් විතරයි කියලා විනාඩියක් තුරුලු කරගෙන ඒ රස්නය විදගන්න එක. අයිතියක් නැති වුනත් ආදරේට අයිතියක් කියලා විදගන්න.. ඒක පූවන් වුනු දවසක කියන්න..මම බලන් ඉන්නම් එහෙන්ම් ඉද්ද මල...ඉවසන්න පුලුවන් ලස්සන ඒත් දරාගන බැරි ඒ හැඟීම් මත් කරන සුවද!

කවී අයියේ! උඹ ඒකියපු ටික එහෙම්ම ලියපන්.. උඹ දන්නේ නැතිවුනාට මම ඒ කෙල්ලට ආදරෙයි. මම දනේ එච්චරයි.

හරි ශේන් මල්ලි..උඹට දිගටම තෙමිලා හොදටම උණ වගේ. දොඩවන්නේ ...සමහන් එකක් බීලා ඔය හීනෙම නිදා ගනින් උඹේ ඉද්ද මල තුරුල් කරගෙන! ගල් වැද්දා උඹට ඒ ලමයා ආදරේ නෑ.ඕක ඒක පාර්ශවික ප්‍රේමයක් වෙයි ශේන් සාමාන්‍ය විදිහටම..ඒකයි ඇත්ත.. උඹ ඒ ළමයගෙ ෆොටෝ දිහා බල බල හුල්ල හූල්ල ඉදහන්..


තැන්ක්ස්..ටටා..බායි..

කවී.

Sunday, May 16, 2021

මම සහ ශේන් ගේ සිතුවිල්ල

 සමහර තැන්වල තිබුනේම ආදරේ කියලා හිතෙනකොට අපි ගිහින් තියෙන දුර ගැන හිතන්න වෙනවා.!

ශේන් කියන්නේ කල්පිතයක් විතරයි ! හැමදාම වගේ මගේ යාලුවො සෙට් එකේ සහ එදිනෙදා සමහර සිදුවීම් දැක්කම මම ශේන් හරහා ඒ හැඟීම් බෙදා ගන්නවා!

සෙනසුරාදා හවස හතරට විතර අපේ ගේ ඉස්සරහ දේදරවගෙන බයික් එකක් නෑවැත්තුව. මම ලාවට දොර අරිනවත් එක්ක අපේ ගෙදර බල්ලගෙන් බේරෙන්න හෙල්මට් එක පිට්න්ම දුවන් එන ශේන් මල්ලිව දැක්කා.

මම කෝම කියන්නද ඒ සෙල්ලම කරන්න මිසක් හපන්න නෙමේ ඌ එලවන්නේන කියලා කොහොම උනත් මම දොර ඇරලා ටිකක් මෙහාට වුනේ ඌ එන වේගෙ හරි නැති නිසා.!

ආපු වේගෙන පාපිස්සෙ අඩිය තියලා බල්ටියක් ගහල ඇදේ ඔලුවවම් වැදුනට අවුලක් වුනේ නෑ හෙල්මට් එක නිසා.

මොකෝ ශේන් මල්ලි මේ කර්ෆියු අස්සේ හති දාගෙන මේ පැත්තේ?

කවි අයියේ වාඩි වෙයන්කෝ. දවසක් උඹ ඇහුවා මතකද උඹට විශ්වාසයිද ඔය පන්තියේ ආදරේ ගැන කියලා!

ඔව් ශේන් ලාවට මතකයි!

එතකොට මම කිව්වා මතකද එයාටත් කොල්ලෙක් ඉන්නවා මට කෙල්ලෙක් ඉන්නවා කියලා අපි දෙන්නා හොදට තේරුම් අරන් ආදරේ කරනවා පොඩි වෙලාවල් වලදී පවා කියලා!

හම් ඔව් කිව්වා තමයි..

එදා මට උඹ කියපු දේවල් තේරුනේ නෑ අයියේ. ඒත් දැන් තේරෙනවා. ඒ කෙල්ල සමහර වෙලාවට මට ආදරේ කරන්න ඇත්තේ පාළු නිසාද දන්නේ නෑ. 

මේ බලන්න කවී අයියේ මම ඒ කෙල්ලට දාල තියෙන මැසේජ් ටික. බලන්න අයියේ දාලා තියෙන වෙලාව බලන්න අයියේ බලලා තියෙන වෙලාව වගේම රිප්ලයි කරලා තියෙන වාර ගාන. වෙනදට කෑවද බිව්වද කියල අහන ඒගෑනු ළමයා දැන් හොදටම වෙනස් වෙලා!

හේතුව දන්නවද ශේන්?.

ඔව් කවී අයියේ දැන් එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා  ලඟින්ම. දාන ස්ටේටස් වලින් පවා කියන්න පුලුවන් මට දුන්න ආදරෙත් දැන් ඒ පිරිමි ලමයා ගාව කියලා.

මට ඉර්ශ්‍යා හිතෙනවා කවි අයියේ, මට කේන්ති යනවා මට දුක හිතෙනවා. බැදිමක් ඇතිකර ගත්නම් ඒ බැදීම කඩන්න මේක නෙමේ අයියේ හරි විදිහ.

ඔව් උඹ කියන එක ඇත්ත ශේන්,  ආදරේ කියන දේ හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ! උඹ ඒ පැත්ත මේ පැත්ත හරවනකොට එහෙට මෙහෙට කරනකොට කැපෙන්නේ උඹේ හදවත.

උඹට කවදාවත් අයිති වෙන්නැති කෙනෙක්ට ආදරේ කරලා ඒ ආදරේ ප්‍රකාශ කරපන් බලන්න. උඹට පෙරලා ආදරේ ළැබුනත් නැතත් ඉබේම අසම්මත ගනයට වැටෙනවා! මිනිස්සු ඒකට කියන්නෙ එහෙමයි ආදරේ ප්‍රකාශ කරන්න මැලි වෙනවා!

සමහර වෙලාවට ඒ මූන ෆෝන් එකේ වෝල් එකට දාගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්..ඒත් එතනින් එහාට මම දන්නේ නෑ ශේන් ඕක ප්‍රකාශ කරන්න.

උබේ හොදම ලඟම හිතවත් ලිස්ට් එක ප්‍රකාශ කරපන් පෙන්වපන් අනිත් අයට. අන්න එතකොට ඇත්තටම උඹ හම්බුනා නම් කියලා හිතුන කෙනෙක් උඹට  කතා කරලා අහන්න ඉඩ තියෙනවා ඇයි මම නැත්තේ ඒ අතලොස්ස අතර කියලා! උඹට එතකොට දැනෙයි කොහෙද ඒ හැඟීම් හැංගිලාතිබුනේ කියලා.

ලස්සන ඇදුම් ඇදලා ෆිටෝන් රූම් එකේම ඉදන් උඹට ෆොටෝ එවලා මේක හොදයිද..මේක ලස්සනට තියෙයිද කියලා අහන. අදින අලුත් ඇදුම ඇදලා ෆොටෝ එකක් එවන හිනාවෙන මූනක් උඹේ ඔය කියන හැඟීමට මොකක් හරි අර්තයක් දේවි. ඒත් අපි අර කලින් කියපු තැනමයි. ඒ හැම කෙනාගෙම උරහිස් උඩ මොනවාම හරි බරක් තියෙනවා , කරුමෙට ඔන්න ඉන්නකන් මම උඹට ආදරේ කලා ඒ ඇති නේද කියලා අහන තරමට මිනිස්සු වෙනස්වෙලා නෑ ශේන් උඹ ඒක තේරුම් ගනින්.



කවී අයියෙ  තමුසෙ කෝමද ඔච්චර විස්තරාත්මකව විස්තර කරන්නේ මගේ හැඟීමම උඹගේ ආතීතයට ගිහින් උඹේ කතාවක් බෙදා ගන්නවා වගේ?

මොනව කරන්නද මල්ලි එහෙම තමයි. ඒක හරියට අර කෙල්ල ඇදලා ඉන්නවා දකින්න ආසම ගවුම දැන් අදින්න වෙන්නේ නෑ මහත් වෙලා ටිකක් කියනවා වගේ දෙයක්.

ගවුම ඇදලාඉන්නව දකින්න වෙන්නැති එකට දුකයි.

උඹේම කියලා මොහොතක කම්මුල් දෙක අල්ලලා හුරතල් කරන්න නොලැබීම දුකයි,

හැබැයි මූන දිහා බලලා දැන් ඉස්සරටත් වඩා ලස්සනයි කියලා හිතින් සතුටුවෙලා ආයෙත් දුක් වෙනවා ඒ හිනවා මූන උඹට අයිතියක් කියන්න බෑ නේද කියලා..

ආහ් මේ කෝඩියල් එක බීලා, මේ බිස්කට් එක බල්ලට දීගෙන පලයන්! එතකොට අනත් දවසෙ උඹව එලවන්නේ නැතුව දැක්කම නැට්ට වනයි!

බායි..

.කවී.

Wednesday, May 12, 2021

හිල, වඩේ සහ ශේන් ගේ ආදරය

කියන තරම් ජීවිතේ හොදටම ගෙවුන නම් කියල හිතෙනව නම් අපිට නැවතිලා ආපහු හිතලා බලන්න තිබුනා අපි කතාව ආරම්භ කරලා තියෙන්නේ කොතනින්ද කියලා. 

සමහර විට හිතන් හිටිය විදිහ වැරදි වෙන්නත් පුළුවන්.  සමහර විට වෙලා තියෙන විදිහ වැරදි වෙන්නත් පුළුවන්, ඒ දෙකම නැත්නම් අපි කරලා තියෙන විදිහෙ වැරද්දක් වෙන්න පුලුවන්.

හීනියට මාරි බිස්කට් එකල් ප්ලේන් ටී එකේ පොගෝගෙන කන ගමන් ස්කුබි ඩූ බලපු කාලය වෙනුවට දැන් වී ඇත්තේ එහෙම් පිටින්ම මාරි බිස්කටි  පැකට් එකක් ලඟ තියාගෙන ඒ කාලයේ අතරින් පතර ඇඩ් බලමින් බපපු කාටුන් එක ඩේටා කපාගෙන යූ ටියුබ් එකේ නැරබීමට වීම ශෝචනිය තත්වයකි.

නමුත් මම මේ අවස්තාවා කලීන් සදහන් කලේ අතීතයේ සිදුවීම තරම් කික් එකක් නොමැත. මා දැන් අතීතයේ ඒ මොහොත  සමාන කරන්නේ උණු උණුවේ බා ගත් පරිප්පු වඩේ එකක් කන විට දැනෙන හැඟීමට බව කාරුණිකව දන්වා සිටිමි. මන්දයත් අපි පරිප්පු වඩේ එකක් කන්නේ වඩේ වලටම පනවා ඇති යම් යම් ප්‍රමිති සහතික ඇති බව යටි හිතේ තැන්පත් කරගෙනම වීමයි,

අපි හොදින් හදුනන වඩේ වලටම සුවිශේශී වූ ලෝක දර්ම‍යෙහි න්‍යායන් කිහිපයකි. ඒවා සැකවින් මෙසේය.

අපි හොදින් හදුනන වඩේ වලටම සුවිශේශී වූ ලෝක දර්ම‍යෙහි න්‍යායන් කිහිපයකි. ඒවා සැකවින් මෙසේය.


 



ශේන් මල්ලි ගොඩක් කාලයක් නිශ්ෂබ්දව සිටීම මට තේරුම් ගත නොහැක එම හැඟීම මා අර පරණ තෙල් තාච්චියේ පෙන දමමින් බැදෙන ඉස්සෝ වඩයකට දැනෙන හැඟීමමදැයි කියාගන්නට නොහැක. සමහර විට මට මේ වඩේ එක සහ ඌ අතර හිතූ පරිදි සහ සංයුජ සම්බන්දයක් ගොඩ නන්වා ලොවට පෙන්වීමට නොහැකි වනු ඇත.

උගේ වචන වල දැන් ඇත්තේම බොහෝම සීමිත වචන ප්‍රමානයකි, ඌ සිටින්නේ අමුතුම කලකිරීමක ගිලීගෙනය, නිතර නිතර වට්සැප් එක ඕපන් කර යමක් බලයි. නැත්නම් ඔන්ලයින් ඇවිත් පැය ගානක් වෙනවා හැබැයි තවම මගේ මැසේජ් රීඩ් කරලා නෑ.
උගේ සීමිත වචන ලැයිස්තුව අතර ටොප් රෑන්කින් වචන පහත පරිදි වේ..

ඒ මූණ
ඒ තොල් දෙක
ඒ බෙල්ල
ඒ ඇස් දෙක
අර ඇදුම
මේ ෆොටෝ එක
ඒ කාලය
දැන් ඒ කෙල්ල වෙනස් වෙලා
ආදරේ නෑ
ආදරේ දැනෙන්නේ නෑ

වගේ වචන ප්‍රමානයකි. හේතු විමසූ කල කියන්නෙ ඇත්තටම තේරුම් අරන් ආදරේ කලා කියලා හිතුවට එතන තිබිලා තියෙන්නෙ තාව කාලික ආදරයක්ද කියන එකයි. මම තාම පාලුවෙන් හෙවුවට, මට තාම ඒ මූන ඒ තොල් පෙති සිපගන්න ඕන වුනාට දැන් ඒ ආදරේ දීපු කෙනාට වෙලාවක් නෑ අයියේ!

සමහර වෙලාවට මල්ලී ආදරේ එහෙම්ම දිය වෙනවා. උඹ ඈතින් දුරස් වෙලා ඉන්නකොට අර කලින් තිබුනු ආදරේ නිකන්ම අලු වෙලා යනවා.. 

හරි කවී අයියේ ..ඊට පස්සේ?

ඊට පස්සේ උඹගේ ආදරේ මතකයක් වත් නැතුව යනවා! උඹ හිටයද නැද්ද කියන තැනටත් එන්න පුලුවන්..

ඒක හරියට ඉස්සෝ වඩේ වගේ තමා බැදෙනකන් බලන් ඉදලා ආසාවෙන් කාලා අත පිහිදගෙන ගෙදර යනවා. ආයේ මාස ගානකින් කන්න හිතුනම තමා මිනිස්සු ඉස්සෝ වඩේ හොයාගෙන යන්නේ! ඉවසලා ඉදපන් බොක්ක...

ටටා..

.කවියා.

Friday, May 7, 2021

මම සහ ඔමීගේ වාහනේ එන්ජිම

 හොද සර්විස් සෙන්ටර් එකක  ෆ්‍රී එන්ජින් චෙකප් එකක් වාහන වලට..

දැක්ක ගමන් පෝස්ට් එක ෆෝවර්ඩ් කලේ නලින් අයියට ශාන් අයියට වගේම අපේ ඔමී බ්‍රෝ ට..

කිසි හාවක් හූවක් නැතුව ඔමී එක පාරටම කිව්වේ " අනෙ නිකන් හිත රිද්ද ගන්න ඕන නෑ අයියේ " කියලා.

ගල් අරක්කු බෝතල් දිහා බලන් හැදුනු වැඩුනු මට උගේ ඒ බ්ලැක් ලේබල් විස්කි කතාව ඇල්ලුවේ නෑ. සෙනිකවම වට්සැප් එකෙන්ම කෝල් එකක් ගත්තා..



ඔමී මල්ලි මොකද මේ වෙන්නේ, කොහෙද ඉන්නේ?

අයියේ මම ඔෆිස් එකට ආවා ස්ටාෆ් සුපවයිසර් ප්‍රොමෝශන් එක නිසා දැන් එන්නම වෙනවා ටීම් එකේ වැඩ බලන්න..

යෙහෙන් වැජබේවා කොන්ටිනෙන්ටල් ඉන්ශූරන්ස්!

ඒක නෙමේ ඇයි බම් හිත රිද්ද ගන්න බෑ කිව්වේ ෆ්‍රී එන්ජින් චෙකප් එකක් කිව්වම. වැගන් ආර් එක පොඩ්ඩක් චෙක් කර ගනින් ඉතිම්

මේකනේ අයියේ එන්ජින් ෆ්‍රී චෙකප් එකට ගියාම සෑහෙන අඩු පාඩුකියනවා නේ! මට විශ්වාසයි එන්ජිමේ කිව්වට චෙකප ඉවර වෙලා පිටි පස්සෙ රෝදෙ ඇනත් බුරුල් කියලා කොටේශන් එකකුත් දෙයි කියලා. එහෙමත් නැත්නම් වාහනේ එන්ජින් එකේ අව්ලක් අඩියක් වත් හොල්ලන්න එපා අපෙන් කලොත් 50% ක් ඩිස්කවුන්ට් එකකුත් දෙනවා කියලා නවත්තගනී උන්.

එන්ජින් චෙකපෙකට ගිහින් වයිපර් මෝටරේ මාරු කරගන්න රෙකමන්ඩ් වුනොත් එහෙම.. ඊට වඩා හොදයි අයියේ දන්න තැනකින් පොඩි රෙපෙයාර් එකක් දාගෙන සෑහෙන්න කාලයක් අදින එක..

අඩේ ඔමී කියන කතාව සර්ව සාදාරණ නැති වුනත් පොඩි හරි සාදාරනයක් තියෙනවා කියලා හිතුනා.මොනවා වුනත් ආගමානුකූලව ජීවිතේ ගෙවන කොල්ලෙක්. බොමුද කියලා ඇහුවම බෑ නෝම්බි ඉන්නේ කියන්න තරම් සිත ශක්තිමත්. සිගරට් ගැන මම දන්නේ නෑ.

කමක් නෑ ඉකමනට සෙට් වෙමු කොරෝනා නැති හවසක කියලා මම ෆෝන් එක කට් කලා!

----------------------------

මම මගේ ගැන හිතන වෙලාවකට හිතෙනවා මම හිතනවා වැඩී කියලා. ඒත් බොහොම අඩුවෙන් කතා කරලා ගොඩක් දේවල් හිතන එකේ මාරම සතුටක් තියෙනවා. 

උදාහරනයක් විදිහට එකෙක් කොන්ඩේ කලර් කරන එක ගැන සාකච්චාවක අපි ඉන්න ගමන් මම අතේ තියෙන පරිප්පු වඩේ එක ගැන කල්පනා කරනවා. නැත්නම් අමුතුම හීනයක ඉන්නවා පොඩි වෙලාවකට.මනංකල්පිත වුනාට මාර මානසික සුවයක් ලැබෙන්නේ කල්පනා කරලා එක පාරටම නිදා ගත්තම.  හැබැයි ඒ මානසික සුවය තව දශම ගානකින් උඩට ඉස්සෙනවා සම්හර දේවල් වලට.

කියන්න සතුටුයි අපේ සතී ගේ පලවෙනි දූ කුමරියට නම දාන්න මූලික වුනේ මම කියලා කියනකොටත්. සතී මීට ටික දවසකට කලින් විස්තරේ කියලම ඇහුවා "ගෙ" යන්නෙන් නමක් ඕන හැබැයි මම ආසයි දුවට වැඩිය කවුරුත් දාන්නෙ නැති නමකට.අනේ කවී හොයලා දෙන්නකෝ ඒ වගේ නමක්. ඒ වගේ උදව්වක් ගන්න පුලුවන් යාලුවෙක්ට ඔයා විතරයි කවී ඉන්නේ.

ඉල්ලීම අහක දාන්න බැරි හේතු ගනනාවක් තියෙනවා.

1. මගේ හොද යාලුවෙක් 

( තවත්‍ යාළුවෙක්ගේ වෙඩින් එකකට ගිහින් මට මැසේජ් කරලා අහපු එකම එකා ඇයි කවී ආවෙ නැත්තේ කියලා) ඒ නිසාම ලාවට හිත රිද්දගෙන එයාගෙ ගේ වෙඩින් එකට මාස තුනකට විතර කලින් මට  කවී ඔයා අනිවාර්යයෙන් එදාට ඉන්න ඕන කියලා කියන්න තරම් සහෝදර බැදීමක් තිබුන එක වටිනවා බැදීමක් තියෙනවා කියලා  හිතපු එවුන්ට වඩා...

2. සතීගෙයි ලියෝ ගෙයි පලවෙනිම දරුව තමයි මේ දුව

3. යකෝ එහෙම එකේ ඒ වගේ ඉල්ලිමක් කරාම බෑ කියනවා නම් ඒක මගේ දුර්වල කමක් 

කෝමෙන් කෝම හරි ලස්සන නමකුත් දැම්මා ලස්සන දූ පැටියෙක් නිසා. ලංකාවෙ මම හිතන්නේ තාම ඒ නම දාපු අය වෙන නම් නැතුවත් ඇති! 😁😁😁😁😁😍🖤 එච්චරට යුනීක් කියලා හිතුනා ..සතී සහ සතීගේ හස්බන්ඩා ලියෝත් කැමති වෙලා තිබුනා නමට.. ඇස් වහ කටවහ වදී කියලා නම දාන්න බෑ! හැබැයි තේරුම කියවෙන්නේ දැක්මේ නිම්නය නැත්නම් දැනුමේ නිම්නය කියලා.

ඉතින් ඔය වගේ පොඩ් පොඩි දේවල් වලින් මගේ සාමහර යාළුවෝ මගේ ජීවිතේට වටිනාකමක් එක කරලා තියෙන්වා! ඒ ගැන 0.23 ආඩම්බරයක් දැනෙනවා..

................................................

මට තාම මතකයි පොඩ්ඩි අනිත් එවුන්ට කියන හැටි බත් පිගාන අතේ තියන් ඉන්න මාව පෙන්වලා..

මූ ඉන්නවා නේද මූ ඔය දැන් කන්නේ කෑම අනලා නෙමේ  ඌට කෑම එක අනලා කනවට වඩා රසවත් ඕකට මෙටනට අදාලම නැති දේවල් හය හතක් ගැන අනාගෙන කල්පනා කරන එක.!.

වෙලාවකට ඌ කියන්නේ ඇත්ත කියලා මට හිතෙන්නේ දිමියත් දවසක් ඔය කතාවම කිව්වම.!



සරලවම ඒක තමා ඇත්ත එහෙම කියලා ඒකෙන් මම අදහස් කරන්නේ නෑ මම අයිස්ටයින් වගේ ඩෑල් එකක් කියලා. මොකද කොහොමත් ගණන් කියන දේ මට අරහන්.! එකවුන්ට්ස් කියන දේත් එහෙමයි...

..........................................

ඒ ලබ්බවල් අස්සේ  රැම්බෝ හිතාගෙන් ඉන්නවා අත උදේ අව්වට පිච්චෙන්න තියන් ඉන්න එක තමා හොදම හැඟීම කියලා.  අනේ මන්දන්නෑ ඉතිම් වෙඩින් ලං වෙනකොට කොල්ලන්ට මොනා වෙනවද කියලා!

ඌට මට සහ සැමටම  තෙරුවණ් සරණයි සහ අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා!

දන්න සහෝදරයෙක්ගේ කැම්පස් එකේ පොඩි වැඩක් පුලුවන් නම් ඔය ලින්ක් එකෙන් විව් කරලා ලයික් එකක් දාන්න..අතින් යන්නේ නෑ නේ! 

https://youtu.be/l8wVetkZDpg

ටටා බායී..

.කවී.




Saturday, May 1, 2021

රකුස් සහ සුරන්ගනාවි!

 තියෙනවට වඩා වෙනස් විදිහට දකින්න උගන්වන්න බෑ..රස කියන දේ හොයාගෙන යන්න ඕන දෙයක් මිසක් උගන්වන්න පූලුවන් දෙයක් නෙමේ.

සින්දුවකට තියෙන රස නෙමේ හැඟීමකට තියෙන්නේ. කෑමකට තියෙන රස නෙමේ තවත් සිතුවිල්ලක තියෙන්නේ. ආදරෙත් රසයක් තියෙන්න ඕන. 

ආදරේ කියන දේ සිතුවිල්ලකින් හැඟීමකින් පටන් ගත්තම අවසානයේ රස ගැන වැටහීමක් නැතුව යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ආදරය දැනිය යුත්තේ රසවත්ම තැන් වලින්. එහෙමත් නැතිනම් ආදරේ හැඟීම දැනෙන තැනින් රසයක්ද විද ගන්නට ලැබිය යුතුය.

කලබලකාරී මිනිස්සු එක්ක දුවන වෙලාවක ආදරේ රස හොයන්න ගිහින් කලබල වුනු මිනිස්සු එමටයි. කොහොනත් කලබල කාරී මිනිස්සු තවත් කලබල වුනාම බැදීම් සංකීර්ණ කර ගන්නවා. කලබල නොවී හැඟිම් සරල කරගෙන රස විදිනවා නම් හිත් තැවුල් ඇතිවීම වලක්වා ගන්න තිබුනා යයි දැන් ණුඹට හිතෙනවා නම් ගතවුනු තත්පර කිහිපයත් අපරාධයක්.

සමහර වෙලාවට වෙනදා අදිනවා දකින්න ආසම ගවුමක් දැන් අදින්න බැරි තරමට තදයි කියනකොට, හිතේ එක කෙලවරක ඇල්පෙනෙත්ති දුකක් වගේ දෙයක් දැනිලා මහා ලොකු සතුටක් දැනෙනවා කමක් නෑ අර බෝලයක් වගේ තිබුනු මූන තවත් හුරතල් පාට වෙලා  ඇති කියලා හිතාගෙන. ඒ හුරතල් මූන යටින් තියෙන දුඹුරුපාට රත්තරන් පාටට හුරු හම සාරියකින් වැහුනම් ඊටත් වඩා ලස්සනයි. අතරින් පතර රන් දුඹුරු පැහැති හම පේනකොට ආදරේ එක්ක අර කියන රසයත් දැනෙනවා නමුත් ඒක එන්නේ වේදනාවත් එක්කමයි. මොනා කරන්න පොරොන්දු රැකලා දවස ඒ හිනාව තියාගෙන බයික් එකේ පිටි පස්සෙන්..පාර දෙපැත්තෙන්ම් අතු පාරට නැවිලා හෙවන වුනු පාරක් දිහේ කිසිම වචනයක් නොකියා මන් ලඟින් ඉන්නව නේද විතරක් කියන හැඟීම විතරක් විදගෙන ඈතට යන්න..

..............................


.................

මිනිස්සු අති වේගයෙන් ජිවිතය බිස්නස් කරගෙන ඉවරයි!  අගක් මුලක් නොදන්න යාළු කමකට යාලුවගෙ අම්ම ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරල කියල දැන ගන්නකොට අප්‍රේල් 30 රෑ අටහමාරයි. යාළුවගෙ අම්මට දෙන සේලයින් එක ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ ඉවරයි තලවතුගොඩ අවට කොහෙ හෙවුවත් හම්බුනේ නෑ කියලා කෝල් එක එනකොට රෑ නමයයි පහයි. 

කරන්න දෙයක් නෑ පී සී ආර් එක  නෙගටිව් හින්දා ඇදන් හිටපු ශෝට උඩින් ඩෙනිම් එක දාගෙන අතට අහු වුනු ශර්ට් එකත් ඇදගෙන කැස්බෑවෙන් පටන් අරන් කොහුවලට යනකම් 3% සේලයින් බොතල් හෙව්වා. කොහෙවත් නෑ.. යන්තම් තව එකෙක් කිව්වා මල්ලි කලුබෝවිල ඉස්පිරිතාලෙ පහු කරන් යනකොට තියෙන ලොකු ෆාමසි එකේ නම් ඕක තියෙනවා හැබැයි 10 වෙනකොට වහනවා කියලා. 

අර වගේ අඩු එන්ජින් කැපසිටියක් තීන බයික් එකක අග කට්ටම ඇක්ස්ලේටර් එක ඇල්ලුවත් අසූවෙන් උඩ යන්නෙ නෑ..හැබැයි බයික් එකෙ මීට එහා බෑ කියලා කෑ ගහනකන් ගියා. විනාඩි තුනට කලුබෝවිල. 

බයික් එහෙම්ම තියෙද්දි මේන් ඩොර් එකට දම්වැලක් දාලා වහන සිකුරුටි කිව්වෙ බෙහෙත් එකක් ගන්න ඕන කරනවා කියලා හදිස්සි ලෙඩෙකුට.

සිකුරුටි අයියා අභිරූපනයෙන් කිව්වේ දැන් වහලා ඒ නිසා බෙහෙත් දෙන්නේ නෑ කියලා මම නිකන් බේකරියකින් ගිහින් හදිස්සියක් කියලා කිරිටොපි ඉල්ලනවා කියලා හිතාගෙනද මන්දා. හෙන සරලයි. 

වාද කරලා බැගෑපත් වෙලා වැඩක් නැති නිසා එහෙම්ම ඇල්ලුවේ නාරහෙන්පිට පැත්තට සී ටී බී හෙඩ් ඔෆෆිස් එක ඉස්සරහ තිබුනු ෆාමසියට. අන්තිමට මේ ගියපු හත් වෙනි ෆාමසියේ ඕන කරන දේ තිබුනා. එක බෝතලයක් වෙනුවට බෝතල් තුනක් අරගෙන අපි ඉගිල්ලුනේ ජයවර්ධනපුර මුලික රෝහලට.  

හරියටම රෑ එකොලහ වෙනකොට සේලයින් බෝතල් ටික අදාල වාට්ටුවට දිල අපි රෑ දොලහ වෙනකොට ගෙදර ආවත්. ඩෙනිම පිටින් ගිහින් ශවර් එක ඇරලා නාන්න ගත්තේ රස්නෙට නෙමේ කේන්තියට..මනුස්සයෙක් පෙනි පෙනි දොර වහලා අපි වහලා දැන්  කියන්න පුලුවන් වුනු එක නම් අගේ කරන්න ඕන. ඉතින් එක අතකට පාන්දරම නාන ගමන් මම කල්පනා ඒකෙත් වැරැද්දක් නැහැ කියලා..මොකද මට තියෙන අමාරුවකට බෙහෙත් ගන්න ගියාට එතුමානෝ කරන්නේ රැකියාවක් නේ. ග්ලාස් එකට එහායින් කැශියර් එක්ක තවත් සේවා සහයකයි ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් ඇස් කොනින් බල බල හිටිය වගේ මතකයි. මාස්ක් එකට යටින් තිබුනු මූන මට හිතින් මවා ගතහැකි.. යකෝ ඕෆ් වෙලා යන්න හදනකොටම නේ මුන්ට තදියම. මෙච්චර වෙලා හිටියා ආවෙ නෑ. ගෙදරට වෙලා ෆිල්ම් එකක් බල බල ඉදලා දැන් මතක් වෙලා එනවා මෙතන වගේ මූනක් තමයි මට කල්පනාවට ආවේ .

ඒකත් කමක් නෑ එයාලගේ රැකියාව නේ!.

එතකොට ඒක බිස්නස් එකක් විතරයි! ඒකත් හරි..මැරෙන්න යන ලෙඩා හරහට ගෙනිහින් දොරගාව තියන් කතා කලත් ඒ සිකුරුට්ටං මහත්තයා සහ කැශියර් මහත්වරු සහ මේකප් දාමින් සිටි නෝනලා මහා මේරු පර්වථය සේ නොසැලී ඉන්නට ඒකායන අදිශ්ඨානයෙන් සිටිනා බවනම මට පැහැදිලි..

......................

ඒ අස්සේ දිමියා ශෝකනීය විදිහට දාලා තියෙනවා වට්ෂැප් ශ්ටේටොස් සදුදා ඉදන් වෙඩින් කැන්සල් කියලා හරිම දුක හිතෙන ඉමෝජි දෙකකුත් දාලා.

මූ යකෝ කසාදයක් කර ගන්නෙත් නෑ ඒ වුනාට වැලලෙන්න හදනවා!  බදින්න ඉන්න උන් අපේක්ශාවෙන්  ඉවසනකොට මුට...මුට මොන දිය සීරාවක් හැදිලද කියලා හිතාගන්න බැහැ..

මුට බාලසූරිය කියලා නම දාපු එක හොදට ගියා!

ඒකට රිප්ලයි එකක් දාලා ඉවරවෙනකොට පොඩ්ඩි දාලා තියෙනවා බොන්න ඕන කියලා.!!

.යකෝ මුන්ට මොන ගිනි ජල්ලියක් වෙලාද, මට වෙලාවකට හිතෙනවා මූට පහල වෙලේ පෙරපු කසිප්පු කෑන් දෙකක් ගිහින් දීලා තියන්න. දොල දුක සංසිදෙන්න..

හරි ඉතින්..මම මානසික වශයෙන් ඩෝප් වෙන්න නැත්නම් වෙරි වෙන්න ඇල්කොහොහොල් බොන්න ඕනම නෑ මේ වගේ විලම්බීත ටිකක් දැකම ඇති. ඔළුව භ්‍රමණය වෙලා ඇද වැටෙන්න..



උන දෙන්නටම ගැලපෙන විදිහට මැසේජ් දෙකක් දාලා මනස සන්සුන් කර ගන්න නූතන ඇඩියාවට මර ලතෝනි දෙන සින්දුවක් හෙමීට දාලා නින්ද එනකම් බලන් හිට්යේ හරියට අර විල් ඉවුරට බහින වදුරොන්ව ලන්ච් එකට ගන්න ඇගිලි ගනින ගැඹුරු දියේ ඉන්න රාක්ශයෙක් වගේ සංසුන්ව.

  බායි...

ටටා....

කවී.

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...