Tuesday, July 28, 2020

භුමාටු දේවතා ආරුඨයෙන් ශාස්ත්‍ර කියනු ලැබේ.

උදේ පාන්දර ජීවිතෙන් නැගිටලා ඇදන් හිටපු සරම ඇද යටින් හොයලා ගන්න එකත් හොද වයායාමයක්.
ඒ එක්කම අපේ නාවල සෙට් එකේ උන් කියන විදිහට උදේ පාන්දර  නැගිට්ට ගමන් බොහෝමයක් විවාහ නොවුණු කොල්ලන් මුනින් අතට ටික වෙලාවක් යනකං ඇදේ ඉන්න එක ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙලා.

කොහෙවත් ඉන්න මිනිස්සු ජීවිත වලට කඩන් වැටිල අපි උන්ගෙන් පඩි ගන්නවා වගේ උපදෙස් දෙනකොට හිතට පොඩි අවුලක් දැනෙන්න පුලුවන්. 
ඕපපාතික ජීවිත විදියට ඇවිල්ලා දැන් භුමාටු දේවතාවෝ වගේ හැසිරෙනවා! අපි සදා කර්මය ගෙවන ප්‍රේත ආත්ම.
නාවල තට්ටු හතර වෙන්න පුලුවන් මගේ යාලුවන්ගේ තැන් වෙන්න පුලුවන් අන්තිම වශයෙන් අපේ ඔෆිස් එක වෙන්නත් පුලුවන්.



අර කලින් දවසක කිව්වා වගේ පාඩු නම් පඩියෙන් කපන ලාභ නම් ලාභය ආදයම් බදු එකෙනුත් හංගන න්‍යාය ආපහු කරලියට එනවා.

ඔය අත‍‍‍‍‍‍‍‍රේ ඉහළම කළමනාකරණ පුටුවකින් තවත් පුටුවකට පහත් හඩින් කියන්න පුලුවන්. අපෝ ප්‍රොෆිට් පෙන්වන්න හොද නෑ එහෙම වුනොත් මිනිස්සු Allowances , Increments  බලාපොරොත්තු වෙයි. ඒ නිසා මේ තීයෙන ආමාරුව එහෙම්ම පෙන්වගෙන යමු. කොරෝනා නිසා වුනු පාඩුව තාම එහෙඑහෙම්මයි කියලා.

සරල ජීවිත රුපියල් දොලොස්දාහට සැන්ඩ්ල්ස් දෙකක් ගන්න ඉහල පුටුවල මිනිස්සු පහල වැඩ කරන කොල්ලෙක්ට කෙල්ලෙක්ට මාසයක් උගේ ළමයින්ටත් එක්ක රුපියල් දහතුන්දාහක් ඇති කියනවා. අපි ඒ දවස්වල වැඩ කලේ දෙදහට කියනවා. ඔව් ඉතින් දෙදහට් වැඩකලත් මුලු මාසෙම වියදම පන්සීයයි නම් එක්දාස් පන්සීයක් ඉතුරුයි. ඒ ඉතින් ඒ කාලෙ නෙ.

නැත්නම් රෑට කතා කරල චරපුරුශ ජොබ් එක කරලා මස් කට්ටක් බලාපොරොත්තු වෙන කුක්කෙක් කික්කියක් ඉන්නත් පුලූවන්. තමන්ගේ කුක්කාට කික්කිට මෙහෙම කියනවා වෙන්නත් පුලුවන්.

"ඉන්නකො  කුක්කෝ මම ඔයාව ඔතන් තියෙන ලොකුම පුටුවෙ වාඩි කරලා තමා පස්ස බලන්නේ, අනිත් එවුන් එක එකා එලියට ඇදලා දාලා"..

ඊට පස්සෙ බැරියෑ අපිට ගේමක් ගහ ගන්න! එතකන් රෑට හැමදාම රිපොර්ට් කරන්න ඕන.! හොදේ !
.......................................

වෙනම හෝටලේකට ඉරිදා දවල් කෑමට සෙට් වෙලා සකච්ජා කරන්නේ  සේවක සුභසාධණය ගැන නෙමේ. ප්‍රොෆිට් එක අඩු කරලා පෙන්වන්න ඉල්ලීම කරන එක සහ ඒවෙනුවෙන් කීයක කුට්ටියක් ලබාදෙනවාද වග.

ශේක්ස් පියර් මාර ඩයල් එකක් තමා.මේ සීන් එක ඒ දවස්වලම කිව්වා නේ.
"ලෝකයම රඟ මඩලක් , ඔබ මම අපි සැවොම මේ වේදිකාවේ නළුවන් පමණකි".

ඇත්ත සහතික ඇත්ත.!

ටටා 👋 
කවියා.

Sunday, July 26, 2020

වැට පැටලීම, වැටෙන් එබීම හා පශ්චාත් භාගය

මට දකින්න ලැබිල තියෙන මිනිස්සු කතා කරලා තියෙන මිනිස්සු සේරම මම වගේම නෙමෙයි. නමුත් එක අවස්තාවක මගේ ජීවිතේ වැට අස්සෙන් මම ඔලුව දාලා එහා ගෙදර ඉන්න එකාට කතා කරනකොට මට ඌව නොපෙනුනේ ඌත් මට කතා කරන්න මට ටිකක් එහායින් වැට අස්සෙන් අපේ පැත්තට ඔලුව දාන් හිටපු නිසා වෙන්න ඕන. මට උගේ පශ්චාත් භාගයක් උට මගේ පශ්චාත් භාගයත් පෙනෙනවා මිස මුහුණ ගැන වැටහීමක් නැහැ.

කතාවක් කියවනකොට තවත් මනුස්සයෙක්ගේ ඇස් හූරගෙන කදුලු එනවනම්. ඒක ලියන එකාගේ සාර්ථකත්වය නෙමේ වෙන්න පුලුවන්. නමුත් පොඩි කදුලකින් හරි හිතේ තියෙන බර නිදහස් වෙනවනම් මම ඒක මගේ සාර්ථකත්වය විදියට දකින්න පෙලඹිලා ඉන්නවා.

ලස්සනම ජීවිත දිහා සමහර වෙලාවට ඇස් කොනෙන් බලනවා වෙන්න පුලුවන්, කෙටියෙන් වර්ණනා කරනවා වෙන්න පුලුවන්. තවත් කෙනෙක් විහිලුවක් කරනවා වෙන්න පුලුවන්. නියපොත්තේ ඉදන් කන් පෙත්ත දක්වා විහිලුවට දෙයක් හොයාගන්නවා වෙන්න පුලුවන්.

සමහර වෙලාවට මිනිස්සු විවේචනයට හරි විහිලුවට හරි ගන්නේ ඇත්තටම අපේ තියෙන කැපිලා පේන හැසිරීමක් ඉරියව්වක් වෙන්න පුලුවන්. මම දැකලා තියෙන බොහොමයක් දෙනා විහිලු කරන්නේ නෙගටිව් විදියට නමුත් උන් හිත් අස්සේ යටින් පතුලෙන් තැනක ඒ නෙගටිව් පොයින්ට් එක හෙනම පොසිටිව් විදියට හයිලයිට් කර ගන්නවා. ඒක එක් විදියකට ඊර්ෂ්‍යාවකින් පෙලීමක්. තමන්ට අයිතියක් නැති නිසාම.



සමහර වෙලාවට එක කෙල්ලෙක් කොල්ලෙක්ට බතලයා කියලා විහිලුවට ලක් කරනවා වෙන්න පුලුවන්, නමුත් එක් අන්තෙක ඒ කෙල්ලම හදවත යටින් ඒ බතලයි කියන ශරීරයට යටවෙන්න ආස ඇති. එහෙම නැත්නම් වයස පනහ පැනපු අන්ක්ල් ඩයල් එකක් අවුරුදු විස්සක කෙට්ටු කෙල්ලෙක්ට ඇටකොට්ටා , ලෑලි කෑල්ල ගානවා වෙන්න පුලුවන්, නමුත් රෑට හීනෙන් සිතින් ඒ කෙල්ලව සිය වතාවක් නිරුවත් කරලා දූශනය කරනවා වෙන්නත් පුලුවන්.  මාගම් සෝලිය පොත කියවනකොට මට දැනුනේ අන්න ඒ වගේ දෙයක්!



රින (- )දනට (+ )වගේම දන( + )රිනට( - ) ආකර්ශනය වෙන එක සාමාන්‍ය දෙයක්. එන හැඟීම් එලෙසින්ම ප්‍රකාශ කර එකට ඉන්න මිනිස්සු මුණ ගැහුනම   ඒවාට අපි සමාජ භාශාවේදී අසම්මත යන වචනේ භාවිතා කරනවා.

රෑ කළුවරේ පාරෙ අයිනේ රුපියල දාහකට දෙදාකට ඇඟ විකුණන ගෑනි බඩුවක් කියලා බනින. බස් එකේ දකින කතා බහ කරන කෙල්ලෙක්ව කාමරේකට අරගේන යන්න හීන මවන උගත් මිනිස්සු. සම්මතයි කියන තැනක.

උදේ වරුවේ රැකවලා ආදරනීය යහළුවා වැඩ කරන ස්තානයේ සහයකයා, අයිතිකාරයා විදියට ඉදලා රෑ කලුවරත් එක්ක ඒ කෙල්ලව හිතින් තලන දූශනය කරන මිනිස්සු සම්මතයි කියන අදුරක තනිවෙලා ......

උඹට කවදාහරි තනිකමක් දැනුනොත් , ආත්මයක් නෑ කියල හිතුනොත් , මැරෙන්න හිතුනොත් මට අන්තිම පාරට කතා කරපන් කෝල් එකක් දීපන්. මම ආන්සර් කරන්නේ නෑ!
උඹට මැරෙන්න හිතුනා නම් උඹට මම තව දුරටත් ආදරේ කරන්නේ නෑ. ඒ නිසා උඹ මැරෙන එකම තමයි හොද. 

ඒත් උඹගේ හැඟීම් අසම්මතයි කියලා දැනගෙන ජීවත් වෙන්න උත්සහා කරපන්, අනිත් මිනිස්සු අසම්මතයි කියන දේ සාධාරිනීකරණය කරලා බලහන්.. ජීවත් වෙයන්, හැබැයි තව කෙනෙක්ට වේදනාවක් නොවී, තව කෙනෙක්ට වේදනාවක් නොදී. ඔය අසම්මත ජීවිත දෙකකින් එකක් කවදා හරි සම්මතයක් වෙනකොට සමාජය ඉදිරියේ උඹ සම්මතයට ඉඩ දීලා නිහඩ වෙයන් නොමැරී ඉදපන්  අන්න එදාට උඹට හම්බ වෙයි උඹේම කියලා ආත්මයක් උඹට ආදරේ කරන.. එතකන් මම උඹට ආදරේ කරනවා හදවතින්ම.


.කවියා.





ඔම්ලට්! කාබන්! සහ ස්ටේල්පර් මැශිම!

උදේ පාන්දර වට්සැප්වල ස්ක්‍රින් ශොට් දෙක තුනක් ශේන් එවලා තියෙනවා බ්ලොග් එකේ.
අයියේ තමුසෙගේ මේ කෙමිකල් කතා තෙරෙන්නේ නෑ මිනිස්සුන්ට ඕන මං වගේ චරිතෙක කතාවක් කියලා තෙරෙන්නේ නැද්ද.

ඔව් තේරෙනව උඹ ශේන් මල්ලි යුගයේ ජනප්‍රියම අනියම් පෙම්වතා කරල ඉවරයි දැන් මම.!

ඔව් ඉතින් අයියේ උඹ හැමදේම කලවම් කරලා අච්චාරුකරලා තියෙන්නේ අපිටවත් අපි කවුද අපින්මෙහෙම කිව්වද කියල හිතාගන්න බැරි වෙන්න.
කොහොම වුනත් මම ඊයෙ කියපු එකත් අයියේ තමුසෙ එහෙන් මෙහෙන් දාලා තිබුන නේ උදේ කතාවට?
තමුසෙ කොහොම ගලපනවද මන්දා ඕයි මේ කතා සේරම එකට.

ඒවා වැඩක් නෑ කෝමද නාවල තට්ටු හතරේ ඔෆිස් එක පැත්තේ ජීවිතේ? අර නංගිට උඹ ගිය සතියෙ කිව්ව විදියට බලෙන්ම දුන්නද පැය ගානක උම්මා එකක්? හහ් හහ් හහ්...හූ....බුදුඅම්මෝහො මට බැරියෝ..

ටීක්ක්..ටීක්...ටීක්.. ශේන් ලයින් එක කට් කලා හෙන ගහන්න වගේ. 
ඕකාට මල පැන්නම ඔහොම තමා! එහෙම කියලා මම බයිට් කරන එක නවත්වන්න පුලුවන්ද ප්‍රෙන්ඩ්.? බෑ නේ..
මම ආයෙත් , ආයෙත් ගත්තා ශේන්ට. ගත්ත ගමන් මම හු යන්නෙන් පටන් ගන්න ආදරණීයම වචන දෙක කියලා  කිව්වා ජෝගියක් දැම්මේ කියපන් කියලා කතාව.


ඌත් ගල් ඇම්ඩන්, මං දන්නවා යකෝ අයියේ ආපහු උඹ ගන්නවා කියලා. උඹ කියපු විදියට ආදරේ බලාපොරොත්තු වුනු මොහොතක මට හම්බුනේ වේදනාවක් විතරයි.

ඇයි බන් ශේන් ඒ?

පෙරේදා තමුසේ බෙහෙත් ගන්න යන වෙලාවෙ කෝල් එකක් දුන්නා ම කිව්වා මතකද මම  ඒ කෙල්ලගේ සීට් එක එහා පැත්තට වෙලා කාර්ඩ් මාර්ක් කරන්න උදව් වෙන ගමන් හිටියේ. කෙල්ලත් අත් කොට බ්ලවුස් එකක් ඇදගෙන මාත් අත් කොට ශර්ට් එකක් ගහන් හිටියේ.
මගේ අතේ ඉතින් ඒ කෙල්ලගේ අත ගැවි ගැවු තිබුනා අයියේ දිගටම. මට ලෝභ හිතුනා කවි අයියේ අත අයින් කර ගන්න. මම එහෙම්ම හිටියා දිගටම. අතින් අල්ලගන්න් බැරි තැන ඒකත් අමුතු හැඟීමක් දෙනවා අයියේ.

හූම්! ඒ කෙල්ලට කොරෝනා තිබුනා නම් උඹටත් බෝ වෙලා දැන් ශේන් මල්ලී. දෙන්න එක්ක එකට කන්දකාඩු යන එකත් නියම හැඟීමක් තමා! එහා ඇදේ කෙල්ල මෙහා ඇදේ උඹ . කොහොමත් උඹ හීන මැව්වේ ඒ කෙල්ලව උඹේ ඇඳ ළඟට ගන්න  නේ ? නිරෝධායන මද්‍යස්තානයේ ලයිට් ඕව් කලාමා උඹ ඒ කෙල්ලගේ ඇදේ ඉදී.තුරුල් කරගෙන් උඹේ ඔය කෙට්ටු ශරිරෙට යට වෙලා ඒකිට ගොඩක් රිදෙයි ..හික් හික්.  ඒකත් හරි. මාස්ටර් ප්ලෑන් එකක්.

ඔයි මේ කවි අයියේ..මේ පාරනම් මම.කටි කලොත් ආයෙ ගන්නේ නෑ නෑ නෑමයි. ඒක නෙමෙ ඩෙන්මාර්ක් කෙල්ලව නම් දැක්ක අර ටෝකියෝ එක ළලස්සනයිද අයියේ. 


ඔව් , ලස්සනයි! ඇයි දැන් උඹට ක්ලාස් එකේ කෙල්ල එපාද!

පිස්සුද අයියේ..මේ කෙල්ලට තියෙන ආදරේ වෙනස් කරන්න බෑ කියලා මට දැන්ම හිතෙනවා. ඉතින් අහනවකෝ කතාව.
කෝම හරි අයියේ උඹ දන්නවනේ මගේ වීක් පොයින් එක! ඒක නිකන් කුඩු සික් එක වගේ මට ඒ කෙල්ලගේ බෙල්ල ගාව පපුව උඩ දැක්කම නිකන් පිස්සුවගේ. 
ඒ පිස්සුවටත් එක්ක මම හෙමින් ඒ කෙල්ලගේ කකුලේ වලලු කරෙන් ඇදලා ගත්තා.

මොකක් ක්ලාස් ස්ටාෆ් එක මැද්දේ?

ඔව්  අයියේ ඉතින් වර්කින් ඩෙස්ක් එකේ යටින් පෙන්නේ නෑ නේ!

හා ! බලු නගුටා! කියහන්කෝ කතාව!

ඒකිව ගැස්සිලා හැරුනා මගේ පැත්තට..ඒ එක්කම අතේ තිබ්බ ස්ටේල්පර් එකකින් ගැහුවා කකුලට . ඒකත් උල් පැත්තෙන්. දැන් එතන ඉදිමිලා අයියේ. තුවාලයක් වගේ ඇවිත් හීරුනුපාර.

උඹාට ශේන් මල්ලි ජලභීතිකාවට ඉන්ජෙක්ෂන් ගහලා තියෙන නිසා පිට ගැස්ම හැදෙන එකක් නෑ.
දැන් ඒ කෙල්ල දන්නවද උඹට තුවාලයි කියලා. 

ඔව් අයියේ මම පෙන්නුවා තුවාලේ.

මොකක්, හු..ශෙන් මල්ලී උඹ කලිසම ගලවලා පෙන්නුවා?

හයියෝ නෑ නෑ මනුස්සයෝ .. ගෙදර ඇවිත් ශෝටයි බාටයි දාගෙන ෆොටෝ එක්ක ගහලා යැව්වා තුවාලේ.

කකුලෙ විතරමද ෆොටෝ එකක් යැයුවේ!

මේ අයියේ මට එහෙම උවමනවාක් නෑ. මට අනික ඒ කෙල්ල එහෙම නරක කෙල්ලෙක් නෙමේ. හෙන අහිංසකයි අයියේ!

ඔව් ඒක වෙන්නැති තොට ස්ට්ලේපර් මැශින් එකකින් කෙලලා දාලා තිබුනේ.

නෑ අයියේ එක පාරටම ඇද්දම බය වෙන්න ඇති ස්ටාෆ් එක මැද්දේ නේ.. අනික අර මැත්ස් සර් කාරයත් හිටිය ළඟ.
කෝම හරි කෙල්ලට දුක හිතිලද කොහෙද, ආයෙ රිද්දන්නෙ නෑ කිව්වා. ස්ටේල්පර් එකෙන් ගහන්නෙත් නෑ කිව්වා. කොස්සෙන් ගහනවා කිව්වා හැබැයි.
අද උදේ පාන්දර ව්ට්සැප් එකේ කෙල්ල ලස්සන ෆොටෝ දෙකකුත් එවල තිබුන. 

ඒ කවි අයියේ..ඔයි..ඒ කෙල්ල මට ආදරේයි" නැත්නම් මැසේජ් දදා අහන්නේ නෑ නේ තුවාලේ සනීපද .රිදෙනවද තාම කියලා නේ ..?

ඒක නම් දන්නේ නෑ ශේන් මල්ලී හැබැයි උඹට සනීපයක් දැනෙන බව නම් පේනවා ඒ කෙල්ලගේ අතින් කකුලෙන් අල්ලද්දී. අවලමා ! හහ් හහ් හහ්...

මේ කවී අයියේ ඔම්ලට් එකක් දැම්මා උදේට කන්න රොස් වෙනවද කොහෙද ශෙනික ගිහින් එන්නම් බායි ඈ!

.......
 හ්ම් පලයම් පලයම්..උඹේ ජීවිතේ බිත්තරයක් වගේ,  කඩේ තියෙන.. මිනිස්සු දැක්ක ගමන් දන්නවා උඹ බිත්තරයක් කියලා හබැයි, මිනිස්සු හිතනවා මේක ඇතුලෙන් නරක් වෙලාද දන්නේ නෑ කියලා. ඒ වුනාට බලන්න බැරි නිසා ගන්නවා!  ගෙදර ගෙනිහින් කල්පනා කරනවා උඹව තම්බනවද උයනවද බදිනවද කියලා.කාලාතුරකින් එකෙක්ට හිතෙන්න පුලුවන් උඹ කියන බිත්තරේ ඉන්කියුබිලේටර් එකක්කට දාලා රක්කන්න. ඒත් ඒක අස්වාභාවික වගේම අසම්මතයි! 
කොහොම හරි දවස් ගානක් උඹට ඔය කියම බිත්තරේ ඇතුලෙන් ආත්මයක ජීවිතේක ඉඟියක් දුන්නේ නැත්නම්..අසම්මත පුදගලයාම උඹව අරගෙන ගිහින් ඔම්ලට් දාන්න පුලුවන්! 



ගානට ආවොත් කයි!
කර වුනොත් උඹත් සියලු අමුද්‍රව්‍ය වල මූලික තැනුම් ඒකකය කාබන් අංශු වෙලා කුණු කූඩෙට යයි.

පරිස්සමෙන් පුතා!


ටටා! 👋 

කවියා.






Saturday, July 25, 2020

ඩෙන්මාර්ක් බෙලින්ඩා මයිතේ (Belinda Maite ) හා ටෝකියෝ ඉචිකා (Ichikah)

ජීවිතේ ඇවිදගෙන යාමෙන් මට මුණ ගැසුනු මිනිසුන් බොහෝමයක් උදැල්ල අතේ තියාගෙන ඉන්න පිරිසක් වීම විෂේශත්වයකි. "ව" කියූ සැනින් වල කැපීමට සූදානම් පුද්ගලයන් වේ.

නොහිතනා මොහොත ජීවිතයට ල්ස්සන පුදගලයන් හමු වුනත් ඔවුන්ගේ ඇතුළාන්තය තේරුම් ගැනීමට නොහැක. හිනාවක් යටින් තියෙන වේදනාව  රෑ කාලයේ වට්සැප් ස්ටේටස් ලෙසින් ඔවුන්ගේම භාශාවෙන්  එලියන එන අවස්ථා බොහෝමයකි. ස්ටේටස් යොදන රූපයක් , වචනයක් හොදටම ඇතිය.

එවන් සමහර අය ජීවිතය සයුරකට සමාන කරන බවත්, තවත් අවස්තා වල ජිවිතය තුල ආත්මයක් නැති වී ඇති බවත් සිතා ලතවෙති.

එය එසේ නොවෙන බවට තර්ක කල විට සියුම් ලෙස වේදනාවක් දෙන වචන වුවද පිට කිරීමට නොපැකිලෙති.
කෙනෙක් පමණක් දැන ගත යුතු යමක් බොහෝ දෙනා කාතාවක් මගින් දැන ගැනීම වේදනාකාරි බව ඔවුන්ගේ මතයයි.  එසේනම් ප්‍රශ්න කතා කිරීමට නම් තෝරා ගත යුත්තේ සීමිත යාළුවන් පිරිසක් ඇසුරු කරනෙකි. හැම දේම සඟවාගැනීමට හැකි අයෙකි. ඒත් යම් කිසි අවස්තාවක වෙනස් වීම් බලා පොරොත්තු විය යුතුය.
ලෝකයේ නොවෙනස්වන එකම දෙය දේවල් වෙනස් වීමයි.

ශේන් යනු මගේ ජීවිතයේ හමු වූ සියලු මිතුරන්ගේ එකතුවක් මිස තනි පුදගලයෙකු නොවෙන බව අවධාරණය කරමි. විව්ද පුදගලයන් දහසකගේ හැඟීම් ශේන් යන මගේ මිතුරෙකුගේ අන්වර්ථ නාමයෙන් ඉදිරිපත් කරන්නේ එබැවිනි.



ආදාරේ ලබා දී තැගි ලෙස වේදනාව හා විදවීම ලබා ගත හැකි බව මා ශේන් ගෙන් උගෙන ගත් එක් දෙයක් පමණි.
සිප ගැනීමක් හෝ ආදරනීය වැලදගැනීමක් බලාපොරොත්තු වෙන මිනිසුන් එක් වරම පිහි පාරක් එල්ල කරන්නට ඉඩ ඇති බවද හොදින් ඉගෙන ගත්තේ ශේන් ගෙනි.

ලිවීමෙන් චරිත තුලට බද්ද වෙන බව උගත්තේද ශේන්ගෙනි. රංගන ශිල්පියෙකුට මුදලක් ගෙවන්නේ ඔවුන් නිතර චරිත් වෙනස් කරන බැවින් ඔවුන්ගේ හැඟීම් හා හැසිරීම පාලනය කරන රසායනික සංයෝජනය බලපෑමට ලක්වෙන බැවිනි. ලිවීමත් එසේමය ශේන්ට යම් තැනක විවේචනය වන් විට දුකකුත් කියවන්නා විසින් පැස්සුම් ලැබෙන විට පුහු ආඩම්බරයකුත් දැනේ. ශෙන් ගැන වැල්වාටාරම් ලිවීම නවත්වන්නට කටයුතු කරන තරමට වැඩ සැකසූ පසු, ඩෙන්මාර්ක් හා ටෝකියෝ වල සිට කියවන දෙදෙනෙකුම විද්‍යුත් තෑපෑලට යොමුකර තිබුනේ එම කතාවෙන් කිසියම් ආශ්වාදයක්න්ලබන බැවින් දිගටම පවත්වාගෙන යන ලෙසයි.

ස්තූතියි .


කවියා.






Friday, July 24, 2020

රාමුව! චරිත තුල සිරවීම හා සිර කිරීම

හැමෝම හැම තැනම
හැමෝම තැන් තැන්වල
එකිනෙකා විවේචනයට සූදානමින්
උගත් කියනා ඔවුන් තවත් පිරිස් සොයාගත් දේවල් කට පාඩම් කර ඔලුව පුරවාගෙන සිටී..
ඉන් පසු දකින දෙය තමාගේ කට පාඩමේ ඇති
රාමුවෙන් දකිති.. රාමු කල නොහැකි වූ කල
විවේචනය කරති..

සැවොම රාමු වී සිටියානම්
අපි තවම "ගල් යුගයක" වසන්නන් වෙති...

සංස්කෘතිය ආහාරයට ගැනීමක්,

සිදු වූ සියල්ල අනෙක් අතට සිදු වුවා නම් .. නිදහසට කරුනු ඔනෑ තරම් තිබිය හැක එලෙසම ඔවුන් කියන දේ අප විසින් එකවර පිලිගත යුතුය ...
ලුනු , ළූණු සමග එක් කර සිනී බලාපොරොත්තු විය නොහැක.

මොන මොන අහස් යට හිටියත් උඹල වෙනස් වෙන
හැමෝම රෑ තනිවෙන්නේ එකම අහසක් යට
බලන් ඉද්දි වෙනස් වෙන උදේ අහසත් එක්ක බැලුවම
පැය හත අටක් එක දිගට වෙන්ස් නොවෙනා
රෑ අහස හරිම පුදුමයි..

හේතුව වෙනස් කම් නොපෙනීමයි.!
අපි අන්ධයි ඒ පැය ගානට
එලිය නැතුව!

.කවියා  

Thursday, July 23, 2020

අසා සිටි ඔබ සැමට, නිමි!

කතාව මොකක්ද බලන්නද ආවෙ?
නෑ අද ඉදන් කතාවක් නෑ.

ඉවරයි.!

නැවත හමුවෙමු.!

Wednesday, July 22, 2020

ආත්මය අහිමිවීම හා වෛරය හොල්මන් කිරීම !

සමහර වෙලාවට මිනිස්සුන්ගේ තෝරාගැනීම් වල වැරැද්දක් තියෙනවා. නැත්නම් දකින කෝණය අනූව. බොහෝ දෙනෙක් ආදරේ ඉයන දේ දකින්නේ වේදනාවක් විදිහට.

ආත්මයක් නැති ජීවිත මට සමහර වෙලාවට මුණගැහිලා තියෙනවා.පාර දිගේ බෝක්කු උඩ, එහෙම නැත්නම් පාරෙ අදුරු අහු මුලු වල. මොනවම හරි මත් වෙන දේකට ජීවිතේ බාර දීලා.

මිනිස්සු ජීවිත වලට ආදරේ නැත්නම් මම දකින්නේ ආත්මයක් නැති මිනිස්සු විදිහට.
ආදරේ නිසා ආත්මයක් නැති ජීවිතයක් වෙනවා කියන දේ මට නම් පිළිගන්න බැහැ.


මිනිස්සු ජීවිත වලට වෛර කරනවා ආදරේ නැති වුනාම.
ආදරේ වේදනාවක් කියලා ස්ටේට්මන්ට් දෙනවා. එතකොට ඇත්තටම මේ ආදරේ නිසාද... නෑ .. ආදරේදි වේදනාවක් දැනෙන්නේ නෑ. ඒක එහෙමයි කියනවා නම් අම්මගෙ ආදරේ වේදනාවක් වෙන්න ඕන. යාලුවොන්ගෙ ආදරේ වේදනාවක් වෙන්න ඕන. 
මිනිස්සු පටලවගෙන.

ආදරේ අහිමිවීම තුල තියෙන අහිමි වීමේ හැඟීම, තනිකම, මතකය තමයි වේදනාව ගෙන්නෙ . ආදරේ නිසා වේදනා ඇතිවෙනවා මිසක් ආදරේ වේදනාවක් නොවන බව මගේ මතයයි.
...............................................................
රුපියල් අසූවක් බෑග් එකේ දාගෙන ඔෆිස් එකට ඇවිත් කෝටි පහක හයක සල්ලී බැංකුවෙන් බැංකුවට ඒ බෑග් එකෙන්ම ගිහින් දීලා ආපහු එනකොට පාර්කින් වලට විස්සක් දිලා එන්නේ.

එතකොට ගෙදර ගෙනියන්නේ රුපියල් හැටයි!
ඒත් බෑග් එක බරයි වගේ දැනෙන්නේ නෑ..ජීවිතේ එහෙමට බරක් දැනෙන්නේ නෑ.

කම්පැනි විසිට් ගිහින් ටී එක බාගෙට බීලා එන එක හදිස්සි කියලා ෆ්හෙන ඕඩර් පරක්කුවෙන එක අපේ ජිවිතවලට දැන් ඇවිල්ලා. .ප්‍රොමෝශ්න් එක දේව ආශිර්වාද යක් කරගෙන ඉන්න හන්සිට ශිහාර නංගි උදේ පාන්දරම ගෙදරින් හදාගෙන ආපු දොලපිදේනී තට්ටුව පූජ කරලා ඇන්ටිලාට වදින ගාතාව කිය කිය ඉල්ලිම් කරනවලු.. පැස්බරු වගේ ඔලුව ලැප් එක අස්සෙ ඔබාගෙන ඉන්න නිරෝලා ගියාට පස්සේ සිංහල ශබ්දකෝශය අරගෙන ඔලුව ලොකු මං ගැන හොද කියනවා වගේම තමා.
ටිවි ඇන්ටනාවක් හරි කමක් නෑ හපන්න පුලුවන් දෙයක් නම් කන හන්සිල, සුරේන්ල දෙන පෝරියල් වලට  හදිස්සියෙ ගමනක් යන්න හදකොට බයික් එකේ වෑල් එකෙන් වුනත් හුලං ගිහින් තියෙනවා. වසන්ත අයියාගේ බයික් එකේ විනාඩි දහයට කොල්ලුපිටියට ගිහිල්ලා එන එක වගේමයි හවසට තෙල් නැතුව ටිකක් දුර තල්ලු කරන්න වෙන එක...............................................................

ශේන් මල්ලි වට්සැප් එකේ එවල තිබුනා ආයෙ අත හෝදන්නේ නෑ කියලා.
මම අහන්න ගියෙ නෑ ඇයි කියලා!
ශුවර් එකට කොහෙන් හරි අල්ලන්න ඇති අර කෙල්ලගේ. 

ඕකා කොයි වෙලා හරි කොරෝනා හදාගෙන මැරෙන්නේ තව කාට හරි බෝ කරලා.
කමක් නෑ මලගෙදරට මාරි වෙනුවට මන්චි හවායියන් කුකීස් හරි ටිෆින් හරි රික්වෙස්ට් කරන්න ඕන.





👋 ටටා

කවී.







ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...