ඉවර කරන්න හදන හැම කතාවක් අන්තිමේම නැවතීමේ ලකුණ තියෙනවද නැද්ද කියලා කල්පනා කරලා ඉන්න වෙලාවක ශේන්ගෙන් ලැබුනු කෙටි පණිවිඩයක් නිසා මම පොඩ්ඩක් හිතන්න ගත්තා.
කවී අයියේ ඔෆ්ස් ලයින් එකෙන් කෝල් එකක් ගනින් මගේ එකේ සල්ලි නෑ!
වෙනදා වගේම හොටු හූර හුර අඩන සින්දුවක් කෝලර් ටෝන් එකට යනවා..
හෙලෝ කවී බොශ් .ඔයා මාරම චරිතයක් තමා ඉස්සරහට ලියන් යනවා කියපු කතාව ඉමන්දරා කතා කලා විතරයි සැලෙන්ඩර් වෙලා චක බ්ලාස් කරලා දැම්මා නේද?
නෑ ශේන් ඒක බය වීමක් නෙමේ. අනික ඒ ළමයා තර්ජනයකුත් නෙමේ කලේ, ඉල්ලීමක් කලේ , එයාගෙ පැත්තෙන් එයා හරි. කියවන කෙනා උඹව දන්නවා නම් මේකෙ තියෙන දේවල් එක්ක ඒ කවුද කියලා හිතාගත්තොත් ඒළමයාට සුදුසු නෑ ඒක. දැන්වත් උඹ ඔය විකෘති මාන්සිකත්වයෙන් මිදිලා වරෙන් එලියට. ඒක ඒ ළමයාම කිව්වට පස්සෙ ආයෙත් ඉතින් ඒ ගැන කතා කරන්න බෑ නේ.ලියන්න බෑනේ ශේන් මල්ලි.
කවි අයියේ ඉමන්දරා ගැන ලියන්න එපා තමුසේ මගේ ගැන ලියනවා..
මොනවා කියලද ශේන් මම ලියන්නේ! මේක උඹගේ විතරක් නෙමේ මගේත් කතාවක් වගේ දැන්.. උඹ කැලි කෑලි කිව්වට ඒ කතාව ඇතුලේ අලුතින් තව ලිය ලිය ජීවත් වෙන්නේ මම බන්. උඹට දැනුනු දෙයක් මටත් දැනෙයි කියලා හිතාගෙන ලියනවා බන් මම.
හරි කවී අයියේ මම මේ ටිකේම උත්සහා කරන්නේ ඉමන්දරා කියපු සහෝදරයගේ තැන නවතින්න. එතනින් එහාට දුවන්නේ නැතුව ඉන්න.
ඒක හොදයි ශේන් හැම අතකටම..
ඒත් මම එහෙම වෙන්න දරණ වෑයමකදී මට සෑහෙන්න රිදෙන තැන් තියෙනවා. අනික කවී අයියේ ඉමන්දරා කොච්චර කිව්වත් ශේන් ගැන ඉමන්දරාට තියනවා කියන සහෝදර හැඟීම මට වඩා වෙන අයට ඉමන්දරාට තියෙනවා. මම ඉන්නේ අයිනට වෙන්න එහාම කොනක මුල්ලට වෙන්න.
ඒ ගැන කතා කරන්න එපා ශේන්, උඹ සාමාන්‍යයෙන් ලබා ගන්න බැරි දෙවල් වෙලට ආදරෙ කරන එක ඒ දවසවල ඉදනන්ම ඒ පුරුද්දක්.
උඹ දන්නවද දන්නේ නෑ කවි අයියේ මම හුඟක් අමාරුවෙන් හිත හදාගෙන තමා කරන්නේ ඉමන්දරාට මචං උඹ බන් බොලම්, තමුසේ කියලා කතා කරන එක. මට ඒක කරන්න බැහැ ඇත්තටම ඒත් ඉමන්දරා වෙනුවෙන් එහෙම කරනවා!
හැබැයි ඉමන්දරා එවලා තිබුනා අයියේ මට තමුසෙ තම්මුසෙ ගාන එක නවත්වන්න කියලා එයා ඒකට අකමැතියි කියලා.
ඉතුන් මම කිව්වා මාත් කතා කරන්නෙ එහෙම කැමැත්තකින් නෙමේ කියලා නමුත් අර නංගි කියන සීමාවෙන නැවතිලා ඉන්න ගත්ත උත්සහයාක් කියලා. හැබැයි ඒකට උත්තරයක් එව්වේ නැහැ.
කවී අයියේ උඹගේ අර තිබුනු පොස්ට් එක හරි..ආදරේ කරපු මිනිස්සුන්ට ආදරේ කරන්නේ නෑ වගේ ඉන්න එක තමා රිදෙන්නේ ඇත්තටම. මම හිතාගෙන හිටියේ ඒක පාර්ශවික ආදරය තමා වේදනා කාරීම කියල, හැබැයි මට වැරදුනා අයියේ. මේක තමයි වේදනාකාරීම අත් දැකීම.තව දෙයක් අයියේ මම නිමාශාට සමාන කරගෙන හිටියට එක අතකින් ඉමන්දරාගේ කොලිටීස් සෑහෙන්නම වැඩී අයියේ. ඉතින් මට එහෙම නොකර ඉන්න පුළුවන්ද?
ශේන් උඹ කියාගෙන පලයම් කමක් නෑ මම ඔය ගැන හිතලා බලන්නම්. එතකම් උඹට ඉමන්දරාව අදුරන්නේ නෑ වගේ ඉන්න පුළුවන්ද?
සමාවෙන්න කවී අයියේ ඒකනම් කරන්න බැහැ! මේ ඒක නෙමේ මොකත වෙන්නේ ඔෆිස් එක පැත්තේ!
කියන්න තරම් විශේෂයක් නම් නැහැ. වෙනද වගේම මම සැරින් සැරේ ගිහින් අනු වෙඩීව අවුස්සනවා, ඊට පස්සේ තනුජ මල්ලි කොහෙන් හරි ඇවිත් මැද්දෙන් ට්පර් එකක් පාක් කරනවා කට්ටියම හිනා වෙනවා ඒවා තමා..
ට්පර් පාක් කරනවා කියන්නේ!?
ඒ කියන්නේ ගොනෝ කතාව අතර මැද්දෙන් ජොයින් වෙලා සම්පූර්න කතාවම දන්නේ නැතුව දැන් කියාගෙන යන වචනයකට අදහස් දක්වනවා.
ඕවාට අමතරව වෙඩී ගේ ඩැඩී ගැන ප්‍රශ්ණ කරනවා. වෙඩී කියන්නේ සමහර වෙලාවට අප්ඩේට් නැති ඩේටා බේස් එකක් වගේ, මම කියන්නේ සමාජය හා අවට පරිසරය ගැන. ටික් ටොක් කරන නලු බට්ටෙක් ගැන ඇහුවොත් කැස්පර්ස්කී වයිරස් ගාඩ් එකේ අප්ඩේට් වගේ, හැමදාම උදේ පාන්දර අප්ඩේට් වෙනවා.
හැබයි රටේ වත්මන් ජනාධිපති රනිල් කියලා අමතක වෙනවා. තාමත් වෙඩීගේ මතකය තියෙන්නේ එයා ඩැඩී කියලා ( අප්පච්චි) කියලා.
මට නිකම් යාන්තමට වගේ තේරුනා ඒත් කමක් නෑ අයියේ කියන් යන්නකෝ!
හැබැයි මෙහෙම දෙයක් තියනවා. අපි ජිවත් වෙන්නේ හදේ කියලා වෙඩීට කියලා එහෙම හිතන්න අවශ්‍ය සාධක ටිකක් කිව්වොත් සීයට අනූවක සම්බාවිතාවක් තියෙනවා ඒක පිලි ගන්න.
මොකද මේ ලඟදි තමයි මම වෙඩීට ඉගැන්නුවේ ආවස්ථික පිරිවැය සහ හීන වන ආන්තික උපයෝගීතාවය අතර අනුලෝම ප්‍රතිලෝම සම්බධයක් තියෙනවා කියලා.
ඇත්තටම එහෙම එකක් තියෙනවද අයියේ?
නෑ බන් එහෙම එකක් නෑ , හැබැයි මට ඔය දේකේම පැහැදිලි කිරීම් මතකයි. ඒ නිසා එහෙම දෙයක් තියෙනවා වගේ කතා කලාම ලේසී නේ. කොහොම හරි වෙඩී ඒක පිලි අරගෙන යූ ටියුබ් එකේ ආර්ථික විද්‍යාව උගන්වන සර් කෙනෙක්ගේ චැනල් එකේ කමෙන්ට් එකකුත් දැම්මා ඒක විස්තර කරලා දෙන්න කියලා.
වැඩේ ත දුර දිග යන්න කලින් මම ඒක බොරුවක් කියලා කමෙන්ට් එක ඩිලිට් කරලා දැම්මා.
ඒ වගේම මකන් කෑලි වලින් ට්පෙක්ස් වලින් ඔය මේසෙ උඩ තියෙන පොඩි පොඩි කෑලි වලින් මෝටාර් ප්‍රහාරයකට ලක් වුනා මිසක් ලොකු අවුලක් වුනේ නම් නෑ.
කොහොම හරි හවසට ඔගිස් එක වහනකොට තව අහම්බෙන් දැක්ක දෙයක් තමයි වෙඩීගෙ සත්ව කරුණාව.
ඔෆිස් එකේ ලයිට් සෙරම ඕෆ් කරලා නම ගහපු වීදුරු වතුර බෝතලේ මේසෙ මැද්දට වෙන්න තියලා මූඩියට තට්ටුවක් දාලා , පරිස්සමෙන් ඉන්න පැටියෝ කියලා කියනවා දවස් දෙකක් විතර දැකලා තියෙනවා.
ඒකට හේතු කාරණා විදිහට වෙඩී කියන්නේ.
වීදුරු බෝතලේට තනිකමක් දැනෙන්න පුලුවන් කියලා , මොකද තමන්ගේ නොවන තැනක නන්නාදුනන පුටු මේස එක්ක බෝතලේ දාලා යනකොට කියා ගන්න බැරි දුකක් දැනෙනවා කියලා.
ඒ මොන ජාතියේ විශව හැකුලුම් න්‍යායක් ද කියලා මාත් කල්පනා කරනවා ඒත් ඔලුවට එන්නේම නැහැ. මටත් තේරෙන්නේ නෑ ඒකෙ තියෙන ඔය සහ සංයුජ සම්බන්දතාවය. බෝතලේ මේසෙන් තනියම වැටෙන්න තියෙන සම්බාවිතාවය දෙකෙන් එකයි! හැබැයි විය හැකියාව බින්දුවයි දශම බින්දුවයි එකයි. නමුත් වෙඩී රෑ හිනෙන් බය වෙලා නැගිටිනවාලු බෝතලේට මොකක් හරි කරදරයක් වෙයිද දන්නේ නෑ කියලා.
අහ් තව දෙයක් අපි නිරීක්ශන මගින් නිගමනයකට එළබුනා මේ ලඟදි! වෙඩීගේ හිනාව හයිනා කියන සත්ව කොට්ටාශයේ කෑ ගහන එකට ගොඩාක්ම ආසන්නයි කියලා. ඒකනම් තනිකරම මගේ සොයා ගැනීමක්. ඔයාට ලේසියෙන්ම බලන්න පුලුවන් යූ ටියුබ් එකේ හයිනා ලාෆ් කියලා ගැහුවනම්!
සමහර විට ඒක වෙඩීට ආවෙනික දෙයක් වෙන්නැති. මොකද ඔෆිස් එකේ කොරිඩෝ එකේ අශ්වයා ගෝන් ටික් ටික් ස්ටයිල් එකට ඇවිදගෙන එනකොටම අපි දන්නවා ම් එන්නේ මිස් වෙඩී කියලා. ආයෙ ඉතින් හිතන්න දෙයක් නෑ ඒකේ. විශේෂයෙන් සෙව්බන්ඩා එහෙම කියන්නේ ඔන්න එනවා බ්රේක් නැති පිස්සු කෝච්චියක් කියලා.
මොනවා කරන්නද ඉතිම්, අපි තාමත් මේ මුල් ළමා විය සංවර්ධන මද්යස්තානයකට වෙලා බලන් ඉන්නවා.. අපිත් ඇතුලුව.
තවත් සව් කොලයක් සහ බකට් එකක් ගැන ඉස්සරහට කියන්නම්.
තැන්කුයි.
.කවී.