Saturday, June 25, 2022

රැම්බා ගේ වෙඩිම ඔමී බුම්මාගෙන සිහන දැකීම

ආයෙත් දැන් ශේන් ගේ ඩයිරිය අස්සට....

ජුනි 22.

 ඔලුව උදුම්මාගෙන ඉන්න! නැත්නම් ඉදිමිලා වගේ තියෙනවා කියලා පෙන්වන්න. ඒක නිකන් අර මොසැම්බික් මාලුවෙක්ගේ ඔලුවක් වගේ අප්ප්‍රසන්න වුනාට, සල්ලි දීලා අරගෙන උන්ව ටැංකිවලට දාලා ලස්සන බල බල ඉන්න කාලයල්. 

ආදරේ ගුලි කරගන්න ඕන දෑත්වල කේන්තියයි තනිකමයි ගුලි වෙනවා. කොළඹ කොටුවෙන් නැගලා තවත් තැනකට බස් එකෙන් යනකොට දකින හැම චරිතයකම මම උඹව හොයන්න අරගෙන වැඩි දවසක් නැහැ. කිලෝ මීටර් ගනන් දිග් ගැස්සුනු පෙට්ට්‍රල් පෝලිමේ ඉන්න වෙලාවටත් මටත් නොදැනිම හෙව්වේ උඹේ හිනාව. උඹේ වචනයක් දිස් වෙනකම් සැරින් සැරේ බැලෙන්නේ ඩිස්ප්ලේ එක දිහා. ඔලුවෙ ඇතුලෙ දුවන්නේ  මොනවද කියලා කියවගන්න කවී අයියේ උඹටවත් බැරි වෙයි. උඹ කොච්චර  මිනිස්සුන්ව කියෙව්වත්.


..............................................

මට වෙලාවකට හිතෙනවා මිනිස්සු මොනවද මෙ හිරවෙලා කරන්නේ කියලා. විශේෂයෙන් උඹ , දවසක් මම මගේ හැමදේම කියන යාළුවෙක්ට කිව්වා මම මිනිස්සුට ආදරේ කරනවා ගරු කරනවා හැබැයි බොහොම ටික දෙනාටයි. ඒ වගේම මට ඉන්නවා හරින විශේෂ කෙනෙක්, හුඟක් විවෘත කෙනෙක්, මගේ ඕනම ගැඟීමක් හංගන්නේ නැතුව කියන්න පුලුවන් කෙනෙක්. ඒත් ඒ මම කතා කරේ එයා ගැනමයි කියලා ඒ හිතට තේරුම් ගන්න බැරි වෙන්න ඇති.. ඒත් මට සතුටුයි මම තාමත් ආදරේ බව ඒ මනුස්සයට කියාඅ ගන්න පූලුවන් වුනු නිසා.  ශේන් කියන්නේ කවුද කියන එක මටත් වඩා ඒ ආදරනීය හදවත දන්නවා ඇති කියලා හිතෙනවා. දැන් මම ලෝකයේ තියෙන භයානකම සිර  ගෙයක හිර කටුවෙක් කියලා දැනෙන්නේ මගේ වටේම තියෙන උස මායිම් දැක්කම.

කවී නංගි මවුන්ට් ලැවිනියා බූබා බීච් ක්ලබ් එකේ ලාවට ඉර එලිය බැහැගෙන යන වෙලාවක යන්තම් සින්දුවක් දාගෙන මුහුදු හුලං වැදි වැදී යාලුවෝ එක්ක ඉන්න එකක් ස්ටේටස් දැක්කම් නම් පොඩි ඉරිසියාවක් එන එක නවත්ත ගන්න පූලුව කමක් නෑ..

..................................

අතපසුවුනු බොහොම අතලොස්සක් වෙඩින් අතරින් රැම්බාගේ වෙඩිම හිතේ එකඟ කරගෙන මිස් කර ගත්ත එකක් නෙමේ  මේ ලඟදි දවසක ආයේත් රැම්බෝ ගේ ස්ටේටස් අස්සේ තිබුනේ ඌ උගේ පාසල් ප්‍රේමය උගේම කර ගත්ත මොහිතේ ඉයංකා නංගි එක්ක දාපු ඩාන්ස් එකක්. ඒක වීඩියෝ වෙලා තිබුනේ ලාවට බැලන්ස් නැති ගතියකින් ෆෝන් එක අතේ තියන් හිටියා ඔමීයගේ ෆෝන් එකේ. සමහර වෙලාවකට අනිත් අතේ කිසිම හිඟ කාලෙකදි නැති නොවුණු නිනිවුනු ඩන් හිල් සිගරට් එකක් තියෙන්න ඇති. ඒ මොනා වුනත් රැම්බා බ්‍රේක් ඩාන්ස් ඩානකොට ඉයංකා නංගිත් අට්ග අරින්නේ නැතුව පැද්දි පැද්දී ඉදීමම සතුටට කාරනාවක්.


ඒ වගේ වැලි සවල් දහයකට හති දහය ගානේ ඇර ඇර හරි හෙමි හෙමින් හැදෙන උඹලගේම තැන සම්පූර්ණ වෙනකම් ලඟට ඇවිත් උදව් කරන්න පෙට්ට්‍රල් නැති නිසා ඈතට වෙලා සුභ පතනවා.

ඒ වගේ ඔමී මාරම සෙනෙහසකින් පල්ලියට එක්කන් ගිය නංගි ගැනත් මතක් කරන්න ඕන. නැත්නම් ඒක හරි මදි. අපි මේ බලන් ඉන්නේ උගේ වෙඩිම එනකම්. ශේහාන් මල්ලී උඹගෙ තත්වය මොනවගේද කියලා මටම තේරෙනවා, අපි හැමෝම එකට මේ කන්ද නගිමු.. මම විශ්වාස කරන දෙයක් තියෙනවා හැම කන්දකම මුදුන හරිම ලස්සනයි වගේම.. ඊලගට අහු වෙන්නේ පල්ලමක්.. අපිට ABS තියෙන නිසා අවුලක් නැති වෙයි.

වෙනද වගේ මම පාරෙ ඇවිදන් යනකොට , බෙන්ස් එකකින්, ලැන්ඩ් රෝවරයක්, කෲසර් එකකින් උඹලගේ ඔලු එලියට ඇවිත් ... ආ කවි අයියේ කෝමහ කියලා අහ ගන්න  එක මගේ හීනය❤

ජය වේවා!


.කවී.

Sunday, June 12, 2022

ගාලු මුවදොර ඉදන් කොළඹට

 මග බලන් හිද ඇති වුනත් දැන්

නොවෙහෙසවා කොහොමද හිතක්

නොයෙන බව දැන දැනත් මන්

තුරුලෙ උණුසුම සොයනවා මන්..


නුවර යන්නට ගිහින් හැරුනත්

ඉද්ද මල් මට දැන ගනින් මම

හුඟක් කල්,

වැල් ගිහින් එරබදු මල් මතින්.


ගාලු මුවදොර ඉදන් කොළඹට

මහ දුරක් නැති වුනත් බන්..

උඹත් එක්කල ආපු ඒ ටික

කප්පරක් තරම් මට නම්..


දැන දැනත් කෙටි මඟක් මගහැර

උඹත් එක්කල වට මාවතෙන්

ඇයි ගියේ උඹ අහනවා නම්..

කොහොම උත්තර දෙන්නද

උඹට තාමත් ආදරෙයි මං...


.කවියා.

Friday, June 10, 2022

පාලු මකන පාලු කරන ජීවියෝ සහ හිමන්දරා

 ජීවිතේ දැනුනේම පාලු කරපු අය ළඟ නෙමෙයි පාලුව නැති කරපු මිනිස්සු ලඟ. පාළුව නැති කරන්නේ පණ තියෙන හදවත ගැහෙන මින්ස්සුම වීම තමයි හොදම දේ.

ජීව්තේක පාළුව මොහොතකට හරි නැති කරපු ජීවිතයක වර්තමායට එබිල ඒ ජීවිත පාලු කරලා දාන්න අපිට මොන අයිතියක්ද.  ඒත් ජීවිතයක් තියෙන එවුන්ම ඒ වගේ ජීවිතයක් මරා ගන්න හැටි දකිනකොට එන්නෙ දුකක්.

හැම තැනකදිම නැති වුනත් කොහේ හරි තැනකදි හිර වෙන්න තියෙන සම්බාවිතාවය වැඩී. අපි කල්පනා කරනවා ජීව්තේට මූන දෙන විදිහ. ඒ කල්පනා කරන විදිහටම නැතුව ටිකක් වෙනස් විදිහට ජීවිතේට මූන දෙන්න ඕන කියලා අද ඔෆිස් එකේ චොක්ලට් වොන්ඩර්  බාර් එකක් කන ගමන් කල්පනාවට ආවා..

හවස පහ වෙනකන්ම බලන් ඉදලා හතරයි පනස් නමයට පේමන්ට් එක දාලා පැය ගානක් බලන් හිටියා වගේ බනින කස්ටමර් කෙනෙක්ගේ ආදරය වගේම උදේ නමයට පේමන්ට් කරලා, මචන් අද මැච් එක පහට කලින්වත් ඩොකියුමන්ට් ටික දීපන් කියන මිනිස්සුන්ගේ ජීවිතත් එකතු කරගෙන ඉන්නේ හුස්මත් එක්කම.

ශේන්ට මොනවා වෙලා ඇත්ද?

ඩේටා ටිකක කපාගෙන හරි  චැට් එකක් දාන්න ඕන..

මැයි 28 - 

අහ් කබී කබී ...මෙරෙ දිල් .. කබීත ඔයත් මාර වෙලාවල් වලට තමා අයියේ කෝල් කරන්නේ. හෙන හතම ගහලා ඔලුව් කැරකි කැරකි ඊන්න වෙලාවට්මයි ගානට කෝල් එක එන්නේ. සංෂාරික බැදීම ඕයි කවී අයියේ. 

ඒකත් කමක් නෑ , මේ දවස්වල නම් ජීවිතේ හරිම අසමතුලිතයි . හැමදාන ළඟින් ඉන්න ඕන දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කරපු මිනිස්සු හිතින් ඈත් වෙලා යන්න උත්සහා කරනවද කියලා හිතෙනවා වෙලාවකට.

සමහර වෙලාවකට අත් දෙකෙන් අල්ලලා මම කොච්ච්ර ආදරේ කරනවද කියලා කියන්න හිතෙනවා..ඒත් එතන තියෙන්නේම අදරේ ගැන ප්‍රශ්නයකට වඩා අයිතිය සහ හිමි වීම ගැන ප්‍රශ්නයක්. මුකුත්ම නැති තැනකදි, ආදරයක් නොදැනෙන අවස්තාවක් එන වෙලාවකට කල්පනා කරනවා උඹ මගේ ජිවිතේ හිටියනම් හොදයි කියලා. ඒ වගේම උඹ කවදාම හරි මාව නොදන්නා කෙනෙක් විදිහට තවත් කෙනෙක් ගාව ඉදිවි කියලා හිතෙනකොට නම් හිතට අවුලක් දැනෙන් නෑ කිව්වොත් බොරුවක්. ආදරයක් නෑ කිව්වොත් බොරුවක්. තවත් කෙනෙක්ට ආදරෙන් කතා කරන දිහා බලාගෙන හිත රිද්දගන්න එක පුරුද්දක් වෙලා තියෙන්නේ. උඹට ඒක දැනෙන්නේ නැති එකත් එහෙමයි. එතකොට මම හෙන ආත්මාර්ථකාමී ලෝභ ඩයල් එකක්. කරන්න දෙයක් නැහැ. සමහර වෙලාව උඹ වෙන කාගෙවත් වුනත් සමහර වෙලාවට අහන්නේ මට පොඩ්ඩක්වත් ආදරේ දෙන්න බැරිද කියලා ඉස්සර වගේ. කියලා..  ජිවිතේ ලස්සනයි හොදයි කියලා හිතුන ජීවිත දෙකම පුදුමයි. එකක් නුවරින් ඇවිත් සකුරා පිපෙන රටට අයිති වුනා අනිත් කෙනා කොලඹ ඉදන් කොළඹින් නුවරට අයිති වෙන්න නියමවුනා..උඹව වෙන කාට හරි අයිති වෙයි නේද කිව්වම උත්තරය වුණෙ.. මට හැමදාම ලෝකෙට හොරෙන් උඹේ වෙන්න බැහැ..තවත් කෙනෙක්ට බොරු කරන්න බැහැ මම වෙනුවෙන් කියලා..ඒ වගේම මගේ ජිවිතෙත් ඉස්සරහට යන්න ඕන..ඒත් එහෙමයි කියලා උඹට හිතේ තිබුන තැනවත් ආදරේවත් අඩු කරන්නේ නෑ..මම දුර යන්න ශේන් ඔයාව හම්බවෙන්නම් එක පාරක් තුරුල් වෙලා ඉදලා යන්න කියලා කිව්ව වචන ටික තාම කන අස්සේ .... කවී අයියේ .. උඹ හැමදාම ඇහුව නේ නමක් මම ආදරේට කියපු නම තමයි හිමන්දරා .. ඒක ඉමදරා වගේ නමක් තමයි තේරුමක් නැති ඒත් එයා ආස කලා හිම වලට හැමදාම ඒ නිසා මම ආදරේට මතක් කලේ හිමන්දරා කියලා... හේතුවක් නැතුව දාපු නමක්..හිමන්දරා කතා කරනවා නම් මට නුහුරු වෙනත් භාශාවකින් කතා කරන්න කියලා කියපු වෙලාවෙ නම් අසරන වුනා..  ආයෙත් දවසක කොහේ හරි තැනකදි  හම්බවෙමු  නැත්නම්  හැමෝටම කලියෙන් මට හම්බ වෙන්න ඕන කියලා හිතනවා




..................

වචන ටිකම හරි අමාරු වුනත් ඉවසීමෙන් ඔලුවට දා ගන්න ඕන් . මේක ජිග්සෝ පසල් එකක් වගේ.. හැම තැනම කතාවෙ කෑලි කෑලි.. ඒවා එකතු කරන් කියවන් එක ශේන් ඔයාගෙ යුතුකම සහ වගකීම..


.කවී.

ටටා..



Monday, May 9, 2022

අදේශකයක සහ සමගාමී සමීකරණ🙄

 දවස් ගනන් ගිහින් හිමීට මතක පොත දිග ඇරගෙන ඉන්න වෙලාවක, මම තනිවුනේ අමුතුම ලෝකෙක. ශෙඩ් එකේ පෝලිමේ ඉන්නකොට, බයික් එකේ වාඩි වෙලා කෙලවරක් නැති ඔලු ගෙඩි දිහා බලන් ඉන්නකොට කම්මැලි කමට වගේ පරන ඩ්‍රයිව් එකට රිංගුවෙ ශේන් එවලා තිබුන ඩයිරියේ පිටු ටිකක් කියවන්න.

කියවන අයම අහනකොට කෝ ශේන් මැරිලද, ඇයි දැන් ශේන් නැත්තේ කියලා, වෙන මොනවා කරන්නද පරන ඩයිරියේ ඌ ලියලා තියෙන විකාර ටිකක් අරගෙන පිලිවලට ලියනවා මිසක්.

...........

අප්‍රේල් 18 බදාදා 200XX

ෆෝන් එක රින්ග් වෙන්නේ ජීව්තේ මොහොතක් ගෙවිලා නෑ වගේ. හැමදාම කියනවා වගේ උඹ තව ටිකක් කලියෙන් හම්බවෙලා තිබුනා නම් කියලා හිතුනා.

ගැලරියේ තියෙන ඒ life time Favourite ෆොටෝ ටික දිහා බලාගෙන මම කල්පනා කලා ඇයි ඒ මූන එතරම් මගේ හිතට වැදුනෙ කියලා, කොහොම හරි ඒ මොහොත ගෙවෙනකොටම ඇහුවා උඹත් ඇයි ඒ සේරම තියාගෙන ඉන්නේ.. මම ඒ ප්‍රශ්නෙට කොහොම උත්තර දෙන්නද? ඒ එක්කම පරන පුරුදු විදිහට මට කියවුනා මම ආදරය කරන බව. පුරුදු විදිහටම ප්‍රශ්න කිහිපයක් මගෙන් උඹ ඇහුවේ හරිම ඉකමනින්. 

ශේන් අයියේ ඔයා ඕවා තියන් හිටියා කියලා මාව ලැබෙනවා මගේ ආදරේ ලැබෙයි  කියලා හිතන් ඉන්නවද..

නෑ ඒක මම දන්නවා ඒක නොවෙන්න පලුවන් ඒත් මට දැනෙන ඉර්ශ්‍යාව, කවද හරි උඹව දකින්නවත් නැති වෙන තැනකට ගියොත් හිත හදා ගන්න විදිහක් තියෙන්න ඕන.

ඉතින් ශේන් අයියේ එහෙම වෙයි නේ!.

ඔව් ඉතින් ගොඩක් දුරට වෙන්න තියෙන්නේ ඒක වෙන්නැති. හැමදාම වගේ කියන්න තියෙන්නේ මට උබ්ඹව තව ටිකක් කලින් මුනගැහෙනන්න තිබුන. ඔය මූන පුදුම අස් වැසිල්ලක් වගේ දැනෙනවා මට නම්. ඔය වගේ ලස්සන හිනාවක් තියෙන කෙනෙක් මට නැති වුනහම කලකිරීමක් දැනෙයි ඒකයි.

එතකොට ශේන් අයියේ ඔයාට එහෙම දැනිලා තියෙනේ මං ගැන විතරද?

ඔව් කියලා මට බොරු කියන්න බෑ නේ. මම කියලා තියෙනවා මගේ ජීව්තේට ආපු නංගි වගේම කෙනෙක් ගැන.

ශේන් අයියේ. එයාගේ ෆොටෝ එකක් නැද්ද..ඔයා ඔය මන් වගේ කියන කෙනා ගැන.?

ඉන්න බලන්න කියලා, මං ගාව ඉතුරු වෙලා තිබුනු අන්තිම ෆොටෝ දෙක මම යැව්වා. ඔව් නංගි ඔයාගේ ෆොටෝස් මං ළඟ ගොඩක් තිබුනට, ජීවිතේ ඒ විදිහට කනපිට පෙරලපු කෙනාගේ ෆොටෝ  සේරම අයින් කරලා කරලා ආපු කෙන්තියට ඩිලිට් කරලා අන්තිමේ ඉතුරු වුණෙ දෙකයි.

හ්ම්, ශේන් අයියේ.. මේ ළමයා වැඩිය මන් වගේ නෙමේ හැබැයි අපේ ස්කූල් එකේ ශෙහානි කියලා ගෑනු ළමයෙක් ඉන්නවා මෙයා වගේම.

වෙන්ණැති නංගි , ඒත් මට දැක්ක ගමන් ආදරේ හිතෙන එකක් නම් නැහැ. ඒක් මම හොදටම දන්නවා.

කොහොම හරි ශේන් අයියේ, ඔයාට මාව ආදේශකයක් විතරයි නේද?  ඔයාගේ දුක තුනී කර ගන්න.

නැහැ ආදේශක නම් හොයාගන්න තිබුනා සෑහෙන්න. නංංගි එහෙම නෑ. මේකත් ඒ වගේ එක පාර දැනුම දෙයක්. එක පාර දැනුන දෙයක්, මාව මැරි මැරී උපද්දවන පුලුවන් හැඟීමක්. උඹව අයිති කරගන්න බෑ කියන එක. ඒ වගේම ඒ කෙනා ගාව නැති පුදුම කොලිටීස් වගයක් නංගි ගාව තියෙන්නේ. ඔය තරම් ඊපන් කෙනෙක් මා හම්බවෙලා නැහැ මෙහෙම කතා කරන්න. මෙහෙම හිතට එන දේ බය නැතුව කියන්න පුලුවන්. කොටින්ම ආදරේ දැනුන වෙලාවට අයිතියක් නැති වුනත් ආදරේ දැනුන කියන්න පුලුවන්.

එහෙම තම්‍යි  අයියේ අක්කලා නංගිලා වුනත් එකම අම්මගේ දරුවෝ වුනත් වෙනස් වෙනවා. දැන් බලන්න ඔයගේ ෆැමිලි එකේ   ඔයායි මල්ලී වගේ කෙනෙක් ඩීසන්ට් අනික් කෙනා අමුතුයි.

දැන් නංගි කියන්නේ මගේ මල්ලි ඩීසන්ට් කියලද🙄

අපෝ නෑ ශේන් අයියේ මම කියන්නේ ඔයා!

හිතට දැනුන බර ඊර්ශ්‍යාවක් තඩි කුට්ටියක්  ඒ ක්ශනිකව නැති වෙලා ගියා. කවුරුත් කැමැති වෙන එකක් නැති වෙයි ආදරය දැනුනු කෙනෙක් ගේ කටින් තවත් කෙනෙක් ගැන වර්ණනා අහන්න. 

කොහොම හරි නංගි ඔයා අමතක කරලා දාලා ගොඩක් දුරකට ගියත්, මම කවුද කියලා අමතක වෙන දවසකට ඇවිදගෙන ගියත්. ඔයාගේ ලස්සන හිනාව, ඒ නැවිච්ච තොල් තියෙන , මිරිකලා හපන්න හිතෙන කම්මුල්  තියෙන, , නිකමට අත ඇල්ලුවත් ඒ මොහොත මට සෑහෙන්න වටින ඔයාගේ ඒ ලසනම් ෆොටෝ ටික හැමදාම මගේ ළඟ තියෙයි. හැමදාම මහ පාන්දරක ඕපන් කරලා බලයි.. මගේ ඒක පාර්ශවික ආදරය ගැන දුකක් එක්ක සතුටු වෙයි. ඒත් මම හැමදාම උඹට ආදරේ කරයි. මොකද මම දන්නවා උඹට ආයෙත් ආදේශක නෑ මේ ලෝකේ🙄.

ඉශ්ට කරන්න බැරි වුනු පොරොන්දුවක් තියෙනවා ඒක මේ උපන් දිනයට අලින් හරි අමා නංගිට ඉශ්ට කරලා දෙන්නම්! ආසයි කියපු  ලස්සන ගඟට යන පාර පෙන්වන්න එක්කගෙන යන්නම් කොහොම හරි දවසක. ඒ ගැන උඹට අමතකයිද කියන්න දන්නේ නෑ .. ඒත මට ඒ පොරොන්දුව අමතක කරන්න බැහැ.. අකමැත්තක නැත්නම් මම උබව ආදරෙන් එක්කන් යන්නම්, පරිස්සමෙන් ගෙනිහින් පරිස්සමට ගෙනත් ඇරලවන්නම්..අඩු ගානේ උඹ එක්ක විනාඩි ගානක් ඇවිදගෙන යන්න පුලුවන්..මොකද එකම එක පාරක් මා එක්ක ආපු මොහොතත් ගෙදරට ඇරලවපු පුන්ව්ම.කාලයත්,   මට සෑහෙන්න වටිනවා, මම ඒ උණුසුමට කැමතියි. හැමදාම වගේ.

කවමදාක හරි   දවසක යන්න වුනාට, තව කෙනෙක් ගේ වුනාට කමක් නෑ  . මටත් චුට්ම තැනක් තියලා තියන්ම ඔය හිතේ. මට දුකයි, ලෝබයි උඹ මට නැති වෙනවා කියන්න. නිල්පාට සාරියක් ඇදගෙන ඉන්න ෆොටෝ එකයි අර ශෝල්ඩර් එකෙන් පහලට ලිස්සලා එන ගවුමයි ඇදන් ඉන්න ෆොටෝ ටික  දිහා බල බල මම මේකත් ඩයිරියේ ලියන්නෙ.



 ආයෙත් කියන්නම් උඹ නැති වුනත් මම උඹට ආදරෙයි

.................................................................

තෙල් පෝලිමේ අගටම ඇවිත් මම ශේන් ගේ ඩයිරියේ විකාර සිතුවිලි ලිහ ලිහා ටයිප් කරන අතරතුර, තව එකෙන් පෝලිම පැනලා අන්තිම පෙට්ට්‍රල් ටික ඌ ගහගෙන ගියා. 

ජිවිතෙත් ඒ වගේ තමා ශේන් මල්ලි. වෙනද වගේම කියවලා මට කියපන් මම ඔතන අදහස් කලේ ඕක නෙමේ මේක නෙමේ ගගා. මම විශ්වාස් කරන්නේ නෑ.

ටටා..

තෙල් පෝලිමේ සිට..කවී...

.

Wednesday, April 13, 2022

තද ගවුමක් මතකයන් ඇවිස්සීම හා සිතුවිලි පමණක් අවදි වීම

 අප්‍රේල් 13

ගොඩක් වෙලාවට මගේ කතාව පටන් ගන්නේ , ඇත්ටටම " මිනිස්සු" ජීවිතේ " වගේ වචන ටිකකින්. ඒවාත් බොහොමයක් අනිත් මිනිස්සුන්ගේ ජීවිත කතා එක්ක බැදුනු ඒවා. ඒත් සමහර අවස්තාවල මගේ ඇතුලාන්තයත් ඒ වගේම එලියට එනවා කියලා හිතෙනවා. ඒක හැමදාම කියනවා වගේ යාලුවෝ දකින කතා කරන අයගේ හැඟීම් සම්ම්‍ර්ශනයක්.

හැමෝගෙම ජීවිත දිහා බලනකොට අවුරුදු කියන්නේ හැමදාම සතුටු  පිරුනු දෙයක්.ඒත් සමහර තැන් වලදි තියෙන්නේ අවුරුද්ද වෙනුවට අරක්කු බෝතලේට යට වුනු ගෘහ මුලිකයගේ නාට්‍ය දර්ශන බලන එක. අවුරුද්දට ළමයින්ට ඇදුම් ගන්න බැරි වුනු එකේ දුකට ඇදුම් වලට යන විදදම වියදම් කරලා ගත්ත අරක්කු බෝතලේ රස බලන ගෘහ මුලිකයෙක් කියන්නේ හරිම සුභ දර්ශනයක්. අවුරුදු විසි ගානක් තිස්සේ දකින ච්ත්‍ර වලට පොඩි අස්වැසිල්ලක් වුනේ ලඟින්ම හිටපු හැම දේම දන්න යාලුවෝ කීප දෙනෙක් විතරයි.

එදා ඉදන් අද වෙනකන් අම්මා කියන වචනයට තියෙනේ   ගවුරවයක් , ආදරයක්.  ඒක නිකම්ම වචනයක් නෙමේ කියලා මම අත් විදලා තියෙන නිසා.

පොඩි කාලෙ ඉදන්ම ගෙදර කාමරේ කෙලවරේ බිත්තියට හේත්තු වෙලා තිබුමු සින්ගර් මහන මැශිම යට පාගන කොටස තියෙන ඉඩ ටික මම තනිකම විදින ස්ථානය වුනා. මැශින් එකේ උඩ ඉදන් බෙඩ් ශීට් එකක් පහල එල්ලෙන්න එලුවම ඒක හරිම නිශ්ශබ්ද කලුවර කූඩාරමක්.  ඒ පහල කෑල්ලේ මැහෙන පැත්තේ කකුල් වලට පුටු කොට්ටයක් තියලා හේට්තු වුනාම ඉස්සරහා තිබුනේ මැශිමේ කැරකෙන ලොකු රෝදේ.! ඒකත් නූලෙන් පැන්නුවම , මම හිටියේ නැවක සුක්කානමක අත තියා ගත්ත කැප්ටන් කෙනෙක් වගේ ( අඩු ගානේ එහෙම හිතුන)  , කෙනෙක්ට හිතෙන්න පුලුවන්  ඒක ඇයි නැවක් වුනේ , කාර් එක්ක බස් එකක් ඔන දෙයක් වෙන්න පුලුවන් ඕන කෙනෙක්ට කියලා. හේතුව නම් අර ලොකු රෝදේ සුක්කානම වගේ කරකවනකොට එහෙට මෙහෙට මම වාඩි වෙලා ඉන්න පාගන පෙඩල් එක එහෙට මෙහෙට පැඩ්දෙනවා. ඉතින් ඒ වගේ පැද්දිමක් එන්නේ නැවක වෙන්න ඕන නිසා මම ඒක එහෙම හිතා ගත්තා. කළුවරේ මං පාරක දාගෙන ඉදලා ඇති වුනාම ආපහු එලියට ඇවිත් මහන මැශිම වටේ තියෙන ලෑල්ල මගේ රේසින් ට්‍රැක් එක නැත්නම මහා මාර්ගය වෙනවා. අම්ම අරන් දීලා තිබුනු පාට පහේ චූටි අගල එකාමාරක් විතර දිග කාර් පහ තියාගෙන මම ඒක උඩ කරපු ත්‍රාශජනක ෆිල්ම් ස්ක්‍රිප්ට් ජේම්ස් කැමරන් දැක්කනම් අනිවා මාව උස්සන් යනවා. වර්තමානයේ සිට කාර් අතුරුදහන් වෙන සයි ෆයි ෆිල්ම් දක්වා මම මග දියුණු කලා. මහන් මැශිමේ බොබින් එක මාරු කරන්න අරින්න තියෙන පොඩි පියන ලඟදි තමා එක පාරට මේ වාහන අතුරුදහන් වුනේ 😋.

කාලයත් එක්කම මගේ නිහඩතාවයට ආදරය කරන එක වැඩි වෙන්න වැඩි වෙන්න. මම මගේ කල්පනා කරන ස්තාන වෙනස් කරන්න ගත්තා. අපූරු දේවල් හිතේ මවා ගන්න හොදම තැන් වුනේ ඇද යට, කබඩ් එකේ උඩ , නැත්නම් අලි පේර ගහේ උඩ අතු දෙකක ලනු දාලා හදපු පොඩි ලනු ඈද වගේ තැන්. මේ සේරම තැන් වල එක විශේශයක් තිබුනා. ඒ තමා අනිත් මිනිස්සුන්ට නොදැනෙන්න ඒ මිනිස්සුන්ගේ හැසිරීම බලා ගන්න පූලුවන් එක. අලි පේර ගහේ ඉඩ අත්තේ ඉදන් පාර දිගේ යන එන මිනිස්සු දිහා බලන් ඉන්න එක මේකේ උච්චතම අවස්තාවක්. මිනිස්සුන්ගේ හැසිරීම ගැන ගොඩක් දේවල් ඒකෙන් ඉගෙන ගන්න ඇති මම නම්.

කාලය කියනෙම අපිට අදාල ඒත් හෙන අවුල් දෙයක්. වෙලාවකට කාලය ඉස්සරහට ගියානම් හොදයි හිතෙනවා ආයෙත් තැනකදි කාලය ආපස්සට ගියා නම් හිතෙනවා.

සමහර මිනිස්සු හමු නොවුන නම් කියලා හිතෙනකොට, තවත් පිරිසක් අනේ තව ටිකක් කලින් ජීවිතේට ආවනම් හොදයි කියලා හිතෙනවා. සමහර තැන වලදි ආදරේ තියාගෙන වෙනම ගමනක් යනවා. ඒත් අමතක කරන්න බැරි මතකයන් එක්ක.

                >>>>>>>>((((((((()))))))))<<<<<<<<

ශේන්ටත් අවුරුදු තියෙනවද දන්නේ නෑ. අනේ මන්දා.. හැපි නිව් ඉයර්! අහ් නෑ සුබ අලුත් අවුරුදක් වේවා මල්ලී. කියලා දාපු මැසේජ් එකට හැරෙන තැපෑලෙන් රිපලයි එනේ ඌ බලන් හිටියා වගේ.

මේ අලුත් අවුරුද්ද හොද ඇති අයියේ! මට නැති වෙයි, මාව අමතක වෙයි කියලා හිතපු අය මගේ ලඟම.ඉන්නවා ඒ වගේම එයාලටත් අමතක නෑ කියලා කියනවා 🖤 ඉතින් ඊට එහා දෙයක් මට ඕන නෑ අයියේ. පන්තියේ ටියුට් රූම් එකෙදී දුන්නු කිස් එක තාමත් මතක් වෙනවා🙄.. ඒ වගේම ඒක තවත් හීනයක් විතරයි කියලත් දැනෙනවා.. ගවුමක් ඇන්දම තියෙන ලස්සන ගැන විස්තරාතමකව ඕන වෙන එකක් නෑ මගේ හිතේ. හැමදාම වගේ මට පෙන්නේ ලස්සනට, හැමදාම මට දැනෙන්නේ ලෝභ කමක්, ඊර්ෂ්‍යාවක් ඒ වගේම ආසවක් ඒ ලස්සනට හිනාවෙන නිකට ගාව චුටි කැපුමක් වගේ හිනා වෙනකොට එන වල ගාව චුටි හාදුවක් තියා ගන්න බැරි වූනු එකට. 




අයියේ පිලි ගනිං මම තාම වීදවනවා ඒ දේ ගැන කල්පනා කර කර. අයිතියක් නැති වුනත් කලබල වෙනවා හිත , පරිස්සමෙන් ගිහිං ඇති නේද, පරිස්සමෙන් යන්න ඇති නේද කියලා හිතාලා. ප්‍රශ්නයක් නැතුව ඉන්නවා කියලා ඒ කට හඩින්ම් ඇහුණාම හිත යතා තත්වයට පත් වෙන්න හේතුව මම තාම හොයනවා කවි අයියේ! උඹ වරෙන් දවසක මම ඇදලා තියෙන චිත්‍ර ගොඩ පෙන්වන්න. උඹත් කියාවි ඒ හිනාව ලස්සනයි කියලා. ඒක පාර්ශවික ආදරය බොහෝම වේදනාකාරී දෙයක්!🙄

මේ ලැබුනු කෙටි පනිවිඩයක් 

" You know that girl moved on , it's true but she'll never gonna froget that one"  and shane i think that boy has already frogotten her"am i right?

........................

සිතුවිලි පමණක් අවදි වෙලා! 

.කවී.

Saturday, April 9, 2022

වැස්ස, බැල්කනිය හා ආදරය

 මිනිස්සු කතා කියන්න කැමති, නැත්නම්.කතා අහන් ඉන්න කැමතියි. වේදනාවක් , ඒත් දීර්ග කාලීන  වේදනාවක් හිත් බිදීමක් ආදරයක් හංගගෙන විදවන්න මේ ජීවිතය කෙටි වැඩී . ඒක උඹලා විශ්වාස නොකලත් මම විශ්වාස කරනවා . 


කාටවත් නොතේරෙන විදිහට ලියවුනු හොදම යාලුවා ශේන්ගේ ඩයිරියත් ඒ වගේ. අනිත් අය කියවන්න දෙන්න අක්මැති වුනත් ඌ කැමැත්තෙන්ම මට දීලා යන්නේ ආ කවී අයියේ උඹ මොනා හරි අදහසක් ආවොත් මට කියපන් කියලා.

වෙනදා වගේම අප්‍රේල් මාසෙ එක දවසක අතරමැද පිටු අස්සෙන් එබිකම් කලා මම..

අප්‍රේල් 8 සිකුරාදා 

මොනම විදිහකින් වත් හිතා ගන්න බැරිම වුනු තැන්වලදි  මූන දිහා බලලා හිනා වෙලා ඉන්නවා, තත්පර ගනන් වලදි ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ සහ ආපහු හිතන්න සලස්වන්නේ කොහොමද කියල. නොකිව්වට සීතල බලන්න තවත් කෙනෙක් ගේ අතක් ඒ අත් වලින් අල්ලනකොට මට දැනෙන්නේ පරාජිත හැඟීමක්ද නැත්නම් ඉර්ශ්‍යාවක් වත් කියල බෙදා ගන්න බැරි තැනකට ඇවිත්. හැම තැනම ඇදන් ඉන්න ඇදුමට යටින් බලන්න ගන්න උත්සහාය ආදරය කියලා හිතෙන ජීවිතයක., මට ආදරේ දැනෙන්නේ ඔහේ ඔලුව වන වන හිනාවෙන් උඹේ මූනටයි. එහෙමත් නැත්නම් පොඩි ළමයෙක් වගේ විකාර සද්ද කර කර කරන දඟකාර වැඩ්ක් වෙන්නත් පුලුවන්. ඇත්තටමඋඹ උඹගේ ජීවිතයටම නපුරුයි කියා ගත්තට ඒ වැඩ අස්සෙන් මම දකින්නේ හරිම හුරතලයක් , දැනෙන්ආනේ පුදුම ආදරයක්,  ඒත් ජීවිතය කියන්නෙම පුදුමාකාර දෙයක් . කහ නිල්  පාට වැටුන ගවුමක් තවත් ලස්සනට පේන එක මගේ අවුලක් වෙන්නත් බැරි නෑ .  මම ආසම ඇදුමක් නොදන්න ගානට ඇයි දැන් ඒක නැද්ද ඇහුවම  උත්තරයක්  විදිහට ලැබෙන්නේ **අහ් ඒකද ? ඒක දැන් හිරයි කියන එක . ඒ කියන්නේ මම මහත් වෙලා කියන එක ,,*** .. ඒත්e එකඅ හරි ගස්සන්න ඕන මහත් වෙලා නෙමේ උඹ තවත් ලස්සන වෙලා කියන එක . 

ජිවිතේ කැරකිලා එන්නේ පුදුම විදිහට හැමදාම ඒ මූන දකින්න ඇත්නම් කියලා හිතුන වාර අනනතයි වගේම ඒ හීනයක් විදිහට දැන් උබ මගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න එක ගැන හිත කොහේ හරි තැනකින් සතුටු වෙනවා කියලා නම්  මම දන්නවා . අයිතියක්ක් කියා ගන්න බැරි දේකට ආදරේ කරහම එන ඊර්ෂ්‍යාව ගැන මම තව දුරටත් හිතනවා, ලගටම ආව එක ගැන සතුටු වෙනකොට තවත් ලගටම කරගන්න බැරි වුනු එක ගැන දුක් වෙනවා 


වෙලාවකට ඇත්තටම  ජීවිතේ ගැන පුදුම හිතෙනවා. ඔය නැවතිලා ඉන්න තැන ඉදන් මගේ දිහා බලන්කොට උඹට මොන වගේ හිතෙනව ඇත්ද? හැඟීම් හංගන්න බැරි මම උඹ ඉස්සරහ අසරණ වුනාම මම කරන්නේ මහ වැස්සෙ වුනත් බැල්කනියට දුවගෙන යන එක. එලිය බලන් ඉන්න එක. වැස්සයි උඹයි දෙකම එකයි..එක පාරටම කඩාගෙන වැටෙනවා හිත සීතල කරගෙන. අහිමි වුනත් හැම මොහොතකටම ආදරෙයි. ආයෙ වෑස්ස දවසකට ඒ පඩි පේලි ටික නැගලා අපිත් යමු බලන් ඉන්න. උඹට පුලුවන් වැස්ස දිහා බලන් ඉන්න මට පූලුවන් මම ආදරේ කරන දේවල් දෙකක් දිහා බලන් ඉන්න.එකක් වැස්ස අනික 

උඹ.

............

ඒක ඩයිරියක් නෙමේ රචනා පොතක් 8 වෙනිදා ලියන්න ඉඩ මදි නිසා 9 වෙනිදා 10 වෙනිදා ඒවටත් ගිහින් ලියලා අවසානයේ උඹ තමයි ශේන් මම දැකපු වාසනාවන්තම අවාසනාවන්තයා.


.කවී.

Sunday, March 13, 2022

හිත පෙට්ට්‍රල් , ටූ ඔපන් ටූ ශෝර්ට් සහ වැනිශින් මූඩ් එක

 කතාවක් හැම වෙලාවෙම පටන් ගන්නෙ  හිතා ගන්න නොහැකි තැන්වල , කියාගන්න බැරි වුනු තැන්වල, බෙදා ගන්න බැරි වුනු හිත් වල. 

වෙනස්වුනු අවස්තාවක් ගැන සමහර වෙලාවට තව සෑහෙන්න කාලයක් ගැන කල්පනා කර කර ඉන්න වෙයි , හිතට කොහෙන් හරි එන්නෙ, කොහොම හරි දැනෙන්නේ තව ටිකක කලියෙන් ලැබුන නම් ,අදුන ගන්න ලැබුන නම් කියලා. 

සමහර වෙලාවට වන් ඩ්‍රයිව් එකේ ගැලරි එක පුරාවට තියෙන උඹගෙ ෆොටෝ එකින් එකට ඕපන් කරලා බලන් වෙලාවකට තණමල්විල කැරකිලා එන අඩක් සිසිල් අඩක් උණුසුම් සුළඟ කොලඹ කෙල්ලෙක්ගේ මතකය අරන් එනකොට හිත විනාඩි ගානකට අතරමං වෙන එක කොහොමටවත් නවත්වගන්න බැරි එකට, අයිති නැති නුඹ වග කියන්න ඕන නෑ. තව එවන්න බැරි වුනත් කමක් නෑ, එවන්න කලින් දැන් දෙපාරක් තුන් පාරක් හිතන්න හිතෙනව නම් ඒ කියන්නෙ ඒ තිබුනු විශ්වාසය හරි ආදරේ හරි මොකක් හරි දැන් අඩු වෙලා කියන එක. බල කිරීමක් කරන්න බැරි වුනත්, උඹේ තව එක ෆොටෝ එකක් හරි තවත් එකතු වෙන තරමට පොඩි හරි සැනසීමක් දැනෙයි. හැමදාම කියනවා වගේ කවී අයියේ කොච්චර ඇදුම කොට වුනත් , ඇදුම් නැතුව හිටියත් ඇගේ එලියට නිරාවරණය වෙලා තියෙන ප්‍රති ශතය මෙච්චරයි කියල ගනන් හද හහ ඉන්නවට වඩා ලස්සනක් දකිනව මිසක් , අගය කරනවා මිසක් , ආදරය කරනවා මිසක්  වෙන මොනවා කරන්නද. ඒ අතින් නම් මිනිස්සු තාම පස්සෙන් කවී අයියේ ඉන්නේ. 

ශේන් කියන්නෙම හිතා ගන්න බැරි චරිතයක් කොහෙන් හරි ජීවිතේට කෑලි කෑලි එකතුකර ගන්න එකෙක්. කන බත් කටක් ගානේ බත් එකට කිසිම සම්බ්දයක් නැති දේවල් ගැන බත් එක දිහා බලාගෙම කල්ප්නා කරන කෙනෙක්. අම්මට තාත්තට වුනත් වැනිශින් මූඩ් යූස් කරන එකෙක්. එක ප්‍රශනයකට උත්තර දෙන්න ජීවිතේ වැඩියෙන්ම් ආදර දැනුන කෙනාටත් තියෙන්නේ තතත්පර දහයක් නැත්නම් පහලවක්. කාලය වටිනවද? නෑ අනිත් මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන නිදහස උටත් වටිනව. 

කියන්න දේවල් කොව්චර හිතට ආවත් අමාරුවෙන් පාලනය කරගෙන දාලාතියෙන ෆොටෝ එකකට ස්ටේටස් එකකට හරිම සාමාන්‍ය විදිහට කමෙන් එකක් දෙන තරම හිතන්න වෙලා ! ඇදුම කහ වුනත්, නිල්  පාට  වුනත් හිත නැවතුනේ උඹෙ මූනෙ. මම ආසම උඩට නැවුනු තොල් පෙති අස්සෙ, ලාවට රතුවුනු මත් වෙලා වගේ තියෙන ඇස් ළඟ. උබ කිව්වා වගේම ඇත්තටම මම තාම ජීවිතේ හොයනව කවී අයියේ. ඉස්සරට වඩා වඩා ජීවිතේ ඒකාකාරි වෙලා. මහ රෑට හිතුන ගමන් තණමල්විල වැවේ බන්ට් එක ගාවටවත්, අලි මාරු වෙන තැනක අයිනේ තියෙන අර බාගෙට හිදුනු ඇල ගාවටවත් දැන් යන්න වෙලාවක් නෑ අයියේ. දැන මම දන්නවා ඩිප්ප්‍රෙශන් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. උඹත් දන්නවා ඇති ඒක. එක පාරට ඔලුවෙ කැක්කුමක් එක්ක එන නල්ල රිදෙන එක, ම්ටරේ එක පාරට ට්‍රැක් එකෙන් පනින එක  ඒවා හරිම වේදනා කාරී. ඔළුවෙන් හිටගෙන කිව්වත් මහ රෑ වෙනකන් ඇහැරගෙන ඉන්න උඹේ ඇඩ් රිදෙන්නෙ නැත්නම් මගේ ඇස් රිදෙන්නෙ ඇයි කියල හිතෙනව. ඊටත් වඩා මගේ හිත රිදෙන්නේ ඇයි කියලා මම කල්පනා කරනවා. 

අන්තීමේ උඹ කිව්වා වගේම කරනවා , රිද්දනවා නේද! සමහර විට ඈත් වෙයි , අපි අතර තියෙන කතා බහ අඩු කරලා උබ මාව තවත් එක සාමාන්‍ය කෙනෙක් ගානට දානවා කියන එක. අයිතිය ගැන වද වෙන එක නැවැත්තුවා කිව්වට උඹ ඒ ගැන හැමතිස්සෙම වද වුනා, ඒ වගේම ඒ ජීවිතේ මැදින් ප්‍ර්ශ්න කියන වැට බැඳිලා තිබුනා. 

එත් හැමදාම කියනවා වගේ කවි අයියේ , ආදරේ දැනුනු තැන්වල තාමත් මම ප්‍රකාශ කරනවා, හරිම පරිස්සමට.

අයියේ නරක වචන අයින් කරලා , සංස්කරනය කරලා මේකත් ලියපන්. හැමදාම වගේ අයිතිය නැති වුනාට මැරෙනකන් මම උඹට ආදරේ වේවි. අවුරුදදකින් දෙකකින් උඹේ අයිතිය තව කාට හරි කොලේක ලියලා දුන්නත් එදාටත්  උඹෙන් පිළිතුරක් ලැබෙනකම් ෆෝන් එක බලන් ඉදීවි. කොලඹ කෙල්ලෙක් ලඟ හිත නැවතිලා තියේවි. මම තණමල් විල හිටියත්

........................................................



ඒක ජීවිතේද නැද්ද කියන්න මම දන්නෙ නෑ මල්ලි,  කල්පනා කරන හැමෝටම ඩිප්‍රෙශන් කියන්න බෑ මල්ලි. බලපන් මං දිහා ඒක සෙමට කියලා හිත හදාගෙන ඉසරහට ජීවත් වෙනවා

උබේ ආදර කතාවෙ එකක් අයි ඕ සී පෙට්ට්‍රල් වගේ අනික සිපෙට්කෝ පෙට්ට්‍රල් වගේ , එකක වැලුව් එක වැඩි වෙනකොට අනික් එකෙත් වැඩි වෙනවා ටක් ගාලා. ඒකෙන් නැති වෙනකොට මේකෙන් හරි ගහල ජීවිතේ ගමන්කරන්න ඕන. ඒත් මතක් තියා ගනින්. සබ්බං පාහාය ගමනීයං.. සිල්ල හැරදා කවමදාක හරි යා යුතුය. කියන එක.. ඉස්සර උඹට රුපියක් පන්සීයට ලීටර් හතරක් ලැබුනු ආදරේ පෙට්ට්‍රල් , දැන් අමාරුවෙන පන්සීයට ලීටර් දෙකක්ගහගෙන කොළඹ ගිහින් එන්න වෙන්නෙ. ඒ නිසා තැන් දෙකම වැදගත්, පෙට්ට්‍රල්  92, 95 හැමදේම වැදගත්.. අන්න ඒ විදිහට හිතලා ඔය වැවට පන්නිනේ නැතුව ගෙදර ඇවිත් හිටපන් අඩුම ගානෙ උඹට නැත්තටම නැති ඩීසල් වලට වඩා පෙට්‍රල් තියෙනවා නේ..ශෙඩ් එකට අයිතියක් නැති වුනත් ලැබෙන වෙලාවෙන් හිත ෆුල් ටෑන්ක් කර ගනින්.

ස්තූතියි නැවත එන්න.. 

ටටා .. බායි.. 

කවියා.

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...