Saturday, April 9, 2022

වැස්ස, බැල්කනිය හා ආදරය

 මිනිස්සු කතා කියන්න කැමති, නැත්නම්.කතා අහන් ඉන්න කැමතියි. වේදනාවක් , ඒත් දීර්ග කාලීන  වේදනාවක් හිත් බිදීමක් ආදරයක් හංගගෙන විදවන්න මේ ජීවිතය කෙටි වැඩී . ඒක උඹලා විශ්වාස නොකලත් මම විශ්වාස කරනවා . 


කාටවත් නොතේරෙන විදිහට ලියවුනු හොදම යාලුවා ශේන්ගේ ඩයිරියත් ඒ වගේ. අනිත් අය කියවන්න දෙන්න අක්මැති වුනත් ඌ කැමැත්තෙන්ම මට දීලා යන්නේ ආ කවී අයියේ උඹ මොනා හරි අදහසක් ආවොත් මට කියපන් කියලා.

වෙනදා වගේම අප්‍රේල් මාසෙ එක දවසක අතරමැද පිටු අස්සෙන් එබිකම් කලා මම..

අප්‍රේල් 8 සිකුරාදා 

මොනම විදිහකින් වත් හිතා ගන්න බැරිම වුනු තැන්වලදි  මූන දිහා බලලා හිනා වෙලා ඉන්නවා, තත්පර ගනන් වලදි ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ සහ ආපහු හිතන්න සලස්වන්නේ කොහොමද කියල. නොකිව්වට සීතල බලන්න තවත් කෙනෙක් ගේ අතක් ඒ අත් වලින් අල්ලනකොට මට දැනෙන්නේ පරාජිත හැඟීමක්ද නැත්නම් ඉර්ශ්‍යාවක් වත් කියල බෙදා ගන්න බැරි තැනකට ඇවිත්. හැම තැනම ඇදන් ඉන්න ඇදුමට යටින් බලන්න ගන්න උත්සහාය ආදරය කියලා හිතෙන ජීවිතයක., මට ආදරේ දැනෙන්නේ ඔහේ ඔලුව වන වන හිනාවෙන් උඹේ මූනටයි. එහෙමත් නැත්නම් පොඩි ළමයෙක් වගේ විකාර සද්ද කර කර කරන දඟකාර වැඩ්ක් වෙන්නත් පුලුවන්. ඇත්තටමඋඹ උඹගේ ජීවිතයටම නපුරුයි කියා ගත්තට ඒ වැඩ අස්සෙන් මම දකින්නේ හරිම හුරතලයක් , දැනෙන්ආනේ පුදුම ආදරයක්,  ඒත් ජීවිතය කියන්නෙම පුදුමාකාර දෙයක් . කහ නිල්  පාට වැටුන ගවුමක් තවත් ලස්සනට පේන එක මගේ අවුලක් වෙන්නත් බැරි නෑ .  මම ආසම ඇදුමක් නොදන්න ගානට ඇයි දැන් ඒක නැද්ද ඇහුවම  උත්තරයක්  විදිහට ලැබෙන්නේ **අහ් ඒකද ? ඒක දැන් හිරයි කියන එක . ඒ කියන්නේ මම මහත් වෙලා කියන එක ,,*** .. ඒත්e එකඅ හරි ගස්සන්න ඕන මහත් වෙලා නෙමේ උඹ තවත් ලස්සන වෙලා කියන එක . 

ජිවිතේ කැරකිලා එන්නේ පුදුම විදිහට හැමදාම ඒ මූන දකින්න ඇත්නම් කියලා හිතුන වාර අනනතයි වගේම ඒ හීනයක් විදිහට දැන් උබ මගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න එක ගැන හිත කොහේ හරි තැනකින් සතුටු වෙනවා කියලා නම්  මම දන්නවා . අයිතියක්ක් කියා ගන්න බැරි දේකට ආදරේ කරහම එන ඊර්ෂ්‍යාව ගැන මම තව දුරටත් හිතනවා, ලගටම ආව එක ගැන සතුටු වෙනකොට තවත් ලගටම කරගන්න බැරි වුනු එක ගැන දුක් වෙනවා 


වෙලාවකට ඇත්තටම  ජීවිතේ ගැන පුදුම හිතෙනවා. ඔය නැවතිලා ඉන්න තැන ඉදන් මගේ දිහා බලන්කොට උඹට මොන වගේ හිතෙනව ඇත්ද? හැඟීම් හංගන්න බැරි මම උඹ ඉස්සරහ අසරණ වුනාම මම කරන්නේ මහ වැස්සෙ වුනත් බැල්කනියට දුවගෙන යන එක. එලිය බලන් ඉන්න එක. වැස්සයි උඹයි දෙකම එකයි..එක පාරටම කඩාගෙන වැටෙනවා හිත සීතල කරගෙන. අහිමි වුනත් හැම මොහොතකටම ආදරෙයි. ආයෙ වෑස්ස දවසකට ඒ පඩි පේලි ටික නැගලා අපිත් යමු බලන් ඉන්න. උඹට පුලුවන් වැස්ස දිහා බලන් ඉන්න මට පූලුවන් මම ආදරේ කරන දේවල් දෙකක් දිහා බලන් ඉන්න.එකක් වැස්ස අනික 

උඹ.

............

ඒක ඩයිරියක් නෙමේ රචනා පොතක් 8 වෙනිදා ලියන්න ඉඩ මදි නිසා 9 වෙනිදා 10 වෙනිදා ඒවටත් ගිහින් ලියලා අවසානයේ උඹ තමයි ශේන් මම දැකපු වාසනාවන්තම අවාසනාවන්තයා.


.කවී.

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...