අප්‍රේල් 13
ගොඩක් වෙලාවට මගේ කතාව පටන් ගන්නේ , ඇත්ටටම " මිනිස්සු" ජීවිතේ " වගේ වචන ටිකකින්. ඒවාත් බොහොමයක් අනිත් මිනිස්සුන්ගේ ජීවිත කතා එක්ක බැදුනු ඒවා. ඒත් සමහර අවස්තාවල මගේ ඇතුලාන්තයත් ඒ වගේම එලියට එනවා කියලා හිතෙනවා. ඒක හැමදාම කියනවා වගේ යාලුවෝ දකින කතා කරන අයගේ හැඟීම් සම්ම්ර්ශනයක්.
හැමෝගෙම ජීවිත දිහා බලනකොට අවුරුදු කියන්නේ හැමදාම සතුටු පිරුනු දෙයක්.ඒත් සමහර තැන් වලදි තියෙන්නේ අවුරුද්ද වෙනුවට අරක්කු බෝතලේට යට වුනු ගෘහ මුලිකයගේ නාට්‍ය දර්ශන බලන එක. අවුරුද්දට ළමයින්ට ඇදුම් ගන්න බැරි වුනු එකේ දුකට ඇදුම් වලට යන විදදම වියදම් කරලා ගත්ත අරක්කු බෝතලේ රස බලන ගෘහ මුලිකයෙක් කියන්නේ හරිම සුභ දර්ශනයක්. අවුරුදු විසි ගානක් තිස්සේ දකින ච්ත්‍ර වලට පොඩි අස්වැසිල්ලක් වුනේ ලඟින්ම හිටපු හැම දේම දන්න යාලුවෝ කීප දෙනෙක් විතරයි.
එදා ඉදන් අද වෙනකන් අම්මා කියන වචනයට තියෙනේ ගවුරවයක් , ආදරයක්. ඒක නිකම්ම වචනයක් නෙමේ කියලා මම අත් විදලා තියෙන නිසා.
පොඩි කාලෙ ඉදන්ම ගෙදර කාමරේ කෙලවරේ බිත්තියට හේත්තු වෙලා තිබුමු සින්ගර් මහන මැශිම යට පාගන කොටස තියෙන ඉඩ ටික මම තනිකම විදින ස්ථානය වුනා. මැශින් එකේ උඩ ඉදන් බෙඩ් ශීට් එකක් පහල එල්ලෙන්න එලුවම ඒක හරිම නිශ්ශබ්ද කලුවර කූඩාරමක්. ඒ පහල කෑල්ලේ මැහෙන පැත්තේ කකුල් වලට පුටු කොට්ටයක් තියලා හේට්තු වුනාම ඉස්සරහා තිබුනේ මැශිමේ කැරකෙන ලොකු රෝදේ.! ඒකත් නූලෙන් පැන්නුවම , මම හිටියේ නැවක සුක්කානමක අත තියා ගත්ත කැප්ටන් කෙනෙක් වගේ ( අඩු ගානේ එහෙම හිතුන) , කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක ඇයි නැවක් වුනේ , කාර් එක්ක බස් එකක් ඔන දෙයක් වෙන්න පුලුවන් ඕන කෙනෙක්ට කියලා. හේතුව නම් අර ලොකු රෝදේ සුක්කානම වගේ කරකවනකොට එහෙට මෙහෙට මම වාඩි වෙලා ඉන්න පාගන පෙඩල් එක එහෙට මෙහෙට පැඩ්දෙනවා. ඉතින් ඒ වගේ පැද්දිමක් එන්නේ නැවක වෙන්න ඕන නිසා මම ඒක එහෙම හිතා ගත්තා. කළුවරේ මං පාරක දාගෙන ඉදලා ඇති වුනාම ආපහු එලියට ඇවිත් මහන මැශිම වටේ තියෙන ලෑල්ල මගේ රේසින් ට්‍රැක් එක නැත්නම මහා මාර්ගය වෙනවා. අම්ම අරන් දීලා තිබුනු පාට පහේ චූටි අගල එකාමාරක් විතර දිග කාර් පහ තියාගෙන මම ඒක උඩ කරපු ත්‍රාශජනක ෆිල්ම් ස්ක්‍රිප්ට් ජේම්ස් කැමරන් දැක්කනම් අනිවා මාව උස්සන් යනවා. වර්තමානයේ සිට කාර් අතුරුදහන් වෙන සයි ෆයි ෆිල්ම් දක්වා මම මග දියුණු කලා. මහන් මැශිමේ බොබින් එක මාරු කරන්න අරින්න තියෙන පොඩි පියන ලඟදි තමා එක පාරට මේ වාහන අතුරුදහන් වුනේ 😋.
කාලයත් එක්කම මගේ නිහඩතාවයට ආදරය කරන එක වැඩි වෙන්න වැඩි වෙන්න. මම මගේ කල්පනා කරන ස්තාන වෙනස් කරන්න ගත්තා. අපූරු දේවල් හිතේ මවා ගන්න හොදම තැන් වුනේ ඇද යට, කබඩ් එකේ උඩ , නැත්නම් අලි පේර ගහේ උඩ අතු දෙකක ලනු දාලා හදපු පොඩි ලනු ඈද වගේ තැන්. මේ සේරම තැන් වල එක විශේශයක් තිබුනා. ඒ තමා අනිත් මිනිස්සුන්ට නොදැනෙන්න ඒ මිනිස්සුන්ගේ හැසිරීම බලා ගන්න පූලුවන් එක. අලි පේර ගහේ ඉඩ අත්තේ ඉදන් පාර දිගේ යන එන මිනිස්සු දිහා බලන් ඉන්න එක මේකේ උච්චතම අවස්තාවක්. මිනිස්සුන්ගේ හැසිරීම ගැන ගොඩක් දේවල් ඒකෙන් ඉගෙන ගන්න ඇති මම නම්.
කාලය කියනෙම අපිට අදාල ඒත් හෙන අවුල් දෙයක්. වෙලාවකට කාලය ඉස්සරහට ගියානම් හොදයි හිතෙනවා ආයෙත් තැනකදි කාලය ආපස්සට ගියා නම් හිතෙනවා.
සමහර මිනිස්සු හමු නොවුන නම් කියලා හිතෙනකොට, තවත් පිරිසක් අනේ තව ටිකක් කලින් ජීවිතේට ආවනම් හොදයි කියලා හිතෙනවා. සමහර තැන වලදි ආදරේ තියාගෙන වෙනම ගමනක් යනවා. ඒත් අමතක කරන්න බැරි මතකයන් එක්ක.
>>>>>>>>((((((((()))))))))<<<<<<<<
ශේන්ටත් අවුරුදු තියෙනවද දන්නේ නෑ. අනේ මන්දා.. හැපි නිව් ඉයර්! අහ් නෑ සුබ අලුත් අවුරුදක් වේවා මල්ලී. කියලා දාපු මැසේජ් එකට හැරෙන තැපෑලෙන් රිපලයි එනේ ඌ බලන් හිටියා වගේ.
මේ අලුත් අවුරුද්ද හොද ඇති අයියේ! මට නැති වෙයි, මාව අමතක වෙයි කියලා හිතපු අය මගේ ලඟම.ඉන්නවා ඒ වගේම එයාලටත් අමතක නෑ කියලා කියනවා 🖤 ඉතින් ඊට එහා දෙයක් මට ඕන නෑ අයියේ. පන්තියේ ටියුට් රූම් එකෙදී දුන්නු කිස් එක තාමත් මතක් වෙනවා🙄.. ඒ වගේම ඒක තවත් හීනයක් විතරයි කියලත් දැනෙනවා.. ගවුමක් ඇන්දම තියෙන ලස්සන ගැන විස්තරාතමකව ඕන වෙන එකක් නෑ මගේ හිතේ. හැමදාම වගේ මට පෙන්නේ ලස්සනට, හැමදාම මට දැනෙන්නේ ලෝභ කමක්, ඊර්ෂ්‍යාවක් ඒ වගේම ආසවක් ඒ ලස්සනට හිනාවෙන නිකට ගාව චුටි කැපුමක් වගේ හිනා වෙනකොට එන වල ගාව චුටි හාදුවක් තියා ගන්න බැරි වූනු එකට.
අයියේ පිලි ගනිං මම තාම වීදවනවා ඒ දේ ගැන කල්පනා කර කර. අයිතියක් නැති වුනත් කලබල වෙනවා හිත , පරිස්සමෙන් ගිහිං ඇති නේද, පරිස්සමෙන් යන්න ඇති නේද කියලා හිතාලා. ප්‍රශ්නයක් නැතුව ඉන්නවා කියලා ඒ කට හඩින්ම් ඇහුණාම හිත යතා තත්වයට පත් වෙන්න හේතුව මම තාම හොයනවා කවි අයියේ! උඹ වරෙන් දවසක මම ඇදලා තියෙන චිත්‍ර ගොඩ පෙන්වන්න. උඹත් කියාවි ඒ හිනාව ලස්සනයි කියලා. ඒක පාර්ශවික ආදරය බොහෝම වේදනාකාරී දෙයක්!🙄
මේ ලැබුනු කෙටි පනිවිඩයක්
" You know that girl moved on , it's true but she'll never gonna froget that one" and shane i think that boy has already frogotten her"am i right?
........................
සිතුවිලි පමණක් අවදි වෙලා!
.කවී.
No comments:
Post a Comment