Sunday, June 12, 2022

ගාලු මුවදොර ඉදන් කොළඹට

 මග බලන් හිද ඇති වුනත් දැන්

නොවෙහෙසවා කොහොමද හිතක්

නොයෙන බව දැන දැනත් මන්

තුරුලෙ උණුසුම සොයනවා මන්..


නුවර යන්නට ගිහින් හැරුනත්

ඉද්ද මල් මට දැන ගනින් මම

හුඟක් කල්,

වැල් ගිහින් එරබදු මල් මතින්.


ගාලු මුවදොර ඉදන් කොළඹට

මහ දුරක් නැති වුනත් බන්..

උඹත් එක්කල ආපු ඒ ටික

කප්පරක් තරම් මට නම්..


දැන දැනත් කෙටි මඟක් මගහැර

උඹත් එක්කල වට මාවතෙන්

ඇයි ගියේ උඹ අහනවා නම්..

කොහොම උත්තර දෙන්නද

උඹට තාමත් ආදරෙයි මං...


.කවියා.

No comments:

Post a Comment

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...