මීස්සු ආදරනීයම වෙන්න ඕන තැන් වලදි අත් හැරලා යනවා කියනේම හරිම පුදුම දෙයක් , ඒත් සමහර තැන් වලදි මම මටම කියාගෙන පුදුම වෙනවා , මම ආදරේ උකරන මිනුස්සුනේ අත් හැරීම් දිහා බලලා. ඒවායින් සමහර අත් හැරීම් හරිම තාවකාලිකයි කියලත් තේරෙනවා.
..........
වෙනදා වගේම පිළියන්දලින් 120 බස් එකේ එල්ලිලා උදේම කොළඹට එන්න ඕන කියලා හිතනකොට, සමහර වෙලාවට හොරණ ඉදන් එක පිම්මට එන බස් එකට රැවටෙනවා කැස්බෑවෙන් එන 120 බස් එක කියලා. උදේ පාන්දර බොඩි ස්ප්‍රේ දෙකක් විතර ගහල, යන්තම් ක්ලෝන් පර්ෆියුම් ටිකක් හලාගෙන ආවට ඒක තියෙන්නේ ටික වෙලාවයි. උසස් පෙල ලියලා z ස්කෝර් එක වැඩිම එවුන් ටික කැම්පස් එකට යනවා වගේ සීන් එකක් බස් එකට නගින්න තියෙන්නේ.
බස් එකෙත් කුල භේදය නැතුව නෙමේ,
ක්ශත්ත්‍රීය ගොඩක් වෙලාවට ජනේලෙ ලඟම සීට් වල වාඩි වෙලා ඉන්නවා, පිං ඇති ඇත්තෝ..ජනේලෙන් හුලං වැදි වැදි නිදාගෙන නැත්නම් පාර දිගේ තියෙන තෙල් පෝලිම් දිහා බලමින් සුවෙන් ගමන් කරනවා. රාජ තේජස!
ඊලඟට බ්‍රාහ්මණ , ශීට් එකේ අනිත් පැත්තේ ඉන්න සෙට් එක, එක පැතකින් තද වුනත් අනෙක් පැත්තෙන් ලාවට හුලං පාරක් වැදීගෙන ලොකු අවුලක් නැතුව යනවා.
ඊලඟ සීට් අයිනෙ පෝලිම් දෙකේ ඉන්න උන්., උන් ඇවිලා වෛශය කුලයේ සෙට් එක ලොකු අවුලක්මත් නෑ අවුලක් නැත්තෙමත් නෑ.කෝම හරි දරාගෙන ඉන්නවා.
එතකොට අතින් කටින් උස්සගෙන මැද පෝලිමේ ඉන්න උන් සහ ෆුට් බෝඩ් එකේ අන්තිම අඩියට කලින් යන එවුන් ක්ශුද්‍ර කුල වලට අයිති එවුන්. ඇත්තටම සමහර එවුන් එතනින් උඩට එන්න කැමති නෑ, මොකද ලයිට් කනු වල ගෑවි නොගෑවි යන එක වෙනම ආතල් එකක කියලා හිතන නිසා.
වෙලාව අඩි පහකුත් අඟල් නවයා මාරක් විතර උස නිසා බස් එකේ මොන කැටගරියෙ හිටියත් වෙන දේවල් ටිකක එහෙන් මෙහෙන් පේනවා, සමහර වෙලාවට ඔෆිස් යන කෙල්ලො නිකන් පෙන්ගුයින්ලා , මුහුදු සිංහයෝ වගේ කට උඩට ඇරගෙන තමයි මැද පෝලිමේ ඇවිත් හිරවෙලා ඉන්නේ. ඇයි ඉතිම් සැමන් ටින් පැක් කලා වගේ තද වෙලා ඉන්නේ වටෙන්ම තාප්ප ගහලා වගේ නේ, හුස්ම අල්ලගන්නේ උඩ බලලා.. මොනවා කරන්නද ඉතින් බිම බලලා හිනාවෙනවා මිසක්. ඊට අමතරව සැරින් සැරේට..අහනවා අයියේ දැන් කොහුවලද? අයියේ බොරලැස්ගමුවට ආවද! අනේ අංකල් වේරහැර ලං වෙනකොට කියනවද කියලා අහන ඒවයින් නම් අඩුවක් නෑ.
අර සබ්මැරීන් වල දුර බලන කණ්ණාඩිය වගේ සීන් එකක් බස් වලටත් හයි කරානන් අපේ කොට අක්කලා නංගිලාට ඒක වෙස් වලා ගත් ල් වගේ වේවි. ඊට අමතරව මම හිතනවා බස්වල මැද පොල්ලේ අර ප්ලේන් වල හදිසි තතව වලදී ලබාදෙන කෘතීම ශ්වසන උපකාරක කට්ටල කිහිපයක් හයි කරන්න
ඇත්ටට්ම කොව්චර සුවද විලවුන් දාගෙන ආවත් ටිකක් වෙලා යනකොට හිටගෙන ඉන්න අයට හයි ස්පීඩ් එකේ දාඩිය දාන්න බලනවා , ඊට පස්සෙ ටික ටික නහයට දැනෙන්න ගන්නවා දාඩිය ගද, ඊයේ රෑ අඩියක් ගහලා ඉන්න් එකෙක් ගෙන් එන පොල් අරක්කු ගඳ, සේරම් කලවම් වෙලා වෙලාවකට නිකන් කරවල ගදකුත් එන්නේ නැතිව නෙමේ. සමහර වෙලාවට අත් දිග ශර්ට් එකක අයන් නොකර ඇදන් ආව දවස ඒක අයන් වෙන තරමට තෙරෙපෙන්න වෙනවා. නැතන්ම් බහින්කොට ශර්ට් එක නිකන්ම අත්කොට කමිසයක වෙලා ඉවරයි.
බස් එකේ ඉස්සරහම තඩි අකුරෙන් ගහලා තියෙනවා බුදු සරණයි, සුභ දවසක් වේවා කියලා! නැත්නම් ලයිට් ගහපු බුදු රුවත් එක්කම තවත් දෙවිවරු පස් හය දෙනෙක් ඉන්න්න වීදුරු පෙට්ටියක්. ඒ කොහොම හිට්යත් බස් එකේ යන බොහෝ අය සැබෑ ජිවිතේ දේවදත්තලා, චිංචි මානවිකාවෝ, නැත්නම් වලියට අධිපති කාලි මෑණියොන්ගේ වරම් ගත්ත කස්ටිය. පොඩ්ඩ එහා මෙහා වුනු ගමන්. ඕයි තමුසෙ මගේ ඇගේද යන්නේ, තමුසෙට හේත්තු වෙලා යනකොට සනීපද වගේ දේවල වගේම , චක් චුක් ගාලා කරන මැඩිවිලි නෑගීම් එමටයි..
කෝම නමුත් විමානෙට අධිපති දෙවිවරු තමා ඩ්‍රයිවර් අයියයි , කොන්දොස්තර අයියයි. බසි එකේ මැද ලොකු වලක් තියෙනවා වගේ නිතරම කියන්නේ මැද ඉඩ තියෙනවා කියලා.. ඉස්සරහින් කෑ ගහනවා පස්සට යන්න කියලා, එතකොට අපි පස්සට යනවා, ආයෙ ටිකකින් කෑ ගහනවා ඉස්සරහට යන්න කියලා.
අහෝ දෙවියනි මිනිස්සු රබර් වුනා නම්!
120 බස් රූට් එක මීට වඩා ලස්සණ වෙන්න තිබුනා!
.කවී.