ආයෙත් දැන් ශේන් ගේ ඩයිරිය අස්සට....
ජුනි 22.
ඔලුව උදුම්මාගෙන ඉන්න! නැත්නම් ඉදිමිලා වගේ තියෙනවා කියලා පෙන්වන්න. ඒක නිකන් අර මොසැම්බික් මාලුවෙක්ගේ ඔලුවක් වගේ අප්ප්‍රසන්න වුනාට, සල්ලි දීලා අරගෙන උන්ව ටැංකිවලට දාලා ලස්සන බල බල ඉන්න කාලයල්.
ආදරේ ගුලි කරගන්න ඕන දෑත්වල කේන්තියයි තනිකමයි ගුලි වෙනවා. කොළඹ කොටුවෙන් නැගලා තවත් තැනකට බස් එකෙන් යනකොට දකින හැම චරිතයකම මම උඹව හොයන්න අරගෙන වැඩි දවසක් නැහැ. කිලෝ මීටර් ගනන් දිග් ගැස්සුනු පෙට්ට්‍රල් පෝලිමේ ඉන්න වෙලාවටත් මටත් නොදැනිම හෙව්වේ උඹේ හිනාව. උඹේ වචනයක් දිස් වෙනකම් සැරින් සැරේ බැලෙන්නේ ඩිස්ප්ලේ එක දිහා. ඔලුවෙ ඇතුලෙ දුවන්නේ මොනවද කියලා කියවගන්න කවී අයියේ උඹටවත් බැරි වෙයි. උඹ කොච්චර මිනිස්සුන්ව කියෙව්වත්.
..............................................
මට වෙලාවකට හිතෙනවා මිනිස්සු මොනවද මෙ හිරවෙලා කරන්නේ කියලා. විශේෂයෙන් උඹ , දවසක් මම මගේ හැමදේම කියන යාළුවෙක්ට කිව්වා මම මිනිස්සුට ආදරේ කරනවා ගරු කරනවා හැබැයි බොහොම ටික දෙනාටයි. ඒ වගේම මට ඉන්නවා හරින විශේෂ කෙනෙක්, හුඟක් විවෘත කෙනෙක්, මගේ ඕනම ගැඟීමක් හංගන්නේ නැතුව කියන්න පුලුවන් කෙනෙක්. ඒත් ඒ මම කතා කරේ එයා ගැනමයි කියලා ඒ හිතට තේරුම් ගන්න බැරි වෙන්න ඇති.. ඒත් මට සතුටුයි මම තාමත් ආදරේ බව ඒ මනුස්සයට කියාඅ ගන්න පූලුවන් වුනු නිසා. ශේන් කියන්නේ කවුද කියන එක මටත් වඩා ඒ ආදරනීය හදවත දන්නවා ඇති කියලා හිතෙනවා. දැන් මම ලෝකයේ තියෙන භයානකම සිර ගෙයක හිර කටුවෙක් කියලා දැනෙන්නේ මගේ වටේම තියෙන උස මායිම් දැක්කම.
කවී නංගි මවුන්ට් ලැවිනියා බූබා බීච් ක්ලබ් එකේ ලාවට ඉර එලිය බැහැගෙන යන වෙලාවක යන්තම් සින්දුවක් දාගෙන මුහුදු හුලං වැදි වැදී යාලුවෝ එක්ක ඉන්න එකක් ස්ටේටස් දැක්කම් නම් පොඩි ඉරිසියාවක් එන එක නවත්ත ගන්න පූලුව කමක් නෑ..
..................................
අතපසුවුනු බොහොම අතලොස්සක් වෙඩින් අතරින් රැම්බාගේ වෙඩිම හිතේ එකඟ කරගෙන මිස් කර ගත්ත එකක් නෙමේ මේ ලඟදි දවසක ආයේත් රැම්බෝ ගේ ස්ටේටස් අස්සේ තිබුනේ ඌ උගේ පාසල් ප්‍රේමය උගේම කර ගත්ත මොහිතේ ඉයංකා නංගි එක්ක දාපු ඩාන්ස් එකක්. ඒක වීඩියෝ වෙලා තිබුනේ ලාවට බැලන්ස් නැති ගතියකින් ෆෝන් එක අතේ තියන් හිටියා ඔමීයගේ ෆෝන් එකේ. සමහර වෙලාවකට අනිත් අතේ කිසිම හිඟ කාලෙකදි නැති නොවුණු නිනිවුනු ඩන් හිල් සිගරට් එකක් තියෙන්න ඇති. ඒ මොනා වුනත් රැම්බා බ්‍රේක් ඩාන්ස් ඩානකොට ඉයංකා නංගිත් අට්ග අරින්නේ නැතුව පැද්දි පැද්දී ඉදීමම සතුටට කාරනාවක්.
ඒ වගේ වැලි සවල් දහයකට හති දහය ගානේ ඇර ඇර හරි හෙමි හෙමින් හැදෙන උඹලගේම තැන සම්පූර්ණ වෙනකම් ලඟට ඇවිත් උදව් කරන්න පෙට්ට්‍රල් නැති නිසා ඈතට වෙලා සුභ පතනවා.
ඒ වගේ ඔමී මාරම සෙනෙහසකින් පල්ලියට එක්කන් ගිය නංගි ගැනත් මතක් කරන්න ඕන. නැත්නම් ඒක හරි මදි. අපි මේ බලන් ඉන්නේ උගේ වෙඩිම එනකම්. ශේහාන් මල්ලී උඹගෙ තත්වය මොනවගේද කියලා මටම තේරෙනවා, අපි හැමෝම එකට මේ කන්ද නගිමු.. මම විශ්වාස කරන දෙයක් තියෙනවා හැම කන්දකම මුදුන හරිම ලස්සනයි වගේම.. ඊලගට අහු වෙන්නේ පල්ලමක්.. අපිට ABS තියෙන නිසා අවුලක් නැති වෙයි.
වෙනද වගේ මම පාරෙ ඇවිදන් යනකොට , බෙන්ස් එකකින්, ලැන්ඩ් රෝවරයක්, කෲසර් එකකින් උඹලගේ ඔලු එලියට ඇවිත් ... ආ කවි අයියේ කෝමහ කියලා අහ ගන්න එක මගේ හීනය❤
ජය වේවා!
.කවී.