Sunday, March 13, 2022

හිත පෙට්ට්‍රල් , ටූ ඔපන් ටූ ශෝර්ට් සහ වැනිශින් මූඩ් එක

 කතාවක් හැම වෙලාවෙම පටන් ගන්නෙ  හිතා ගන්න නොහැකි තැන්වල , කියාගන්න බැරි වුනු තැන්වල, බෙදා ගන්න බැරි වුනු හිත් වල. 

වෙනස්වුනු අවස්තාවක් ගැන සමහර වෙලාවට තව සෑහෙන්න කාලයක් ගැන කල්පනා කර කර ඉන්න වෙයි , හිතට කොහෙන් හරි එන්නෙ, කොහොම හරි දැනෙන්නේ තව ටිකක කලියෙන් ලැබුන නම් ,අදුන ගන්න ලැබුන නම් කියලා. 

සමහර වෙලාවට වන් ඩ්‍රයිව් එකේ ගැලරි එක පුරාවට තියෙන උඹගෙ ෆොටෝ එකින් එකට ඕපන් කරලා බලන් වෙලාවකට තණමල්විල කැරකිලා එන අඩක් සිසිල් අඩක් උණුසුම් සුළඟ කොලඹ කෙල්ලෙක්ගේ මතකය අරන් එනකොට හිත විනාඩි ගානකට අතරමං වෙන එක කොහොමටවත් නවත්වගන්න බැරි එකට, අයිති නැති නුඹ වග කියන්න ඕන නෑ. තව එවන්න බැරි වුනත් කමක් නෑ, එවන්න කලින් දැන් දෙපාරක් තුන් පාරක් හිතන්න හිතෙනව නම් ඒ කියන්නෙ ඒ තිබුනු විශ්වාසය හරි ආදරේ හරි මොකක් හරි දැන් අඩු වෙලා කියන එක. බල කිරීමක් කරන්න බැරි වුනත්, උඹේ තව එක ෆොටෝ එකක් හරි තවත් එකතු වෙන තරමට පොඩි හරි සැනසීමක් දැනෙයි. හැමදාම කියනවා වගේ කවී අයියේ කොච්චර ඇදුම කොට වුනත් , ඇදුම් නැතුව හිටියත් ඇගේ එලියට නිරාවරණය වෙලා තියෙන ප්‍රති ශතය මෙච්චරයි කියල ගනන් හද හහ ඉන්නවට වඩා ලස්සනක් දකිනව මිසක් , අගය කරනවා මිසක් , ආදරය කරනවා මිසක්  වෙන මොනවා කරන්නද. ඒ අතින් නම් මිනිස්සු තාම පස්සෙන් කවී අයියේ ඉන්නේ. 

ශේන් කියන්නෙම හිතා ගන්න බැරි චරිතයක් කොහෙන් හරි ජීවිතේට කෑලි කෑලි එකතුකර ගන්න එකෙක්. කන බත් කටක් ගානේ බත් එකට කිසිම සම්බ්දයක් නැති දේවල් ගැන බත් එක දිහා බලාගෙම කල්ප්නා කරන කෙනෙක්. අම්මට තාත්තට වුනත් වැනිශින් මූඩ් යූස් කරන එකෙක්. එක ප්‍රශනයකට උත්තර දෙන්න ජීවිතේ වැඩියෙන්ම් ආදර දැනුන කෙනාටත් තියෙන්නේ තතත්පර දහයක් නැත්නම් පහලවක්. කාලය වටිනවද? නෑ අනිත් මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන නිදහස උටත් වටිනව. 

කියන්න දේවල් කොව්චර හිතට ආවත් අමාරුවෙන් පාලනය කරගෙන දාලාතියෙන ෆොටෝ එකකට ස්ටේටස් එකකට හරිම සාමාන්‍ය විදිහට කමෙන් එකක් දෙන තරම හිතන්න වෙලා ! ඇදුම කහ වුනත්, නිල්  පාට  වුනත් හිත නැවතුනේ උඹෙ මූනෙ. මම ආසම උඩට නැවුනු තොල් පෙති අස්සෙ, ලාවට රතුවුනු මත් වෙලා වගේ තියෙන ඇස් ළඟ. උබ කිව්වා වගේම ඇත්තටම මම තාම ජීවිතේ හොයනව කවී අයියේ. ඉස්සරට වඩා වඩා ජීවිතේ ඒකාකාරි වෙලා. මහ රෑට හිතුන ගමන් තණමල්විල වැවේ බන්ට් එක ගාවටවත්, අලි මාරු වෙන තැනක අයිනේ තියෙන අර බාගෙට හිදුනු ඇල ගාවටවත් දැන් යන්න වෙලාවක් නෑ අයියේ. දැන මම දන්නවා ඩිප්ප්‍රෙශන් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. උඹත් දන්නවා ඇති ඒක. එක පාරට ඔලුවෙ කැක්කුමක් එක්ක එන නල්ල රිදෙන එක, ම්ටරේ එක පාරට ට්‍රැක් එකෙන් පනින එක  ඒවා හරිම වේදනා කාරී. ඔළුවෙන් හිටගෙන කිව්වත් මහ රෑ වෙනකන් ඇහැරගෙන ඉන්න උඹේ ඇඩ් රිදෙන්නෙ නැත්නම් මගේ ඇස් රිදෙන්නෙ ඇයි කියල හිතෙනව. ඊටත් වඩා මගේ හිත රිදෙන්නේ ඇයි කියලා මම කල්පනා කරනවා. 

අන්තීමේ උඹ කිව්වා වගේම කරනවා , රිද්දනවා නේද! සමහර විට ඈත් වෙයි , අපි අතර තියෙන කතා බහ අඩු කරලා උබ මාව තවත් එක සාමාන්‍ය කෙනෙක් ගානට දානවා කියන එක. අයිතිය ගැන වද වෙන එක නැවැත්තුවා කිව්වට උඹ ඒ ගැන හැමතිස්සෙම වද වුනා, ඒ වගේම ඒ ජීවිතේ මැදින් ප්‍ර්ශ්න කියන වැට බැඳිලා තිබුනා. 

එත් හැමදාම කියනවා වගේ කවි අයියේ , ආදරේ දැනුනු තැන්වල තාමත් මම ප්‍රකාශ කරනවා, හරිම පරිස්සමට.

අයියේ නරක වචන අයින් කරලා , සංස්කරනය කරලා මේකත් ලියපන්. හැමදාම වගේ අයිතිය නැති වුනාට මැරෙනකන් මම උඹට ආදරේ වේවි. අවුරුදදකින් දෙකකින් උඹේ අයිතිය තව කාට හරි කොලේක ලියලා දුන්නත් එදාටත්  උඹෙන් පිළිතුරක් ලැබෙනකම් ෆෝන් එක බලන් ඉදීවි. කොලඹ කෙල්ලෙක් ලඟ හිත නැවතිලා තියේවි. මම තණමල් විල හිටියත්

........................................................



ඒක ජීවිතේද නැද්ද කියන්න මම දන්නෙ නෑ මල්ලි,  කල්පනා කරන හැමෝටම ඩිප්‍රෙශන් කියන්න බෑ මල්ලි. බලපන් මං දිහා ඒක සෙමට කියලා හිත හදාගෙන ඉසරහට ජීවත් වෙනවා

උබේ ආදර කතාවෙ එකක් අයි ඕ සී පෙට්ට්‍රල් වගේ අනික සිපෙට්කෝ පෙට්ට්‍රල් වගේ , එකක වැලුව් එක වැඩි වෙනකොට අනික් එකෙත් වැඩි වෙනවා ටක් ගාලා. ඒකෙන් නැති වෙනකොට මේකෙන් හරි ගහල ජීවිතේ ගමන්කරන්න ඕන. ඒත් මතක් තියා ගනින්. සබ්බං පාහාය ගමනීයං.. සිල්ල හැරදා කවමදාක හරි යා යුතුය. කියන එක.. ඉස්සර උඹට රුපියක් පන්සීයට ලීටර් හතරක් ලැබුනු ආදරේ පෙට්ට්‍රල් , දැන් අමාරුවෙන පන්සීයට ලීටර් දෙකක්ගහගෙන කොළඹ ගිහින් එන්න වෙන්නෙ. ඒ නිසා තැන් දෙකම වැදගත්, පෙට්ට්‍රල්  92, 95 හැමදේම වැදගත්.. අන්න ඒ විදිහට හිතලා ඔය වැවට පන්නිනේ නැතුව ගෙදර ඇවිත් හිටපන් අඩුම ගානෙ උඹට නැත්තටම නැති ඩීසල් වලට වඩා පෙට්‍රල් තියෙනවා නේ..ශෙඩ් එකට අයිතියක් නැති වුනත් ලැබෙන වෙලාවෙන් හිත ෆුල් ටෑන්ක් කර ගනින්.

ස්තූතියි නැවත එන්න.. 

ටටා .. බායි.. 

කවියා.

Tuesday, February 22, 2022

ඛීර් කුම් වාලා ! අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ්

 මිනිස්සු කියන කතාවක් ගානේ හැඟීම බර වෙන්න පුලුවන් නම් මම ආසයි! ඒත් එහෙම් වෙන්න බැහැ. නිදහසම හොයපු තැන්වල අවසර පතන්න ඕන වුනාම ජීවිතේ හිරවීමක් දැනෙයි කවද හරි.

ශේන් කතා කරල මට කිව්වා..අඩේ කවී අයියේ මමත් දැන් චූන් පාන් කාරයෙක් කියලා.

උඹ බෙන්ස් එකෙන් ගියත් පුට් සයිකලේ හති දාගෙන පාගන එකෙක් වුනත් උඹ මගේ යාලුවෙක්, සහෝදරයෙක්. කියලා යවන්න ඕන වුනත් එහෙම නොකර , එලකිරි කියලා යවලා නිකම් හිටියා. 

උගේ ජිව්තේ පතුලට රින්ගලා බලන්න ගොඩක් දේවල තියෙනවා..

ශේන් එවලා තිබුනු තඩි හෑල්ලකින් කොටසක් ආයෙත් පහලින් දාගෙන යන්නම්..

නිදහස කියන දේ අන්තිමේටම නැතිවුනු වෙලාවකට මහ පාන්දර එකට දෙකට උඹ එක්ක හොරෙන් මැසේජ් කර කර විස්තර් අහන්නේ , මම සමහර වෙලාවට දැකපු හීන , අතීතයේ මතක උබේ මූනත් එක්කම ආයෙත් ආයෙත් මතක් වෙන නිසා.

එකෙක්ට මොකක් හරි කිව්වම තඩි හෑල්ලක් කියෝන ටික් ටොක් වීඩියෝ එකක් එවල තිබුනා. කැප්ශන් එක තිබුනේ ආදරේ කරන්න අයිති වෙන්න ඕනමද කියලා අහලා. උත්තරයක් ඒකෙනම දෙනවා. 

වෙලාවකට බොලඳයි කියලා හිතුවත් සමහර වචන හෙමි හෙමින් හිතේ පතුලකට වැක්කෙරෙනවා. බින්දුව බිංදුව තමයි ඒත් එකතු වුනාම දැනෙනාවා එතනත් ආදරයක් තියෙනවා කියලා.

බාස්කට් එකක් ඔලුවෙ දා ගත්තම දැනෙන ෆීලිං එක ගැන කල්පනා කර කර ඉදලා වැඩක් නෑ. ඒකට බාස්ක්ට් එක්ක ඔලුවේ දාගෙනම බලන්න ඕන. ඒකත් හරි පුදුමයි, කලුවරයි, පොඩි දෝංකාර ගතියක් ඒක්ක එන හෝ හෝ සද්දේ විතරයි.  පාන්දර එකයි ගානට උඹ ඔන්ලයින් ඉන්නවා දකින එකත් සතුටක්. උඹ එක්ක බෙදා ගන්න වචන දෙක තුනත් හිතට සැහැල්ලුවක්. 

උඹ තව අවුරුදු ගානකින් ඉස්සර වෙන්න තිබුනා ජීවිතේ දුවගෙන යනකොට. උඹට මට නැවතිලා කතා කරන්න තිබුනේ ඒ දවස්වලමයි. ඒත් දැන් අයිති නැති බව දැන දැනම ආදරේ කරන්න අරන්. ඒක මට නවත්වගන්න බෑ. නයිට් කඩේක මහ සීතල පාන්දරක දාන එලෝලු රොටියක් වගේ මාව දෙපැත්ත වැටි වැටී පිච්චෙනවා වගේ හැඟීමක් තමයි එන්නේ. සාරියල් ඇදලා ලස්සන මේකප් එක්ක දාගෙන ඕපන් කරපු ගමන් ප්‍රොෆයිල් පික්චර් එක පේනකොට හැමදාම වගේ පොඩි වෙලාවක් උඹේ මූන සූම් කර කර බලන් තත්වෙට ඇවිත් ඉවරයි.

එහෙන් මෙහෙන් දා ගත්තු සාරියට වඩා උඹේ මූන ලස්සනයි. ඒ ලස්සන මට විස්තර කරන්න නම් අමාරුයි.

....

වචන ගලප්න් එකට වඩා හැඟීම් ගලපගන්න එක ලේසී මුගේ ජීවිත කතාව දානවට වඩා..

කෝම හරි කොන් වෙන්න බැරි හින්දා 19 රෑ අපිත්  නයිට් ස්ට්‍ර්‍ර්ට් ෆුඩ් බඩට දා ගන්න ගියා. පංචිකාවත්ත ඇතුලෙන් දාලා අලුත් කඩේ පොලිසිය ඉස්සරහ පාරෙ අහුව්‍ර්න් අහුවෙන් හැම ජාතියෙම ස්ට්‍ර්‍ර්ට් ජන්ක් ෆුඩ් ගිලින්න් ගත්තා , චිකන් ටික්කා කියයි, කුරුම කියයි, නාන් රොට් මසාලා, ක්ලබ් සැන්ඩ්විච් , මසාලා ටී, චායි ටී,  ඛීර් කුම් වාලා එකෙන් පන්නිර් , ලඩ්ඩු හැමදේම ගිලින්න මහ වෙලාවක් නම් ගියෙ නෑ. ප්‍රශ්නයක් ඇත්තෙම නෑ.   




අනිත් දවසෙ ඉරිද දවල් වෙනකන් බඩ රිදෙන ගති පිපෙන ගති මුකුත් ආවෙ නම් නෑ. ඒ අපේ බඩවල ඒ තරමටම කුණුම කාලා සීසන් වෙලා තියෙන නිසා.

.....

ආයෙත් එන්නම් මහ රෑක. කන්න වගේම මට අයිතියක් නැති වුනත් ආදරේ දැනෙන උඹේ මූන බලගෙන යන්න.


.කවී.

Sunday, January 2, 2022

උඩට නැවුනු තොල්, ඕඩි ක්ලෝන් සුවද

ජීවිතේ කවමදාක හරි  දැනිලා තියෙනවද සම්පූර්ණයි වගේම අස්ම්පූර්න බවක් එක මොහොතක. ඒ වගේ මොහොතක් එන්න පුලුවන් ජීවිතේ සනහර විට එකන එක පාරක් වෙන්න පුලුවන්. ඒ සී එකේ කූල් එක වැඩි කමට කකුලෙ දනහිසෙන් උඩ හම වේලිලා සුදු පාටට පේන වෙලාවක උඹට දැනෙන දේ ගැන නෙමේ කතා කරන්නේ හිත සමතුලිතයක් නොවෙන තැනක් ගැන.

මිනිස්සු ආදරේ හියන් එලවනකොට නොදැනීම ආදරේ එනව උන් පස්සේ කාලයක් තිස්සේ නොදැනීම ඇත්තටම ආදරේ කියල නැවතිලා බලනකොට පේනවා ලඟින්ම ඉන්න ඇත්තටම ආදරේ දැනුනු අය එක්කෙනෙක් දෙන්නෙක් එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි ගානක්.

දැන් කොහොමටත් අයිති නැහැ කියා කියා අඩනවට වඩා ඈතකට වෙලා නන්නාදුනන විදිහට ඉන්නවට වඩා හොදයි ලඟින්ම ඉන්න එක ආදරේ කරන එක ඒ ආදරේ සීමාව දැනගෙන. ආදරෙ බෙදා ගන්න එක අවුලක්, ලොකු අවුලක්. ගෙත්තම් කරපු කවියක , ඇදපු සිත්තමක් පුරා උඹ හිටියට එක සෙන්ටිමීටරයක් වත් උඹේ කම්මුල් ලඟට එන්න බැරි වුනා කියලා හුස්ම අල්ලන මහ රෑක මට හිතේවි දේවල් තව විනාස වුනා නම් විනාශ වුනා නම් මොන තත්වයක් ඒවිද කියලා.

උඹේ කම්මුල් ලඟට එන්න බැරි වුනාට ආදරෙන් පිට මැද්දට තට්ටුවක් දාන එකම ජයග්‍රහණයක් විදිහට හිතෙනවා වෙලාවකට. ඒක බොහොම ආදරනීය පහර දීමක් හැබැයි ,, හැබැයි ඒ තල්ලුවටත් උඹ ඉස්සරට විසි වෙද්දි දුකක් වගේම ආදරයක් දැනුනා, ජීවිතේ එහෙම තමයි. ආදරෙන් මිරිකන්න හිතෙන කම්මුල් හැමදාම මග ඇරෙනවා මොනවා හරි හේතුවකට.

ආදරේ ලබන දවසක් වෙනුවෙන්!  ඇත්තටම එදා යාලුවා තෑගි කරපු ඇදුමට වඩා තදවුනු ඇදුමට ලස්සනට පේන්වා වෙනද වගේම ඇඟ නෙමෙයි ඒ ආදරනීය මූන පිරුනු කම්මුල් , රෝස පාටට ටිකක් උඩට නැමුණු උඩ තොල, ඔව් ඒවා මගේ ඇස් වල ABS බ්‍රේක් සිස්ටම වලට සම්බන්ද දේවල්.

සමහර කතාවල වල වගේ හදිසියෙන් හම්බ්වෙන මිනිස්සු වගේ නෙමේ උඹ මට හම්බවුනේ, ඒකත් මම ආදරේ කරපු මුහුනක් එක්කම, අලුත් අවුරුරුද්දක් එක්ක අලුත් විදිහට ගියාට උඹ ගැන හිතේ තිබුන ආදරේ නම් අඩුවක් වුනේ නෑ මම හිතන්නේ.



මොන ප්‍රශ්නෙ ආවත් හරි ලස්සනට හිනා වෙන උඹ මට අතපසු වෙන්නේ විනාඩි තත්පර ගානකින් නෙමේ අවුරුදු ගානකින්. ඒත් තාමත් මම කැමති උඹට ආදරේ කියන ගමන් මැරිලා යන්න.

උඹේ හිතේ ගුලි කර ගත්තු හැඟිම මොකක්ද කියල මම දන්නේ නෑ ම ගැන ඒත් ඔය මූන දන්නවා නම් හිතේ එක තැනකින් තාම ආදරේ කරන බව.

දෙවියො දෙන විදිහ හරිම පුදුමයි තමා, වටිනාම දේවල් දෙන්නේ පහු වෙනකොට නමුත් අපි ඇත්ත හංගන්නේ නැතුව ඉන්න ඕන ජීවිතේදි. හදවත් දෙකක් පිහිටලා වගේ හෙමින් හෙමින් ආදරේ කරමින් බලන් ඉදමින් මැරිලා යනවා.

කිසිම අදහසක් නැතුව මගේ දිහා බලන ඇස් දෙකේ තෙයන දේවල් මොනවද කියලා කල්පනා කරන්කොට , හිත නහයත් ඒක්ක ඇදිලා යන්නේ ඔලුව පුරා ගාපු ඕඩි කොලොන් සුවදට. ගීක කතා වල ඉන්න දේවතාවියන්ගේ කොන්ඩ මෝස්තරේට ආසා වෙනවට වඩා මට පෙනෙන්නෙම ඒ කම්මුල්. හදිස්සියක් නෑ . තව ටික කාලයක් මට උබගේ හිනාව බලාගන්න පුලුවන්. තාමත් මම හිතනවා ඇයි මගේ හිත එක පාරටම උබට ආදරේ කරන්න ගත්තේ කියලා.

 ශේන් ආදරෙන බලන් හිටියට උබව තියාගෙන ඒ ගස් අතු යටින් බයික් එකේ තියාගෙන උබේ උපන්දිනයට කලින්, කවද හරි දවසක මාවත් තියාගෙන උබ පදිනවනම් බයික් එක , එතනත් දැනේවි ආදරයක් කියල මම හිතනවා. ආදරේ තියෙන්නෙ ඇද උඩට ගන්නකන් විතරනම් එතන ආදරයක් තියෙන්නෙ විදිහක් නෑ කියලා මම සෑහෙන්න කාලෙකට කලින් දැනගෙන හිටියා. ඒත් මගේ කොලපාට වාහනේ පිටිපස්සෙ තියන් උබ මාව අරගෙන යනවා හෙමින් හෙමින්. හරි පුදුමයි සමහර දේවල්. 

කවමදාක හරි තණමල්විලට ඒ හද පායයිද!


මම ඒකයි තවමත් උඩ බලන් ඉන්නේ,,,

.කවී 

Friday, December 17, 2021

Walking Miles Away

 What is your current situation ?

Nothing to complain but i feel something is wrong, i' ve missed something or else i've frogotten something at every morning. Actually Nothing missed except my very own life and freedom. Day by day im getting lazy and trying  to postpone everything until today. 

However i know that i'll think about this on tommorow morning also. I've pawned  my soul to someplace even though i got my economy is in good shape. Still i dont have any interest to get it back. May be it's screaming loudly out there but im still at here looking at other beautiful soul carriers and wanderers who lost their souls.

Who are you & who am i? And who are you to me and who am i to you? Do you love me? Even after these long years still you care for me? 

I only remember your face with that beautiful smile that always take peace to my heart and mind. When you have some one to share your everything and same  person destroy your plannings, what are you going to do? Stay and overlook situation ?

Sunday, September 26, 2021

වැස්ස සහ අමතක වීම

කොහෙත්ම ඉඩ නැති වෙලාවක මිනිස්සු ඔහේ දුවගෙන ගිහින් අඩුම ඉඩ ඇති තැනක නවතින්න සිද්ද කරන වැස්සට මම ආදරය කරනවා.

ශේන් කියන විදිහට ජීවිතේ දකින්නනම් හොදින් ඔතා ගත් ගංජා ටිකක් මාසෙකට සැරයක් විතර අදින්න ඕන. ඒ වෙලාවට කියන දේවල් වොයිස් රෙකොඩ් කලානම් ඒ අදහස් විකුණලා කෝටි පතියො වෙන්න තිබුනු බව පහල වචන වලින් තේරුම් ගන්න පුළුවන්.

හිතපන් කවී අයියේ..හොදට හිතලා බලපන්..!

වෙනදට පොඩි දර මඩුවක්, පොඩි ලෑලි කඩයකින් ඉස්සරහට පැනපු වහල කෑල්ලක් දිහා හැරිලවත් බලපු නැති මිනිස්සු ඒ තැන්වල එකිනෙකාට ළඟින් හිටගෙන ඉන්නෙ වැස්ස පායනකන්.

ගෙදර ඇවිත් නිවී සැනසිල්ලේ කල්පනා කරනවා කියලා මටම මවාපෑමක් කරගෙන කල්පනාවට එන දේවල් නම් හරිම අමුතුයි. ජනේලෙන් යන්තම් ඔලුව උස්සලා බැලුව පේන්නේ ඉද්ද මලක් වැස්සෙ තෙමෙන හැටි! 

කොහොමද මම මිනිස්සුන්ට මේක ආදේශ කරන්නේ , මම වැස්ස වුනොත් ආදරේ දුවන මිනිස්සු , මම දුවන මිනිස්සු විදිහට ගත්තොත් වැස්ස ආදරේ කියලා හිතන්න පුලුවන්. ඇත්ත ඒ උඹලට හිතෙනව් විදිහ. ඒත් මම තමයි අර අයිනෙ තියෙන පොඩි කඩේ වහල කෑල්ල. අර උඹට හෙවන දීපු පොඩි දර මඩුවෙ ටකරම් කෑල්ල.

එතකොට වැස්ස තමයි උඹේ හැඟීම්, හෙන ගහනවා වගේ හයියෙන් වැටෙනකොට උඹට උඹ අමතකයි එතකොට ? වරෙන් දුවගෙන අර හෙවනට. හොදම දේ මම දන්නවා මේ නැවතීම තාවකාලික බව වැස්ස නිසාම. හෙත් හේතුවක් නැතුව මම ගොළු වෙලා ඉන්නවා ඉන්නකන්ම.

ඇයි උඹට මට ආදරේ කියන දේ දැනෙන්න විදිහක් ඇත්තේම නැද්ද? නැත්නම් දැනුනත් ගොළු වෙලා වගේ ඉන්නවද? හොදම දේ ඇති වීම කෙසේ වෙතත් නැති වෙන්න හරි ආදරේ කරන එක. ඒ කියන්නේ නැතිවෙන බව දැන දැනම ආදරයක් දෙන එක. පෙරලා ආදරයක් නොලැබෙන බව දැන දැනම ආදරය කරන එක. 

ශේන් මට දැන් ඕක නීරස වේගන එන්නෙ බන්.ඔය අහිමිවීම් නොලැබීම් වගේ දේවල් , ආදරය කියන් දේ උඹ හොයන්නේ අමුතුම තැන් වලින්.

ඔව් ඒක හරි වෙන්න පුලුවන් ඒත් බලපන් අයියේ හිතට දැනෙන්නේම ලොකු දෙයක් විදිහට ඒක. 

සමහර වෙලාවට එකම එක මැසේජ් එකක් ඇති දවසම පටලෝගෙන කල්පනා කරන්න..

ශේන් ඒ කියන්නේ. සාම්පල් මැසේජ් එකක් නැද්ද?

අහ් ..ඒ කියන්නේ මෙන්න මේ වගේ. " දැන් ඔයාට මාව මතක නෑ නේද? ඔයා දවස් කීපයක්ම කතා කලේ නෑ" වගේ දෙයක්! 

නැත්නම් උඹගෙ වචන දුසිමක්.එලියට පනින මූණ අල්ලන් මිරිකගෙන ඉන්න ස්ටිකර් එකක් එවන එක වට්සැප් එකට..මේ ස්ටිකරේ ඔයා කියලා 🙄

එතකොට අයියා මට හිතන්න කියන්නේ ඒ වචන අස්සේ තිබුනේ  යාලුවෙක් කියන හැඟීම විතරමයි කියලද? නෑ මට දැනුනේම ඒ වචන් අස්සේ ආදරයක් තිබුනු බව  හැබැයි මොන මට්‍ටමේද කියන්න බැරි අවස්තාවක තමයි අපි ඉන්නේ.



හරි ඒ කියන්නේ උඹ ඉන්නේ අමුතුම ලෝකෙක , ඒ කියන්නේ පිටසක්වල ග්‍රහ ලෝකෙකද කියල හිතෙවා  එක්කෝ උඹ  අධ් බුද්ධියක් තියෙන ඒලියන් කෙනෙක් නැත්නම බම්පර් ටැබ්ලට් ඇපල් ටැබ්ලට් ස්ටෑම්ප් දාලා ට්‍රැක් පන්නා ගත්ත මන්ද බුද්ධික පෘතුවි වැසියෙක්.

දෙකම වෙන්න පුළුවන් කවි අයියේ. උඹ දන්නේ නැති වුනාට ජනේලෙන් මට පේන අර ඉද්ද මල මම තුරුල් කරගන හිතින් ඉඹින්න ඇති දහස් වතාවක්.නැත්නම් වෝල් පේපර් එක පුරාවටම ඒ ෆොටෝ එකක් දාගෙන දකින දකින වාරයක් ගානේ රෝස පාට තොල් පෙති, ඈතින් තියෙන ඇහි බැමි කාටත් හොරා ඉඹගෙන ඇති සියක් වතාවකට වඩා ..ඒකයි අවුල. 

හෙට සදුදා අයියේ සමහර විට ආයෙත් හෙට ඉදන් එන ඉරිදා වෙනකන්ම මට අමතකයි කියලා ඉද්ද මල වුනත් හිතයි කියලා මට හිට්තෙනවා.ඒත් ඒක සාදාරණයි ද නැද්ද කියන්න මට තේරුමක් නම් නෑ  

ශේන් ..ඒකට උත්තර මගේ ලඟ නෑ. උඹ ඉද්දද මල් පඳුර තුරුල් කරගෙන අහන්න ඕන දේවල් මගෙන් ඇහුවට කවමදාවත් උත්තර ලැබෙන්නෙ නෑ. උඹට අනුමාන කිරිමෙන් ලැබෙන තර්ක කිහිපයක් විතරයි මට දෙන්න පුලුවන්. 

ටටා...✌✌


.කවී. 

Thursday, August 26, 2021

ඉද්ද මල . අමතක වුනු වැස්ස..

 මිනිස්සු සිහි විකල් වෙන තැන්වලදි ආදර් හංගගන්නවා ඇති නැත්නම් ආදරේ හංගගත් තැන්වලදි සිහි විකල්වෙනවා ඇති.

ඒ කොහොම වුනත් සමහර ජීවිත තියෙනවා ඔය හරි මැද්දෙ නැවතිලා අයිතියක් නැති එවුන්ට ආදරේ කරන. හොදම එවුන් නෑ ඉන්නෙ හැඟිම් විසින් නියම කරපු ස්තානයට වෙලා ඒ හැඟීම් වලම පොඩි පලුද්දක් සිදුරක් අහු වෙනකන් ඉක්මනට ඇතුලට රිංගා ගන්න.

එතකොට මිනිස්සු වල්මත් වෙනවා තමයි! හෙමින් හෙමින් ඇල්කොහොල් ජුන්ජක් වත් කටේ හලා ගන්නේ නැතුව.

කවදාක හරි ආදරේ කරපු මනුස්සයෙක්ට අමතක වෙලා බලපන්, අමතක කරන්නේ නැතුව. ඔලුවෙ මැද්දෙන් කරන්ට් එකක් වදිනවාවගේ දැනෙයි. නැත්නම් මුලු ඔලුවම එක පාරටම රත් වෙලා කුල් වෙනවා වගේ හැඟීමක් එයි. එදාට නැවතිලා මතක් කරපන් අමතක කරපු ආදරේ ගැන

ශේන්!

කිසිම හේතුවක් නැතුව ආදරේ කරන්න ඕන කියලා හිතුනම ආදරේ කරන්නේ කොහොමද නීතිවිරෝදී ආදරයක්  තියෙන්න පුලුවන්ද? නැහැ ආදරය නීති විරෝදී නැහැ මිනිස්සු නීති හදුන්වා දුන්නේ නැත්නම්.

කවමදාවත් අතින්වත් අල්ලන්න නොලැබෙන කෙනෙක්ට ආදරේ කරන එක සෑහෙන්න අමුතුයි වගේ හිතුනට ඒක එච්චර අමුතු නෑ.. හැබැයි අමාරුයි.  සාරියක් ඇදපු , සුදු ඇදුමක් ඇදපු මූනක් දිහා බලන් හූල්ල හූල්ල ඉන්න එකම කොච්චර ලේසි ඇතිද නේද? ඒක වේදනාකාරීද?

මට ඕන නෑ මම ජිවිතේ දැකපු ලස්සනම ඉද්ද මල කඩලා රිද්දන්න. ඒත් මට ඕන ඒ මල මගේ තුරුලට ගන්න , පිපුනු පෙති ආදරෙන් ඉඹ ගන්න..ඒත් ඒ මදි..වගේම ඒත් ඒ ඇති! 

ඒ ඉද්ද මල නටුවෙන් කඩන්නෙ නැතුව සුවද විදින්න අදහසක් කාගෙ ලඟවත් නැද්ද ..අඩුතරමේ කවි අයියගේ බන්ටි මොලයටවත් එන්නේ නැද්ද?

ඉද්ද මල හුස්ම ගන්න තැන මගේ නහය නවත්වගෙන මොන වගේ සුවදකේ හුස්මෙ රැදිලා තියෙනවද කියලා බලාගන්න.

මල්පෙති වලට රිදෙන්න වහින වෙලාවක ඒ මලම තවත් කෙනෙක්ට කියනවා ඇති දුර ඈත ඉන්න කෙනෙකුට..මට ආසාවක් ආවා මෙන්න මෙහෙම තුරුල් වෙලා ඉන්න කියලා. සමහර විට ඉද්ද මල ගහේම තිබුනට සුවද දුර ඈත රටක කෙනෙකේ අල්මාරියක් අයිනේ හරි ස්මාර්ට් ෆෝන් එකේ හරි ඇති කියලා ඇස් රතු කරගත්ත වාර අනන්තයි. එච්චර ෆැන්ටසියක්. 

වෙලාවකට කෑ ගහලා ආදරෙයි කිව්වට. පෙරලලා ආදරේ බලාපොරොත්තු වෙනන බෑ.මොකද ඉද්ද මලේ ඇස් වලට මට වඩා මගේ ඇගපුරා ඇමිනිලා තියෙන රෝස කටු වගේම ඒ කටුවලින් හීරුනු තැන් පේන නිසා ඈතටවෙලා බලාගෙන ඉන්නවත් ඇති සමහර වෙලාවට.

ඒත් මොනවා කරන්නද ආදරේ කියන්නෙම ඒ ලෙවල් ප්‍රශ්න පත්තරයක් එක වසරෙ කොල්ලෙක් ඉස්සරහා තියලා ලියපන් කියලා තරවටු කරන. එත්කොට උගේ මානසිකත්වය පේපර් එක දිහා බලාගෙන තක්බීර් වෙලා ඉන්න එක නොවෙන්න පූලුවන් ඒත් ඒක වෙන එකක් කියලා අපිට කියන්න බෑ. සයිනොපාම් ගැහුවම ඉන්න ජුන්ඩා තවත් ජුන්ඩි වෙලා යනවා කියලා කවුරු හරි කිව්වොත් ආදරේ නාමෙන් ඉවසගෙන ඉන්නවා!

එහෙම දවසක්ම ඉදලා හවස ගෙදර ආපු ගමන් අඩි රූලත් අරගෙන බාත් රූම් එකට රිංගා ගන්න් එක..


ආදරෙයි ඉද්ද මල..😎😍 වෙලා තියෙන වෙලාවක මගේ වෙනවද ටිකකට පිරිලා තියෙන මල්  පෙත්තක් ආදරෙම් මිරිකලා හාදුවක් දීලා රිදෙන්නේ නැති වෙන්න හපන්න

🖤😘



කවී අයියේ පී ඩී එෆ් කරලා එවන්නම් ..උඹ නැත්නම් ස්ක්‍රිප්ට් වෙනක් කරනවා...

.........................................

හැම දේම කැස්සකට පදිරි වෙනවා මල්ලී!! 

ටටා...

කවී.

Friday, August 20, 2021

ඇය සහ පිච්ච මල එක්ක පිච්චුන තැන.

 හොද හුස්මක් අරන් නිදා ගන්න වෙලාවක නිකමට උඹ උඹ නොවී වෙන කෙනෙක් කියලා හිතලා ඌ හැසිරෙන විදිහට හිතන විදිහට හිතලා එහෙම ජීවත් වෙලා බලපන්. ඒක නිකන් මනෝ කාය විතරක් වෙන් වෙලා ගිහිල්ලා තව එකෙක්ගේ ඇගක් ඇතුලේ පැලපදියම් වෙනවා වගේ වැඩක්.

එහෙමත් වෙලාවකට තමයි එහෙන් මෙහෙන් අහුලගත්ත වචන එකතු කරගෙන මම ශේන්ගේ ලෝකයට සම වදින්නේ.

ආදරයක් හා ඉද්ද මලකයි තියෙන සමානතාවය හොයන්න ගිහින් අතරමං වුනු කෙනෙක් කියලා ශේන්ව හදුන්වන්න බැහැ. ඒත් හැමතැනම වගේ තියෙනේ එකම හැඟීම. සමහර තැන්වල ලස්සන පාට ගාලා තිබුනට , පාට පාට පොස්ටර් අලවලා තිබුනට ඒ හැම එකක් යටම තිබුනෙ හිත ඇතුලටම හෑරිලා ගියපු ගැඹුරක් නොපෙනෙන කුහර.

දැන් මම ටික වෙලාවකට ශේන්!

.......................................................................

එක වෙලාවකට ආදරේම විතරක් හොයාගෙන කෑ ගහන විලාප තියෙන හිතක් වගේම වෙලාවකට කිසිම වචනයක් නොකියා විකාර දේවල් කල්පනා කරන ආත්මයක්. හොදම යාලුවෙක් එක්ක බත් කටක් කනකොට ඌ බත් එක ගැන හිතන කොට  මට හිතන්න ඕන වුනේ කොළඹ ගෙන්දගම් පොලවේ පිපුනු ඉද්ද මලක් ගැන . ඒක පිපුන හැටි ගැන. කාලයකට කලින් මම හිතන් හිටියේ යාලුවෙක් කිව්වම ඌ මටම විතරක් අයිති බව ඒ වගේම මම හිතුවේ ඌ මටම විතරක් ආදරය කරන්න ඕන වගේ හැඟීමක.

ඒත් කාලයක් යද්දී මට තේරුම් ගියා මගේ හොදම යාලුවා මට විතරක්ම අයිති නැති බව ඒ වගේම මටම විතරක් ආදරේ නොකරන බව. එතන තනිකරම තියෙන්නේ කනපිට ගැහුනු අයිතිවාසිකම් වගේම බැදීම් ගොන්නක්. සමාජය කෙලවරේ හිටගත්තම අදටත් අත දිග ඇරන් තුරුල් කරගන්න තරම් විශ්වාසයක් තියෙන යාලුවෙක් ඉන්නවා නම් ඒ එක් කෙනෙක් විතරයි  කියලා හිතෙන තරමට කල්පනා කරපු වාර අනන්තයි.

කාලෙකට කලින් හොදම යාලුවා එක්ක ඒකිගේ තනියට රන්බොඩ තියෙන තේ වත්තක නවතින්න යන්න වුනහම දෙසැරයක් හිතන්නේ නැතුව ඒකිම පැදගෙන ආපු කාර් එකට ගොඩ වුනේ ප්‍රශ්නයක්වත් අහන්නේ නැතිව. තාත්තට අයිතිවෙලා තිබුනු ඒ  ෆැක්ටරියෙ සිස්ටම් එකක් හදන්න දුවට ගිහින් නවතින්න වුනු එකත් අමුතුයි තමා. ඒත් ඒ හැටි අයිතිකාරය ඕන වෙලාවක වෙනස් කර ගන්න පුලුවන් වෙන විදිහට තමා ඒක හදා ගන්න ඕන වෙලා තිබුනෙ. මගේ ජීවිතේ මම ගෙවපු හොදම සති තුන හතර කියලා කියන පුලුවන් ඒ.

ගිහිල් පලවෙනි දවස් දෙක තුනේ ඒකි උඩ කාමරේ හිටියට හතර පස් වෙනි  දවස් යනකොට පහලට ඇවිත් මාත් එක්කම මේකිගේ තාත්තාගෙ පර්සනල් බාර් එකෙන්  වයින් හරි විස්කි වලින් හරි සීතල යවාගෙන බැල්කනියෙ තියෙන හාන්සි පුටු දේකේ දිගාවෙලා එක එකාට අමු කුනු හරපෙන් බැන බැන ඒකිගෙ කලින් කොල්ලාටත් දෙස් දෙවොල් තිය තිය තරු දිහා බලන්න උත්සහා කරනවා. ගොඩක් රෑ වෙනකොට සීතලත් වැඩි වෙනකොට ඇදන් ඉන්න ස්කිනියටයි ශෝර්ට් එකටයි ඒ සීතල දරා ගන්න අමාරු වුනාම කෙල්ල නවතින්නේ මම ඉන්න හාන්සි පුටුවේ. ලේනෙක් වගේ උණුසුම් වෙන්න දගලනවා මගේ අස්සේතුරුල් වෙලා. 

සමහර වෙලාවට නින්දෙන් හරි වෙරි මරගාතේන් වගේ හරි කියවනවා උඹ මට ඉන්න එක හයියක් උඹ මට ආදරේ දෙන්නෙ නැති එක වැරද්දක් කියලා. 

හොදම යාලුකමක් ආදරේකට පෙරෙලුනාම ලස්සයි ඒ වගේම ටිකක් භයානකයි කියලා මට තේරුනේ මේ අත් දැකීමෙන්මයි. මහ රෑක තනියම ඉන්න බය හිතුනම හොරෙන්ම ඇවිත් මහේ ඇදේ කෙලවර නිදා ගන්න පටන් ගත්ත දේවල සතියක් යනකොට හැමදාම මට තුරුල් වෙලා ඉන්න ජීවිතයක් බවට පත් වුනේ බලන් ඉද්දි. මට අවශය දේ මොනවද ඒ මොන විදිහටද කියලා මේ කෙල්ල දැනන් හිටියා වගේම ඒ කෙල්ලට ඕනෑ කරන්නේ මොන වගේද කියලා අපි කතා කරගත්තා. සමහර වෙලාවකට හැමදාම වගේ තුරුලෙන් ඈත් වෙලා උදේම ඇද ලඟ තියෙන ඇදුම අදින ගමන් මට කිව්වේ උඹ මටවත් මම උඹටවත් අයිතියක් ඇත්තෙම නෑ කියලා දැන දැනත් උඹ මටත් මම උඹටත් ආදරේ කරන එක පුදුමයි නේද බන් කියලා.



කවමදාවත් මට දෙයක් හිතේ හංගගෙන මාව තේරුම් ගන්න කියන්නේ නැතුව මේකි කලේ වක්කඩක් කැඩුවා වගේ හැගිම් බෙදාහදා ගන්න එක. ඒක ලංකවේ හැටියට වල් කම කිව්වට කැනඩාවේම අවුරුදු 17ක් වෙනකම් හිටපු මේකිට නම් එහෙම හිතන්න වුවමනාවක් නෑ. ගෙදර කෑම උයන්න එන අංකල්ට වැඩපුර කීයක් හරිත් දීල සිගරට්ගෙන්න ගෙන බැල්කනියෙ අයිනකට වෙලා එකම සිගරට් එක බොන ගමන් මට ජීවිතේ විදින හැටි පුරුදු කලා කිව්වොත් වැරදිත් නෑ. ඒ එක්කම සමාන්‍යයෙන් කොල්ලෙක් ඉස්සර වෙලා අහන්න ඕන ප්‍රශ්න මේකි මගෙන් අහනවා ඒ වගේම ඒ හැම එකකම අන්තිමේ මමත් කියවන්න පුරුදුවුනා උඹ මටත් මම උඹටත් අයිති නැතුවත් ආදරේ කරනවා අපි. අපි මේහෙට එනකොට හොදම යාලුවෝ ඒත් දැන් අපි කසාද නොබැද එකට ඉන්න කපල් එකක්.

අම එහෙම කියෙව්වම ඒකිට කියන්නේ තිබුනෙත් අමුතුම උත්තරයක්..

නෑ අපි තාම එහෙම නෙමේ ශේන් අපි හොද යාලුවෝ අපේ තනිකම නැති කරගන්න තමයි අපි මේ බැදීම් වල බැදෙන්නේ. ශේන් උඹ කවදාක හරි මාව නැති කරගන්න කැමතිද? මම වෙන කෙනෙක්ට ආදරේ කරනවට කැමතිද?

එන්න කලින් නම්  අවුලක් නෑ ඒත් දැන් නම් ඒ ගැන හිතනකොට අවුලක් දැනෙනවා.

වැඩක් නෑ ශේන් උඹටත් බදීන්නම හිතාගෙන ආදරේ කරන එකියක් ඉන්නවා මටත් ඒ වගේම එකෙක් ඉන්නවා හැබැයි ඒ හැඟීම් ඊර්ශ්‍යාව වගේ දේවල් වලින් අල්ලන් ඉන්නේ. ඒකයි මම කිව්වේ නිතරම උඹ මගෙත් නෙමේ මම උඹෙත් නෙමේ හැබැයි අපි ඇත්ත හංගන්නේ නැතුව බෙදා හදාගෙන අදරේ කරනකොට දැනෙනකොට ඒක සුන්දරයි. ඒත් එක දවසකදි ශේන් උඹට මගේ මූන එපා වෙයි මගේ පපුව එපා වෙයි කොටින්ම උඹට මගේ ඇඟම එපා වෙයි.පුරුද්දට ගිහින්. උඹ වෙනසක් හොයයි. මම වෙනසක් හොයයි ඒත් අපි හිත් රිද්ද ගන්න බෑ කියලා හිතලාබොරුවෙන්ම ගෙවාගෙන යයි ඇත්ත හංගගෙන.

එහෙම කියපු එකා මාසෙ අන්තිම වෙනකොට කියන්න ගත්තා කැමතිනම්‍ යමු කැනඩාවලට මාත් එක්ක. උඹ මැරුනු කෙනෙක් අතුරුදහන් වුනු කෙනෙක් ගානට වැටෙයි එහෙ එක්චරයි . උඹට ආදරේ කියපු කෙනා වෙන කෙනෙක් කසාද බදී එච්චරයි...උඹ මාත් එක්ක ඉදී අපිඅපිට ඕන වෙනකන්. හේතුව මම උඹට ආදරේ කරන්න අරන් බන් ශේන්.



එහෙම කියලා එක් ඉරිදාවක බන්ඩාරනායක ගුවන් තොටුපලට ගිහින් ඇරලපු කෙනා ආයේ කවදාවත් ආවෙ නෑ. කතා කලෙත් නෑ. දැන් අවුරුදු හයකටත් වැඩී.

කොහොම නමුත් ඒ මතකය අලුත් කරන්න ඒ තරම්ම ලස්සන අලුත් මූනක් ඒ අර කෙලලමයි කියලා රැවටෙන තරමටම සමීප තවත් කෙනෙක් ජීව්තේට එබිලා හිතට ආදරේ දැනෙනකොට ඉවසන්න බැහැ කියලා හිතෙනවා . මූනෙන් ඇදලා අරන් කම්මුල් දෙක මිරිකලා හපන්න තරම් හිතුනත් ජීවිතේ සමහර දේවල් දිහා බලන් සතුටුවෙන එක හොදයි කියලා කල්පනා කරලා ඉද්ද මල දිහා බලාගෙන ඉන්නවා.

හැමදාම වගේ තවත් කෙනෙක් මතක් කලොත් විතරයි දැන් උඹටත් මාව මතක් වෙන්නේ.

මේ වචන ටික අරූටදුන්න නම් බ්ලොග් එකේ අමුවෙන්ම් දාන්න ඉඩ තියෙන හින්දා සංසකරනය කරලා ඌට හෙට මැසේජ් එකක් දානවා. කවී අයියා මොනා කරනවා ඇතිද දන්නෙ නෑ හැබැයි දැන්?

..........................................



උගේ ජීවිතෙන් මිදිලා මම මගේ ශරීරය ඇතුලෙ ආයෙත්. ස්තූති ශේන් තොගේ ඔය අමුතුම ජීවිතේට පින්සිද්ද වෙන්න මම ලියනවා අමුතුම කතාවක් . ඉද්ද මල් අරලිය මල් පිපෙන හැටි බලාගෙන..

ටටා..

කවී. 

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...