කොහෙත්ම ඉඩ නැති වෙලාවක මිනිස්සු ඔහේ දුවගෙන ගිහින් අඩුම ඉඩ ඇති තැනක නවතින්න සිද්ද කරන වැස්සට මම ආදරය කරනවා.
ශේන් කියන විදිහට ජීවිතේ දකින්නනම් හොදින් ඔතා ගත් ගංජා ටිකක් මාසෙකට සැරයක් විතර අදින්න ඕන. ඒ වෙලාවට කියන දේවල් වොයිස් රෙකොඩ් කලානම් ඒ අදහස් විකුණලා කෝටි පතියො වෙන්න තිබුනු බව පහල වචන වලින් තේරුම් ගන්න පුළුවන්.
හිතපන් කවී අයියේ..හොදට හිතලා බලපන්..!
වෙනදට පොඩි දර මඩුවක්, පොඩි ලෑලි කඩයකින් ඉස්සරහට පැනපු වහල කෑල්ලක් දිහා හැරිලවත් බලපු නැති මිනිස්සු ඒ තැන්වල එකිනෙකාට ළඟින් හිටගෙන ඉන්නෙ වැස්ස පායනකන්.
ගෙදර ඇවිත් නිවී සැනසිල්ලේ කල්පනා කරනවා කියලා මටම මවාපෑමක් කරගෙන කල්පනාවට එන දේවල් නම් හරිම අමුතුයි. ජනේලෙන් යන්තම් ඔලුව උස්සලා බැලුව පේන්නේ ඉද්ද මලක් වැස්සෙ තෙමෙන හැටි!
කොහොමද මම මිනිස්සුන්ට මේක ආදේශ කරන්නේ , මම වැස්ස වුනොත් ආදරේ දුවන මිනිස්සු , මම දුවන මිනිස්සු විදිහට ගත්තොත් වැස්ස ආදරේ කියලා හිතන්න පුලුවන්. ඇත්ත ඒ උඹලට හිතෙනව් විදිහ. ඒත් මම තමයි අර අයිනෙ තියෙන පොඩි කඩේ වහල කෑල්ල. අර උඹට හෙවන දීපු පොඩි දර මඩුවෙ ටකරම් කෑල්ල.
එතකොට වැස්ස තමයි උඹේ හැඟීම්, හෙන ගහනවා වගේ හයියෙන් වැටෙනකොට උඹට උඹ අමතකයි එතකොට ? වරෙන් දුවගෙන අර හෙවනට. හොදම දේ මම දන්නවා මේ නැවතීම තාවකාලික බව වැස්ස නිසාම. හෙත් හේතුවක් නැතුව මම ගොළු වෙලා ඉන්නවා ඉන්නකන්ම.
ඇයි උඹට මට ආදරේ කියන දේ දැනෙන්න විදිහක් ඇත්තේම නැද්ද? නැත්නම් දැනුනත් ගොළු වෙලා වගේ ඉන්නවද? හොදම දේ ඇති වීම කෙසේ වෙතත් නැති වෙන්න හරි ආදරේ කරන එක. ඒ කියන්නේ නැතිවෙන බව දැන දැනම ආදරයක් දෙන එක. පෙරලා ආදරයක් නොලැබෙන බව දැන දැනම ආදරය කරන එක.
ශේන් මට දැන් ඕක නීරස වේගන එන්නෙ බන්.ඔය අහිමිවීම් නොලැබීම් වගේ දේවල් , ආදරය කියන් දේ උඹ හොයන්නේ අමුතුම තැන් වලින්.
ඔව් ඒක හරි වෙන්න පුලුවන් ඒත් බලපන් අයියේ හිතට දැනෙන්නේම ලොකු දෙයක් විදිහට ඒක.
සමහර වෙලාවට එකම එක මැසේජ් එකක් ඇති දවසම පටලෝගෙන කල්පනා කරන්න..
ශේන් ඒ කියන්නේ. සාම්පල් මැසේජ් එකක් නැද්ද?
අහ් ..ඒ කියන්නේ මෙන්න මේ වගේ. " දැන් ඔයාට මාව මතක නෑ නේද? ඔයා දවස් කීපයක්ම කතා කලේ නෑ" වගේ දෙයක්!
නැත්නම් උඹගෙ වචන දුසිමක්.එලියට පනින මූණ අල්ලන් මිරිකගෙන ඉන්න ස්ටිකර් එකක් එවන එක වට්සැප් එකට..මේ ස්ටිකරේ ඔයා කියලා 🙄
එතකොට අයියා මට හිතන්න කියන්නේ ඒ වචන අස්සේ තිබුනේ යාලුවෙක් කියන හැඟීම විතරමයි කියලද? නෑ මට දැනුනේම ඒ වචන් අස්සේ ආදරයක් තිබුනු බව හැබැයි මොන මට්ටමේද කියන්න බැරි අවස්තාවක තමයි අපි ඉන්නේ.
හරි ඒ කියන්නේ උඹ ඉන්නේ අමුතුම ලෝකෙක , ඒ කියන්නේ පිටසක්වල ග්රහ ලෝකෙකද කියල හිතෙවා එක්කෝ උඹ අධ් බුද්ධියක් තියෙන ඒලියන් කෙනෙක් නැත්නම බම්පර් ටැබ්ලට් ඇපල් ටැබ්ලට් ස්ටෑම්ප් දාලා ට්රැක් පන්නා ගත්ත මන්ද බුද්ධික පෘතුවි වැසියෙක්.
දෙකම වෙන්න පුළුවන් කවි අයියේ. උඹ දන්නේ නැති වුනාට ජනේලෙන් මට පේන අර ඉද්ද මල මම තුරුල් කරගන හිතින් ඉඹින්න ඇති දහස් වතාවක්.නැත්නම් වෝල් පේපර් එක පුරාවටම ඒ ෆොටෝ එකක් දාගෙන දකින දකින වාරයක් ගානේ රෝස පාට තොල් පෙති, ඈතින් තියෙන ඇහි බැමි කාටත් හොරා ඉඹගෙන ඇති සියක් වතාවකට වඩා ..ඒකයි අවුල.
හෙට සදුදා අයියේ සමහර විට ආයෙත් හෙට ඉදන් එන ඉරිදා වෙනකන්ම මට අමතකයි කියලා ඉද්ද මල වුනත් හිතයි කියලා මට හිට්තෙනවා.ඒත් ඒක සාදාරණයි ද නැද්ද කියන්න මට තේරුමක් නම් නෑ
ශේන් ..ඒකට උත්තර මගේ ලඟ නෑ. උඹ ඉද්දද මල් පඳුර තුරුල් කරගෙන අහන්න ඕන දේවල් මගෙන් ඇහුවට කවමදාවත් උත්තර ලැබෙන්නෙ නෑ. උඹට අනුමාන කිරිමෙන් ලැබෙන තර්ක කිහිපයක් විතරයි මට දෙන්න පුලුවන්.
ටටා...✌✌
.කවී.
No comments:
Post a Comment