මිනිස්සු සිහි විකල් වෙන තැන්වලදි ආදර් හංගගන්නවා ඇති නැත්නම් ආදරේ හංගගත් තැන්වලදි සිහි විකල්වෙනවා ඇති.
ඒ කොහොම වුනත් සමහර ජීවිත තියෙනවා ඔය හරි මැද්දෙ නැවතිලා අයිතියක් නැති එවුන්ට ආදරේ කරන. හොදම එවුන් නෑ ඉන්නෙ හැඟිම් විසින් නියම කරපු ස්තානයට වෙලා ඒ හැඟීම් වලම පොඩි පලුද්දක් සිදුරක් අහු වෙනකන් ඉක්මනට ඇතුලට රිංගා ගන්න.
එතකොට මිනිස්සු වල්මත් වෙනවා තමයි! හෙමින් හෙමින් ඇල්කොහොල් ජුන්ජක් වත් කටේ හලා ගන්නේ නැතුව.
කවදාක හරි ආදරේ කරපු මනුස්සයෙක්ට අමතක වෙලා බලපන්, අමතක කරන්නේ නැතුව. ඔලුවෙ මැද්දෙන් කරන්ට් එකක් වදිනවාවගේ දැනෙයි. නැත්නම් මුලු ඔලුවම එක පාරටම රත් වෙලා කුල් වෙනවා වගේ හැඟීමක් එයි. එදාට නැවතිලා මතක් කරපන් අමතක කරපු ආදරේ ගැන
ශේන්!
කිසිම හේතුවක් නැතුව ආදරේ කරන්න ඕන කියලා හිතුනම ආදරේ කරන්නේ කොහොමද නීතිවිරෝදී ආදරයක් තියෙන්න පුලුවන්ද? නැහැ ආදරය නීති විරෝදී නැහැ මිනිස්සු නීති හදුන්වා දුන්නේ නැත්නම්.
කවමදාවත් අතින්වත් අල්ලන්න නොලැබෙන කෙනෙක්ට ආදරේ කරන එක සෑහෙන්න අමුතුයි වගේ හිතුනට ඒක එච්චර අමුතු නෑ.. හැබැයි අමාරුයි. සාරියක් ඇදපු , සුදු ඇදුමක් ඇදපු මූනක් දිහා බලන් හූල්ල හූල්ල ඉන්න එකම කොච්චර ලේසි ඇතිද නේද? ඒක වේදනාකාරීද?
මට ඕන නෑ මම ජිවිතේ දැකපු ලස්සනම ඉද්ද මල කඩලා රිද්දන්න. ඒත් මට ඕන ඒ මල මගේ තුරුලට ගන්න , පිපුනු පෙති ආදරෙන් ඉඹ ගන්න..ඒත් ඒ මදි..වගේම ඒත් ඒ ඇති!
ඒ ඉද්ද මල නටුවෙන් කඩන්නෙ නැතුව සුවද විදින්න අදහසක් කාගෙ ලඟවත් නැද්ද ..අඩුතරමේ කවි අයියගේ බන්ටි මොලයටවත් එන්නේ නැද්ද?
ඉද්ද මල හුස්ම ගන්න තැන මගේ නහය නවත්වගෙන මොන වගේ සුවදකේ හුස්මෙ රැදිලා තියෙනවද කියලා බලාගන්න.
මල්පෙති වලට රිදෙන්න වහින වෙලාවක ඒ මලම තවත් කෙනෙක්ට කියනවා ඇති දුර ඈත ඉන්න කෙනෙකුට..මට ආසාවක් ආවා මෙන්න මෙහෙම තුරුල් වෙලා ඉන්න කියලා. සමහර විට ඉද්ද මල ගහේම තිබුනට සුවද දුර ඈත රටක කෙනෙකේ අල්මාරියක් අයිනේ හරි ස්මාර්ට් ෆෝන් එකේ හරි ඇති කියලා ඇස් රතු කරගත්ත වාර අනන්තයි. එච්චර ෆැන්ටසියක්.
වෙලාවකට කෑ ගහලා ආදරෙයි කිව්වට. පෙරලලා ආදරේ බලාපොරොත්තු වෙනන බෑ.මොකද ඉද්ද මලේ ඇස් වලට මට වඩා මගේ ඇගපුරා ඇමිනිලා තියෙන රෝස කටු වගේම ඒ කටුවලින් හීරුනු තැන් පේන නිසා ඈතටවෙලා බලාගෙන ඉන්නවත් ඇති සමහර වෙලාවට.
ඒත් මොනවා කරන්නද ආදරේ කියන්නෙම ඒ ලෙවල් ප්රශ්න පත්තරයක් එක වසරෙ කොල්ලෙක් ඉස්සරහා තියලා ලියපන් කියලා තරවටු කරන. එත්කොට උගේ මානසිකත්වය පේපර් එක දිහා බලාගෙන තක්බීර් වෙලා ඉන්න එක නොවෙන්න පූලුවන් ඒත් ඒක වෙන එකක් කියලා අපිට කියන්න බෑ. සයිනොපාම් ගැහුවම ඉන්න ජුන්ඩා තවත් ජුන්ඩි වෙලා යනවා කියලා කවුරු හරි කිව්වොත් ආදරේ නාමෙන් ඉවසගෙන ඉන්නවා!
එහෙම දවසක්ම ඉදලා හවස ගෙදර ආපු ගමන් අඩි රූලත් අරගෙන බාත් රූම් එකට රිංගා ගන්න් එක..
ආදරෙයි ඉද්ද මල..😎😍 වෙලා තියෙන වෙලාවක මගේ වෙනවද ටිකකට පිරිලා තියෙන මල් පෙත්තක් ආදරෙම් මිරිකලා හාදුවක් දීලා රිදෙන්නේ නැති වෙන්න හපන්න
🖤😘
කවී අයියේ පී ඩී එෆ් කරලා එවන්නම් ..උඹ නැත්නම් ස්ක්රිප්ට් වෙනක් කරනවා...
.........................................
හැම දේම කැස්සකට පදිරි වෙනවා මල්ලී!!
ටටා...
කවී.
No comments:
Post a Comment