ජීවිතේ කවමදාක හරි දැනිලා තියෙනවද සම්පූර්ණයි වගේම අස්ම්පූර්න බවක් එක මොහොතක. ඒ වගේ මොහොතක් එන්න පුලුවන් ජීවිතේ සනහර විට එකන එක පාරක් වෙන්න පුලුවන්. ඒ සී එකේ කූල් එක වැඩි කමට කකුලෙ දනහිසෙන් උඩ හම වේලිලා සුදු පාටට පේන වෙලාවක උඹට දැනෙන දේ ගැන නෙමේ කතා කරන්නේ හිත සමතුලිතයක් නොවෙන තැනක් ගැන.
මිනිස්සු ආදරේ හියන් එලවනකොට නොදැනීම ආදරේ එනව උන් පස්සේ කාලයක් තිස්සේ නොදැනීම ඇත්තටම ආදරේ කියල නැවතිලා බලනකොට පේනවා ලඟින්ම ඉන්න ඇත්තටම ආදරේ දැනුනු අය එක්කෙනෙක් දෙන්නෙක් එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි ගානක්.
දැන් කොහොමටත් අයිති නැහැ කියා කියා අඩනවට වඩා ඈතකට වෙලා නන්නාදුනන විදිහට ඉන්නවට වඩා හොදයි ලඟින්ම ඉන්න එක ආදරේ කරන එක ඒ ආදරේ සීමාව දැනගෙන. ආදරෙ බෙදා ගන්න එක අවුලක්, ලොකු අවුලක්. ගෙත්තම් කරපු කවියක , ඇදපු සිත්තමක් පුරා උඹ හිටියට එක සෙන්ටිමීටරයක් වත් උඹේ කම්මුල් ලඟට එන්න බැරි වුනා කියලා හුස්ම අල්ලන මහ රෑක මට හිතේවි දේවල් තව විනාස වුනා නම් විනාශ වුනා නම් මොන තත්වයක් ඒවිද කියලා.
උඹේ කම්මුල් ලඟට එන්න බැරි වුනාට ආදරෙන් පිට මැද්දට තට්ටුවක් දාන එකම ජයග්‍රහණයක් විදිහට හිතෙනවා වෙලාවකට. ඒක බොහොම ආදරනීය පහර දීමක් හැබැයි ,, හැබැයි ඒ තල්ලුවටත් උඹ ඉස්සරට විසි වෙද්දි දුකක් වගේම ආදරයක් දැනුනා, ජීවිතේ එහෙම තමයි. ආදරෙන් මිරිකන්න හිතෙන කම්මුල් හැමදාම මග ඇරෙනවා මොනවා හරි හේතුවකට.
ආදරේ ලබන දවසක් වෙනුවෙන්! ඇත්තටම එදා යාලුවා තෑගි කරපු ඇදුමට වඩා තදවුනු ඇදුමට ලස්සනට පේන්වා වෙනද වගේම ඇඟ නෙමෙයි ඒ ආදරනීය මූන පිරුනු කම්මුල් , රෝස පාටට ටිකක් උඩට නැමුණු උඩ තොල, ඔව් ඒවා මගේ ඇස් වල ABS බ්‍රේක් සිස්ටම වලට සම්බන්ද දේවල්.
සමහර කතාවල වල වගේ හදිසියෙන් හම්බ්වෙන මිනිස්සු වගේ නෙමේ උඹ මට හම්බවුනේ, ඒකත් මම ආදරේ කරපු මුහුනක් එක්කම, අලුත් අවුරුරුද්දක් එක්ක අලුත් විදිහට ගියාට උඹ ගැන හිතේ තිබුන ආදරේ නම් අඩුවක් වුනේ නෑ මම හිතන්නේ.
මොන ප්‍රශ්නෙ ආවත් හරි ලස්සනට හිනා වෙන උඹ මට අතපසු වෙන්නේ විනාඩි තත්පර ගානකින් නෙමේ අවුරුදු ගානකින්. ඒත් තාමත් මම කැමති උඹට ආදරේ කියන ගමන් මැරිලා යන්න.
උඹේ හිතේ ගුලි කර ගත්තු හැඟිම මොකක්ද කියල මම දන්නේ නෑ ම ගැන ඒත් ඔය මූන දන්නවා නම් හිතේ එක තැනකින් තාම ආදරේ කරන බව.
දෙවියො දෙන විදිහ හරිම පුදුමයි තමා, වටිනාම දේවල් දෙන්නේ පහු වෙනකොට නමුත් අපි ඇත්ත හංගන්නේ නැතුව ඉන්න ඕන ජීවිතේදි. හදවත් දෙකක් පිහිටලා වගේ හෙමින් හෙමින් ආදරේ කරමින් බලන් ඉදමින් මැරිලා යනවා.
කිසිම අදහසක් නැතුව මගේ දිහා බලන ඇස් දෙකේ තෙයන දේවල් මොනවද කියලා කල්පනා කරන්කොට , හිත නහයත් ඒක්ක ඇදිලා යන්නේ ඔලුව පුරා ගාපු ඕඩි කොලොන් සුවදට. ගීක කතා වල ඉන්න දේවතාවියන්ගේ කොන්ඩ මෝස්තරේට ආසා වෙනවට වඩා මට පෙනෙන්නෙම ඒ කම්මුල්. හදිස්සියක් නෑ . තව ටික කාලයක් මට උබගේ හිනාව බලාගන්න පුලුවන්. තාමත් මම හිතනවා ඇයි මගේ හිත එක පාරටම උබට ආදරේ කරන්න ගත්තේ කියලා.
ශේන් ආදරෙන බලන් හිටියට උබව තියාගෙන ඒ ගස් අතු යටින් බයික් එකේ තියාගෙන උබේ උපන්දිනයට කලින්, කවද හරි දවසක මාවත් තියාගෙන උබ පදිනවනම් බයික් එක , එතනත් දැනේවි ආදරයක් කියල මම හිතනවා. ආදරේ තියෙන්නෙ ඇද උඩට ගන්නකන් විතරනම් එතන ආදරයක් තියෙන්නෙ විදිහක් නෑ කියලා මම සෑහෙන්න කාලෙකට කලින් දැනගෙන හිටියා. ඒත් මගේ කොලපාට වාහනේ පිටිපස්සෙ තියන් උබ මාව අරගෙන යනවා හෙමින් හෙමින්. හරි පුදුමයි සමහර දේවල්.
කවමදාක හරි තණමල්විලට ඒ හද පායයිද!
මම ඒකයි තවමත් උඩ බලන් ඉන්නේ,,,
.කවී
නියමයි අයියා. ඇත්තටම කියවන් යනකොට සමහර තැන් සමහර දේවල් එක්ක අතීතෙට ගියපු අවස්ථාද තිබුණා. ඉස්සරහටත් මේ විදිහට මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් විදිහට ලියන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය...❤️ (මීට කවී නංගී)
ReplyDeleteThanks Kavi Nangi <3
Delete:/
Delete🙄 why?
Delete