මිනිස්සුන්ට ඕන තමන්ව හදා ගන්නවට වඩා අනිත් එවුන්ව හදන්න.
සමහර කතා තියෙනවා හරිම පුදුම විදිහට පටන් ගන්න ඒවා සහ එතනින් එහාට සිතන්නත් යමක් ඉතුරු කර ඇති කතා.
මිනිස්සුන්ගෙ මූනට විතරක් නෙමේ ඇස් වලට කතා බහට හැසිරීමට ආදරේ කරලා බලපන් ඒක තනිකර මත් ද්‍රව්‍ය වගේ තමා. ඇබ්බැහි වෙනවා ඒ තරමට.
වනචාරි කියන සිතුවිල්ලෙන් ආදරේ වෙන් කර ගන්න ඕන නම් ඒ කියපු දේ කරන්න වෙනවා..
එක තැනක එක සින්දුවක තියෙනවා.. " දණහිසෙන් උඩ අඟලක් දැක්කත් සිල් බිඳගෙන" කියලා.
ඒකෙ ඇත්තක් නැතුවමත් නෙමේ! ඒත් පුදුම දේ කියන්නේ විදේශීක කාන්තාවක් කොටම කොට ඩෙනිම් කලිසමක් ගහන් පාරෙ ඇවිදගෙන ගියාට කොල්ලොන්ගෙ හැඟිම් ඇවිස්සෙන තත්වය ඉතාම අඩු මට්ටමක තිබීම.
උදා හරනයක් විදිහට ගෝල් ෆේස් එක ගාව ඉන්න අගල් දෙකහමාරක තුනක ඩෙනිම් ශෝටක් ගහපු සුද්දියෙක් දැක්කම් කොල්ලෙක් තමන්ගෙ ලඟ ඉන්න යාලුවට ශේප් එකේ ඇනලා කියන්නේ නෑ ශේප් එකේ බලපන් අර පර්වථය දිහා කියලා. හැබැයි ස්වදේශික කෙල්ලෙක් අඩි එකහ මාරක දෙකක ගවුමක් ඇදන් හිටියොත් අනේ වාසනාවන්! එහා පැත්තේ ඉන්න යාලුවට වැලමිටෙන් ඇන්නා හෝ නැතා හෝ ඇහැ ලාවට කරවල බලනවා.
සමහර විට විදේශිය හමකට වඩා ඔලිව් පාට ස්වදේශික හම ආකර්ශනීය ඇති. යම් මට්ටමකට.
වැඩි හිටි කාන්තාවන්ට අනුව නම් විලි බිය නැති වුන් කියලා කැටගරි කලාට. එහෙම ඇන්දාම කෙල්ලෙක්ට හොද නෑ කිව්වට..පිරිමි ඇවිස්සෙනවා කිව්වට. බොහොම අතලොස්සක් විතරයි ඔය කියනා කකුල් ලිංගික අවයවයක් විදිහට දකින්නේ. අනිත් එවුන්ට ඒ නිකන්ම කකුල් දෙකක් විතරයි. තට්ටමෙන් භාගයක් එලියෙ නැත්නම් අවුලක් නෑ නේ.
සමහර වෙලාවට මිනිස්සු නැතුවම නොවේ ඔය කියන කකුල පෙන්නලා මාකට් කරන, ලොක්කගෙන් ශේප් එකක් ගන්න බලන, අනිත් කෙල්ලට වඩා ටිකක් හරි තමන්ගේ කකුල පෙන්නලා චුට්ටක් කැපී පේන්න බලන.
ඒ නිසාම වෙන්නැති සමහරු ඇදන් ඉන්න ගවුමත් ඉනෙන් වට තුන හතරක් රෝල් කරලා උඩින් බල්වුස් එක දාගෙන කකුලෙ එක මට්ටමක් වෙනකන් ප්‍රදර්ශනය වෙනවද කියල සහතික කරගෙන් රාජකාරි පටන් ගන්නේ. ඇයි ? තමන්ට වඩා කෙනෙක් කැපිල පේනවට සමහරු කැමති නෑ. මූණ කැත තැන කකුල හරි පෙන්වා ශේප් වෙමි කියලා බොස් ගාවටම රිංගා කේලම් කීමෙන් සහ තවත් තමා වැනිම කෙනෙක් පිරිසක් අතර ගිහින් තවත් කෙනෙක් පහත් කරමින් කතා කරන එක වෙනමම අත්දකීමක් වෙන තරමට ලෝකෙ දියුනු වෙලා.
ශේන් කියනවා වගේ.. සමහර ඇදුම් වලින් යම් තාක් දුරකට මිනිස්සුන්ගේ ආදායම මනින්න පුළුවන් වුනාට මිනිස්සුගේ චරිතය හැදියාව මනින්න බෑ.
මූන විතරක් එලියට පේන්න අදින කෙනා වුනත් කොලිටීස් කියන දේ නැත්නම් වැඩක් නෑ..
ටිම්රාන්ගේ පොඩ්ඩියේ ගීතයේ අවසන් භාගයෙර් පද ටිකක්..
මත් වුනු ඹඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා"
රත් වුනු යකඩ ලෝ කුරු ගෑනුත් තැලුවා..
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේ මොනවා..
"පත්තිනි සළු වලත් ඇත් තුත්තිරි තිබුනා"
ආසෆ් අවිඩාන්ගේ (Asaf Avidan) බේබි වන්ඩේ (one day - baby) ගීතයෙ වීඩියෝව නරඹන්න තරම් අපේ මිනිස්සු දියුණුවෙලා නෑ!
ටටා..
කවී..