උදේ පාන්දර නැගිටගෙන වාහනේ හයි වේ එකට දාගෙන පැය දෙකාමාරට හම්බන්තිට ගිහින්. උදේ අටේ ඉදන් හවස හතර වෙනකන් රජයේ සේවය සපයන ස්තානයක් ඉදිරියේ බලන් ඉදලම එපා වෙලා තිබුනු මොහොතක සුපුරුදු දුරකථන ඇමැතුමක්!
හෙලෝ කවී අයියේ සේව් කර ගනින් මේක මගේ අනිත් නම්බර් එක!
අහ් ශේන් මොකෝ අවුල?
නෑ බන් අයියේ උඹ ෆොටෝ එකක් ස්ටේටස් දාලා තිබුනනේ හම්බන්තොට කියලා ඒකයි බැලුවේ
අහ් උඹ ඒකටමද කතා කලේ!
නෑ! ඇත්තටම මට තියෙනවා පරමාණුක අනු වල ජෛව විවිධත්වය ගැන දීර්ග ලෙස උඹ එක්ක කතා කරන්න.ඊට අමතරව ඩෙකල්මේසියාවට සුදුසු ප්රතිකාර ගැන සාකච්ඡා කරන්න වගේම පාංශු කාදනය සහ දිය සීරාව අතර තියෙන සහ සංයුජ සමබන්ධතාව ගැන පැහැදිලි කිරීමක් ලබා ගන්න. උඹට පුලුවන්ද අයියේ??
හරි එක පාරකට එක ගානේ ප්රශ්න යොමු කරන්න!
පලවෙනි දේ කවී අයීයේ! තට්ටු හතරෙන් කුක්කා වගේම මාත් එලියට යනවා .
එතකොට උඹේ අර නොහිමි කියලා තේරුම් අරන් ආදරේ කරපු ආදරේ?
ඒවා නොහිමි නේ අයියේ!
ඉරිදා රිවිශන් ක්ලාස් එකේ අස්සේ රෑ තිබුන, මම විනාෆි තුනකට ඒ කෙල්ලව තුරුල් කරන් හිටියා පරණ ටියුට් රූම් එකේ. මට ඒකිව අල්ලලා මිරිකලා පොඩි කරන්න තරම් හිතුනා. ඒ ටික වෙලාවට. ඊට පස්සෙ බයික් පාර්ක් කරන තැනට වෙලා මගේඑ දිහාවට කකුල දික් කරන් හිටියා! මටත ඉවසීම අඩුයි නේ බ්රෝ! මම ඒ කෙල්ලගේ කකුල අල්ලන්න ගත්තා. පට්ට සිනිදුයි අයියේ ! වෙල්වට් සබන්ඩ්ද් දන්නේ නෑ ගාන්නේ!
ඕයි ශේන් මල්ලී! තමුසෙ අර දෙනෝදහක් ටියුශන් මුදාලාලිලා යන එන පාරෙ ඉදගෙනද කකුල අත ගෑවේ?
නිකම්ද බොට අසහනේ කියන්නේ!
නෑ නෑ කෙල්ල ඒක කරදරයක් කියලා කිව්වේ නෑ. කවුරු හරි එනකොට කකුල පාතට ඩානවා වීතරයි.
ඒ වගේම අයියේ මම කිව්වා අර ලඟට වෙලා හිටපු විනාඩි ගානට මට ඔයාව ඉඹින්න හිතුනා කියලා!
තෝ! ශෙන් ! ගුටි නොකා බේරුනාද!
මම කිව්වේ කවි අයියේ අපි දෙන්නම තේරුම් අරනනේ ආදරේ කලේ! අපේ හැඟිම් අපි හැන්ගුවෙ නෑ!
කොහොම හරි අද පන්දර ඒ කෙල්ල මැසේජ් එකක් දාලා තිබූනා. අයියේ ඔයාට බදින්න කෙනෙක් හිටියේ නැත්නම් මටත් බදින්න කෙනෙක් හිටියේ නැත්නම් ඔයාට ආදරේ කරන එක මහ දෙයක් නෙමේ මට ..ඒත් සමාවෙන්න කියලා!
සමාවෙන්න කියනේ මාත් එක්ක කතා කරපු ඒවට අයියේ ..ඒ කෙල්ලම කිව්වා හිත හදාගෙන අමතක කරලා දාන්න. ආයෙ පාරෙ දැක්කොත් වචනයක් දෙකක් කතා කරන්නම් කියලා. මොකද එයාට මව දැක දැක නොදැක්කා වගේ යන්න බෑ කියලා!
කවී අයියේ උඹ හරි. අන්තිමේ ඉතුරුවෙන්නේ වේදනාවක්.
ඒක හරි ශේන් මල්ලී.ඒත් මතක තියා ගනින් ඔය අසම්මත හැඟිම් පණපිටින් වලදැම්මාම කාලයක් ගිහින් මිනිස්සු ඒවා ගොඩ ගන්නවා! සත්තු හාරනවා! තේරුනාද ඕවා භුමිදාන නොකර අදාහනය කරපන්!
ඒ වගේම මතක තියා ගනින් ! අපේම එවුන්.. අපි ආදරෙයි කියලා හිතන එවුන් ගමන්ක් යනවා කිව්වම ගානක් නැතුව හා කියන එවුන් ඉන්නවා වගේම. සමහර ජීවිත තියෙනවා කොච්චර ප්රශ්න තිබුනත් ජීවිතේ! පරිස්සමෙන් ගිහින් ඒන්න කියන! සමහර විට ඒ වගෙ වචනයක් ඇති මිනිස්සුන්ට දවස හොද වෙන්න.
ශේන් හිතපන්! මම යනව ලෝයර් ගාවට ඔප්පුවේ අත්සන් ටික ගහන්න ඕන!
බායි!.
හරි කවී බොස්.ආයුබෝවන්!.තියපන් ඕක රෙද්ද! මම ඇවිත් වගකීමක් සහිත පුදගලයෙක් මටත් වැඩ් තීනවා උඹට වගේ කයිය ගහන්න වෙලා නෑ..
යකෝ මූ බලපන්කෝ..එල එල ටටා!
කවියා.