ඇත්තටම ඒක කොහෙද?
මොකක්ද?
අර මම දීපු පාට පාට පිහාටු එල්ලපු ඩ්‍රීම් කැචර් එක?
ඒක තාමත් තියෙනවා පරිස්සමට ..මගේ ගෙදර, මගේ කාමරේ මට නිතරම පේන තැනක.
ඒ මගේ ජිවිතේට මම ගොඩක් ආදරේ කරන කෙනෙක් දීපු මට ගොඩක් වටින දෙයක්!
මට ඒකට අදහසක් දක්වන්න බෑ ශේන් කියන්න වගේ මෙන්න මේ එමෝජිය විතරක් එවලා තිබුනා 😳.
ඒකට කමක් නෑ ..හෙට යන්න ඕන බැංකුවට! කියලා ඉමන්දරා කියනකොට
ඒ මොකටද? ඉතින් මම අද සල්ලි ගන්න ආපු වෙලාවෙ කිව්වා නම් බයික් එකෙන් එක්කන් යනවා නේ බෑන්ක් එකට!
ඕන නෑ දන්න මල්ලි කෙනෙක් ඉන්නවා, තාත්තා වැඩ කරන්නේ ඒ බෑන්ක් එකේ.
ඉතින් අම්මා එක්ක යන්න බැරිද?
බෑ නේ අම්මා වැඩ, ඒවා පාඩු කරන් එන්න කියන්න බැහැ නේ.. මම ඉතින් ඒ මල්ලි එක්ක යනවා!
මට ජේ වගේ ඉමන්දරා!
ඒ මොකටද ශේන් අයියා ජෙලස් වෙන්නේ?
මම නැතුව ඒ මල්ලි එක්ක යන්න හදන එකට! දන්නවා දවසක ක්ලාස් එකේ පාටියක් ඉවර වෙලා ගෙදරට ගෙනත් දැම්මා කිව්වේ ඒ මල්ලි නේද..?
නෑ නෑ මේ එයා නෙමේ.. මේකා පොඩි එකෙක්!
ඒ කියන්නේ කොහොමත් ඔය ගමන අද යන එකක් නෙමේ එහෙනම්.!
හ්ම්ම්..
(හ්ම්) මේ තියෙනේ මම හුඟක්ම අකමැති වචනයක්!
මේ වචනය පාවිච්චි කරන්නේ කතාවක් තව දුරටත් රසයක් නැත්නම් කැමැත්තක් නැත්නම් .. මුකුත් කියන්න දෙයක් නැත්නම් කොටින්ම ඒ කතා කරන එක වැඩක් නැත්නම් මිනිස්සු පාවිච්චි කරන්නේ හ්ම් කියන වචනය..
මම කවදාවත් මිනිස්සුන්ට කියන්නේ නෑ මම මේ එන්නේ උදේ පාන්දර ගෙදරට ඉන්න එක එපා වෙලා කියලා! සමහර වෙලාවට උදේට නොකාම එන්නෙ ක්සිම දෙයක් නිසා නෙමේ ඔලුව එහෙම් පිටින්ම බර වෙන එකෙන්
නිදහඩ් වෙන්න.නිදහස හොයන් යන්න. කැමතිම මිනිස්සුන්ගේ මුණක් බලන්න..ඒත් සමහර වෙලාවක් එනවා අපි කොච්චර කැමති වුනත් ඒ මූණු වල අයිතිකාරයෝ කවමදාවත් කැමැත්තක් නොදක්වන.
මොකද හුඟලක් දෙනා හිතන්නේ ඒ ජීවිත සුරංගනා කතා වගේ කියලා.
ඉමන්දරාට තනියම බැංකුවට යන්න කියලා අනෙක් පාරෙන් හරවගෙන ඇවිත් වැව අයිනෙ පාරෙ නවත්වගෙන කල්පනා කලා තනියම කොහෙද යන්නේ කියලා.. හරි ඉමන්දරාව එක්කන් යන්නම් කියලා පොරොන්දු වුනු
ඒත් කවමදාවත් එක්කගෙන යන්න බැරි වුනු පාලම් පාරුව ගාවට. කලාතුරකින් එහෙම් මෙහෙට පටවගෙන් එන බයික් එකක් වාහනයක් ඇරෙන්න කවුරුත්ම නැති ඒ තැන මගේ හිතට පුදුම සැනසීමක්. ඒ සැනසීම හොයාගෙන යන
හැම වෙලාවකම මගේ හිතට ආවෙම ඉමදරා මෙතන වාඩි වෙලා හිටියනම් මාත් එක්ක කියලා. ඒක පාර්ශවික ආදරේ තියෙන භයානකම දේ තමා කාලය ගැන තියෙන අවබෝධය නැත්තටම නැති වෙලා යන එක.
සමහර ගත්ත තීරණ වලින් හිතේ හැම කොනක්ම එක පාර රිද්ද ගන්න කොට , සැනසීමක් දැනුනු මුහුණකට තිබුනු ඉමන්දරාත් දැන් ටික ටික දුරස් වෙලා යන හැටි මට දරා ගන්න බැරි වෙලා. මම වැඩ කකර ටහෙන ඉදන් හූවක දුරින් ඉමන්දරා වැඩ කරන තැන තිබුනත්. මට නිතරම ගිහින් කතා බහ කරන්න බැහැ වෙනවදා වගේ.. ඊටත් වඩා
ඉමදරාට ඉන්නවා හොදම යාලුවෝ රැලක් එතන, නිතරම එතනට ගිහින් හිත රිද්දවගෙන් හෙල්මට් දාගෙන අවුවෙ එනවට වඩා ඒ සි එකේ වාඩි වෙලා හිටියම දුක ඩැනෙන එක අඩු ඇති. සුදු කියන්නේ නිකන්ම නිකන් වැර්දි වහගන්න පාටක් කියලා මට තේරුම් ගියේ ඉමන්දරාගෙන්. වැඩ ඉවරවෙලා ස්ටේශන් එකේ වාඩි වෙලා ඉන්නකොට එයාට දකූනු පැත්තෙන් වාඩි වෙන් මම දැක්කේඅමුතුම පාටක් තියෙන මූණ. යන්තම් උඩට නැවුනු තොල් දෙක එහෙමත් නැත්නම් පපුව පටන් ගන්න හරියෙම තියෙන, එහෙමත් නැත්නම් නිකට ගාව තියෙන උපන් ලපයක ඒ හමට ගෙනාපු ලස්සන ගැන වචන්‍යක් නොකිය සෑහෙන්න වෙලාවක් බල්න් ඉන්න පුලුවන් කම තිබුනා මට. කොච්ච්‍රරක් ආදරේ දැනුනත් අයිතියක් නෑ කියල දැන දැනම ආදරේ කරන් එක පුරුද්දක් වෙලා. ඒත් තවත් කෙනෙක්ට ඉමන්දරා ආදරේන් කතා කරනකොට ආදරේ පෙන්වනකොට කියා ගන්න බැරි විදිහට ලේ කැටියක් බෙල්ලේ නහර වල ඉදලා පපුව සීතල කරන් පහතට බහිනවා වගේ. ඒත් එක් අතක බාදුරාවක් තියාගෙන අනිත් අතට ඉද්ද මලක සුවද විදින්නේ කොහොමද?
කවුරු හරි ගොඩාක් ආදරෙ කරන කෙනෙක් මේ ඉද්දමල කඩාගෙන අරගෙන ගියාට කමක් නැ පෙති තලන්නේ නැතුව! ඒත් මම කොහොමද නවත්වගන්නේ මේ ඉර්ශ්‍යාව කියන හැඟීම. ඒක ආදර වෙන්නත් අඑති ස්මහර විට.
සමහර අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේනැතුව මඟ ඇරලා යන්නේ උත්තරයක් දීගන්න බැරි කමටද අනැත්නම්
ඊලඟ කොටසින් හම්බවෙමු .. තව දුරටත් ශේන් හිටියොත්..
...කවී...
No comments:
Post a Comment