කතාවක් පටන් ගන්නේ මෙහෙමයි කියලා කියන්න විදිහක් නැති වෙලාවකට සමාන්‍යයෙන් මම කරන්නේ ශේන්ට ඇමතුමක් දෙන එක.
හේතුව ඕනම වෙලාවක කතාවකට ගන්න පුලුවන් තරමේ විස්තරයක් දෙයක් උගේ ලඟ තියෙන එකයි හරිම අමුතුම වචන ටිකක් අස්සෙන්
මිනිස්සුනේ හිතේ හැංගිලා තියෙන හැඟීම් ටිකක් එළි බහින්න ගන්න එක තමයි මම නම් හේතු විදිහට දකින්නේ.
ඉතාමත් මෑතකිදි වුනු කතා බහක් නිසා මට ලියන්න හිතුනා මෙහෙම..
කවි අයියේ ? තමුසෙට කෝල් එකක් ගන්න එක අමාරු වැඩක් නෙමේ ..කරන්න බැරි වැඩක්! තමුසෙ කොයි වෙලේ බැලුවත් බොරු බිසී එකක් නේ දන්නේ අපිට.
එහෙම කේස් එකක් නැඑ ශේන් මල්ලි, සමහර අවස්තාවල් එනවා කන්නේ බොන්නේ නැතුව හරි ගොඩ දාගන්න් වෙන අවස්තාවල් . ඒ වෙලාවට නම් ඇත්තටම බිසී.
මේ දවස්වලනම් කරන්නෙ අව්ශ්යතාවයක් නැති එවුන්ටත් වුවමනාවක් ඇති කරලා කොහොම හරි කන්ටේනර් පෙට්ටියක් දෙකක් විකුණ ගන්න දගලන එක.
සමහර වෙලාවට මොලේ එක සෙල් එකක් රෙස්පොන්ස් කරන එක නවත්වයි කියලා හිතෙනකන් ඒක ගැන කල්පනා කරනවා!
හරි හරි කවී අයොයේ තමුසේගෙ හැමදාම කියන කතාවක් නේ ඕක.. අහි මම දැක්කා තඩි තොරණක් වගේ කොම්පුයුටර් එකක් තියාගෙන ෆොටෝ දදා ඉන්නවා.
දැන් අමාරුව හොද ඇති නේ?
ඒක හොද වෙන්නේ නැති ලෙඩක් ශේන්! උඹ ඒක හොදටම දන්නවා නේද? මට එක දෙයක් නෙමේ ගේම් ගහන්න ඩිසයින් කරන්න නැත්නම් ෆිලිම් බලන්න එහෙමත් නැත්නම්
මොනවා හරි ටූටෝරියල් ටිකක් බලන්න ඒ වගේ දේවල් තමා මම කරන්නේ. උඹ දන්නේ නෑ වගේ හනකොට නම් මට පුදුමයි, මොකද උඹත් අපි එක මහ රෑ එළි වෙනකන්
පබ් ජී නැත්න්ම කෝල් ඔෆ් ඩියුටි ගහ ගහ හිටිය එකා නේ!
හරි තමුසෙ මොනවා කලත් කමක් නෑ කවි අයියේ තමුසෙට තව මොන මොන කෑලි ගන්න ඕන වෙයිද දන්නේ නැ ඕකට! ඒක නම් කියන්න දන්නේ නෑ මම නම් හැබැයි
පන්දාහක් මාරු කරගන්න ඕන වුනාම කෙනුලි ටෙක්ස්ටයිල් එකට ගීහින් චූටි චූටි කී ටැග් සත්තු කැලි ගන්න එක උඹ ඔය කියනවා වගේ දෙයක්!
අයියේ මට කවදාවත් ඔයාලගේ ඔෆිස් එකේ විස්තර අහන්න බැරි වුනා..අලුත් එකේ.. පරන එකටනම් ඇවිත් තියෙනවා නේ මම..( ටැප් හවුස් එකේ අඑවිදගන්න බැරි තරමට කිට්ටු වෙලා ඉන්න වෙලාවක
මා නිකන් හදට අරගෙන යනවා වගේ අරගෙන ගෙනිච්චේ ඒ ඔෆිස් එකටනේ?
අහ් ඒ ලේක් හවුස් එක ගාව පරණ ඔෆිස් එක බන්..දැන් අපි වෙනවම කොම්පැනි එකක්..ශිපින්ග්!
දැන් ඒකේ කවුද ඉන්නේ? පරණ අයමද?
පරණ අයගෙන් ඉන්නේ බොහොම ටික දෙනයි. ට්වින්ස්ලා ඉන්නවා, ඊට අමතරව තාරක නැත්නම් අජේ දේව්ගන් ඉන්නවා අලුතින්, ඊට අමතරව අලුතින් ඉන්නේ නුෂ් කියලා අක්කා කෙනෙකුයි එයාගෙම
සහෝ කෙනෙක් වෙන ඉමාද් කියලා මල්ලි කෙනෙකුයි!
එතකොට පරණ අය ඔයා එක්ක හිටපු එතන වැඩ කරපු?
පරණ අය ඉතින් ඉන්නෙ අර ගලේන් බිදුනු වැව හාරිස්පත්තුවේ ඉදන් එන සෙව් බණඩාරේ සහ අනු වෙඩ්ක්කාරේ තමා.
මතක නෑ කවී අයියේ! එහෙම නම් කිව්වට!
හපෝ බන් කිව්වට ඇස්වහක් කටවහක් නැ මම කියලා තියෙන්නේ " ක " කිව්වොත් කමුද කියලා අහන් සෙව්වා ගැන?
අහ් හරි හරි බණ්ඩාරේ කියන්නේ එයාටට නෙහ්..මම දැකලා තියෙනවා ඔයාලගෙ ඔෆිස් ෆොටෝ වල හොම්බ දික්කරගෙන ඉන්නවා.. ඊට පස්සේ ඔය අනු වෙඩික්කාර කියන්නේ අර ආච්චිට
සෑහෙන්න ආදරේ කරන අක්කා නේද? අර කණ්නාඩි කුට්ටම නැති කරගත්ත විදිහ ගැන ලියලා තිබුනේ? එයාවත් දැකලා තියෙනවා! අනිත් අය දැකලා නම් නැ එක එක්කෙනා මෙයා කියලා හදුන්වලා දෙන්න බැද?
වෙලාවක් හම්බුන ගමන් කියන්නම් ඒ ගැන!
මේ ඒක නෙමේ මොකක්ද මේ අජේ දේව්ගන් කතාව?
අහ් මල්ලි ඒක මෙහෙමයි..අපේ තාරක මල්ලි ඉන්නවා නේ අපි ඒකව ජෝඩු කරලා තියෙනේ ඔෆිස් එක ලඟ තියෙන ශොප් එකක අයිති කාරයගේ ලොකු දුවට! හෙන ගැහුවට අපරාදයක් නැ ඒ ළමයගෙ නමත් අනුත්තරා!
ඒ හින්දමද මන්දා තාරක මල්ලි වැඩිය ඒ ගැන උනන්දුවක් නෑ.. තවත් සමහර වෙලාවකට ඌම කියනවා මේ අනූ වෙඩී ලා සෙව්බන්ඩලා කරන වැඩ දැක්කම කාන්තා පාර්ශවය ඕනත් නෑ කියලා හිතෙනවා කියලා!
හැබැයි මල්ලි වෙඩීලා සෙවබන්ඩා එහෙම ඉන්න තැන මොනව හරි වචන්යක් නම් අල්ලගන්න පුලුවන්! උඹ කවමදාවත් අහලා තියෙනවාද හුරුල්ලෝ සාලොයොන්ට වඩා ගනන් අඩුවෙලා කියලා?
කවී අයියේ එහෙම අඩු වෙනවා මාළුවා සිරිසඟ බෝ මාලුවෙක් නම්, නැත්නම් අපේ පන්තියේ මාළුවා සාලයා සහ සූඩයා නේ, හුරුල්ලා ගන්නෙ තවත් වැඩි පුර සීයක් දෙසීයක් වියදම් කරලා නේ!
අන්න් ඒකයි ශේන් මල්ලි මම කියන්නේ වෙඩී ලා ඒ අතින් හරිම සුවිශේෂයි. මොකද මේ ලඟදි මට කියනවා අනේ අයියේ අපිට හැමදාම සාලයෝ කන්න සල්ලි නැති නිසා හුරුල්ලෝ තමා අපි බැදලා කන්නේ කියලා!
උඹට කියන්න් මල්ලී ම්ම ඒ කතාවට ටිකක් විතර කොන්ෆියුස් වුනාට ලොකුවට හිතුවෙ නැ මොකද අනු වෙඩික්කාරගේ නම අපි රෙජිස්ටර් කරලා තියෙනේ අධික කොරියානුක ගති පැවතු ඇති ළමයෙක් විදිහට,
කොරියානුක ගති පැවතුම් අදි අසාමන්‍ය බව කොච්චරක්ද කියනවා නම්..හැදි දෙකක් අරන් ඇවිත් හැන්දේ අපි කන පැත්තේන් අල්ලගෙන අර කෝටුව වගේ තියෙන පැත්තෙන් තමා කන්නෙ බොන්නෙත්.
මට වෙලාවකට බයත් හිතෙනවා වෙඩී මෑණියෝ නිතාරම කත කර කර අහ්න්නේ පෙත්ත බිව්වද කියලදා කියලත්!කොහොම කොහොම හරි මම හොදින් හුරුල්ලාට වඩා සාලයා ගානෙන් අඩු බවත් අපි වැනි දුප්පත් මිනිස්සුන් ආහාරයට නිතරම සාලයන් ගන්නා බවත් ඉද හිට හෝ හුරුල්ලන් කිලෝ එකක් ගැනීමේ බලාපොරොත්තුවෙන්ඉන්න බවත් කියලා ඒ ගැන් වැඩි දැනමුතු කම් ලබා ගන්න කියලා නුශ් අක්කාට දාපු වෙලාවේ උඹ හිතපන් ගහෙන් වැතුනු මිනිහගේ ඔලුවෙ කඩා වැටිලා වදින්න ගිය දේවාලෙ ගොනා ඇන්නා වගේ නුශ් අක්කා කියපි
අහ් අයි නෝ ද හුරුල්ලා හී ඉස් ද ලොකු එකා ඔෆ් හාල් මැස්සා? ඇම් අයි රයිට්? වෙලාවාට මම බීපු වතුර ටික ගුඩුස් ගාලා ගිලුනේ කලින්ම ..නැත්නම් ගොයම් වලට තෙල් ගහනවා වගේ ස්ප්‍රේ වෙනවා වතුර ටික පෘස් ගාලා..
තීක්ශණ මල්ලි නම් කියන විදිහට ඇනුවල් ට්‍ර්ප් එකේ අතරමගදි මාළු ලැල්ලක් ලඟ නවත්වලා මුන් සේරටම මාළු වර්ග හදුන්වාදීමක් කරන්න ඕන.. අනු පුතාගේ ලෝකයේ ඉන්නෙ හාල් මැස්සා, කරවල, සාලයා, හුරුල්ලා වැනි සීමිත මාළු වර්ග කීපයක් විතරයි.
හැබැයි ගායකයෙක් ගැන නැත්නම් නලුවෙක් ගැන විස්තර ඇහුවොත් ඔලුවේ ඉන්න තඩි ගානත් හරියටම කියන්න පුලුවන් හැකියාවක් තියෙනවා.. එහෙම එකේ ශේන් මල්ලි උඹ හිතන්වද අපිට හිනාවෙන අඩුවක් ඇති කියලා මේ කම්පැනි එකේ.?
එහෙමනම් හිතෙන්නේ නෑ අයියේ මට හිතෙන්නේම ඕකට වඩා හොදයි ඔයාලා ඩේ කෙයාර් එකක් දැම්මනම්!
ඒකත් නොකෙරුවා නෙමේ මල්ලී.. පොඩි පොඩි සෙල්ලම් බඩු ගෙනල්ලා මේස උඩ තියලා , අර වෙඩි තිබ්බම ගිහින් ඇලවෙන ඩාර්ට් තුවක්කුවක් එහෙම තියාගෙන යුද්ධයට ලැස්ති වෙලා ඉන්න්..
ආසන්නතම සිදු වීම තමා වෙඩි විසින් ගෙදර අරගෙන් ගිය අර ඉබ්බෝ සෙල්ලම් බඩු පෙන්නලා තරු වෙඩී වෙන එයාගෙම එක කුස උපන් සහෝදරියව ඇවිස්සීමත් එක්ක, ෆේස් බුක් එකේ කමෙන්ට් අස්සේ තරූ වෙඩීත් ඉබ්බෙක් හරි ඉබ්බා කාර් එකක් හරි
ඒ දෙකම නැත්නම් කබ්බෙක් හරි එයාටත් අරන් එවන්න කියලා කියන එක.. දිපුවා තරු වෙඩී ට දුන්නාද නැත්නම් අනු වෙඩී විසින් බර්මියුඩා ත්‍රිකෝනයේ මිනි වර්ශන් වෙන අනූ ගේ හැඑන්ඩ් බැග් එකට ගල් වුනාද කියන්න නම් මම දන්නේ නැ.
ම්ම නිතරම කියන්නෙ බොහෝ දෙනා වයසට ගියාට මූහුකුරා ගිහින් නැහැ කියලා. මරදානේ චූටිට මේ වගේ හෑලි ලියන එක බොහොම අදූර දර්ශී ක්‍රියාවක් වුනත් ශේන්ගේත් අනිත් පාඨකයන්ගේත් දැඩි ඉල්ලිම නිසා ප්‍රාණ බය තියාගෙන හැම වචනයක්ම අමුනන්නේ.
ඔයාගේ ජිවිතේ මාර පුදුමයි නේද කවි අයියේ ඔහේ ජීවිතේ ගලාගෙන යන විදිහට ගලාගෙන යනවා කියන එක මට හිතා ගන්න බැහැ.
හේතුව?
හේතුව මම..මට ප්‍රශ්ණ එනකොට එන්නෙ එක දිගට බ්‍රෝ, ඒවත් එන්නේ හරිම ලස්සන විදිහට, සමහර ඒව එන්නේ බෙල්ල ලඟට හිර වෙන විදිහට, අනුකම්පාවා එක්ක ආදරේ පටලවගෙන ජීවත් වෙන එක හරි අමාරු දෙයක් අයියේ. ඒක දැන් දැන් තේරුම් යන ගමන් තියෙන්නේ සමහර දේවල් නිසා ඉමෝශනල් වැඩි වෙලා ගන්න තීරණ නිසා සමහර දේවල් එහෙම් පිටින්ම් මග ඇරෙනවා. සමහර වෙලාවට ඉස්සර ආසාවෙන් මැසේජ් එකක් එයි කියලා බල්න් හිදපු අය දැන් වැඩිය කතා බහ නැති වෙනවා! ස්මහර වෙලාවට මිනිස්සු හිතනවා ම්ම ඒ අයත් එක්ක තියෙන තරහට කතා නොකර ඉන්නවා කියලා! ඒත් දුක හිතෙනම් කාරනය තමා අපි හොදින්ද කියලා අහයි කියලා හිත බලාපොරොත්තුවෙන් ඉන්න කවුරුත් ..මොකක්ද අවුල කියලා අහන්නේ නෑ..එයලාම උපකල්පනය කරලා තීරණ ගන්නවා විතරයි.
එක තැනකදි ඉමන්දරා මට කියනවා කෙනෙක්ගෙන් ගත්ත උදව් වෙනුවෙන් ආදරෙයි කියලා ඉවසගෙන ඉන්නවා නම් ඇත්තටම එතන ආදරයක් නෑ නේද කියලා අයියේ!සමහර වෙලාවට මට කෑ ගහලා ආදරෙයි කියලා ඉමන්දරාට ..ඒත් මමම දා ගත්ත නැංගුරමක් නිසා එක තැනක නැවතිලා ඉන්නේ!
වෙලාවකට හිතෙනවා අයියේ කොහේ හරි ගිහිල්ලා අතුරුදහන් වෙලා යන්න. මොකද ඉමන්දරා කියන විදිහට ගොඩක් කෙල්ලෝ යාළු වෙලා ඉන්නකාලෙ තමන් යාලු වෙලා ඉන්න කෙනාට පෙන්වන්නේ තමන්ගේ හොද පැත්ත විතරමයි කියලා. ඒත් ජීවිතයේ ඉස්සරහට වැරදි තීරනත් එක්ක ගමන් කරන්කොට තමයි තේරෙන්නේ ඉමන්දරා කියපු වචන වල කොච්චරක් ඇත්ත තිබුනද කියලා!
අනිත් හැමෝටම වඩා ඔයා ශේන් ගැන දන්නවා අයියේ..ඒ නිසා ඔයා දන්නවා ශේන් කොච්චර ඉමන්දරාට ආදරෙයිද කියලා?
ඒක්ත් මම නොදන්නවා නෙමේ ශේන්.. ඉමන්දරාගේ එකම එක ෆොටෝ එකක් ඉල්ල ඉල්ල පින්සෙන්ඩු වෙන විදිහ මම දැකලා තියෙනවා.. ඒ වගේම අමම් දන්නවා උඹ දාපු නැංගුරම තියෙන තැන පින්තූර වලට වඩා ඩයිව් එකක් පුරෝලා ඉමන්දරාගේ පින්තූර තියෙනවා කියලා... ප්‍ර්ශ්නේ තියෙන්නේ ශේන්...ඉමන්දරා උඹට ආදරේ කරන විදිහ! උබයි , ඉමන්දරයි කියන පිට්ටනිය මැදින් තඩි තාප්පයක් ගහලා ඉවරයි. සමහර වෙලාවට ඉමන්දරා ගේ සද්දයක් වත් නැති එක ගැන් දුක් වෙන්න වෙයි උඹට..සමහරක් වෙලාවට එකම තැන ඉදගෙන ඔලුව උස්සලා බැලුවොත් ඉමන්දරාගේ මූණ පෙනෙන ළඟින්ම ඉන්න ඒත් කිසිම් අයිතියක් කියාගන්න බැරුව ඒ මූනට ආදරෙයි කියගන්න බරුව හැමදාම විදව විදව..
ඒක වෙන්න පුළුවන් අයොයේ ..ඒත් මගේ ඔලුවේ තියෙන සමහර ප්‍රශ්න ඔයාට බිසීනම් මම කියන්නෙ ඉමන්දරා එක්ක. ඉමන්දරා කවදාවත් මට සොලුයුශන් දෙන්නේ නම් නැහැ ඒත් මගෙ ඒකට ෆේස් කරන් මාත් එක්ක ඉඩකඩ හදාගෙන..ඒ වෙලවට ඉමන්දරාව බදාගෙන අඩන්න හිටුනත් මම ඉවසගෙන ඉන්නවා කවි අයියේ.මම් විශ්වාස කරනවා ඇත්තටම කොහෙන් හරි ජීවිතය වෙනස් වෙයි කියලා
ස්තූතියි.
කවියා,
No comments:
Post a Comment