...........ශේන්ගේ ඩයිරියේ එක පිටුවකින්.........
හීන නැවතුනු කල මිනිස්සුන්ගේ ජීවිතද නවතින්න පටන් ගන්නා හැටි දැන් යන්තමින් දකිමින් හිදිමි.
ආදරය උපදින්නෙ කාටද කොයි වෙලාවටද මොනවගේ කෙනෙක්ටද කියලා හිතා ගන්න බැරි තරම් . ක්ශනිකව වගේම කාලාන්තරයක් තිස්සේ ටික ටික ඇති වුනු හැඟීමක් වෙන්න පුලුවන්. ජීවිත කාලෙ පුරාවටම ළඟ තියාගන්න අයිතියක් තියෙන වගේම ලං වෙන්නවත් කිසිම අයිතියක් නැති තවත් හිතකට වැහී ගිය කෙනෙගේ හිතක් එක්ක වෙන්න පූළුවන්. අභිශේකා ගේ නිස්සාර සීහිනේ ලියැවුණු හැටි ගැන කතා කරන වෙලාවක් මේ ගැන සදහන් වෙනවා මම බලාගෙන හිටියා.
මිනිස්සු හිතන්නේ මොන වගේ දේවල්ද හිමදරා ! උඹ දන්නවාද? මම දන්නෙත් නෑ! උඹට පුලුවන් මට කට වහන් ඉන්න කියන්න, වදයක් නොවී ඉන්න කියන්න, අමතකම කරලා දාලා රිද්දන්න. ඒත් හැමදාම වගේ වට්සැප් එක දිහා බලන් ඉන්නවා උඹගෙන් මැසේජ් එකක් එනකන්! හදිස්සියෙන් වෙලාවක් ලැබුනු ගමන් ඩෙස්ක්ටොප් එකේ තියෙන උඹ සාරියක් ඇදන් ඉන්න ෆොටෝ එකක්, නැත්නම් තද නිල්පාට දැන් හිරයි කියපු ගවුමෙන් හැඩ වෙලා ඉන්න ෆොටෝ එකක් දිහා බලලා ඇස් දෙක පියා ගන්නවා! හැමදාම වගේ ඒ මොහොතෙත් හිතෙන්නේ ඇයි කලින් නාවේ...ඇයි කලින්ම් නාවේ කියලා. එක දිගට ...මගේ ජීවිතේ ඇතුලට.. නොකිව්වට බොහොම අමුතු විදිහකින් විදවනවා මම..
දැන් ඉතිම් හැම එකාම යූ ටියුබ් ෆේස්බුක් ඇල්ගොරිදම් එකට අභිශේකාගෙ නම් ටැග් කර කර දානවා රීච් වෙන්න..
..........මමත් චීනෙක් කොන්ඩෙ නොබදින...............
කොහේ හරි තැනකට වෙලා නිශ්ශබ්දව උඩ බලාගෙන කල්පනා කරනවා තරම් දෙයක් තවත් නැති වෙන්න පුළුවන් ඒකත් හැබැයි මම හිතන විදිහට, කියවන උඹට කොහොම දැනෙනවද කියන්න මම දන්නෙ නම් නැහැ..ඒත් මම හිතනවා උඹට දැනෙනවා ඇති කියලා! එහෙම නොවුනොත් උඹ නෙමෙයි මම අස්වාභාවිකයි.
බෝකුන්දර ශෙඩ් එකෙන් පෙට්ට්රොල් ගහන්න හිතාගෙන පන්සල ගාවට වෙලා පෝලිමේ ඉන්නකොට අංක දාන්න පොතයි මාකර් පෙන් එකයි ගෙනාපු අයියා දකුනු පැත්තේ පැති කන්නාඩියේ හත්සිය දහ හතයි කියලා මුතුවන් අකුරෙන් ලියලා ඊලඟ බයික් එක ගාවට යන්න හදකොටම මම ඇහුවා ...අයියේ මේ මම ගිය සතියෙන් මේ හරියෙම පෝලිමේ හිටියේ , අනික ඉස්සරහ ඉදන් උදෙ ගනන් කරගෙන් ඇවිත් බයි එක නවත්වනකොට මම හිටියේ තුන්සිය දෙකට වගේ, ඒත් දැන් කොහොමද හත්සිය දහ හත වුණෙ!??
ආ ඒකද මල්ලි ඒ අද් තෙල් ගහන්න ඉන්න අය ඊයෙම පොලිමේ නම්බර් ඉල්ලගෙන ගියා..තෙල් ගහන්න ගත්ත ගමන් එයි. ඔයා කලබල වෙන්න එපා මල්ලී කියල යන්න ගියා.!
හූම් ... ඒක කියන එකෙත් ඇත්තක් තියෙනවා.. අපි කොළඹ පෝට් සිටිය හදන ළඟ පාත ඔෆිස් එකක වැඩ කරන නිසා ඒ පාරෙ නිතරම චීන මිනිස්සු යනවා එනවා, හිනා වෙනවා , හෙලෝ ගානවා මම හිතන්නේ දැන් ඒ නිසාම මාවත් නිකම්ම ඒ ගානට කොන්ඩේ වැවිලා කියලා හිතන්න ඇති නම්බර් දාන අයියා.. කාට හරි කියලා බූල් බෑන්ඩ් එකක් ගෙන්න ගන්න ඕන අනිත් දවසේ පෝලිමට එනකොට..
...........සෙබා බණ්ඩාගේ මිණි පහන..............
කොච්චර පාට් දැම්මත් කෝච්චියේ එනකොට ගෙදරින එනකොට ඔෆිස් යනවා කියලා ආපු යාලුවා කොලඹ ස්ටේශන් එක වෙනුවට කොල්ලෙක්ගේ අතේ එල්ලිලා දෙහිවල හරියේ ස්ටේශන් එකකින් බැහැලා යනවා දැක්කම තමන් ලඟ ඉන්න අක්කට නොකිය බැහැ නේ.. නිකම් අන්ත අසරණ වුනා වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඇයි දැන් කොටුවට ගිහින් බැංකුව වෙනකම් පයිනම තනියම ජීවිත කෑල්ල ඉස්සරහට ඇදගෙන යන්න එපැයි. සෙබා බණඩාරෙගේ වචනෙන්ම කියනවනම් නංගිලා යනු නිවසට මිණි පහනක්මැයි. ඇය නිවස ආලෝකයෙන පුරවා හිතුනොත් කර්ටන් වලට ගිණි තියා කිසිවක් නොවුණු ගානට ගිණි ගන්නා ගෙයි ඉස්සරහා තාප්පයේ හේත්තු වී පාර පැත්තට මූණ දාගෙන එක කකුලක් තාප්පයේ තියාගෙන රුපියල් දහයේ බීම පැකට් එකක් වුනත් බොන්න පුළුවන් හැකියාවක් ඇති දැරිවියෙකි. තවත් කෙටියෙන් කියනවා නම් දහම් පාසලේ උදේ දහය නිමාවෙන ප්රයිමරි කොම්ලෙක් අතේ ගේට්ටුවෙන් බෑගය පන්නා දමා ලමා සාරිය ගලවා උරහිසේ දමාගෙන දහම් පාසල් තාප්පෙන් බල්ටියක් ගසා ශෝට් ලිව් දමා ගෙදර පැමිණ අම්මාගෙන් බණ හා අක්කාගෙන් දහම් කරුණු අසා ගන්නා උපාසිකාවකි.! අහෝ අක්කණ්ඩි, මා මෑණියනි මා කෙසේ පවසන්නද, ඒ ගසන්නාවූ හැම බල්ටියකටම, ඒ උරන්නා වූ සෑම බීම පැකට් එකක්ම, රුපියල් පහේ දෙකේ ටොෆියකට රැවටුනු ප්රයිමරි කොල්ලෙක් වගේ ගෙවල් ලගම වෙන දහම් පාසල් තාප්පය එක්ක තියෙන ඒ ලෙන්ඟතු බැදීම ඒ ත්රිල් එක නුඹට දැන උගෙන ගැනීමට තවත් කල්පයක් වුවද ගත විය හැක, එබැවින් නොපමාව මැගී නුඩ්ලස්ම උයාගෙන මට කෑමට යෙහෙකි. එහෙයින් මෑණියනි , කනිටු අක්කණ්ඩියනි නොපමාව කුසලයෙහිම යෙදෙන්න.
අහෝ ඛේදයකි, ඉරකි තිතකි...
.......................................................................
තවත් වීර ක්රියාවන් සමඟින් හම්බවෙමු...
ටටා 👋
.කවියා.