ජීවිතය සමහර වෙලාවට ආදරෙන් පිරිලා යන එක ඕඩි ක්ලෝන් සුවදකින් වෙන්න පුලුවන් වගේම බේරේ වැවේ කෝච්චි පාලම යටින් යන පටු මගේ දි දැනෙන සුවද වෙන්නත් පූලුවන්. ආදරේ එහෙමයි! ආයෙත් මැරි මැරී ඉපිද ආයෙත් ආදරේ කරනවා. ආයෙත් මොහොතකට දුක් වෙනවා.. ආයෙත් කල්පනා කරනවා හැමදාම වගේම, අනේ උඹ තව ටිකක් කලින් මට හම්බවුනා නම් කියලා.. ජීවිතය දුවන්නේ එහෙමයි. උඹයි මායි මේ රේල් පීලි දෙක, උඹට මම දකුණු පැත්තේ පීල්ල, මට උඹව වම් පැත්තේ පීල්ල...එකිනෙකා දිහා බලාගෙන සෑහෙන දුරක් යන්න තියෙනවා යනවා.. ඉදලා හිටලා කලවම් වෙන තැන් තියෙනවා.
මගේ යාලුවෙක් ඉන්නවා බල්ලො විකුණන, ඒ වගේම මුදල් ගැන ප්රශණ වල්දී නිතරම " මේවා බල්ලෝ විකුණලා හම්බකරපුව නෙමේ" යකෝ කියලා. මම ඒ වගේ වෙලාවට ළඟ පාතක හිටියනම් කියන්නේ, අඩෝ උඹ බල්ලෝ විකුණල තමා හම්බ කරන්නේ..කියලා.. ඒ වගේ වෙලාවට ඌ මං දිහා බලන්නේ හරියට හාවෙක් කැරට් අලයක් දිහා බලනවා වගේ ප්‍රේමයකින්, ඒ වගේම ඒ මුවින් පිටවන්නේම සංස්කෘත, පාලි හා පැරණ සිංහල බස් වහරේ අන්තර්ගත ලස්සනම වචන වීමත් පුදුමාකාර දෙයක්.
.....
මම මේ දවස්වල අධි වෙගී 2000න් පස්සෙ සෙට් එක ගැන පරීක්ශනයක් කරන ගමන් ඉන්නේ. දෙදාහෙන් පස්සෙ ඉපදුනු නංගිලා මල්ලිලා ඉන්න යාළුවො ගැන වෙනදාටත් වඩා සෙවිල්ලෙන් ඉන්නේ. මොකද ඉපදුනු දවස්වල ඉඳලාම මන්චි ටිකිරි මාරි කාලා සෙට් එකේම.බුද්ධි වරධනය ඉතා සීඝ්රගාමීව සිද්ද වෙනවා කියන එක අපි කාගෙත් පොදු අදසක්.
අපේඔෆිස් එකේ ඉන්න උත්තරා වෙඩිකාරගෙයි , සෙවන්දි බන්ඩාරටයි දෙන්නටම ඉන්නෙ දෙදාහෙන් පස්සේ නංගිලා දෙන්නෙක්. වයසෙන් පොඩි වුනාට දෙන්නම අක්කලා ළඟින් හිට ගත්තම , අක්කලා දෙන්නව හරහට වඩා ගන්න පුළුවන් ශාරීර වලින් ඉන්නවා වගේම ( මගේ පෞද්ගලික මතය නම් නංගිලාට ඒ දවස්වල හම්බ්වුනු ත්‍රිපෝෂ අක්කලා කනවා බලන් ඉදලා ඒ තරහට හැදිච්ච වෙන්න ඕන මේ) ඕනෑම වෙලාවක අක්කලා දෙන්නගේ කනෙන් රිංගා යා හැකි මනා මානසික තතවයකින් ඉන්නවා. මා මෙසේ පවසන්නේ මක් නිසාද යත් පහත දෙබස මට නිතරම ඇසෙන දෙබස කියවා බලා තේරුම් ගත හැක.
උත්තරා වෙඩී - සෙබා අක්කේ මේ ඔයා දන්නේ නෑ අපේ තරු කරපු වැඩක් හොදේ...බ්ලා බ්ලා බ්ලා..
සෙබා බණ්ඩාරෙ - අම්මෝ වෙඩී ඒ ගැන නම් කවර කතාද.. ඒකට අපේ එකා කරලා තියෙන දේ දන්නවද...බ්ලා බ්ලා බ්ලා බ්ලා... කෝමත් වෙඩි මුන් සේරම එකයි..පොදු ප්‍රශනයක් තමා තියෙන්නේ.
වෙඩී- ඒකනම් ඇත්ත මේ දෙදාහෙන් පස්සේ නිසා වෙන්නැති නේ.. කෝමත් අපේ නංගි මට අනතුරු ඇඟවීමක් දීලා තියෙන්නේ ගෙදරට නාකි නොවී ඉකමනට අංකල් කෙනෙක් හොයලා හරි බැදගන්න කියලා,,, මොකද එයාට විස්ස වෙනකොට බදින්න ඕන, ගෙදර අක්කා ඉන්නකොට නංගි බදින එකට නෑදෑයො අනම් මනම් කියයි. බලන්න සෙබන්දි අක්කේ නම්කිලා ගේ හැටී.....
සෙබා - හරි බම් නංගි අපි ඔය සම්බන්දව කතා නොකර ඉමු.
කෝමත් මුන් දෙන්නාම මෙහෙම හරි වැරදි මාක් කලාට කරන තරමක් අලිකුට්තේරු වැඩ නංගිලා එක්කම කරන බව තමයි මගේ අදහස. කෝමත් මේක නංගිලා ඉන්න අක්කලා වගේම මල්ලිලා ඉන්න අයියාලාටත් පොදු තියරියක්.
කඩේට ගියොත් , ඩිලිවරි කොස්ට් එකයි සර්විස් චාර්ජ් එකයි වැට් පැල් එන් බී ටී සේරම කපලා තමයි බැලන්ස් එක අතට දෙන්නේ.. දිලා කෘන්තක රදනක චාර්වක පුරාස්චාර්වක කියන දත් ජාති හතරම පෙන්නලා හිනා වෙලා යන්නේ, හෙන ගේමක් දිලා දතක් ගලවපු ඩෙන්ටිස් කෙනෙක්ට වඩා සතුටින් සහ සැහැල්ලුවෙන්.
නැදෑ සහෝදරයාගේ වෙඩිමට පස්සෙ දවසෙම , අලුත් ගෙනා මනමාලි ( නෑනා) ට එරෙහිව පවුල් පිටින් එකතු වෙලා නෑනා විරෝධී සංගම් පිහිටුවා ගන්න තරම් සමහර අක්කලා සහ නංගිලා සමත් වෙනවා.. පුලුවන් නම් ජන්ද ලේකම් කාර්යලයට ගිහින් මේකත් ලියාපදිංචි කර ගන්න තරම මේක දුර දිහ ගිහිල්ලා.
ඒ කතාව පස්සේ දවසක..
එසේ නම් බේරේ වැවේ තාරකා ඉබ්බෝ ගනන් කරගෙන අපි අනාගතයට යමු!
පිටිපස්සෙන් ඉන්න මිනිස්සු ඔ
ලුව කස කස අපි දිහා බල බල ගියාට අපි නොසැලී ඉමු!
ජෙයින් ජෙයිම වේවා...
ටටා...
.කවී.
No comments:
Post a Comment