Wednesday, April 19, 2023

ඩැඩී, වෙඩී සහ එක බත් පතේ කෑ මීයා

 උදේ පාන්දරම දඩි බිඩි ගාලා දුවගෙන ඇවිත් .. ඒ මේ සෙව්බන්ඩේ අයේශ් අයියේ මේ අහන්නකෝ මරු සීන් එකක් වුනානේ කියලා වෙඩී පත්තරයක් දිහ අරින්න හදන බව මටයි බණ්ඩේටයි තේරුනේ ඉවෙන් වගේ! ඒ නිසා අපි අපේ වැඩවල කතා වල හිටියේ නිකන් ඇහෙන්නෑ වගේ, සාමාන්‍යයෙන් වෙඩීට එහෙම කරාම ඩැඩීව මතක් කරන් කෑ ගහන්නේ. බෝරින් වෙලාවට මොනා හරි ජුන්ජක ෆන් එකක් ඕන නිසා වෙඩී කියන සීනි බෝලෙ උඩින් ඇඹලයෙක් තියලා අපි ගන්නෙම නොතේරෙන කියාගන්න බැරි ආතල් එකක්.

අනේ! අහනවකෝ හලෝ මගේ කතාව!  අනේ අහන්නකෝ!

හෙමීට ඒ පැත්තට හැරුනු මම කිව්වේ හරි ඉතින් කියන්න බලන්න ඔයාගෙ කතාව කියලා.

නෑ එහෙම ලොකු දෙයක් නෙමේ , ඊයේ තාත්තා එක්ක වැඩ කරනකොට මීයෙක් වැටුනනේ බිමට, තාත්තා මට කෑ ගැහුවා පොල්ලක් ගේන්න කියලා ඉක්මනටම ස්වර්ගස්ත කරන්න.

ඒ වුනාට මම ඒකට ඉබ්ජෙක්ශන් එක දැම්මා මොනා වුනත් මීයෙක් නේ.මී ජීවිතයක් නේ කියලා..

ඊට පස්සේ තාත්තා මොනාද මොනාද ස්පෙයාර් පාට්ස් වගේක නම් කියලා මට බනින ගමන් කිව්වා ..එහෙනම් ඔයාම අල්ලලා ගෙනිහින් විසික් කරන්න කියලා..

ඉන්ස්ට්‍රක්ශන් දෙන එක වගේ නෙමේ වැඩේ කරන එක අමාරුයි කියලා තේරුම් අරන් හිටපු නිසා මම තාත්තට කිව්වා අපි මේකව බේසමකින් වහලා අල්ලගමු කියල ඒ විදිහටම කලා.. දැන් කෝහොමද මේකව අල්ලලා බෑග් එකකට දාන්නේ? මූ අත කයි බේසමත් එක්ක සෙල්ලම් කරන්න ගියොත් කියලා තාත්තා ආයෙත් මුණු මුණු ගෑවා.. ඉතින් ඒ වෙලාවෙ මේ වෙඩීට ටිකිරි බුද්ධිය පහල වුනා.. මගේ අවුරුදු ගානක කේක් හැදීමේ අත්දැකීම් වලින් මෙලොවව පලදායී වෙන පහල වුනු එකම අදහස තමා මේක.. කේක් පෙට්ටියේ තියෙන බෝඩ් එක හෙමින් බේසම යටින් දාලා කේක් එකක් වගේම මීයව උස්සලා දාමු කියලා මම තාත්තට කිව්වම තාත්තා මන් දිහා හරියට බලන් හිටියේ හෙන පුදුමයෙන් වගේ.. හරියට හෙන කාලෙකින් දැකලා වගේ! 

ඉතින් නංගි ඇත්තටම ඇයි ඒ! සෙව්බන් එහෙම ඇහුවම වෙඩී කිව්වෙ මේ සෙව් අක්කේ ඇඩ් දාන්නෙ නැතුව කතාව අහගන්නකෝ කියලා  

ඇත්තටම තාත්තා ඇහුවා මෙච්චර කාලෙකට මොලේ ඇති දෙයක් කිව්වමද කොහෙද කියලා. 

ඉතින් මම කල්පනා කලේ   ඔෆිස් එකේ විතරක් නෙමේ මගේ ආදරනීය පියාණන් විසිනුත් එක හා සමාන අදහස් ප්‍රකාශ කරන එක ගැන.

මේක අන්තර්ජාතික කුමන්ත්‍රනයක් වෙන්න බැරිද කියලා. 

ඒ කොහොම වුනත් මට සතුටුයි කොහොම හරි මම අපිත් එක්ක එක බත් පතේ කාගෙන හිටපු මීයට අභයදානය දෙන්න පුලුවන් වෙච්ච එක ගැන.   

වෙඩී ගේ තියරි ඩැඩීටවත් දිරවන්නෙ නැතුව ඇති.. මොනා කරන්නද ඒ අතීත කතාව අස්සේ දැන් අලුත්ම එක වෙඩී ගේ ඩයටින්ග් ප්ලෑන් එක, ඩයට් මෙනු එක රෙකමන්ඩ් කරන්නේ නුෂ් අක්කා.. මේ ඒ රෙකම්න්ඩේශන් අතරතුර ඇහෙන කතා බහක්..


නංගි ඔයා කන්න ඕන උදේට සැන්විච් එකයි, තම්බපු බිත්තරේකුයි විතරයි කැමතිනම් ඔම්ලට් එකක් බත් පීරිසි කෝප්පයක් වගේ කන්න

ඊට අමතරවනම් මුකුත් කන්න එපා සැරින් සැරේ. රැට නම් නොකා ඉන්න තරමටම හොදයි.

අක්කේ එතකොට තම්බපු බිත්තරේකුයි , ඔම්ලට් එකකුයි දෙකක් කන්න ඕනද?

නැ නැ බන් උඹට කියන සින්හලම තේරෙන්නේ නෑ නේ, එක්කෝ තම්බපු බිත්තරයක් නැත්නම් ඔම්ලට් එකක් දෙකම කැවොත් ඒක ඩයට් එකක් වෙනවද? 

ඒ වුනාට නුෂ් අක්කේ හවසට අපිට හම්බෙච්ච කේක් එකෙන් කෑල්ලක්වත් කන්න බැරිද?

අම්මට සිරි කේක් එකක් හම්බුනාද? හවසට පොඩි කේක් කැල්ලක් තේ එකක් බිව්වට නම් කමකුත් නෑ හැබැයි .. ඉදල හිටල නේ..

ඔව් අපේ ඔෆිස් එකේ ඉදලා හිටලා තමා මුකුත්ම අමතර දේවල් නොකා ඉන්නේ..අනිත් හැමදාකම වගේ මොනව හරි ගේනවා..අඩු තරමින් ඔෆිස් එකේ තියාගෙන 

කොත්තුමී ටිකක් හරි තම්බගෙන කනවා.. මේ ඩයට් එක කොච්චර කාලයක් පවතීවිද කියලා මටත් නිශ්චිතව කියන්න බැරි වුනත් ඒක ඒ තරම් වැඩි දවසක් පවතින ඩයට් 

ප්ලැන් එකක් කියල නම් මට විශ්වාසයි ..  

අපි මොනව හරි කියනකොට " කමුද " කියලා එක හඩි අහන් තරමට අපේ ඔෆ්ස් එකේ කට්ටිය සාමුහිකයි, අනිත් වැඩ වලට කොහොම වුනත් ඒකටනම් ඉස්සරහෙන්ම් ඉන්නවා.

හොදම උදාහරනය තමා මේක...




 ඔය සුදු පාටට තියෙන්නේ වෙඩී ඩයට් ප්ලැන් එකට කලින් කෑම ගෙනපු කෑම පෙට්ටිය එතකොට ඔය තඩි සයිස් එකට නිල් පාටට තියෙන්නේ ඩයට් ප්ලැන් එකට පස්සේ කෑම පෙට්ටිය. 

මම, සෙව්බන්, තාරක ඉමාද්, ට්වින්සා උනත් කොන්ෆුයුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නේ මේ ඩයටින් කෑම පෙට්ටිය දැකලා..

ගැලවිජ්ජාවට කියන්නේ මේ කෑම පෙට්ටිය අනු වෙඩීගේ නෙමේ එයාගේ අතිජාත සහෝදරිය තරූ වෙඩීගේ කියලා... ඒත් අරන් එන්නේ අනු වෙඩී නිසා අපි ඒක මතිකව තහවුරු කරනවා මේ අනූගේ ඩයටින්කෑම් පෙට්ටිය කියලා!

මේකට තමයි කියන්නේ ..කොහොමද කෑම? අති විශිෂ්ටයි සර් කියලා.

ඔබට ජය!

ටටා..

.කවියා.

                                                                                                                                                                                              




Thursday, March 2, 2023

ඉමන්දරා (01)

 මුලු නුගේගොඩ නගරයේම ඇත්තේ කලබලකාරී බවකි, ඊටත් වඩා කොහුවලද ඉන් අඩුවක් නම නැත. ශේන් තම පෙම්වතිය සමඟ පුද්ගලික උසස් අද්‍යාපන ආයතනයක යන්නේ ඒ ලෙවල් වලින් පසු ඉගෙන ගැනීමට අවශ්‍ය යැයි සිතුනු මානව කලමණා කරනය ගැන පාඨමාලාවක් සාදහා ලියාපදිංචි වීමටයි. ඔහුගේ පෙම්වතිය වන ශෙනාලි පැමිණෙනෙන්නේද එම පාඨමාලාව සදහාම එක්ව ලියාපදිංචි වීම සදහාමයි. ඔවුන් සමඟ තවත් පිරිසකි, ඇත්තටම උසස් පෙලින් පසු මෑත කාලිනව එකතුවනු පෙම්වතුන් යුගල කීපයක්ම ඔවුන් හා කඩි මුඩියේ අදාල ආයතනයේ එක්සිබිශන් එක සදහා පිය මනිමින් සිටිය අතර මේ සියල්ලෝම ශේන් ගේ මිතුරන්‍ වේ.

ශේන් , මේ මම කිව්වා නේ මේ.සේරම යාලුවෝ උස්සන් එන්න එපා කියලා, හැම එකටම උන්ව ලොකු කරගෙන හැම තැනම එක්කන් යනවා., කෝස් එකටවත් තනියම යන්ම බැරිද ඔයාට? මේ ශෙනාලිගේ වදන්ය.

ඕයි ඕයි ශේ ඩබල අපිට තමුසෙලා කියන දේවල් ඇහෙනවා, පිටුපෛන් ගමන් කරනා පිරිස අතරින් බෝලයක් සේ සිටින ශේන්ගේ මිතුරියක් වන මහීෂ්කා තම හඩ අවදි කරමින් පැවසුවාය. ඇය පැහැපත් පැන්ඩා ගමනක් ඇති ශේන්ගේ හොදම යෙහෙලියකි, පිට තැනකදී තවන් කෙනෙක් සමග කතා කරන ව්ට ඔබ මහිශ්කා ලඟ සිටියේ නම් හිතෙනේ හරිම නිහඩ තැන්පත් , හිනාවත් හරිම හිමීට පිට කරන කදිම කෙල්ලක් කියා නමුත්. අවරුදු කීපයක් සිට ශෙන් සමඟ එකට සිටි නිසා ඇය තම කට පාලනය කර නොගනී.

ශේන්ට හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේද් නැත, යහලුවන් කෙතරම් කීවත් නොගැලපෙන බව සග ශේන් සහ ශෙනාලි  අතර මෙවැනි දෙබස් කෙතරම් ඇති වුවද ශේන් සිතුවේ තමන්ගේ ජීවිතය මුහුදේ ඔහේ ගහගෙන යන නැවක් නම් ඒ සදහා අවශ්‍ය වන නැංගුරම ශෙනාලි බවයි. කලු පැල්ලම් වලින් බහුල ඔහුගේ පාසල් ජීවිතයේ අවසන් අවුරුදු දෙක ප්‍රශ්නයකින් තොරව ගලා ගියේද ඇයගේ මේ කතාවන් නිසා බව ශේන් තරයේ සිත තුල සනිටුහන් කර ගත් දෙයකි. 

කෙසේ හෝ ආයතයට ඇතුල් වූ ක්ශනයෙන්ම එතැන් පටන් දිගටම ඇත්තේ විවිද ආකාරයේ පාඨමාලාවන් සදහා ලියාපදිංචි කරනා පිලි ගැනීම්ව්ව් නිළදාරීන් සග නිළදාරිනියන් වේ. ඇතැමෙක් ශේන් උසස්පෙල ව්‍යාපාර අද්‍යනය සහ ආර්ථික විද්‍යාව සදහා ගිය කොහුවල නගරයේම ඇති ප්‍රමුඛ උපකාරක පන්තියක සිටි පිලි ගැනීම් නිළදාරිනියන්මය.

කඩි මුඩියේ කිහිපදෙනෙක් ගේ පිරවුම් පත් අමුණමින් ඇඩ්ම්ශන් ලබා දෙමින් සිටි කෙනෙක් ලඟට ගිය ශේන් , අහ් චතුරිකා අක්කේ! ඔයත් මෙතනද දැන් ඇහුවේ කලින් කී පන්තියේ මුදල් අයකැමි විදිහට සේවය කල කෙනාම මෙහි සිටිනවා දැකීමෙනි.

ඇය ශේන්ව නමින් නොහදුනන මුත් ,  පන්ති ගාස්තු ප්‍රමාද වන අයට තාවකාලීකව පන්ති කාඩ් එකේ බාර් කෝඩ් එක අප්ඩේට් කරගෙන චිටි එකක් දමාගෙන යෑමට තිබු නීතිය නිසා ඇයට ශේන්ව හොදට මතකය. අක්කේ ඊළඟ සතියේ ගෙවනවා කිය කිය සාමාන්‍යයෙන් සති තුනක් පමණ ගාස්තු ප්‍රමාද කරන ශේන්ගේ මූණ අමතක වීමට නම් ඉඩක් නැත. 

අහ් මල්ලී .. නෑ අනේ මේ කැම්ප්ස් එකත් අපේ සර් ගෙමනේ ඒ නිසා පොඩි ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් එකක් වැදුනා මෙහෙට. අහ් මල්ලි මොකෝ කියන්නේ රෙගිස්ටර් වෙනවද අපේ කොම්පියුටර් කෝස් එකට?

අවුලක් නෑ අක්කේ, රිජිස්ට්‍රේශන් එකටවත් සල්ලි නෑ .මම මේ H.R කෝස් එකක් බලන්න ආවේ. ශේන්ගේ මුවින් පිටවුනු වදන්‍ ය.

ඒ අසා සිටි චතුරිකා නම් නිලදාරිනිහ පෑසුවේ.. නෑ මල්ලි සල්ලි ඕන නෑ රෙජිස්ට්‍ර්‍ර්ශන් එකට, ඒක රුපියල් දෙදාහක් නොර්මල් ඒත් අද පන්සීයයි ගන්නෙ , ඒක ෆරට් මන්ත් කලාස් ෆී එකට ඇඩ් කරලා දෙන්නම් යනුවෙනි..

මේ කතා බහ අතරතුරත් ශේන්ට ශෙනාලි ගෙන් එරවුම් කිහිපයක්, සහ කෙනෙත්තුම් වාර කීපයකට මුහුණ දෙන්නටද සිදු වුනු අතර ඒ නිසාම නෑ අක්කේ මම ඉස්සරහට ගිහින් එන්නම් කියා ශේප් වී ඉදිරිය පිය නගන්නට වුනි.

ක්සේ හෝ හතර වෙනි තට්ටුවෙදී දෙදෙනා ඇතුලු අනෙක් කණාඩායමම අවශ්‍ය පාඨමාලාව සදහා ලියපදිංචි කැම්පස් එකෙන් එලියට එන අතර වාරයේ ශේන් එක් වරම නැවතී පැසුවේ චතුරිකා අක්කාට නොකියු බවයි. ශෙනාලි නොරිස්සමින් පිළිතුරු දුන්නේ තමන්ට බඩගිනි බවත් ඇයට ඉකමනින් නිවසට යාමට් ආවශ්‍ය නිසා බස් එකේ තනිවම හරි ඈ ගෙදර යන බවයි.

ශේන් එයට පිළිතුරක් ලෙස හරි එහනම් මම එනකන් ස්ටෑන්ඩ් එකේ විනාඩියක් ඉන්න කියා සෙනඟ අතුරින් නැවතත් නෝපෙනී ගියේ චතුරිකා අක්කව මුණ ගැසීමටයි.

................

කතාව ඉදිරියට ඊලඟ කොටසින්..අංක දෙකෙන් බලාපොරොත්තු වෙන්න

Tuesday, February 28, 2023

අතීතයට යන්න වෙර දැරීමක්

මනෝවිද්‍යාවට අනුව,


1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.


2. ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම දීර්ඝව තම අදහස් ප්‍රකාශ කරයි.


3. ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි.


4. ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක.


5. ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත. ඔවුන් කෝපයට පත් නොකරන්න. ඒ වගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්‍රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔවුන් දන්නවා


6. ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය.


7. ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල විනෝදජනකයි.


8. ඔවුන්ට ඉතා සරල සීතල පෞරුෂයන් ඇත.


9. ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොඳ නරක පිළිබඳ කල්පනා කරයි.


10. ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි.

ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් මුළු හදවතින්ම ආදරය කරයි. ඔවුන් ගැඹුරට ආදරෙයි. නමුත් ඔබ ඔවුන්ට ආදරය නොකරන්නේ නම්, ඔවුන් දිගු ඉවසීමකට පසු ඔබව සම්පූර්ණයෙන්ම අතහැර යයි.


11. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාවේ පරාසය එලෙසින්ම නොපෙන්වන අතර, ඔවුන් ඉතා හැඟීම්බර පුද්ගලයන් වේ.


12. ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි. ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය.


13. ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත.


14. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පෙනෙන තොරතුරු වලට වඩා බලපෑ හේතුන්වලට කැමතියි. ඔවුන් අවංක ය.


15. නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත. ඔවුන් බොහෝ දේ සඟවයි. නමුත් ඔබ ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත.


16. නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති. ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වීමට කැමති ය.


17. නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති.


18. නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්. පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි.


19. නිශ්ශබ්ද මිනිසුන් පහසුවෙන් කම්පා කළ නොහැක. එය කළ හැක්කේ, ඔවුන් ප්‍රේමය පවරා දුන් අයට පමණි. ප්‍රේමය නිසා ඔවුන් ඉතා සතුටට හෝ ඉතා වේදනාවට පත් වේ.


20  නිශ්ශබ්ද මිනිසුන් ඔබේ රහස් රකියි. ඔබේ වැරදිවලට නැවත නැවතත් සමාව දෙයි. ඕනෑම මොහොතක උපකාරශීලී වෙයි. සෑම තැනකම නොඇලෙන සිතක් ඔවුන් සතුයි. ඔවුන් ඔබව දැඩිව සිතින් අල්ලාගන්නා අතර, අත්හැරියොත් එය ද ඉතා දරඳඩු යි.


අන්තජාලය ඇසුරිනි  .

Thursday, February 23, 2023

දම්මි නිදිද බලන උපුල්! (18+)

 විද්‍යාඥයින්  කියන විදිහට පෘථිවියේ අභ්‍යන්තර හරය එහි භ්‍රමණය වෙනස් කරගෙන තියෙනවා කාලයක් ඉදන්.

අපගේ ග්‍රහලෝකයේ මේ අමුතු ඇටය පිහිටා තියෙන අඟහරු ලෝකය යැයි සිතා සිටින පෘතුවි ගෝලයේ හරය සෑදී ඇත්තේ පිටත ද්‍රව ලෝහ ස්ථරයකින් සහ අභ්‍යන්තර සයිස් එක හඳ වගේ සියයට 70ක් පමණ වන ඝන ලෝහයකිනි. පෘථිවි ග්‍රහලෝකයේ සෙසු කොටස් මෙන් උත්තර ධ්‍රැවයේ සිට බලන විට හරය වාමාවර්තව භ්‍රමණය වන බව සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. ( මට ඒක තාම විශ්වාස නැහැ) නමුත් චීනයේ පීකිං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පසුගිය වසර 60 තුළ භූ කම්පන තරංග දත්ත විශ්ලේෂණය කරමින් කරන ලද අධ්‍යයනයකින් නිගමනය වී ඇත්තේ හරයේ භ්‍රමණය වසර 2009 දී පමණ නතර වූ අතර පසුව ප්‍රතිවිරුද්ධ දිශාවට නැවත ආරම්භ වූ බවයි.

මේක කියවනකොට මගේ ඔලුවට ආවේ මායි තමරංගයයි.. හය වසරෙදි පටන් ගත්ත කන්වර්ශේෂන් එකක්. ඒ දවස්වල විදුලක පත්තරේ අරගෙන ඒක තියෙන ග්‍රහ ලෝක ගැන ඇඩ්‍රොමීඩා ගැන කලු කුහර ගැන ඔලුව කුරුවල් කරගෙන හිටිය අපි 2006 වගේ කාලෙදි මේ වගේ අදහස් ආපු එක ගැන මට මාර අඩම්බරයක් දැනෙන්නේ. අපි දෙන්නගේ සංවාදය ගොඩ නැගුනේ පෘතුවය අනිත් පැත්තට කැරකෙවෙන්න ගත්තොත් කාලය ආපස්සට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. ( පරන සුපර්මෑන් ෆිලිම් එකක් බලලා ඒකෙ තියරිය ඇප්ලයි කරන්න දැගලුවේ අපි)

මම කිව්වේම කාලය නතර වෙන එකක්වත් ආපහු අතීතයට යන එකක් නම් නැහැ හැබැයි නැගෙනහිර සහ බස්නා හිර නම් මාරු වෙනවා කියලා. එතකොට බස්නාහිරෙන් ඉර නැගලා නැගෙනහිරෙන් ඉර බහිනවා කියලා. තමරංගයා නැත්නම් බවත්‍රා ( ඌගෙ මොලේ වගේම ඔලුවත් ඒ සයිස් එකටම ලොකුයි) කිව්වේම උතුර දකුණ වුනත් මාරු වෙන්න පුලුවන් කියලා.

ඒ දවස්වල මම දැනගෙනහිටියේ මාලිමාවෙන් උතුර බලන්නයි කට පාඩමෙන් උපුල් ඊ ලඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන් කියලා අකුරු ටික අරගෙන දිශා අට කියන්නයි තමා. එහෙම එකේ මට කල්පනා වුනේ යකෝ ඒ කාලෙ වෙනකොට අපිට මේකත් වෙනස් කරන්න වෙයි කියලා. උපුල් වෙනුවට දම්මිව නැවේ නග්ගල යවන්න වෙයි නේ කියලා . මොකද මෙච්චර දවසක් මාලිමාවෙ දකුනු පැත්තෙන් තිබ්බ නැගෙන හිර දැන් වම් පැත්තට යනවා නේ. එතකොට එන්න ඕන උපුල් ඊ ළඟ බලා ගිහින් දම්මි නිදිද නැවෙන් වරෙන් කියලා.



හැබැයි ඕක ගැලපීමක් නෑ වගෙ නිසා ඊයෙ අපේ ඔෆ්ස් එකේ විද්වතුන් වෙන නුස් අක්කලා තාරක මල්ලිලා වෙඩීලා ඇන් ට්වින් ඩබලේ අදහස් අනූව ඒක ලේසි.

දම්මිව යවලා උපුල් ගේ නැගලාද කියලා බලා වරෙන් කියන එක නැතනම් උපුල් ඊ ලඟ  ගිහින් දම්මි නැවේ නිදිනම් නැගලා වරෙන් කියලා වඩා උචිතයි කියන එක.

මොකද ඕක සෑහෙන්න බෝන ඕන ප්‍රශ්නයක්.!

කමක් නෑ 2009 ඉදන් ඕක කැරකුනා හරි නැතිවුනා හරි අපි චිල් එකේ ඉන්න ඕන!

ටටා..


.කවී.



Wednesday, February 22, 2023

ආවස්ථික පිරිවැය සහ තනිකම හැදෙන බෝතලය.

 ඉවර කරන්න හදන හැම කතාවක් අන්තිමේම නැවතීමේ ලකුණ තියෙනවද නැද්ද කියලා කල්පනා කරලා ඉන්න වෙලාවක ශේන්ගෙන් ලැබුනු කෙටි පණිවිඩයක් නිසා මම පොඩ්ඩක් හිතන්න ගත්තා.

කවී අයියේ ඔෆ්ස් ලයින් එකෙන් කෝල් එකක් ගනින් මගේ එකේ සල්ලි නෑ!

වෙනදා වගේම හොටු හූර හුර අඩන සින්දුවක් කෝලර් ටෝන් එකට යනවා..

හෙලෝ කවී බොශ් .ඔයා මාරම චරිතයක් තමා ඉස්සරහට ලියන්‍ යනවා කියපු කතාව ඉමන්දරා කතා කලා විතරයි සැලෙන්ඩර් වෙලා චක බ්ලාස් කරලා දැම්මා නේද?

නෑ ශේන් ඒක බය වීමක් නෙමේ. අනික ඒ ළමයා තර්ජනයකුත් නෙමේ කලේ, ඉල්ලීමක් කලේ , එයාගෙ පැත්තෙන් එයා හරි. කියවන කෙනා උඹව දන්නවා නම් මේකෙ තියෙන දේවල් එක්ක ඒ කවුද කියලා හිතාගත්තොත් ඒළමයාට සුදුසු නෑ ඒක. දැන්වත් උඹ ඔය විකෘති මාන්සිකත්වයෙන් මිදිලා වරෙන් එලියට. ඒක ඒ ළමයාම කිව්වට පස්සෙ ආයෙත් ඉතින් ඒ ගැන කතා කරන්න බෑ නේ.ලියන්න බෑනේ ශේන් මල්ලි.

කවි අයියේ ඉමන්දරා ගැන ලියන්න එපා තමුසේ මගේ ගැන ලියනවා..

මොනවා කියලද ශේන් මම ලියන්නේ! මේක උඹගේ විතරක් නෙමේ මගේත් කතාවක් වගේ දැන්.. උඹ කැලි කෑලි කිව්වට ඒ කතාව ඇතුලේ අලුතින් තව ලිය ලිය ජීවත් වෙන්නේ මම බන්. උඹට දැනුනු දෙයක් මටත් දැනෙයි කියලා හිතාගෙන ලියනවා බන් මම.

හරි කවී අයියේ මම මේ ටිකේම උත්සහා කරන්නේ ඉමන්දරා කියපු සහෝදරයගේ තැන නවතින්න. එතනින් එහාට දුවන්නේ නැතුව ඉන්න. 

ඒක හොදයි ශේන් හැම අතකටම..

ඒත් මම එහෙම වෙන්න දරණ වෑයමකදී මට සෑහෙන්න රිදෙන තැන් තියෙනවා. අනික කවී අයියේ ඉමන්දරා කොච්චර කිව්වත් ශේන් ගැන ඉමන්දරාට තියනවා කියන සහෝදර හැඟීම මට වඩා වෙන අයට ඉමන්දරාට තියෙනවා. මම ඉන්නේ අයිනට වෙන්න එහාම  කොනක මුල්ලට වෙන්න.

ඒ ගැන කතා කරන්න එපා ශේන්, උඹ සාමාන්‍යයෙන් ලබා ගන්න බැරි දෙවල් වෙලට ආදරෙ කරන එක ඒ දවසවල ඉදනන්ම ඒ පුරුද්දක්.

උඹ දන්නවද දන්නේ නෑ කවි අයියේ මම හුඟක් අමාරුවෙන් හිත හදාගෙන තමා කරන්නේ ඉමන්දරාට මචං උඹ බන් බොලම්, තමුසේ කියලා කතා කරන එක. මට ඒක කරන්න බැහැ ඇත්තටම ඒත් ඉමන්දරා වෙනුවෙන් එහෙම කරනවා!

හැබැයි ඉමන්දරා එවලා තිබුනා අයියේ මට තමුසෙ තම්මුසෙ ගාන එක නවත්වන්න කියලා එයා ඒකට අකමැතියි කියලා.

ඉතුන් මම කිව්වා මාත් කතා කරන්නෙ එහෙම   කැමැත්තකින්  නෙමේ කියලා නමුත් අර නංගි කියන සීමාවෙන නැවතිලා ඉන්න ගත්ත උත්සහයාක් කියලා. හැබැයි ඒකට උත්තරයක් එව්වේ නැහැ.

කවී අයියේ උඹගේ අර තිබුනු පොස්ට් එක හරි..ආදරේ කරපු මිනිස්සුන්ට ආදරේ කරන්නේ නෑ වගේ ඉන්න එක තමා රිදෙන්නේ ඇත්තටම. මම හිතාගෙන හිටියේ ඒක පාර්ශවික ආදරය තමා වේදනා කාරීම කියල, හැබැයි මට වැරදුනා අයියේ. මේක තමයි වේදනාකාරීම අත් දැකීම.තව දෙයක් අයියේ මම නිමාශාට සමාන කරගෙන හිටියට එක අතකින් ඉමන්දරාගේ කොලිටීස් සෑහෙන්නම වැඩී අයියේ. ඉතින් මට එහෙම නොකර ඉන්න පුළුවන්ද?  

ශේන් උඹ කියාගෙන පලයම් කමක් නෑ මම ඔය ගැන හිතලා බලන්නම්. එතකම් උඹට ඉමන්දරාව අදුරන්නේ නෑ වගේ ඉන්න පුළුවන්ද?

සමාවෙන්න කවී අයියේ ඒකනම් කරන්න බැහැ! මේ ඒක නෙමේ මොකත වෙන්නේ ඔෆිස් එක පැත්තේ!

කියන්න තරම් විශේෂයක් නම් නැහැ. වෙනද වගේම මම සැරින් සැරේ ගිහින් අනු වෙඩීව අවුස්සනවා, ඊට පස්සේ තනුජ මල්ලි කොහෙන් හරි ඇවිත් මැද්දෙන් ට්පර් එකක් පාක් කරනවා කට්ටියම හිනා වෙනවා ඒවා තමා..

ට්පර් පාක් කරනවා කියන්නේ!?

ඒ කියන්නේ ගොනෝ කතාව අතර මැද්දෙන් ජොයින් වෙලා සම්පූර්න කතාවම දන්නේ නැතුව දැන් කියාගෙන යන වචනයකට අදහස් දක්වනවා.

ඕවාට අමතරව වෙඩී ගේ ඩැඩී ගැන ප්‍රශ්ණ කරනවා. වෙඩී කියන්නේ සමහර වෙලාවට අප්ඩේට් නැති ඩේටා බේස් එකක් වගේ, මම කියන්නේ සමාජය හා අවට පරිසරය ගැන. ටික් ටොක් කරන නලු බට්ටෙක් ගැන ඇහුවොත් කැස්පර්ස්කී වයිරස් ගාඩ් එකේ අප්ඩේට් වගේ, හැමදාම උදේ පාන්දර අප්ඩේට් වෙනවා.

හැබයි රටේ වත්මන් ජනාධිපති රනිල් කියලා අමතක වෙනවා. තාමත් වෙඩීගේ මතකය තියෙන්නේ එයා ඩැඩී කියලා ( අප්පච්චි) කියලා.

මට නිකම් යාන්තමට වගේ තේරුනා ඒත් කමක් නෑ අයියේ කියන් යන්නකෝ!

හැබැයි මෙහෙම දෙයක් තියනවා. අපි ජිවත් වෙන්නේ හදේ කියලා වෙඩීට කියලා එහෙම හිතන්න අවශ්‍ය සාධක ටිකක් කිව්වොත් සීයට අනූවක සම්බාවිතාවක් තියෙනවා ඒක පිලි ගන්න.

මොකද මේ ලඟදි තමයි මම වෙඩීට ඉගැන්නුවේ ආවස්ථික පිරිවැය සහ හීන වන ආන්තික උපයෝගීතාවය අතර අනුලෝම ප්‍රතිලෝම සම්බධයක් තියෙනවා කියලා.

ඇත්තටම එහෙම එකක් තියෙනවද අයියේ?

නෑ බන් එහෙම එකක් නෑ , හැබැයි මට ඔය දේකේම පැහැදිලි කිරීම් මතකයි. ඒ නිසා එහෙම දෙයක් තියෙනවා වගේ කතා කලාම ලේසී නේ. කොහොම හරි වෙඩී ඒක පිලි අරගෙන යූ ටියුබ් එකේ ආර්ථික විද්‍යාව උගන්වන සර් කෙනෙක්ගේ චැනල් එකේ කමෙන්ට් එකකුත් දැම්මා ඒක විස්තර කරලා දෙන්න කියලා.

වැඩේ ත දුර දිග යන්න කලින් මම ඒක බොරුවක් කියලා කමෙන්ට් එක ඩිලිට් කරලා දැම්මා.

ඒ වගේම මකන් කෑලි වලින් ට්පෙක්ස් වලින් ඔය මේසෙ උඩ තියෙන පොඩි පොඩි කෑලි වලින් මෝටාර් ප්‍රහාරයකට ලක් වුනා මිසක් ලොකු අවුලක් වුනේ නම් නෑ.

කොහොම හරි හවසට ඔගිස් එක වහනකොට තව අහම්බෙන් දැක්ක දෙයක් තමයි වෙඩීගෙ සත්ව කරුණාව.

ඔෆිස් එකේ ලයිට් සෙරම ඕෆ් කරලා නම ගහපු වීදුරු වතුර බෝතලේ මේසෙ මැද්දට වෙන්න තියලා මූඩියට තට්ටුවක් දාලා , පරිස්සමෙන් ඉන්න පැටියෝ කියලා කියනවා දවස් දෙකක් විතර දැකලා තියෙනවා.

ඒකට හේතු කාරණා විදිහට වෙඩී කියන්නේ.

වීදුරු බෝතලේට තනිකමක් දැනෙන්න පුලුවන් කියලා , මොකද තමන්ගේ නොවන තැනක නන්නාදුනන පුටු මේස එක්ක බෝතලේ දාලා යනකොට කියා ගන්න බැරි දුකක් දැනෙනවා කියලා.

ඒ මොන ජාතියේ විශව හැකුලුම් න්‍යායක් ද කියලා මාත් කල්පනා කරනවා ඒත් ඔලුවට එන්නේම නැහැ. මටත් තේරෙන්නේ නෑ ඒකෙ තියෙන ඔය සහ සංයුජ සම්බන්දතාවය. බෝතලේ මේසෙන් තනියම වැටෙන්න තියෙන සම්බාවිතාවය දෙකෙන් එකයි! හැබැයි විය හැකියාව බින්දුවයි දශම බින්දුවයි එකයි. නමුත් වෙඩී රෑ හිනෙන් බය වෙලා නැගිටිනවාලු බෝතලේට මොකක් හරි කරදරයක් වෙයිද දන්නේ නෑ කියලා.

අහ් තව දෙයක් අපි නිරීක්ශන මගින් නිගමනයකට එළබුනා මේ ලඟදි! වෙඩීගේ හිනාව හයිනා කියන සත්ව කොට්ටාශයේ කෑ ගහන එකට ගොඩාක්ම ආසන්නයි කියලා. ඒකනම් තනිකරම මගේ සොයා ගැනීමක්. ඔයාට ලේසියෙන්ම බලන්න පුලුවන් යූ ටියුබ් එකේ හයිනා ලාෆ් කියලා ගැහුවනම්!



සමහර විට ඒක වෙඩීට ආවෙනික දෙයක් වෙන්නැති. මොකද ඔෆිස් එකේ කොරිඩෝ එකේ අශ්වයා ගෝන් ටික් ටික් ස්ටයිල් එකට ඇවිදගෙන එනකොටම අපි දන්නවා ම් එන්නේ මිස් වෙඩී කියලා. ආයෙ ඉතින් හිතන්න දෙයක් නෑ ඒකේ. විශේෂයෙන් සෙව්බන්ඩා එහෙම  කියන්නේ ඔන්න එනවා බ්‍රේක් නැති පිස්සු කෝච්චියක් කියලා.

මොනවා කරන්නද ඉතිම්, අපි තාමත් මේ මුල් ළමා විය සංවර්ධන මද්‍යස්තානයකට වෙලා බලන් ඉන්නවා.. අපිත් ඇතුලුව.

තවත් සව් කොලයක් සහ බකට් එකක් ගැන ඉස්සරහට කියන්නම්.

තැන්කුයි.

.කවී.

Thursday, February 9, 2023

ශේන් ගේ කතාව! අසා සිටි ඔබ සැමට නිමි!

 උදේ පාන්දර නන්නාදුනන නම්බර් එකකින් කෝල් එකක්!

නමක් ගමක් නෑ ! 

Hello Good Morning ! කවුද මේ කියලා පටන් ගත්තා!

අහ් good morning කවී අයියද මේ? කියලා  කෙල්ලෙක් ගේ වොයිස් එකක් ආවා! 

ඔව් කවී තමයි, කවුද මේ? සාමන්‍ය ලෝකෙදී කවී කියලා කතා කරන පිරිස බොහොම අතලොස්සක් නිසා මමත් පුදුම වුනා! හැබැයි ලැබුනු උත්තරයෙන් මම තවත් පුදුම වුනා..

අහ් කවී අයියේ මම තමයි ඔයා නිතරම ලියන ශේන් කියනවා කියන ඉමන්දරා නංගි. මම ඔයාගේ නම්බර් එක ගත්තේ ශේන් ගෙන්ම තමයි. මොකද ඔයා ලියන දේවල් වල ලින්ක් ශේන් මටත් එවනවා! ඒත් සමහර තැන් වල ගොඩක් අඩු පාඩු තියෙනවා! අනික ඒ ඉන්නේ ඉමන්දරා නෙමේ, ශේන් ගේ පැත්‍තෙන් දකින ඉමන්දරා!

හරි නේ ඔය කරගෙන තියෙන්නේ වැඩේ මාත් ලෙසටම!

අහ් හරි හරි නංගි ඔයා දන්නවද මගේ බ්ලොග් එකේ උඩම දාලා තියෙන සටහන? 

මොකක්ද කවී ? මම කිව්වේ මොකක්ද කවී අයියෙ?

 ඉන්න නංගි කියලා මම පහල තියෙන වචන ටික කියාගෙන ගියේ හරියට මුල් පිටුවේ පත්තරේ කියවනවා වගේ .

------------

විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.

-------

ඒක මම කලින්ම දැක්කා අයියේ ඔයා ඕක ලියන්න ගත්ත දවස්වලම!  ඒත් 72% මනංකල්පිතයි කිව්වට මට කතාව කියවද්දි තේරුනා 28% තමයි මනං කල්පිත ගොඩක් දේවල් එහෙම් පිටින්ම ඇත්ත වගේ කියලා..

සතුටුයි! ඉමන්දරා කතා බහ කරන විදිහ ශේන් කීව්වට මෙහෙම හික් ගෑවෙන්න කතා කරනවා කියලා මම දන්නේ නෑ නෙ.



අහ් ඒක ඉතින් පාඨකයාට දැනෙන විදිහට තමයි නංගි!

කොහොම හරි කවී අයියේ ඔයා ශේන්ගෙන් විස්තර අහ අහ ලිව්වට ඒක තනිකරම එයාගෙ පැත්තෙන් හිතලා ලියපු එකක් විතරයි. ශේන් මාව දකින විදිහ විතරයි. මම ශේන්ව දකින විදිහ ඒක්ව් කොහෙවත් නැහැ.

ශේන් කියන්නේ මගේ හොදම යාලුවෙක්, සහෝදර සහෝදරියො කවුරුත්ම නැති නිසා සහෝදරයෙක් වගේ හිතලා ජීවිතේට ලං කර ගත්ත කෙනෙක් විතරයි. කාලයක් යනකොට එයා මට ආදරේ කරන්න ගත්තා කියලා මම එයාට ඒ විදිහටම ආදරේ කරන්න ඕන කියලා නීතියක් නෑ නේ!

අයියේ ශේන්ගේ වැරැද්ද ඒකයි. එයා හැමෝටම ඕනවට වඩා ආදරේ කරන්න ගිහින් හිත රිද්ද ගන්නවා ඒකට අනෙත් කවුරුවත් පලි නෑ මම හිතන්නේ! මම හිතන්නේ ශේන් මොනව හරි මානසික පීඩනයක ඉන්නවද දන්නේ නෑ මොකද ඔයාට කියලා තියෙන කතා ගොඩක් දේවල් වැරදී!

මම සහෝදරයෙක් දිහා බලන් විදිහට එයා දිහා බලලා හිනා වුනත් එයා හිතයි එයාට තියෙන ආදරේට හිනා වුනා කියලා! මම එයාට ආදරෙයි තමයි අයියේ හැබැයි එයා හිතන් ඉන්න විදිහේ ආදරයක් නෙමෙයි! ඒක එහෙම් පිටින්ම නංගි කෙනෙක් අයියට තියෙන බැදීම වගේ දෙයක්!

එතකොට නංගි කියන්නේ ශේන්ගේ වචන පිස්සුවක් කියලද?

හොඩක් වෙලාවට එයාට මල්ටි පර්සැනැල්ටී කියන ලෙඩේ තියෙනවද කියලත් බයයි. එයා එක එක වෙලාවට එක එක චරිත වල ඉන්නේ! මම කලින්මුකුත් නොකියම හිටියේ ඒකයි. ඒත් මම ඉවසන් හිටියා ටික කාලෙකට හරි මගේ සහෝදරයෙක් වගේ හිටියනේ කියලා! ඒත් දැන් බයයි ඔයා ලියලා තියෙන විදිහට කියවන හැමෝම ඉමන්දරා ඇන වැරදියට හිතයි කියලා. 

අනික කෙනෙක් ඇවිත් මම ඔයාට ආදරෙයි ඒ නිසා ඔයත් මට ආදරේ කරන්න ඕන කියලා කියන එක සාදාරණ නෑ කියලයි මටකියන්න ඕන උනේ! තරහ ගන්න එපා අයියේ ශේන්ට කිව්වත් කමක් නෑ මේ ටික..

හරි නංගි ඒක තේරුම් ගන්න පුලුවන්, එහෙනම් ඒක ෆැන්ටසියක් විතරයි. මම ඌව බෙහෙත් ටිකක් අරන් දෙන්න ආයෙත් එක්කන් යන්නම්! දෙවෙනි පාරට! 

බායි එහෙනම්, පරිස්සමෙන් ඉන්න නංගි!

ඔකේ අයියේ බායි. ඔයත් ඉන්න..පරිස්සමෙන් !


...............

මේ මක්කැයි මේ වුනේ කියලා හින්දුස්තාන් වුනු මම් ශේන්ට මැසේජ් එකක් දැම්මා!

ඕයි ශේන් හම්බවෙන්න ඕන.. උබේ ඩයිරිය නිමා කරන්නන කාලෙ ඇවිත්! හෑම කතාවකටම අවසානයක් තියෙන්න ඕනමයි! දෙවෙනි ඉනිම වගේ වෙනවා නැත්නම්!

.කවී. 

Tuesday, February 7, 2023

සීයට සීයක් හා සීයට අනූ නවයක්

 ඒක කොහෙන්ද පටන් ගන්නේ?

මොකක්ද?

ශේන් අයියේ මට ඔයාගෙන් දෙයක් අහන්න ඕන?

අහන්න අවුලක් නැ


ඇත්තටම ඔයා කියපු විදිහට එයා එහෙම ෆෝන් අරගෙන මැසේජ්ස් බලන්වනම් මම මැසේජ් දාන එක දැක්කමත් ප්‍ර්ශ්නයක් ඇති වෙයිද දන්නෙ නැ.

එහෙම වෙන්න හේතුවක් නැ ඉමන්දරා, හේතුව මට ආදරේ කරන අයව මට ආදරේ දැනෙන අයව මම  ගොඩක් පරිස්සම් වෙනවා පරිස්සම් කරන්න. එහෙම එකේ බය වෙන්න හේතුවක් නැහැ කියලා 

තමා මට නම් හිතෙන්නේ. 


හැබැයි දැන් ඔයාගේ කාලෙත් එක්ක මිනිස්සුට රැවටෙන එක අඩු කර ගන්න ඕන. ඔයාගෙ ජිවිතෙත් එක්ක ඔයා තේරුම් ගන්න ඕන ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නද නැද්ද කියලා.

ඔව් ශේන් අයියා හරි හැබැයි වැඩේ කියන්නේ මම ගොනා වෙනවා සේරටම කලින්. මම හිතනවා හැම මනුස්සයම හොදයි කියලා.


ඉමන්දරාට ආයෙත් වරදීවි. මේ ලොකෙ හොදයි කියලා කියන්න පුලුවන් කවුරුත් නැහැ! මගේ පුදගලික් අත් දැකීම් අත් හැරලා ගත්තොත් පවුලේ අම්මා තාත්තා තමයි ඇත්තටම හොද .


ඒකත් එහෙම නැඑ ශේන් අයියේ ! පවුලේ අය හොදයි කියලා කියන්න බැහැ.. මම් මේ සිකුරාදා ඉදන් අත් දැකපු දේවල් එක්ක සමහර ක්‍රියා කලාපයන් එක්ක ඒකත් බැහර කරන්න වෙනවා.


ඒ මොකක්ද ඉමන්දරා ඒ කතාව? මොකක් හරි ප්‍රශ්නයක් වුනාද ඔය තරමට හිත රිදෙන්න තරම්?


වැඩක් නෑ අයියේ ! පරන හිත් රිදුනු තැන් ආයෙත් ආයෙත් මතක් කරනකොට ‍රිදෙන්නේ , පැරෙන්නේ මගේ තුවලෙමයි. ඒ නිසා ඔන නැ.


විනඩි එකහමාරකට මගේ ඔලුවේ දිව්වේ අමුතුම කතා ගොඩක්! ඒ ටික කාලයකට කොච්චර වෙනස් වෙලාද ඉමන්දරා?  නැහැ මමත් වග කියන්න ඕන වටේ පිටේ ඉන්න හැමෝම වග කියන්න ඕන

ඉමන්දරාගේ මේ වෙනස් වීමට. ආදරේ දැනුනු තැන් ලැබුනු තැන් අහිමි කර ගන්නේ අපි විසින්මයි කියලා හිතෙන්නේ ඒ වෙලාවට .

ඉස්සර මොනවා හරි ප්‍රශ්නයක්  නම් හන්ගන්නේ නැතුව ඔහේ නිදසේ විවෘ තව කියාගෙන ගිය ඉමන්දරා දැන් හැමදේම හිර කරගෙන ඉන්නවා!


මම මටම රිද්දගන්නවා ඇරෙන්න වෙන හේතුවක් නැහැ ! මේක යුද්ධයක් එහෙම් පිටින්ම, මම දන්නවා මේක දිනා ගන්න බැරි මායිමක් බව. මම හැමදාම මායිම ගාවට වෙලා බලන් ඉන්න එක තමයි කරන්න 

සිද්ද වෙන්නේ. 


හැබැයි ඉමන්දරා කියපු එක දෙයක් මම තේරුම් ගත්තා හොදට මම ඉන්න තත්වය ගැන කාටවත් මගේ මුනෙන් පෙන්වන්න් දෙන්න එපා කියලා! උදේ පාන්දරම කන් දෙක පිරෙන්න කැමතිම

සින්දුවක් දාගෙන මූඩ් එක ෆික්ස් කර ගන්න එක දැන් පුරුදු වෙලා මට!


කවී අයියේ වචන ටිකක් එහෙ මෙහෙ වුනාට උඹට මගේ හැඟීම තේරුම් ගන්න පුලුවන් ඇති කියලා හිතෙනවා. ඒ හින්දා වචන්‍යක් වත් කියපන් හුම් හුම් ගාන්නේ නැතුව.


-----------


ශේන් එක දෙයක් තියෙනවා ත කෙනෙක් ඔයාව විශ්වාස කරලා දුකක් කියනවා නම් ලෝකෙන් කවුරුත්ම දන්නෙ නැති දෙයක් ඔයා එක්ක බෙදා ගන්නවා නම් ඔයත් එයා එක්ක දේවල් බෙද ගත්තට කමක් නැ

ඒත් ඉර්ශ්‍යාව මුල් කරගෙන තීරන ගන්න එපා මල්ලී. උඹ දැන් ඉමන්දරාට ආදරේට වඩා ඉර්ශ්‍යා කරන්වද කියලා හිතෙනවා! ස්මහර තැන් වලදි ආදරේ නිසා ඉර්ශ්‍යාව එනවා ඇති.. ඒත් උඹට ඉමන්දරා  කවමදාවත්

ආදරේ කරන්නත් බැහැ, ආදරේ කලෙත් නැහැ. උඹ ඔය කරපු ඒක පාර්ශවික ආදරය උඹට දරා ගන්න් අ අමාරුයි, යාලුවෙක් හරි තව කෙනෙක් හරි ඉමන්දරා ගාවට ලං වෙලා ඉන්නකොට උබට දරා ගන්න අමාරුයි.

ඒත් උඹ හැඟීම් කියන තැනදි පරිනත නිසා නිව්ට්‍රල් ප්‍රතිපත්තියක් ගන්නවා! ඒ නිසා ගොන් බූරුවෝ තේරුම් ගනින් දැන්වත් ඔය ඉමන්දරා කියන චරිතය උඹට ආදරේ නැහැ, උබට ආදරේ කරන්නෙත් නැහැ.

මට තේරෙන්නේ නැති එකම දෙයක් තියෙනවා උඹ කරන. උබ මිනිස්සුන්ට ඇත්ත කියනවා හැඟීම් ගැන උඹ ගැන කොටින්ම උඹ හිත් දෙකක් ගාව නැවතිලා ඉන්න හැටි ගැන . එක හිතකට ආදරෙ කරන්නත් අනෙක් හිත

උඹව පෙලන හැටි මතක් කරගෙනම ඉන්න වෙයි මම හිතන්නේ.  


ඒ නිසා උඹ බූරුවෙක් වගේ උබේ හැම රහසක්ම ශෙයා කරගන්න එපා මොකද උබ මිනිස්සුන්ට සීයට සීයක් ආදරේ කරලා ඇත්ත කිව්වට .. ඒ මිනිස්සු උබට ආදරේ කරන්නෙ සීයට අනූ ගානකින්. පොඩි හරි දෙයක් තියෙනවා

හංගන්න , ඉතින් හාර හාර අවුස්සන්න යන්නත් එපා ඒවා, දැක්ක්ම නොදැක්ක ගානට ගනන් ගන්නෙ නැතුව ඉන්න.



ඉතින් ගොන් වහන්සේ උඹත් පුරුදු වෙයන් සීයට අනූ අටකින් විතර නවතින්න . උඹට තේරුනාද..උබ යන්නෙ මිරිඟුවක් පස්සෙන් වගේ කියලා හිතා ගනින්. උඹ දවසක අහපන් ඉමන්දරාගෙන් උඹට ආදරෙයිද කියලා, දෙන උත්තර බාර අරගෙන

අර බස්සා ප්‍රොෆෙසර් මූඩ් එක ඔන් කරන් බලන් ඉදපන්, ඊට පස්සේ අහපන් උබ වගේම ඉමදරාත් තව කාට හරි ආදරෙයිද කියලා. උඹ කරන දේ හරි නම් ඉමන්දරා කරන් දේත් හරි කියලා පිලි

ගනින් ඉර්ශ්‍යා නොකර. උබට හගැලවීමක් නැහැ ශේන් මල්ලී. උබ ඉමන්දරාට උබේ හිතේ නැතක් හදලා ඉවරයි. ඒක් අමට තේරුනා ..මොකද අනිත් එවුන් උන්නද මලාද බලන්නෙ නැති එකා

ඉමන්දරාගේ එක මැසේජ් එකකට කෝල් එකකට් එක්සයිට් වෙන හැටි දැකලා තියෙනවා!  ඉතින් එහෙම එකේ උඹ ආයෙ අයේ මගෙ ඕකට උත්තර අහන්න එපා.. එ වගේම අන් සතු ඔබ වෙත 

සින්දුව නිතර නිතර හන එක නවත්තපන්! ඒක අහන්න් ඕන් උබ නෙමේ ඒ කෙල්ල..හැබැයි ඒකත් ඌබට ආදරේ නම විතරයි භල්ලෝ!


හැබැයි ඌබට අර හතේ හත එකේ අනුශ්ක කියන සින්දුව කිය කිය ඉන්න පුලුවන් හැම වෙලාවකම වගේ..


නුඹ නිසා ලීව කවි පාලුවට

මැකී යාවි එනවාද හෙට

සිනා දුන්න එක හාදුවක

මතකේ යලි රැගෙන

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ

සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

නුඹ නිසා ලීව කවි පාලුවට

මැකී යාවි එනවාද හෙට

දුර නොයා ඉන්න තිබුනා නුඹට

අතීතේ මතක යායටම

ඇවිත් යන්න නිවුනාම හිත

හිඳිමී උන්තැනම

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ

සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ

සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ



......................


මල්ලී මැරෙන්නේ නැතුව හුස්ම ගනින් අතුරු දහන් වෙයන් කාටවත් නොකියාමා.. එතකොට දැන් ගන්න පුලුවන් මිනිස්සු උඹට ඇත්තටම ආදරේ කරලද කියලා.


..කවී..

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...