Thursday, February 9, 2023

ශේන් ගේ කතාව! අසා සිටි ඔබ සැමට නිමි!

 උදේ පාන්දර නන්නාදුනන නම්බර් එකකින් කෝල් එකක්!

නමක් ගමක් නෑ ! 

Hello Good Morning ! කවුද මේ කියලා පටන් ගත්තා!

අහ් good morning කවී අයියද මේ? කියලා  කෙල්ලෙක් ගේ වොයිස් එකක් ආවා! 

ඔව් කවී තමයි, කවුද මේ? සාමන්‍ය ලෝකෙදී කවී කියලා කතා කරන පිරිස බොහොම අතලොස්සක් නිසා මමත් පුදුම වුනා! හැබැයි ලැබුනු උත්තරයෙන් මම තවත් පුදුම වුනා..

අහ් කවී අයියේ මම තමයි ඔයා නිතරම ලියන ශේන් කියනවා කියන ඉමන්දරා නංගි. මම ඔයාගේ නම්බර් එක ගත්තේ ශේන් ගෙන්ම තමයි. මොකද ඔයා ලියන දේවල් වල ලින්ක් ශේන් මටත් එවනවා! ඒත් සමහර තැන් වල ගොඩක් අඩු පාඩු තියෙනවා! අනික ඒ ඉන්නේ ඉමන්දරා නෙමේ, ශේන් ගේ පැත්‍තෙන් දකින ඉමන්දරා!

හරි නේ ඔය කරගෙන තියෙන්නේ වැඩේ මාත් ලෙසටම!

අහ් හරි හරි නංගි ඔයා දන්නවද මගේ බ්ලොග් එකේ උඩම දාලා තියෙන සටහන? 

මොකක්ද කවී ? මම කිව්වේ මොකක්ද කවී අයියෙ?

 ඉන්න නංගි කියලා මම පහල තියෙන වචන ටික කියාගෙන ගියේ හරියට මුල් පිටුවේ පත්තරේ කියවනවා වගේ .

------------

විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.

-------

ඒක මම කලින්ම දැක්කා අයියේ ඔයා ඕක ලියන්න ගත්ත දවස්වලම!  ඒත් 72% මනංකල්පිතයි කිව්වට මට කතාව කියවද්දි තේරුනා 28% තමයි මනං කල්පිත ගොඩක් දේවල් එහෙම් පිටින්ම ඇත්ත වගේ කියලා..

සතුටුයි! ඉමන්දරා කතා බහ කරන විදිහ ශේන් කීව්වට මෙහෙම හික් ගෑවෙන්න කතා කරනවා කියලා මම දන්නේ නෑ නෙ.



අහ් ඒක ඉතින් පාඨකයාට දැනෙන විදිහට තමයි නංගි!

කොහොම හරි කවී අයියේ ඔයා ශේන්ගෙන් විස්තර අහ අහ ලිව්වට ඒක තනිකරම එයාගෙ පැත්තෙන් හිතලා ලියපු එකක් විතරයි. ශේන් මාව දකින විදිහ විතරයි. මම ශේන්ව දකින විදිහ ඒක්ව් කොහෙවත් නැහැ.

ශේන් කියන්නේ මගේ හොදම යාලුවෙක්, සහෝදර සහෝදරියො කවුරුත්ම නැති නිසා සහෝදරයෙක් වගේ හිතලා ජීවිතේට ලං කර ගත්ත කෙනෙක් විතරයි. කාලයක් යනකොට එයා මට ආදරේ කරන්න ගත්තා කියලා මම එයාට ඒ විදිහටම ආදරේ කරන්න ඕන කියලා නීතියක් නෑ නේ!

අයියේ ශේන්ගේ වැරැද්ද ඒකයි. එයා හැමෝටම ඕනවට වඩා ආදරේ කරන්න ගිහින් හිත රිද්ද ගන්නවා ඒකට අනෙත් කවුරුවත් පලි නෑ මම හිතන්නේ! මම හිතන්නේ ශේන් මොනව හරි මානසික පීඩනයක ඉන්නවද දන්නේ නෑ මොකද ඔයාට කියලා තියෙන කතා ගොඩක් දේවල් වැරදී!

මම සහෝදරයෙක් දිහා බලන් විදිහට එයා දිහා බලලා හිනා වුනත් එයා හිතයි එයාට තියෙන ආදරේට හිනා වුනා කියලා! මම එයාට ආදරෙයි තමයි අයියේ හැබැයි එයා හිතන් ඉන්න විදිහේ ආදරයක් නෙමෙයි! ඒක එහෙම් පිටින්ම නංගි කෙනෙක් අයියට තියෙන බැදීම වගේ දෙයක්!

එතකොට නංගි කියන්නේ ශේන්ගේ වචන පිස්සුවක් කියලද?

හොඩක් වෙලාවට එයාට මල්ටි පර්සැනැල්ටී කියන ලෙඩේ තියෙනවද කියලත් බයයි. එයා එක එක වෙලාවට එක එක චරිත වල ඉන්නේ! මම කලින්මුකුත් නොකියම හිටියේ ඒකයි. ඒත් මම ඉවසන් හිටියා ටික කාලෙකට හරි මගේ සහෝදරයෙක් වගේ හිටියනේ කියලා! ඒත් දැන් බයයි ඔයා ලියලා තියෙන විදිහට කියවන හැමෝම ඉමන්දරා ඇන වැරදියට හිතයි කියලා. 

අනික කෙනෙක් ඇවිත් මම ඔයාට ආදරෙයි ඒ නිසා ඔයත් මට ආදරේ කරන්න ඕන කියලා කියන එක සාදාරණ නෑ කියලයි මටකියන්න ඕන උනේ! තරහ ගන්න එපා අයියේ ශේන්ට කිව්වත් කමක් නෑ මේ ටික..

හරි නංගි ඒක තේරුම් ගන්න පුලුවන්, එහෙනම් ඒක ෆැන්ටසියක් විතරයි. මම ඌව බෙහෙත් ටිකක් අරන් දෙන්න ආයෙත් එක්කන් යන්නම්! දෙවෙනි පාරට! 

බායි එහෙනම්, පරිස්සමෙන් ඉන්න නංගි!

ඔකේ අයියේ බායි. ඔයත් ඉන්න..පරිස්සමෙන් !


...............

මේ මක්කැයි මේ වුනේ කියලා හින්දුස්තාන් වුනු මම් ශේන්ට මැසේජ් එකක් දැම්මා!

ඕයි ශේන් හම්බවෙන්න ඕන.. උබේ ඩයිරිය නිමා කරන්නන කාලෙ ඇවිත්! හෑම කතාවකටම අවසානයක් තියෙන්න ඕනමයි! දෙවෙනි ඉනිම වගේ වෙනවා නැත්නම්!

.කවී. 

Tuesday, February 7, 2023

සීයට සීයක් හා සීයට අනූ නවයක්

 ඒක කොහෙන්ද පටන් ගන්නේ?

මොකක්ද?

ශේන් අයියේ මට ඔයාගෙන් දෙයක් අහන්න ඕන?

අහන්න අවුලක් නැ


ඇත්තටම ඔයා කියපු විදිහට එයා එහෙම ෆෝන් අරගෙන මැසේජ්ස් බලන්වනම් මම මැසේජ් දාන එක දැක්කමත් ප්‍ර්ශ්නයක් ඇති වෙයිද දන්නෙ නැ.

එහෙම වෙන්න හේතුවක් නැ ඉමන්දරා, හේතුව මට ආදරේ කරන අයව මට ආදරේ දැනෙන අයව මම  ගොඩක් පරිස්සම් වෙනවා පරිස්සම් කරන්න. එහෙම එකේ බය වෙන්න හේතුවක් නැහැ කියලා 

තමා මට නම් හිතෙන්නේ. 


හැබැයි දැන් ඔයාගේ කාලෙත් එක්ක මිනිස්සුට රැවටෙන එක අඩු කර ගන්න ඕන. ඔයාගෙ ජිවිතෙත් එක්ක ඔයා තේරුම් ගන්න ඕන ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නද නැද්ද කියලා.

ඔව් ශේන් අයියා හරි හැබැයි වැඩේ කියන්නේ මම ගොනා වෙනවා සේරටම කලින්. මම හිතනවා හැම මනුස්සයම හොදයි කියලා.


ඉමන්දරාට ආයෙත් වරදීවි. මේ ලොකෙ හොදයි කියලා කියන්න පුලුවන් කවුරුත් නැහැ! මගේ පුදගලික් අත් දැකීම් අත් හැරලා ගත්තොත් පවුලේ අම්මා තාත්තා තමයි ඇත්තටම හොද .


ඒකත් එහෙම නැඑ ශේන් අයියේ ! පවුලේ අය හොදයි කියලා කියන්න බැහැ.. මම් මේ සිකුරාදා ඉදන් අත් දැකපු දේවල් එක්ක සමහර ක්‍රියා කලාපයන් එක්ක ඒකත් බැහර කරන්න වෙනවා.


ඒ මොකක්ද ඉමන්දරා ඒ කතාව? මොකක් හරි ප්‍රශ්නයක් වුනාද ඔය තරමට හිත රිදෙන්න තරම්?


වැඩක් නෑ අයියේ ! පරන හිත් රිදුනු තැන් ආයෙත් ආයෙත් මතක් කරනකොට ‍රිදෙන්නේ , පැරෙන්නේ මගේ තුවලෙමයි. ඒ නිසා ඔන නැ.


විනඩි එකහමාරකට මගේ ඔලුවේ දිව්වේ අමුතුම කතා ගොඩක්! ඒ ටික කාලයකට කොච්චර වෙනස් වෙලාද ඉමන්දරා?  නැහැ මමත් වග කියන්න ඕන වටේ පිටේ ඉන්න හැමෝම වග කියන්න ඕන

ඉමන්දරාගේ මේ වෙනස් වීමට. ආදරේ දැනුනු තැන් ලැබුනු තැන් අහිමි කර ගන්නේ අපි විසින්මයි කියලා හිතෙන්නේ ඒ වෙලාවට .

ඉස්සර මොනවා හරි ප්‍රශ්නයක්  නම් හන්ගන්නේ නැතුව ඔහේ නිදසේ විවෘ තව කියාගෙන ගිය ඉමන්දරා දැන් හැමදේම හිර කරගෙන ඉන්නවා!


මම මටම රිද්දගන්නවා ඇරෙන්න වෙන හේතුවක් නැහැ ! මේක යුද්ධයක් එහෙම් පිටින්ම, මම දන්නවා මේක දිනා ගන්න බැරි මායිමක් බව. මම හැමදාම මායිම ගාවට වෙලා බලන් ඉන්න එක තමයි කරන්න 

සිද්ද වෙන්නේ. 


හැබැයි ඉමන්දරා කියපු එක දෙයක් මම තේරුම් ගත්තා හොදට මම ඉන්න තත්වය ගැන කාටවත් මගේ මුනෙන් පෙන්වන්න් දෙන්න එපා කියලා! උදේ පාන්දරම කන් දෙක පිරෙන්න කැමතිම

සින්දුවක් දාගෙන මූඩ් එක ෆික්ස් කර ගන්න එක දැන් පුරුදු වෙලා මට!


කවී අයියේ වචන ටිකක් එහෙ මෙහෙ වුනාට උඹට මගේ හැඟීම තේරුම් ගන්න පුලුවන් ඇති කියලා හිතෙනවා. ඒ හින්දා වචන්‍යක් වත් කියපන් හුම් හුම් ගාන්නේ නැතුව.


-----------


ශේන් එක දෙයක් තියෙනවා ත කෙනෙක් ඔයාව විශ්වාස කරලා දුකක් කියනවා නම් ලෝකෙන් කවුරුත්ම දන්නෙ නැති දෙයක් ඔයා එක්ක බෙදා ගන්නවා නම් ඔයත් එයා එක්ක දේවල් බෙද ගත්තට කමක් නැ

ඒත් ඉර්ශ්‍යාව මුල් කරගෙන තීරන ගන්න එපා මල්ලී. උඹ දැන් ඉමන්දරාට ආදරේට වඩා ඉර්ශ්‍යා කරන්වද කියලා හිතෙනවා! ස්මහර තැන් වලදි ආදරේ නිසා ඉර්ශ්‍යාව එනවා ඇති.. ඒත් උඹට ඉමන්දරා  කවමදාවත්

ආදරේ කරන්නත් බැහැ, ආදරේ කලෙත් නැහැ. උඹ ඔය කරපු ඒක පාර්ශවික ආදරය උඹට දරා ගන්න් අ අමාරුයි, යාලුවෙක් හරි තව කෙනෙක් හරි ඉමන්දරා ගාවට ලං වෙලා ඉන්නකොට උබට දරා ගන්න අමාරුයි.

ඒත් උඹ හැඟීම් කියන තැනදි පරිනත නිසා නිව්ට්‍රල් ප්‍රතිපත්තියක් ගන්නවා! ඒ නිසා ගොන් බූරුවෝ තේරුම් ගනින් දැන්වත් ඔය ඉමන්දරා කියන චරිතය උඹට ආදරේ නැහැ, උබට ආදරේ කරන්නෙත් නැහැ.

මට තේරෙන්නේ නැති එකම දෙයක් තියෙනවා උඹ කරන. උබ මිනිස්සුන්ට ඇත්ත කියනවා හැඟීම් ගැන උඹ ගැන කොටින්ම උඹ හිත් දෙකක් ගාව නැවතිලා ඉන්න හැටි ගැන . එක හිතකට ආදරෙ කරන්නත් අනෙක් හිත

උඹව පෙලන හැටි මතක් කරගෙනම ඉන්න වෙයි මම හිතන්නේ.  


ඒ නිසා උඹ බූරුවෙක් වගේ උබේ හැම රහසක්ම ශෙයා කරගන්න එපා මොකද උබ මිනිස්සුන්ට සීයට සීයක් ආදරේ කරලා ඇත්ත කිව්වට .. ඒ මිනිස්සු උබට ආදරේ කරන්නෙ සීයට අනූ ගානකින්. පොඩි හරි දෙයක් තියෙනවා

හංගන්න , ඉතින් හාර හාර අවුස්සන්න යන්නත් එපා ඒවා, දැක්ක්ම නොදැක්ක ගානට ගනන් ගන්නෙ නැතුව ඉන්න.



ඉතින් ගොන් වහන්සේ උඹත් පුරුදු වෙයන් සීයට අනූ අටකින් විතර නවතින්න . උඹට තේරුනාද..උබ යන්නෙ මිරිඟුවක් පස්සෙන් වගේ කියලා හිතා ගනින්. උඹ දවසක අහපන් ඉමන්දරාගෙන් උඹට ආදරෙයිද කියලා, දෙන උත්තර බාර අරගෙන

අර බස්සා ප්‍රොෆෙසර් මූඩ් එක ඔන් කරන් බලන් ඉදපන්, ඊට පස්සේ අහපන් උබ වගේම ඉමදරාත් තව කාට හරි ආදරෙයිද කියලා. උඹ කරන දේ හරි නම් ඉමන්දරා කරන් දේත් හරි කියලා පිලි

ගනින් ඉර්ශ්‍යා නොකර. උබට හගැලවීමක් නැහැ ශේන් මල්ලී. උබ ඉමන්දරාට උබේ හිතේ නැතක් හදලා ඉවරයි. ඒක් අමට තේරුනා ..මොකද අනිත් එවුන් උන්නද මලාද බලන්නෙ නැති එකා

ඉමන්දරාගේ එක මැසේජ් එකකට කෝල් එකකට් එක්සයිට් වෙන හැටි දැකලා තියෙනවා!  ඉතින් එහෙම එකේ උඹ ආයෙ අයේ මගෙ ඕකට උත්තර අහන්න එපා.. එ වගේම අන් සතු ඔබ වෙත 

සින්දුව නිතර නිතර හන එක නවත්තපන්! ඒක අහන්න් ඕන් උබ නෙමේ ඒ කෙල්ල..හැබැයි ඒකත් ඌබට ආදරේ නම විතරයි භල්ලෝ!


හැබැයි ඌබට අර හතේ හත එකේ අනුශ්ක කියන සින්දුව කිය කිය ඉන්න පුලුවන් හැම වෙලාවකම වගේ..


නුඹ නිසා ලීව කවි පාලුවට

මැකී යාවි එනවාද හෙට

සිනා දුන්න එක හාදුවක

මතකේ යලි රැගෙන

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ

සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

නුඹ නිසා ලීව කවි පාලුවට

මැකී යාවි එනවාද හෙට

දුර නොයා ඉන්න තිබුනා නුඹට

අතීතේ මතක යායටම

ඇවිත් යන්න නිවුනාම හිත

හිඳිමී උන්තැනම

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ

සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ

සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ



......................


මල්ලී මැරෙන්නේ නැතුව හුස්ම ගනින් අතුරු දහන් වෙයන් කාටවත් නොකියාමා.. එතකොට දැන් ගන්න පුලුවන් මිනිස්සු උඹට ඇත්තටම ආදරේ කරලද කියලා.


..කවී..

Monday, January 16, 2023

හීන අල්ලන රවුමක් !

 ඇත්තටම ඒක කොහෙද?

මොකක්ද?

අර මම දීපු පාට පාට පිහාටු එල්ලපු ඩ්‍රීම් කැචර් එක?

ඒක තාමත් තියෙනවා පරිස්සමට ..මගේ ගෙදර, මගේ කාමරේ මට නිතරම පේන තැනක.

ඒ මගේ ජිවිතේට මම ගොඩක් ආදරේ කරන කෙනෙක් දීපු මට ගොඩක් වටින දෙයක්!


මට ඒකට අදහසක් දක්වන්න බෑ ශේන් කියන්න වගේ මෙන්න මේ එමෝජිය විතරක් එවලා තිබුනා  😳.

 ඒකට කමක් නෑ ..හෙට යන්න ඕන බැංකුවට! කියලා ඉමන්දරා කියනකොට 


ඒ මොකටද? ඉතින් මම අද  සල්ලි ගන්න ආපු වෙලාවෙ කිව්වා නම් බයික් එකෙන් එක්කන් යනවා නේ බෑන්ක් එකට! 

ඕන නෑ දන්න මල්ලි කෙනෙක් ඉන්නවා, තාත්තා වැඩ කරන්නේ ඒ බෑන්ක් එකේ.

ඉතින් අම්මා එක්ක යන්න බැරිද?

බෑ නේ අම්මා වැඩ, ඒවා පාඩු කරන් එන්න කියන්න බැහැ නේ.. මම ඉතින් ඒ මල්ලි එක්ක යනවා!


මට ජේ වගේ ඉමන්දරා!

ඒ මොකටද ශේන් අයියා ජෙලස් වෙන්නේ?


මම නැතුව ඒ මල්ලි එක්ක යන්න හදන එකට! දන්නවා දවසක ක්ලාස් එකේ පාටියක් ඉවර වෙලා ගෙදරට ගෙනත් දැම්මා කිව්වේ ඒ මල්ලි නේද..?


නෑ  නෑ මේ එයා  නෙමේ.. මේකා පොඩි එකෙක්!

ඒ කියන්නේ කොහොමත් ඔය ගමන අද යන එකක් නෙමේ එහෙනම්.!


හ්ම්ම්..


(හ්ම්) මේ තියෙනේ මම හුඟක්ම අකමැති වචනයක්!

මේ වචනය පාවිච්චි කරන්නේ කතාවක් තව දුරටත් රසයක් නැත්නම් කැමැත්තක් නැත්නම් .. මුකුත් කියන්න දෙයක් නැත්නම් කොටින්ම ඒ කතා කරන එක වැඩක් නැත්නම් මිනිස්සු පාවිච්චි කරන්නේ හ්ම් කියන වචනය..


මම කවදාවත් මිනිස්සුන්ට කියන්නේ නෑ මම මේ එන්නේ උදේ පාන්දර ගෙදරට ඉන්න එක එපා වෙලා කියලා! සමහර වෙලාවට උදේට නොකාම එන්නෙ ක්සිම දෙයක් නිසා නෙමේ ඔලුව එහෙම් පිටින්ම බර වෙන එකෙන් 

නිදහඩ් වෙන්න.නිදහස හොයන් යන්න. කැමතිම මිනිස්සුන්ගේ මුණක් බලන්න..ඒත් සමහර වෙලාවක් එනවා අපි කොච්චර කැමති වුනත් ඒ මූණු වල අයිතිකාරයෝ කවමදාවත් කැමැත්තක් නොදක්වන.

මොකද හුඟලක් දෙනා හිතන්නේ ඒ ජීවිත සුරංගනා කතා වගේ කියලා.


ඉමන්දරාට තනියම බැංකුවට යන්න කියලා අනෙක් පාරෙන් හරවගෙන ඇවිත් වැව අයිනෙ පාරෙ නවත්වගෙන කල්පනා කලා තනියම කොහෙද යන්නේ කියලා.. හරි ඉමන්දරාව එක්කන් යන්නම් කියලා පොරොන්දු වුනු 

ඒත් කවමදාවත් එක්කගෙන යන්න බැරි වුනු පාලම් පාරුව ගාවට. කලාතුරකින් එහෙම් මෙහෙට පටවගෙන් එන බයික් එකක් වාහනයක් ඇරෙන්න කවුරුත්ම නැති ඒ තැන මගේ හිතට පුදුම සැනසීමක්. ඒ සැනසීම හොයාගෙන යන

හැම වෙලාවකම මගේ හිතට ආවෙම ඉමදරා මෙතන වාඩි වෙලා හිටියනම් මාත් එක්ක කියලා. ඒක පාර්ශවික ආදරේ තියෙන භයානකම දේ තමා කාලය ගැන තියෙන අවබෝධය නැත්තටම නැති වෙලා යන එක. 

සමහර ගත්ත තීරණ වලින් හිතේ හැම කොනක්ම එක පාර රිද්ද ගන්න කොට , සැනසීමක් දැනුනු මුහුණකට තිබුනු ඉමන්දරාත් දැන් ටික ටික දුරස් වෙලා යන හැටි මට දරා ගන්න බැරි වෙලා. මම වැඩ කකර ටහෙන ඉදන් හූවක දුරින් ඉමන්දරා වැඩ කරන තැන තිබුනත්.  මට නිතරම ගිහින් කතා බහ කරන්න බැහැ වෙනවදා වගේ.. ඊටත් වඩා 

ඉමදරාට ඉන්නවා හොදම යාලුවෝ රැලක් එතන, නිතරම එතනට ගිහින් හිත රිද්දවගෙන් හෙල්මට් දාගෙන අවුවෙ එනවට වඩා ඒ සි එකේ වාඩි වෙලා හිටියම දුක ඩැනෙන එක අඩු ඇති. සුදු කියන්නේ නිකන්ම නිකන් වැර්දි වහගන්න පාටක් කියලා මට තේරුම් ගියේ ඉමන්දරාගෙන්. වැඩ ඉවරවෙලා ස්ටේශන් එකේ වාඩි වෙලා ඉන්නකොට එයාට දකූනු පැත්තෙන් වාඩි වෙන් මම දැක්කේඅමුතුම පාටක් තියෙන මූණ. යන්තම් උඩට නැවුනු තොල් දෙක එහෙමත් නැත්නම් පපුව පටන් ගන්න හරියෙම තියෙන, එහෙමත් නැත්නම් නිකට ගාව තියෙන උපන් ලපයක ඒ හමට ගෙනාපු ලස්සන ගැන වචන්‍යක් නොකිය සෑහෙන්න වෙලාවක් බල්න් ඉන්න පුලුවන් කම තිබුනා මට. කොච්ච්‍රරක් ආදරේ දැනුනත් අයිතියක් නෑ කියල දැන දැනම ආදරේ කරන් එක පුරුද්දක් වෙලා. ඒත් තවත් කෙනෙක්ට ඉමන්දරා ආදරේන් කතා කරනකොට ආදරේ පෙන්වනකොට කියා ගන්න බැරි විදිහට ලේ කැටියක් බෙල්ලේ නහර වල ඉදලා පපුව සීතල කරන් පහතට බහිනවා වගේ.  ඒත් එක් අතක බාදුරාවක් තියාගෙන අනිත් අතට ඉද්ද මලක සුවද විදින්නේ කොහොමද? 

කවුරු හරි ගොඩාක් ආදරෙ කරන කෙනෙක් මේ ඉද්දමල කඩාගෙන අරගෙන ගියාට කමක් නැ පෙති තලන්නේ නැතුව! ඒත් මම කොහොමද නවත්වගන්නේ මේ ඉර්ශ්‍යාව කියන හැඟීම.  ඒක ආදර වෙන්නත් අඑති ස්මහර විට. 

සමහර අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේනැතුව මඟ ඇරලා යන්නේ උත්තරයක් දීගන්න බැරි කමටද  අනැත්නම් 

ඊලඟ කොටසින්  හම්බවෙමු .. තව දුරටත් ශේන් හිටියොත්..



...කවී...

Friday, January 13, 2023

එහෙන් ගත්තොත් හිතක්!

 නොදුන් තැන් අහිමිමැයි ප්‍රේමිය

හිමි වුනත් දුර ඈතකට,

වැලි කතරකට නොමැතිනම්

සකුරා මල් පලස මත

එහෙන් ගත්තොත් හිතක්

තමන් සන්තකටම..,

කියාපන් එදා හවසට..

හිමද වැලි කැටද තණ පලස

සකුරාද වැඩක් නැහැ මට..

.කවී.

Sunday, January 1, 2023

, සාලයා, හුරුල්ලා සහ් වෙඩී ගේ හපන්කම්

 කතාවක් පටන් ගන්නේ මෙහෙමයි කියලා කියන්න විදිහක් නැති වෙලාවකට සමාන්‍යයෙන් මම කරන්නේ ශේන්ට ඇමතුමක් දෙන එක.

හේතුව ඕනම වෙලාවක කතාවකට ගන්න පුලුවන් තරමේ විස්තරයක් දෙයක් උගේ ලඟ තියෙන එකයි හරිම අමුතුම වචන ටිකක් අස්සෙන්

 මිනිස්සුනේ හිතේ හැංගිලා තියෙන හැඟීම් ටිකක් එළි බහින්න ගන්න එක තමයි මම නම් හේතු විදිහට දකින්නේ. 

 ඉතාමත් මෑතකිදි වුනු කතා බහක් නිසා මට ලියන්න හිතුනා මෙහෙම..

කවි අයියේ ? තමුසෙට කෝල් එකක් ගන්න එක අමාරු වැඩක් නෙමේ ..කරන්න බැරි වැඩක්! තමුසෙ කොයි වෙලේ බැලුවත් බොරු බිසී එකක් නේ දන්නේ අපිට.

එහෙම කේස් එකක් නැඑ ශේන් මල්ලි, සමහර අවස්තාවල් එනවා කන්නේ බොන්නේ නැතුව හරි ගොඩ දාගන්න් වෙන අවස්තාවල් . ඒ වෙලාවට නම් ඇත්තටම බිසී.

මේ දවස්වලනම් කරන්නෙ අව්ශ්‍යතාවයක් නැති එවුන්ටත් වුවමනාවක් ඇති කරලා කොහොම හරි කන්ටේනර් පෙට්ටියක් දෙකක් විකුණ ගන්න දගලන එක.

සමහර වෙලාවට මොලේ එක සෙල් එකක් රෙස්පොන්ස් කරන එක නවත්වයි කියලා හිතෙනකන් ඒක ගැන කල්පනා කරනවා!

හරි හරි කවී අයොයේ තමුසේගෙ හැමදාම කියන කතාවක් නේ ඕක.. අහි මම දැක්කා තඩි තොරණක් වගේ කොම්පුයුටර් එකක් තියාගෙන ෆොටෝ දදා ඉන්නවා.

දැන් අමාරුව හොද ඇති නේ?

ඒක හොද වෙන්නේ නැති ලෙඩක් ශේන්! උඹ ඒක හොදටම දන්නවා නේද? මට එක දෙයක් නෙමේ ගේම් ගහන්න ඩිසයින් කරන්න නැත්නම් ෆිලිම් බලන්න එහෙමත් නැත්නම්

මොනවා හරි ටූටෝරියල් ටිකක් බලන්න ඒ වගේ දේවල් තමා මම කරන්නේ. උඹ දන්නේ නෑ වගේ හනකොට නම් මට පුදුමයි, මොකද උඹත් අපි එක මහ රෑ එළි වෙනකන්

පබ් ජී නැත්න්ම කෝල් ඔෆ් ඩියුටි ගහ ගහ හිටිය එකා නේ!


හරි තමුසෙ මොනවා කලත් කමක් නෑ කවි අයියේ තමුසෙට තව මොන මොන කෑලි ගන්න ඕන වෙයිද දන්නේ නැ ඕකට! ඒක නම් කියන්න දන්නේ නෑ මම නම් හැබැයි

පන්දාහක් මාරු කරගන්න ඕන වුනාම කෙනුලි ටෙක්ස්ටයිල් එකට ගීහින් චූටි චූටි කී ටැග් සත්තු කැලි ගන්න එක උඹ ඔය කියනවා වගේ දෙයක්!


අයියේ මට කවදාවත් ඔයාලගේ ඔෆිස් එකේ විස්තර අහන්න බැරි වුනා..අලුත් එකේ.. පරන එකටනම් ඇවිත් තියෙනවා නේ මම..( ටැප් හවුස් එකේ අඑවිදගන්න බැරි තරමට කිට්ටු වෙලා ඉන්න වෙලාවක

මා නිකන් හදට අරගෙන යනවා වගේ අරගෙන ගෙනිච්චේ ඒ ඔෆිස් එකටනේ?

අහ් ඒ ලේක් හවුස් එක ගාව පරණ ඔෆිස් එක බන්..දැන් අපි වෙනවම කොම්පැනි එකක්..ශිපින්ග්!

දැන් ඒකේ කවුද ඉන්නේ? පරණ අයමද?


පරණ අයගෙන් ඉන්නේ බොහොම ටික දෙනයි. ට්වින්ස්ලා ඉන්නවා, ඊට අමතරව තාරක නැත්නම් අජේ දේව්ගන්  ඉන්නවා අලුතින්, ඊට අමතරව අලුතින් ඉන්නේ නුෂ් කියලා අක්කා කෙනෙකුයි එයාගෙම

සහෝ කෙනෙක් වෙන ඉමාද් කියලා මල්ලි කෙනෙකුයි!

එතකොට පරණ අය ඔයා එක්ක හිටපු එතන වැඩ කරපු?

පරණ අය ඉතින් ඉන්නෙ අර ගලේන් බිදුනු වැව හාරිස්පත්තුවේ ඉදන් එන සෙව් බණඩාරේ සහ අනු වෙඩ්ක්කාරේ තමා.

මතක නෑ කවී අයියේ! එහෙම නම් කිව්වට!

හපෝ බන් කිව්වට ඇස්වහක් කටවහක් නැ මම කියලා තියෙන්නේ  " ක  "  කිව්වොත් කමුද කියලා අහන් සෙව්වා ගැන? 

අහ් හරි හරි බණ්ඩාරේ කියන්නේ එයාටට නෙහ්..මම දැකලා තියෙනවා ඔයාලගෙ ඔෆිස් ෆොටෝ වල හොම්බ දික්කරගෙන ඉන්නවා.. ඊට පස්සේ ඔය අනු වෙඩික්කාර කියන්නේ අර ආච්චිට

සෑහෙන්න ආදරේ කරන අක්කා නේද? අර කණ්නාඩි කුට්ටම නැති කරගත්ත විදිහ ගැන ලියලා තිබුනේ? එයාවත් දැකලා තියෙනවා! අනිත් අය දැකලා නම් නැ එක එක්කෙනා මෙයා කියලා හදුන්වලා දෙන්න බැද?

වෙලාවක් හම්බුන ගමන් කියන්නම් ඒ ගැන!

මේ ඒක නෙමේ මොකක්ද මේ අජේ දේව්ගන් කතාව? 


අහ් මල්ලි ඒක මෙහෙමයි..අපේ තාරක මල්ලි ඉන්නවා නේ අපි ඒකව ජෝඩු කරලා තියෙනේ ඔෆිස් එක ලඟ තියෙන ශොප් එකක අයිති කාරයගේ ලොකු දුවට! හෙන ගැහුවට අපරාදයක් නැ ඒ ළමයගෙ නමත් අනුත්තරා!

ඒ හින්දමද මන්දා තාරක මල්ලි වැඩිය ඒ ගැන උනන්දුවක් නෑ.. තවත් සමහර වෙලාවකට ඌම කියනවා මේ අනූ වෙඩී ලා සෙව්බන්ඩලා කරන වැඩ දැක්කම කාන්තා පාර්ශවය ඕනත් නෑ කියලා හිතෙනවා කියලා!

හැබැයි මල්ලි වෙඩීලා සෙවබන්ඩා එහෙම ඉන්න තැන මොනව හරි වචන්‍යක් නම් අල්ලගන්න පුලුවන්! උඹ කවමදාවත් අහලා තියෙනවාද හුරුල්ලෝ සාලොයොන්ට වඩා ගනන් අඩුවෙලා කියලා?

කවී අයියේ එහෙම අඩු වෙනවා මාළුවා සිරිසඟ බෝ මාලුවෙක් නම්, නැත්නම් අපේ පන්තියේ මාළුවා සාලයා සහ සූඩයා නේ, හුරුල්ලා ගන්නෙ තවත් වැඩි පුර සීයක් දෙසීයක් වියදම් කරලා නේ!

අන්න් ඒකයි ශේන් මල්ලි මම කියන්නේ වෙඩී ලා ඒ අතින් හරිම සුවිශේෂයි. මොකද මේ ලඟදි මට කියනවා අනේ අයියේ අපිට හැමදාම සාලයෝ කන්න සල්ලි නැති නිසා හුරුල්ලෝ තමා අපි බැදලා කන්නේ කියලා!

උඹට කියන්න් මල්ලී ම්ම ඒ කතාවට ටිකක් විතර කොන්ෆියුස් වුනාට ලොකුවට හිතුවෙ නැ මොකද අනු වෙඩික්කාරගේ නම අපි රෙජිස්ටර් කරලා තියෙනේ අධික කොරියානුක ගති පැවතු ඇති ළමයෙක් විදිහට,

කොරියානුක ගති පැවතුම් අදි අසාමන්‍ය බව කොච්චරක්ද කියනවා නම්..හැදි දෙකක් අරන් ඇවිත් හැන්දේ අපි කන පැත්තේන් අල්ලගෙන අර කෝටුව වගේ තියෙන පැත්තෙන් තමා කන්නෙ බොන්නෙත්.

මට වෙලාවකට බයත් හිතෙනවා වෙඩී මෑණියෝ නිතාරම කත කර කර අහ්න්නේ පෙත්ත බිව්වද කියලදා කියලත්!කොහොම කොහොම හරි මම හොදින් හුරුල්ලාට වඩා සාලයා ගානෙන් අඩු බවත් අපි වැනි දුප්පත් මිනිස්සුන් ආහාරයට නිතරම සාලයන් ගන්නා බවත් ඉද හිට හෝ හුරුල්ලන් කිලෝ එකක් ගැනීමේ බලාපොරොත්තුවෙන්ඉන්න බවත් කියලා ඒ ගැන් වැඩි දැනමුතු කම් ලබා ගන්න කියලා නුශ් අක්කාට දාපු වෙලාවේ උඹ හිතපන් ගහෙන් වැතුනු මිනිහගේ ඔලුවෙ කඩා වැටිලා වදින්න ගිය දේවාලෙ ගොනා ඇන්නා වගේ නුශ් අක්කා කියපි

අහ් අයි නෝ ද හුරුල්ලා හී ඉස් ද ලොකු එකා ඔෆ් හාල් මැස්සා? ඇම් අයි රයිට්?                                         වෙලාවාට මම බීපු වතුර ටික ගුඩුස් ගාලා ගිලුනේ කලින්ම ..නැත්නම් ගොයම් වලට තෙල් ගහනවා වගේ ස්ප්‍රේ වෙනවා වතුර ටික පෘස් ගාලා..


තීක්ශණ මල්ලි නම් කියන විදිහට ඇනුවල් ට්‍ර්ප් එකේ අතරමගදි මාළු ලැල්ලක් ලඟ නවත්වලා මුන් සේරටම මාළු වර්ග හදුන්වාදීමක් කරන්න ඕන.. අනු පුතාගේ ලෝකයේ ඉන්නෙ හාල් මැස්සා, කරවල, සාලයා, හුරුල්ලා වැනි සීමිත මාළු වර්ග කීපයක් විතරයි.

හැබැයි ගායකයෙක් ගැන නැත්නම් නලුවෙක් ගැන විස්තර ඇහුවොත් ඔලුවේ ඉන්න තඩි ගානත් හරියටම කියන්න පුලුවන් හැකියාවක් තියෙනවා.. එහෙම එකේ ශේන් මල්ලි උඹ හිතන්වද අපිට හිනාවෙන අඩුවක් ඇති කියලා මේ කම්පැනි එකේ.?

එහෙමනම් හිතෙන්නේ නෑ අයියේ මට හිතෙන්නේම ඕකට වඩා හොදයි ඔයාලා ඩේ කෙයාර් එකක් දැම්මනම්!

ඒකත් නොකෙරුවා නෙමේ මල්ලී.. පොඩි පොඩි සෙල්ලම් බඩු ගෙනල්ලා මේස උඩ තියලා , අර වෙඩි තිබ්බම ගිහින් ඇලවෙන ඩාර්ට් තුවක්කුවක් එහෙම තියාගෙන යුද්ධයට ලැස්ති වෙලා ඉන්න්..

ආසන්නතම සිදු වීම තමා වෙඩි විසින් ගෙදර අරගෙන් ගිය අර ඉබ්බෝ සෙල්ලම් බඩු පෙන්නලා තරු වෙඩී වෙන එයාගෙම එක කුස උපන් සහෝදරියව ඇවිස්සීමත් එක්ක, ෆේස් බුක් එකේ කමෙන්ට් අස්සේ තරූ වෙඩීත් ඉබ්බෙක් හරි ඉබ්බා කාර් එකක් හරි

ඒ දෙකම නැත්නම් කබ්බෙක් හරි එයාටත් අරන් එවන්න කියලා කියන එක.. දිපුවා තරු වෙඩී ට දුන්නාද නැත්නම් අනු වෙඩී විසින් බර්මියුඩා ත්‍රිකෝනයේ මිනි වර්ශන් වෙන අනූ ගේ හැඑන්ඩ් බැග් එකට ගල් වුනාද කියන්න නම් මම දන්නේ නැ.

ම්ම නිතරම කියන්නෙ බොහෝ දෙනා වයසට ගියාට මූහුකුරා ගිහින් නැහැ කියලා. මරදානේ චූටිට මේ වගේ හෑලි ලියන එක බොහොම අදූර දර්ශී ක්‍රියාවක් වුනත් ශේන්ගේත් අනිත් පාඨකයන්ගේත් දැඩි ඉල්ලිම නිසා ප්‍රාණ බය තියාගෙන හැම වචනයක්ම අමුනන්නේ.

ඔයාගේ ජිවිතේ මාර පුදුමයි නේද කවි අයියේ  ඔහේ ජීවිතේ ගලාගෙන යන විදිහට ගලාගෙන යනවා කියන එක මට හිතා ගන්න බැහැ.

හේතුව?

හේතුව මම..මට ප්‍රශ්ණ එනකොට එන්නෙ එක දිගට බ්‍රෝ, ඒවත් එන්නේ හරිම ලස්සන විදිහට, සමහර ඒව එන්නේ බෙල්ල ලඟට හිර වෙන විදිහට, අනුකම්පාවා එක්ක ආදරේ පටලවගෙන ජීවත් වෙන එක හරි අමාරු දෙයක් අයියේ. ඒක දැන් දැන් තේරුම් යන ගමන් තියෙන්නේ සමහර දේවල් නිසා ඉමෝශනල් වැඩි වෙලා ගන්න තීරණ නිසා සමහර දේවල් එහෙම් පිටින්ම් මග ඇරෙනවා. සමහර වෙලාවට ඉස්සර ආසාවෙන් මැසේජ් එකක් එයි කියලා බල්න් හිදපු අය දැන් වැඩිය කතා බහ නැති වෙනවා! ස්මහර වෙලාවට මිනිස්සු හිතනවා ම්ම ඒ අයත් එක්ක තියෙන තරහට කතා නොකර ඉන්නවා කියලා! ඒත් දුක හිතෙනම් කාරනය තමා අපි හොදින්ද කියලා අහයි කියලා හිත බලාපොරොත්තුවෙන් ඉන්න කවුරුත් ..මොකක්ද අවුල කියලා අහන්නේ නෑ..එයලාම උපකල්පනය කරලා තීරණ ගන්නවා විතරයි.

එක තැනකදි ඉමන්දරා මට කියනවා කෙනෙක්ගෙන් ගත්ත උදව් වෙනුවෙන් ආදරෙයි කියලා ඉවසගෙන ඉන්නවා නම් ඇත්තටම එතන ආදරයක් නෑ නේද කියලා අයියේ!සමහර වෙලාවට මට කෑ ගහලා ආදරෙයි කියලා ඉමන්දරාට ..ඒත් මමම දා ගත්ත නැංගුරමක් නිසා එක තැනක නැවතිලා ඉන්නේ!

වෙලාවකට හිතෙනවා අයියේ කොහේ හරි ගිහිල්ලා අතුරුදහන් වෙලා යන්න. මොකද ඉමන්දරා කියන විදිහට ගොඩක් කෙල්ලෝ යාළු වෙලා ඉන්නකාලෙ තමන් යාලු වෙලා ඉන්න කෙනාට පෙන්වන්නේ තමන්ගේ හොද පැත්ත විතරමයි කියලා. ඒත් ජීවිතයේ ඉස්සරහට වැරදි තීරනත් එක්ක ගමන් කරන්කොට තමයි තේරෙන්නේ ඉමන්දරා කියපු වචන වල කොච්චරක් ඇත්ත තිබුනද කියලා!

අනිත් හැමෝටම වඩා ඔයා ශේන් ගැන දන්නවා අයියේ..ඒ නිසා ඔයා දන්නවා ශේන් කොච්චර ඉමන්දරාට ආදරෙයිද කියලා?

ඒක්ත් මම නොදන්නවා නෙමේ ශේන්.. ඉමන්දරාගේ එකම එක ෆොටෝ එකක් ඉල්ල ඉල්ල පින්සෙන්ඩු වෙන විදිහ මම දැකලා තියෙනවා.. ඒ වගේම අමම් දන්නවා උඹ දාපු නැංගුරම තියෙන තැන පින්තූර වලට වඩා ඩයිව් එකක් පුරෝලා ඉමන්දරාගේ පින්තූර තියෙනවා කියලා...  ප්‍ර්ශ්නේ තියෙන්නේ ශේන්...ඉමන්දරා උඹට ආදරේ කරන විදිහ! උබයි , ඉමන්දරයි කියන පිට්ටනිය මැදින් තඩි තාප්පයක් ගහලා ඉවරයි. සමහර වෙලාවට ඉමන්දරා ගේ සද්දයක් වත් නැති එක ගැන් දුක් වෙන්න වෙයි උඹට..සමහරක් වෙලාවට එකම තැන ඉදගෙන ඔලුව උස්සලා බැලුවොත් ඉමන්දරාගේ මූණ පෙනෙන ළඟින්ම ඉන්න ඒත් කිසිම් අයිතියක් කියාගන්න බැරුව ඒ මූනට ආදරෙයි කියගන්න බරුව හැමදාම විදව විදව..


ඒක වෙන්න පුළුවන් අයොයේ ..ඒත් මගේ ඔලුවේ තියෙන සමහර ප්‍රශ්න ඔයාට බිසීනම් මම කියන්නෙ ඉමන්දරා එක්ක. ඉමන්දරා කවදාවත් මට සොලුයුශන් දෙන්නේ නම් නැහැ ඒත් මගෙ ඒකට ෆේස් කරන් මාත් එක්ක ඉඩකඩ හදාගෙන..ඒ වෙලවට ඉමන්දරාව බදාගෙන අඩන්න හිටුනත් මම ඉවසගෙන ඉන්නවා කවි අයියේ.මම්  විශ්වාස කරනවා ඇත්තටම කොහෙන් හරි ජීවිතය වෙනස් වෙයි කියලා


ස්තූතියි.


කවියා,







 

 

Monday, December 5, 2022

අයිතියක් නොමැතිව ආදර කිරීම හා රිද්දවීම!

 අපිට ඕන අපි වෙන්නද? නැත්නම් වෙනම කවුරු හරි වෙන්නද?

ආදරේ කියන්නේ මොකක්ද ? ආදරේ දැනෙන්න ඕන කාටද?

මේ වගේ ප්‍රශ්න ටිකක් ඔලුවේ කොහේ හරි තියාගෙන මම ඇස් නතර කර ගන්නේ ඉමන්දරාගේ ෆොටෝ එකක් ලඟ. මට දැනෙන විදිහට නුඹට දැනෙනවා නම්, මට හැගෙන විදිහට නුඹටත් හැඟෙනවා නම්? 

දැන් මම පුරුදු වෙලා ඉමන්දරා! නොලැබෙන දේවල් දිහා බලන් ඉදලම, සමහර වෙලාවට ජීවිතය පවා කලකිරෙන අවස්තා එනවා.

එකම එක දවසක ඉමන්දරා කිව්වා මතකයි.. අනේ අයියේ ඔයා දැන්මම කලකිරෙන්න නම් එපා කියලා. මම ඒක හිතට ගත්තා ඒත් මම තවම මැරි මැරී ඉපදෙනවා මහ රැට තනියම .

කාලයක් මම බලන් හිටියේ කොහොම හරි නුඹව මට හිමි වේවි කියන බලාපොරොත්තුවෙන්. ඒත් සමහර අව්ස්තා එනවා ජීවිතේට බෙල්ල ලගටම හිරවෙන. මට නුඹට ආදරේ කරන්නත් බැහැ ඒත් මට එහෙම නොකරත් බැහැ. ඒ තවම මම නුඹට ආදරේ නිසා.

මම කාලෙකට කලින් කිව්වා මතකද මිනිස්සුන්ට ලබා ගන්න බැරි හදවතක් වුනාම , මිනිස්සු ඉර්ෂ්‍යාවෙන් පිරෙනවා ඊට පස්සෙ මිනිස්සු කරන්නේ ලබා ගන්න නොහැකි වුනු කෙනාට අයිති හිත රිද්දන එක. ආදරනීය ඉමන්දරා මමත් දැන් ඒ තත්වයටම  වැටිලා ඉවරයි වගේ . මට නොදැනිම මම කරන්නේ ඉමන්දරාගේ හිත ගැන නොදන්නවා වගේ රිද්දන එක. රිද්දලා සමාව ඉල්ලන එක. ඒත් මට තවම හිතා ගන්න බැරි නුඹව මට අහිමි වුනු මොහොත ගැන.

හැම රැකම ඒ ගැන හිතලා ඉර්ෂ්‍යාවෙන් පුපුරන එකෙන් මම හෙම්බත් වෙලා ඉන්නේ. මහ පාන්දර වෙනකන් ඇස් වලට වද දෙන්නේ ඒ නිසා වෙන්න ඇති. කාටවත් නොතේරෙන්න ගැලරියේ හයිඩ් වෙලා තියෙන උඹේ ෆොටෝ සිය ගනනක හිනාව දිහා බලාගෙන තනියම හිනා වෙන්න තරම් දුරකට ඇවිත් ඉවරයි. 

කවමදාවත් මට ආදරය නොකරන ඉමන්දරාට මම ඇයි ආදරය කරන්නෙ කියලා කියවන් කෙනෙක්ට හිතෙන්න පුලුවන්. මට ආදරයක් ඉල්ලගෙන පස්සෙන් වැටෙන්න බැහැ. ඒක හරියට ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ හරි මැදින් තාප්පයක් ගහල වගේ දෙයක්.

නුඹ මට ආදරය නොකරන බව දැන දැනම උඹේ රුවට ආදරය කරන්න මම පුරුදු වෙලා ඉවරයි ඇබ්බැහි වෙලා ඉවරයි. මට ආදරය කරලා වේදනා විදිනවාට වඩා මම විතරක් නුඹට ආදර කරලා වේදනාව දරා ගන්න එක හොදයි.



කොටින්ම් තවත් කෙනෙක්ගේ නමක් කියලා විහිලු කලාට ඇත්තටම හිත තව තව මැරෙනවා ඇරෙන්න සතුටක් දැනෙන්නේ නම් නැඑ හැබැයි යටි සිත හැම වෙලාවෙම ඉල්ලුවා ..අනේ ඒ කියන නම මගේ නම වුනා නම් කියලා. ඒත් කමක් නැ ඉමදරා මම ආදරෙයි කියලා මට ඔයාව පරාද කරවන්න බැහැ, මට ඕන ඔයා හිනා වෙලා ඉන්නවා දකින්න මොනම දේ නැති වුනත්, හිත රිදෙන කතාවක් කරලා අඩන්න වගේ ඇස් දෙක රතු වුනාම මට ම්න ගැනම ලැජ්ජාවක් ඇති වෙනේ ඒකයි ඇවිත් සමාව ඉල්ලනේ ඒකයි.

මට ණුඹව වටින්නේ නැති බව පෙන්නුවාට, මම තාමත් නුඹට ආදරෙයි ඉමන්දරා!


හීන නොතිබුන තැනක නැවතුනු  

හිනාවක් ගැන කතාවත් නොකරපු

ආදරේ අරගෙන තැනක නොපෙනුනු

ඉතින් අවසරයි ආදරය කල් මරපු

හිමි නොවෙන හිතක් බව දැනත් 

පෙම් කරපු..

ඒ දැනත් ආදරේ තවරපු,

හිත ලඟ අවැසි විට නිදි මරපු,

උඹ මලකි සැමදාම 

උඩම අත්තක පිපී හිනැහුනු!

අර දරුනු සුළඟට විතරක්ම

පහල විත් සුවද දී උඩට විසි වුනු..



.කවී.

 

Wednesday, November 30, 2022

මට ජීවිතයක් තියෙනවා!


ලෙක්චර් හෝල් එක පේන තැනක ඉදන් හෙමි හෙමින් බැහැගෙන ආවහම කොහුවල පැත්තට යන්නෙ නැතුව සේදවත්ත පැත්තට බස් ගහන ස්ටැන්ඩ් එකට වෙලා මම බලන් ඉන්න පුරුදු වුනා. හරිම ඉක්මනට ජීවිතයක් තියෙන බව මට තේරුම් යන්න ගත්තා බොහෝම ටික වෙලාවකින්.

හදිසියෙන් කොන්ඩෙ හදනවා වගේ හැරිලා මම තාමත් එතන ඉන්නවද කියලා බලල ආයෙත් ෆෝන් එක දිහා බලාගන්නවා බස් එකේ ජනේලෙන් මම දැක්කා..

මගේ පරන් සෝනි එරික්ස්න් ඩබ්ලිව් ටූ හන්ඩ්‍රට් ෆෝන් එකේ මැසේජ් නොටොෆිකේශන් එකක් ආවා. 

ශේන් කවුරු එනකන්ද බලන් ඉන්නේ?

අහ් නැ ඉමන්දරා මම මේ දෙයක් කල්පනා කරන්න ඕන් නිසා මෙතන බැම්මේ ටිකක් ඉදගත්තා, ලාවට බඩගින්නකුත් එනවා ඩයිනමෝර් එකටත් යන්න ඕන කියලා මම රිප්ලයි කරලා ආයෙත් බස් එකේ ඉන්න ඉමන්දරා දිහා බැලුවා.

එහා පැත්තෙ ඉන්න යාලුවා එක්ක තිබ්බ කතාව නවත්වලා මැසේජ් එක කියවනවද කොහෙද.

ආයෙත් මැසේජ් එකක්!

අහ් හරි මම හිතුවා කවුරු හරි එනකන් ඉන්නවා කියලා,,විශේෂ කෙනෙක්!

මම ආයෙත් මෙහෙම ටයිප් කලා විශේෂ කෙනා මේ පාරෙන් එන්නේ නැ කියලා! මැසේජ් එක දාන ගමන් මම බැලුවෙ ඉමන්දරාගේ මූන දිහා !

මැසේජ් එක බලලා එහෙම්ම ෆෝන් එක හැන්ඩ් බැග් එක අස්සට දා ගත්තද කොහෙද..ඒ එක්කම බස් එක ඇද්දුවා. බලන් ඉන්න හේතුවල් නෑ නේ කියලා මාත් නැගිටිනකොටම ආයෙත් මැසේජ් එකක් ආවා!

ශේන් කල්පනා කරලා ප්‍රශ්නේ විසද ගත්තා වගේ, අනිත් එක දැන් බඩත් පිරිලා වගේ නේද යන්න ලැස්ති වුනේ කියලා.

ඉකේ! ලැජ්ජාවෙ නෑ ඉමන්දරා බලලා තියෙනවා බස් එක ට්‍රැෆික් එකේ හෙමින් හෙමින් අද්දනකොට.

නෑ ඉමදරා මට හිතුනා එතන බලන් ඉන්න එකෙන් මට ලොකු වැඩක් වෙන්නේ නැ කියලා ..ඒක කාලය කා දැමීමක් කියලා මම තේරුම් ගත්තා. ඒකයි කියලා.

ආයෙත් ඉමදරාගෙන් - ඕකේ ඔකේ මේ ඔයගේ එයාර් ටෙල් එකට මගෙ ඩයලොග් එකෙන් මැසේජ් දාලාම ක්‍රෙඩිට් ඉවරයි. මම රී ලෝඩ් එකක් දාගෙන මැසේජ් එකක් දාන්නම් ..දැනට ඔයාගෙ මැසේජ් වලට රිප්ලයි කරන්න බැරි වෙයි කියලා තමා ඒකෙ තිබුනේ..

මමත් එක උරහිසකට දාගෙන හිටිය බැග් එකේ පටිය ආයෙත් හදලා උරහිස් දෙකටම දාගෙන ෆෝන් එකත් සාක්කුවේ ඔබාගෙන යන්න හදද්දිම ..ඩයිනමෝර් එකේ දොර පැත්තෙන් ශේන් ශේන් කියලා හීනි ඒත් කන විදගෙන යන සද්දයක් ඇහුනා. ඒක දිහා බලන්කොට ඩයිනමොර් එකේ දොරේ මදක් හරියෙන් ඔලුවක් එලියට ඇවිත් තිබුනා ! චතු! මොකෝ ගෙදර ගියේ නැද තවම?

නැ ශේන් එන්න එන්න අද මගේ ගානේ බන් එකක් කමු..ස්මෝල් සබ් එකක්! 

ආයෙත් අර පුරුදු ආඩම්බරකම ඔලුවට අරගෙන් මම කිව්වා ..අනේ තැන්ක්ස් චතු ගෙදර යන්න පරක්කු වෙනවා මම යනවා කියලා!

අහ් ශේන් අපිත් මෙතනට ඇවිත් විනාඩි විස්ස්කට වැඩි වින්ඩෝ එක ගාවම ටේබල් එකේ අපි වාඩි වෙලා හිටියෙ! ඔයාට අපිව පෙනුනේ නැති වුනාට ඔයා නම් එතනම් එඩ්ජ් එකේ වාඩි වෙලා බස් එකේ ටයිම් කීපර් ජොබ් එක කරනවා දැක්කා..මොනවා කරන්නද ඉතින් බස් වලට ටයිම් කීපිං කරන යාලුවට අපිත් එක්ක කන්න වෙලාව නෑලු නේ කියලා හෙන අමුතු හිනාවකුත් දැම්මා!

යකෝ අද මම මොන නැකතකද නැගිට්ටේ! හෙන ගහන්න වගේ බලන බලන තැන්වල බයි වෙනවා ඉල්ලන් කා ගන්නවා නේවා නේ..ආයෙත් ලග්නය බලාගත්තනම් හොදයි වගේ! ආයෙ ඉතින් සිංහයා වගේ ඉස්සරහට දා ගත්ත පපුව බව්වා වගේ පිටිපස්සට කරගෙන ඩයිනමෝර් එක ඇතුල ගියා ! බඩගින්නටවත් ෆ්‍රී සබ්මැරීන් එකටවත් නෙමේ එහෙම් පිටින්ම වුනු විලි ලැජ්ජාව කවර් කරගන්න. ආයෙ ඉතින් රෙද්දක් ඇදන් ලෙක්ච්ර්ස් යන්නද... පොඩි වුනාටා මේකගේ කටේ සද්දේ කොහොමද කියලා මම දන්නවා නේ හොදටම. කර බාගෙන එහා පැත්තට වෙන්න තියෙන පුටුවේ වාඩි වුනා.

ඒයි ශේන් ඔන්න ඕක ඔයාට..බෙල්ල උලුක් කරගෙන බස් එකේ ජනේලයි ෆෝන් එකයි දිහා මාරුවෙක් මාරුවට බලන් වෙලාවෙමයි මම ඕක ඕඩර් කලේ. අද දවල්ට කැවෙත් නෑ නේද ඔයා? කන්න කන්න ඔය නැගිටිනකන්මයි මායි සමායි දෙන්නම බලන් හිටියේ. සමා අතින් කට වහගෙන පොඩි හිනාවක් දැම්මා මිසක් මුකුත් කිව්වේ නැහැ.

පොඩි එකෙක් හොර වැඩක් කරලා අහු වුනාම කරනවා වගේ හෙමීට සබ් එකේ චූටි කැලි කැලි කඩ කඩ හිටියා මිසක් මට මුකුත් ගලපගන්නත් බැරි වුනා කියන්න, මොනවා කරන්නද හෙමි හෙමින් ලැජ්ජාව කඩ කඩ කටේ දා ගන්නවා ඇරෙන්න.

ශේන්..ඔය තද නිල්පාටයි ලා නිල්පාටයි ගවුම ගැන හිත හිත ඉන්නෙ නැතුව කැවනම් නේද හොද? ආයෙත් හවසට අයි ටී ඩිප්ලෝමා එකට යනවා කිව්වා නේද කියලා චතු කිව්වමයි තේරුනේ මේක සැඑහෙන්න වෙලාවක් මෙතන ඉදලා කියලා. මොකද ඉමදරා අද ලෙක්චර්ස් ඇදගෙන ආවෙ මම ආසම තද නිල් ලා නිල් දෙකම තියෙන ගවුමක්!

හපොයි වනේ විනාසේ ! ගහේම වැදුනනෙ මාත්!

(මේක පැබ්ලෝ පිකාසෝගේ ප්‍රකට ණිර්මානයක්) හේතුව කියන්නේ නැ මම ඇයි මේක දැම්මේ කියලා මෙතනට)

...........................................

ඊලඟ ටික හෙට දෙන්නම්.. ටටා!

.කවී.







ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...