Wednesday, May 12, 2021

හිල, වඩේ සහ ශේන් ගේ ආදරය

කියන තරම් ජීවිතේ හොදටම ගෙවුන නම් කියල හිතෙනව නම් අපිට නැවතිලා ආපහු හිතලා බලන්න තිබුනා අපි කතාව ආරම්භ කරලා තියෙන්නේ කොතනින්ද කියලා. 

සමහර විට හිතන් හිටිය විදිහ වැරදි වෙන්නත් පුළුවන්.  සමහර විට වෙලා තියෙන විදිහ වැරදි වෙන්නත් පුළුවන්, ඒ දෙකම නැත්නම් අපි කරලා තියෙන විදිහෙ වැරද්දක් වෙන්න පුලුවන්.

හීනියට මාරි බිස්කට් එකල් ප්ලේන් ටී එකේ පොගෝගෙන කන ගමන් ස්කුබි ඩූ බලපු කාලය වෙනුවට දැන් වී ඇත්තේ එහෙම් පිටින්ම මාරි බිස්කටි  පැකට් එකක් ලඟ තියාගෙන ඒ කාලයේ අතරින් පතර ඇඩ් බලමින් බපපු කාටුන් එක ඩේටා කපාගෙන යූ ටියුබ් එකේ නැරබීමට වීම ශෝචනිය තත්වයකි.

නමුත් මම මේ අවස්තාවා කලීන් සදහන් කලේ අතීතයේ සිදුවීම තරම් කික් එකක් නොමැත. මා දැන් අතීතයේ ඒ මොහොත  සමාන කරන්නේ උණු උණුවේ බා ගත් පරිප්පු වඩේ එකක් කන විට දැනෙන හැඟීමට බව කාරුණිකව දන්වා සිටිමි. මන්දයත් අපි පරිප්පු වඩේ එකක් කන්නේ වඩේ වලටම පනවා ඇති යම් යම් ප්‍රමිති සහතික ඇති බව යටි හිතේ තැන්පත් කරගෙනම වීමයි,

අපි හොදින් හදුනන වඩේ වලටම සුවිශේශී වූ ලෝක දර්ම‍යෙහි න්‍යායන් කිහිපයකි. ඒවා සැකවින් මෙසේය.

අපි හොදින් හදුනන වඩේ වලටම සුවිශේශී වූ ලෝක දර්ම‍යෙහි න්‍යායන් කිහිපයකි. ඒවා සැකවින් මෙසේය.


 



ශේන් මල්ලි ගොඩක් කාලයක් නිශ්ෂබ්දව සිටීම මට තේරුම් ගත නොහැක එම හැඟීම මා අර පරණ තෙල් තාච්චියේ පෙන දමමින් බැදෙන ඉස්සෝ වඩයකට දැනෙන හැඟීමමදැයි කියාගන්නට නොහැක. සමහර විට මට මේ වඩේ එක සහ ඌ අතර හිතූ පරිදි සහ සංයුජ සම්බන්දයක් ගොඩ නන්වා ලොවට පෙන්වීමට නොහැකි වනු ඇත.

උගේ වචන වල දැන් ඇත්තේම බොහෝම සීමිත වචන ප්‍රමානයකි, ඌ සිටින්නේ අමුතුම කලකිරීමක ගිලීගෙනය, නිතර නිතර වට්සැප් එක ඕපන් කර යමක් බලයි. නැත්නම් ඔන්ලයින් ඇවිත් පැය ගානක් වෙනවා හැබැයි තවම මගේ මැසේජ් රීඩ් කරලා නෑ.
උගේ සීමිත වචන ලැයිස්තුව අතර ටොප් රෑන්කින් වචන පහත පරිදි වේ..

ඒ මූණ
ඒ තොල් දෙක
ඒ බෙල්ල
ඒ ඇස් දෙක
අර ඇදුම
මේ ෆොටෝ එක
ඒ කාලය
දැන් ඒ කෙල්ල වෙනස් වෙලා
ආදරේ නෑ
ආදරේ දැනෙන්නේ නෑ

වගේ වචන ප්‍රමානයකි. හේතු විමසූ කල කියන්නෙ ඇත්තටම තේරුම් අරන් ආදරේ කලා කියලා හිතුවට එතන තිබිලා තියෙන්නෙ තාව කාලික ආදරයක්ද කියන එකයි. මම තාම පාලුවෙන් හෙවුවට, මට තාම ඒ මූන ඒ තොල් පෙති සිපගන්න ඕන වුනාට දැන් ඒ ආදරේ දීපු කෙනාට වෙලාවක් නෑ අයියේ!

සමහර වෙලාවට මල්ලී ආදරේ එහෙම්ම දිය වෙනවා. උඹ ඈතින් දුරස් වෙලා ඉන්නකොට අර කලින් තිබුනු ආදරේ නිකන්ම අලු වෙලා යනවා.. 

හරි කවී අයියේ ..ඊට පස්සේ?

ඊට පස්සේ උඹගේ ආදරේ මතකයක් වත් නැතුව යනවා! උඹ හිටයද නැද්ද කියන තැනටත් එන්න පුලුවන්..

ඒක හරියට ඉස්සෝ වඩේ වගේ තමා බැදෙනකන් බලන් ඉදලා ආසාවෙන් කාලා අත පිහිදගෙන ගෙදර යනවා. ආයේ මාස ගානකින් කන්න හිතුනම තමා මිනිස්සු ඉස්සෝ වඩේ හොයාගෙන යන්නේ! ඉවසලා ඉදපන් බොක්ක...

ටටා..

.කවියා.

Friday, May 7, 2021

මම සහ ඔමීගේ වාහනේ එන්ජිම

 හොද සර්විස් සෙන්ටර් එකක  ෆ්‍රී එන්ජින් චෙකප් එකක් වාහන වලට..

දැක්ක ගමන් පෝස්ට් එක ෆෝවර්ඩ් කලේ නලින් අයියට ශාන් අයියට වගේම අපේ ඔමී බ්‍රෝ ට..

කිසි හාවක් හූවක් නැතුව ඔමී එක පාරටම කිව්වේ " අනෙ නිකන් හිත රිද්ද ගන්න ඕන නෑ අයියේ " කියලා.

ගල් අරක්කු බෝතල් දිහා බලන් හැදුනු වැඩුනු මට උගේ ඒ බ්ලැක් ලේබල් විස්කි කතාව ඇල්ලුවේ නෑ. සෙනිකවම වට්සැප් එකෙන්ම කෝල් එකක් ගත්තා..



ඔමී මල්ලි මොකද මේ වෙන්නේ, කොහෙද ඉන්නේ?

අයියේ මම ඔෆිස් එකට ආවා ස්ටාෆ් සුපවයිසර් ප්‍රොමෝශන් එක නිසා දැන් එන්නම වෙනවා ටීම් එකේ වැඩ බලන්න..

යෙහෙන් වැජබේවා කොන්ටිනෙන්ටල් ඉන්ශූරන්ස්!

ඒක නෙමේ ඇයි බම් හිත රිද්ද ගන්න බෑ කිව්වේ ෆ්‍රී එන්ජින් චෙකප් එකක් කිව්වම. වැගන් ආර් එක පොඩ්ඩක් චෙක් කර ගනින් ඉතිම්

මේකනේ අයියේ එන්ජින් ෆ්‍රී චෙකප් එකට ගියාම සෑහෙන අඩු පාඩුකියනවා නේ! මට විශ්වාසයි එන්ජිමේ කිව්වට චෙකප ඉවර වෙලා පිටි පස්සෙ රෝදෙ ඇනත් බුරුල් කියලා කොටේශන් එකකුත් දෙයි කියලා. එහෙමත් නැත්නම් වාහනේ එන්ජින් එකේ අව්ලක් අඩියක් වත් හොල්ලන්න එපා අපෙන් කලොත් 50% ක් ඩිස්කවුන්ට් එකකුත් දෙනවා කියලා නවත්තගනී උන්.

එන්ජින් චෙකපෙකට ගිහින් වයිපර් මෝටරේ මාරු කරගන්න රෙකමන්ඩ් වුනොත් එහෙම.. ඊට වඩා හොදයි අයියේ දන්න තැනකින් පොඩි රෙපෙයාර් එකක් දාගෙන සෑහෙන්න කාලයක් අදින එක..

අඩේ ඔමී කියන කතාව සර්ව සාදාරණ නැති වුනත් පොඩි හරි සාදාරනයක් තියෙනවා කියලා හිතුනා.මොනවා වුනත් ආගමානුකූලව ජීවිතේ ගෙවන කොල්ලෙක්. බොමුද කියලා ඇහුවම බෑ නෝම්බි ඉන්නේ කියන්න තරම් සිත ශක්තිමත්. සිගරට් ගැන මම දන්නේ නෑ.

කමක් නෑ ඉකමනට සෙට් වෙමු කොරෝනා නැති හවසක කියලා මම ෆෝන් එක කට් කලා!

----------------------------

මම මගේ ගැන හිතන වෙලාවකට හිතෙනවා මම හිතනවා වැඩී කියලා. ඒත් බොහොම අඩුවෙන් කතා කරලා ගොඩක් දේවල් හිතන එකේ මාරම සතුටක් තියෙනවා. 

උදාහරනයක් විදිහට එකෙක් කොන්ඩේ කලර් කරන එක ගැන සාකච්චාවක අපි ඉන්න ගමන් මම අතේ තියෙන පරිප්පු වඩේ එක ගැන කල්පනා කරනවා. නැත්නම් අමුතුම හීනයක ඉන්නවා පොඩි වෙලාවකට.මනංකල්පිත වුනාට මාර මානසික සුවයක් ලැබෙන්නේ කල්පනා කරලා එක පාරටම නිදා ගත්තම.  හැබැයි ඒ මානසික සුවය තව දශම ගානකින් උඩට ඉස්සෙනවා සම්හර දේවල් වලට.

කියන්න සතුටුයි අපේ සතී ගේ පලවෙනි දූ කුමරියට නම දාන්න මූලික වුනේ මම කියලා කියනකොටත්. සතී මීට ටික දවසකට කලින් විස්තරේ කියලම ඇහුවා "ගෙ" යන්නෙන් නමක් ඕන හැබැයි මම ආසයි දුවට වැඩිය කවුරුත් දාන්නෙ නැති නමකට.අනේ කවී හොයලා දෙන්නකෝ ඒ වගේ නමක්. ඒ වගේ උදව්වක් ගන්න පුලුවන් යාලුවෙක්ට ඔයා විතරයි කවී ඉන්නේ.

ඉල්ලීම අහක දාන්න බැරි හේතු ගනනාවක් තියෙනවා.

1. මගේ හොද යාලුවෙක් 

( තවත්‍ යාළුවෙක්ගේ වෙඩින් එකකට ගිහින් මට මැසේජ් කරලා අහපු එකම එකා ඇයි කවී ආවෙ නැත්තේ කියලා) ඒ නිසාම ලාවට හිත රිද්දගෙන එයාගෙ ගේ වෙඩින් එකට මාස තුනකට විතර කලින් මට  කවී ඔයා අනිවාර්යයෙන් එදාට ඉන්න ඕන කියලා කියන්න තරම් සහෝදර බැදීමක් තිබුන එක වටිනවා බැදීමක් තියෙනවා කියලා  හිතපු එවුන්ට වඩා...

2. සතීගෙයි ලියෝ ගෙයි පලවෙනිම දරුව තමයි මේ දුව

3. යකෝ එහෙම එකේ ඒ වගේ ඉල්ලිමක් කරාම බෑ කියනවා නම් ඒක මගේ දුර්වල කමක් 

කෝමෙන් කෝම හරි ලස්සන නමකුත් දැම්මා ලස්සන දූ පැටියෙක් නිසා. ලංකාවෙ මම හිතන්නේ තාම ඒ නම දාපු අය වෙන නම් නැතුවත් ඇති! 😁😁😁😁😁😍🖤 එච්චරට යුනීක් කියලා හිතුනා ..සතී සහ සතීගේ හස්බන්ඩා ලියෝත් කැමති වෙලා තිබුනා නමට.. ඇස් වහ කටවහ වදී කියලා නම දාන්න බෑ! හැබැයි තේරුම කියවෙන්නේ දැක්මේ නිම්නය නැත්නම් දැනුමේ නිම්නය කියලා.

ඉතින් ඔය වගේ පොඩ් පොඩි දේවල් වලින් මගේ සාමහර යාළුවෝ මගේ ජීවිතේට වටිනාකමක් එක කරලා තියෙන්වා! ඒ ගැන 0.23 ආඩම්බරයක් දැනෙනවා..

................................................

මට තාම මතකයි පොඩ්ඩි අනිත් එවුන්ට කියන හැටි බත් පිගාන අතේ තියන් ඉන්න මාව පෙන්වලා..

මූ ඉන්නවා නේද මූ ඔය දැන් කන්නේ කෑම අනලා නෙමේ  ඌට කෑම එක අනලා කනවට වඩා රසවත් ඕකට මෙටනට අදාලම නැති දේවල් හය හතක් ගැන අනාගෙන කල්පනා කරන එක.!.

වෙලාවකට ඌ කියන්නේ ඇත්ත කියලා මට හිතෙන්නේ දිමියත් දවසක් ඔය කතාවම කිව්වම.!



සරලවම ඒක තමා ඇත්ත එහෙම කියලා ඒකෙන් මම අදහස් කරන්නේ නෑ මම අයිස්ටයින් වගේ ඩෑල් එකක් කියලා. මොකද කොහොමත් ගණන් කියන දේ මට අරහන්.! එකවුන්ට්ස් කියන දේත් එහෙමයි...

..........................................

ඒ ලබ්බවල් අස්සේ  රැම්බෝ හිතාගෙන් ඉන්නවා අත උදේ අව්වට පිච්චෙන්න තියන් ඉන්න එක තමා හොදම හැඟීම කියලා.  අනේ මන්දන්නෑ ඉතිම් වෙඩින් ලං වෙනකොට කොල්ලන්ට මොනා වෙනවද කියලා!

ඌට මට සහ සැමටම  තෙරුවණ් සරණයි සහ අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා!

දන්න සහෝදරයෙක්ගේ කැම්පස් එකේ පොඩි වැඩක් පුලුවන් නම් ඔය ලින්ක් එකෙන් විව් කරලා ලයික් එකක් දාන්න..අතින් යන්නේ නෑ නේ! 

https://youtu.be/l8wVetkZDpg

ටටා බායී..

.කවී.




Saturday, May 1, 2021

රකුස් සහ සුරන්ගනාවි!

 තියෙනවට වඩා වෙනස් විදිහට දකින්න උගන්වන්න බෑ..රස කියන දේ හොයාගෙන යන්න ඕන දෙයක් මිසක් උගන්වන්න පූලුවන් දෙයක් නෙමේ.

සින්දුවකට තියෙන රස නෙමේ හැඟීමකට තියෙන්නේ. කෑමකට තියෙන රස නෙමේ තවත් සිතුවිල්ලක තියෙන්නේ. ආදරෙත් රසයක් තියෙන්න ඕන. 

ආදරේ කියන දේ සිතුවිල්ලකින් හැඟීමකින් පටන් ගත්තම අවසානයේ රස ගැන වැටහීමක් නැතුව යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ආදරය දැනිය යුත්තේ රසවත්ම තැන් වලින්. එහෙමත් නැතිනම් ආදරේ හැඟීම දැනෙන තැනින් රසයක්ද විද ගන්නට ලැබිය යුතුය.

කලබලකාරී මිනිස්සු එක්ක දුවන වෙලාවක ආදරේ රස හොයන්න ගිහින් කලබල වුනු මිනිස්සු එමටයි. කොහොනත් කලබල කාරී මිනිස්සු තවත් කලබල වුනාම බැදීම් සංකීර්ණ කර ගන්නවා. කලබල නොවී හැඟිම් සරල කරගෙන රස විදිනවා නම් හිත් තැවුල් ඇතිවීම වලක්වා ගන්න තිබුනා යයි දැන් ණුඹට හිතෙනවා නම් ගතවුනු තත්පර කිහිපයත් අපරාධයක්.

සමහර වෙලාවට වෙනදා අදිනවා දකින්න ආසම ගවුමක් දැන් අදින්න බැරි තරමට තදයි කියනකොට, හිතේ එක කෙලවරක ඇල්පෙනෙත්ති දුකක් වගේ දෙයක් දැනිලා මහා ලොකු සතුටක් දැනෙනවා කමක් නෑ අර බෝලයක් වගේ තිබුනු මූන තවත් හුරතල් පාට වෙලා  ඇති කියලා හිතාගෙන. ඒ හුරතල් මූන යටින් තියෙන දුඹුරුපාට රත්තරන් පාටට හුරු හම සාරියකින් වැහුනම් ඊටත් වඩා ලස්සනයි. අතරින් පතර රන් දුඹුරු පැහැති හම පේනකොට ආදරේ එක්ක අර කියන රසයත් දැනෙනවා නමුත් ඒක එන්නේ වේදනාවත් එක්කමයි. මොනා කරන්න පොරොන්දු රැකලා දවස ඒ හිනාව තියාගෙන බයික් එකේ පිටි පස්සෙන්..පාර දෙපැත්තෙන්ම් අතු පාරට නැවිලා හෙවන වුනු පාරක් දිහේ කිසිම වචනයක් නොකියා මන් ලඟින් ඉන්නව නේද විතරක් කියන හැඟීම විතරක් විදගෙන ඈතට යන්න..

..............................


.................

මිනිස්සු අති වේගයෙන් ජිවිතය බිස්නස් කරගෙන ඉවරයි!  අගක් මුලක් නොදන්න යාළු කමකට යාලුවගෙ අම්ම ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරල කියල දැන ගන්නකොට අප්‍රේල් 30 රෑ අටහමාරයි. යාළුවගෙ අම්මට දෙන සේලයින් එක ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ ඉවරයි තලවතුගොඩ අවට කොහෙ හෙවුවත් හම්බුනේ නෑ කියලා කෝල් එක එනකොට රෑ නමයයි පහයි. 

කරන්න දෙයක් නෑ පී සී ආර් එක  නෙගටිව් හින්දා ඇදන් හිටපු ශෝට උඩින් ඩෙනිම් එක දාගෙන අතට අහු වුනු ශර්ට් එකත් ඇදගෙන කැස්බෑවෙන් පටන් අරන් කොහුවලට යනකම් 3% සේලයින් බොතල් හෙව්වා. කොහෙවත් නෑ.. යන්තම් තව එකෙක් කිව්වා මල්ලි කලුබෝවිල ඉස්පිරිතාලෙ පහු කරන් යනකොට තියෙන ලොකු ෆාමසි එකේ නම් ඕක තියෙනවා හැබැයි 10 වෙනකොට වහනවා කියලා. 

අර වගේ අඩු එන්ජින් කැපසිටියක් තීන බයික් එකක අග කට්ටම ඇක්ස්ලේටර් එක ඇල්ලුවත් අසූවෙන් උඩ යන්නෙ නෑ..හැබැයි බයික් එකෙ මීට එහා බෑ කියලා කෑ ගහනකන් ගියා. විනාඩි තුනට කලුබෝවිල. 

බයික් එහෙම්ම තියෙද්දි මේන් ඩොර් එකට දම්වැලක් දාලා වහන සිකුරුටි කිව්වෙ බෙහෙත් එකක් ගන්න ඕන කරනවා කියලා හදිස්සි ලෙඩෙකුට.

සිකුරුටි අයියා අභිරූපනයෙන් කිව්වේ දැන් වහලා ඒ නිසා බෙහෙත් දෙන්නේ නෑ කියලා මම නිකන් බේකරියකින් ගිහින් හදිස්සියක් කියලා කිරිටොපි ඉල්ලනවා කියලා හිතාගෙනද මන්දා. හෙන සරලයි. 

වාද කරලා බැගෑපත් වෙලා වැඩක් නැති නිසා එහෙම්ම ඇල්ලුවේ නාරහෙන්පිට පැත්තට සී ටී බී හෙඩ් ඔෆෆිස් එක ඉස්සරහ තිබුනු ෆාමසියට. අන්තිමට මේ ගියපු හත් වෙනි ෆාමසියේ ඕන කරන දේ තිබුනා. එක බෝතලයක් වෙනුවට බෝතල් තුනක් අරගෙන අපි ඉගිල්ලුනේ ජයවර්ධනපුර මුලික රෝහලට.  

හරියටම රෑ එකොලහ වෙනකොට සේලයින් බෝතල් ටික අදාල වාට්ටුවට දිල අපි රෑ දොලහ වෙනකොට ගෙදර ආවත්. ඩෙනිම පිටින් ගිහින් ශවර් එක ඇරලා නාන්න ගත්තේ රස්නෙට නෙමේ කේන්තියට..මනුස්සයෙක් පෙනි පෙනි දොර වහලා අපි වහලා දැන්  කියන්න පුලුවන් වුනු එක නම් අගේ කරන්න ඕන. ඉතින් එක අතකට පාන්දරම නාන ගමන් මම කල්පනා ඒකෙත් වැරැද්දක් නැහැ කියලා..මොකද මට තියෙන අමාරුවකට බෙහෙත් ගන්න ගියාට එතුමානෝ කරන්නේ රැකියාවක් නේ. ග්ලාස් එකට එහායින් කැශියර් එක්ක තවත් සේවා සහයකයි ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් ඇස් කොනින් බල බල හිටිය වගේ මතකයි. මාස්ක් එකට යටින් තිබුනු මූන මට හිතින් මවා ගතහැකි.. යකෝ ඕෆ් වෙලා යන්න හදනකොටම නේ මුන්ට තදියම. මෙච්චර වෙලා හිටියා ආවෙ නෑ. ගෙදරට වෙලා ෆිල්ම් එකක් බල බල ඉදලා දැන් මතක් වෙලා එනවා මෙතන වගේ මූනක් තමයි මට කල්පනාවට ආවේ .

ඒකත් කමක් නෑ එයාලගේ රැකියාව නේ!.

එතකොට ඒක බිස්නස් එකක් විතරයි! ඒකත් හරි..මැරෙන්න යන ලෙඩා හරහට ගෙනිහින් දොරගාව තියන් කතා කලත් ඒ සිකුරුට්ටං මහත්තයා සහ කැශියර් මහත්වරු සහ මේකප් දාමින් සිටි නෝනලා මහා මේරු පර්වථය සේ නොසැලී ඉන්නට ඒකායන අදිශ්ඨානයෙන් සිටිනා බවනම මට පැහැදිලි..

......................

ඒ අස්සේ දිමියා ශෝකනීය විදිහට දාලා තියෙනවා වට්ෂැප් ශ්ටේටොස් සදුදා ඉදන් වෙඩින් කැන්සල් කියලා හරිම දුක හිතෙන ඉමෝජි දෙකකුත් දාලා.

මූ යකෝ කසාදයක් කර ගන්නෙත් නෑ ඒ වුනාට වැලලෙන්න හදනවා!  බදින්න ඉන්න උන් අපේක්ශාවෙන්  ඉවසනකොට මුට...මුට මොන දිය සීරාවක් හැදිලද කියලා හිතාගන්න බැහැ..

මුට බාලසූරිය කියලා නම දාපු එක හොදට ගියා!

ඒකට රිප්ලයි එකක් දාලා ඉවරවෙනකොට පොඩ්ඩි දාලා තියෙනවා බොන්න ඕන කියලා.!!

.යකෝ මුන්ට මොන ගිනි ජල්ලියක් වෙලාද, මට වෙලාවකට හිතෙනවා මූට පහල වෙලේ පෙරපු කසිප්පු කෑන් දෙකක් ගිහින් දීලා තියන්න. දොල දුක සංසිදෙන්න..

හරි ඉතින්..මම මානසික වශයෙන් ඩෝප් වෙන්න නැත්නම් වෙරි වෙන්න ඇල්කොහොහොල් බොන්න ඕනම නෑ මේ වගේ විලම්බීත ටිකක් දැකම ඇති. ඔළුව භ්‍රමණය වෙලා ඇද වැටෙන්න..



උන දෙන්නටම ගැලපෙන විදිහට මැසේජ් දෙකක් දාලා මනස සන්සුන් කර ගන්න නූතන ඇඩියාවට මර ලතෝනි දෙන සින්දුවක් හෙමීට දාලා නින්ද එනකම් බලන් හිට්යේ හරියට අර විල් ඉවුරට බහින වදුරොන්ව ලන්ච් එකට ගන්න ඇගිලි ගනින ගැඹුරු දියේ ඉන්න රාක්ශයෙක් වගේ සංසුන්ව.

  බායි...

ටටා....

කවී.

Monday, April 26, 2021

නොදැක ඉදීම හා ආදරේ අඩු වීම

 අසීරුම මොනවා කරන්නද 

ආදරේ කරන ආදරේ පවසපු ඒත් ආදරේ කරන්න අයිතියක් නැති  මනුස්සයෙක්ට තුරුල් වෙලා ඉන්න එක. පිරිච්ච කම්මුල් දෙක අල්ලලා තදට මිරිකනන්න හිතෙන අවස්තාවක අමාරුවෙන් ඉවසගෙන ඉන්න එක අමාරුයි කියලා හිතෙනවාද?

කාලෙකට කලින් උඹ ආදරේ කරපු ඒත් දැන් වෙනම ජීවිත ගෙනියන එකෙක් ඉස්සරහ වාඩි වෙලා ඌත් එක්ක ඌට ආදරේ කරපු හැටි බෙදා ගන්න පුලුවන් නම් එතන තියෙන්නේ ඇත්තටම යාළුකමට එහා ගිය සහෝදර කමකට ඉතාමත් ලං වුනු ඒත් ප්‍රේමය කියන වචනය හරි මැද නතරවුනු මොහොතක්!

උඹ මගේ නොවුනට, මට උඹේ වෙන්න ඕන සහ නෑ එක්කෝ ඕන නෑ වගේ හැඟීමක් බෙදා හදාගන්න තරම් හැමෝම එඩිතර නෑ.

ඒ නිසා මොන දේ වුනත් මම ආදරයක් දැනුනු වෙලාවකට ප්‍රකාශ නොකර ඉන්නේ නෑ, මට ආදරේ හිතුන ..ඒ නිසා මම ආදරෙයි කිව්වා.. සරලයි!

ඒත් උඹ හිතට අවංකයිද?  හිතට අවංක නිසා තමා එහෙම දැනුනු ආදරේ ප්‍රකාශ කරන්නේ නැත්නම් දන්නේ නෑ වගේ ඉන්න තිබුන මටත්.. ඒත් රෑට නින්ද යන්නේ නෑ ඇත්ත හිතේ කොනක තියාගෙන හිටියම.

උඹ දැකලා තියෙනවද පිරිමියෙක් තවත් ගැහැනු කෙනෙක්ට අමුතු විදිහට වචන පිට කරන හැටි. ව්‍යංග්‍යර්ථව ලිංගිකත්වය ගාවගෙන විහිළු කරන හැටි. ඒක මම කියන්නේ නරි මිදි ඇඹුල් කියන එක හා සමානයි කියලා. තමන්ට තමන්ගේ හිතේ තියෙන අදහස කෙලින් කියා ගන්න බැරි පිරිමියාහේ කොන්ද සම්බන්දව ලොකු ප්‍රශ්නයක් පැන නගිනව

....................

හදිස්සියේම ශේන් කතා කරනවා!

අයියේ වට්සැප් වරෙම්! පොඩ් දෙයක් තියෙනවා කියන්න. 

ඉදහම් මම එන්නම්..වයිෆයිඔන් වෙන  ගමන්..

ඒහ් කියපන් මොකෝ සීන් එක ශේන් මල්ලී..

කවි අයියේ උඹ දන්නවද අපිට කිසිම කෙනෙක් ඇත්තටම දිගටම ආදරේ කරන්නේ නෑ! අපි පෙන්න ඉන්න කන් දකින්න ඉන්නකන් විතරයි ආදරේ කරන්නේ. අපි නැති වුනු දවසෙ ඉලඟ තත්පරේ ඉදන් උන් උන්ගේ ලෝක වල තනි වෙනවා!

වැලපෙන්නේ නැතුව කියපන් මොකද වුනේ කියලා ශේන්!

නෑ බන් කවි අයියේ මම අර ක්ලාස් එකෙන් අයින් වෙලා දැන් මාස හයක් විතර වෙනවා. උඹට මතකද මට නැතුවම බැරි වෙලා හිටිය අර කෙල්ලව.

ඔව් මතකයි. අර ක්ලාස් එකේ ටියුට් රූම් එකෙන් පටන් ගත්ත ආදරේ නේ උඹේ!

ඔව් අයියේ ! දැන් මට ඒ කෙල්ලව කොච්චර මතක් වුනත් වැඩක් නෑ. ඒ කෙල්ලට මාව ටික ටික අමතක වෙනවා වගේ! ඉස්සර වීඩියෝ කෝල් එකක්, ලස්සන ඇදුමක් ඇදපු ෆොටෝ එකක් එවන්න අමතක කරන්නේ නෑ..ගෙදර හැමෝටම හොරෙන් කාමරේට ඇවිලා ඇදම් ඉන්න ඇදුමයි මූනයි හරි පෙන්නනවා!

ඇත්තමයි කවි අයියේ එතන මහ ගොඩක් ආදරේ තිබුනා. තුරුල් වෙලා හිටපු විනාඩි ගානේ උණුසුම තාම මට දැනෙනවා වගේ. ඒ රෝස පාට දිලිසෙන තොල් වල රස තාම මට දැනෙනවා වගේ! මම කෑදර වෙලා අයියේ ඒ තොල් වලට පවා. ඊටත් වැඩියෙන් මට තුරුල් වෙලා ඉන්නකොට උඩ බොත්තම් දෙක තුනක් ඇරිලා පේන්න තියෙන රත්තරන් පාට බෙල්ලයි ඒ පපුවයි මතක් වෙන පාරක් ගානේ මම මැරි මැරී උපදිනව් අයියේ!

උඹට තියෙනේ ශේන් මල්ලී අසහනය කියන රෝගයේ අන්තිම ගැට්ටේ රෝග ලක්ශන.

මම දන්නවා අයියේ ඒත් ඒ ගිනි ගත්ත හැඟීම වලට වතුර වගේ සහනයක් දෙන්නේ ඒ කෙල්ල විතරමයි අයියේ. දැන් අහම්බෙන් ගියත් කලින් වගේ මට ටියුට් රූම් එක පැත්තෙ ආවොත් කිස් එකක් දෙනවා කියලා මැසේජ් එන්නේ නෑ. මම හිතන්නේ දැන් ඒ කෙල්ල මට පොඩ්ඩක්වත් ආදරේ නැතුව ඇති..ඒකනේ මට වීඩියෝ කෝල් එකක් ගන්නවත් වෙලාවක් නැත්තේ!



මට උඹගෙ කතාවා අනූව තව කාගෙවත් ජීවිතයක් ගැන අඅර්තකථනයන් දෙන්න බෑ ශේන්. හැබැයි මම දෙයක් දන්නවා තාම ඒ කෙල්ලගේ හිතේ උඹ ගැන දශමෙක හරි ආදරයක් ඇති! උඹව එක පාරක් තුරුල් කරගෙන උබේ උණුසුම විදින්නාඅස ඇති..ඒත් නොකිව්වට සමහර විට උඹ වඩා තව හොද කෙනෙක් උඹගෙ තැනට දාලත් ඇති.

ඒ මොනා වුනත් කමක් නෑ ශේන් ඒ කෙල්ල ආගමේ නම් ක්‍රිස්මස් කේක් වගේම කෙල්ල මුස්ලිම් නම් වටලප්පන් ඉල්ලගන්න අමතක කරන්න එප. එවයිනුත් ආදරේ තීරණය වෙනවා!

එහෙනම් ආයෙ හම්බවෙමු 

ටටා 👋 

කවී.

Sunday, April 25, 2021

ආදරේට මෙහායින් යාළුකමකට එහායින්!

 



කවුරු හරි දවසක කිව්වා මතකයි

ආස මම හීන මත්තේ ඇවිද යන්නයි

ආදරේ දැනුනු තැනුත් එමටයි

ලියු කවි ඉතින් බොහොමයි


ලියැවුනේ ඒ කවි නුඹට විතරයි

නොබලනා සේ බැලුවෙ නෙත්මයි

බැලු විගස නොදුටු විලසයි

නොහැඟෙනා සේ හිටියෙ දුකටයි...


වේදනාවක් නෑ නොදී ආදරේ ගන්නයි

සිත කියන්නේ  උඹ ලඟට ගන්නයි

වත පුරා හාදු වැසි වස්සවන්නයි

කල් ගියේ මේ පද ගලප ගන්නයි..

හිත කැඩුනෙ මගෙ ඇස් ඉදිරියේමයි,

දැන ගන්න ලැබුනෙ මෙහෙමයි

වෙන හිතක් උඹට ආදරේ කීමයි

 ඒ වෙලා දැන් මාසයක් විතරයි. 


කල් ගෙවී අවුරුදු අටක් ඉවරයි,

නොදැක අවුරුදු තුනක් ගෙවුනයි

ඒ අටට නැවතිච්ච හිත් ගාන පුදුමයි

හයට වැඩි නැති පහට අඩුමයි..

සොයන් ආවත් අත් හලේ උඹමයි..

ආදරේ ලඟදි උඹ තවම අන්ධයි..


සති අගක දැක ගන්න ලැබුනයි

ලැබුනු තත්පර කල්පයක් සිතුනයි

වර්තමානය ජේදයක් ගානයි

ලිහා ගත් වචන අතීතය අතුරයි

එදා මෙන් ආදරේ තාම වපුරයි

හැඟිමක් බෙදාගෙන සිනහ වීමයි

යාලු කමකට එහා

ප්‍රේමයට මෙහා

අපූරුම තැනක හමු වීමයී !


.කවී.














Sunday, April 4, 2021

බබා 2 , බබා 3 සහ ඔරායන්

 නවත්වපු තැනකින් පටන් ගන්න හදන්නේ ජීවිතේම. සමහර මොහොතවල් ගැන පොඩි පසු තැවීමක් දැනුනත් මිනිස්සු දිහා බලලා ඉගෙන ගන්න ඉගෙන ගත්තේ හුඟ කාලෙකට කලින්. 

මිනිස්සුන්න්ගේ හදවත් වල එබිලා බලන්න තිබුනා නම් කියලා හිතුන වාර අනන්තයි අප්‍රමාණයි. 

උදේම නැගිටලා හත වෙනකොට බයික් එක අරගෙන වැඩට යන්නේ ප්‍රශ්න සේරම අමතක කරලා. එතකොට පෞද්ගලික ජීවිතෙන් තව ටික වෙලාවක් විකුණලා අපි සතුටෙන් ඉන්න බව පෙන්වනවා. බයික් එක ස්කූටර් එකකට මාරු වුනු නිසා පොඩි පොඩි වලවලුත් දැනෙනවා වැඩී.

මිනිස්සුන්ට හොදම කාල එන්නේ එක එක විදිහට! සමහර මිනිස්සුන්ට එන්නේම නෑ! ආවත් අහක බලන් යනවා, ඊට පස්සේ මිනිස්සු හොයන්නේම මහන්සි නොවී හම්බ කරගන්න විදිහක්!

එක තැනක් එනවා හැමෝටම හිතන්නැති විදිහට තීරන ගන්න වෙන. බල කරන්න වෙනවා අපේ හිතට.

සමහර තැන් වලින් දුරස් වෙන්න වෙනවා හිතේ කොහෙ හරි දුකක් තියාගෙන  සමහර මුහුණු ජීවිතේ ඇති තාක් කල් ඒත් අර හැමදාම කියනවා වගේ සමහර දේවල් අපේ ජීවිත වලට පරක්කු වෙලා ලැබෙනවා වගේ අවස්තා නැතුව නෙමේ.

ශේන් කොහේ හරි තැනක නැවතිලා ඉන්න බව කියන්න මම දන්නවා වුනාට නැවතිලා ඉන්න තැන හරියටම කියන්න මට බැහැ .

ගැලරියේ නැති ලස්සන මුණු වල ජායාරූප ක්ලවුඩ් ඩ්‍රයිව් එකක බැකප් වෙලා තියෙන බව පේනවා. අලුතින් ගත්ත ඇදුමක ෆොටෝ එකත් ඒ ඇදුම ඇදලා ඉන්න තවත් ෆොටෝ එකක් වගේ දේවල් බොහෝමයක් තියෙවා.

ශේන්ගේ කන්‍ටැක් ලිස්ට් එකට ගියාම බබා 2, බබා 3, බබා 4, කියලා තියෙනවා. යාලුවෙක් ලස්සනට හිටිය නම් ලස්සනයි කියලා හිතුන නම් ඒකෙ ෆොටෝ එකක් ඌ ගාව තියෙනවා. ඒත් බබා දෙක තුන කියන්නේ මොකක්ද කියලා ඇහුවම ඌගේ උත්තරය වුනේ. ඒ මම මගේ යාළුවන්ට ආදරය කරන පිළිවල සහ උන්ව ශ්‍රේනි ගත කරලා තියෙන විදිය. ඒකේ තියෙන්නේ අවරෝහණ සිස්ටම් එකක් කියලා තමයි ඌ කියන්නේ. ඒත් ඌ කියන විදිහට දවසක අයි ක්ලවුඩ් එකේ බැකප් වෙලා තියෙන සේරම දේවල් එකින් එකට බලලා අයින් කරන්න ඕන කියනවා.

ශේන් උඹට ඕනමනම් අන්න අර අහසෙ තියෙන ඔරායන් තාරක රටාව බිමට ගේන්න විදිහක් කල්පනා කරපන්. උඹ නුවරටයි මරදානටයි පින්සිද්ද වෙන්න පිපුන මලක් දිහා බලන් හූල්ලනෙ නැතුව.

මොනවා කරන්නද කවී අයියා...සමහර තැන් වලදි මම කිව්වා වගේ ABS බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්න ගන්නවා. පොඩි දුකක් ඒ වෙලාවට එන්නේ නැතුව නෙමේ. ආදරේ කරන අය එක්ක බෙදා ගන්න කිව්වම හරි මම ආදරේ කරන අයට යවන්නම් කියලා මටත් ආවහම. මුකුත්ම කියා ගන්න බැරි වෙනවා මිසක්.



හරි ශේන් උඹ ඔරායන්ව මරන්න යන්න එපා. ඒක ඔරායන්ටට කරන්න දීපන්. ඒක උගේ ජොබ් එක.

මොකක්ද කවි අයියා උගේ ජොබ් එක.?

මහ වලසා පස්සේ  කාලාන්තරයක් එලවන එක. ඒත් තාම ඌට ඒක කරගන්න බැහැ. 


.කවී 

Sunday, February 21, 2021

බිල, ව්කන් කටු සහ සොයාගෙන යෑම

 හරිම කතා පටන් ගත්තේ හරිම තැන්වලදිද කියල ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඒත් සමහර ජීවිතවලට මිනිස්සු එබිකම් කරන හැටි දැක්කමත් පුදුමයි.

එක තැනකදි එක යාළුවෙක් එක්ක බොහෝම කෙටියෙන් ජීවිතේ ගැන බෙදා ගන්නවා, ආදරේ දැනෙන විදිහ බෙදා ගන්නවා.නැත්නම් කතා කරලා කියනවා හිතා ගන්න බැරුව ඉන්නෙ නැවතීම ගැන කියලා.

අවුරුදු ගානක මගේ යාළුවා පොඩ්ඩි. ඌගෙන් මැසේජ් එකක් කියන්නේ ජරමරයක් තමා!

පුරුදු විදිහට මම අහන්නේ මොකක්ද ප්‍රශ්නේ කියලා නෙමේ ලොකු අවුලක් නෑ නේද කියලා 

එහා කෙලවරෙන් එන උත්තරේ නන් හරිම අමුතුයි.

නෑ කවී ඉවසීම නෑ ඒකයි ප්‍රශ්නේ!

කාටද?

අපි දෙන්නටම ඉවසීම නෑ!.

එහෙම වෙන්න හේතුව මොකක්ද  ?

හේතුවක් දන්නේ නෑ කවියෝ! ඒත් උඹ ලියන්න ඕන කතාවක් මට කියවලා අඩන්න පුළුවන් තරම් එකක්.



හරි මම ලියන්නම් පොරොන්දු වෙනවා! ඒත් මට කියපන් ඇයි උඹලා දෙන්නටම ඉවසීම නැති වෙන්න හේතුව.

හේතුව විදිහට කවී මම නම් හිතන්නේ අපි දෙන්නටම කේන්ති යන එක. එන කේන්තිය මත්තේ තමා අපේ තරහව පටන් ගන්නේ. ඒකයි මට තේරෙන්නේ නැත්තේ මම මේ ගත්ත තීරණය හරිද කියලා! නැත්නම් තව ඉස්සරහට යන්න කලින් නවතිනවද කියලා!

ඔය කියන කතාව ඇතුලේ උඹලා දෙන්නා කේන්තිය ඉවසිමක් නැතිකම දැක්කට මට අවිශ්වාසය , ඉර්ශ්‍යාව, භය, අස්වැසිල්ල කියන දේවල් වල ලාවට සුවදක් එනවා. සාමාන්‍ය නහයකට නොදැනෙන  ඒක ඉව! 

නීති මත්තේ නහිනවද, නිදහසේ ජීවත් වෙනවද කියන එක උඹට භාරයි පුතා. නැත්නම් උඹටත් පුලුවන් උඹේ පෙමවතා කියන චරිතයෙ ඉන්න අතරේ හොරෙන්ම තව ආදරය දෙන චරිතයකින් ටෙඩියෙක් තෑගි ගන්න. චොක්ලට් එක්කට පාවා දෙන්න ආදරේ. සමහර තැන්වල උඹ දැකලා ඇති  ඕන තරම් කොල්ලෝ මහන්සි වෙනවා ඌත් එක්ක ඉන්න කෙල්ලගේ අනාගතේ ලස්සන කරන්න , ලස්සනට ජීවත් වෙන්න, ඒක වෙනුවෙන් උන් කාලය කැප කරනවා, උන්ට අමතක වෙනවා චොක්ලට් එකක් ගෙනත් දෙන්න, ටෙඩියෙක් අරගෙන දෙන්න අන්තිමේ තෙතමනය ඇති වෙන්න හාදුවක් දී ගන්න. උන් ඒක ටික කාලයකට කැප කරනකොට තව එකෙක් ඇවිත් ටෙඩියෙක්, චොක්ලට් එකක් දීලා ආදරෙත් අරගෙන ගිහින් ඉවරයි. හැබැයි වෙනස උන් මස් කාලා කට්ට විසික් කරලා දානවා වගේ ලේසියෙන්ම උඹේ සාරවත් කම උණුසුම උරාගෙන උඹව අයිනකට තල්ලු කරලා දානවා!

ජීවිතේ කතාවල වැඩි වෙනසක් නෑ බන්.

යාළුවෝ කියන්නේම නරකම වෙලාවට කාත් කවුරුවත්ම නැතිවුනු වෙලාවට පවා උඹ වෙනුවෙන් ඉන්න එවුන්ට මිසක් තියෙන වෙලාවට පාටි දාන එවුන් නෙමේ. අන්න ඒ වගේ තමා මිනිස්සුන්ගේ ආදරෙත් හරිම අවස්ථාවාදී වෙලා තියෙන්නේ. 

දැන් සමහර විට උගේ හැඟීම මොකක්ද කියලා දන්නේ නෑ, ඒත් සමහර විට උඹේ නිදහස් හැසිරීම් රටාව දිරවගන්න අමාරු සහ ඒ හැසිරීම හින්දම උඹව නැති වෙයි කියලා බයක් ඇති වෙනවද කියන දේ හරියටම කියන්න බැහැ.

ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා අපි කරපු කියපු දේවල් වලට අපිටම ඒ දේවල් අත් දකින්න වෙන අවස්ථා . ආදරේට කේ එෆ් සී එක්කන් ගියාට කලින් මම කිව්වා වගේ බැදපු ව්කන් වගේ තමා කාලා කට්ට විසික් කරලා දාලා එනවා. හොදට බලපන් ඒ කුණු කූඩෙ කොච්චර චිකන් කටු තීනවද කියලා.

මොනවා කර්න්නද බන්, බිල ගෙවලා එලියට එනවා ඇරෙන්න. සමහර දේවල් හොයන් යන්න ඕන, උඹ ගාවටම උඹව හොයන් ආපු එකාත් එක්ක.

එහෙනම් පරිස්සමෙන් ඉදහන්!

.ටටා..👋 

.කවී.








ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...