කවුරු හරි දවසක කිව්වා මතකයි
ආස මම හීන මත්තේ ඇවිද යන්නයි
ආදරේ දැනුනු තැනුත් එමටයි
ලියු කවි ඉතින් බොහොමයි
ලියැවුනේ ඒ කවි නුඹට විතරයි
නොබලනා සේ බැලුවෙ නෙත්මයි
බැලු විගස නොදුටු විලසයි
නොහැඟෙනා සේ හිටියෙ දුකටයි...
වේදනාවක් නෑ නොදී ආදරේ ගන්නයි
සිත කියන්නේ උඹ ලඟට ගන්නයි
වත පුරා හාදු වැසි වස්සවන්නයි
කල් ගියේ මේ පද ගලප ගන්නයි..
හිත කැඩුනෙ මගෙ ඇස් ඉදිරියේමයි,
දැන ගන්න ලැබුනෙ මෙහෙමයි
වෙන හිතක් උඹට ආදරේ කීමයි
ඒ වෙලා දැන් මාසයක් විතරයි.
කල් ගෙවී අවුරුදු අටක් ඉවරයි,
නොදැක අවුරුදු තුනක් ගෙවුනයි
ඒ අටට නැවතිච්ච හිත් ගාන පුදුමයි
හයට වැඩි නැති පහට අඩුමයි..
සොයන් ආවත් අත් හලේ උඹමයි..
ආදරේ ලඟදි උඹ තවම අන්ධයි..
සති අගක දැක ගන්න ලැබුනයි
ලැබුනු තත්පර කල්පයක් සිතුනයි
වර්තමානය ජේදයක් ගානයි
ලිහා ගත් වචන අතීතය අතුරයි
එදා මෙන් ආදරේ තාම වපුරයි
හැඟිමක් බෙදාගෙන සිනහ වීමයි
යාලු කමකට එහා
ප්‍රේමයට මෙහා
අපූරුම තැනක හමු වීමයී !
.කවී.
No comments:
Post a Comment