හොද සර්විස් සෙන්ටර් එකක ෆ්‍රී එන්ජින් චෙකප් එකක් වාහන වලට..
දැක්ක ගමන් පෝස්ට් එක ෆෝවර්ඩ් කලේ නලින් අයියට ශාන් අයියට වගේම අපේ ඔමී බ්‍රෝ ට..
කිසි හාවක් හූවක් නැතුව ඔමී එක පාරටම කිව්වේ " අනෙ නිකන් හිත රිද්ද ගන්න ඕන නෑ අයියේ " කියලා.
ගල් අරක්කු බෝතල් දිහා බලන් හැදුනු වැඩුනු මට උගේ ඒ බ්ලැක් ලේබල් විස්කි කතාව ඇල්ලුවේ නෑ. සෙනිකවම වට්සැප් එකෙන්ම කෝල් එකක් ගත්තා..
ඔමී මල්ලි මොකද මේ වෙන්නේ, කොහෙද ඉන්නේ?
අයියේ මම ඔෆිස් එකට ආවා ස්ටාෆ් සුපවයිසර් ප්‍රොමෝශන් එක නිසා දැන් එන්නම වෙනවා ටීම් එකේ වැඩ බලන්න..
යෙහෙන් වැජබේවා කොන්ටිනෙන්ටල් ඉන්ශූරන්ස්!
ඒක නෙමේ ඇයි බම් හිත රිද්ද ගන්න බෑ කිව්වේ ෆ්‍රී එන්ජින් චෙකප් එකක් කිව්වම. වැගන් ආර් එක පොඩ්ඩක් චෙක් කර ගනින් ඉතිම්
මේකනේ අයියේ එන්ජින් ෆ්‍රී චෙකප් එකට ගියාම සෑහෙන අඩු පාඩුකියනවා නේ! මට විශ්වාසයි එන්ජිමේ කිව්වට චෙකප ඉවර වෙලා පිටි පස්සෙ රෝදෙ ඇනත් බුරුල් කියලා කොටේශන් එකකුත් දෙයි කියලා. එහෙමත් නැත්නම් වාහනේ එන්ජින් එකේ අව්ලක් අඩියක් වත් හොල්ලන්න එපා අපෙන් කලොත් 50% ක් ඩිස්කවුන්ට් එකකුත් දෙනවා කියලා නවත්තගනී උන්.
එන්ජින් චෙකපෙකට ගිහින් වයිපර් මෝටරේ මාරු කරගන්න රෙකමන්ඩ් වුනොත් එහෙම.. ඊට වඩා හොදයි අයියේ දන්න තැනකින් පොඩි රෙපෙයාර් එකක් දාගෙන සෑහෙන්න කාලයක් අදින එක..
අඩේ ඔමී කියන කතාව සර්ව සාදාරණ නැති වුනත් පොඩි හරි සාදාරනයක් තියෙනවා කියලා හිතුනා.මොනවා වුනත් ආගමානුකූලව ජීවිතේ ගෙවන කොල්ලෙක්. බොමුද කියලා ඇහුවම බෑ නෝම්බි ඉන්නේ කියන්න තරම් සිත ශක්තිමත්. සිගරට් ගැන මම දන්නේ නෑ.
කමක් නෑ ඉකමනට සෙට් වෙමු කොරෝනා නැති හවසක කියලා මම ෆෝන් එක කට් කලා!
----------------------------
මම මගේ ගැන හිතන වෙලාවකට හිතෙනවා මම හිතනවා වැඩී කියලා. ඒත් බොහොම අඩුවෙන් කතා කරලා ගොඩක් දේවල් හිතන එකේ මාරම සතුටක් තියෙනවා.
උදාහරනයක් විදිහට එකෙක් කොන්ඩේ කලර් කරන එක ගැන සාකච්චාවක අපි ඉන්න ගමන් මම අතේ තියෙන පරිප්පු වඩේ එක ගැන කල්පනා කරනවා. නැත්නම් අමුතුම හීනයක ඉන්නවා පොඩි වෙලාවකට.මනංකල්පිත වුනාට මාර මානසික සුවයක් ලැබෙන්නේ කල්පනා කරලා එක පාරටම නිදා ගත්තම. හැබැයි ඒ මානසික සුවය තව දශම ගානකින් උඩට ඉස්සෙනවා සම්හර දේවල් වලට.
කියන්න සතුටුයි අපේ සතී ගේ පලවෙනි දූ කුමරියට නම දාන්න මූලික වුනේ මම කියලා කියනකොටත්. සතී මීට ටික දවසකට කලින් විස්තරේ කියලම ඇහුවා "ගෙ" යන්නෙන් නමක් ඕන හැබැයි මම ආසයි දුවට වැඩිය කවුරුත් දාන්නෙ නැති නමකට.අනේ කවී හොයලා දෙන්නකෝ ඒ වගේ නමක්. ඒ වගේ උදව්වක් ගන්න පුලුවන් යාලුවෙක්ට ඔයා විතරයි කවී ඉන්නේ.
ඉල්ලීම අහක දාන්න බැරි හේතු ගනනාවක් තියෙනවා.
1. මගේ හොද යාලුවෙක්
( තවත් යාළුවෙක්ගේ වෙඩින් එකකට ගිහින් මට මැසේජ් කරලා අහපු එකම එකා ඇයි කවී ආවෙ නැත්තේ කියලා) ඒ නිසාම ලාවට හිත රිද්දගෙන එයාගෙ ගේ වෙඩින් එකට මාස තුනකට විතර කලින් මට කවී ඔයා අනිවාර්යයෙන් එදාට ඉන්න ඕන කියලා කියන්න තරම් සහෝදර බැදීමක් තිබුන එක වටිනවා බැදීමක් තියෙනවා කියලා හිතපු එවුන්ට වඩා...
2. සතීගෙයි ලියෝ ගෙයි පලවෙනිම දරුව තමයි මේ දුව
3. යකෝ එහෙම එකේ ඒ වගේ ඉල්ලිමක් කරාම බෑ කියනවා නම් ඒක මගේ දුර්වල කමක්
කෝමෙන් කෝම හරි ලස්සන නමකුත් දැම්මා ලස්සන දූ පැටියෙක් නිසා. ලංකාවෙ මම හිතන්නේ තාම ඒ නම දාපු අය වෙන නම් නැතුවත් ඇති! 😁😁😁😁😁😍🖤 එච්චරට යුනීක් කියලා හිතුනා ..සතී සහ සතීගේ හස්බන්ඩා ලියෝත් කැමති වෙලා තිබුනා නමට.. ඇස් වහ කටවහ වදී කියලා නම දාන්න බෑ! හැබැයි තේරුම කියවෙන්නේ දැක්මේ නිම්නය නැත්නම් දැනුමේ නිම්නය කියලා.
ඉතින් ඔය වගේ පොඩ් පොඩි දේවල් වලින් මගේ සාමහර යාළුවෝ මගේ ජීවිතේට වටිනාකමක් එක කරලා තියෙන්වා! ඒ ගැන 0.23 ආඩම්බරයක් දැනෙනවා..
................................................
මට තාම මතකයි පොඩ්ඩි අනිත් එවුන්ට කියන හැටි බත් පිගාන අතේ තියන් ඉන්න මාව පෙන්වලා..
මූ ඉන්නවා නේද මූ ඔය දැන් කන්නේ කෑම අනලා නෙමේ ඌට කෑම එක අනලා කනවට වඩා රසවත් ඕකට මෙටනට අදාලම නැති දේවල් හය හතක් ගැන අනාගෙන කල්පනා කරන එක.!.
වෙලාවකට ඌ කියන්නේ ඇත්ත කියලා මට හිතෙන්නේ දිමියත් දවසක් ඔය කතාවම කිව්වම.!
සරලවම ඒක තමා ඇත්ත එහෙම කියලා ඒකෙන් මම අදහස් කරන්නේ නෑ මම අයිස්ටයින් වගේ ඩෑල් එකක් කියලා. මොකද කොහොමත් ගණන් කියන දේ මට අරහන්.! එකවුන්ට්ස් කියන දේත් එහෙමයි...
..........................................
ඒ ලබ්බවල් අස්සේ රැම්බෝ හිතාගෙන් ඉන්නවා අත උදේ අව්වට පිච්චෙන්න තියන් ඉන්න එක තමා හොදම හැඟීම කියලා. අනේ මන්දන්නෑ ඉතිම් වෙඩින් ලං වෙනකොට කොල්ලන්ට මොනා වෙනවද කියලා!
ඌට මට සහ සැමටම තෙරුවණ් සරණයි සහ අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා!
දන්න සහෝදරයෙක්ගේ කැම්පස් එකේ පොඩි වැඩක් පුලුවන් නම් ඔය ලින්ක් එකෙන් විව් කරලා ලයික් එකක් දාන්න..අතින් යන්නේ නෑ නේ!
ටටා බායී..
.කවී.