නවත්වපු තැනකින් පටන් ගන්න හදන්නේ ජීවිතේම. සමහර මොහොතවල් ගැන පොඩි පසු තැවීමක් දැනුනත් මිනිස්සු දිහා බලලා ඉගෙන ගන්න ඉගෙන ගත්තේ හුඟ කාලෙකට කලින්.
මිනිස්සුන්න්ගේ හදවත් වල එබිලා බලන්න තිබුනා නම් කියලා හිතුන වාර අනන්තයි අප්‍රමාණයි.
උදේම නැගිටලා හත වෙනකොට බයික් එක අරගෙන වැඩට යන්නේ ප්‍රශ්න සේරම අමතක කරලා. එතකොට පෞද්ගලික ජීවිතෙන් තව ටික වෙලාවක් විකුණලා අපි සතුටෙන් ඉන්න බව පෙන්වනවා. බයික් එක ස්කූටර් එකකට මාරු වුනු නිසා පොඩි පොඩි වලවලුත් දැනෙනවා වැඩී.
මිනිස්සුන්ට හොදම කාල එන්නේ එක එක විදිහට! සමහර මිනිස්සුන්ට එන්නේම නෑ! ආවත් අහක බලන් යනවා, ඊට පස්සේ මිනිස්සු හොයන්නේම මහන්සි නොවී හම්බ කරගන්න විදිහක්!
එක තැනක් එනවා හැමෝටම හිතන්නැති විදිහට තීරන ගන්න වෙන. බල කරන්න වෙනවා අපේ හිතට.
සමහර තැන් වලින් දුරස් වෙන්න වෙනවා හිතේ කොහෙ හරි දුකක් තියාගෙන සමහර මුහුණු ජීවිතේ ඇති තාක් කල් ඒත් අර හැමදාම කියනවා වගේ සමහර දේවල් අපේ ජීවිත වලට පරක්කු වෙලා ලැබෙනවා වගේ අවස්තා නැතුව නෙමේ.
ශේන් කොහේ හරි තැනක නැවතිලා ඉන්න බව කියන්න මම දන්නවා වුනාට නැවතිලා ඉන්න තැන හරියටම කියන්න මට බැහැ .
ගැලරියේ නැති ලස්සන මුණු වල ජායාරූප ක්ලවුඩ් ඩ්‍රයිව් එකක බැකප් වෙලා තියෙන බව පේනවා. අලුතින් ගත්ත ඇදුමක ෆොටෝ එකත් ඒ ඇදුම ඇදලා ඉන්න තවත් ෆොටෝ එකක් වගේ දේවල් බොහෝමයක් තියෙවා.
ශේන්ගේ කන්ටැක් ලිස්ට් එකට ගියාම බබා 2, බබා 3, බබා 4, කියලා තියෙනවා. යාලුවෙක් ලස්සනට හිටිය නම් ලස්සනයි කියලා හිතුන නම් ඒකෙ ෆොටෝ එකක් ඌ ගාව තියෙනවා. ඒත් බබා දෙක තුන කියන්නේ මොකක්ද කියලා ඇහුවම ඌගේ උත්තරය වුනේ. ඒ මම මගේ යාළුවන්ට ආදරය කරන පිළිවල සහ උන්ව ශ්‍රේනි ගත කරලා තියෙන විදිය. ඒකේ තියෙන්නේ අවරෝහණ සිස්ටම් එකක් කියලා තමයි ඌ කියන්නේ. ඒත් ඌ කියන විදිහට දවසක අයි ක්ලවුඩ් එකේ බැකප් වෙලා තියෙන සේරම දේවල් එකින් එකට බලලා අයින් කරන්න ඕන කියනවා.
ශේන් උඹට ඕනමනම් අන්න අර අහසෙ තියෙන ඔරායන් තාරක රටාව බිමට ගේන්න විදිහක් කල්පනා කරපන්. උඹ නුවරටයි මරදානටයි පින්සිද්ද වෙන්න පිපුන මලක් දිහා බලන් හූල්ලනෙ නැතුව.
මොනවා කරන්නද කවී අයියා...සමහර තැන් වලදි මම කිව්වා වගේ ABS බ්රේක් සිස්ටම් එක වැඩ කරන්න ගන්නවා. පොඩි දුකක් ඒ වෙලාවට එන්නේ නැතුව නෙමේ. ආදරේ කරන අය එක්ක බෙදා ගන්න කිව්වම හරි මම ආදරේ කරන අයට යවන්නම් කියලා මටත් ආවහම. මුකුත්ම කියා ගන්න බැරි වෙනවා මිසක්.
හරි ශේන් උඹ ඔරායන්ව මරන්න යන්න එපා. ඒක ඔරායන්ටට කරන්න දීපන්. ඒක උගේ ජොබ් එක.
මොකක්ද කවි අයියා උගේ ජොබ් එක.?
මහ වලසා පස්සේ කාලාන්තරයක් එලවන එක. ඒත් තාම ඌට ඒක කරගන්න බැහැ.
.කවී