Sunday, June 27, 2021

සහජ හැකියාව , උත්තුංග දේහදාරි මොලය සහ උපතින් ගෙනාපු මෙව්වා එක

උදේ නවය පහු වෙලා විනාඩි ගානක් යනකන් කරපු දෙයක් නෑ එහෙට මෙහෙට හැරි හැරි බලන් හිටියා මිසක්.

 මම උඹට කියන්න හිටිය මගේ කතාව සමහර කතා අතර පතර හිර වෙලා තියෙනවා කරුමෙ කියන්නේ උඹට ඒක නොතේරෙන එක නේ. මම කියන මගේ කතාව පටන් ගත්ත තැන මමවත් තාම හොයාගෙන නෑ ඒත් අතරින් පතර කියවන වෙලාවට මට හිතෙනවා මගේ ආත්මයෙන්ද ශම ගානක් එක එකාගෙ චරිත ඇතුලට ‍රින්ගවල තියෙනවා කියලා

සමහර වෙලාවට කලකිරීම කියන දේ එන්න පුලුවන් ඔලුවට උඩින් ගලාගෙන යන විදිහට. පීනන්න ටිකක් හරි දැනගෙන හිටිය නම්  කියලා ඒ වෙලාවෙ හිතෙන එක නවත්ව ගන්න නම් බැහැ කොහෙත්ම.


සමහර දේවල් ජීවිතේට එන්නේම පරක්කු වෙලා. හොදම දේ ආදරේ වුනත් එහෙම එන්න පුලුවන් කියලා මිනිස්සු හිතන එක. ඒක එක අතකට හොදයි සමහර මිනිස්සුන්ට ඒත් ඒක හාත්පසින්ම වෙනස් වෙනවා තවත් මනුස්ස පිරිසකට. . මම මේ හදන්නේ ආත්මයක් පාවා දෙන්න. නැත්නම් කලුවරේම ජීවත් වුනු මගේ ජීවිතේ අර එක තැනකදි අතපසු කරපු ආත්මයේ කොටසක් ආයෙත් ඇදලා ගන්න.

ඒත් නමේ ඉදන් ආදරේ ගෑවිලා ඒ මූන පුරාම දුවනකොට අර පාවා දෙන්න හදපු ආත්මයයි ඇදලා ගන්න හදපු ආත්මයේ කොටසකයි එකම දොරක් ගාවදි හම්බ වෙනවා. සමහර විට පහු වෙලා වුනත් ආදරේ දැනුනු තැන් වල නවතින්න දෙපාරක් හිතන්නේ සමහර ආත්ම වල අර මම කියපු අතීතයේ අතපසු වුනු කොටස මතක් වෙන නිසා වෙන්න පුලුවන්.



උදේ පාන්දරම ශේන් මල්ලිට කෝල් එකක් දෙන්නේ ඔය කියන ආත්මය දුවන තැන් වල නාතර වුනාමදැයි කියලා දැන ගන්න. ඒත් ඌ එන වෙලාවක් යන වෙලාවක් බෝඩිමේ හුස්ම ගන්න වෙලාවක් මට හොයා ගන්න බැහැ. ඒත් කලාතුරකින් ඌ කතා කරන් විදිහට නාඩි වැටෙනවා කියලා මට හිතා ගන්න පුලුවන්. හැමදාම වගේ පටන් ගන්නේ සුභ ාලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්තනා කරලා. මේ ජුනි මාසයේ අන්තිම ගැට්ටේ ඉන්න්න බව ඌ නොදැන ඉන්න විදිහක් නම් නෑ...

කවී අයියේ තමුසේ හිතන්නේ මම තවත් කෙනෙක්ට මම ආදරේ කරන කෙනෙක්ට වදයක් වෙන්න පුලුවන් කියලාද.

ඔව් තමුසේ මහ වදයක් වෙනවා ඇති ශේන් අනිවාර්යෙන්ම.

ඒත් කවි අයියේ උබ කෝමද ඒක හරියටම කියන්නේ? උබට අනාවැකි කියන්න බෑ නේ !


ඔව් අනාවැකි කියන්න බෑ තමා ඒත මිනිස්සු හැසිරෙන විදිහෙන් වචනයක් දෙකක් වෙනස් වෙන විදිහෙන් කියන්න පුලුවන්

ආදරේ එහෙමමද නැත්නම් අඩු වෙලාද කියලා.


ඒ කියන්නේ ආදරේට මිනුම් ඒකකයක් තියෙනවා?

නෑ එකිනෙකට වෙනස් වීම් සමූහයකින් අපි වෙනස් කම් කීපයක් අරගෙන ඒක පොදු කුලකයකට අරගෙන මහා පොදු සාධකය උක්ත කර ගන්නවා.

හරි කවී අයියේ උබේ අපභ්‍රංශ මට තේරෙන්නේ නෑ. ඒත් මම ලෑස්ති වෙලා ඉන්නේ ඒකත් අහගෙන ඉන්න. ඒ කොහොම හරි අයියා කියන්නෙ මට ඒ මුන බලන්න තියෙන ආශාව ගලවගන්න කියලද?

ඔව් එහෙම කියන්නත් පුලුවන් ඉතින් .

බලපන් උඹ යාලුවෙක් විදිහට කතා කරන්න පටන් අරන් අයියා කෙනෙක් වෙනක්ම් ගිහින් ආයෙත් එක පාර්ටම උබ යාලුවෙක් කියන මට්ටමට එනවා නම් එතන තියෙන්නෙත් ප්‍රස්තාරයක්. හරියට ශෙයාර් මර්කට් එකේ කොටසක වටිනාකම වගේ මිනිස්සුන්ගේ හැඟීම් උඩ පහල යනවා. එතකොට මම වගේ එවුන් සූදු කෙලිනවා ඔය ශෙයාර් මර්ක්ට් එකේ, මම කරන දේ ඉන්වෙස්ට් එකක් වගේ පේන උඹත් ඒකම කරන්න ගියාම තමා ඒකෙ ඇතුලාන්තය තේරෙන්නේ.

කමක් නෑ කවී අයියේ ඒකත් මට තේරුනෙ නෑ..

මෙහෙමයි ශේන් මල්ලි උඹ කවදාම හරි උඹ ආදරේ කර කෙනෙක්ට ආදරේ නෑ කියලා කියලා බලපන්. එතකොට එතන ඇති වෙන්නේ ලොකු නිහැඩියාවක්. 

ඒක කරන්න් බෑ නේ කවී බොශ්.. මට ආදරේ හිතුනු තැනකදි ඒක ප්‍රකාශ කරන එක මගේ ගතිය..

හරි ඒ වුනාට මම කිව්වට උබ එහෙම කරලා බලපන්!

ඒත් ඇයි මම එහෙම කරන්න ඕන?

එතකොට පුලුවන් උඹට උඹ ගැන හිතා ගන්න. ඒ වගේම මම ආදරේ කරපු කෙනෙක් මට කියපු දෙයක් කියන්නද උඹට?

හා..

ඒක කියනව නම් මෙහෙමයි.,

" අනේ මම නොදන්න උඹ ..උඹ මටම නේද බොරු කරන්නේ ..උඹ හැමදාමත් කලේ උඹේ හිතත් ඒක්කම වාද කරලා වාද කරලා

උඹේම තීරනයකට එන එක" ඒත් මම දන්නවා උඹ ගැන."


ඔය වචන ටිකට අමතරව උබට තව ගොඩක් දෙවල් අහගන්න පුලුවන් වෙයි. මම හිතන්නේ උබගේ මට්ටම මම හිතන් ඉන්නවට වඩා ගොඩක් ඉහලයි!!


කවි අයියේ මම සමහර වෙලාවාට ෆොටෝ එකක් දිහා බලාගෙන ඉන්නේ ගිලින්න නෙමේ! 

එහෙනම් ඒඉක දිහා බලාගෙන &*^@#%^@#$&*&)(_%$# යකෝ?

නෑ බකන් කවි අයියේ එහෙනම් මම  *$@~!#$@#$&උ*##*& නේ.!


හරි ඒකත් හරි ඒක එතනින් නවත්වමු.. ඒත් මල්ලි සමහර අවස්තා තියෙන්න පුලුවන් ඒ මනුස්සයට උබ කියන කියන ඈන්ගල් වලට ඉදලා ගහපු ෆොටෝ දෙන්න බැරි වෙන.

අන්න ඒ වෙලාවට ආදරේ නෑ කියල අහිත හදා ගනින්.

හරී මම ආදරේ කලා කියලා ඒ හැමෝවම ඇදට ගත්තෙ නෑ නේ!

ඒක මම දන්නේ නෑ ශේන් මල්ලී... ඒක මට අදාලත් නෑ..

අලුත් අවුරුද්දට ගත්ත අලුත් අදුම් ඇදලා එවපු හැම ෆොටෝ එකක්ම මගේ ලඟ තාම තියෙනවා කවි අයියේ!
මට ඒ වගේ මූනක් ඒ වගේ ඇස් දෙකක් තියෙන් කෙනෙක් හම්බුනේ දෙවෙනි පාරට?

දැන් උඹ කියන්නෙ උඹ මේ මුනයි ඇස් දෙකයි නිසා තව මනුස්සයෙක්ට ආදරෙයි කියලාද? මට ඒක ටිකක් විශ්වාශ කරන්න අමාරුයි.
සමහර විට උඹ කාටවත් ආදරේ කියලා නෑ කියපු දවසක උඹට එයි මෙහෙම දෙයක්.. " බොරු නේ අමූලික බොරු.. උබ මටම කියලා තියෙනවා ආදරෙයි කියලා"

මොකද උඹට තියේන්නේම මීටර් දෙකක් දුරුන් හිටියත් එක්ස් රේ කරන ඇස් දෙකක් මල්ලී..

ඒක.. ඒක අයියේ... මගේ සහජ හැකියාව , උත්තුංග දේහදාරි මොලය සහ සහ උපතින් ගෙනාපු මෙව්වා එක කවි අයියේ..

  

ටටා..

.කවී.



Sunday, June 20, 2021

වංකගිරිය, සහ, හැඟීම්

 මිනිස්සු තීරන ගන්නේම හදවතින් එහෙම අරගෙන මොලයත් එක්ක රණ්ඩු වෙනවා. හදවතට අවංකව තීරණ ගන්න මිනිස්සු කවදත් මුහුණ දෙන්නේ අමුතුම දේවල් වලට.

ආදරේ කරන්න ඕන සීමිත පිරිසකකට. ඒක කොහොමද කියලා පැහැදිලි කරන්න ඕන නෑ!

උදේ පාන්දර ආපු මැසේජ් එකක  තියෙන්නෙ පුලුවන් මෙහෙම " අන්න උඹේ ලව් එකක් හනිමූන් ගිහින්" .

සමහර දේවල සමහර මට්ටම් වලින් නැවතිලා තිබුන එකම හොදයි. ඇයි මැසේජ් එක දැකපු වෙලාවෙ ඉදන් හිතනවා ඇයි මෙහෙම දෙයක් ආවෙ කියලා.

එතකොට අවසානයේ යාළුවෙක් විදිහට දකිනවා වෙනුව පිටින් බලන් කෙනෙකුටත් පේන්නේ අමුතුම විදිහකට නම්..ඒක එහෙම වෙන්න සාදාරණ හේතුවක් අත්‍යාවශ්‍ය බව නම් සහතිකයි.

ඇත්තටම කාටවත් ආදරේ කරනවා කියලා පිලි ගන්නවත් එහෙම නෑ කියනනවත් හදවත් සහ මොලය දෙකම ඉඩ දෙන්නෙ නෑ.

ආයෙත් දෙපාරක් තුන් පාරක්ම මැසේජ් එක දිහා බලපු මම හරිම කෙටියෙන් පිළිතුරු දුන්නා. නෑ මම කාටවත් ආදරේ නෑ 

ඒක සාදාරණයි මම හිතන විදිහාට. නමුත් අසාදාරණ අර ලේබල් එක. ඒ කියන විදිහට මිනිස්සුන්ට ආදරේ කරන එක වැරැද්දක් වගේම ඒක විවෘතව කියන එකත් වැරැද්දක්. ඒ නිසා මම හිතනවා මම කාටවත් ආදරය කල යුතු නෑ කියලා එක මොහොතකට හරි.

ඇත්තටම ආදරය ප්‍රකාශ කරපු තැන්ල කවුරු හරි හිටියා ඒක  වැරදිත් නෑ හරිත් නෑ කියන්න. ඒත් අන්තිමේ මම හොයා ගත්තේ කෑ ගහලා ආදරේ බින්දුවක් වත් ඉතුරු වෙලා  නැතුව ඇති කියලා..

එහෙනම් ඌව මැරුවා! 

කවී.

Tuesday, June 15, 2021

අසම්මත ආදරේ හා ඉද්ද මල

 සම්මත ආදරේට වඩා සමහර අවස්තා වලදි අසම්මත ආදර කතා වලදි ආදරේ වැඩියෙන් දැනෙන්න පුලුවන් කියලා අදහසක් ශේන් ගේ ඔලුවෙන් ගන්න පුළුවන් වුනාට ඒක එහෙම වෙන්න හේතුව දැනෙන නිදහස අවශ්‍ය තරම් තියෙන නිසා වෙන්න ඇති කියලා කියන්න තරම් විවෘත හදවතක් තියෙන මනුස්සයෙක් අහම්බෙන් හරි ශේන්ට දැන හදුන ගන්න ලැබෙයි කියලා ශේන් හිතුවෙවත් නැතුව ඇති.

ශේන් කියන්නේම හදුන ගන්න බැරි ජීවිතයක් ඉතින් එහෙම එකේ ඒ වගේ ජීවිතයක් ශේන්ට ලං වුනු එක ශේන්ට වඩා මට පුදුමයි. කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව හරිම අමුතු විදිහට කිසිම හැංගීමක් නැතුව ඇත්තටම හිතෙන දේවල් බාදාවකින් තොරව ප්‍රකාශ කරන්න පුලුවන් කෙනෙක් ඉන්න එක ගැන මට පොඩි ඊරිශ්‍යාවක් දැනුනු අවස්තා කීහිපයක්ම තියෙනවා.

ශේන් නැගිටපන් සුනඛයෝ! නැගිටලා මට කතාවක් ලියන්න පොඩි ටොපික් එකක් දීපන් තල්ලුවක් දීපන්. කියලා මැසේජ් එකක් යොමු කරලා එක දිගට කෝල් විස්සක් විතර ගත්තා..


ඇයි බන් කවි අයියේ ? වදයක් වෙන්න එපා ඕයි අයියේ.. තවුසෙට කතාවක් නැත්නම් ඒකටත් මම පලිද.. ලියපන් අපේ ගෙදර වැට කතා කරයි, එහා ගෙදර නංගිගෙ මල් චීත්ත ගවුමට සිතෙන විදිහ එහෙමත් නැත්නම් හිතපන් කවි අයියේ මේ වෙලාවට උඹේ බව්වා මොනවා කල්පනා කරනවා ඇතිද කියලා.

සේරම ආකර්ශනීය ටොපික් තමා මල්ලි ඒත් අන්තිම එක අති විෂිශ්ටයි, අනගි භවනීයයි,උත්කෘශ්ටයි. වැඩේ තියෙන්නේ මට මාව මතක ඇති කාලෙක ඉදන් මම හිතනවා ඇත්තටම සත්තු මොනවා ගැන හරි කල්පනා කරනවා ඇති නේද කියලා. සමහර විට බව්වෙක් හිතනවා වෙන්න පුලුවන් හෙට මොන වගේ දේවල් කන්න හම්බවෙයිද කියලා, එහෙමත් නැත්නම් ගෙදර දෙන කෑම් එකට වඩා එහා කඩෙන් සැමන් ටින් එකක් අරන් කන්න තිබ්බා නම් හොදයි කියලා හිතෙනවද කියලා. ඒත් පසු කාලිනව මම හිතා ගත්තා සේරම බව්වන් හිතන්නේ එකම දෙයක් බව. ඒනම් " යකෝ මට මුට තේරුම් කරලා කතා කරන්න තිබුන නම් " වගේ දෙයක් බව.

හුම් හූම් ගගා හිටපු ශේන්ට හූම් හූම් ගාන එක නවත්වන්න කියපු වෙලාවෙ ඉදන් වක්කඩ කැඩුව වගේ කියවගෙන කියවගෙන යන්න ගත්තා.

කතාවකට කතාවක් වගේ ජීවිතේ කලු සුදු පාටට ගෙවිල යනකොට කොහෙන්ද වැට ගාවටම ඇවිත් අතේ තියාගෙන හිටිය පාට දිය සායම් වලින් මගේ ඇඟට වැක්කෙරුව කියලා නිකම්ම හිතන්න විදිහක් නෑ මටම.. වෙන කෙනෙක් කලා නම් ගිනිගන්න කේන්ති යන කෙනෙක්ගෙ හදවත ඒ වෙලාවට ටයිටැනික් නැව හැප්පුන ග්ලැසියර් එක වගේ හීතලට ගල් වෙනවා නැත්නම් වෙලා කියන්නේ එතන තීයෙන්නේ වෙනත්ම සම්බදයක්.



අහු වෙන හැම තැනින්ම ආදරේ හොයනකොට හිතන්නෙවත් නැති තැන්වලදි ආදරේ දැනෙනවා. නුවරට පාවෙලා යන්න ගිය ඉද්ද මලක් වගේ. හැමදාම ඕන වුනේ ඒ මල තමන්ගේ ලඟ තියාගන්න..නැත්නම් හිත යට ආසවක් තුබුනේ තමන්ගේ කර ගන්න. ඒත් දැන වෙලා තියෙන්නේ ආදරෙන් ඉද්ද මල පිපෙන හැටි බලාගෙන ඉන්න. කවද හරි දවසක කවුරු හරි ඇස් ෆ්හෙක ඉස්සරහම නෙලාගෙන යන බව දැන දැනම ආදරේ කරන එක.

සමහර වෙලාවට මම හිතනවා ආදරේ දැනුන තැන්වලදි මට ආදරෙයි කියලා කියාගන්න පුලුවන් වුනු එකත් නොසෑහෙන්න වටිනවා කියලා!  ඒත් එක තැනකදි දුකක් දැනෙන්නේ ඒ ආදරේ ප්‍රකාශ කිරිමකදි පෙරලා ආදරේ කරන බවට ප්‍රකාශ නොකලත් එතන පොඩි හරි ආදරයක් ඇති කියලා විශ්වාස කරන වෙලාවට.

හීන නම මහ ගොඩක් තිබුනත්. සමහර හීන හැමදාම දකින්න ආසයි. හරියට බයික් එකේ ඉන්දවගෙන තොටුපලට , පාලම්.පාරුවට යන පාර පෙන්වන්න එක්කන් යනවා වගේ! 

එහෙමත් නැත්නම් ඒ හිනා වෙලා ඉන්න ෆොටෝ එකක් සැරින් සැරේ වෝල් පේපර් එකට පවා දාගන්න තරම් හිතෙන එකට ඉන්ටර්වල් එකක් දෙන්න හිතන එක වෙන්නත් පුලුවන්. ඇත්තටම ඒ ඉද්ද මලක් තමයි. කාලෙකට පස්සේ ජීවිතේ වැට ගාවම  පිපුන.

අලුත් අවුරුදට ගත්ත ඇදුම් සේරම ඇදලා එකින් එකට ෆොටෝ එවනකොට ඇස් නැවතුනේ ඇදුමට වඩා ඒ මූන ලඟ. ලග හිටියනම් සිය වතාවක් කම්මුල් දෙක මිරිකලා දහස් වතාවක් හාදු දෙන්න හිතෙන තරම් ලස්සන මූනක් ලඟ.

මෙහෙම කොන්ඩේට වඩා මෙහෙම කොන්ඩේ හොදයිද අයියේ කියලා අහන තැන මට උත්තර දීගන්න වෙලාවම් ගියේ ඇත්ටහ්ටම ඒ ප්‍රශ්නේ අමාරු නිසා නෙමේ. ඒ හිනාව අස්සේ මම අතරමං වුනු නිසා..

ඒ හිනාවත් එක්කම රෑ වෙනකන් වැඩ කරන එක ගැන දුක් වුනු නිසා, කන්නෙ බොන්නේ නැති එක ගෑන හිතපු නිසා වගේම මට නිතරම එක දෙයක් කියන නිසා.

" අයියේ ඔයා තමන් ගැන ඔයිට වඩා හිතන්න ඕන"

මම අතරමං වෙලා ඉන්නේ ඒ වචන ඇතුලේ තියෙනේ ආදරයක්ද නැත්නම් අනුකම්පාවක්ද කියලා හිතා ගන්න බැරුව.

ඒත් දෙයක් කියන්න ඕන..ලොකු දෙයක් කියන්න ගිහින් නොකියා ඉන්නවට වඩා ඔයා ලස්සනයි ගොඩක් කියලා නවත්වන්න වුනු එක ගැන මම තවම හිතනවා..

ඒත් කොහේ හරි තැනක දන්නවා ඇති ඔයත් මගේ එක පුන්චී හීනයක් විතරයි කියලා විනාඩියක් තුරුලු කරගෙන ඒ රස්නය විදගන්න එක. අයිතියක් නැති වුනත් ආදරේට අයිතියක් කියලා විදගන්න.. ඒක පූවන් වුනු දවසක කියන්න..මම බලන් ඉන්නම් එහෙන්ම් ඉද්ද මල...ඉවසන්න පුලුවන් ලස්සන ඒත් දරාගන බැරි ඒ හැඟීම් මත් කරන සුවද!

කවී අයියේ! උඹ ඒකියපු ටික එහෙම්ම ලියපන්.. උඹ දන්නේ නැතිවුනාට මම ඒ කෙල්ලට ආදරෙයි. මම දනේ එච්චරයි.

හරි ශේන් මල්ලි..උඹට දිගටම තෙමිලා හොදටම උණ වගේ. දොඩවන්නේ ...සමහන් එකක් බීලා ඔය හීනෙම නිදා ගනින් උඹේ ඉද්ද මල තුරුල් කරගෙන! ගල් වැද්දා උඹට ඒ ලමයා ආදරේ නෑ.ඕක ඒක පාර්ශවික ප්‍රේමයක් වෙයි ශේන් සාමාන්‍ය විදිහටම..ඒකයි ඇත්ත.. උඹ ඒ ළමයගෙ ෆොටෝ දිහා බල බල හුල්ල හූල්ල ඉදහන්..


තැන්ක්ස්..ටටා..බායි..

කවී.

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...