කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන
ඉමන්දරා ටික ටික අමතක කරන ගමන් ඉන්නේ ..
කාවද ?
මාව කවී අයියේ !
හේතුව ?
හේතුවක් ඕන නෑ අයියේ , හැමෝම ජීවිතේ ඉස්සහරහට යන්න ඕන , කවුරුවත් මඟ බලන් ඉන්න ඕන කියලා නීතියක් නෑ නේ
අනික මම හිටියෙ නෑ නේ .
නෑ උඹට ඉන්න තරම් කාලයක් හම්බුනේ නෑ ! උඹට හැමදේම ලැබෙන්නේ පරක්කු වෙලා ශේන් .. සමහර වෙලාවටඋඹ හොයලා හොයලා හති වැටිලා
එක තැනක නැවතුනාම ... හරි කියලා හිතන දේ ජීවිතය ලඟින් එහෙට මෙහෙට යන්න ගන්නවා උඹට සරදම් කරනවා වගේ.
ආදරේ කියන්නේම හෙන විකාරයක් කවී අයියේ .
උඹ කොහොමද හරියටම ඒක කියන්නේ ශේන් ?
නෑ හැමදාම පවතින ආදරයක් තියෙනවද ? නැත්නම් එක වෙනස් වෙනවද ? ඉමන්දරා මට ආදරේ ඇති කියලා හිතාගෙන මම හිටියට
ඇත්තටම ඉමන්දරා කියන්නේ මට ආදරේ කරන්න ඕන චරිතයක් නෙමේ .. මේ හැඟිම මම හොදට අදුරනවා කවී අයියේ ..
මෙ හැඟීමට පුලුවන් හොදම යාළුවෙක් සදහටම නැති කරලා දාන්න .. නැත්නම් ඊටත් වඩා එහා දෙයක් වෙලා ලෝකෙටම හැංගිලා ඉන්න .
ඒ කියන්නේ ශේන් ?
නෑ අයියේ බලපන් ලැම්බොගිනි එකක් , ඩිෆෙන්ඩර් එකක් වගේ හීනයක ෆොටෝ දිහා බලලා සතුටු වෙනවා වගේ ඉමන්දරාගේ ෆොටෝ දිහා
බල බල ඉන්න එක තමයි කරන්න වෙන්නේ .. කවමදාවත් මගේ තුරුලට ගන්න වෙන එකක් නෑ ආදරේ විදගන්න වෙන එකක් නෑ කියලා හිත හිත දුක්
වෙන එක තමා කරන්න තියෙන්නේ .
ඒත් ශේන් ඔය කියන හීන වාහන අයිති කර ගත්ත එවුන් නැතුවද ? මම දැකලා තියෙනවා ..
ඔව් ඒ සමහර වෙලාවට උන්ට ආදරේ කියනහ් හීනයෙන් කලින්ම පරාද වෙලා දිනපු එවුන් .. උන්ට පසු කාලීනව හම්බ්වෙන්නෙ ඇත්තටම උන් හොයපු දේ විතරමයි ..
ඉතින් ශේන් උඹත් පරාද වෙයන් ! ඊට් පස්සේ දිනපන් ...
බෑ අයියේ .. කවී අයියේ තමුසෙට තේරෙන්නේ නෑ නේ .. තව කෙනෙක් දිනන්න තව කෙනෙක් පරාද කරන්න ඕනද ?
මේකයි ශේන් උඹට පලවෙනියා වෙන්න ඕනද එහෙනම් අනිත් ඒවා පරාද කරන්න වෙනවා ..
බැහැ මට තව කවරුත් පරාද නොකර දිනන්න ඔන .. හරියට අර ෆෝර්ඩ් වර්ස් ෆෙරාරි ෆිලිම් එකේ වගේ ..
උඹට වැරදුනා ශේන් .. ඒ කතාවෙ අන්තිමට කොහෙවත් හිටපු මැක්ලරන්ස් කාර් එකකට දිනුම දෙන්න සංවිධාන කමිටුව කියනවා ..
ඇත්තට දිනන්නේ ඌ ..
ඒත් කවී අයියේ මතක තියාගන්න ඇත්තටම තරඟයක් ඌත් එක්ක තිබුනේ නෑ .. තරගේ තිබුනේ තමන්ගේ කියලා හිතපු එවුන් එක්කමයි ..
මොන සෙල්ලම , රේස් එක ගියත් ඉමන්දරාට දැනුනු ආදරේ නවත්වන බැහැ. කරන්නෙත් නෑ .. එක්කෝ මේ රේස් එකෙන්ම මැරිලා යන්න ඕන !
හැමදාම උඹ කියන එකේ අද මම කිව්වා කියලා ලියලා දාපන්
ටටා ...කවී අයියේ ..